Monday, February 22, 2016

හඳ අල්ලන්න දගලන ලූන්

ගූගල් ලූන්

පරීක්ෂන මට්ටමේ තියෙන දෙයක් ගැන හරියටම අදහසක් කියන්න අමාරුයි. මොකද අපි මෙතෙක් ඉගෙන ගෙන තියෙන දේවල් වලට වඩා වැඩිපුර අලුතින් දෙයක් එයාල හොයාගන තියෙන්න පුලුවන් නේ.. ගූගල් ලූන් කියන්නෙ ලංකාවට ගැලපෙන අන්තර්ජාල සැපයුම් ක්‍රමවේදයක් නෙමෙයි. මේක ඇත්තටම ගැලපෙන්නෙ භූගෝලීය බාධක වැඩි ස්ථානවලට..

මීලඟට ගූගල්ලූන් ගහන්න යන්නෙ ඉන්දුනීසියාවෙ.. ඉන්දුනීසියාව කියන්නෙ කැලෑ ගොඩාරියක් තියෙන.. හරියාකාර මාර්ග පද්ධතියක් නැති භූමි වපසරිය ගොඩාරියක් තියෙන දූපත් දාස් ගානක් තියෙන රටක්.. ඒ වගේ රටකදි අන්තර්ජාලය ලබාදෙන්න කේබල් එලන එක හරි ටවර් ගහන එක හරි අමාරුයි.. ඒ වගේ තැනකදි ලූන් වගේ එක්ක කරන්න පුලුවන් නම් හොදයි.. නමුත් පුලුවන් වුනත් මේක දැඩි සීමා තියෙන ක්ෂේත්‍රයක්..

ගූගල් එකෙන් මේ බැලුන් උඩයවල ඉන්ටනෙට් දෙන්න හදන කොට  ෆේස්බුක් අය ඉන්ටනෙට් දෙන්න යන්නෙ ඉහල අහසේ රදවා තැබෙන ගුවන් යානයක් ඩ්‍රෝනයක් වැනි ක්‍රෙම්කට.. හැබැයි ඒ ව්‍යෘපෘතියත් තවමත් පවතින්නෙ කොට උඩ..

සිග්නල් යැවීම සහ ලබා ගැනීම

දැනට තිබෙන මොබයිල් කුළුනකින් අන්තර්ජාල පහසුකම ලබාගත හැකි වන්නේ කිලෝමීටර තුනක සීමාවට තමයි. එතනින් එහාට සිග්නල් ප්‍රශ්ණ ඇති වෙනවා. ඒ වගේමයි දැන් තියෙන බොහොමයක් මූලිකවම දත්ත සම්ප්‍රේෂනය සදහා වන කුළුනු වලට අවශ්‍ය කරන යටිතල ඉන්ටනෙට් ලබාගන්නෙ ඔප්ටිකල් ෆයිබර් කේබල් ආධාරයෙන්.. සරලව කිව්වොත් ලොකුවට දෙන්න නම් ලොකුවට ලැබෙන්න එපායැ.. ඉතිං එතකොට ටවර් එකට ඔප්ටිකල් ඇදල එතනින් මත්තෙ තමයි අපිට 4ජී 3ජී විදියට සිග්නල් ලබාදෙන්නෙ.

බැලූන යවන්නෙ මහ පොලවේ සිට ගුවන් යානා යන එන සීමාව වගේ දෙගුණයක උසකට කිලෝමීටර 18ක් වගේ උසකට බැලුන යවනවාය කියල තමයි අන්තර්ජාලයෙ ්තියෙන්නෙ. ඒ වගේ උසකට ඉන්ටනෙට් මහ පොලොව ඉදලා යවන්නත් ඕනි ඉන් පස්සෙ ඒ ඉන්ටනෙට් අපේ ගෙවල් වලට ගන්නත් ඕනි. මේක සරල වැඩක් නෙමෙයි.. ගෙවල් විස්සකට ඉන්ටනෙට් දෙන්න නං ඒකට හරියන්න නෙට්වර්ක් බඩු යන්න එපායැ බැලුන් එකට.. රේඩියෝ තරංග මේ තරං දුරක් යවන එකත් ගෙන්වන එකත් ලොකු කෙස් එකක්.. මේ රේඩියෝ තරංග මේ තරං ගොඩක් දුරට සම්ප්‍රේෂණය කරන්න හැකියාව තියේ නම් ලංකාව වගේ රටකට තවත් බැලුන් ඕනි නෑ.. දැනට මම දන්න විදියට ලංකාව ඇතුලෙ මොබයිල් ටවර් තියෙනවා 3000කට වඩා.. කිලෝමීටර 10ක් දුරට අධිවේගි අන්තර්ජාලය ලබාගත හැකි සංඥා සම්පේෂනය කල හැකි නම්.. ලංකාවම කවර් කරන්න පුලුවන් කුඩා ඒරියා එක දෙකක් හැරෙන්න..

