Thursday, April 21, 2016

ගෑනු නිදහස


 පහුගිය දවසක පාන්දර 6ට විතර මාතර බස් නැවතුමට ආවා මහරගම යන්න. මම නැග්ග හයිවේ බස් එකක. ඒකෙ රියදුරු ගෑනු කෙනෙක්. මට හිතෙන විදියට මෙයා තමයි අර දැන් ටික කලකට පෙර හයිවේ බස් වලට ටර්න් එක දෙනකොට මෙයා ගෑනියෙක් නිසා මෙයාව නොසලක හරිනවා කියලා ලොකු පෙරලියක් කරපු ගෑනු කෙනා. 

පාන්දර 6 ට බස් එක ස්ටෑන්ඩ් ගේන්න අඩු තරමින් මේ ගෑනු මනුස්සයා පාන්දර 5ට වත් නැගිටින්න ඕනි. එතකොට සීරුවෙන් කල්පනා කරල බැලුවොත් ලංකාවේ බහුතර කාන්තාවන් විසින් සිදු කරන පාන්දර චරිතාංගය සම්පූර්ණයෙන්ම මේ රියදුරු කාන්තාවගෙන් ගිලිහෙනවා..

ලාංකිය මැද පන්තියේ කතුන් බහුතරයක් පාන්දර නැගිටිනවා..දරුවන් සකසනවා..සැමියාට තේ වතුර හදනවා..කෑම හදනවා.. සහ එයා වැඩට යනවා නම් ඒකට ලෑස්ති වෙනවා.. ඉතිං අර පාන්දර 5ට ගෙදරින් වැඩට යන්න වෙන කෙනෙක්.. මම හිතන්නෙ එයාට අපෙ සමාජය විසින් පවරා ඇති කාන්තා වගකීම් සහ යුතුකම් සැට් එකක් බෝස් ගාල ගැලවිලා යනවා..

කාන්තාවන් ගැන කතාකරනකොට අපේ සමාජයේ බහුතර දෙනාගේ අදහස වෙන්නෙ කාන්තාවන් රැකගන්න කාන්තාවන්ට වෙනමම නීති රෙගුලාසි අනපනත් ගෙනල්ලා එයාල රැකගන්න ඕනි කියලා.. මේක හරියට නිකං කැලේ ඉන්න සත්තු රකින්න උන් වෙනම කූඩු වලට දාල රැකගන්න හදනවා වගේ වැඩක්..කූඩු කිව්වම ටිකක් අවුල් නම් නිකං ලොකු පරිසරයක් උන්ට වෙන්කරලා දෙන රිදියගම පාක් එක වගේ එකක්..

මේ විදියට එක් එක්කෙනාට වෙන වෙනම නීති හදන එක අවුලක්.. ප්‍රසූත නිවාඩු, ගර්භනී සමය වගේ විශේෂම අවස්ථාවන් වලට හැරෙන්න කාන්තාවන්ට වෙනමම අවකාශ හදන එක මිනිස් සම්බන්ධතා වලට හොද දෙයක් නෙමෙයි. කාන්තා බස්, කාන්තා කෝච්චි පෙට්ටි, කාන්තා විවේකාගාර වගේ දේවලුත් ඇත්තටම වැදගත් නැති දේවල්. මම මෑතකදි කියවූ එක විදේශ රටක ආටිකල් එකක තිබුනෙ වැසිකිලි වල පවා ගෑනු පිරිමි බේධය නැතිකිරීම ගැන ඒ රටවල කතාවෙනවාලු.. ට්‍රාන්ස්ජෙන්ඩර උන්ට යන්න තැනක් නැති වීම එක හේතුවක්..අනික් හේතුව ඒක අනවශ්‍ය බෙදීමක් වීඹ නිසා වෙන කරදරය..උදාහරණ විදියට පොඩි ගෑනුලමයෙක්ව රැගෙන ගමනක් යන පියෙක් වැසිකිලි අවශ්‍යතාවකදි තරමක් අපහසුතාවයට පත්වෙනවා..

කාන්තා අයිතින් කාන්තාවන්ට වන පීඩා ආදිය ගැන කතා කරද්දි බොහෝ ලාංකික ලේඛකයින් සහ දේශකයින් පාවිච්චි කරන්නෙ ඉතාම බාල මට්ටමේ උදාහරණ..බස් එකේ කාන්තාවට වන හිරිහැර.. ඇයට මගතොටදි වෙන අතවර.. වගේ පොලිස්සියේ පැමිණිල්ලකින් විසදග ගත හැකි දේවල් මහා විසාල තීරණ ගන්න තැන්වල පවා ගජරාමෙට කතා වෙනවා.. ඊට වඩා මහා පරිමාණයෙන් ගියොත් රැකියා වෙළදපොල තුල කාත්නාවන්ට සිදුවන වෙනස් කොට සැලකීම් ආදිය ගැන ලොකු කතාබහක් නෑ.

