Posts

Showing posts from February, 2015

අපේ මුත්තලා චොකලට් කෑ සැටි

Image
දැන් නේ මචං ඔය එක එක විදියෙ ගැහිලි තියෙන්නෙ. ඉස්සර ඉතිං මොකෑ කරන්නෙ කෙහෙල් කද පෙරලුව වගේ පෙරලගත්ත ඉන් පස්සෙ චුකුං බුකුං ගාල දෙක තුනක් වැනුව ඉවරයි වැඩේ... මාගේ මිතුරකු දැඩි විශ්වාසයකින් ඇදහුවේ ලංකාවේ සිය මුතුන් මිත්තන්ගේ කාලයේ නොතිබූ ලිංගික සතුට ලබාදෙන විධික්‍රම ආදිය පැමිණියේ නෝටි ඇමරිකාවෙන් සහ පිටරට අසැබි වීඩියෝ වලින් බවයැ. නමුත් ඒ තුමානෝ අනාරාධපුරයේ කැටයම් ආදියේ ලිංගික අවයව උළුක්කු වන ආකාරයේ ඉරියව් ආදිය තිබුන බව දන්නේ නැත. 

එසේම කාම සූත්‍ර ආදී පැරණි ඉන්දියානු කෘති වල ඇති ඉරියව් අද කාලයේ ජිම්නාස්ටික් කරන අයට පවා පුහුනුවන්නට අපහසු ඒවා බව බොහෝ දෙනා නොදනිති.  අතීතයේ වූ පලියට හෝ අපේ මුත්තා ඒක ඒම කොල පලියට එය පාරම්පරික ඥානයක් වන්නේ නැත. එසේම අපේ මුත්තාගේ හෝ සීයාගේ හැසිරීමේ ඇති සියලු දෑ ඉතා පැහැපත් අතීත පුරුදු නිරූපනය කරන්නේ ද නැත. 

මේ මුත්තා අවුරුදු එකසිය 114ක් ජීවත් වී ඇත. ඔහු ගැන කිසිදු තොරතුරක් මේ පිංතුරය පල කල අය දක්වා නැත. ඔහුගේ පියා දොස්තර කෙනෙකු බවත් ඒ දොස්තර අවුරුදු 94ක් ජීවත් වූ බවත් ඔහු කියයි. එසේ දීර්ඝායුෂ ලැබීමට හේතුව සුදුළූනු, මී පැණි, කුරුදු, චොකලට් සහ ඔලිව් තෙල් ආදිය භාවිතා කි…

කොන්ඩම් භාවිතා කලානම් කෝ? බොරදිය පොකුණ

Image
ලංකාවෙ අවුරුදු විස්සත් විසිපහත් අතර ගම්බද තරුණයෙක් හෝ තරුනියක් සැලකුවොත් බොහෝවිට ඔවුන් නිරත වෙලා ඉන්නෙ මොන වගේ කාර්යයකද? කිහිප දෙනෙක් ඉගෙන ගන්නවා. ඉතිරි අය රැකියා කරනවා. මේ රැකියා කියන දේවල් අඩුවෙච්චි නිසා කාලයත් තිස්සෙ පිරිමි අය හමුදාවටත් ගැහැනු අය ගාමන්ට් වලටත් ගාල් වුනා. ඒ වගේම තවත් පිරිසක් ලංකාවෙ කර්මාන්තශාලා වල සහ රැකියා වල ලැබෙන වැටුප ජීවිතේ බොහෝ බොහෝ දේවල් වලට ප්‍රමාණවත් නොවන නිසා විදේශගත වෙන්න තීරණය කරනවා. ඉගෙනගැනීමත්, හමුදාවට යෑමත්, විදේශගත රැකියාවලට යෑමත්, ගාමන්ට් හෝ වෙනත් ෆැක්ටරි වල අඩු පඩියට වැඩ කිරීමත් හැර වෙනත් විකල්ප බොහෝවිට ගම්බද තරුන තරුණියන්ට නැහැ. ගම්බද කිව්වාම මේ ගම ඇවිල්ල කොළඹින් ඈත් වීම හෝ නාගරික පරිසරයෙන් ඈත්වීම මත රදාපවතින්නෙ නැහැ. බොහෝවිට පරම්පරාවෙන් දෙමාපියන්ගෙන් සංචිත ධනයක් වියදම් කරන්නට නොලැබෙන බොහෝ ලාංකික තරුණයින් ගෙවන්නේ සුවදායී ජීවිතයක් නෙවෙයි.
මේ දවස්වල ලංකාවෙ විවිධ පැතිවල විසිරිලා ඉන්න සංචාරකයින් ගැන අපි බැලුවොත් ඒ අතර බොහොම යොවුන් වයසේ ඉන්න අය ජෝඩු වශයෙන් සහ තනිව ඇවිත් තියෙන බවක් පේනවා. අපි අපේ තරුණ කාලෙදි හිරවෙන හිරවීමත් එක්ක කන්තෝරුවලින් පිනා චාන්…

