Thursday, December 31, 2015

එතනෝල් සහ මේක් අප් ෆැෂන්

ගෑනු පාරෙ යනකොට සම්පූර්ණයෙන් වහගෙන ගියාට හදිස්සියෙ වහපු තැන් වලින් යාන්තං දාර පේනවා.. ඇතැම් විට ටී සර්ට් එක උඩයෑම නිසා හෝ සාරිය පහත්වීම නිසා පුකට උඩින් තියෙන ඉන හරිය පේනවා. මේ යාන්තං පේන යට කලිසම ට උඩින් කෑල්ලයි මූන බෙල්ල හරියය් එකපාර දැක්කාම නිකං නුවරඑලියයි හම්බන්තොටයි දැක්ක වගේ. මූන කෑල්ල බෙල්ල හරිය සුදුයි..ලස්සනයි..මෘදුයි..පෙනුමයි.. පැල්ලම් රහිතයි.. 

නමුත් ටී සර්ට් එක උඩ ගියාම පේන හරිය කළුයි..කැතයි, පැල්ලම් සහිතයි, රලුයි.. ඇයි දෙයියනේ හෙම වුනේ. ගෑනු මේක් අප් දානවා..ෆැෂන් කරනව. ඒ හැමදේම පිටට පේන්න. පිටට පේන්න ඒ කට්ටිය ඕවට හරියට සල්ලිය බාගෙ වියදම් කරනවා. එක පවුලක පිරිමියා සතියට වතාවක් බොනවා නම් සහ ගෑනිය ෆැෂන් සහ මේක් අප් වලට ටිකක්  වැඩියෙන් වියදම් කරනවා නම් ඒ පවුලේ පිරිමියා බොන්න වියදම් කරන ගාන අර ගෑනු මේක් අප් දාන්න යන වියදමට සමානුපාතිකයි.

දැන් දැන් කොළඹ කෙල්ලෙක් දැක්කාම නිකං රේල් පාර අයිනෙ කෙහෙල් ගස් දැක්ක වගේ. පොලොන්නරුව පැත්තෙ රේල් පාර අයිනෙ කෙහෙල් ගස් දැක්කත්, කඩුගන්නාවෙ කෙහෙල් ගස් දැක්කත්..වැලිගම දිහා කෙහෙල් ගස් දැක්කත් එකම ජාතියෙම ගස් නෙව. කිසි වෙනසක් නෑ.. කොළ ගස් එකම වගේ .. ඒ වගේ දැන් කොන්ඩේ මැදලා,පස්ස පුම්බලා.. පුෂ් අප් බ්‍රාස් දාලා, මූන බෙල්ල සුදු කරලා, රෝම විනාස කරලා.. දැන් හැම කෑල්ලම එකම අච්චුවෙ ගඩොල් වාගේ.. තට්ටුවේ ගනකම විතරයි ටිකක් වෙනස් වෙන්නෙ.. 

ධර්මය පැත්තෙන් රී ලෝඩ් එකක් දාගෙන බැලුවොත් ඔය මේක් අප් කියන්නෙ වැඩකට නැති දෙයක්. ඒකත් අරක්කු බීම වගේම නොවුනත් ටිකක් සමානකමක් තියෙනවා..ස්ථිර නෑ..වැදගැම්මක් නෑ..සල්ලි අපරාදෙ..වාගේ  ගති වලින් සමානයි වගේ.. 

හැමදාම ආන්ඩුවලින් අයවැය ගේද්දි එතනෝල් හෙවත් මධ්‍යසාර වලට ගහන බද්ද වැඩි කරනවා
 ඒක නිසා අරක්කු මිල වැඩිවෙනවා. බියර් මිල වැඩිවෙනවා. 

ලංකාවෙ මිනිස්සු බොනවා වැඩියි. සමහර විට ඒක අපේ රටේ වරදක් වෙන්න පුලුවනි. ඉන්දියාවෙ ලංකාවට සමරූපි මිනිස්සු ඉන්නෙ කේරල වල..කේරලේ තමයි ඉන්දියාවෙත් වැඩිම මධ්‍යසාර පාවිච්චියක් තියෙන මිනිස්සු ඉන්නෙ. ඒ වගේම වැඩිමනක් බොන්ෙන නැති උන් ඉන්න රටකට අපේ උන් ගියත් උනුත් වලේ දාල අේප උන් බොන්න පටන් ගන්නවා.. ලෝකෙ මොන තරං ස්ට්‍රෙස් අඩු වටපිටාවකට ලංකාවෙ ඩෑල් ගිහින් දැම්මත් උන්ට ඉස්ට්‍රෙස් ඇතා නැතා...වැඩක් ඇතා නැතා බොනවා බොනවා.. ඒකෙ කිසි වෙනසක් නෑ.. 

බොන්න තියෙන හේතු අතින් බැලුවාම මට හිතෙන්නෙ ජානමය බලපෑම මත බීම තීරණය වෙනවා ඇති. ඕක ස්වාභාවික වරණයෙන් වර්ණදේහවාදයෙන් පැහැදිලි කරන්න අමාරු වෙයි. ඒත් අපේ ලාංකික ජාන සැට් එක බොන්න නැඹුරු වැඩියි. ඒක කවුරු ආවත් වෙනස් කරන්න අමාරු දෙයක්.. බීම නතර කලාම බොනවාට වඩා මිනිස්සු ස්ට්‍රෙස් වෙනවා. 

බීම ටැක්ස් එක කියන්නෙ ඉස්සර කාලෙ ඉදන් ආන්ඩු සල්ලි හොයන්න ගහපු ගැටයක්. ආන්ඩුව සල්ලි හොයන්න ඉස්සර බල්ලොන්ටත් බදු ගැහුවා. ඔය අතරෙ හම්බෙච්චි සුපිරි බද්දක් තමයි රේන්ද බද්ද. ඉස්සර කාලෙ යටත් විජිත යුගේදි ඉංගිරිසින්ට කලිං ඉදලා ලංකාවෙ මූදුකරේ පොල් වගා කලා. ඒකෙදි පොල් වගා කරන උන් කරපු එක ජාති බිස්නොස් එකක් තමයි රා සහ අරක්කු පෙරීම. ඒවා එක එකා තමුන්ට ඕනි විදියට කරගෙන ගියාට ආන්ඩුවට ගානක් එන්නෙ නෑ..ඉතිං බිස්නොස් එකකට ආන්ඩුවෙන් පහසුකම් සලසන්න ඕනි..පාරව්ල හදන්න ඕනි.. ඒවා ට ඕනි සංනිවේදන අනම් මනම් සේවා දෙන්න ඔ්නි..ඉතිං ඒවාට සල්ලි හොයන්න ආන්ඩුව බදු ගහන්න ඕනි..ඒ නිසා වෙන්න ඇති රේන්ද බදු ඇතිවෙන්න ඇත්තෙ. 

අද වෙද්දි  තත්වෙ සම්පූර්ණ වෙනස්.. නමුත් බල්ලා කැලෙන් එලියට ඇවිත් මාසයක් ගියත් වාඩිවෙන්න ඉස්සෙල්ල කැරකෙනවා..ඒ වගේ හැම පාරම මොනාහරි ආන්ඩුවෙ වැඩි කරද්දි මුලින්ම වැඩිවෙන්ෙන මධ්‍යසාර නොහෝත එතනෝල්.. 

අපේ ලංකාවෙ ඉන්න පිරිමින්ගෙන් සියේට අසූවක් විතර බොනවා..ගන්න මාසික ආදායමින් බොන්න වියදම් කරනවා සුලු ගානක් හරි.. පොල් කඩන මනුස්සයාගේ ඉදලා පාර අතුගාන එක්කෙනා දක්වා බොනවා. ඉතිං ඒ බොන්න වියදම් වෙන ගානින් ආන්ඩුව ලොකු කුට්ටියක් කඩාගත්තාම වෙන්නෙ මොකද්ද? එක්කෝ ඒ මිනිහා ගෙදරට දෙන සල්ලි අඩුකරලා බොනවා. නැත්තං පඩිය වැඩිවුනොත් වැඩිවුන ගානින් බොනවා. ඒ වගේම මේ අනියමින් වැඩිවෙන්නෙ මොකද්ද? මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න අපිට වියදම් වෙන මුදල.. 

උදාහරණ විදියට මේ අරක්කු සිගරට් වැඩිවෙන්න වැඩිවෙන්න මේසන් බාසෙක් ගන්න ගාන දවසකට සීයකින් විතර වැඩිවෙනවා.. යන්තං ගහක අත්තක් කපාගන්න හයර් කරන එකෙක් රුපියල් දෙසීයකින් ිවතර ගාන වැඩිකරනවා.. ඒ වගේම අපි පොඩියට කරුමාන්තයක් කොරන්න ගත්තත් දැන් රුපියල් දාහට වත් මිනිස්සු හොයාගන් බැරිවෙනවා.. කුනු ගෙනියන්න එන එකාට වුනත් අපි ගෙදරටම ඇවිත් කුනු ටික අරං යනවාට රුපියල් පනහක් දෙනවා නම් අරක්කු වැඩිකලාම ඒකත් හැටක් වත් දෙන්න වෙනවා.

