Friday, April 22, 2016

ඉන්දුනීසියාව 2

දැන් අපේ යාලුවො හැමෝම දන්නවා අපිට ඉන්දුනීසියාවත් ඔන් එරයිවල් විසා ගහනවා කියලා..ඒ කියන්නෙ සිංගප්පූරු මැලේසියා යනවා වගේ ලේසියෙන් දැන් ඉන්දුනීසියාවට ගොඩබහින්න ඇහැකි.. ඉන්දියාවෙ තියෙන බොරු ඔන් එරයිවල් වීස එක ගහගන්න අපි අමතර ඩොලර් 50-60 ක ගානක් දෙන්න ඕනි.නමුත් ඉන්දුනීසියාවෙ එහෙම නෑ ගිය ගමන් වදිනවා ලු සිංගප්පූරු මැලේසිය වගේ.. 

ඉන්දුනීසියාව දූපත් 17000කටත් වඩා තියෙන දුපත් පිරුන රටක්. මේ දූපත් වලින් සිංගප්පූරුවට කිට්ටුම ජනප්‍රිය දූපත තමයි බටම් දූපත. 
මස් ගන්න වනිතාවක් 

බටම් දූපත් සවාරිය.. 

බටම් දූපතේ ඇත්තටම කියන්නෙ බටම්ද බොටම්ද කියලා නං මං දන්නෙ නෑ. නමුත් සිංගප්පූරුවේ ඉන්න සැමන් පැක් වෙච්චි වගේ ඉන්න පිරිස ආතල් එකක් ගන්න යන්නෙ බටම් වලට.. බටම් වලට වන් ඩේ ට්‍රිප් තියෙනවා.. සිංගා ඉඳන් බටම් වලට බෝට්ටුවෙ විනාඩි 40කින් විතර බටම් වලට ලගාවෙන්න පුලුවන්ලු.. බටම් කියන්නෙ කුඩා දූපතක්..නමුත් සිංගප්පූරු වැසියන්ගෙන් සහ සිංගප්පූරුවට රාජකාරි වැඩවලට පැමිණෙන ලොව පුරා වැසියන්ගේ ගිමන් නිවන තැනක් විදියට බටම් දූපත සැලකෙනවා.. 
බටම් දූපතේ සැප නවාතැන් 
ඉන්දුනීසියාවේ තියන ලක්ෂන වෙරලවල් සහ දූපත් එක්ක බැලුවාම බටම් කියන්නෙ මහා ලක්ෂණ සිත් ඇදගන්නා සුලු එකක් නෙමෙයි..නමුත් සිංගා වල ඉදලා තියෙන දුර අඩු නිසා එක දවසේ ටුවර් වලට බටම් ගිහින් එන අයත් ඉන්නවා.. 

මේ බටම් දූපතේ තිබෙන සංචාරක සංස්කෘතිය විශාල නයි්ට් ක්ලබ්, ඩීජේ, අවන්හල්, සාප්පු සවාරි..ආදියෙන් සම්පූර්ණ වෙලා තිබෙනවා. මසාජ් හොද එක වගේම මසාජ් ප්ලස් එකත් බටම් වල තිබෙනවා..ගණිකා වෘත්තිය ඉන්දුනීසියාවෙ තහනම්.. ඒත් බටම් ගියාම ලේසියෙන් ඒ ආතල් එක ලබාගන්නත් පුලුවනි.. 
බටම් දූපතේ සේයාරුවක් 
මේක සිංගා පීපල් ලගේ විනෝද ඩෙස්ටිනේසන් එක කියන්නෙ බඩු පොට් එක කියන අදහසින් විතරක් නෙමෙයි..කාන්තා පාර්ශවයත් මෙහෙ ඇවිත් ජල ක්‍රීඩා, කිමිදීම, කඹ වලින් පැනීම, ආදී වෙරළාශ්‍රිත ක්‍රීඩා ආදියේ නිරත වෙනවා.. ඇත්තටම කාටහරි සිංගප්පුරුවට ගිහින් දවස් තුන හතරක ඉන්න චාන්ස් එක වැදුනොත් වීසත් නිකංම ලැබෙන එකේ බටම් පැත්තේ රවුමක් දාල එන්න ගියාට වරදක් නෑ.. හැබැයි සිංග ඉදලා බෝට්ටුවෙන් එහෙට සෙත්තපෝච්චි වුනාම වීස එක වැදීම නම් කෝමද දන් නෑ..කෝමත් ඉතිං බෝට්ටුවට නගින්න කලිං ඕවා චෙක් කරලා බලනවා ඇති නෙ..මේක නිකං ජින්නයි උපාලියි මඩොල් දූවට ගියා වගේ යන බෝට්ටු ගමනක් නෙමෙයි නෙව.. 


