Monday, February 29, 2016

ආහ් !! ලිංග ණය 1

ඔය මගුල මොකට ආයි බලනවද කලි ගියපු ටික මනේ ආයි යන්නෙ.. වෙන වැඩක් නැතුවද මන්දන් නැහැ.. දම්මි තමුනගේ වෙඩින් වීඩියෝව නැවත බලන නෑනන්ඩියට බැන වදියි.

නෑනන්ඩියද සිය අයියාටත් අක්කාටත් මේ වීඩියෝව දිරවන්නේ නැති බවක් දනී..එහෙත් ඇය එහි ඇති දේ නැවත බැලීමට ආසා කරයි..

ඇයට මේ ජෝඩුව විශාල වියදමක් දරා ගත් මගුල් ගෙදර සහ ඒ වීඩියෝ පොටෝ වලට එතරම් මනාපයක් දැන් නැත. දම්මි සුගත් වෙඩින් එක ගන්නට කලක් තිස්සේ පෙරුම් පුරමින් සැලසුම් කර මහ ඉහලින් ගන්නට යෙදුනත් වෙඩින් එකේ කිසිදු මතක සටහනක් ගැන දැන් සදහන් කරනවාට දම්මි සහ සුගත් දෙදෙනාම අකමැතිය. ඒ කුමක් නිසාදයි ඔවුන්ගේ යාලු මිත්‍රාදීහු වත් නෑදෑ හිතවතුන් වත් නොදනිති.

සුගත්ටද දම්මිටද වෙන මගුල් ගෙවල් වල මෙන් බොහෝ ප්‍රමාදයක් නැතුව වීඩියෝ අතට ලැබුනේය. පොටෝ ඇල්බම්ද කලට වේලාවට ලැබුනි. නමුත් අවාසනාවකට දෙදෙනාම ඒ වා ගැනවත් කෙනෙකු ඒ මගුල් ගෙදර ගැන කතා කරනවාටවත් කැමති නැත.


අරවින්ද මහත්තයා..

අරවින්ද මහත්තයා අල්විස් පරම්පරාවේ වර්ථමාන පුරුකයි. ගමේ කොහු පැක්ටරියෙන් පිටරට පටවන්නට විවිධ බඩු සහ ලනු ආදියත් තවත් පිරිසුදු කරන බුරුසු ආදිය නිපදවීමත් අරවින්ද මහත්තයාගේ පැක්ටරියේ සිද්ද වෙයි. නිතර 300ක් විතර වැඩ කරන ෆැක්ටරිය නිසා අරවින්ද මහතා ජනප්‍රිය විය. අල්විස් පරම්පරාවට උරුම ව තිබූ පොල් වතු වලින් නව ආදායම් උපයා ගන්නට අරවින්ද සූරයෙකු විය.

අරවින්ද ගැන ඇතැම් අය හොදකියන අතර ඇතැමෙක් ඔහු ලෝබයෙකු යැයිද මිනිස්සුන්ට නොගෙවන්නේ යැයිද චෝදනා කරති. අරවින්ද ගේ ෆැක්ටරිය හැර වෙනත් විසාල පැක්ටරි ගමේ නැත. එබැවින් අරවින්දගේ පෑක්ටරිය සංසන්දනය කරන්නේ කුමක් සමගද? කිසිවෙක් ඒ ගැන සිතන්නේ නැත.

අරවින්ද මහතාට තරහ කරුවන් නොමැත. බොහෝවිට ඔහුගේ සේවය හැරයනඅ යෙකු පවා තමුන්ට එරෙහි නොවන පරිදි යාප්පුවෙන් සේවයෙන් නික්මවා ගැනීමට අරවින්ද ක්‍රම සහ විධි යොදා තිබේ..

අරවින්ද සහ දම්මි..

මද්දහනේ ගමේ පාර පාලුය. ඉස්කෝලේ ගොස් ගෙදර යන ගෑනු පිරිමි කිහිප දෙනෙක් පමනි පාරටම ඉතිරි වූයේ.. මීට වසර ගනනාවකට පෙර දම්මි ශිෂ්‍යාවක ලෙස පාසල් යන කාලයේ පවා අරවින්ද මහතා ඔහුගේ පරණ ජීප් රියෙන් ඇතැම් දින දම්මි යන පෙරමගට එයි. අරවින්ද මහතා හැන්ඩියෙකි. ඔහු අවුරුදු විසි ගනන් වල අගභාගයේ දැනුදු සිටී..

