Tuesday, September 22, 2015

අකුරු කියවන අය පොත් නොකියවති

මේ පාර බුක් ෆෙයා එකට මගේ තියෙන පොඩි කැමරාව අරං ගිහින් පොත් ප්‍රදර්ශනය බලන්න එන ගෑනුන්ගේ පුකවල් ටික පොටෝ ගහලා පොත් ප්‍රදර්ශනයකට ඇදන් යන්න සුදුසු මොස්තර කියලා පෝස්ට් එකක් දාන්න ඕනි කියලා මට මුලින් හිතුනා. නමුත් මේ දිනවල කාන්තාවන්ට හිංසා කිරීමට එරෙහිව දියත් වෙලා තියෙන මහා ජනමතයත් එක්ක මගේ කලාත්මක අදහස කෙසේ වෙතත් හොදහැටි ගුටිකාල පොලිසියෙ ලගින්න වේවි කියලා බය හිතුනා. 

වෙන රටකදි නම් පොලිසියෙ ගියා කියල ඒකත් අත්දැකීමක් විදියට අරගෙන ඉන්න කලාකාරයෙකට ඉවසන්න හැකිවෙනවා ඇති. නමුත් මේ රටේ මාධ්‍ය විසින් බොහෝම ඉක්මනින්ම වැරදි කරුවන් තෝරා බේරා දුන් පසු ඒ මාධ්‍ය දිහා බලං කැලෑ නීතිය අතට ගන්න මහාජනයා තොගයක් ඉන්න රටකදි ඒ වගේ ගෑනුන්ගේ පුකවල් පොටෝ ගැනීම (ඇදුම් සහිතව) කියන්නෙ ලොකු අවධානමක්.
පොත් පලන ගෑනු දෙදෙනෙක්
මීට අවුරුදු දෙක තුනකට තිබුන පොත් සල්පිලවල් වලට වඩා මේ පාර කෑම කඩවල් එහෙම හොදට තිබුනා. කාලයකට ඉහත කන්න තිබුනෙ තැන් දෙක තුනයි..දැන් ගොඩාරියක් කෑම බීම කඩ පොත් ප්‍රදර්ශනයෙ ඇතිවෙලා තියෙනවා. 

ප්‍රෝ මේට් කියන අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍යවෙළද නාමය සහිත සමාගම පොත් ප්‍රදර්ශනයේ මූලික අනුග්‍රාහක බවතෙක් වෙලා. එතනින් මම හිතන්නෙ අභ්‍යාස පොත් වලට මහා පොත් ප්‍රදර්ශනයේ ඇති බලපෑම හොදට පේනවා ඇති. 

ගියවසරකදි පොත් ප්‍රදර්ශනයේ බලන්න ගිහින් එකපොතක්ගැනවත් අදහසක් නොකිය පොත් ප්‍රදර්ශනයේ තිබුන කෑම බීම සහ ලස්සන ගැන මම පෝස්ට් එකක් ලිවුවා..බොහෝ දෙනෙක් ඒ පෝස්ට් එකේ තිබුන අදහස අරගෙන තිබුනෙ නෑ..ඇත්තටම මම පොත් මිලදී ගන්නෙ නැති කෙනෙක් වත් පොත් නොකියවන කෙනෙක් වත් නෙමෙයි.. නමුත් පොත් කියන දේ පොත් ප්‍රදර්ශනයෙන් ඈත් වෙමින් යනෝ කියලය ිමට හිතෙන්නෙ. 

දකුනු ආසියාවෙ බංගලිදේශය පාකිස්ථානය වගේ රටවල් සැලකුවොත් ඒ රටවල අකුරු කියවන්න ඇහැක් මිනිස්සු සහ බැරි මිනිස්සු කියලා කොටස් දෙකක් ඉන්නවා. පාකිස්ථානයේ සහ බංගලිදේශයේ මිනිස්සු දහයක් ගත්තෝතින් අකුරක් යන්තම් කියෝගන්න පුලුවන් වෙන්නෙ හය දෙනෙකුට පමනයි. සාක්ශරතාවය තියෙන්නෙ සියයට 57ක මට්ටමේ. 