බාලි ලොම්බොක් 

බාලි කියන්නෙ ඉන්දුනීසියාව යටත් විජිතයක් කාලෙ ඉදලාම සංචාරකයින්ට වෙන්කරපු සංචාරක පැත්තක්..ඉන්දුනීසියාව මුස්ලිම් රටක් වුනාට බාලි දූපතේ බහුතරය හින්දු  ජාතිකයින්. බාලි දූපත සාමාන්‍යෙයන් බජට් සංචාරකයින් වගේම ලෝකයේ ජනප්‍රිය තරු එහෙමත් ගොඩ බහින පලාතක්. බාලි වල ලක්ෂන මුහුදු වෙරලවල්, ආවේනික සංස්කෘතික අංග, ඉන්දුනීසියානු වගාවන් , අලි නැරඹීම සහ අලි සමග සෙල්ලම් කිරීම්.. කිමිදීම්, මුහුද මත ලිස්සන ක්‍රීඩා, සතුන් නැරඹීම්..ඉන්දුනීසියානු ආහාර රස විදීමේ අවස්ථා ආදී විශාල වශයෙන් පැතිරුන සංචාරක ආතල් ගොඩාරියක් තියෙනවා.. 
බාලි දූවේ ඇවිදින දේශිය වනිතාවක් 
බාලි වගේම බාලි වලට ලග පාත ලොම්බොක් වගේ දිවයිනුත් දැන් දැන් සංචාරක ව්‍යෘපාරයට රුකුලක් වෙලා තියෙනවා.. කොළඹ ඉදලා යනවා නම් බාලි ඩෙන්පසර් වලට කෙලින්ම යතෑකි මැලේසියාවට ගිහින්. මැලේසියාවේ ඉදලා බොහොම ලාබෙට බාලි වලට වගේම ඉන්දුනිසියාවේ බොහෝ තැන්වලට ගුවන් ගමන් තියෙනවා.. සාපේක්ෂව ඉන්දුනීසියාව ඇතුලත ගුවන් ගමන් ගාස්තු එහෙම සැලකිය යුතු ලෙස අඩුයි.. පැය තුනක විතර ගුවන් ගමනක් යන්න වියදං වෙන්නෙ රුපියල් පන් හය දාහක් විතරයි.. 
බාලි අසල වෙරලේ විනෝදවෙන සංචාරක පවුලක් 