මිනිස්සු මිල වැඩිවුනා කියල බොන එක අඩුකරනවාද? මම හිතන්නෙ නම් ඒම නෑ..ඒක කරන්න බෑ අමාරුයි.. ගොඩක්ම වෙන්නෙ බොන ප්‍රමාණය සුට්ටක් අඩු වුනත් බීම කියන දේ නැතිවෙන්නෙ නෑ.. එතනෝල් මසක ට වාර හතරක් බොන එකෙක් ඒක තුනක් කරගනී..නමුත් ඒක නැතිම වෙන්නෙ නෑ.. 

මේ එතනෝල් වැඩිකරලා රටවල් දියුනු කරනවා කියන්නෙ ගොන් පාරට් එකක්. මේකෙන් වෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ගේ ශ්‍රමයට වැඩි මිලක් නියම වෙන එක විතරයි.. මේක ටිකක් සීරියස් කේස් එකක්. අපි අද එලෝලු ගනන්ය හාල් ගනන්ය කියලා කියනවා. ඉතිං මේ හාල් එලෝලු ගනන් යන්නත් මේ කේස් එක බලපානවා.. එලෝලු හදන්න වියදම් වෙන මුදලට අර කුලීකාරයින්ට අරක්කු වලට යන වියදම ත් එකතු වෙනවා..ඉන් පස්සෙ සුට්ටකින් මිල වැඩිවෙනවා. එලෝලු ඇට හිටෝල ඒවා අපේ අතට එන කඩ මැහි කාරයා දක්වා ජාලයේ ඉන්න දහයක් විතර මිනිස්සු ටික හැමෝම බොනවා නම් ඒ හැමෝටම බොන්න වියදම් වෙන ගාන වැඩිවෙනවා කියන්නෙ උන් කන බොන දේවලින් වත් වෙන දේවල් වලින් වත් කපලා බොන්නෙ නෑ..

ඒ මිනිස්සු ඔක්කෝම බොන්නෙ තමුන්ට ලැබෙන කුට්ටිය වැඩිකරගෙන හෝ ඒ කුට්ටියෙන්ම තමයි. එතකොට අපිට ලැබෙන ප්‍රඩක්ට් වල මිල වැඩිවෙනවා. මේක මේ වක්‍ර බදු ක්‍රමයේ තියෙන අවුලක්. නමුත් මේකෙන් ගොඩ යන්න ක්‍රමයක් අපිට නෑ වගේ තමයි පේන්නෙ.. 

විනෝද වැඩකට ආන්ඩුව මේ විදියට බදු ගහන එක අමානුෂිකයි. ඒත් අපි බොනවා ඕයි..අපිට බොන්න දෙන්න බැරි මේ ආන්ඩුව පලයව් කියලා උද්ගෝෂණ කරන්න අපේ කස්ටිය බයයි. නමුත් එහෙම ප්‍රසිද්ධියේ අරක්කු මිල වැඩිවීමට එරෙහි වෙලා දාස් ගනන් පාරට බහිනකල්ම අපේ කාලකන්නි පාලකයො එතනෝල් මිල වැඩි කරාවි.. 

Thursday, December 24, 2015

යූනියන් සහ ඇඩීම

යූනියන් කියල සාමාන්‍යයෙන් වෘත්තිය සමිති හදුන්වනවා. බොහෝ වෘත්තිය සමිති කියන්නෙ ඒ අය වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවාය කියලා.
අපේ කන්තෝරුවෙ මම අයිති මෑන්පවර් සේවකයො රැසක් 2015 වසරේ මුල් දවස් කීපය ගෙවාදැම්මේ එලියේ. ඒ වැඩවර්ජනයට සහභාගී ව්‍ුන ප්‍රමානය විශාලයි. ප්‍රතිශතයක් ලෙස සියයට අනූවකට වඩා මේ වැඩවර්ජනයට සහභාගී වෙන්න ඇති. නමුත් මම සහභාගි වුනේ නෑ.. 

යම් අයෙක් ඒ ගැන මට චෝදනා කරනවා නම්... නෑ එහෙමම නෑ.. මම ඒක නිසා මේක නිසා අරක නිසා තමයි ආවෙ නැත්තෙ කියල මම උත්තර බදින්න යන්නෙ නෑ.. මම එතනදි මගේ රස්සාවට ආසා කලා.. මම හිතුවෙ මහින්ද රාජපක්ෂ දිනලා රස්සාව නැතිවෙයි කියලාම තමයි.. මම ඇත්තටම බය වුනා රස්සාව නැති වුනාට පස්සෙ මෙ වගේ කදිම රස්සාවක් අලුතින් හොයාගන්න ලැබේද කියලා. සාපේක්ෂව හොද රස්සාවක්..මේක.. වැඩිපුර ඉස්ට්‍රෙස් නැති...වගකීම් නැති සති අන්තය ගෙඩිය පිටින්නිවාඩු..තියෙන හොද රැකියාවක්. 

ඉතිං මගේම සහෝදර සේවකයො පාරෙ ඉදගෙන අපි ස්ථිර කරවු කියල මොර දෙන අස්සෙ මම හික්මුන මීයෙක් වගේ ඒ අස්සෙන් රිංගාගෙන කාර්යාලය ඇතුලට ගියා. ඉන් පස්සෙ ඡන්දයකිට්ටු වෙද්දි ඒ වෘත්තිය සමිත ක්‍රියාමාර්ගය  ක්‍රමයෙන් අසාර්ථක වෙලා කස්ටිය කිසිම විසදුමක් නැතුව වැඩට ආවා. කවුරුත් පුදුම කරමින් මහින්ද පැරදුනා... අපේ ස්ට්‍රයික් කරපු අයටත් හිතුවට වඩා හොද කලදවසක් ගියා.. 

විදුලි බල මණ්ඩලේ...ජල මන්ඩලේ..සහ වෙනත් රාජ්‍ය ආයතන වල මෑන්පවර් අය ස්ථිර කරලා..අපි  විතරක් ඉතිරි වෙලා.. ඒත් මම හිතුවෙ අපිත් ස්ථිර කරන එකක් නෑය කියලා..ඒත් හිතුවෙ නැති විදියට ඊයෙ පෙරයිදා ඇප්ලිකේෂන් එකක් පුරවන්න ආවා අවුරුදු 7ට වැඩි සේවා කාලයක් සහිත මෑන්පවර් සේවකයින් ආයතනයට ඇතුලත් කරගන්න සලකා බැලීම කියලා..එකක්.. දැන් මම ස්ට්‍රයික් නොකලත් වේලාසනින්ම ඒක පුරවලා දීළ දැන් ඉන්ටවිව් එනකල් ඉන්නවා.. වැඩියෙන් සුදුසුකම් තියෙන නිසාත් රබර් කටක් තියෙන නිසාත් ඉන්ටවිව් එක පාස් වෙයි කියලා මට හිතෙනවා.. 

මම දැන් හිතන්නෙත් නෑ අපි ස්ථිර කරලා මව් ආයතනයට ගනීය කියලා..ඒත් අර ස්ට්‍රයික්කරපු බහුතරය දැස් දල්වාගෙන උදේ රෑ කල්පනා කරමින් ඉන්නෙ එයාල ස්ථිර කරාවිය කියලා. මගේ රාජකාරිය අනුවත් පැවැත්ම අනුවත් මම සාමාන්‍යයෙන් මිත්‍රශීලි බුවෙක්.. ඒ නිසා මගේම මෑන්පවර් කම්පැනියෙ ස්ට්‍රයික් වලට සහභාගි වුන එක එක මාදිලියේ ඩෑල් මට හමුවෙනවා.. එතකො ට ඒ බොහෝ අය හිතන්නෙ අපි ස්ථිර කරාවිය කියලා.. 

මේ යූනියන් වලට සම්බන්ධ අය නිතරම තමුන්ගේ රස්සාවෙන් තමුන්ට ලැබෙන දේවල් සහ ඊට සමාන්තර ස්ථිර සේවකයින් ට ලැබෙන දේවල් සංසන්දනය කරනවා.. ලොක්කන්ට සහ අපිට ලැබෙන දේවල් සංසන්දනය කරනවා.. රටේ ඉන්න ඇති හැකි අයට ලැෙබබන වෙනත් ආයතන වල සේවකයින්ට ලැබෙන දේවල් ගැන හිතලා දුක් වෙනවා.. 

යූනියන් වල මූලික ම සිද්ධාන්තයක් තමයි එයාලට ලැබෙනවා.. එයාල ලොකු වට ගන්නවා..ඒ නිසා අපිටත් ඕනි කියන තියරි එක.. ඒ බණ කියලා තමයි සේවකයො වෘත්තිය ක්‍රියාමර්ග වලට යොමු කරගන්නෙ. කාර්ලැබෙන විධායක නිළදාරින්... වායුසමන කාමර  වල ඉන්න නිළදාරින් ගැන කුනු කතා කියලා පොඩි සේවකයෝ කුලප්පු කරන එක යූනියන් අයගේ ගතිය.. එයාල පොඩි මිනිස්සු කුලප්පු කරන්නෙ ලොකු අය ගේ තේජස පෙන්වලා.. 