සිරීපාෙද ආයිත් ගියා

Image
මේ පාර සිරිපා වන්දනාව යද්දි අපි ගියේ රත්නපුර පැත්තෙන්. ආවෙ හැටන් වලින්. කොළඹ සිට රත්නපුරේට වෑන් එකක් හයර් එකට අරං ගියා. අපි රෑ දොලහමාරට විතර රත්නපුර පලාබද්දලින් පටන් ගත්ත කරුණා කිරීම උඩ මළුවට යද්දි උදේ දහය විතර වෙලා. ඉන් පස්සෙ හිමින් හිමින් සිරිපා කරුණා කරලා වන්දනාමාන කරලා පහල නල්ලතන්නියට එද්දි හවස පහ විතර වෙලා. අපි ගියේ සිකුරාදා රාත්‍රියේ. සෙනසුරාදා ඉරිදට සිරිපාදෙ සෙනග වැඩියි. ඒත් රත්නුපුර පාරෙ නම් ඒ හැටි  සෙනගක් නැහැ. හැටන් වල තමයි සෙනග. හම්බෝ. හැටන් පැත්තෙන් මහගිරි දඹේ හරියෙ එක පඩියෙ විනාඩි දහය පාලහ මිනිස්සු හීතලේ ගැහි ගැහි පොෝළිමෙ උන්නා.

ශ්‍රී පාදස්ථානය කියන්නෙ වසර දහස් ගනනක් තිස්සේ මිනිස්සුන්ගෙන් වැදුම් පිදුම් ලබන මිනිස් පා පහසින් සැනහෙන ස්ථානයක්. මීට වසර ගනනාවකට එපිට සිරිපා කරුණා කල ඇත්තො මේ වගේ යකඩ ඉනිමං වලත් යන්න ඇති.
සිකුරාද හවස තකහනියක් ලෑස්ති වෙලා ඉක්මන්ට අපි කොළඹින් පිටත් වෙනකොට නම් අදහසක් තිබුනා ඉර සේවෙත් බලාකියා ගන්න. අපි ඉදිකටුපාන හරියට යද්දිම උදේ එලිය වැටෙන්න ගත්තා. එපා කියන්නැයැ ඉතින්. ඉර උදාවෙන ලස්සන මේ විදියට යාන්තමින් කැමරාව ඇතුලට දාගත්තා.
උදෑසනම පින්න මේ තණකොළ උඩට ව…

හොර පයින්ඩ හොයන්න යන්තර තැනූ ඇලන් ටියුරින්

Image
සමහර පිරිමි ඉන්නවා ගෑනුන්ට වැඩිය කැමැත්තක් නැහැ. ඒ අය කැමති පිරිමින්ටම විතරයි. ඒ ජාතියේ මිනිස්සු ජීව විද්‍යාත්මකවත් සමාජීය හේතු නිසාත් ඇතිවෙන්න පුලුවනි. ඒ වගේ අයව හඳුන්වන්න පොදු මහ සමාජය පොන්නයා, පොන්සියා, කොලුකාරයා, ලොල්ලා ආදී අවඥාසහගත වචන භාවිතා කරනවා. මේ ආකාරයේ වචන වල පැහැදිලි තේරුම කුමක් වුවත් ඒ වචන වලින් ඒ පිරිස හඳුන්වන්නෙ ඔවුන්ට යම් ගරුත්වයක් දෙන්න නෙමෙයි.එයාලගේ ඒ තියෙන තමුන්ගේ ජාතියේ අයට තියෙන කැමැත්ත කියන දේ පහලට දාන්න. මේ ජාතියෙ පිරිමි පිරිමින්ටමත්, ගෑනු ගෑනුන්ටමත් කැමැත්තක් දැක්වීම සිංහලෙන් සමරිසි කියලා හදුන්වන්න පුලුවනි. සමජාතියේ උන්ට රිසි වූ කියන තේරුම ඇති වචනයක් වෙන්න ඇති ඒක. 