නමුත් ලංකාවෙ මිනිස්සුන්ගේ කියවීමේ හැකියාව වැඩියි. මිනිස්සු සීයක් ගත්තොතින් එයින් 98කටම අකුුරු කියවන්න හැකියාවක් ලංකාවෙදි තියෙනවා. නමුත් ලංකාවෙපොත් පත් පත්තර වෙලදාම දිහා බැලුවම පෙනී යන දෙයක් තමයි අකුරු කියවන්න හැකි වුනාට පොත් පත් කියවන්නෙ ඉතා අඩු පිරිසක්. ඔය පිරිස කොය ිතරං සුලු පිරිසක්ද කිව්වොත් කප් ගහපු ලිංගික කෑලි ඔබපු පැරණි රසාංග සහිත ජනප්‍රිය නවකතා කඩමාල්ලක් හෝ ජනප්‍රිය සාම්ප්‍රදායික බොලද ආදර නවකතාවක් නොවන කෘතියකින් පිටපත් 5000ක් විකුනගන්න එක හරි අමාරු වැඩක්.. හැමෝටම කියවන්න පුලුවන් වුනාට කියවන්නෙ බොහොම අඩු පිරිසක් කියලා තමයි එතනින් පෙනී යන්නෙ. 

එක පැත්තකින් පොත් කියවන පිරිස අඩුයි. අනික් පැත්තෙන් පොත් කියෙව්වත් අපේ උන්දැලගේ විඥාණය හරි මොකක් හරි අඩුයි. කොහෙම උනත් පොත පත කියෝන මිනිහෙක් සාහිත්‍ය ආස්සරේ කොරන මිනිහෙක්  හෝ කලා කාරයෙක් කියන්නෙ අමුුතු ආකාරෙ සතෙක් නෙමෙයි. ලංකාවෙදි කලාකාරයො කියන්නෙ සංවේදී සත්තු ජාතියක්ය කියලා  ජනප්‍රිය මාධ්‍යයේදී අපිට උගන්වනවා. නමුත් ඔය කියන කලාව ලෙව කෑව පලියට මිනිස්සුන්ගේ සංවේදීකම වැඩිවෙන්නෙ නෑ.. 

හැබැයි ොගඩක් පොත පත කියෝන උන්ට යමක් කමක් ගැන ටිකක් පලල්ව හිතන්න ඇහැක් කම පොඩ්ඩක් වැඩිවෙන ගතියක් තියෙනවා. අර අබුද්දස්ස රටේ ලබුත් මෙව්වා රහ වෙනවයි කියන්න වගේ අපේ උන්ටනං ඒකත් වෙනවද කියල මට වෙලාවකට සැකයි. 

යම්කිසි සාපරාදී දුක හිතෙන අපරාධයක් වුනාම මාධ්‍ය වලට නඩු විසදලා වැරදි කාරයො තෝරන්න වල් බූරු නිදහසකුයි.. ඒ මාධ්‍ය මගින් තප්පුලන දේවල් වලට කුලප්පු වෙලා අහිංසකයින් එල්ලා මරන්න කියලා උඩදාන මහජනයායි දැක්කම මටනං හිතන්නෙ අපි මහ ලොකුවට වැනුවට අකුරු කියවන්න බැරි උන් වැඩි පකිස්ථාන් බංගලිදේශ මට්ටමින් එහාට අපි ගිහින් නෑ.. 

අපි සාක්ශරතාවය කියන එක තියන් ඉන්නෙ හරියට අපේ මුත්තට තිබුන ආරච්චි පට්ටම වගේ වැඩකට. දැන් මුත්ත නෑ.. උගේ ආරච්චි පට්ටමෙන් ඇත්තටම දැන් වැඩකුත් නෑ.. හැබැයි ලොකුකමට අනික් උන්ට අපේ ලොකුව පෙන්වන්න.. වරිගෙ ගැන කියනකොට ලොකුකම වදාරන්න අපේ මුත්තගේ ආරච්චි පට්ටම අපිට පට්ට විදියට පොරෝජන වෙනවා. 