ලොකු මිනිස්සු හැමතිස්සේම විශාල වසයෙන්දේවල් ගන්නවාය. අපිට සුට්ටය කියන එක තමයි ඔය යූනියන් බහුතරයක මතේ... ඇතැම් විට විධායක ශ්‍රේණියේ අය හෙම ගන්නම දෙයක් නැතිවුනාම එයාල ඩිරෙක්ටර බෝඩ් එකේ උන් මෙච්චර ගන්නවා..ලාබ මෙච්චර ගන්නවා කියල ප්‍රාග්ධනය හා ලාබය දෙසට ඇදිලා ඒ කොටස් තමන්ටත් අයිතිය කියලා කියන්න යනවා.. 

දෙයක් නෑය... අපිටත් තව ඕනිය කියලා හිතන එක මට අනුව එක්තරා හිගන මානසිකත්වයක්. ඒකෙන් හැමදාම ජීවත් වෙන එක මහ පාපයක්.. අපිට ලලැබෙන සුලු දේ ගැන හැමදාම අසතුටෙන් අනුන් ගැන වෛරයෙන් කටයුතු කරන එක අපි කාර්යාලය තුල ගතකරන බොහෝ අවස්ථාවලදි පැක්ටිස් එකක් විදියට කරන්න ගියොත් එතන අපි තෘප්තිමත් නැති සතෙක් බවට පත් වෙනවා..

බුදුහාමුදුරුවො කියපු අසූහාරදාහක් බණ කතා වලට වඩා මට ධම්ම පදේ තියෙන සන්තෝෂය පරම ධනයයි කියන එක වැදගත්..අපි හැමදේදිම උත්සාහකරන්න ඕනි සතුට පවත්වාගෙන යන්න..අපි සැහැල්ලුවෙන් සතුටින් වැඩි කාලයක් ගත කලොත් තමයි බොහෝ විට සාර්ථක ජීවිතයක් වෙන්නෙ.. 

නිර්මාල් ගුරුතුමා කඩේකට ගිහින් ඉතිරු රුපියල් දෙක ලැබුන් නෑ කියල ගේම ඉල්ලලා තියෙනවා.. නිර්මාල් මැතිට පෙනුන් නැතුව ඇති ආන්ඩුව ඒ ටෙලිපොන් කෝල් වලින් සියයට විස්සකට වැඩි බද්දක් ගන්නවා..ටෙලිකොම් සමාගම් අසීමිත ලාබයක් පොම්ප කරගන්නවා..ඒ අස්සෙකඩ කාරයා දවසට විස්සක් තිහක් විකිනෙන ටෙලිපෝන් කාඩ් එකකින් රුපියල් දෙකක් ගහගත්තාම අපිට රිදෙනවා..අපි ඒකට පොලිසි උසාවි යන්න හිතනවා.. 

බස් වල වලිත් ඒ වගේ..මිනිස්සු කොන්දොස්තර ගන්න රුපියල් දෙක ගැන ගන්න හදලා බස් එකේ මගීන් ගානින් වැඩි කරලා තව දවසට එන මගීන් ගානත් හොයලා අමාරුවෙන් කැල්කියුලේෂන් එකකුත් කරලාම දුක් වෙනවා..සහ කොන්දට බනිනවා.. ඔය දෙක තුන ඉතිරි නොවී රුපියල් පහක් ඉතිරි ලැබෙන විදියට පහෙ ්ගුනාකාර වලට ගාස්තු ටික ගේන එක එක අතකින් කොන්දොස්තරලට ලේසියි...හැබැයි නිතර සැකෙන් වෛරයෙන් යන්න හුරුවෙල තියෙන පොදු මගීන්ට එතකොට කොන්දොස්තරලට බනින්න එක වරදක් නැති වෙනවා..ඒක එයාලගේ මානසික සෞඛ්‍යයට අහිතකර වෙන්න පුලුවනි. 

රාජ්‍ය සේවයේ හෝ වෙනත් සේවයක ඔන්න කට්ටියක් අමාරුවෙන් පාරෙ දගලලා පඩි ටිකක් වැඩි කරගන්නවා.ඉන් පස්සෙ අනික් අය ඒක පිට දල විෂමතාවයක් ඇදල ගන්නවා.. ඉන් පස්සෙ විශමතාවය ගැන එයාලගේ යූනියන් සහ එයාල මග දිගට කතා වෙනවා.. 

කෝචචියෙ සෙකන්ඩ් ක්ලා්ස එකේ මාතර ඉදන් කොළඹට ආපු දවසක ඒ අයට තිබුන ලොකුම පස්නයක් තමයි වැඩිවුන රුපියල් දහ දාහ ඔක්කොන්ටම එකපාර පඩියට එකතු කලොත් ඇතිවෙන වැටුප් විෂමතා පස්නය..එතනදි කතාවුනා මතකයි එතකොට අපිටයි ඩ්‍රයිවර්ලටයි එකම සැලරි..ඩ්‍රයිවර්ලට නම් ඕටිත් ලැබුනම අපිතට් වැඩිය පඩි වැඩිවෙයි කියලා කස්ටිය කතා වෙවි ගියා..එයාල සෙකන්ඩ් ක්ලාස් ගියෙත් එයාලගේ විධායක ශ්‍රේණියට ගැලපෙන නිසා වෙන්න ඇති. 

අපි හැමෝම දේසපාලනිකයි.. අපි හැමෝම ආසයි අපිට ැවඩියෙන් ලැබෙනවා.ට..ඒත් තර්කානුකූලව ගත්තාම මහින්ද රාජ්‍ය සේවයේ ප්‍රමාණය වැඩිකලා..රනිල් ඒ කස්ටියට ලැබෙන ගාන වැඩිකලා..නමුත් තාමත් රාජ්‍ය ආයතනයකට ගියාම අපිට ලැබෙන සේවෙ? ඒක කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලාද? අපිට කොච්චර ඉක්මන්ට රාජ්‍ය සේවයේ සේවාවන් ලබාගන්න හැකියාව තියේද? මම හිතන්ෙන මිනිස්සු ගාන වැඩිවෙලා.. පඩි වැඩිවෙලා අපි එයාලට පඩි ගෙවන්න වැය කරන වැඩිපුර බදු ටිකට හරියන්න ලොකු වෙනසක් ඒ රාජ්‍ය සේවය තුල වෙලා නැහැ.. 

 මං යූනියන් ඇක්සන් වලට සහබාගි වුනේ නැත්තෙ බයට..ඒකෙ ඇවිල්ල මහ ලොකු බක්කක් නෑ..නමුත් යූනියන් ඇක්සන් එකට ගිහිපු අය කැන්ටිමෙ...වාහනේ යද්දි,..කොච්චියෙදි ඒ ගැනමයි උදේ හවා කතාව.. එයාලගේ මුලු ජීවිතේ තියෙන ලොකු ම හීනය ස්ථිර වීම... ඒත් මට ඒ හීනය දුරයි.. මම බොහොම සනීපෙන් ලැබුන ගානට හරියන්න මගේ විනෝදය පාලනය කරගෙන අමාරුවෙන් වුනත් සතුටින් ඉන්න යි උත්සාහ කරන්නෙ.. 

යම් විදියකින් මට මේ කොම්පැනිය සහ ලැබෙන දේවල් මදි කාලෙක මම හිතාගන්න ඕනි තව වෙනත් කොම්පැනියකට පනින්න..මේ අංශයේ රස්සාවල් ලංකාවෙ නැත්තං වෙනත් රටකට පැනලා හරි ජීවිතේ ගෙනියන්න අපිට සිද්ද වෙනවා.. ඒ තරං ලේසියෙන් කිව්වට මට නං මෙහෙ අමාරුවෙන් ජීවත් වෙන එක සැපක්.. 

පරණ යාලුවන් හමු වුනාම වැඩියෙන්ම කතා වෙන්න අනික් යාලුවො ඉන්න වැඩකරන තැන් ගැන...ඒ වගේ වෙලාවට අනික් යාලුවො ඉන්න වැඩකරන තැන් ගැන කතා වෙල හූල්ලන වෙලාවල් ඕනි තරං..ඌට තියෙන කාර්...ඌට තියෙන ගේ..රස්සාව අනම් මනම් ගැන කතා වෙන්න අපි ටිකක් ආසයි.. සමහර යාලුවෙක් කියනවා අපි ඉගෙනගත්ත නිසා අපිට ලැජ්ජාව තියෙනවාලු..අපිටත් ලැජ්ජාව නැති වුනානං හොද බිස්නස් එකක් කරල ලොකුවට ජීවත් වෙන්න තිබුනාලු.. 

ලාංකික මනුස්ස ප්‍රජාව එකිනෙකා හමුවෙන බස් හෝල්ට් එකක්.. බස් එකක්...කෝච්චියක්..ෆේස්බුක් ටුයිටර වගේ තැනක් වගේ ගොඩක් තැන්වල මිනිස්සු විදින්නෙ ප්‍රශ්ණ..මිනිස්සු කතා වෙන්නෙ ප්‍රශ්ණ..මිනිස්සු ආග්‍රානය කරන්න ආස ප්‍රශ්ණ සහිත වාතය.. වැඩියෙන් කතා කරන්නෙ ප්‍රශ්ණ.. අසාධාරනය...යුක්තිය..සාධාරනය.. දූෂණය වගේ ගොඩක් දේවල් වලදි අවසානයේ මම පත් වෙලා තියෙන නරාවලට හේතුවෙන අනෙකාව අමාරුවෙන් හොයාගන්න හදනවා.. 