ගිණිකඳු 

මේ ලෝකය ඇවිල්ලා බෝලාකාර දොඩමක් වගේ වුනාට මේක දොඩං ලෙල්ලෙන් සම්පූර්ණයෙන් වැහැන වගේ සම්පූර්ණයෙන් වැසුන අවුටර් එකක් නෑ. භූ තැටි වශයෙන් වෙන්වෙලා තමයි මේ ලෝකෙ ධාතුව පවතින්නෙ. ලෝක ධාතුවේ අභ්‍යන්තරයේ හටගන්නා විපිලියාස කරණකොට ගෙන භූමිකම්පා සහ ගිණිකදු ඇතිවෙනවා.. ඇත්තටම ලෝකය දොඩමකට වඩා මේ කෑලි කෑලි අවුටර් එක ගැන හිතුවම මේක නිකං ෆුබ් බෝලයක් වගේ..නැත්තං හොදට ඉදිලා පැලුන කැකිරි ගෙඩියක් වගේ.. 
mount bromo 
අපේ පූරුවෙ මොකක් හරි එකකට ලංකාව ගාවින් මේ පැලුං යන්නෙ නෑ.. දැන් අපි මදකට හිතමු හොදට ඉදුනු අඹයක් ගැන..ඒක පැලුනොත් හරි කැපුනොත් හරි ඒ කැපුන තැනින් නෙව ඇතුලෙ තියන ධෘතුව එලියට එන්නෙ..ලෝ ධෘතුවත් ආන්න ඒ වගේ.. ලෝකයේ භූතැටි වල පැලුම් තිබෙන තැන්වලින් තමයි විඩින් විඩ මේ ලෝ ධාතුව ලෝදිය විදියට එලියට එන්නෙ. මේ ලෝදිය පලවෙනි තට්ටුව ඇවිත් ඝන වෙනවා..ඉන් පස්සෙ දෙවනි තට්ටුවත් ඇවිත් ඝන වෙනවා.. ටික කාලෙකින් මේක නොදැනුවත්වම ලෝදිය එන හිල වටේට මහ කන්දක් නිර්මාණය වෙනවා.. ඒ වගේම භූ පැලුම් වලදි එක් භූ තැටියක් අනෙකේ වැදුනහමත් ඇතැම් වෙලාවට එතන මහ කන්දක් නිර්මාණය වෙනවා.. මහා හිමාලය කදුවැටිය නිර්මාණය වෙල තියෙන්නෙ මේ ජංගි කෑල්ල වගේ තියෙන ඉන්දියාව ගිහින් මහ බඩක් වගේ තියෙන ආසියා මහද්වීපයේ වැදිච්ච නිසා.. ඒ නිසා තමයි නේපාලය වගේ රටවල භූමිකම්පා නිතර ඇතිවෙන්නෙ. 
Mount Rinjini @ Lombok 
ඉන්දුනීසියාව කියන්නෙ මේ භූමිකම්පා සහ ගිණිකදු ආතල් එක සැරටම තියෙන රටක්. මේ විදියෙ තවත් දියුනු ජනප්‍රිය රටක් තමයි ජපානය.. කොහොමින් හරි සක්‍රිය ගිණිකදු වගේම අක්‍රිය වෙලා තාමත් රස්නේ තියනවා වගේ පේන ගිණිකදු කීපයක්ම ඉන්දුනීසියාවේ තියෙනවා.ජාවා දූපතේ හෙවත් ඉන්දුනීසියාවේ ජකර්තා සුරබයා යෝග්‍යා ආදී නගර කිහිපයක්ම පිහිටා තිබෙන මිනිස් ක්‍රියාකාරකම් වලින් සක්‍රියම දූපත වෙන ජාවා දූපතේ මවුන්ට් බ්‍රෛාමෝ ඒ විදියේ ජනප්‍රිය ගිනිකන්දක්..මේ ගිණිකදු තියෙන්නෙ ජාවා දූපතේ විතරක් නෙමෙයි.. සුමාත්‍රා, බාලි, ලොම්බොක්, පැපුවා ආදී හැම පැත්තකම වගේ ගිණිකදු තියෙනවා.. ඇතැම් ඒවාට පෙලක් කාලවලදි යන්න දෙන් නෑ ..මොකද බඩු පැකට් වෙයි කියල තියෙන අවදානම නිසා.. 
Active Volcano @ Papua 
මේ කදු වලින් උසම ටික වුනත් අපිට ඈතින් දැක බලාගන එන්නත් ලේසි නෑ..මේක නිකං සමනොල බලලා නුවරඑලි ගිහින් පිදුරුතලාගලත් බලලා ඉන් පස්සෙ ඊලග දවසෙ දඹූලු ගිහින් සීගිරිත් බලාල එනවා වගේ ලේසි නෑ..මොකද මේ රට ෆ්ලැට් ලෑන්ඩ් එකක් නෙමෙයි..දූපත් ගොඩක් අනික මේ එක එක ස්ථාන අතර සමහර විට ගුවනින් ගියත් පෑ දෙක තුනක ගමනක් තිබෙනවා.. 


සත්තු වෘක්ෂලතා ආදිය 

ඉන්දුනිසියාවේ ලන්න ලක්ෂණ කබරු වගෙ සත්තු ජාතියක් ඉන්නවා කොමොඩෝ කියලා..උන් ටිකක් සැර ජාතියක්.. ගෑනුන්ට මාස් මාරුවෙන කාලවලට ඒ කොමොඩෝ ඉන්න වනෝද්‍යානයට යන්න දෙන්නේ නෑ..මොකෝ මේ කබරු ජාතිය ලේ වලට යම්කිසි ආකර්ශනයක් දක්වනවා.. ඔය විදියට ලේ වලට ලව් කරපු අපි දන්න එක්කෙනක් තමයි ඩ්‍රැකියුලා..පොරටත් ලේ සුවදට පිකප් වෙන ගතියක් තිබුනා..බාගෙදා ඒ ඩ්‍රැකියුල හිටපු කාලෙත් ගෑනුන්ට අසුවල් ලෙඩ් තියෙන කාලෙට ඩ්‍රැකියුලාගේ සෙන්සර් අවුට් යන්නට ඇති. 
Love story of Komodo Dragon 