දැන් අපේ උන් සාක්ශරතාව තිබුන කියලා කියවන ලබ්බකුත් නෑ..ඒ කියෝන උන් කියෙව්වි කියලා අඩුතරමෙ සමාජෙ මිනිස්සුන්ට තියෙන අයිතීන් ටිකවත් රැකල දෙන්න ඇහැක් මට්ටමට සමාජයක් හැදෙන්නෙත් නෑ.. හැබැයි අපිට ලෝකෙට පෙන්වන්න මාර වැදගත් දෙයක් තමයි සාක්සරතාවය. 

ඔබ යන්න පොත් ප්‍රදර්ශනේ බලන්න. ටිකක් කල්පනා කරන්න වසරකදී අපේ රටේ අලුතින් මුද්‍රනය කරපු අධ්‍යාපන මූලික නොවන පොත් අතලොස්ස ගැන. ඒ වගේම නවකතා,පරිවර්ථන හැර නිකුත් වුන අනෙකුත් පොත් සංඛ්‍යාව ගැන ටිකක් හිතල බලන්න.

Thursday, September 17, 2015

ලේහ් ලදාක් Leh City

 ලේහ් කියන්නෙ ඉන්දීය චීන ටිබෙට්  බෝඩරය ආසන්නයේ පිහිටි කුඩා නගරයක්. ජම්මු කාශ්මීර පලාතට අයිති ලදාක් කියන ප්‍රදේශයේ තමයි ලේ නගරය පිහිටලා තියෙන්නෙ. උතුරු ඉන්දීය හිමාල ඉන්දීය දේශ සීමාව පුරා විසිරී ඇති හිමාල කදුමැටියේ වියලිම ප්‍රදේශයක තමයි ලේහ් නගරය පිහිටලා තිබෙන්නෙ.

මනාලි කියන හිමාචල් ප්‍රදේශයේ පිහිටා ඇති ආකර්ශනීය කදුකර සංචාරක නගරයටත්, ජම්මු කාශ්මීර යේ අගනුවරක් වන ශ්‍රී නගර් නගරයටත් කිලෝමීටර හාරසිය පනහක විතර ආසන්න දුරකින් තමයි මේ ලේහ් කියන කුඩා නගරය පිහිටා තියෙන්නෙ. අපේ ගමනෙදි අපි ගිය කාලෙ මේ පාරවල් දෙකම විවෘතයි. ඒ කියන්නෙ කාලයකදි අධික හිම පතනය නිසා මෙ ්පාරවල් දෙක වැහෙනවා. එතකොට ගුවනින් පමණයි ලේහ් නගරයට ළගාවෙන්න පුලුවන් වෙන්නෙ.

භූ විෂමතාවය
ලේ ලදාක් කියන පලාතේ තියෙන බොහොමයක් කදු මීටර 4000 සීමාව ඉක්මවා යනවා. හිමාල කදුකරයේ මෝසම් සුලං වැදෙන කොටසේ නෙමෙයි අනික් පස පිහිටි කොටස තමයි ලේ ලදාක් කියන්නෙ. මේ පැත්තට මෝසම් සුලග නැති නිසා ලැබෙන ජලය ප්‍රමාණය අඩුයි. ග්ලැසියර දියවීමත් එක්ක එන සුලු ජල ප්‍රමාණයක් මත තමයි මෙහි ජීවය රදා පවතින්නෙ. වර්ග කිලෝමීටර 84,000කින් සමන්විත ලේහ් ලදාක් පලාත තුල වාසය කරන්නෙ මිනිස්සු ලක්ෂ දෙකක් පමණයි.ඉන්දියාවේ තිබෙන ජනඝනත්වය අඩුම පලාතක් තමයි ලේහ ්ලදාක් කියන්නෙ. 