උඩ යැවීම සහ ආයු කාලය

මුලදි මේ ගූගල් ලූන් ආරම්භ කරන අවස්ථාවේ වායු බැලුන ගැන විශේෂඥවරුන් පැවසුවේ සති හතරකට වඩා බැලුමක් ඉහල අහසේ රදවා තබාගන්න එක කොරන්න බැරි වැඩක්ය කියලා..අ වසානෙ ගූගල් අය ට හැකියාව ලැබුනා විෂේශ අමුද්‍රව්‍ය වලින් බැලුම හදලා දින සීයකට වඩා රදවා තබාගන්න විදියට හදන්න. ඒ හැදුවත් ඉතිං දින සීයක් ඕක අහසේ එක තැනක තියාගන්න එකත් ලොකු කතාවක්.. ඒකටත් විශේෂ යාන්ත්‍රන අවශ්‍ය වෙනවා.. මොබයිල් ටවර් එකක් හෝ ඔප්ටිකල් කේබල් එකක් ඇද්දාම ඒවා බොහෝම කාලයක් වැඩ ගන්න අපිට පුලුවනි. උදාහරණ විදියට ටෙලිකොම් සමාගමෙන් 1998 වගේ ඈත කාලයේ එලන ලද ඔප්ටිකල් කේබල් වලින් තාමත් අපේ අය සේවා ලබාගන්න අවස්ථා තිබෙනවා.. මේක දින සීයෙන් සීයට බැලුන් උඩ යවන්න උනොත්..කොහොම ආතල් එකක් තියේවිද?

සුලං සහ වෙනත් උවදුරු.

දකුණූ ඇමරිකාවේ අන්තර්ජාලය මේ ලූන් වලින් ගතපු අයකියන කාරණාවක් තමයි.. ගුවන් යානා යනවිට මේ සිග්නල් ලැබිම සැලකිය යුතු ලෙස අඩුවෙනවාලු.. මේ බැලුන රදවන්නෙ ගුවන් යානා සීමාවට බොහොම ඉහලින්..ඉතින් පහලින් ප්ලේන් ගියාම සිග්නල් වලට බබා හම්බු වෙන එක අහන්න දෙයක් නෑනෙව.. ඊට අමතරව මේ බැලුන ඉහල අහසේ තිබුනත් සුලං වලට අහු වෙනවා.. සුලං වලින් ඈතට ගහගෙන ගිහිපු නිසා තමයි මම හිතන්නෙ ලංකාවෙ වෙරළ ආසන්නයෙන් උඪ යවපු බැලුම ගම්පොලින් ගොඩ ආවෙ..

ඊට අමතරව වැසි,.තද වලාකුලු වගේ උවදුරු වලිනුත් වෙනත් ක්‍රමවලට වඩා බැලුන් ඉන්ටනෙට් බිදවැටීමේ හැකියාව වැඩියි..

සැටලයිට් සහ බැලුන් 

සැටලයිට් වලින් අපි මේ කාලෙ කොරන ලොකු දෙයක් තමයි රූපවාහිනි නරඹන එක.. සැටලයිට් ටීවි දැන් බොහොම සැරට ලංකාවෙත් පැතිරීගෙන යනවා.. එතනදි තියෙන කතාන්දරය තමයි ඉන්දියාවෙ ගහන මැච් එක ඇත්තටම සැටලයිට් එකට ගිහින් අපිට එන්න විනාඩි තුන හතරක් හෝ ඇතැම් විට ඊටත් වැඩි වෙලාවක් යනවා.. ඒත් ඉතිං එතනදි අපිට අවශ්‍ය කරන්නෙ අපි තෝරගත්ත චැනල් එක අපි කරා එන එක විතරයි.. අන්තර්ජාලය ඊට වෙනස් වෙනවා.. ඩවුන් ලිංක් එක වගේම අප් එකකුත් තියෙන්න ඕනි ඉන්ටෙනෙට් ගන්න නම්..

මොබයිල් ෆෝන් එකක තියෙන්නෙ මහා විසාල සිග්නල් රිසිවරයක් හෝ ට්‍රාන්ස්මීටරයක් නෙමෙයි.. සමහර විට බැලුන් එකේ සිට එන ඩවුන් ලිංක් එක හෙවත් බාගත කිරීම් නම් බැලුන් ඉන්ටනෙට් වලිං කරගන්නහැකි වේවි..නමුත් මොබයිල් එකේ ඉදලා කිලෝමීටර 18ක් දුරට ඉන්ටනෙට් සිග්නල් විදින එක නම්.. මම හිතන්නෙ ටිකක් අමාරු ඉලක්කයක් ..