එදා අරවින්ද ජීප් රිය නංවා දොර ඇර දම්මි නංවා ගන්නට උත්සාහ කලේය. නමුත් එදා එය ව්‍යාර්ත විය. දම්මි එසේ යෑම ප්‍රතික්ෂේප කලාය.

සිය ජීවිතය ගොඩ නගාගැනීමට ඉගනීම හැර වෙනත් මගක් නැත යන්න දම්මි ගේ සිතේ යට කොනක තිබුනේය. ඇය අරවින්ද මහත්තයාග් ජිප්පුවට නැග්ගේ නැත. නමුත් වසර ගනනාවක් ගත වී දැන් දම්මි ඒ පාසලේම ගුරුවරියකි..

දම්මි සුගත් හා විවාහ ගිවිසග්නනට ඇත්තේ ද ටික කලෙකි.. දැන් අරවින්ද දම්මිට කතා කරයි.. දම්මි ජීප් රියට නැංගේය.

මද දුරක් ගොස් පාලු පාරකින් අරවින්ද ජීප් රිය කැලයට නොහොත් විල්ලුව දෙසට හරවන්නට හැදුවේය. දම්මි කලබල විය.. අරවින්ද මහත්තයා මට ගෙදර යන්න දෙන්න. ඔයා හොද කෙනෙක් .. නම සවුත්තු කරගන්න හදන්න එපා.. අරවින්ද මහත්තය ඔයාට ඕනි නම් මේක කරගන්න පුලුවන්.. මං ඒක හොදට දන්නවා..ඒත් මහත්තයා මම ගුරුවරියක්.. මගේ ආත්මය ආරක්ෂා කරල දෙන්න.

ඇය ඇඩීමකින් තොරව සෘජුව අදහස් දැක්වූවාය.. අරවින්ද වාහනය පාරට ගත්තේය. ඇය මෙතනින් බස්සන්න යැයි කියද්දීම ඇයගේ කුඩා ගෙදර ඉදිරිපිටටම ගොස් දම්මි ඇරලුවාය..

අරවින්ද මහත්තයා කසාදයක් බැදගත්තේ ලොකු තැනකිනි.. දවල්ටද කලිසම අදින ඒ ගැහැනිය පැහැපත් නැත. නමුත් හිත හොද එකියෙකැයි ගමේ උන් කියති.

අරවින්ද සහ සුගත්..

අරවින්ද මහත්තයා මම ලබනමාසෙ බදින්න ඉන්නෙ.. අපේ වෙඩින් එකට පොඩි ගානක් ඉල්ලගන්නයි මං ආවෙ. මහත්තය පඩියෙන් ටික ටික කපාගන්න මට කමන් නෑ..සුගත් කීවේය 

අරවින්ද : තමුසෙට කීයක්ද ඕනි..

සුගත් : මහත්තයා වෙඩිම සුට්ටක් ලොකුවට ගන්නයි..ඉන්න ටිකක් වැඩියෙන් සල්ලියක් ඕන වෙනො.. මට ලක්ෂ දෙකක් තිබුන නම් ඇති..

අරවින්ද ; තමුසෙගෙ පඩිය කීයද?

සුගත් : ඔක්කෝම එකතුවුනත් 25ක් වගේ ඇති මාසෙකට..

අරවින්ද ; මං මේ තමුසෙට දෙන්න බැරිකමකට අහනව නෙවෙ.. ඇයි දැන් තමුසෙ බදින්න යන්නෙ දම්මි නෙ.. ඒ කිගේ රස්සාවෙ පඩි වැඩියි නෙ.. ඉතිං ලොකුවට ණය නොවී කරගන්න පුලුවන් නෙ..

සුගත් : මහත්තයා ඒකිට ඉන්න තිබුන පැල ගෙයක් කොරගන්න ලොකු ගානක් ණය විදියට වියදං උනා.. ඒකිට දැන් පොඩි ගානයි ලැබෙන්නෙ ණය වලට කැපුනම..