ගහකොල සතා සීපාවා පිරුනු සදාහරිත නිවර්ථන වනාන්තර පරිසරයක් වගේම මුහුද ආශ්‍රිතව ඇති සමුද්‍ර ජීවින් පිරුන ලක්ෂන උද්‍යාන ඉන්දුනිසියාවේ තිබෙනවා..ඇතැම් විට අපි ගොඩබිම දකින විසාල අලි, කබරු සහ සිව්පා සතුන් සමහර දිවයින් වලදී මුහුද දිගේ පීනාගෙන ගොසින් මුහුදු ආහාර ලබාගන්නා අවස්ථාද තිබෙනවා.. 
Near Komodo Island

සිද්ධස්ථාන 

ඉන්දියාවේ කුෂාණවරු හිටිය කාලේ බුදුදහමේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කාලයක්..ඒ කාලේ කොයි තරං බලයක් තිබුනාද කිව්වොත් ඔය ඉන්දුනීසියාව වියට්නාමය, ලාඕසය, චීනය වගේ ආසියාවේ විශාල පදාසයක බුදුදහම සරුවට පැතිරුනා.. පසුව ඉන්දියාව සහ බොහෝ රටවල් මුස්ලිම් ආක්‍රමණ වලට යට යට වුනා.. මුස්ලිම් කියන්නෙ පිලිම අදහන්නෙ නැති ජාතියක් නේ..අනික සාමාන්‍යෙයන් මුස්ලිම් රටවල අනික් ආගම් වලට ගරු කිරිමත් ටිකක් අඩුයි නෙව.. 
Borobudur 
ඒ බණ කෙසේ වෙතත් මේ ඉන්දුනීසියාව දැනටත් ඉතුරු වෙලා වැදපුදාගන්න පුලුවන් මට්ටමේ බෞද්ධ සිද්ධස්ථාන තිබෙනවා.. සංඛ්‍යාත්මකව ගත්තොත් ලංකාවෙ ඉන්න බෞද්ධයින් සංඛ්‍යාවට වඩා ගනනක් ඉන්දුනීසියාවේ ජීවත්වෙනවා.. නමුත් ඒක ඔවුන්ගේ සමස්ථ  ජනගහනයෙන් සීයේට එකක් වත් නෑ..මේ කුෂාන් රාජ සමයේ ඉන්දුනීසියාවේ ඉදිකලා කියලා සැලකෙන පිළිම චෛත්‍ය ආරාම ඇතුලත් මහා විශාල ප්‍රෙද්ශයක පැතිරුණ නටඹුන් රාශියක් තිබෙනවා.එයින ඇතැම් පිළිම සහ නිර්මාණ තවමත් අපිට දැකබලාගන්න බොහොම යසට ඉතුරු වෙලා තියෙනවා.. 
බෝරොබුදුර් සිද්ධස්ථානයේ පැතිකඩක් 
මෙයින් ප්‍රධාන තැනක් ගන්නෙ ජාවා දපතේ යෝග්‍යාකර්තා කියන නගරාසන්නේ තියෙන බොරෝබුදුර් කියන සංකීර්ණය. මෙතැනට ඉර පායන දර්ශනයත් සංචාරකයින්ගේ සිත් ගත් එකක්.. පාන්දරම ගිහින් එතනට ඉර වැටෙන හැටි බලන එක මම හිතන්නෙ සිරිපා ගිහින් ඉර සේවේ බලනවා වගේ රාජකාරියක් වෙන්න ඇති. 
මුහුදට යට වුනු ඉපැරණි සිද්ධස්ථානයක් 
මේක ඇත්තටම ගයිඩ් එකක් නෙමෙයි.. ගයිඩ් එකක් නම් මීට වඩා ඒ ස්ථාන වලට යන එන විදිය..ලගම ටවුම..එයාපෝට් මොනවද? කොහොමද යන්නෙ ආදිය තියෙන්න එපායැ.. මට ඇත්තටම ඕනි වුනේ ඉන්දුනිසියාවේ බලන්නට තියෙන්නෙ මොනවද එහේ ගිහි්න අපිට කොරන්න ඇහැක්කෙ මොනවද කියාල අදහසක් ගන්න යමක් ලියන්නයි. 