ලොකු කොම්පැනි කාරයින්ට වරදින්න විදියක් නෑ ලොවෙත්..

අද ලෝකෙ ගත්තාම ගූගල් සහ ෆේස්බුක් වගේ කොම්පැනි දේශසීමා බාධක සහ බදු සහ වෙනත් කිසිම ගාස්තුවක් නැතුව බිලියන ගානක සල්ලි උපයනවා.. උදාහරණ විදියට ඡන්ද කාලෙට ෆේස්බුක් එකේ ඇඩ් එකක් දාන්න අපිට බදු මුදුලක් යන්නෙ නෑනෙ.. රටවල් වලට බදු ගෙවිල්ලක් නෑ අන්තර්ජාලය ඇතුලෙ වෙන ගනුදෙනු වලදි.. ඒ හරහා ලෝකෙ ලොකු ගූගල් සහ ෆේස්බුක් වගේ කස්ටිය විශාල වාසියක් ගන්නවා..

මේ විශාල ව්‍යාපාරික අවකාශය පැතිරෙන්න තියෙන එක බාධාවක් තමයි අන්තර්ජාලය රිසි පරිදි මිනිස්සුන්ට ලබා ගැනීමට නොහැකි වීම.. ඉන්ටනෙට් එකෙන් පේස්බුක් එකේ ඇඩ් එකක් දැකල මම කෑල්ලට ඔරලෝසු ඕඩර් කලාට ඉන්ටනෙට් නැති මන්දාරම් නුවර වගේ ගමක ඉන්න පෙම්වතෙක්ට පේස්බුක් ඇඩ් බලල බඩු ඕඩර් කරන්න අමාරුයි..ඒ මනුස්සය පුරුදු විදියට ගමේ පොලෙන් ඒ වගේ දෙයක් මිලදී ගන්නවා ඇති..

ඉතිං ඔය වගේ අන්රත්ජාලය නැති එවුන්ට අන්තර්ජාලය දීල උනුත් අපි වගේම කාලකන්නියො කරන්න (ඇත්තටම ඒක අපිම කරගන්න දෙයක් මිස කවුරුවත් බලෙන්කොරන දෙයක් නම් නෙමෙ) තමයි මේ ගූගල් ෆේස්බුක් අය ඉන්ටනෙට් නැති අයට ඉන්ටනෙට් දීමේන බලාපොරොත්තු වෙනවා ඇත්තෙ.

විපත් අවස්ථාවලදී

විපත්තිදායක අවස්ථාවලදී මේ විදියෙ බැලුන් පද්ධතියක් සන්නිවේදන අවශ්‍යතාවන්ට වැදග්ත වේවිය කියලා ඇතැම් අය කියනවා. මේ බැලුන් ඉන්ටනෙට් කට්ටිය අන්තර්ජාලය ගන්නෙ ලංකාවෙම ඔපරේටර්ලාගෙන්.. එතකොට ඒ විපත අවස්ථාවේ දි ඒ ඔපරේටර්ලාට කරදරයක් නැතුව අන්තර්ජාලය දෙන්න පුලුවන් වෙලා තියෙන්න ඕනි.. සාමාන්‍යයෙන් විපත්තිදායක අවස්ථාවකදි ලංකාවෙ වෙන ලොකු කේස් එකක් තමයි දුරකථන ජාල හරහා යන ට්‍රැෆික් වැඩිවෙලා නෙට්වර්ක් ජෑම් ඇතිවෙන එක..දැනට වුනත් සිංහල අවුරුදු සහ ජනවාරි පලවෙනිදා ජංගම දුරකථන ජාල වල ඇතැම් පද්ධති වල වැඩකරන අයට ඒවා වසාදමන්න වෙනවා සිස්ටම් එකට දැරිය හැකි ප්‍රමාණයට වඩා ඒ හරහා ට්‍රැෆික් යන්න ගන්න නිසා.. විපතකදි බැලුන් ඉන්ටනෙට් කියන්නෙත් සැබෑකරන්න ඇහැක් දෙයක් නෙවි කියලයි මට හිතෙන්නෙ නම්..

මොකො අපි තෝරගත්තෙ..