අමුවෙන් කීවොත් මම මේ පත්වෙලා තියෙනවනම්යම් කිසි නරක තැනකට..ඒකට හේතුවෙල තියෙන්නෙ මමය..මගේ ක්‍රියාකලාපයය කියලා පිලිගන්න අපිට බෑ සහ අපි කැමති නෑ..අපි ඒකට විවිධාකාර හේතු හොයාගන්න උත්සාහ කරනවා..බොහෝවිට අපි ඒකට යොදාගන්න එලියෙ පිරිසක් තමයි දේසපාලකයො.. ඒ වෙලාවට අනේ මුන්දලා අපි නෙව පත් කරලා තියෙන්න කියල අපිටම අමතකයි.. එක අතකින් අපේ යූනියන් පස්න වලදි .අපේම හදාගත් පස්න වලදි .අපේ විසදුම් වලට දේවදූතයො වගේ බාහිර දේසපාලුවො සෙට් එකක් ඉන්න එක සැපක්.. 

නැත්තං රටේ කෙදි ආහාර අඩුවෙන් පිටි ආහාර වැඩියෙන් ගැනීම නිසා මිනිස්සුන්ට  බෙට්ට හරියට යන්නැති එකේ සිට එන්රික්ගේ බ්‍රා ප්‍රශ්ණය දක්වා අපිට බනින්න දේසපාලුවෝ සහ පාලකයෝ නිළධාරි කියලා පිරිසක් නැතිවෙනවා..

Monday, December 7, 2015

අපිට සහාය වන වැදගත් මිනිස්සු

කොන්දොස්තර මහතා

දියුනු රටවල බස් වල කොන්දොස්තර මහත්වරු නැහැල්ලු. යන අයම මැෂිමකට සල්ලි දාල ටිකට් ගන්නවාලු. බොහෝ වෙලාවට රට ගිහින් එන අය මේක මහ ලොකු වරුණාවක් විදියට කියනවා. අපේ රටේ බස් රථයකින් ගමන් පහසුව ලබාගන්න ඉන්න මගීන් ගනනත් ඒ මගින්ගේ ආකල්පත් එක්ක බැලුවොත් ඒ විදියට තමුන්ම සල්ලි දාල ටිකට් ගන්න දුන්නොත් බස් හිමියාට අලාබ වෙන එක තමයි සිද්ද වෙන්නෙ.

කොළඹ නගරබද වුනත් ලංකාවෙ එක් තැනකින් තවත් තැනකට යන්න බලාගෙන ඉන්න මගීන් කොච්චර ඉන්නවාද? ඒ අය මොන ආකාරයෙන් තමුන්ගේ ගමන් පහසුව සලසාගන්නවාද කියලා හරියට සංඛ්‍යාත්මක දත්ත නැහැ. එහෙම සංගනනයක් කරලා ගමන් පහසුව සලසන්න ලොකු වැඩපිලිවෙලක් ලොකු මහත්වරුන්ටත් නැහැ. ඒ නිසා උදේ සහ සවස බස් වල තෙරපිලා ඒ මදිවට බස් එක ට්‍රැෆික් එකේ හිරවෙලා. ඒ අස්සෙ මිනිස්සු ගෑනුන්ගේ කකුල් අස්සෙ හිරවෙන්න තටමනවා. මේක ටිකක් අසහනකාරී දෙයක් මිනිස්සුන්ට. මේ වගේ වෙලාවට දාන දාඩියත් ඒ වගේ වෙලාවක ගමනක ගිහිල්ලම බලන්න ඕනි. 

මේ ගමන අමාරුවෙන් යන මගීන්ට නිතර කෑ ගසමින් මේ අසහනකාරී වටපිටාවෙත් තවත් කරදරයක් වෙන කොන්දොස්තර මහත්තයාව පේන්නෙ යක්සයෙක් වගේ. මිනිස්සු ඔක්කොම හෝල්ට් වලට වෙලා ඉන්නෙ ගෙදර යන්න බලාගෙන. හැමෝම හදන්න කලිං බස් එකක කලින් ගෙදර යන්න. සමහරු නැගලා යාන්තං ඇතුලට ගියාම හිතනවා මූ තවත් හොල්ට් වල නවත්තලා කොටනවා නේද කියලා. 

කොන්දොස්තර කියන්නෙ ලොකු රාජකාරියක්. කොන්දොස්තර මහත්මයා බස් රථය හිමිකාරයාගේ මඩිය තරකරන්න ඕනි.. ඒ වගේම බස් රියදුරා එක්ක කතා බහ කරලා බස් එකේ ගමන පාලනය කරගෙන වැඩි මගීන් ගානක් ගන්න විදියට වැඩ සලසාගන්න ඕනි. ඒ අතර කීයක් හරි යටිමඩි ගහගත්තෙ නැතොත් ලැබෙන ගානෙන් අතින් කාල හරක් බැලුව වගේ තමයි. දූවිල්ලද. වැස්සද, බස් එක හිරද..ඒ ප්‍රශ්ණ අදාල නැහැ. කොන්දොස්තර මහත්මයා සේවය කරන්න ඕනි. 

මේ කොන්දොස්තර මහත්වරු නැති කෝච්චි වල ඇතිවෙන ප්‍රශ්ණ එක්ක බැලුවාම කොන්දොස්තර මහත්වරු ඉන්න එක හොදයි කියලත් හිතෙනවා. කෝච්චි වලබොහෝ දෙනා ෆුට් බෝඩ් වල හිරවෙල. ඇතුලට යන්නෙ නෑ.. කොන්දොස්තර කෙනෙක් හරියට නැති නිසා ප්‍රශ්ණ ඇතිවුනත් ගහමරාගන්න තරමට දුරදිග යන වෙලාවල් තියෙනවා.. 

කොන්දොස්තර වරුන්ට මම දන්නා හැටියට ලැබෙන්න දවස් වැටුපක්. ඒ නිසා එයාල කරන අනතුරු දායක රස්සාව අනුව අඩුතරමෙ රක්ෂනයක් වත් නෑ..මෙඩිකල් එකක්, ජීවිත රක්ෂනයක්.. විශ්‍රාම වැටුපක්, හරිහමන් නිවාඩු ක්‍රමවේදයක් මොකුත්ම කොන්දොස්තර මහත්වරුන්ට නැහැ. ඔවුන්ට පොඩ හරි අනතුරක් රාජකාරිය අතරතුර වුනත් තියෙන්නෙ බස් හිමියා සතුටු ගානක් ලැබෙන එක විතරයි. එකත් බස් හිමියා හොද කෙනෙක් වුනොත් විතරයි. 

ආරක්ෂක නිලදාරි මහත්වරු

මෙහෙම කිව්වට කට්ටියට තේරෙන්නෙ නැහැ. සික්කා හෝ සිකුරුට්ටො කියලා කිව්වම ගොඩක් අය දන්නවා. සිකුරිටි කාරයෙක්ගේ සේවා කාලය පැය දොලහක්. බොහෝ සිකුරිටි සේවා වලදි පැය දොලහට මෙයාලට ලැබෙන්නෙ රුපියල් දාහකට අඩු වේතනයක්. ගේට්ටු ඇරීම, පොත් පවත්වාගෙන යෑම, අනතුරුදායක පුද්ගලයින් ඇතුලට නොගැනීම, ආයතනයේ පරිශ්‍රවල ආරක්ෂාව ආදී බොහෝ වගකීමක් මේ සිකුරිටි මහත්වරුන්ට ලැබෙනවා. ඔවුන් කරන රාජකාරිය නිකං සිටීම කියලා බොහො දෙනා හිතං ඉන්නවා. නමුත් බොහෝ තැන්වල කුඩා කූඩු වගේ තැන්වල තමයි මේ සිකුරිටි මහත්වරු ඉන්නෙ. කන්තෝරු ඇතුලෙ පංකා යට වායුසමන කරපු තැන්වල ලොකු මහත්වරු හිටියාට ආරක්ෂක නිළදාරි මහත්තයා ඉන්නෙ කුකුල් කූඩුවක් වගේ තැනක. 

මේ ආරක්ෂක නිළධාරින්ේග සේවා මුරය පැය 12ක් වෙන එක ලොකු අවනඩුවක්. එයාලට අනික් අයට බලපාන පැය 8ක වැඩ මුරය බලපාන්නෙ නැත්තෙ මොකද කියලා මට වැඩිමනක් දැනුමක් නෑ. ඒත් ඈතින් බැලුවම නිකං ඉන්නවා කියල පෙනුනට ගොඩක් ආයතන වල පැමිණිලි කරන්න එන අයගේ ආවේග පාලනය කිරීම වගේ මහ කුනු ගොඩවල් වැඩ කන්දරාවක් මේ ආරක්ෂක මහතුන්්ට පැවරිලා තියෙනවා. ඒ වගේම රාත්‍රී සේවා මුර ආදියේදි ඔවුන්ට පැවරෙන්නෙ නිදිමරන කෝස් එකක්. ඒ වගේ වෙලාවකට ටිකක් ඇහැ පියවිලා කන්තොරුවලට කුඩ්ඩෙක් පැන්නත් අර ආරක්ෂක නිළදාරි මහත්තයා වගකි යන්නට ඕනි. 