මම හිතන්නෙ කාන්තාව ගැන කතාකරන්න කාන්තාව වෙනුවෙන් පෙනිසිටින්න යම් කිසි පුද්ගලයෙක් ට සැබෑ ඌමනාවක් තියේ නං එයාට පුලුවන් වෙන්න ඕනි සමාජය විසින් නියමිත වෙලා තියෙන කාන්තා වැඩකටයුතු ටික ඒ විදියටම කරන්න.. සරලවම කිව්වොත් හවුස් වයිෆ් වැඩේ සාර්ථකව කල හැකි පිරිමියෙක් සිටීද ඔහු කාන්තාවගේ ගැලවුම්කාරීත්වය පිණිස පෙනීසිටීමට සුදුස්සෙක් බවට පත්වෙනවා. හවුස් වයිෆ් වෙනවා කියන්නෙ රෙදි හේදීම, කෑම සෑදිම, ගෙවල් අස් පරස් කිරීම, මාකට් යෑම..ආදී කාන්තාව වෙනුවෙන් වෙන් වෙල තියෙන රාජකාරි ටික අකුරටම කරන්නට ඇහක් වීම..

කාන්තාව ගැන ටෝක්ස් දෙන ලියන කියන ඇතැමුන් කාන්තාව එක්ක ගෙදර ජිවිතේ ගත කරන්නෙ සැප හෝටලේකට ගිහින් කාලය ගත කරනවා වගේ සනීපයෙන්.. ඔහුට අවශ්‍ය සියලු දේ ලිංගික සතුට පවා ඔහුගේ අභිමතය පරිදි සිය පවුල විසින් සප්ලයි කරනවා..මෙයාට තියෙන්නෙ වයිෆ්ට කැමති මොනා හරි කරලා එයාව සතුටින් තියලා ලස්සනට පවුල ගෙනියන එක විතරයි..

කාන්තාවන් විදියට කරන් පුලුවන් ජොබ් මේවාය..මේවා නම් කරන්නට බැරිය කියලා ලොකු බැරියර් එකක් අපේ සමාජයෙ ්තියෙනවා.. රියදුරු රැකියාවට අර ඉහත කී හයි වේ බස් කාන්තාව බලෙන්ම ගියා මිසෙක ලේසියෙන් ගෑනු ඩ්‍රයිවර්ස්ල බදවාගැනීමක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම තාක්ෂණික සේවාවන් බොහොයමක කාන්තාවන් යොදාගන්නෙ ඉතාම අඩුවෙන්..

ඒ වගේම සමාජය විසින් කාන්තාව විසින් කල යුතු කියල තියෙන ගේ දොර වැඩ ඉවුම් පිහුම්..ලමයි සකස් කිරීම් ආදියත් එක්ක, කාන්තාව ජොබ් එකක් කරනවා කියන්නෙ වැඩ කාරියෙක් වැඩට ගන්නෙ නැත්තං ඒක ජොබ් දෙකක් වෙනවා..

මේතනදි සම්පූර්ණයෙන්ම පිරිමියා ගෘහණිය කරන වැඩ කිරීම විසදුමක් නෙමෙයි..ඒ මිනිහත් වැඩට යන්න එපායැ. එහෙම නෙමෙයි වෙන්න ඕනි..එක එක්කෙනා වැඩ වෙන්කරගෙන ඉන්න ඒවා හුවමාරු කරගන්න එක. නමුත් ඒක ලේසි වැඩක් නම් නෙමෙයි.

රුද්‍රමාදේවී කියන්නෙ 1200 වගේ කාලේ ඉන්දියාවෙ එක්තරා පලාතක හිටපු රජෙක්..රජෙක් වුනාට එයා ගෑනියෙක්.. ඉන්දීය සිරිත් අනුව ගෑනු කෙනෙක්ට රජ වෙන්න බෑ කියන බැරියර් එක එදාත් තිබුනා.රුද්‍රමා උපදිනකොටම එයා ගෑනු නෙමෙයි පිරිමි කියලා තමයි රටේ පතුරුවන්නෙ. හේතුව තමයි හැමෝම බලාපොරොත්තු වුනේ පිරිමි දරු උපතක්.. රුද්‍රමා පිරිමි ලමෙයක්ය කියලා තමයි රුද්‍රමාව කුඩා කල ඇති දැඩි කරන්නේ.. ඒ නිසා ඒ ගෑනුකම හංගන් ඉන්න පිරිමි දරුවාට මුලු රටම ආදරය කරනවා..යාබද රටවල සිටින සතුරන් පවා ඒ පිරිමි දරුවාට බිය වෙනවා.ඇය පිරිමි කුමාරයකු විදියටම සියලුම ශිල්ප සාර්ථකව හදාරනවා.. . නමුත් කලක් ගත වනවිට හැමෝටම තේරෙනවා ඇය ගැහැනියක්..

