Monday, January 18, 2016

ආන්ඩුවෙන් පරිසරේ රැක්කවීම

ඉඩකඩම් පිළිබද ආන්ඩුවෙ ලිපිලේඛණ අනුව වනාන්තර වර්ග තියෙනවා. ඒ ඒ කැලෑ වලට අදාල සීමාවල් වෙන් කරලා තියෙනවා. කැලෑව ‍මේන්න මෙතනිනුයි ඉවර වෙන්නෙ කියල පෙන්වන්න ඇතැම් තැන්වලදි වැටකඩොලු මායිම් ගහල වෙන්කරල තියෙනවත් එක්ක.

මට මතක මීට අවුරුදු විස්සකට විතර අතීතය විතරයි. ඒ අතීතය සහ අද අපේ ගම් වලටවඩා තරමක් වෙනස්. අද වෙනවිට ගමෙේ තිබුන බැදි කුට්ටි එලි වෙලා. කැලේට වැටිල තිබුන සමහ පොඩි සහ විසාල ඉඩ කඩම් එලිවෙලා ගෙවල් දොරවල් පාරවල් හැදිලා තියෙනවා. එහෙමත් තැනක ටිකක් හොද කල එළි ඉඩමක් පේන්න තිබුනත් ඒකෙ පිරෙන්නම වවලා..

ඉස්සර අපේ ගම ගොඩක් ලස්සන නෑ..ඒ කාලෙත් ගමේ කසිප්පු කාරයො උන්නා. අංචි අදින උන්නැහේල උන්නා.. හොරු උන්නා.. ස්ත්‍රීන්ට බැල්ම දාපු කලු කුමාරයොත් හිටියා.. අනික් ලංකාවෙ ගම් වගේම මම හිටපු මම දැකපු ගමත් සාමාන්‍ය ගමක්..

මේ ගම එදා සහ අද ගත්තාම සංස්කෘතික විපර්යාස ආගමික අරවා මේවා වලට වඩා ලොකු පරිමාණ විපර්යාසයක් වෙලා තියෙනවාය කියල පේන්නෙ ගම එක්ක තිබුන පරිසරේ.. සමහර අය නම් ඇලේ නාල වෙලේ රීල දොලෙන් පුක හෝදපු අතීතය පට්ට ගහන්න ආසයි. නමුත් අපිට ඇයි ඒ පරිසරේ අද තියාගන්න බැරි කියන එක ගැන පුළුල්ව කතා බහ කරන්න කස්ටිය වැඩිය මනාපයක් නැහැ.

පරිසරේ මායිම් කරලා වෙන්කරන්න බෑ කියන කතාව සමහරුන්ට වැඩිය මීටර නෑ.. ඉස්සර අපේ ගංවල ගෙවල්ය කැලේය  බැද්දය..වගාවය කියලා ලොකු ප්‍රදේශ වෙන් කරලා නෑ.. ගෙයක් දොරක් තියෙන්නෙත් ටිකක් ඈතින් ඈතින්.. ඔය අස්සෙ තියෙන බැදි මන්ඩි වල අපේ වගා වල එහෙම සත්තු ඉන්නවා..ඉත්තෑවො වල් ඌරො, හාවො, කුරුල්ලො වගේම විසකුරු සත්තුත් හිටියා.. ගමේ තිබුන සමහර ඉඩම් වල පොල් ගස් කොස් ගස් එහෙම වවලා තිබුනට ඒවයේත් වෙනමම පරිසර පද්ධති තිබුනා. පොල් ඉඩම් වල වුනත් ඒවට අදාල කුරුල්ලන් සිව්පාවන් සර්පයින් ආදින්ගෙන් සමන්විත යම්කිසි පරිසර පද්ධතියක් නිර්මානය වෙලා තිබුනා.