වලි සහ යුද්ධමය තත්වය. 
මේ ලේහ් ලදාක් කියන්නෙ චීනය, ඉන්දියාව සහ පාකිස්ථානය වෙන්වන ඉහල සීමාව. 1940ට පෙර මෙම බෝඩරය හරහා චීනයට ළගා වෙන්නට පාරක් තිබිල තියෙනවා. පසුකාලීනව ඒ පාරෙන් චීනය පාකිස්ථානයට පාරක් කපාගෙන තියෙනවා. පාකිස්ථානය බිහිවීමත් එක්ක චීනය පාකිස්ථානයේ පැත්තේ ඉන්න උත්සාහ කලා. ඉන්දියාව මේ රටවල් දෙකම එක්ක ඒ තරං හොදක් නෑ.. ඒ නිසා දැන් ඉන්දියාවෙන් චීනයට මේ පැත්තෙන් තියෙන මාර්ග වහල කියල තමයි අන්තර්ජාලයෙ ්සදහන් වෙන්නෙ. 

මේක බෝඩරින් ඒරියා එකක්. අප ිගිහිපු ශ්‍රී නගර් කාර්ගිල්  ලේහ් මහාමාර්ගය 1999 2009 ආදී වසරවල පවා පාකිස්ථාන හමුදාවේ යම් යම් මුරන්ඩු ක්‍රියාවලට යටත් වෙලා තියෙනවා. එක්දාස් නවසිය හැටේ දශකයේදී චීනයත් එක්කත් සුලු යුද්ධයක් මේ ලදාක් පැත්තෙන් ඇතිවෙල තියෙනවා. කොහොම වුනත් මේ පලාතේ තියෙන මිලිටරි වැදගත් කම නිසා ඉන්දීය හමුදා කදවුරු පුහුනු කදවුරු වගේ ඒවා ගොඩක් පිහිටලා තියෙනවා. අපි ගියපු පාරෙ නිතරම මිලිටරි වාහන ධාවනය වෙනවා ඇපි දැක්කා. 

වහපු පැති. 
මේ බෝඩරින් ඒරියා ගත්තාම සමහරක් ස්ථාන සම්පූර්ණයෙන් කිසිම සංචාරකයෙකුට තබා ඉන්දීය ජාතිකයන්ට පවා නිසි අවසර නැතිව අැතුළුවෙන්න බැරි තත්වයක් තමයි තියෙන්නෙ. නියම චීන පාකිස්ථාන ඉන්දියා බෝඩරය තියෙන්නෙ මේ ලේහ් නගරයෙනුත් කිලෝමීටර 100-200ක් ගියාම. නමුත් ඒ ස්ථාන වලට ලගාවෙන්න හැකියාවක් සංචාරකයින්ට නැහැ. දකුනු ආසියාවේ සංචාරකයින්ට හැර වෙනත් රටවල සංචාරකයින්ට නම් ලේසියෙන්ම මේ පලාතට යන්න අවසර ගන්න හැකියාවක් තියෙනවා. 

ටුවරිසම්.. 
ලේහ් ලදාක් නගරය කටුක වුනත් ඊශ්‍රායල් යුරෝපා ජාතිකයින් තරමක් ආස කරන පරිසරයක් වෙන්න ඕනි මෙහෙ තියෙන්නෙ. ඔවුන් රෝයල් එන්ෆීල්ඩ් වැනි විශාල අස්සයින් වැනි බයික් රථ වල නැගිලා මහ සද්දෙන් එහෙ මෙහෙ යනවා හෙල්මටුත් නැතිවම. 

සාමාන්‍යයේන මේ ලදාක් පලාත ලංකාවෙ සාචාරකයින්ගේ නෙත ගැටෙනවා අඩුයි. අපිට ශීතල කිව්වොත් ඒත් එක්ක මතක් වෙන්නෙ නුවරළිය වගේ කොලපාට කදු තියෙන පලාතක්. ශීතල කදුකර කාන්තාර පරිසරය තරමක් අපිට ආගන්තුකයි. අනික් කාරණාව තමයි මේක යම් අවධානමක් තියෙන ගමනක්. ඉතා ඉහල උස මට්ටම් වලදී ඇතිවන සෞඛ්‍යමය අපහසුතා.. ගමනේදී ඇතිවෙන අපහසුතා ආදිය වැඩියි මේ ගමනෙදි. 

