අන්තර්ජාලයේ නම් ඉන්දුනිසියාව ගැන සාර්ථක උපදෙස් රැසක් තිබෙනවා.. මම මේ කොහෙවත් ගිහේ නැතුව මෙහෙම ලියන එකේ අවුලකුත් තියෙනවා..මං ඒක නෑ කියන්නෙ නෑ.. ඒත් ඉතිං යන කෙනෙක්ට හරි වැදගත් වෙයි නෙව..ලියා තිබුනාම. මේ තැන්වලට ඇත්තටම ගියාම මේ පිංතුර තරම්ම ලස්සන නැතිවෙයි..දැන් තියෙන කැමරා සහ තාක්සනේ නිසා පාරෙ ඉන්න නාටු බල්ල වුනත් බොහොම යසට පේනවා නෙව.. 

ප. ලි අප්‍රේල් 24ඉරිදා  උදේ  9සිට ට හවස 3 වෙනකල් පොඩි වැඩක් තියෙනවා රාජගිරිය හේවාවිතරණ විද්‍යාලයේ...නැසිගිය බ්ලොග් කරුවෙකු වූ ඔබා මාමාට පිං පිණිස පවත්වන ලේ දක්දීමක් එදාට හේවාවිතාරණ විද්‍යාලයේ දී පැවැත්වෙනවා.. ලේ ටිකක් දෙන්න. සයිබර් යාලුවො හම්බෙලා පොඩි කයියක් දාන්න. පොඩ්ඩක් අතීත කාමය එක්ක සෙට් වෙලා කතාබහක යෙදෙන්න ඔබටත් අවස්ථාවක් තියෙනවා.. බ්ලොග් බලන අය බලපු අය ලියන අය නොලියන අය ලියල නවත්තපු අය.. සහ මේ කිසිවක් නොදන්න අයටත් ලේ ටිකක් දීල තව කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්න අවස්ථාව එදාට ලැබෙනවා.. මාත් ටිකක් දවල්වෙන්න ඒ පැත්තෙ ඇවිත් යන්න හිතං ඉන්නවා.. 

10 comments:

  1. මහත්තයා ඉන්දුනීසියාවේද රාජකාරි කරන්නේ?

    ReplyDelete
    Replies
    1. අපේ කකා (රසික සූරියආරච්චි) තමයි මේ පාර බ්ලොග් උත්සවය තියන්න සල්ලි දුන්නේ. ඒ කියන්නේ අනුග්‍රහය දැක්වුයේ. හැබැයි කකා ඒක කියන්න එපා කියලා අජිත් ධර්මට කිව්වා. ඒ නිසා ගොඩක් අය ඒක දන්නේ නෑ.

      අජිත් ධර්ම මහතා එංගලන්තයේ ඉදලා ලංකාවට යන්න එන්න ගුවන් ටිකට්පත්,ඉදුම් හිටුම් වලටත් අනුග්‍රහය දක්වන්න කකා සුදානම් වෙලා හිටියේ. හබැයි පස්සේ දුමින්ද ඉන්ටනැෂනල් කියන සමාගමේ දුමින්ද මහතා අජිත් ධර්මගේ ගමනට අනුග්‍රහය දැක්වුවා.

      කකා කියන්නේ පොරක්. ඒක තමයි ඇත්ත. සිංහල බ්ලොග් ලියන ගොඩක් අය කොම්පියුටරේ ඔෆ් කෙරුවම නිකන්ම නිකන් හාල් කෑලි විතරයි. බ්ලොග් එක නිසා තමයි පොර වෙලා ඉන්නේ.

      ඒත් කකා එහෙම නෙමෙයි. බ්ලොග් එක තිබුනත් නැතත් කකා පොරක්. හොද රස්සාවක් කරන,රට රාජ්ජ වල ඇවිදින, හොද පවුල් ජිවිතයක් ගත කරනා කෙනෙක්.
      කකා කියන්නේ වඳ පිදපු මොටයියෙක් වත් එහෙමත් මැෂින් රෙපෙයාර් කරනා නුගත් බාස්සුන්නැහැ කෙනෙක්, මිනිස්සුව රවට්ටන මීමුරේ මාම කෙනෙක්,තෙල් බෙහෙත් වෙළෙන්දෙක්, කෙන්දරකාරයෙක් නෙමෙයි. කකා කියන්නේ බ්ලොග් එක බිස්නස් එකක් කර නොගත්තු ආදර්ශමත් කෙනෙක්. කකාට ජය වේවා. ඉදිරියටත් සිංහල බ්ලොග් දියුණු කිරීමට කකාට හැකියාව ලැබේවා.