පිරිසිදු කරන සේවක මහත්වරුන් 
කොළඹ නගරය ගත්තාම තැඹිලි පාටන් ඇදගත් සේවක මහත්වරු කරත්ත තල්ලු කරමින්, ගස් යට අතුගාමින් ඉන්නවා පේනවා. ඔවුන්ට ලැබී ඇති නිළඇදුම පවා ඉතාම ලාබාල තත්වයේ එකක් තමයි අපිට පේන විදියට. මේ අය දවසෙ බොහෝ වෙලාවන් වල වැඩ. උදෑසන නගරය පිරිසිදු කිරීම තමයි මේ ගොල්ලට පැවරෙන රාජකාරිය. බොහා් විට රාත්‍රි කාලයෙත් මේ පිරිසිදු කරන සේවක මහතුන් සහ මහත්මින් සේවය කරනවා මම දැකල තියෙනවා. 

ඒ වගේම ආයතන ආශ්‍රිතව ඉන්න පිරිසිදු කරන සේවක මහතුන්ට ඇතැ්ම වෙලාවට පිරිසිදු කරනවාට අමතරව වෙනත් රාජකාරි පැවරෙනවා. ඇතැම් ආයතන වල ලොකු බඩු උස්සන්න. ආයතනයේ සේවකයින්ට තේ වතුර හදන්න.. ලියුම් බෙදන්න වගේ රාජකාරි වලටත් මේ පිරිසිදු කරන්න ඉන්න සේවක වරුන් ව පාවිච්චි කරනවා. මේ අයට නියම කල වැටුපක් මා දන්න තරමින් නැහැ. මා වැඩකරන මහා විසාල ආයතනයෙ ්පවා දිනකට රුපියල් 700ක වගේ සුලු වැටුපකට පිරිසිදු කරන සේවක මහතුන් දවස පුරාම වැඩෙහි යෙදෙනවා. 

ඕනි කෙනෙක්ට පුලුවන් වැඩක් කියලා පෙනුනාට ඒ කට්ටිය ඇවිල්ල ආයතන, පාරවල්. නගරය පිරිසිදු කලේ නැත්තං අපිට ජීවත් වෙන්න හැටියක් නැහැ. නාහෙ තියාගෙන ඇවිදින්නවත් බැරිවෙනවා ඒ මහත්වරුන් නැත වුනොත්. 

රෝහල් වල වැඩකරන වෘත්තිකයින්.

ලංකාවෙ තාමත් යටත් විජිත යුගේ වාගේ ශේුනි කිහිපයක සේවකයින් තමයි රෝහලක් තුල රාජකාරි කරන්ෙන. නමුත් වෙනත් රටවල විවිධ අංශයේ වෘත්තිකයින් රැසක් රෝහලක සේවය කරනවා. හෙදියන්, සාත්තු සේවිකාවන්, විකිරණ වේදින්. ඖෂධවේදින්, ආදී වෛද්‍ය නොවන වෘත්තිකයින් රැසක් ලංකාවෙ රෝහල් වල රාජකාරි කරනවා. මට පෙනී ගිහිපු විදියට නම් මේ වැඩකරන ගොඩක් අයට තරමක් හොද වැුටුපක් ලැබුනත් යම් ය්ම හේතු නිසා බොහෝවිට ඔවුන් රාජකාරි කරන්නෙ සතුටකින් නෙමෙයි. අසහනකාරී වටපිටාවක සේවය කරන විදියක් තමයි ඔවුන්ගෙන් පෙනුනෙ. 

වෛද්‍ය වෘත්තිය වගේම ඒ ආශ්‍රිත බොහෝ සේවාවන් දැන් විවිධ පැතිවලින් යාවත්කාලීන වෙලා අලුත් මුහුනුවරක් අරගෙන තියෙනවා. ඒ නවීන තාක්ෂණික උපායන් මේ රෝහල් කාර්යමන්ඩල වලට ලැබෙනවාද? පිටරට ගිහින් ඒ රටවල රෝහල් වලවැඩ සිද්ද වෙන්නෙ කෝමද ආදිය බලාකියා ගන්න කිහිප දෙනෙක්ට හරි අවස්තාවක් ලැබෙනවාද? මම හිතන්නෙ එහම දෙයක් සිද්ද වෙන්නෙ නෑ.. 

සෞඛ්‍යය කිව්වාම මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්, පෝෂණවේදීන්, මාතෘ නිවාස සේවකයින් ආදී විශාල පරාසයක සෞඛ්‍ය සේවකයින් ඉන්නවා. රටක සෞඛ්‍ය සේවය වර්ධනය වන්නට නම් දොස්තර මහත්වරුන්ගේ පමණක් සෞඛ්‍යය වැඩිදිුයුනු වෙලා පලක් නෑ..ඒ ආශ්‍රිත බොහෝ වෘත්තිකයින් ආකල්ප වලින්, දැනුමින් වගේම ලැබෙන දේවල් වලිනුත් පොහොසත් වන්නට ඕනි.

වෛද්‍ය වරුන්  කියන්නෙ සෞක්‍ය සේවාවේ එක් ප්‍රධාන පිරිසක් පමණයි. රටේ සමස්ථ කම්කරු සේවකයින් අතර වෛද්‍යවරුන් කියන්නෙ තවත් එක පිරිසක් පමණයි. රටට සාපේක්ෂව ගනනින් අඩු වෘත්තිකයින් ඉන්නෙ වෛද්‍යවරුන් පමණක්ම නෙමෙයි. තව විශාල පරාසයක වෘත්තිය වේදින්ගේ හිගයක් රටේ තියෙනවා. 

අපේ සමාජය ලක්ෂණ තැනක් වෙන්න නම් අපි හැමෝම අනික් අයගේ ත් අවශ්‍යතා ගැන සංවේදි වෙන්නට ඕනි. කුනු අදින කම්කරු මහත්වරු, කොන්දොස්තර මහත්වරු, සිකුරිටි මහත්වරු ගැනත් එයාල කරන සේවය ගැනත් අපි සංවේදි වන්නට ඔවුන්ට ඇති අපහසුතා දුරු කරලන්නට අපි වගබලා ගන්නට ඕනි. ලෙඩට බෙහෙත් කල පලියට දෙවිවරු විදියට සලකගෙන දොස්තරලාට විතරක් සලකන එක දොස්තර වරුන්ටත් හොද නැහැ..සමාජයක් විදියට ඒක අපිටත් හොද දෙයක් නෙමෙයි. 

Saturday, December 5, 2015

මම ලමයෝ sucking honey

මං දන්නවා නෙ ඔය හොරා ගැන. රුක්මාල් අයියෙ ඔයා මට ආයෙත් කියා දෙන්න ඕනි නෑ.. මම හොදටම දන්නවා ඔය වැඩේ කරන්න හදනවා කියලා. ඒත් පිං සිද්ද වෙයි අයියෙ ඒක නම් කරන්න හදන්න එපා..මට ආයිත් සල්ලි දෙන්න හදන්න නම් එපා අනේ. මං ඔයාට 48,000ක් දුන්නෙ මට සල්ලි වැඩි වෙලාවත් ඔයාට සල්ලි ඕනි නිසාවත් නෙමෙයි. හරියටම ගනන් හදලා කියනවා නම් ඔයා මාව හමුවෙන්න ආපු දවස් ගාන 43ක්...ඉතිරි 5000 ඔයා වෙඩින් එකේ මගේ තෑගි සල්ලි වලට තියා ගන්න.

ඔයා ආපු මුල් දවසෙ මම ටිප් එක 1000ක් දුන්නොත් තමයි මීට පස්සෙ වැඩ ටික වෙන්නෙ.. කියලා කීවාම ඔයා හැසිරුනෙ පොඩි  ලමයෙක් වගේ. මං හිතන්නෙ නෑ ඔයා ඒ වෙද්දි මසාජ් ගොඩකට ගිහින් හිටපු කෙනෙක් කියලා. ඔයා ඒ 1000 දුන්නෙ කිසිම ප්‍රශ්ණයක් අහන්නෙ නැතුව. ඒ වගේම කිසිම දවසක ඔයා ඒ වෙලාවට 1000ක් නෑ කියලත් නෑ.. සමහර සතිගනන් එකපාරක් අප්‍රේල් වල මාසයක්ම ඔයා මාව හමුවෙන්න ආවෙ නෑ.. මොකද ඒ සල්ලි නැති නිසා.. සල්ලි නැතුව මට වත් කරදරයක් වෙන්න හැදුවෙ නෑ ඔයා.. ඒක තමයි ඔයාගේ තියෙන තද ගතිය.