Wednesday, September 9, 2015

Mandhaarama atharin මන්දාරම අතරින්




 මන්දාරම අතරි න්
එක පාරක් හිරු ඇවිදින්
හැමදාමත් ආයෙ ආයෙත්
මතකය විමසයි තවත්…


කොහේදෝ දන්නෙ නෑ…
වාස දේසේ හදුනන් නෑ
පාට ගෑ නිය තොල් අතරේ
හැංගී  ගියාද දන් නෑ..


මල් වට්ටියක් පූජ වට්ටියක්
බැයිනං දාහෙ පාන්දාහෙ කොලයක්
දෙන්නං ඒකිව  හොයාලා දීපං


ඉන්න තැනක්  රෑ හීනෙන් කියහං
වාසේ දේසේ නම  වත් හොයහං
දෙයියනේ ඕනි දෙයක් බොට මන් දෙන්නං. 

වැදගත්ම දේ තියෙන්න මුලින් තියෙන යූ බට වීඩියෝවේ. පොඩ්ඩක් විතර සද්දෙ වැඩිවුනා..එ්ත් වොලියුං එක ටිකක් අඩුකරගෙන හරි ඒක අහලම යනවා නම් අගෙයි. 

 පොටෝ එකේ අයිතිය මනුර ඩිලාන්

Monday, September 7, 2015

The Croods 2013 ද කෲඩ්ස්

ද කෘෘඩ්ස් කියන්නෙ විනෝදකාමී ආදර්ශමත් කාටුන් ෆිල්ම් එකක්. ඒක හොද ෆිල්ම් එකක් මටනම්. බොහෝවිට බොහෝ අය කෘෘඩ්ස් බලලා ඇති 
 
මිනිස්සු ගල් යුගේදි ගල් ගුහා වල ජීවත් වෙමින් ගල් ආයුධ හදාගෙන ජීවත් වුනා. නමුත් කාලයත් එක්ක මිනිස්සු වෙනස් වුනා. මොලය වෙහෙසලා නව දේවල් සොයාගන්නට මිනිස්සු පෙළඹුනා. ගල් ආයුධ වල ඉදලා මිනිස්සු දුන්න ඊතලය දක්වා එන්න අවුරුදු දහස් ගානක් ගත වෙන්න ඇති. ගල් වලින් ගහලා සත්තු මරං කාල බොහොම කුලෑටි විදියට ජීවත් වුන මිනිස්සුන්ට දුන්න ඊතල ගැන අදහස පහල වුන එක හරිම ආශ්චර්යයක්. 

දැනටත් චිම්පන්සින් ඔරං ඔටං ආදී සතුන් ගල් ආයුධම නැතත් ගල් ලී කැබලි ආදිය ආහාර සොයාගන්නට පාවිච්චි කරනවා. නමුත් අපේ මට්ටමට ඔවුන් පැමෙනෙන එකක් නෑ කියල තමයි බහුතර මතය තියෙන්නෙ.
කෘෘඩ්ස් වල එක තැනක් මට හොදට මතක තියෙනවා. එතන තමයි ගල් වලින් පිරුන වංකගිරියක කන්ඩායම අතරමං වෙනවා. එතනදි නිවැරදි පාර පෙන්වීමේ වගකීම සම්බන්ධ පොඩි වලියක් යනවා. පැරණි පවුලේ අධිපති පියා කියන්නෙ මෙතෙක් කල් කලා වගේ එයා තමයි දැන් පාර පෙන්වන්නෙ අනික් අයට පිටිපස්සෙන් එන්නය කියලා. 