රුද්‍රමාදේවි කියන්නෙ තෙළිගු ෆිල්ම් එකක්..හැබැයි මෙහෙම ඉතිහාසකතාවක් සාධක සහිතවම තියෙනවා. ඇත්තටම රුද්‍රමා ගෑනු රජෙක් ඉන්දියානු පලාතක රජ වෙලා ඉදලා තියෙනවා. තරමක් ඉන්දීය ටෙලි නාට්ටි සිරි ගත්තා වුනත් අලුත් අත්දැකිමක් තියෙන කතාවක්.. එතනදි රුද්‍රමා කුඩා කල දෙමාපියන් විසින් ගෑනු ලමයෙකු සහ කුමරියක විසින් කල යුතු යුතුකම් ආදිය කියල දීල ගෑල්ලමයෙක් විදියට හැදුවෙ නෑ..රුද්‍රමාට කුමාරයන් විසින් ඉගෙන ගත යුතු දේවල් තමයි ඉගැන්නුවේ.. ඒ නිසා ඇයට පසුකාලීනව රාජ්‍යත්වය ලබාගන්නට හැකියාව ලැබුනා..

ඇයටත් වෙනත් කුමාරිකාවන්ට වගේ කුමරි බඹසර, ගෘහ පාලනය, සූප ශාස්ත්‍රය, රූපලාවන්‍යය වගේ බ්ලා බ්ලා ගර්ල්ස් ස්පෙෂල් වැල් බයිලා ඉගැන්නුවා නම් රුද්‍රමාට රැජිනක් වෙන්න ලැබෙන්නෙ නෑ..

කරීනා ඉන්න ලස්සන හින්දි චිත්‍රපටියක් යනවා හවුස් වයිෆ් චරිතය කරන්න කැමති තරුණ සල්ලිකාර කොල්ලෙක් ගැන. ඒ කොල්ල කැමති නෑ ගෙදර පිරිමියා වෙන්න. ඌඨ ඕනි ගෑනයෙක් වගේ උයන්න පිහන්න රෙදි සෝදන්න සහ ගෘහ පාලනය කරන්න. ඉතිං මෙයාට ලැබෙන ගෑල්ලමයා ටිකක් පිරිමි මොඩල් එකේ එකක්.. මේ දෙන්නාගේ ජීවන චර්යාව කදිමෙට ෆිල්ම් එකේ නිරූපනය කරල තියෙනවා..ටිකක් වෙනස් චිත්‍රපටියක්..ලංකාවෙත් තිරගත වුනා..දැන්නම් නැතුව ඇති. 

ඒ ෆිල්ම් එක කී ඇන් කා.. ඒ ෆිල්ම් එකේ මම අකමැතිම දර්ශනයක් තමයි කම්පැනියක මාකටින් මැනේජරියක් වෙලා ඉන්න ප්‍රධාන චරිතය එක් අවස්ථාවකදී ඒ වැඩකරන කම්පැනිය වෙනුවෙන් පිටරට සාදයකට සහභාගි වෙනවා..ඒ අවස්ථාවේ ඇමරිකන් කම්පැනියක මාකටින් ලොකු ඩෑල් එකක් මෙයාට සෙට් වෙනවා.. එතනදිමේ දෙන්නා එකතුවෙලා පොඩි බිස්නස් කතාබහ දුරදිග ගිහින් කම්සැප හුවමාරු කරගන්නවා.ඒ කිව්වෙ ඇමරිකන් කාරය එක්ක අර ඉන්දියන් මාකටින් චීෆ් මැනේජරිය සෙක්ස් කරනවා. .නිළිය ඒක සාධාරනීකරණය කරන්නෙ ඒක ඇමරිකන් අය සතුටුවෙන ක්‍රමය..එයාලට ඒක සාමාන්‍යයයි, කම්පැනියක මාකටින් තැනක ඉහල ඉන්න කෙනෙක්ට ඒවා සාමාන්‍ය දේවල් කියලා..

