Saturday, January 16, 2016

ඊලගට මත්තල

මත්තල රාජපක්ස ගූවන් තොටුපල. විපක්ෂයේ බොහෝ දෙනා රාජපක්ෂ ආණ්ඩුවේ තේරුමක් නැති නාස්තිකාර වැඩ වලට ගන්න හොද ජීවමාන උදාහරණයක්. මත්තල කියන්නෙ කැලෑවක්. මත්තල පැත්ත හම්බන්තොට නගරයෙන් නුත් තරමක් ඈත. මේක බොහෝවිට ලං වෙන්නෙ වනයට. මේ දකුණු පලාතෙ තියෙන ප්‍රධාන නගර වලිනුත් ඈතයි.. ඇඹිලිපිටිය පැත්තට නම් ටිකක් කිට්ටුයි. මේ ගුවන් තොටම මේ විදියට කුරුණෑගලින් උඩ කොහේ හරි ගැහුව නම් මීට වඩා වැදගත් වෙන්න තිබුනා. නමුත් ඒ පොලොන්නරුවෙ අනුරාධපුරේ ඉස්සරහ දි තව එයාපෝට් එකක් හදනවා මිසක මේක වෙනස් කරන්න අමාරුයි. 
මේකට දැන් දිනපතා එන ගුවන් යානය ෆ්ලයි ඩුබායි ගුවන්සේවාවට අයිති එකක්. ඒක එන්නෙ උදේ 7ට විතර..ඒ නිසා අපි පාන්දරින් අවදි වෙලා ගෙදර අයත් එක්ක කලින්ම ගියා. අපේ ගෙදර ඉන්න පොඩි අයට මේ ගුවන්තොටුපල පෙන්වන්න සහ ඒකෙ ප්ලේන් එකක් පෙන්වන්න තමයි අපිට ඕනි වෙලාතිබුනෙ.. 
කතරගම දෙවියන්ගේ ලස්සන බිත්ති කැටයමක්. බෙහොම ලස්සන එකක්. පාට පාටින් ඉන්නවාට වඩා මේ විදියට ක්ලැසික් ටයිප් එකට කතරගම ස්කන්ධ ලස්සනට පේනවා. 
මේ තියෙන්නෙ ෆ්ලයිට් ඔපරේට් කරන ටවර් එක.. මේකෙන් තමයි ගුවන් මෙහෙයුම් ආදිය සිද්ද වෙන්නෙ. මේක බොහොම දියුනු විදියට හදා තියනවාය  කියල තමයි කියන්නෙ. 