ඒත් අලුත් කොල්ලා ඒකට කැමති වෙන්නෙ නැහැ. අලුත් එකා කියන්නෙ හැමෝටම තමුන්ට ආවේනික ක්‍රමයක් ඇති ඒක උත්සාහ කරමු. ප්‍රථිපලය බෙදා ගන්න විතරක් අපි සන්නිවේදන ක්‍රමයක් තියාගමු කියලා. ඉතිං ඒ අනුව පිරිස වෙන වෙනම තම තමුන්ට ලෙහෙසි පහසු විදියට තම තමන්ගේ මොල ගෙඩි වෙහෙසවලා විවිධාකාර විදියට  පාර සොයාගන්නවා. අවසානෙ මුලින් නායකත්වය අරගෙන පිරිස රැගෙනයන්නම් ය කියලා මොර දුන්න පැරනි නායකයා වංකගිරියේ ඉතිරි වෙනවා. 

අපේ කන්තෝරුව හෙම තාම තියෙන්නෙ ආකල්පිය වශයෙන් අර ඉස්සර හිටපු ගල් යුගයේ නායකයා ගේ මට්ටමේ. පහල ශ්‍රේණි වල ඉන්න මිනිස්සුන්ට හිතන්න පුලුවන්ය කියලා ලොකු අය හිතන්නෙ නැහැ. මම වගේ පහල මට්ටමේ අයට  මොනාහරි වැදගත් දෙයක් හිතුනත් ඒක ගිහින් ලොක්කට කිව්වම ඒක ලොක්ක එකපාර පිලිගන්නෙ නැහැ.ඒක තව කෑලි දාල්ල මූට්ටු කරලා එයාගෙම එකක් කරගන තමයි ඒකෙන් වැඩක් ගන්නෙ. 

මම කන්තෝරුවට ආව කාලෙ තිබුන සමහර දේවල් දැන් ලොකු නිලතල වල අය කරන්න අරගෙන. එහෙම වෙල තියෙන්නෙ අපිට තියෙන වැඩ අමාරු නිසා නෙමෙයි. අපේ කන්තෝරුවල ඉහල මට්ටමේ නිල තල වලට අතිරික්ත සංඛ්‍යාවක් පිරිස  බදවාගැනීම. ඉතිං දැන් මට තියෙන බොහෝ රාජකාරි දැන් දැන් ඉතාම සරල හිතන්න දෙයක් නැති දේවල් බවට පත් වෙලා. මේක ගැන තරමක් හිත අමනාපෙන් සිටිය යුතු වුවත් මම නම් ඉන්නෙ සතුටින්. ලොකු අය කැමතිනම් වගකීම් ගොඩගහගන්න සහ හැමදේටම අපිට අණ දෙන්න, ඉතිං අනේ උන්දැල ඒක කොරගත්තු දෙන්..අපිට තියෙන්නෙ යනු කිව්වොත් යන්නයි..කොරනු කිව්වොත් කිසිම ඔලුව වෙහෙසිමකින් තොරව අණ කරන දෙයක් කොරන්නයි විතරයි. 

අපි දහසක් මල් පිපේවා නැවුම් උයනක් තැනේවා කියලා කිව්වට ඇත්තටම අපි බොහෝවිට නායකයින්ට හැමදේම බාරදෙනවා.  උන්නැහේලට කරගන්න පුලුවන් හෝ නැතා නායකයොත් හැම රෙද්දම මල්ල අස්සෙ දාගෙන හැමදේටම විසදුම් අපිට දෙන්න යනවා. 

මනුෂ්‍ය ප්‍රජාව සම්බන්ධතා වලින්  සක්තිමත් වෙද්දි සන්නිවේදනයෙන් ශක්තිමත් වෙද්දි නායකයාගේ භූමිකාව සැබවින්ම වේදිකා නිර්මාණය කිරීමට පමණක් සීමා වෙනවා. නමුත් ලංකාවෙදි වේදිකාව නිර්මාණය කරලා..නාට්ටියේ තියෙන හැම අංගෙටම පෙනී සිටලා පුලුවන් නම් නායකයා, නාටකය තුලත් නායක භූමිකාවක් රගදක්වන්නත් උත්සාහ ගන්නවා. සහ එවැනි දෙයක් අපි නායකයාගෙන්  අපේක්ශා කරනවා. 