පවුල පොඩි වීම ලොකු ගෙවල් ඕන වීම



එදා ගමේ එක ගෙදරක පවුල් දෙක තුනක් හිටියා. මට මතක කාලෙ අපේ මහ ගෙදරම අවුරුදු 15ට අඩු පොඩි උන්ම 8ක් 9ක් උන්නා. එතකොට අපිට ලොකු සෙල්ලං ගෙයක් දාගන්නත් පුලුවනි ඒ ඉන්න සෙනගින්.. මේ හිටපු ‍මහ සෙනග හිටියෙ පොඩි ගේක. පොඩි උන් සහ මහ උන් මහා ලොකු සමගියකින් සමාදානයකින් පංසලේ සිල්ගත් උපාසකයො වගේ හිටියෙ නෑ.. වලි නොහොද නෝක්කාඩු තිබුනා.. හැබැයි හැමෝම ඒ හැම එකක් අස්සෙන්ම ජීවිත ලස්සනට ගෙනගියා.. අනෙක් පවු‍ලේ අය කෙරෙහි විවේචන වැරදි දැකලා ඉදලාම පොඩි බහින්බස් විමක් ගියත් එක ගෙදර පවුල් දෙක තුන ඉන්න එක ඒ කාලෙ මහ දෙයක් වුනේ නෑ..

ඒ කාලෙ ගෙවල් අද කාලෙ වගේ මහා විසාල නෑ..ඒ කාලෙ ගං ගොඩවල් වල ගෙවල් පුංචියි..කාමර කෑලි3-4 කට වඩා තියෙන්නෙ එහෙමත් ගේක තමයි. කොහොම හිටියාද කියලා හරියමන් මතකයක් නැතත් අපි ඒ කාලෙ බොහොම විනෝදෙන් උන්නා..දැන් වාගේ ලමයින්ට ලොකු ටියුෂන් ප්‍රෙෂර් එකක් නැති ඒ කාලෙ අපි දෙමව්පියන්ගේ වැඩ වලටත් දායක වුනා..ඇතැම් වෙලාවට අපි බලෙන්ම දායක කරගත්තා..ඒක ලොකු කේස් එකක්ය කියලා ඒ කාලෙ හිටපු වැඩිහිටියො දැක්කෙ නෑ.

කාලෙ වෙනස් වෙද්දි හැම ඉතා කුඩා පවුලකටම ගෙයක් දොරක් ඕන වුනා. ‍ඒ ගේත් මහ විසාලෙට තට්ටුවට දෙකට කාමර හත අට කුස්සි කෑලි එක්ක හදාගන්නත් ඕනි වුනා. ඒකත් එක්ක එතෙක් ගම් තුලානෙ තිබුන හැම බැදි කුට්ටියකටම හෙනහුරා පහත් වුනා.


වැට තාප්පෙ


සිව්පා සතුන් වගේම ගහ කොල වුනත් තාප්පෙකින් කොටු වුනාට පස්සෙ ඒවායේ පැතිරීම අඩු වෙනවා. සත්තු නං එහෙට මෙහට යන්න බැරිව කොටු වුනාම උන් වද වෙලා යනවා. මුලින් වැටමායිම් යාන්තං වැට ඉනි වලින් තිබුනාට පස්සෙන් පහු ගොඩක් ඈයින්ට තාප්ප ගහලා කටුකම්බි පොටවල් ගහන්න ඕනි වුනා. ඉතිං ඒ වගේ ‍කොටු වුනායිං පස්සෙ හාවෙක් වගේ පොඩි සතෙක්ට වත් දුවලා පැනලා උලා කන්න හැකියාවක් නැති වුනා.