දැන් ඉතිං ඔක්කොම වගේ ඉවරයි නේ.. ඉතිං මම තවත් ඔයාට හංගලා තේරුමක් නැතිවෙයි. කොහොමත් ඔයාට රුක්මල් අයියෙ ඇගිල්ලෙන් ඇනලත් දෙයක් තේරුම් කරන්න බෑ..ඔයාගේ වචනෙන්ම කියනවා නම් අඩි හතරෙ නිකං ටියුබ් එකක් නෙමෙයි පත්තුකරල චෝක් එක අතගාල කොස්සෙනුත් ගහන්න ඕනි මොඩල් එකේ ටියුබ් ලයිට් එකක් තමයි ඔයා.. ඔයා මගෙන් මොකක් හරි උදව්වක් ඉල්ලාවි කියලා මම බලාන හිටියා.. ඒත් ඔයා සුපුරුදු ගල් ගෙඩියක්ම තමා. පොඩ්ඩක් වත් කිසිම දේකට අනුන්ට නැමෙන්න ඔයා කැමති වුනේ නෑ.

මේක කෙල්ලොන්ගේ ගතිය නෙමෙයි. ඒත් මම කෙල්ලෙක් විදියට මිනිස්සු කීයකගේ ඇගවල් අතගාල තියෙද? මිනිස්සු කීයකගේ චාටු බස් වලට අහුවෙලා ඇත්ද? ආදරේ කියල කියන බොරු කන්දරාව මුලදි මම හිතුවා ටිකක් හරි ඇත්ත කියලා. පස්සෙ මට තේරුනා ඒ වචන සෙට් වල තියෙන්නෙ බොනිකර තරුව විතරයි. 

අලිබාබා සහ හොරු කතාව ඉස්සර අපේ ආත්තම්ම කියල දෙද්දි කියනවා ඒකෙ ආලිබබා ගිහින් ගල් ගුහාව ගාවදි මන්තරයක් කියනවා..එතකොට තමයි ගල් ගේ ගල් දොර ඇරෙන්නෙ කියලා. ඒ වගේ මිනිස්සුත් කොල්ලොත් හිච්චිකිතර ඒ ලෙවල් කරන වයසෙ උනුත, හතලිහ පනහ පැනලා කොන්ඩත් පැහිල තඩි බඩවල් අතගාව ගන්න එන අංකල් ලෙවල් එකේ උනුත් අපෙන් ලොක ුෙද්වල් ගන්න අර සුපුරුදු බොරු ටික කියනවා. සුපුරුදු චාටු ආදර ටෝක් වගේ දේවල් ටික කිව්වාම අපේ ගල් ගුහාවල් වගේ වහං තියෙනතැන් ටික ඒ මන්තර වලින් ඇරගන්න පුලුවන් කියලා උන් හිතනවා ඇති.

සමහර ඈයො අපි ලස්සනයිලු..සමහර අයට මොකද්දොෝ සංසාරගත පුරුදු ගතියක් දැනුනාලු.. සමහර උන් ආපු වෙලාවෙ ඉදලා ඇස් දෙක දිහා බලං ඉන්නවා හරියට ෆිල්ම් කෙල්ලො අල්ලගන්න කොල්ලො බලා ඉන්නවා වගේ. මොක උනත් උන්ට ඕනි මිල්ක්මේඩ් ටික එලියට වැටුනාම ඔක්කෝම සංසාරගත බැදීම් ඉවරයි. දැකල පුරුදුයි.. ඔයාව තරං මට මේ ලෝකෙ...බ්ලා බ්ලා බ්ලා.. ඔක්කෝම ඉවරයි. එතනින් පස්සෙ කලිසම දාගන දුවන්න තියෙන්නෙ පුදුම හදිස්සියක්..

ඇත්තමයි අයියෙ සමහර උන්ට අපිට සල්ලි ටිප් එක දෙතුන් දාහ දුන්නත් අපිව අන්දලා අපිව ටෝක් කරල ගහන විදියට එන්න තමයි ආස. එතකොට තමයි උන්, උන්ගේ හැකියාවල් ගැන සතුටු වෙනෝ ඇත්තෙ. සක්කිලි. කැතේත් බෑ වෙලාවකට..මං ඔයාට කියල තියෙන්නෙ.

මේ එන යන අය අතරෙ ලොකු මහත්තුරු ඉන්නවා.. සමහරු ලොකු තැන්වලට යන්න ගියාම ලොකු ගනන් ගෙවන්න වෙන නිසා මෙතන පොඩි තැනට එනවා. ඒ මිනිස්සු අතගාන වෙලාවට ජීවිතේ ගොඩක් දේවල් ගැන ගොඩක් දේවල් කියනවා. ඒත් එතනින් එහා... කිසි දෙයක් මතක නෑ.. එන දවසට විතරක් අද ඉන්නවද අහන්න කෝල් එකක් දෙනවා සමහර වෙලාවට..

මුලදි ඉතිං රුක්මල් අයියටත් ඉතිං අපිම කෝල් කරලා මොකද මේ පැත්තෙ නැත්ෙත අනං මනං කියලා කතාවට අල්ලගත්තා මිසක රුක්මල් ලොක්කා ඒ දවස්වලම මට ගත්ත කෝල් එකක් නං නෑ තමයි ඉතිං.. ඒ උනාට අනේ මන්දා.. ඔයා කතාකරද්දි මහ ලොකු තදයෙක් සැර කාරයෙක් වගෙ පෙනුනාට ගොඩක් වෙලාවට පොඩි ලමයෙක් වගේ.

මෙච්චර පැණි කතා වෙන එකෙක්ට තියා මගේ බදින් හිටපු ඇම්ඩන් ට වත් මම කියල නෑ..ඒත් රුක්මල් අයිය ගැන මට හිතෙන ඔක්කෝම තවත් කියන්න කවුරුත් එයිද මන්දා.. මේ ජීවිතේ සමහර දේවල් ලැබෙන්නෙ ටික කාලයයි. උඩ ඉන්න දෙයියෙක් හෝ යට ඉන්න යකෙක් මොකෙක් හරි ඇවිත් ඒ දේවල් අරං යනවා..විසේසයෙන් අපි වගේ අවලංගු ජීවිත වලංගු කරන්න දෙයියන් නානසෙ ටවත් හැකියකියල මම නං හිතන්නෙ නෑ..

රුක්මල් අයිය ගමේ ගිහිං ඇවිත් පොට් එකට එද්දි අපේ කෙල්ලොත් බලං හිටිය කාලයක් තිබුනා. මං කිරි කන්න ආසයි කිව්වම ගමේ අම්පාරෙ කිරි තරං හොද කිරි මේ ලංකාවෙම තියේයැ කියල ගමෙන්ම කිරි හට්ටි උස්සං ආපු කතාව අපේ පරණ කෙල්ලො තාම මතක් කරනවා. .ගමේ ඉන්නවනං කිරිත් හොදනං එකක් අරං එනවකො කියල කිව්වම එ විහිලුවවත් තේරෙන් නැති බැබුං ඒ වුනා රටේ ලෝකෙ දේවල් ගැන නම් බරසාර දේවල් තමයි දන්නෙ.. ඒත් පොඩි විහිලුවක් තේරෙන් නෑ..

ඔයා ගෙනත් දීපු අඹ..සමහර දවසට ගෙනාපු අයිස් ක්‍රීම්.. අනේ මන්දා සමහර කෙල්ලො කිව්වෙ ඔයා හරියට අපේ නත්තල්  සීයෙක් වගේ කියලා.එනකොට ටොපියක් හරි අරං එනවා..ඒකට වෙන උන්..එනකොට, වැඩිපුරදෙන්න වෙයි කියලා සල්ලි ත් ගානට අරං එන්නෙ. කුනු පෙරේත උන්.. උන්ට ඕනි හරියට ගෙවල හරියටම කරන්න ඕනි දේවල් ටික ඔක්කෝම වැඩියෙනුත් එක්ක කරගන්න. උන් ගොඩකට ගෑනු නැතුව නෙමෙයි..ගෑනු උන්ගෙ පෙරේත වැඩ වලට කැමති නැතුව ඇති. ගොං කබ්බො..

අපි අර කෝච්චියෙන් බන්ඩාරවෙල ගිය ගමන. මට නං අද වගේ මතකයි. හෝටන් තැන්නෙ සීතල එක්ක බියර් ටිකකින් මත් වෙලා...පාවෙන්න..අපේ රුක්මල් ලොක්කට බියර් ටිකක් පොවලා කියවන වනචර කට කැඩිච්චි කතා ටික අහගෙන ඉන්න. රුක්මල් ගෙ නාටු පපුවට තුරුල් වෙන්න..(වෙන වැඩ නැත්තං ඉතිං.._) මට ආයෙත් ලැබෙන එකක් නෑ.. ඒත් ඒ මතක කෑලි හැමදාම මම එක්කම ඉදීවි.

අපේ ලොකු නැන්දට ඔයා හොදට අල්ලලා ගිහින් තිබුනා. ඔයා ගිහින් බෙහෙත් හේත් අරං දුන්නාලු.. දොස්තර එක්කල කතා කලාලු..ඒ පුතානං දාහකින් හොයාගන්න බෑලු.. කොහොම උනත් අම්ම රට ගිය කාලෙක ඉදලා මට හිටියෙ ලොකු නැන්ද විතරයි. එයා ලෙඩ වුනත් මගේ කරුම රස්සාවට ලොකු නිවාඩු ගන්න ලැබුනෙ නෑ,. ඉතිං ඒ වෙලාවෙ රුක්මල් අයිය කරපු උදව් වලට ඇත්තටම පිං.. ඔයා පිං ගනන් ගන්නෙනෑ කිව්වට ඒ පින ඔයාටම ලැබෙන්න ඕනි.