විසිවන සියවසේ හිටපු අති ප්‍රබල චරිතයක් මේ කියන සමරිසි වීම කියන චෝදනාව නිසා නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් වෙනවා. ඒ චරිතය අයිති වුනේ එංගලන්තයට. එවකට මහා බ්‍රිතාන්‍ය නීති අනුවත් සමාජයේ මතිමතාන්තර අනුවත් සමලිංගිකත්වය හෙවත් පිරිමින්ටම ආසා කරන පිරිමින්ව දැක්කේ මානසික විකෘතියක් සහ වරදක් විදියට. ඒ විදියට හංවඩු ගැහුන ඒ මහා විද්‍යාඥයාට ඇතිවුන අවමානය දරාගන්නට නොහැකිවීම, ඔහු සමාජයෙන් කොන්වීම, එය ම…

යහපාලනේ නම් නුගේගොඩ මහා රැලියක් තිබිය හැකිද?

Image
පාරේ යන මනුස්සයෝ ගැන කිසිදු තැකීමක් නැතුව සාමාන්‍ය මහජනයාට හිරිහැර ඇතිවන ආකාරයට මැතිවරණ රැස්වීම් පැවැත්වීම ලංකාවේ අතිශය සාමාන්‍ය දෙයකි. පාරේදි උස් මහල්වලද සිටි මිනිස් ඔලුගෙඩි ගාන ගනන් කිරීම මුහුනුපොතේ සරු ව්‍යාපාරයක්ව තිබුනි. ඒ රැස්වීමට විමල් වීරවංශ කියන පරිදි ලක්ෂ 5ක් සහභාගි වී ඇත. ෆේස්බුක් හි ගණිත මිණිත දක්ෂයින් කියන පරිදි සියලු සෙනග පනස්දාහක් මිස වැඩිවිය නොහැක. සත්‍ය වශයෙන්ම පලාත් පාලන ආයතනයක් මෙවැනි රැස්වීමකට අවසර ලබා දෙන්නේ නගරයේ මැද ඉතාම පටු භූමි භාගයක් නම් එය ගැටළු සහගත තත්වයකි. නගර පාලනය කරන ඇත්තෝ නගරය හරහා යන ජනතාව ගැනද සිතිය යුතුය. එවැනි ඉල්ලීමක් ඇත්නම් එය පොලීසිය නගර සභිකයින් සහ වෙනත් නගර බලධාරින් එක්ව සාකච්චා කොට වෙනත් ස්ථානයක් ලබා දීම කාගේ හෝ වගකීමකි. රනිල් වික්‍රමසිංහ උන්නැහේ සිය පක්ෂයේ සියලුම සාමාජිකයින් රැස්කර කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ මහ දවල් කාර්යාල දිනක රැස්වීමක් පැවැත්වීමට අදහස් කලා යැයි සිතමු. නියම යහපාලනයක් තිබේ නම් එතැන හුන්ඩුවක් වැනි තැනකට ලක්ෂයක දෙකක පිරිසක් පිටින් ගෙනත් දැමුවහොත් ඇතිවිය හැකි අනර්ථකාරී තදබදය සලකා බලා අවසර නොදිය යුත්තේය. අනවස…

ඉන්දියාවට ගහන්න බැයිද?