වගා ඉඩම්


වගා ඉඩම ්කියද්දි මිනිස්සු අද කාලෙ බොහෝම බයය් කෘමිනාශක සහ පොහොර වලට. ඇත්තටම ‍පරිසරේ රකින්න කෘමිනාශක පොහොර වැදගත්. ඒක තේරුම් ගන්න එක ස්වල්පයක් අමාරුයි. ඔන්න අක්කරයක් අපි වම්බොටු හිටෙව්වාය කියමු.. අක්කරේ තෙල් පෝර ගහල නඩත්තු කලොත් අපිට මෙට්‍රික් ටොන් දහයක විතර සාර්ථක අස්වැන්නක් අක්කරෙන් ගන්න පුලුවන් වෙනවා. නමුත් තෙල් පෝර ගහන්නෙ නැතුව ගොඩේ විදියට කොල පෝරයි ගොඩ බේතුයි කරලා ගස් වලට නියමිත පෝශනය සහ පලිබෝධ පාලනය කලේ නැති වුනොත් අර වම්බටු ගස් ටිකෙන් මෙට්‍රික් ටොන් 2-3ක අස්වැන්නක් තමයි ගන්න ඇහැක් වෙන්නෙ.

ඉතිං එතකොට අපිට ඉතුරු වම්බටු ටික හදාගන්න තා අක්කරයක් හමාරක් කැලේ එලිකරලා පොලව බූ ගාල වම්බටු හිටවන්න සිද්ද වෙනවා. පලි‍බෝධ නාශක කෘෂිරසායන භාවිතය අස්වනු වැඩකරගෙන භූමිය ඉතිරු කරගන්න පුලුවන් සාර්ථක පියවරක්. වැඩේ තියෙන්නෙ පිලිවලක් ක්‍රමයක් ඇතුව ඒ දේවල් යෙදීම. නියමිත පරිමාවෙන් වගාවට අවශ්‍ය ප්‍රමාණයෙන් රසායනික යොදනවා නම් පාරිසරික බලපෑම අවම කරගෙන පරිසරය අඩුවෙන් නාස්ති කරලා ඒ අඩු වපසරියෙන් විශාල අස්වැන්නක් ලබාගන්න අපිට හැකියාව ලැබෙනවා.

ලංකාවෙ කුඹුරු ඉඩම් වලින් ගන්න අස්වැන්න කෘෂිකර්මාන්තෙ දියුනු, සහල් තියෙන රටවල කුඹුරු ඉඩමකින් ගන්න වී අස්වැන්න එක්ක බැලුවාම බොහොම අඩු ප්‍රමාණයක්ය. ඒ සහල් ඩිංග නිපදෝගන්නත් අපෙන් වැයවෙන වතුර සහ කෘෂි රසායන ප්‍රමාණය සාපේක්ෂව වැඩිය කියන එක බොහෝ කාලයක් සිට අපේ රටේ කෘෂි විද්‍යාඥයන් කියන දෙයක්.

ඩෙංගු


ගෙවතු වල තිබුනා නං පොඩි හරි බැද්ද පදුරු එක්ක කුරුල්ලො දෙමලිච්චන් රංචු ගැහෙන තැනක් ..ඒවා ඔක්කොම ඩෙංගු එක්ක පුච්චලා දාන්න සිද්ද වුනා. ඩෙංගු කියන මදුරු වසංගතයත් එක්ක අපිට හැමතැනම සුද්ද කරගන්න වුනා. පොඩි පහේ කැලෑවල් බැදි කුට්ටි ඩෙංගු මාරයට අහුවෙලා සුද්ද වෙලා ගියා. දැන් පොඩි ගෙවත්තක උනත් ටිකක් උසට බැද්ද තිබුනත් ඩෙංගු මහත්තුරු ඇවිත් ලියාගෙන ගිහින් නඩු දානවා. ඒ නිසා ගොඩක් පැතිවල මිනිස්සු තමුන්ගේ වත්තේ බැද්ද නැතිකරන්න මාසෙකට වතාවත් වත් පොලව හූරලා රැවුල කපනවා වගේ පොලව බූ ගාල දානවා.