මේ ෆිල්ම් එකේ මිනිස්සු ගල් යුගෙන් දියුනු ලෝකෙට යද්දි නායකත්වය කියන භූමිකාව ලොකු මිනිහට.. සද්දෙ වැඩි එකාට.. බලය වැඩි එකාට.. දීප්තිමත් එකාට දීලා උගෙන් හැමදේම කරවගන්නවාට වඩා එකිනෙකාගේ අදහස් එකතු කර අදහස් ගැටෙන්නට සලස්වා නැවුම් අදහස් මතින් දියුනු වෙන්න ගන්න උත්සාහය පෙන්නුම් කරනවා. 

මේ ෆිල්ම් එකේ ගෑල්ලමයා රළුයි..ඊප් කියන ගෑල්ලමයා ගේ හැසිරීම කතාවේ කොල්ලගේ හැසිරීමට වඩා කටුකයි. ගෑනු ලමයා ලස්සන සුකුමාර චරිතයක් විදියට නිරූපනය කරන්න ෆිල්ම් එක හදපු අයට ඌමනා වෙලා නැහැ. ඒ වගේම ප්‍රධාන චරිතය හෙවත් නව අදහස් ගේන කොල්ලා හැඩි දැඩි පුරුෂ ලක්ෂන වලින් පිරුන මස් පරුවතයක් කරන්නත් ෆිල්්ම එක හදපු අයට ඕනි වෙලා නෑ.. 

ෆිල්ම් එකෙ ටොරන්ට් එක හොයාගන්න ලේසියි මෙහෙම ගියාම. 

මුලින් The Pirate Bay කියන ටොරන්ට් ගුහාවට යන්න. 
එතන තියෙන සේච් බාර් එක ඇතුලෙ The Croods කියලා ටයිප් කරන්න. දැන් තමුන්ට ඕනි ප්‍රමාණයේ කොපියක් තෝරාගෙන බාගෙන බලන්න.

Friday, September 4, 2015

සියලු සත්වයින්ට අයිති මිනිස්සු European Humanity

ඉස්ලාමීය රාජ්‍යයක් හදන්න පිරිසක් සිරියාව ඉරාකය කියන රටවල් ආශ්‍රිතව යුද්ධ කරනවා. ඒ නිසා ලක්ශ ගානක මිනිස්සුන්ට උන්හිටි තැන් අහිමි වෙලා තියෙනවා. ඒ රටවල යුද්දෙ තියන කොට මිනිස්සු උත්සාහ ගන්නවා වෙනත් රටවල් වලට පනින්න. තුර්කිය ග්‍රීසිය හරහා යුරෝපයේ රටවල් වලට එන්න තමයි මේ අය උත්සාහ කරන්නෙ. මේ ඉන්නෙ ඒ විදියට දේශසීමාව හරහා පැන එන්න හදන පවුලක්.. 

අවි අතට අරගෙන යුද්ධ වලින් ප්‍රශ්ණ විසදන්න පුලුවන් කියලා අපේ සමාජය තුලත් බහුතර මතයක් තියෙනවා. සාකච්චා වලට නම්‍යශීලි වෙලා ගැටළු විසදගන්නවාට වඩා අනෙක් පාර්ශවයේ සුලු වැරදි මහා ඒවා කරගෙනඒ මිනිස්සුන්ට පහර දෙන්නට තමයි බොහෝ අය කැමති. සමහර විට මිනිස්සුන්ගේ ජානමය ගති තුලිනුත් අනිකාට පහර දීම උත්කර්ශයට ලක් කරනවා ඇති. 

නමුත් ඔය යුධකාමී ටෝක්ස් දෙන අයගේ පවුලටත් මේ වගේ ඉරණමක් අත් වුනොත්.. ? ජාතිය ආගම වංශය ගැන උදම් අනමින් යුද්ධ කරන පිරිස නිසා ඉතා සුළුතරයකට විශාල වාසි ලැබෙද්දි බහුතර මිනිස්සුන්ට අත් වන්නේ මේ වගේ තත්වයක් තමයි. බලන්න ඒ පොඩි දරුවන්ගේ ප්‍රතිචාර දිහා . හිත්වල තියෙන මහකම් ලොකුකම් ජාතිආල වංසක්කාරකම් අවි ආයුධ වලින් පිරිමහගන්න පිරිසක් ලෑස්තියි. අවි වලින් ගැටලු විසදන්න යන අයට ඒ කෲර සිත  පොඩි දරුවන් දිහා බලලවත් පාලනය කරගන්න ඇහැකි නම් මේ ලෝකෙ මීට වඩා සුට්ටක් හරි ලස්සන වේවි. 

