Sunday, March 6, 2016

රූම් සහ නිදහස් චතුරස්‍රය

නිදහස් චතුරස්‍රයේ ජෝඩුවක්ගිහින් පොඩි සිද්දියක් වෙලා..ජෝඩුවක්ය කීවෙ ගෑල්ලමයෙකුයි පිරිම ලමයෙකුයි. මේක නිදහස නැති කිරීමක්ය..කියලා කස්ටිය චෝදනා කරනවා.. සික්ඛාපදං හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන සිකුරිටි අංකල් ලා තුන්දෙනක් එක්ක මේ ගෑනුලමයෙක් කට ගහගෙන යන වීඩියෝ එකකුත්තියෙනවා.. සිකුරිටි කාරයා කියන්නෙ මේ රටේ පීඩිතපංතිය නියෝජනය කරන කෙනෙක්..අනේ ඒ මනුස්සය මොකද්ද කරන්නෙ.. එයාට කොරන්න කියල තියෙන වැඩේ එපායැ කරන්න.. 

අද ඒකට මොකද්ද ඉවන්ට් එකකුත් දාලා තියෙනවා දැක්කා.. 

මේ වැඩෙන් එකපිරිසකට හොදක් වෙනවා.. ඒ තමයි රූම් යනකං ඉවසීමක් නැතුව බලා ඉන්න කොල්ලො...බොහෝවිට කොල්ලා කෙල්ලට සිය දාස් වාරයක් නාහෙන්අඩලා තමයි රූම් එකකට ගිිහන් නිදහසේ කිස් එකක් වත් දෙන්නවරමක් ලබාගෙන්න. ඒ වගේ රූම් එකකට ගිහින් අවශ්‍ය තැන් ටිකක් මසාජ ්කරගන්න ආසාවෙන් කෙල්ලෙක් ඉන්නවා නම් ඒ කෙල්ල මූන දෙන්නෙත් ලෝකොත්තර ගැටලුවකට... මොකද ලිංගික ආසාවන් තියෙන සහ තියෙනවාය කියල පිලිගන්න කෙල්ලො ඉන්නවා නම් අපි කැමති ීඋන් බඩුකියලා දකින්න නෙව.. 

ඉතිං මේ වගේ කොල්ලො කෙල්ලො එකතු වෙලා පේම කරන තැන්වල ටිකක් අමුතු ආතල් එකක් තියෙනවා..ගෝල්පේස් එකේ සහ වෙරලබඩ තැන්වල සහ පාක්වල එසේ පෙම්කරන ජෝඩු දිහා බලංඉන්න එක  විනෝදාංශය විදියට කරන පිරිසකුත් ඉන්නවා.. 

නිදහස් චතුරෂ්‍රය යමෙක් පෙම්වතුන්ට තහනම් කලාපයක් කරනවා නම් ඒකෙ මම වරදක් දකින්නෙ නෑ.. පෙම්වතුන් යන ගොඩක් තැන්වල ලමයි ලපටි එක්කරං යන්න බෑ..පෙම්කරන උන්  පෙරලගෙන කිස් කරනවා.. එක එක තැන් අල්ලගන්නවා පිස්සුවෙන්වගේ.. ඉන් පස්සෙ ලමයි ගෙදර ගිහින් අහන පස්නවලට සහ එවෙලේ අහන ඒවට උත්තර නෑ දෙමාපියන්ට.. ඒ නිසා පෙම්වතුන් ගිහින් පෙම් කරන්න ගන්න තැන්වලටලමයිට යන්න බැරි පොඩි අවුලක් තියෙනවා.. 

පෙම්වතුන් පෙම් කරන්නෙ නැතුව අත් අල්ලගෙන සාමදානෙන් ඉන්නවා වෙන්න පුලුවනි.. නමුත් පෙම්වතුන් නම් උන් පෙම් කරන්න එපායැ.. සිත කලකිරිලා බාවනා කරන්න යන ජෝඩුවක් වගේ බලාගත්ත අතේ උන්බලං ඉන්න නං පෙම් කරන්න එන්න ඕනියැ.. 