ඩෙංගු මර්ධනයට ගත්ත සාර්ථක පියවරක්. නමුත් ඒක අපේ පරිසරයට කලේ නම් සැලකිය යුතු විනාශයක්. ගෙවත්තට වැටෙන වතුරු ටික කිසිම කරුණාවක් නැතුව පසුත් එක්කම හෝදගෙන ගිහින් පාරෙ නවතිනවා ඩෙංගු නිසා. ඒත් ඩෙංගු වලට පැතිරුණු විසදුමක් නැතිකොට මේ පරිසරේට දඩ ගහන එකෙන් වත් ඩෙංගු පාලනය කරන්න වෙනවා. නැත්තං ඉතිං වටිනා මනුස්ස ජීවිත නෙව නැතිවෙන්නෙ.

ලංකාව කියන්නෙ දූපතක්.. මේ දූපත ඇතුලෙ අලින්ටයි සිව්පාවන්ටයි කුරුල්ලන්ටයි ඉන්න තරමක් සර්පයින්ටයි ඔක්කොන්ටම අපි එක්ක ජීවත් වෙන්න සිද්ද වෙනවා. ඇතැම් විට ඒ ගොල්ලන්ට වෙනම පරිසර කලාප ආදිය බිහි කලත් ඒවා වුනත් මේ යන විදියට ගියොත් ඒවත් එලිවෙලා මනුස්ස වාස බවටම පත් වේවි ඉස්සරහට.

පරිසරේ රකින්න නම් මනුස්සයො විදියට අපි ජීවත් වෙන්න යොදාගන්නා පරිසර ප්‍රමාණය පාලනය කරගන්න ඕනි. තඩි වාහන.. අරගෙන පාරවල් හදාගෙන ලොකු ගෙවල් ගහගෙන අපිට පරිසරය සනසවන්න පුලුවනිද? මම හිතන්නෙ ඒක අමාරුයි.

ජපානෙ වගේ දියුනු රටවල මිනිස්සු ජීවත් වෙන්න යොදාගන්න අවකාශය අපි ‍යොදාගන්න අවකාශයට වඩා පොඩියි. ඒ මිනිස්සු දැන දැන් ඉලැක්ට්‍රික් කාර් වගේ පරිසරයට ආදරේ යන්ත්‍ර සූත්‍ර යොදාගැනීමත් කරනවා. ජීවත් වෙන්න හැමෝටම ඉඩං කෑල්ලක් එක්ක ගෙයක් හදාගන්න හැකියාවක් ඉදිරියේදි නැතිවේවි. එදාට අපිට මහල් නිවාස කියන සංකල්පයට යන්නට සිද්ද වේවි.

ලෝක ජනගහනය වැඩිවෙද්දි ලෝකෙ තියෙන සම්පත් ප්‍රමාණය ඒ එක්ක වැඩිවෙන්නෙ නෑ.සරලව කිව්වොතින් "මිනිස්සු වැඩිවුනාට ලෝකෙ පිම්බෙන් නෑ ඕයි..". එතකොට මනුස්සයින් තමුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න නම් තිබෙන සම්පත් බෙදාගන්න සහ අඩු සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරලා ජිවත් වෙන්න මිනිස්සු හුරු වෙන්නට ඕනි. ඒ කිව්වෙ ඉදිරියේදී හැම එකාටම වාහනයකින් ගමන් කරන්න පුලුවන් ලස්සන ජීවිතයක් වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන විදි පාවිච්චි කරන ක්‍රමයකට අපිට අකමැත්තෙන් වුනත් යොමුවෙන්නට සිද්ද වෙනවා.. අපි දැනට උනත් ගොඩබිම යද්දි බයික්, කාර් වල ගියාට දුර කිලෝමීටර 1000ට වැඩි දුරවල් වලට ගුවන් යානා, දුම්රිය වගේ ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරනවා නෙව..

අපි ‍හැමෝම පෙට්‍රල් කාර් අරගෙන.. අපි හැමෝටම ඉඩමක් එක්ක ලොකු ගෙයක් අරගෙන... අපි හැමෝම කෘෂි රසායන ගහන්නෙ නැතුව විශාල භූමියක් භාවිත කරන පැරණි වගා ක්‍රම වලින් හැදෙන ආහාර අරගෙන .. අ‍පේ වර්ග කිලෝමීටර 65000ක් වගේ තියෙන භූමිය තුල තියෙන සුන්දර පරිසරය කොච්චර කාලයක් ආරක්ෂා කරගන්න ‍හැකි වේවිද?