      බලන්න කකාගේ තියෙන නිහතමානී කම.බ්ලොග් සම්මාන උළෙලට කකා අනුග්‍රහය දැක්වුවට ඒක කරේ තමන් කියලා කියන්නෙවත් නෑ. උගතා නිහතමානීයි කියන්නේ ඒ නිසානේ. ඇත්තටම කකා ගැන ලොකු පැහැදීමක් ඇති උනා.

      මෙන්න අජිත් ධර්ම මහතා බ්ලොග් උළෙල ගැන සතහඬ පත්තරේට ලබා දුන්න සම්මුඛ සාකඡ්චාවේ කොටසක්.

      "කොහොමද ඒ බරපැන සොයාගත්තෙ? (බ්ලොග් උළෙල සදහා)

      පසුගිය වතාවේ අපිට උදව් කළේ දුමින්ද ඉන්ටර්නැෂනල් සමාගමේ හිමිකරු වන දුමින්ද මායාදුන්නේ මහත්මයා. ඊළඟට LNW අඩවියේ චන්දිම විතානආරච්චි සහ මමත් පුද්ගලිකව මේ සඳහා මුදල් යෙදෙව්වා. මෙවර විශේෂත්වය තිබෙන්නේ සියලූ‍ ත්‍යාග ප‍්‍රදාන සඳහා වැය වෙන සම්පූර්ණ මුදල යොදවන්නේ බ්ලොග්කරුවෙක්. ඔහු මෙවර තරගයට ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒ වගේ ම ඔහු කැමති නැහැ තමන් කවුද කියා හඳුන්වා දෙන්න. ඒ නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් ඒ නම හෙළිදරව් කිරීමෙන් වැළකී සිටිනවා. මට ලංකාවට පැමිධෑමට සහ නැවත එංගලන්තයට යාම සහ මගේ නවාතැන් පහසුකම්, ගමන්-බිමන් පහසුකම් සඳහා මෙවරත් වියදම් දරන්නේ දුමින්ද මායාදුන්නේ මහත්මයා. ඊළඟට අජිත් පැරකුම් ජයසිංහ මහත්මයාගේ මැදිහත් වීම මත මෙවර අපිට ආධාර කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඉදිරිපත් වුණා. සමරු කළඹට ලැබුණ දැන්වීම්වලිනුත් යම් මුදලක් එකතු වුණා. මේ සියලූ‍ වියදම් පියවා ගැනීමෙන් අනතුරුව ඉතිරිවන මුදල සමාජ සද්කාර්ය සඳහා යොදවනවා."

      http://sathhanda.lk/

      Delete
    2. ඔය බ්ලොග් සම්මාන උලෙල ගැන මගේ ලොකු අදහසක් නෑ..
      ඒක ගිය අවුරුද්දේ වගේම මේ පාරත් පැවැත්වුනා..

      මම විස්වාස කරන දෙයක් තමයි ඔය සම්මාන කියලා කරන්නෙ ලෑලි පටි කෑලි ටිකක නම ගහල දෙන එක නේ.. වීදුරු වල ගහල දුන්නත් තඹ පත්තර වල ගහල දුන්නත් අවසානෙ එකමයි..

      ඉතිං ඕක මහා ලොකු වියදම් වැඩක් නෙමෙයි .. එන්ටරන්ස් වලට රුපියල් පන්සීයක් අරගෙන පොඩි තැනක කලානම් හැමෝගෙම දායකත්වය ඇතුව ඕක කරන්න තිබුනා..
      සාමාන්‍යෙයන් අර ඉස්කෝලෙ කාලෙ වගේ හැම එකටම අනුග්‍රාහකයෝ හොයන්න දුව ඇවිදින එක තේරුමක් නෑ.. අපි එකතුවෙලා සල්ලි දාල අපිම කාල බීල විනෝද වෙලා ගියාම මැදැයි..

      Delete
  2. 27 March? I think it will be on 27th April 2016.

    ReplyDelete
  3. 27 March? I think it will be on 27th April 2016.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තියෙන්නෙ අප්‍රේල් 27 ඉරිදා හෙවත් හෙට...

      Delete
    2. අප්‍රේල් 24 ඉරිදා කියල වෙනස් වෙන්න ඕනේ කියල මම හිතන්නේ...

      Delete
    3. iiye hawasa thamai liwwe..den me amaaruwen phone eken wenas karala demma.. mata calander maaru wela..

      Delete
  4. I have been to all these places as I'm currently living at Singapore. I wonder how u written these explanations like u saw all these in-detail. All the best.
    P.S. Malaysia don't have on arrival visa for Sri Lankans.

    ReplyDelete
  5. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete