Wednesday, March 23, 2016

වනකතා

ඔන්න එකමත් එක විලක හිටියා මාලුනායකයෝ තුන් දෙනෙක්. ඔයින් එකෙක් මතුකාලෙ ගැන බලා වැඩ කරනවා. ඒ නිසා එයාගේ නම “මතුකාලකාරයා“ එකෙක් ඒ වෙලාවේ සුදුසු හැටියට හිතාමතා වැඩකටයුතු කරනවා. තවකෙක් ඉන්නවා එයාගේ නම එවෙලෙකාරයා. අනික් එහා ඔහෙ වෙන දෙයක් වෙද්දෙන් කිය කිය කරුමෙ ගැන විස්වාසෙ තියාගෙන ඉන්නවා එයාට කියනවා වෙනදේ කාරයා.

ඉතිං ඔහොම ඔය තුන්දෙනා ඉන්න කොට දවසක්දා. ඒ විල අහලින් යන මාලු අල්ලන කාන්ඩයක් කතාබහ කර කර ගියා“. ඒකයැ. මේ විලේ හරියටම මාලු ඉන්නවා නේ.. අපි කවදාවත්ම මේ ගැන නැහැ නේ සොයා බැලුවේ. අද දවසට නම් දැන් ඉතිං සම්පූර්ණයි නේ. එච්චරක් නෙමෙයි. දැන් වෙලාවත් හැන්දෑ වේගෙන එනවා. ඒ නිසා අපි හෙට උදේම එමු. මේ විල ගැන පිළිවෙලක් කරන්ට බලමු.“ කියා.

වැහි නැති මහ හෙණක් ගැහුවා වැනි මේ කාත බහ ඇහිලා අර “මතුකාලකාරයා“ අනික් සේරෝම මාලුන්ට කතා කරලා කියන්ට පටන්ගත්තා. හපොයි! හපොයි!! ඇහුනා නේද? ඔහෙලටත් අර මාලුකාරයින්ගේ කතා බහ . ඒ නිසා දැන් මේ රෑම අපි කොහොම හරි යන්ට ඕනා කොහෙට හරි. ලග තියෙන මොකක් හරි තැනකට.

හෙට උදැහැනැක්කෙම කිසිම සැකයක් නැහැ මුන් ඇවිදින් මේක ඉන්න තරම් සේරොම මාලු ටික අතගාගෙන ඉවර කර දමනවා ඇති. ඒ නිසා මට හිතෙන හැටියට දැන් ඉතින් එකම මොහොතකටවත් මෙතන රැදී ඉදීම නම් කොහොමටවත්ම සුදුසු නෑ.

මේක අහලා අර එවෙලෙකාරයා කියනවා. ඇත්තටම යාලුවා තමුසේ කියන ඔය කාරණය හරියටම හරි. මගේ කල්පනාවත් ඔහොම මයි. වහාම වෙන දිහාකට යෑම මයි හරි. මෙහෙ ඉදීම නම් අන්තරාදායක මයි. ඒ නිසා හා යමු යමු.

මේ කයි කතාන්දරය අහලා අර වෙනදේකාරයා බොහොම හයියෙන් හං හං ගා කොක්හඩ ලා හිනා වෙලා කියනවා. “ අපොයි ! අපොයි ! මොකක්ද ඕයි තමුසෙලාගේ ඔය කතාව! ඕක මහ යකාගේ කතාවක් නේ . චී චී ! මටනම් ඔය කතා අල්ලන්නේ නෑ. කවුරුවත් ඔය වචනයක් කියපු පලියට තාත්තලෑ මුත්තලා කාලේ හිටන් එන මේ විල අත ඇරලා යෑම මොන වැඩක්ද? ඒක මහ පලේ පල් මොටමෝල් කමක් නේද? ආයුස පිරිහිලා මැරෙන්ට තියෙනවා නම් වෙනින් තැනකට ගිහින් බේරෙන්ට පුලුවනිද?

ඒ නිසා ඕයි. මම නම් කොහෙවත් යන්නේ නෑ. ඔහෙලට හොදයි කියලා හිතෙන දෙයක් කලාට කමක් නෑ. මට නිකම් ඔය පුහු මනස්ගාත රුස්සන්නෙ නෑ.

එයාගේ ඒ තීරණය දැනකියා ගත්තට පස්සේඅර මතුකාලකාරයයි. එවෙලෙකාරයයි ඒ දෙන්නගේ පිරිවරත් එක්ක යන්න ගියා ළග වෙනින් විලකට. පහුවදා උදෑහැනක්කේම මාලුකාරයින් ඇවිදින් දැල් දාලා ඒ විල කලම්බාලා වෙනදේකාරයත් එක්කම ඒ විලේ නොගිහින් හිටිය සේරෝම මාලු ටික අල්ලා ගත්තා. එකම මාලුකූරියෙක් වත් බේතකට ගන්න වත් හොයාගන්න වත් ඒ විලේ නම් ඉතුරු උනේම නෑ.

මේක තියෙන්නෙ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාඥාරම හාමුදුරුවන් ලියපු වනකතා පොතේ.

මේකතාව විතරක් නෙමෙයි කතා බරගානක් කවිත් එක්කම මේ පොතේ තියෙනවා..පංච තන්ත්‍රය ඇසුරු කරගන කියලා තිබුනට සමහර කතා ආදිය බොහොම ලස්සනට අවශ්‍ය විදියට වෙනස් කරලා ලියල තියෙනවා. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමිගේ මේ පොත එවකට සමාජය කැළඹුව පොතක්. මේ පොත තුල ඇති උපහාසාත්මක ගතිය සහ හාමුදුරුවන්ගේ දේශපාලනික මත නිසා මේ පොත් තොග ගනනින් පිච්චුවා කියලත් වාර්ථා වල සදහන් වෙනවා. යක්කඩුවේ හිමිගෙ චරිත ගති ගුණ ගැනත් අපූරු වාර්තා ඉතිහාසයේ සදහන් වෙලා තිබෙනවා. ඉඩයක් තිබුනොත් පසු කලෙක ඒවාත් ලියා තබන්නම්.

5 comments:

  1. ඔය පොත් දැන් හොයාගන්න නෑ නේද... අර පුස්සපු කතා තහනං කරපුව ඔක්කම ඇත්ත.. හෙහ්.. මොන තරං රිදිල්ලක් රිදෙන්න ඇත්ද ඒ දවස් වල හිටි දේසපාලුවන්ට. දැං කාලෙ උංට නං ඕව පඩයක් තරං ගාණක් නෑ.. ඕන නං ඔය වගේ පොතක් එළි දක්වන තැනකට ඇවිල්ල පොතත් කියවල මහ හයියෙන් හිනා වෙලත් යාවි..

    ReplyDelete
  2. අනිත් කථා ටිකත් දාන්ඩ..

    ReplyDelete
  3. අපේ තාත්තා මං පුංචි කාලෙ කියා දුන්න කතාවක්..

    ReplyDelete
  4. හුඟක් ඉස්සර කියවල තියනව.
    වොලියුම් දෙකක් තියනව නේද?

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...