අපේ දෙපැත්තෙම ලොකු නෑයො ඉන්නවා..දම්මිට නං ගුරුවිද්‍යාල යාලුවොත් ඉන්නවා.. මාත් මේ අම්මල බලාගන්න ගමට වෙලා හිටියට මං කොළඹ ඉන්න කාලෙ හිටපු යාලුවො මිත්‍රෙයා ඉන්නවා.. මේක ඉතිං හැමෝටම කියන්න ඕනි.. දම්මිලයි ගෙදර එයැයි විතරයි..අපේ ගෙදර නංගි පැනල ගිය නිසා ගන්න කියල තියෙන මගුල මේක විතරයි.. ඉතිං ගන්න පුලුවන් අඩුවටම ගත්තත් ලක්ෂ 5ක් වත් යයි.. අපි බැලුව ගිහින් හැමදේම...ඒත් මහත්තය ඒ වගේ ගානක් යයි.. ලැබෙන්න කියලා ලොකු සල්ලියකුත් නෑනෙ.. අනික අපි දෙන්නම ආසයි ජීවිතේ එකම පාරක් වත්..

අරවින්ද : හා හා ..ඇති ඇති තමුසෙග අදෝනාව..

තමුසෙ වැරදියට හිතන්නෙ නැත්තං...එක්කො තමුසෙ වැරදියට හිතනවා..කමක් නෑ වැරදි වැඩේ කොහොමද හොදට හිතන්නෙ.. තමුසෙට මම ලක්ෂ 4ක්ම දෙන්නං ඔක්කොම කරගන්න.. මං දන්න කියනහොද හොටල් එකක්.. ඇදුම් පැලදුම් ..ඔක්කොම මගේ වෙඩින් එකේ වගේ ඇරෙන්ජ් කරල දෙන්නං... හැබැයි එක කොන්දේසියක් උඩ..

මං මේ හොද වාගේ පෙනුනට සුගත්.. මේ අරවින්ද ගිනි කපටියෙක්.. නැත්තං ඕයි නාටු පොල් වත්තක් තාත්තගෙන් ලැබිච්ච මට මිනිස්සු තුන් හාරසියක් වැඩකරන පැක්ටරියක් අවුරුදු 3කින් අලුතින් දාන්න බෑනෙ..

වැල් වටාරං ඕන නෑ.. තමුසෙ මේක තැන් තැන්වල කියන්න එපා.. කිව්ව කියල මට ලොකු අවුලකුත් නෑ..

සුගත් : මහත්තයා ට වැරදි කිව්වට.. මහත්තය ගේ මේ පැක්ටරිය නැත්තං අපි උනත් ඉතිං කොළඹම යන්න එපාය රස්සාවක් හොයාගන්න..

අරවින්ද : කෝ ඕයි තමුසෙ මැදින් පනිනව නෙ.. මට කියන්න දෙනවකෝ..

මෙහෙමයි.. මං දම්මිට එදා ඉදල කැමතියි.. සමහර විට මම ඒකි කසාද බදින්නම කැමති වුනානම්.. මාත් එක්ක එන්නත් තිබුන.. මං උඹලයි වෙඩින් ඔක්කොම කරන්නම්.. ඒත් දම්මි හනිමුන් යන්න ඕනි මං එක්ක..

සුගත් ගේ ඇස් අහසේ යන්නට විය.. ඔහු අරවින්ද ගැන හොදින්ම දනී.. අරවින්දට දෙයක් උවමනා වූ විට එය කෙලින්ම ගන්න බැරිවුනොත් කෙසේ හෝ ඔහු ලබා ගන්නට ක්‍රියා කරයි..

සුගත් : මහත්තයා අපි දුප්පත්..ඒ වුනාට මහත්තයා හිතන ජාතියෙ වලත්ත පල් පදුරු වේසියෙක් නෙමෙයි දම්මි.. අනික මං නිකං පොන්නයෙක් ගානට ගන්න එපා මහත්තයා.. ඒ කාලෙ වලව් වල හිටපු උන්.. රටේ මහත්තුරු එහෙම ඕව කරන්න ඇති.. අද කාලෙ වෙනස් මහත්තය.. ඔහෙ ගොඩක් සල්ලි කාරයෙක්.. ඔහෙට කොරන්න බැරි දෙයක් නැතුව ඇති. ඒත් අපි එහෙම කැත වැඩ කරන්නෙ නෑ මහත්තය.. ගෑනිව විකුනං කාල මගුල් කාල වැඩක් නෑ මහත්තයා. ඔහේලගේ ලොුක කං ඔහෙලම තියාගන්න.. මහත්තය මගේ මගුලටවත් නාවට කමන් නෑ,. මං සල්ලි වෙන තැනකින් හොයාගන්නං..