හැමදෙයක්ම ආන්ඩුවෙන් අපිට කියල හිතන අයට දැන් තියෙන ගැටලුවක් තමයි පෙම් කරන්න තැන් මදි වෙන එක.. නිවාඩු දවසක කොළඹට බැස්සම හැමතැනම පෙම් කපල්.. අපේ නගර නිර්මාණ ඇතුලෙ පාක් සහ පෙම්වතුන් ගැන සිතන්නෙ නෑ.. මම හිතන්නෙ වදින්න පුදන්න වැලපෙන්න නගරයක තියෙන සිද්දස්ථාන ආදිය ගන්න ඉඩකඩට වඩා පොඩි ඉඩකඩක් තමයි  පෙම්වතුන්ට වෙන්  වෙලා තියෙන්නෙ.. 

මේක ඉතිං ආන්ඩුවෙන් මැදිහත් වෙලා හදල දෙනෝ නං හොදයි ...ඒත් ඉතිං එහෙම බැරිකොට සමහර උයන් ආදිය තියෙනවා සල්ලි දීල යන්න.. ඇතැම් ආපනශාලා සිනමාහල් වල පෙම්වතුන්ට වෙනමම කොටස් වෙන්කරලා තිබෙන වෙලාවල් තියෙනවා.. 

ඒ ඇර බොහෝ පෙම්වතුන්ගේ ඒකායන අරමුණ වෙන රූම් කියන සංකල්පයත් තියෙනවා.. සතියක් තිස්සෙ මහන්සිවෙලා වැඩකරලා හෝ ඉගෙන ගෙන සතිඅන්තයේ හෝ හැන්දෑවක සෙට් වෙලා වෙනද වගේ රටේ ගමේ අපේ පස්න කතා කර කර කාලෙ කන එක විඩාබර මනසට තවත් විඩාවක්.. ඉතිං ඒ නිසා ඇතැම් ජෝඩු සතියකට වරක් කරන වතාවත් කිරීමක් විදියට සතියට වරක් රූම්, බොක්ස් හෝ එලිමහන් තැනක තදින් පෙම්කරන්න යන්න පෙලඹෙනවා.. 

විමලරත්න කුමාරගම උන්නැහේ අයියනායක කයි පන්තියේ මෙහෙම කියනවා.. 

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම 


මගේ ජීවන රටාව දන්න කියන ඈයො දන්නවා මම ඔ්‍ය ගෑනු ලමුන් සමග ඇවිදින්න යන්නතියා පීසා කන්න ගෑනු ලමයෙක් සොයාගන්නෙත් බොහොම ආමරුවෙන්.. ඉතිං ඒ නිසා.. මට කියන්න තියෙන්නෙ. 

අත් පටලා තුරු ගොමු යට සැගවීම...
අහු මුලු සොයා රෙදි යට අත කැරකීම..
නිවාඩු දින සැප සොයාන පිටවීම...
මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම.. 

ආසාවල් හංගගෙන ලෝක අපවාදයට බියේ.. නිදහස් චතුරස්‍රය අස්සෙ පංසල් අස්සෙ, දේවාල අස්සෙ, පොදු තැන්වල රිංගන්න යන සදාචාර පෙම්වතෙකු නොවී හැගීම් වලට උතුරායන්න ඉඩදෙන යථාර්ථවාදී පෙම්වතෙක් වෙන්නට හැකියාව පෙම් කරන වයසේ පෙම්වතුන්ට ලැබේවා.. 

මං මීට කලකට පෙර දැරූ අදහසට වඩා මේක ටිකක් වෙනස්.. මේ බ්ලෙග් එකේම අතීත ලිපියක මම ලියල තිබුනා මතකයි දෙමාපියන්ගේ මුදලින් යැපෙන උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ඒ දෙමාපියන් දෙන මුදල් හදල් වලින්  ප්‍රේම කිරීම වැරදිය කියල අදහසක්.. නමුත් පසුකාලීනව මට හිතුන දෙයක් තමයි ලිංගිකත්වය හෝ ප්‍රේමය කියන එකපාලනය කිරීමට යොදන අපමණ වෙහෙසට වඩා එය ලබාගන්නට උත්සාහ කරන උත්සාහයේ හෝ අපූරු චමත්කාරයක් තිබෙනවා.. 