Tuesday, September 1, 2015

ශ්‍රී නගර් Srinagar

යාලුවො බොහොම දෙනෙක් ඉල්ලලා තිබුනා අපි ගිහිපු සම්පූර්ණ ගමන් විස්තරය. මේ ගමන පටන් ගන්නට කලියෙන් අපි ඔක්කොමල්ල එකතුවෙලා හදාගනිපු ප්ලෑන් එකක් මගේ අනික් බ්ලොග් එකේ දැම්මා. මෙන්න ඒක. ඔය ගමන් ප්ලෑන් එකේ 17 වෙනිදා අපි දිල්ලි නටඹුන් බැලීම වෙනුවට අග්‍රා සහ ටාජ් මහල් නැරඹුවා.ඒ හැර සමස්ථ ප්ලෑන් එකේ ලොකු වෙනසක් වුනේ නෑ. 

ලංකාවෙ ට්‍රිප් එකක් විස්තර කරනවාට වඩා පිටරට ට්‍රිප් එකක් සියලු විස්තර එක්ක විස්තර කරන එක ටිකක් අමාරුයි. මොකද කිසිම දෙයක් ගැන විස්තර පාඨකයා දන්නෙ නැහැ. එතකොට ඉතා සුළු සිද්ධියක් වුනත් විශාල වශයෙන් විස්තර කරන්න සිදුවෙනවා. මේ අලුත්ම රටේ යාන වාහන..දුම්රිය..ගුවන් ගමන්.. මිනිස්සු.. ස්ථාන මෙලෝ දෙයක් ගැන පාඨකයා දන්නෙ නෑනෙව. 

ඒ වුනත් මේ අපි ගිහිපු නගර සහ තැන් ගැන සැලකිය විස්තරයක් ඉස්සරහට මගේ බ්ලොග් එක හරහා එනවා. ඒත් එක්කම පොඩි දැන්වීමකුත් දාන්න හිතුවා. ඉන්දියාව පැත්තෙන් හිමාල කන්දේ සිරි අසිරි බලන්න කැමති අයට වෙනස් ලස්සන පලාතක් විදගන්න ආස අයට අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර්ස් හොද අත්වැලක් වේවි. 

සංචාරක වෙළඳ දැන්වීම. 

 මේ අපි ගිහිපු ශ්‍රී නගර්, ලේහ්, මනාලි, දිල්ලි රවුන් චාරිකාවේ පිංතුර දැමීමත් එක්ක මගේ ෆේස්බුක් ඉන්න යාලුවො කිහිපදෙනෙක්ම දොස් කිව්වා..ඒ අයට ඉන්දියන්  චාරිකාව ගැන කිව්වෙ නෑය කියලා.

ඉතිං ඒ හැමෝටම දැන් විශේෂයෙන් සැකසුනු තෝරාගැනීමක් තියෙනවා. ඒ තමයි අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර්ස්.


අපි  ඉන්දියාවේ හිම මත වැනීසිය විදියට දැක්වෙන ජම්මු කාශ්මීර් වල   ශ්‍රී නගර් කියන ලස්සන පලාත දැකබලාගන්න අවස්ථාව අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර් විසින් උදාකරල තියෙනවා. මෙතනින් ගිහින් හෝ පහත යූ ආර් එල් එකෙන් ඔයාලට ශ්‍රී නගර්  වලට තියෙන ගමන් විස්තරය බලාගන්න පුලුවනි. 

http://sngltr.blogspot.com/2015/09/blog-post.html 

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...