ඒත් මම හිතන්නෙ එතනදි නම් ටිකක් ඕවර් ගිහින් කියලා.. මොකද දියුනු රටවල එහෙම වෘත්තිය සම්බන්ධතා තුල වාසිය පිණිස සංසර්ගයේ යෙදීම ආදිය නඩු යන කේස්.. සමහර විට ඉන්දියාවෙන් යන හාල් කෑලි නම් අනේ සුද්දා කැමති වෙයි කියලා උස්සලා අල්ලනවා ඇති..නමුත් ඌ ඔරිජිනල් සුද්දෙක් නම් ඇල්ලුවත් එකයි නැතත් එකයි ඌ වැඩ කරන්නෙ ඌට ලැබුන රෝල් එකේ විදියට..

ගෑනු නිදහස ගැන කතා කරද්දි කලකට ඉහත මං ගිහිපු ඉංගිරිසි පංතියක සර් කෙනෙක් අපෙන් අහපු පස්නෙයක් මට මතකයි.. එයා අහනවා. හිතන්න ඔයාලට බබාල දෙන්නෙක් වගේ ඉන්න කාලෙක.. ඔයාගේ වයිෆ්ට ලොකු ඔෆර් එකක් ලැබෙනවා සති තුනකට විදෙශ ගත වෙන්න.වයිෆ් විතරයි යන්න ඕනි. ෆැමිලිය ගෙනියන්න බෑ.සමහර විට සමාගමේ ට්‍රේනින් එකකට වෙන්න පුලුවන්..නැත්නම් එයාගේ සේවය වෙන රටකට ඕනි නිසා වෙන්න පුලුවන්..

ඔයාට පුලුවන්ද ඔයාගේ වයිෆ්ව රිලිස් කරන්න ?

ගොඩක් අය ඔව් කියයි.. සමහර විට මගේ බ්ලොග් එක බලන බොහෝ පිරිස තරමක් විවෘත මනසක් තියෙන අය නිසා කැමති වෙයි.. නමුත් අපේ සාමාන්‍ය සමාජයේ ඉන්න අයනම් වැඩිදෙනා තමුන්ගේ වයිෆ්ව රිලිස් කරන්න කැමති වෙන් නෑ.. විශේෂයෙන් වයිෆ් තමුන්ට වඩා පහල වෘත්තිය මට්ටමක ඉන්නවා නම් උදැල්ල කොහොමත් සෙට් වෙයි.

තෙළිඟු ෆිල්ම් එක රුද්‍රමා දේවී Rudramadevi 
හින්දි එක Ki & Ka 

43 comments:

  1. මම මේ ඉන්න රටේදි දැක්කා scaffolding කුලියට දෙන ආයතනයක වැඩකරන කෙල්ලෙක්. එයාගේ ජොබ් එක තමයි අර යකඩ කඳන් තොගය වෙයාහවුස් එකෙන් පටවගෙන ට්‍රක් එකත් එලවගෙන අවශ්‍ය සයිට් එකට ගෙනිහින් බාන එක. මෙහේ ලොරි සහායක හෙවත් ක්ලීනර් කියන ජොබ් එක නැති නිසා ඒවා ඔක්කොම ඩ්‍රයිවර්ම කරගන්න ඕන. සිගරට් එකක් ගහගෙන ඉන්න වෙලාවේ මම ඇහුවා දවසකට මේ වගේ ඩිලිවරි කීයක් විතර කරනවාද කියලා. සමහර දවසට හය හතත් වැටෙනවාලු. මහන්සි නැද්ද කියලා ඇහුවාම "yes,why not. but I have to run my family කියලා අන්තිම සිගරට් උගුරත් ඇදලා see you mate කියලා කිරිල්ලි වගේ යන්න ගියා.මට ඒකිව අල්ලලා ඉඹ ගන්න හිතුනා. ෆුල් සැලියුට්!!! ඒ ජොබ් එක පට්ට අමාරු ජොබ් එකක්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අරූ. ඒ වගේ වෙලාවට ඒ වගේ කාන්තාවෝ අල්ලලා ඉඹින්න හිතෙනවා තමයි. මමත් දන්න කියන එහෙම අමාරු රස්සා කරලා පවුල් ජීවත් කරන කාන්තාවෝ ඉන්නවා යකඩ වගේ ගැහැණු. උන් ගැන දැනෙන්නේ අප්‍රමාන ආදරයක්.

      Delete
    2. මෙහෙ සිවිල් ඉංජිනේරු පැත්තෙන් ඉගෙන ගන්න දක්ශ ගෑනු ලමයින් ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ ඔෆිස් වල අඩු පඩියට...සයිට් බලාගන්න ගෑල්ලමයි යොමු වෙන්නෙත් අඩුවෙන් .. ඒ වගේම කොම්පනිත් වැඩි මනාපයක් නෑ වගෙ...ඒත් සමාර පිටරට කොම්පනි අතලොස්සක ඒම නෑ..ගෑනු පිරිමි දෙකම වැඩ..