ගුවන් යානය එන වෙලාවට පැය දෙකකට විතර කලිං ඉදන් මේ ගුවන් තොට අවට කිලෝමීටර දෙකක විතර ඈත ඉන්න සත්තු එලෝනවා. බල්ලො එලවන්නෙ කැබ් එකකින් ඇවිත් වෙඩි වගයක් දාලා. බල්ලො ඒකට සුට්ටක් ඈතට දුවනවා. ඉන්පස්සෙ එතන්ටත්  ගිහින් ආයෙම වෙඩි දාල එලෝනවා.. 
ගුවන් තොටඅවට පේන තක් මානෙක ගෙයක් දොරක් නැතිනිසා..මේක හරි නිස්කලංක තැනක්. මේ වගේතැනක වාඩිවෙල ඈතින් පේන මොනරු උකුස්සො වගේ සත්තු බල බල නිස්කලංකෙ බියර් එකක් වගේ ගහන්න තිබුන නම් හොදයි. නමුත් ඉතිං බියර් කවුන්ටරයක් තියා බිස්කට් පෙට්ටියක් ගන්නකඩයක් නම් හොයාගන්න අමාරුයි මේ පලාතෙ.. 
අපේ ලමෝට සෙල්ලම් කරන්න ලොකු අවකාශයක් ලැබිලා. ඒ අය බොහොම සතුටින් ඒ අවස්ථාව විදිනවා පෙනුනා. 
ඉදිරිපස පාක්එකේ ලස්සනට බෝගන්විලා සහ මේ කාශ්ඨක පරිසරයට උචිත ගස් කොලන්ආදිය හිටවලතියෙනවා. ගුවන් තොටට යානා එන්නෙනැති වුනාටමේ පරිසරය නම් තවම ලස්සනට තියාගෙන ඉන්න එයාල ලොකු මහන්සියක් ගන්නවා කියල පෙනුනා.. 
ඉස්සරහ පාක් එක අයිනෙතියෙන බිමේ ඈතින් මොණරෙක් හිටියා.. පෝන් එකේ කැමරාව නිසා ඌ පොටෝ වලට අහුවුනේ නැ.. ගුවන් තොටේ කාර් පාක් එකේ වල් මොණරු ඉ්නන එක අපිට හොදයි..උන්ව බලාගන්න.. ඒත් ගුවන් යානා වලට නම්මේ වගේ ලොකු කුරුල්ලො නෙමෙයි පොඩි එකෙක් වැදුනත් ඇති කියලයි මම අහල තියෙන්නෙ.. 
 මේ ගුවන් තොටුපල ලොකුවට තිබුනාට මට හිතුන දෙයක් තමයි මේකට එකපාර ගුවන් යානා 4ක් විතර නවත්වලා මිනිස්සු සේවා ගන්න ලෑස්ති වුනොත් ඉඩකඩ මදි ගැටලුවක් එනවා.. ඇතුලුවීමේ සහ පිටවීමේ පර්යන්ත වල ඉඩකඩ අඩුයි. සමහර විට මෙ  ඇතුල්වෙන තැන් පිටවෙන තැන් ආදිය  පස්සට ලොකු කරන්න ඉන්නවා ඇති. නමුත් දැනට තියෙන අවකාශය නම් ගුවන් යානා කිහිපයක් එකවර සේවා ගන්න ගොඩක් බිසි වෙලාවකට මදි කියලයි මට හිතුනෙ. 
ඇතුලෙ තියෙනවතුර මලක්. මේක ලස්සනයි. අපිනං දන්නඅදුනන කෙනෙක් ඉන්නනිසා ඇතුලට නිකංම ගියා. සාමාන්‍ය යෙන් ඇතුලට යන්න රුපියල් සීයක් ගන්නවා නරඹන්න යන කෙනෙකුගෙන්. අද කාලෙ ෆිල්ම් එකක් බලන්නත් ගන්න ගන්න දිහා බැලුවාමඒ ගාන ලොකු දෙයක් විදියට පේන්නෙ නෑ.. 
ඇතුලෙත් ගස් ආදිය වවලා ලස්සනට තියේ... ඒ තැන් පිරිසිදුව තියාගෙන ඉන්නවා .. ආපු පොඩි  ලමයි මේවායේ දුව පැන පැන සෙල්ලම් කරනවා දකින්නට ලැබුනා.. 
මේ ඉන්නෙ ගලක් උඩ වහාපු බත් කූරෙක්..එයාපෝට් එක ඇතුලෙ ගලක තමයි මූ වහල උන්නෙ. මේක ෆයිබර් ගලක් නෙමෙයි ඔරිම ජිනල් ගලක්.. 
එදා ෆ්ලයිඩුබයි එක පරක්කු වුනා.පැයක්විතර ඒ නිසා අපිට එයාපෝට් එකේ බලාගෙන ඉන්න වුනා. 
ලස්සන යකඩ මොණරෙක්.. මේ යකඩ මොනරා ඉන්නෙ ඇතුල්වෙන්න තියෙනතැන.. ලොකු යකඩ නිර්මාණයක්..මත්තල ගුවන් තොටට තියෙන හොදකලා කෘතියක්..
අපි ගෙදර එන ගමන වරායත් බලන්න ගියා. එක ලොකුනැවක් ඇවිත් තිබුනා. වරායනම් තාම හදනවා. වරාය හොදට හැදුනොත් වැදගත් එකක් වේවි. 