ඇමතිවරුන් කල යුතු දේවල් තියෙනවා.. රජය කල යුතු දේවල් තියෙනවා . නිළදාරින් කල යුතු දේවල් තියෙනවා. නමුත් ඒ හැමටම වඩා පරිසරය සම්බන්ධයෙන් අපි හැමෝටම ඇගට දැනෙන වගකීමක් තියෙනවා.

12 comments:

  1. ඕකට හොඳ විසඳුමක් තමයි උප නගර සංස්කෘතියක් හදන එක. පර්චස් අටේ දහයෙ ගෙවල් කෑලි වපුරනව වෙනුවට තට්ටු නිවාස සහිත ජනාවාස බිහි කරල ඉතිරි වන ඉඩම් සහ භුමිය වන වගාවන් සහ කෘෂිකර්මය සඳහා යොදා ගැනීම.අපි වගේ රටකට මේවගේ දේකට ආණ්ඩුව මැදිහත් උනත් මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් කරන එක ලොකු යුද්දයක් වේවි.

    ReplyDelete
    Replies
    1. වෙළඳපොල සාධක මත මෙය සිදුවෙමින් පවතී. කොළඹ ටවුමෙන් දුර පවා දැන් මහල් නිවාස ඉඳිවේ!

      Delete
    2. තට්ටු නිවාස කියන්නෙ පරිසරය පැත්තෙන් හොද විසදුමක්.. විදුලිය, ජලය, සන්නිවේදන මාර්ග වගේ මිනිස් අවශ්‍යතා සපුරනවිට තට්ටු නිවාස වලට එකවර ඒ පහසුකම් සැලසීම ගම් වල හතරවටේ සේවා සපයනවාට වඩා ලේසියි පහසුයි...

      Delete
  2. /* අපි ‍හැමෝම පෙට්‍රල් කාර් අරගෙන.. අපි හැමෝටම ඉඩමක් එක්ක ලොකු ගෙයක් අරගෙන... අපි හැමෝම කෘෂි රසායන ගහන්නෙ නැතුව විශාල භූමියක් භාවිත කරන පැරණි වගා ක්‍රම වලින් හැදෙන ආහාර අරගෙන .. අ‍පේ වර්ග කිලෝමීටර 65000ක් වගේ තියෙන භූමිය තුල තියෙන සුන්දර පරිසරය කොච්චර කාලයක් ආරක්ෂා කරගන්න ‍හැකි වේවිද? */

    මේ සීන් එකේ ඔබ නොදැක ඇති පැත්ත තමයි ඔය හැමෝගේම කාර් පැදයන්න කොපමණ මංතීරු සහිත පාරවල් අවශ්‍ය වෙයිද කියන එක. ඒ සඳහා පාරවල් හදන්නට මිනිසුන් පදිංචිව සිටින ඉඩම්, වගා ඉඩම් යනාදී දේ භාවිතා කරන්නට වේවි. නැතිනම් උමං මාර්ග හදන්න වේවි!