Image
ඉන්දියාව කියන රට ලංකාවෙ දේශපාලනය ට සමාජයට අතදාන හැම අවස්ථාවකදිම ලංකාවෙ අති බහුතරයක් ඒක දිහා වපර ඇහින් බලනවා. පට්ට හිගන්නො ඉන්න ජනගහනය දරාගන්න බැරි දුප්පත් රටක් විදියට අපි තාමත් ඉන්දියාව දකිනවා. ඉන්දියාව කියන්නෙ ලෝකෙ ජනගහනය අතින් දෙවැනි තැන ගත්ත රට. නමුත් ඉන්දියාව දැනට සත්‍ය වශයෙන්ම දියුනු වෙමින් පවතින රටක්. මේ දියුනුව කිව්වම සමහරු හිතයි ආහ්..ඉන්දියාවෙත් ලංකාවෙ වගේ මහ කැලෑ වල එයාපෝට් හැදෙනවා ඇති..පාරවල් වලට තාර වැටෙනවා ඇති..තඩි බිල්ඩින් හැදෙනවා ඇති කියලා..මොකද ලංකාවෙදි සංවර්ධනය කියන එකේ පාට සිමෙන්ති පාට.. මිනිස්සු හිතන්නෙ සංවර්ධනය කියන්නෙ සිමෙන්ති පාට මොකක් හරි දෙයක් කියලා..ඒ තරං සංවර්ධනය හා කොන්ක්‍රිට් ලාංකිය ජනජීවිතයට සමීප වෙලා. 

අශෝක රජතුමා අපිට අනුකම්පාවෙන් එයාගේ අගබිසවගේ නොවුන ලමයි දෙන්නෙක්ව මහණ කරලා ලංකාවට එවුවාය. එතනින් පස්සෙ ලංකාවෙ බුදු දහම ඇතිවුනාය කියලා අපි ඉගෙන ගන්නවා.එතනින් එහා දෙයක් යම් අයෙක් ඉගෙන ගන්නවා නම් ඒ පිරිසඉතාම සුලුතරයක්. ඇත්තටම එදා මොකද්ද වුනේ. අශෝක කියන්නෙ ආක්‍රමණිකයෙක්. ඔහු ආයුධ බිම තිව්වා කියන්නෙ ආක්‍රමණික අදහස බිංදුවක් වුනේ නැහැ. ඔහු ආගම ප්‍රචාරණය මගින් නවීන ආ…

කණුවෙන් සහ සැට් එකෙන් ඉන්ටනෙට්

Image
හර්ශ ද සිල්වා.

ෆේස්බුක් යන්න නිකං ඉන්ටනෙට් ශ්‍රී ලාංකිකයින්ට ? මෛත්‍රිපාල ජනාධිපතිතුමා ඒ අදහසට කැමතියි.
ගිය සිකුරාදා රුවන් විජේවර්ධනයි, අජිත් පෙරේරයි, මායි ජනාධිපතිතුමයි එකතු වෙලා ලංකාවෙ ඉපදුන ඇමරිකාවේ සිලිකන් වැලි හි ජනප්‍රිය තාක්ෂනඥයෙක් වෙන ෆේස්බුක් හි විශාල චරිතයක් වන චමත් පලිහපිටියව හමුවුනා. අපි ජනාධිපතිතුමා එක්ක සාකච්චා කලා ශ්‍රී ලංකාව මේ මහපොලව තුල , සෑම පුරවැසියෙකුටම නිකං ඉන්ටනෙට් ලැබෙන රට කරන්නෙ කොහොමද කියලා. පහල කක්ෂීය චන්ද්‍රිකා සහ පසුගිය මැතිවරණය කෙරෙහි ෆේස්බුක් පරිශීලකයින්ගේ දායකත්වය ගැන එහිදී සුපිරි කතාබහක් ඇතිවුනා.

Harsha de SilvaPage Liked · 1 hr ·
Free internet access to every citizen in Sri Lanka to access Facebook? President Maithripala likes the idea!
Friday last week Ruwan Wijewardene, Ajith Perera and I met with the President along with Sri Lankan born (quite famous!) Sillican Valley technologist and venture-capitalist Chamath Palihapitiya of Facebook fame. We had a nice discussion with the President about how to make Sri Lanka the first nation on earth with fre…