11 comments:

  1. නිදහස් චතුරශ්‍රයේ නැති නිදහස

    ReplyDelete
    Replies
    1. නිදහස් චතුරශ්‍රය කියන්නේ එතන හදුන්වන්න යොදන නම මිසක එතනට ඇවිත් ඕනෑම දෙයක් කරන්න නිදහස තියෙන බව හඟවන්න යොදපු වදනක් නෙමෙයි ආයුබෝවන්ඩ...වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ ඔයාල...

      Delete
  2. සික්කෝ දෙන්නාගේ වැඩේට මගේ සම්පූර්ණ විරෝධය පල කලත් උඹේ කතාවත් ඇත්ත කියලා බය නැතුව කියන්න කැමතියි...

    ReplyDelete
  3. මං සාමාන්‍යයෙන් දේශපාලකයින්ට කැමති සාපේක්ෂව පමණයි. ඒ කියන්නෙ මං වඩා අකමැති එවුන්ට විරුද්ධවෙන එවුන්ට ඒ නිසා පමණක් කැමතියි.
    ඒත් ඊයෙ කලාතුරකින් මං දේශපාලකයෙක්ව අගය කලා.
    හර්ෂ සිල්වා අර සෙකුයුරිටි බූරුවන්ට පමණක් නෙමෙයි උන්ගේ ක්‍රියාකාරී අද්යක්ශකටත් කියපුදේ නිසා

    ReplyDelete
  4. නිදහස් චතුරශ්‍රය කියන්නේ රටේ අභිමානය රැකගතයුතු තැනක්. ඒක නිකම් ඔහේ වාඩිවෙලා ඉන්න තියන අම්බලමක් නෙවෙයි. එතනට ගිහින් ඒක බලන්න තහනමක් නැහැ. ජෝඩුවකටත් යන්න පුළුවන්. අත් පටලවාගෙන යන්නත් පුළුවන්. කරේ අතදාගෙන යන්නත් පුළුවන්. නමුත් එතන ගිහින් ඉඳගෙන ජංගි අස්සේ අතදාගෙන, බ්ලවුස් එක අස්සේ අත දාගෙන ඉන්න දෙන්න බැහැ. ඒකට යන්න ඕනේ ගෙස්ට් හවුස් එකකට. මෙතන ප්‍රසිද්ධියේ හැමිනෙන තැනක් නෙවෙයි. ඔය කෑගහන එවුන් බොහොමයක් ඉල්ලන්නේ ප්‍රසිද්ධියේ හැමිනෙන්න. මේ යුරෝපය නෙවෙයි. මෙහෙ තියෙන්නේ යුරෝපීය සංස්කෘතිය නෙවෙයි.

    ReplyDelete
  5. මම බොහෝ දුරට අමිලව කියවන්නේ ටිකක් රැඩිකල් පොරක් විදියට. සම්පූර්ණයෙන් එහෙම නොවුනට. කොටින්ම සමහර ඔබේ සටහන් හරහා ඔබ අපිව පුදුමයට පත්කල වාර අනන්තයි.
    "නිදහස් චතුරෂ්‍රය යමෙක් පෙම්වතුන්ට තහනම් කලාපයක් කරනවා නම් ඒකෙ මම වරදක් දකින්නෙ නෑ.. පෙම්වතුන් යන ගොඩක් තැන්වල ලමයි ලපටි එක්කරං යන්න බෑ..පෙම්කරන උන් පෙරලගෙන කිස් කරනවා.. එක එක තැන් අල්ලගන්නවා පිස්සුවෙන්වගේ.. ඉන් පස්සෙ ලමයි ගෙදර ගිහින් අහන පස්නවලට සහ එවෙලේ අහන ඒවට උත්තර නෑ දෙමාපියන්ට.. ඒ නිසා පෙම්වතුන් ගිහින් පෙම් කරන්න ගන්න තැන්වලටලමයිට යන්න බැරි පොඩි අවුලක් තියෙනවා.. "