ලොකු රටවල තියෙන හැමදේම ලොකුයි නේ.. ඒවයි ඉන්න මොබයිල් කොම්පැනිත් ලොකුයි..අන්තර්ජාල සේවා සපයන අයත් ලොකුයි.. මිනිස්සුත් නිකං ඔය හැම එකටම පරික්ෂන මියො බවට පත්වෙන්න අකමැති ලොකු ලයින් එකේ මිනිස්සු තමයි ඇමරිකාව සහ දියුනු රටවල ඉන්නෙ.. ඉතිං ඒ රටවල මේ වගේ පයිලට් ප්‍රොෙජක්ට් කරන්න යද්දි මොබයිල් කොම්පැනි කාරයො සහ අන්තර්ජාල සපයන්නන් කේස් දානවා.. ඊට අමතරව ගම්පොල වගේ සිද්ධියක් වුනොත් එහෙම ආයෙ පලාත පත්තුවෙ ගූගල් උන්ට එන්න දෙන එකකුත් නෑ ඒ රටවල..

අපේ රටේ මේ වගේ නියාමන තැන්වලට.. සහ කොම්පැනි වලට ලොකු බලයක් නෑ.. ඊටත් වැඩියෙන් ඉතිං ලේසියේන අපේ ආන්ඩුවල ඉන්න උන්ගේන ලයිසන් අවසර ආදිය ගන්නත් හැකියාව මේ ගූගල් අයට තියෙන්න ඇති.. ඒ නිසා එයාල මෙහෙට එන්න ඇති..

වයිෆයි හීනය ලූන් හීනය

අලුත් ආන්ඩුව ආවම කස්ටිය වයිෆයි නිකං ගන්න බලං හිටියා.. දැන් බැලුන් ඉන්ටනෙට් එනකල් උඩ බලං ඉන්නවා.. ලංකාව කොහොමත් මේ විදුලි සංදේශ වැඩවලදි ටෙස්ටින් බෙඩ් එකක් නොහොත් පරීක්ෂණාගාරයක් විදියට පාවිච්චි කරන පලවෙනි අවස්ථාව මේක නෙමෙයි.. 3ජී 3.5 ජී වගේ තාක්ෂන මුලින්ම සමහර විට ආසියාවෙම පලවෙනි වතාවට සවි කලේ ලංකාවෙ.. මොකද ලංකාව පොඩි රටක් සහ අපෙ අයියලා එක්ක ටෙස්ටින් කරන අයට ගනුදෙනු කරන්න ලේසියි..

බැලුන තාක්ෂණය..කාලගුණික බාධා..රේඩියෝ සන්නිවේදන සීමා.. අන්ර්ජාල සේවා සැපයීම් සහ ගූගල් ලූන් ගැන .. ගූගල් නැතුව වෙන සර්ච් එන්ජිමකින් හෙව්වොත් කරුණු නම් එමට තියෙනවා මේවා ගැන..

මේ වගේ ව්‍යාපෘති වලට විරුද්ධ වෙන එක තේරුමක් නෑ.. ඒත් මේ වගේ පොඩි දේවල් වලිනුත් වාසි ගන්න හදන දේසපාලුවො දැක්කම ගූගල් එකේ එහෙම වැඩකරන උන්ට හිටගෙන හිනායනව ඇති.. 

3 comments:

  1. කතාව නම් ඇත්ත.
    මේක පයිලට් රන් එකක් හින්දා ප්‍රොජෙක්ට් එක සක්සස් ද නැද්ද කියන එක දැන්ම කියන්න බැරි වෙයි.
    එත් ඔබ කියූ ගැටළු මතු වීමේ ඉඩකඩ වැඩි බව මගෙත් අදහසයි.
    සමහරවිට එව්වට විසඳුම් හොයා ගන්නත් ප්‍රොජෙක්ට් එක කරන "සයන්ටිස්ට්" ලට පුළුවන් වෙයි.
    බලමු.
    එත් ඉතින් එල්ලෙන්න වැලක් වත් නැතුව අසරණ වෙලා ඉන්න බයියෝ මේ බිමට පත බැවිච්ච බැලුන් කඩමාල්ලක වත් එල්ලිලා ගොඩයන්න දඟලන දැඟලිල්ල දැක්කාම අපිට නම් දුකේ බැරුවා බන්...

    ReplyDelete
  2. උඹ කියපු කරුණු සියල්ල එක්ක 100% ක්ම එකඟයි...
    මේ වගේ දේවල් හරහා අපේ දේශපාළුවො මිනිස්සුන්ව ගොනාට අන්දගෙන ඒ හරහා උන්ගේ ජන්ද ටිකත් කඩාගෙන සාක්කුවටත් ගාණක් දාගන්න කරන විගඩම්...

    ReplyDelete
    Replies
    1. ඔයිටවඩා විගඩම් නැටුවෙ රොකට් යවලා..

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...