අරවින්ද : හෝ හෝ.. සුගත්.. තමුසෙත් හරියට අර අපේ සමහර උන් පඩි වැඩිකරන්න ඉල්ලනව වගේ නේ.. කලබල නොවී ඉන්නව යෝදයෝ.. තමුසෙට ලැබෙන්නෙ විසි පහයි.. ඒකෙන් දැන් තමුසෙ එක එක ලබ්බවල් වලට ණය කියලා ඉල්ලගනිපු සල්ලි වලට හත් අටදාහක් කැපෙනවා.. මම දැන් තමුසෙට ලක්ෂ දෙකක් දෙනවා..කියල හිතමු.. තමුසෙ මොන මගුලෙන්ද ගෙවන්නෙ.. බැන්දම කන්නෙ බොන්නෙ නැද්ද? ජිවත්වෙන්නෙ නැද්ද?

තමුසෙට මම ලක්ස 4ක් දෙනවා අර වැඩේ මට දුන්නොත්..

.. ඔය සදාචාර සංස්කෘති තියාගෙන තමුසෙට යාන්තං කාටවත් නෙපෙනි අර සල්ලිකාර ගෙවල් වල බල්ලො හරක් පට්ටි දාන්න එක්කරං යනවා වගේ මගුල් නොකා සතෙක් ගේනවා වගේ ගෑනි ගෙදරට ගේන්න පුලුවනි.. කිසිම එකෙක්ට නොකිය මගුල් නොකා.. මගේ යෝජනාව ප්‍රාෙයා්ගිකයි.. මට ඕනිනං කොළම ගිහින් රුසියන් ගෑනියෙක් ගත හැකි රුපියල් තිස්දාහක් දුන්නම.. ඒත් මං දම්මිට ආදරේ නිසා.. තමුසෙ මගේ වැඩකරන හොද සේවකයෙක් නිසා..මේ ඔප්ෂන් එක දෙන්නෙ..

තමුසෙ හිතනවා පොඩ්ඩක්... දම්මි වගේ මට තරුණ කිම්බවල් ඕනි නං ඕනි තරං ගමෙන්ම හොයාගත හැකි.. සල්ලියි මොලෙයි විතරයි ඕනි.. ඒත් තමුසෙට මම උදව්වක් කරන්න හදන්නෙ.

ඔය සදාචාරෙයි.. සංස්කාතියයි එක වේලකට බඩපිරෙන්න කන්නවත් දෙනවද? නෑ.නෙ.. ඕව යනකොට අරං යන්නෙ නෑනෙ.. අපි හැමෝම මැරෙන මිනිස්සු..

මං මේ නොවටිනා ගානක් උඹට කිව්වෙ.. ගෑනියෙක් ඔච්චර වටින්නෙ නෑ.. ලක්ෂ හතරක්.. උඹ නිකං මේ ගස් අස්සෙ විසාලෙට හැදිච්ච උස වල් ගහක් වගේ වෙන්න එපා සුගා.. එහෙම වුනාම සුගා කැත්තක් විසි කැත්තක් අරං ආවම ඉස්සෙල්ලාම වදින්නෙ අර කෙලින් තියෙන වල් ගහට.. අනික් ඒව වගේ හුලගට පොලව බදාගෙන හිටියම හුලගිනුත් ආරක්සා වෙනවා උවදුරු වලිනුත් බේරෙනවා..

උඹ හොදට කල්පනා කරල බලහං. ඕනි නං තව ණය කාරයො පස්සෙ ගිහින් අහල බලහං.ඔය වගේ ගානක් දෙන්න උන් මොනවද ඉල්ලන්නෙ කියලා..

සුගත්. : මොනව උනත් මහත්තය මට ඔය වගෙ වලත්ත වැඩකට හිත හදාගන්න බෑ.. මං යන්නම්..

අරවින්ද : උඹ කෝකටත් දම්මිට කියල බලහං.. ඒකිට මොලේ තියනව නේ තොට වැඩිය..

4 comments:

  1. ගොඩක් තැන් වල ඔහොම තමා පිරිමියාට වඩා මොලේ තියෙන්නේ.............-------

    ReplyDelete
  2. උඹ ගහලා තියන සූස්තිය සැර වැඩියි මචෝ. අපේ මොළෙත් මඤ්ඤං වෙනවා. මේ වල් පල් කියෙව්වම.

    ReplyDelete
    Replies
    1. ඉන්ඩීසන්ට් ප්‍රපෝසල් හොලිවුඩ් චිත්‍රපටියේ තිර රචකයාත් ගහන්නේ ඒවාම විය යුතුයි!

      Delete
  3. මරු කථාව. ටිකක් 1993 දී ආව Indecent Proposal චිත්‍රපටියේ කථාවට සමානයි.

    ReplyDelete