    ReplyDelete
    Replies
    1. අපේ රටේ භාන්ඩ ප්‍රවාහනය ගොඩබිම තුලදි සිදු වෙන්නෙ මාර්ග හරහා...කොටින්ම කොළඹ වරායට තිබෙන කෝච්චි පාර හුදෙක් පාරක් පමණයි..ඒකෙ බහාලුම් ප්‍රවාහනය සිද්ද වෙන්නෙ නෑ.. අසල්වැසි ඉන්දියාවේ දුම්රිය සේවයේ ලාභයෙන් සියයට පනහක් උපයන්නෙ දුම්රිය බඩු ප්‍රවාහනයෙන්... ලංකාවෙ දුම්රිය සේවය තව ටිකක් නවීකරණය කරලා බඩු භාන්ඩ ප්‍රවාහනයට විශ්වාසනීයව ගමනක් යන්න ටිකට් බුක් කරගන්න ලේසි විදියට හදලා ගන්න මහා විසාල පිරිවැයක් යන්නෙ නෑ.. එක අධිවේගි මාර්ග කිලෝමීටර පනහක් හදනවිට අපේ දුම්රිය පද්ධතිය සැලකිය යුුත ප්‍රමාණයක් නවීකරණය කරගන්න හැකියාව තිබෙනවා.. නමුත් හැමදාම ලොකු සහ ජනප්‍රිය වැඩ නෙව උඩ යන්ෙන.. කුඩා කුඩා පරිපාලන වෙනස්කම්...ඵලදායිතාවය වැඩිකරන වැඩ ආදිය සිද්ද වෙන්නෙ නෑ..

      Delete
  3. අපේ මේ හුන්ඩු රටේ මිනිස්සු වැඩියි මහත්තයෝ. මේකේ සයිස් එකේ හැටියට මිනිස්සු ලක්ෂ 25 ක ඉතර හිටියා නං ඇති. අනික් හැතිකරේ ඔක්කොම මුදට තල්ලු කරලා දාන්න ඕනි. කොහොමත් මේකේ ලැගන් ඉන්න බුරුත්ත කරන්නේ කකා,බිබී,රීරි ඉන්න එක ඉතරනේ.

    අන්න එහෙම ඒ වගේ මිනිස්සු ගානක් හිටියා නං ඉන්න එවුන්ට ෂපාන් එකේ හුලං ඩිංගක් වැදී වැදී මේ පුකේ වාහන ට්‍රැෆික් එහෙමත් නැතුව ජොලියේ හිටිය හැකි.

    එහෙම නැතුව මෙව්වා කරන්න බෑ. මම නං උදේ හවා කල්පනා කරන්නේ මේ රටේ ඉන්න එවුන්ගෙන් සියට 85 ක් විතර තොලොංචි වෙලා ගියා නං කොච්චර හොදද කියලා. ගූ කන හැත්ත. මට උන්ව පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් විය නොහැකි කල නොහැකි දේවල් ගැන හිතලා වැඩක් නෑනෙ..ඔය මිනිස්සු අයින් කරන්නෙ වෙන්නෙ මරලා..මිනිස්සු අයින් කරන්නෙ කොහොමද වැඩි බල්ලො ටිකවත් ලංකාවෙ අයින් කරගන්න බෑනෙව..බල්ලො නිසා මිනිස්සු නිකං අපරාදෙ ජීවිත නාස්ති කරගන්නවා විවිධ ක්‍රම වලින්..

      Delete
  4. හොඳ ලිපියක් මිත්‍රයා...
    ඩෙංගු නිසා සිද්ධ වෙන කුඩා පරිමාණයේ මහා හානිය ගැන මට මීට කලින් කල්පනාවට ඇවිත් තිබුනේ නැහැ...
    ඇත්තටම තාප්ප ගහලා ඉඩම් වෙන් කරගෙන තියෙන එක මානසිකව මිනිස්සුන්ට හොඳ දෙයක් නෙමෙයි කියල මම හිතනවා...
    නමුත් ඔය තාප්ප සහ වැටවල් තියෙන නිසා ඉස්සර ගං වල තිබ්බ වලිබර ගතිය ටිකක් අඩුවෙලා කියල මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. වලිබර ගති තියෙන්නට ඇත්තෙ බොහෝවිට ජන ඝනත්වය තරමක් වැඩි ගම් වල...අපේ නං වැට මායිං තියෙන හරියට යන්නෙත් ඉස්සර එහෙමත් දවසක කජ්ජු අහුලන්න, ජූල් අහුලන්න, පොල් කඩන්න වගේ වැඩකට තමයි..

      Delete
  5. හොඳ ලිපියක්... කොහෙන්ද ඉස්සුවෙ....

    ReplyDelete