    මේකෙන් අමිල කියන්න හදන්නේ පොඩි එවුන්ට ආදරය කියන එක ටැබූ කියලද?
    මට නම් එහෙම හිතෙන්නේ නෑ. මම හිතන්නේ නෑ අද ඉන්න පොඩි එවුන් ඔය තරම් පහත් විදියට ආදරය ගැණ හිතනවා කියලා. ඔවුන් බලන කාටුන් වල එහෙම අනන්තවත් එකිනෙකා හග් කරන ඒවා කිස් කරන ඒවා ආදරේ ප්‍රකාශ කිරිමේ අවස්තා තියෙනවා. (ආදරය මිසක් සෙක්සුවල් ඉන්ටප්‍රෙටේසන්ස් නෙමෙයි ) සමහර පොඩි එවුන් ලොකු අපිට වඩා ආදරය ගැන සංවේදියි කියන එකත් පිළිගන්නම වෙනවා.
    කොටින්ම ලංකාවේ බහුතරයක් හිතන්නේ කොල්ලෙක් කෙල්ලෙක් කිස් කරාම හග් කරාම වෙන්න ඕනේ ඔක්කොම ටිකත් වෙලා කියලා. ඒ මෙන්ටලිටි එකෙන් එහාට අපි යන්න ඕනේ. සමාජයම මේ ආදරය කියන එකට මෙයිට වඩා සංවේදි වෙන්න ඕනේ.
    එක තැනක නෙමෙයි රට පුරාම. අපේ වපර ඇස් අයින් වුනාම ආදරවන්තයොත් අර කාමර වල කරන්න ඕනේ ඒවා ඔය පාක් වල කරන්න යන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. රංගි මා ෙපාඩ්ඩක් අාරාධනා කරනවා අවුරුදු 20ක ලංකාෙව ජීවත් ෙවන ෙකල්ෙලක් ෙවන්න.. දැන් මට කියන්න ඔයාට අාදෙර් කරන්න හැගීමක් පහල වුනාම..
      ෙම් ලංකාෙවදි ඒ්කට පාක් ඒෙක් සික්කට කලිං කී ෙදෙනක් කකුල් දානවා..කී ෙදෙනක් අාදරය කරන විදිය කියලා ෙදන්න යනවද? කී ෙදෙනක් ෙවාර්නින් ෙදනවද? ඔතන පාක් සික්කා කියන්ෙන හරියට බත්පිගානක පැත්තකි්න තියපු මිරිස් කෑල්ලක් වෙග් අෑතවස්තුවක්..

      අැත්තටම ෙම් සමාජය ෙයාවුන් සිත්වලට රිසි ෙස් අාදරයකරන්න ෙනාෙදන තරුණයින් වැලිකඩ ෙබා්ගම්බර වෙග් මහා විසාල සංස්කෘතික අාගමික බැමි වලින් හිරකරලා අවුරුදු 22-24 ෙවනකල් හැගීම් හිරකරෙගන ඉන්න බල කරන සමාජයක්...

      පාක් ඒෙක් සික්කට කලිං ෙගාඩදාගන්න අැරියස් ෙගාඩාරියක් අෙප් අාදරවන්තයින්ට සහ අාදරය අෙප්ක්ෂා කරන ෙයාවුන් දරුවන්ට ඉතිරි ෙවලා තිෙයනවා..
      http://www.brookings.edu/blogs/brookings-now/posts/2015/04/what-chinas-sexual-revolution-means-for-women
      ෙම් තිෙයන්ෙන ෙලා්ෙකන් ෙකාන්ෙවලා කියල අපි හිතං ඉන්න චීෙන තත්ෙත..

      Delete
    2. අමිල කියන දේ මට වැටහෙනවා. පිට රටක හිටියට බොහෝ වෙලාවට ලංකාවට ආවම මේ සිදුවීම් පෞද්ගලිකවම මම මුහුණදීලා තියෙනවා. මට අමුතුවෙන් වයස අඩුවෙන් හිතන්න ඕනෙ වෙන්නෙත් නෑ. ඒ මම තාමත් ඕනෙම වයසකට ඇජස්ට්ටබල් වීමේ හැකියාවක් තියෙන කෙනෙක් හින්දා. හා හා.
      ලංකාවේ එකිනෙකා අනෙකාට පුදුම විදියට තරහා කෝ ක්‍රෝධයෙන් ඉන්නේ. ඒක තේරෙන්න ලොකු වෙලාවක් යන්නේ නෑ. කෙනෙක් අඳින හැටි, කන හැටි හැසිරෙන හැටි හා තවත් බොහෝ දේ ගැන අනෙකාට මොකක් හෝ විවේචනයක් තියෙනවාමයි. ඒක පොශ් කියන සොසයිටි එකේ කියලා වෙනස් වෙන්නේ නෑ. කොටින්ම උගත් කියන අයගේ වුනත්. තමන්ගේ ඇරියස් එකක් හරි මොකක් හරි හින්දා අපි ඉබේම එහෙම වෙනවා ඇති. කොටින්ම අද ඔතන ඉන්න ප්‍රේමවන්තයෝ හෙට කසාද බැඳල එතනට යන්නේ ලොකු සභ්‍යත්වයක් කරේ දාගෙන. ඒ විතරක් එන්මෙයි ප්‍රෙටෙන්ඩ් වෙනවා අනෙකාත් ඔවුන් වගේ හැසිරෙන්න ඕනේ කියලා.
      අද කපිල අයියා ලියලා තිබුන මේක ගැන විශ්ලේශණයක්.