මං ලෙඩවෙල ඩවුන්ම හිටපු ගිය අවුරුද්දෙ ජනවාරි මුල දවස්වල කෑම කාල පෙති බිව්වද පෙති බිව්වද කියලා ඇහුවම මට මතක් වුනේ ඉස්සර කොල්ලෙක්ට මට ප්‍රොස්ටිනෝර් පොවන්න තිබුන හදිස්සිය. ඒ වුනත් ඊට වඩා ඒ කරුම උන වසංගතෙ හැදුන වෙලාවෙ ඔයා හොයල බැලුව එක මට ලොකු හයියක් වුනා. කන්න බොන්න බැරුව පැත්තකට වෙලා ඉද්දි ඔයා මට කියවන්න පොත් පත් අලුතින්ම ගෙනත් දුන්නා. ඒව ගොඩක් මතක් කරන්න හොද නෑ..මටම ගොඩක් දුකයි. ඒත් අනේ මන්ද අයියෙ.

සමහර වෙලාවට මම ඔයාව කඩේ යැව්වෙ මහ සිල්ලර වැඩ වලට.. මාසෙ අන්තිම පඩි සල්ලි ලැබෙනකල් එන්නෙ නැතුව කර ඇර ඇර ඉන්න කොට මටත් ඔයාව දකින්න ඕනි වෙනවා. ඉතිං රයිස් කුකර් එකේ කෑල්ලක් හොයන්න.. මට ඕනි කොලොන් එකක්ගෙන්න ගන්න වගේ වැඩ වලට කඩේ යවන්න කතා කරනවා. ඒත් ඔයා ඒක නිකං දේව කාරිය වගේ කොහෙන් හරි වැඩේ කරලා දුන්නා.

එක දවසක් ඔයා කිව්ව වගේ ඔයාට කිසිම දෙයක් නොලැබි ඔයාට ස්තූථියි වත් නොකියා හිටපු අයටත් ඔයා කඩේ ගිහින් තිබුනාලු. මතකයි මට ඔයා නිතරම මධූ කියලා ගරල් කෙනෙක් ගැන කියෙව්වා. එයාට බයික් එකක් අරං දෙන්න ලැප්ටප් අරං දෙන්න.. ගෙදරට ලයිට් ගන්න.. ඒ කෙල්ලට බෝඩිං හොයන්න..ඔයා ගොඩක් මහන්සි වුනාලු.. ඒ කෙල්ල කියපු හැම වෙලාවම එයාට උදව් කලාලු.. ඒත් එයා ඔයාට තෑන්ක්ස් කියල වත් කිවෙ නැතුව මාරු වෙච්චි වෙලාවලුත් තිබුනාලු..

ඒක ඇහුවම සාමාන්‍යන් දුක් කතා අහලම කන් පිරිල මොලේ කොන්ක්‍රිට් වෙලා තියෙන මගේ හිතට ඇත්තටම දුකක් දැනුනා.. රුක්මල් අයියට ඒ මධූ කියන පරට්ටි ගැන අදහසක් ලොකුවට තියෙන්න ඇති. ඒ නිසා ම තමයි ඔයා එයාට ගොඩක් උදව් කරන්න ඇත්තෙ. ඒත් ඒකට තේරෙන් නැද්ද නිකං වත්.. අනේ මන්ද.. මට නං හරි අප්සට් ඒම කරන එක.

ඔයා මැරි කල සුදාරි ටිකක් නිවුන පෙනුමක් තියෙන්නෙ. ඔයා මං දිහාත් හොරෙන් බැලුව මම දැක්ක තුන් හතර වතාවක්ම. වෙලාවට මම අදුනන කාරුවත් වෙඩිමට ඇවිත් තිබුනෙත් නෑ.. ඔයාට ඔය සල්ලි දුන්නොත් ගන්න එකක්ම නෑ කියල හිතල තමයි මම ඔයාගේ එකවුන්ට ්එකට සල්ලි දාල ස්ලිප් එක විතරක් ලියුං කවරෙට දැම්මෙ. ඔයාගේ එකවුන්ට් නම්බර් එක ඉතිං මම ගොඩක් කලිං දවසක ඉල්ල ගත්ත ඔයාට මතකත් නැතුව ඇති.

ඔයා දීපු ඒ ටිප් සල්ලි ටික මම ගත්ත නම් ඔයා මගේ කස්ටමර් කෙනෙක් විතරයි.. ඇත්තමයි මම ඒ ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි. මට මෙ සල්ලි ටික ආයිත් ඔයාට දෙන්න බැරි වුනානං මට ඒක මහ මානසික වදයක්.

අතීතය කියන්නෙ සුන්දර හීනයක්. ඔයාට ආයිත් මේ පැත්තට එන්න නොහිතුනොත් ඔයාලයි විවාහ ජීවිතේ සාර්ථකයි. ඒත් හිතේ කොනක මටත් හොරා කියනවා ඇහෙනවා ඔය ගියාට මාසෙකින් දෙකකින් ආයිත් රුක්මල් ඒවි මෙතන්ට කියලා.

කොහොම වුනත් හිටිය වගේම සැහැල්ලුවෙන් සුන්දරව ගත කරන්න ලැබෙන ඔයාගේ බාසාෙවන් ආතලයිස් ජීවිතයක් ගත කරන්න ඔයාට වාසනාව ලැබේවා.




මීට ඔයාගේ නහරයක් නහරයක් ගානෙ ඔයාව හදුනන
මීනු නංගියා..

Tuesday, December 1, 2015

මගුල් සෙවීමේ වේදනාව


නිසි කල දි අපි කසාද බදින්න ඕනි.. බුදුන් වහන්සේට කලින් බමුණු සමාජයේදී

කාන්තාව ගැන කියවෙන කොට කාන්තාව නිසි කලදී විවාහ පත් විය යුතු බවක්ද ඉන්

පසු ඇය සැමියාට යටත්ව සිටිය යුතු බවක්ද සදහන් වෙලා තිබුනා. කසාද බදිනවා

කියන්නෙ සංකීර්ණ වැඩක්.

හැම දේටම එක මිනිහෙක් දක්ෂ වෙන්නෙ නැහැ. සමහර අය තාක්ෂන වැඩ වලට

දක්ෂයි. ඇතැම් අය මානව සම්බන්ධතා ඇති කරගන්න දක්ෂයි..තවත් අය විරුද්ධ

ලිංගිකයින් සමග කෂනිකව මිතුරු වීමට දක්ෂයි..ඒ වගේ මිනිස්සුන්ගේ ගතිගුණ ජාන

සහ සමාජිය ඇසුර අධ්‍යාපනය අනුව වෙනස් වෙනවා.

මම ගෑනු ලමයි සමග දුරදිග සම්බන්ධතා ඇතිකරගන්නට සහජ බැරියාවකින් යුක්ත

කෙනෙක්. ඒ නිසා මට කසාද බදින්න කෙනෙක් හොයාගන්න බැරි වුනා. මේක මට

ලොකු ගැටළුවක් නෙමෙයි.ඒත් ඒක අවට අයට ලොකු ගැටළුවක්.

ලස්සන කසාදයක් කරගෙන හොද වාහනයක් කාරිය අරගෙන හොද ගෙදරක් දොරක්

හදාගෙන ජීවත් වෙන එක බහුතර අපේ රටේ මනුස්ස ජීවිත වල අරමුණක් වෙලා

තියෙනවා. සාමාන්‍යෙයන් ඒ සදහා මිනිස්සු මහන්සිවෙලා ඉගෙන ගන්නවා. මහන්සිවෙල

රක්ෂාවන් කරනවා. ඒ වගේ දියුනු වෙන කෙනෙක් නම් ඒ  මිනිහට හෝ ගැහැනියට

කාලයත් එක්ක යම් යම් දේවල් ලැබිල තියෙන්න ඕනි. ස්ථිර රැකියාවක්, වාහනයක්,

ගෙයක් දොරක් වගේ දේවල් තියෙන ප්‍රමාණයට තමයි මිනිස්සුන්ගේ ස්ථාවර බව තීරණය

වෙන්නෙ.

විකල්ප ජීවිතයක් කියන එකක් පවතින්න  පුලුවනි. නමුත් ඒක බහුතර සමාජය අනුව

පිස්සෙක් ගේ පිස්සු ජීවිතයක්. එහෙම පිස්සු ජීවිතයක් කියල චෝදනා කරන අයට ඒකත්

තවත් එක සාමාන්‍ය ජීවිත මොඩලයක් විතරයි කියන එක තේරුං කරන්න අමාරුයි.

දැන් මට කසාද හොයද්දි ඒ බලන ගෑල්ලමයිගේ පවුල් වලින්, කේන්දර, ගෙව්ලදොරවල්,

කාර්, අධයාපනය මට්ටම, රැකියාව ආදිය හොයනවා. ඒවා සොයා බලද්දි බොහෝවිට

කසාද හෙවත් මංගල යෝජනා වෙළඳපොල තුල මට ලොකු තැනක් ලැබෙන්නෙ නැහැ.