මහින්ද රාජපක්ෂ කියන්නෙ හොද අයෙක්. නමුත් ඔහුගේ රාජපක්ෂ නම තියාන වටේ හිටපු අය නිසා මහින්ද රාජපක්ෂ උන්නැහේට තිබුන ලකුණු තව අඩුවුනා. ඒක එතුමා දැන්වත් තේරුම් අරන් නෑ.. මහින්ද රාජපක්ෂ නිසා බැබලිලා එතුමාව විනාස කරපු අය දැන් කවුරුවත් වැඩිය එලිමහනෙ නැ.. 

දැන් අපි කොයි තරං මත්තලට බැන්නත් වරායට බැන්නත් ඒ ගිය සල්ලි ආයෙ ගන්න බෑ.. අපි වගේ දුප්පත් රටකට අනේ ඔන්නොහෙ ගියදෙන් කියලා මේව අතෑරල නිකං ඉන්නත් බෑ... හැමදාම උදාහරණ විදියට මේවා අරගෙන  පලු අරින එක වාමාංශික දේශපාලකයින්ට නම් හොදයි.. මොකද වාමාංශිකයින්ට බොහෝවිට විවේචන මිසක විකල්ප තියෙන්න අඩුවෙන්.. 

මත්තල සහ වරාය දෙකම දැනට තියෙන තත්වයෙන් යම් තත්වයකට ගේන්න හොද සම්බන්ධතා තියෙන දක්ෂ පිරිසකට කරන්න පුලුවන් දෙයක්. එහෙම කලොත් ඒවා හදන්න ගිහිපු පිරිවැය ටික හරි අපිට කාලකදි ආයෙ උපයගන්න පුලුවන්. නමුත් බැන බැන හිටියොත්.. හැම දාම බැන බැනම ඉන්න පුලුවනි..

6 comments:

  1. මත්තලින් ගොඩක් ඈත ඉන්න අපට මත්තල ගැන යමක් දැනගන්නට පුළුවන් වීම​ සතුටක්.

    ඔබට ස්තූතියි

    ReplyDelete
  2. බොහොම වැදගත් ලිපියක්.

    එත් කියෝන හැමෝම දේශපාලනය පැත්තකින් තියලා කියෙව්වොත් හොඳයි කියල තමයි හිතෙන්නේ...

    ReplyDelete
  3. ඇයි දැක්කෙ නැද්ද ඕක බලන්න යන එන මිනිස්සු පොලිතීන්, ෂොපින් විසි කරල පරිසරය ලස්සන කරල තියෙන අපූරුව.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං අපේ ජාතික ගති ලක්ෂණ නේ... කාර් එකෙ දි කන රටකජු ඇටේ පොතු ටිකත් පාරෙම කොහෙටහරි හලල යන්න නෙව අපේ උත්තමයො හුරු වෙල ඉන්නෙ..

      Delete
  4. අන්තර්ජාතික ගුවන් තොටුපොල දෙකක් සඳහා සුදුසුම ස්ථාන වන්නේ කිලිනොච්චිය සහ දඹුල්ලයි.

    ReplyDelete
    Replies
    1. ඔවු...ඒ තැන් දෙකෙම වටේටම ජනාවාස තියෙනවා..අනික යාපනේ මනුස්සයෙක් කිලෝමීටර 200ක් ඈතින් තියෙන ඉන්දියාවෙ ලොකේසමකට යන්න කිලෝමීටර 400ක් විතර කොළඹ ඇවිත් එතනින් ඉන්දියාවට ප්ලේන් එකෙන් යන්න ඕනි දැන් තියෙනව විදියට..ඔය මග එයාපොට් එකක් තිබුන නම් අනුරාධපුර, ත්‍රිකුනාමල, කිලිනොච්චි, මඩකලපුව, පොලොන්නරුව, යාපනය ,මන්නාරම, කුරුණෑගල අයට කොළඹට ගාටන්නෙ නැතුව කෙලින්ම රට යන්න තිබුනා... පුක හැදෙන්න කලිං අමුඩෙ ගැහුව වගේ විනාස වැඩක් තමයි මත්තල නිසා උනේ..

      Delete