      "ආදරය අහිමි වූවෝ ආදරය කිරීමේ නිදහසට වෛර කරති. ආදරය මගහැරුණෝ ආදරය කිරීමේ නිදහසට වෛර කරති. ආදරය විදීම ඇරියස් වූවෝ ආදරය කිරීමේ නිදහසට වෛර කරති. ආදරය කිරීමට වේලාවක් නැතිවූවෝද ආදරය කිරීමේ නිදහසට වෛර කරති.මෙය මානසික ගැටළුවකි."
      ආදරය අපි හැමෝටම කොමන් ටොපික් එකක් වෙනකන් කොටින්ම අනෙකා ආඩරයට නිදහසට ගරු කරනතාක් අගයනතාක් පොඩි එකාගේ ඉඳන් අපි මේ ගැන කතා කරන්න ඕනේ.

      Delete

    3. Kapila.M. Gamage feeling crazy.
      1 hr · Pelawatta, Sri Lanka ·
      ආදරය අහිමි වූවෝ ආදරය කිරීමේ නිදහසට වෛර කරති. ආදරය මගහැරුණෝ ආදරය කිරීමේ නිදහසට වෛර කරති. ආදරය විදීම ඇරියස් වූවෝ ආදරය කිරීමේ නිදහසට වෛර කරති. ආදරය කිරීමට වේලාවක් නැතිවූවෝද ආදරය කිරීමේ නිදහසට වෛර කරති.මෙය මානසික ගැටළුවකි.

      Delete
  6. වටිනා ලිපියක්.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  7. අධි සංස්කෘතික පිස්සුව ඇති ඇති සමහර නාකි මිනිසුන් සිතා සිටින්නේ අපේ තරුණ සිටින්නේ රට කා පෙන්ෂන් ගිය නාකින්ට පින් පඩිය ගෙවීමට ද ඔවුන්ගේ සෞක්‍ය වියදම් දැරීමටද උදේ සිට හවස් වෙන තුරු කබුරා ඩොලර් හම්බු කරදීමට සිටිනා වහලුන් පිරිසක් ලෙසටයි. ආදරය අහිමිවූ, ආදරය කිරීමට වෙලාවක් නැතිවූ තරුණයන් කොටසක් ද, විදේශ රැකියා වලට ගොස් විවාහ දිවියේ තරුණ කාලය මගහැරුණු තලත්තෑනින් පිරිසකටද දැන් දැන් ආදරය කිරීමේ නිදහසට වෛර අධි සංස්කෘතික කුහකත්වය බෝ වී ඇත.

    මිනීමරු රාජපක්ෂ රෙජීමයට තවමත් මල් පුදනා වහල් මිනිසුන් සිටින රටක එළිමහනේ එක තැනක වාඩිවී කතා කිරීමට නම් දරුවෙක්ද රැගෙන යායුතු බව පිළිගන්නා තරම් මානසික වහලුන් සිටීම අරුමයක් නොවේ.

    පවුලක් වීමට නම් දරුවෙක් ද එතැනම සිටිය යුතුය කියන ආරක්ෂක නිලදාරියා සහ ඔහුගේ උසස් නිලදාරීන්ට නොදෙවෙනි බුධිමතුන් ලංකාවේ බොහෝ සිතනා බව පෙනේ.

    ReplyDelete