මංගල යෝජනා වෙළඳපොල තුල වැඩියෙන්ම අගයක් නියම වෙන්නෙ දොස්තර ඉංජිනේරු

ගණකාධිකාරී, විධායක ශ්‍රේණි රැකියා කරන හොඳ කුල පසුබිමක් තියෙන අයට. ඉන්

පස්සෙ මැද තත්වයට අයිති වෙනවා පුද්ගලික ආයතන වල සැලකිය යුතු රැකියා කරන

අය , පාසැල් ගුරුවරු ගුරුවරියන් සහ රාජ්‍ය සේවකයින්.

අපි වගේ පුද්ගලික ආයතනයක අස්ථිර රැකියාවක් කරන තාක්ෂනික සහායක

මහත්මයකුට ලැබෙන්නෙ ඒ මාකට් එකේ තුන්වැනි ලෙවල් එක. ඒ ලෙවල් එකට එද්දි

බොහෝවිට ගෙවල් වල තියෙන තල්ලු කරගන්න බැරි බර වාහනයක්..කොහේ හරි

ගිහින් හැප්පිල ඇද ඇරල කෙලින් කරපු වාහනයක් වගේ ටිකක් හොද පෙනුම නැති

වාහන තමයි සෙට් වෙන්නෙ.

ඔය අපි වැගේ ලැවල් එකේ ඉන්න අය කසාද බදින්න ඕනි කියන අදහස මුලින්ම ඇවිත්

පරාණ බයටම අවුරුදු 22-23 වෙද්දි මොකක් හරි මරාලයක් සෙට් කරගන්නවා. ඉන් පසු

ඒක පෝෂනය කරගෙන ගිහින් කසාදය දක්වා ගෙනියනවා හෙමෙන් හෙමෙන්..හරියට

නිකං දවස් හතලිස් පහෙන් මරන්න ඉන්න කුකුලෙක් වගේ.. පැටිය කාලෙම පැටිය

වයසෙ ඉන්න කෙලිනැට්ටියෙක් එක්ක යාලු වෙලා ඉන් පස්සෙ ලොකු උනාම කසාද බැද

ගන්නවා. ඒකත් හොද ක්‍රමයක් අපිට බැරි වුනාට..

කෝ ඉතිං උඹ අවුරුදු 7-8ක් කොළඹ හිටියට හරිහමන් ගෑනු ලමේක් වත්

හොයාගත්තයැ? එහෙම අහන නෑයොත් නැතුවම නෙමෙයි. ඒ කට්ටිය කියන කතාව

ඇත්ත. සාමාන්‍යෙන් තාක්ෂනික අංශ වල වැඩකරන අයට ගෑනු අයව හමුවෙන්න

තියෙන හැකියාව අඩුයි. විශේෂයේන කන්තෝරු වක හෝ ෆැක්ටරියක ඉන්න තාක්ෂණික

සේවකයෙක්ට සමාන්තර තාක්ෂණික අංශයේ ගෑනු ලමයි හමු වෙනවා අඩුයි. බොහෝ

ගෑනු ලමයි තාක්ෂණික විශයන්ට යොමු වෙනවා අඩුයි. ඒ නිසා ඇතැම් ෆැක්ටරි වල

තාක්ෂණික වැඩකටයුතු වලට ගෑනු ලමයි ඇත්තේම නැහැ. ඊට අමතරව ගෑනු ලමයි

හම්බෙන්නෙ වැඩට යන එනකොට තමයි. ඒ සුව්ලප අවස්ථාවෙන් පොරෝජන අරං යන

එන ගමන් වන වන යන්න එකක් සෙට් කරගන්න පිංවත් මහත්වරු මහත්මීනුත්

ගොඩක් ඉන්නවා.

බැංකු සහ විවිධ පාරිබෝගිකයින් හමු වන තැන්වල ඉන්න මහත්වරුන්ටත් ගෑනු

හොයාගන්න ලේසියි. මොන විදියට ජීව්ත වුනත් පඩි කීයක් ලැබුනත් ටයි එකට ලක්ෂණ

ඇදුමට සහ ජේත්තුකාර විලාසයට ගැනු අය බහුතරයක් ආසයි. ඒ නිසා ඒ ලක්ෂණ

විධායක ඇදුම අන්දලා ඉන්න පඹයෙක්ට වුනත් කැමති වෙන කෙල්ලො ඉන්නවා සමහර

තැන්වල.

කසාද බලන්න යෑමත් මහ එපා කරපු වැඩක්. මාත් දෙක තුනකට ගියා. ගියාම ගිහින්

මලමාලි එක්ක කතා කරන්න තියෙනවා. එතනදි කපුවාට අනුව මොන නොගැලපීම

තිබුනත් වැඩේ සෙට් වීම තමයි හොදම දේ.. කපුවට කලුද සුදුද, දෙන්නගේ අදහස්

මොනවද? දෙමාපියො පැලැන්ති කැමතිද? ඒවා වැඩිමනක් වැදගත් කමක් නෑ..කෝමහරි

දෙන්නෙක් සෙට් වුනාද කපුවට දෙපැත්තෙන්ම ගානක් ලැබෙනවා. ඒ නිසා කපුවොත්

එක්ක මගුල් බැලීම මට තිත්ත වුනා.

මේ දවස්වල පත්තර බලනවා. ඇත්තටම මේ ගෙවන නිදහස් ජීවිතේ දිගටම ගතකරන්න

මම කැමති. ඒත් අපේ ඉන්න නෑදෑ හිතමිත්‍රාදීන් යාලුවො ආදී බොහෝ දෙනාට අනුව

විවාහ වුනාම මහ අමුතු වැදගත් කමක් එනවලු ජීවිතේට..ඒක බොහොම වටින

දෙයක්ලු.. මෙච්චර කාලෙකට එක මාස තුනක් කෙල්ලේක එක්ක යාලුවෙල ඉන්න

බැරිවුන මට විවාහ වීම සහ සෙට් වෙලා කාලයක් සිටීම කියන්නෙ මහ ලොකු

අභියෝගයක්.

කසාදය සහ පුද්ගලික සම්බන්ධතා කියන්නෙ අතිසය පුද්ගලික දේවල්. ඒවා මේ විදියට

පොදුවේ බෙදාහරින එක සුදුසු නැතුව ඇති. නමුත් මට තියෙන මානසික අවුල පීඩනය

පිටකොරගන්න මේක හුඹහකට වත් කියාගන්න එපාය.

අපි මගුල් බලන්න ගියාම වාහනයක් බලන්න ගියා වගේ නෙමෙයි ජීව්ත් වෙල ඉන්න

මනුස්ස පරානයක් තමයි අපිට මුන ගැහෙන්නෙ. සමහර වෙලාවට මේ කසාද යෝජනාව

නොගැලපෙනවා කියල හොදින්ම පෙනි පෙනිත් අපිට ඒ ගෑනු ලමයා එක්ක කතා

කරන්න සිද්ද වෙනවා. මුලින්ම ගිය එකේදි මම මගේ කට වාචාල මුකරි කම ප්‍රදර්ශනය

කරමින් ගෑල්ලමයා එක්ක කතා කලා..නමුත් පස්සෙ මට තේරුනා ඒක එච්චර හොද

වැඩක් නෙමෙයි.. අපි සෙල්ලං කරන්නෙ ගෑල්ලමයෙකුගේ මනස එක්ක. එතකොට අපි

වැඩියෙන් කතා කරන වාචාලකමට අර ගෑල්ලමයා කැමති වෙලා ආස වුනත් එයාට

දෙමාපිය හිතමිත්‍රාදීන්ගේ දහසක් රූල් වලට අනුව පසුව කැමති හෝ අකමැති වෙන්න

සිද්ද වෙනවා..

ඉන්දියාවෙ හීතල කදුකර ශිඛර අස්සෙ කරක් ගහද්දි අපිට අතරමග නවතින්න වුනා

සීතල තැනිතලා බිමක. ඒකෙ අපි රැ නැවතුනේ බොහොම දුෂ්කරතා මධ්‍යෙය්. ඒ හැර

අපිට වෙන විකල්පයක් තිබුනෙත් නෑ.. ඒ රාත්‍රිය බොහොම අමාරුවෙන් පහන් කරලා අපි

උදේ එලිය දකිනකොට එහා පැත්තෙ කාමරෙ හිටියා ඔස්ට්‍රේලියන් ජාතිකයෙක්. ඔහු මේ

නන්නාදුනන රටක නන්නාදුනන මිනිස්සු බාෂාවන් තියන බිමක තනියම ඇවිත් තිබුනා.

ඉන්දියාවෙන්ම කුලියට ගත්ත බයික් කට්ටක නැගලා භයානක පාරක ගියත් ඔහුගේ

මුහුනේ භයක සේයාවක් වත් තිබුනෙ නෑ..

මාත් හිතුවා අඩේ මාත් කවදා හරි මේ යකා වගේ තනියම ලෝකෙ කොහෙහරි යන්න

ඕනි කියලා. ඒත් ඉතිං අපේ වගේ රටක අපි වගේ ලැවල් එකක මිනිහෙක්ට.. ඔය වගේ

උඩ තැනකට යන්න ලැබෙන්නෙ නෑ කසාද බැන්දට පස්සෙ තනියම..වැඩිම උනොත්

ගෙදර වහලට තනියම නැගල උලු සුද්දකරන්න අවස්ථාව ලැබේවි බැන්දට පස්සෙ.

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...