      Delete
    3. මේ පෝස්ට් එක දාපු එකාටයි ඒකට පක්ෂව කොමෙන්ට් කොටපු උඹල සෙට් එකටයි කරන්න පොඩි වැඩක් තියෙනව. අන්න හැලපෙගේ ගමේ ගාමිනි හොටෙල් එකේ මත්තයියා එක්ක සෙට් වියල්ල. එතකොට ගෑනු නිදහස දෙන්න ලේසි වෙයි.

      Delete
  2. ගෑණු ජොබ් කිරීම ගැන ඇන්ටන් ජෝන්ස් මුල් කාලයේ කියූ අම්බානක් ප්‍රතිගාමී සින්දුව අහලා තියෙනවාද?

    ඔය රුද්‍රාමාදේවී ගැන චිත්‍රපටිය මේ ලඟදී දවසක එයාලයින් එකක ලිස්ට් එකේ තියෙනවා දැක්කත් දිග වැඩි නිසා බැලුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. රුද්‍රමාදේවි ටිකක් දිගයි...හැබැයි ඉන්දියන් ඇනිමේශන් දැක්කම වෙලාවකට හිනත් යනවා..ඇන්ටන් මල වෙලාවෙ ලිව්ව පෝස්ට් එකක ඔබ ඇන්ටන්ගෙ ඒ සින්දුව විවේචනය කරල තිබුන..

      Delete
  3. කානත් විමුක්තිය ගැන බොළඳ දේවල් කියවන අයට රිදෙන වටිනා දැක්මක් ඇති අගනා ලිපියක් ලෙස දකිමි.

    ReplyDelete
    Replies
    1. කාන්තා විමුක්තිය ට තිබුන එන් ජී ඕ මාකට් එක පහුගිය කාලෙ ටිකක් අඩු උනා..කාන්තාවන් ගැන කතාකරනවාට වඩා අලි, බල්ලො වනසතුන් ගැන කතාකිරීම ලාබයි වාගෙ..එකාතකින් එයාල කතාකරනවට වඩා හොඳ යි නැත්‍යුවම ඉන්න එක..සමහර කාන්තා සංවිධාන මෙහෙ නැති ප්‍රශ්න වගා කරන්නත් හදනවා..

      Delete
  4. ගෑනු නිදහස ගැන මේ වගේ සිද්දි අල්ලගෙන කතා කරන්න බෑ. අනෙක මෙහෙම පිරිමි මානසිකත්වයකින් හැසිරෙන ගෑනු වීරවරියන් කරන්නේ ලිංගිකත්වය සමබරව දකින්න බැරි අසමබර මිනිස්සු. ගෑනු මානසිකත්වයක් තියෙන පිරිමිත් මේ ලෝකේ ඉන්නවා. මේ දෙගොල්ලම ඉතිහාසය විසින් යවන්නේ කුනු කූඩයට. ඒ නිසා අපි අපිවම රවට්ටගන්න ඕන නෑ. මෙතන මේ ගෑනු කෙනා මහා ප්‍රතාපවත් චරිතයක් විදිහට දකින කිසි කෙනෙක් ඒ වගේ කෙනෙක් තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය කරගන්න හීනෙන්වත් හිතන්නේ නෑ කියල මටනම් බුදු ශුවර්. ඔක්කොටම ඉස්සර වෙලා ලෝකේ ජඩ කුහක පිරිමින්ගේ සේරම අපවාද විඳගෙන ගෑනුන් විදිහට සමාජය පිළිවෙලකට තියාගන්න තමන්ගෙ පැත්තෙන් සියළු වගකීම් හරියට කරන පිරිමින්ට සමාන වීමට අවශ්‍ය නැති එවැනි නිදහසක් බලාපොරොත්තු නොවන සැබෑ චරිත වලට නිසි ගෞරවයක් දෙන්න පුරුදු වෙන්න ඕනේ. අනෙක බස් එකක් එලවන්න කාන්තාවක් නොහිටියා කියල ඒක පිරිමින්ට කරන්න බැරි දෙයක් නෙවෙයි. නමුත් සමාජය පැත්තෙන් ලිංගික සමබරතාවය අනුව කාන්තාවන්ටම ආවේනික ක්‍රියාකාරකම් පද්දතියක් ඕන සමාජ පරිසරයක තියෙනව නියත වශයෙන් පවත්වාගතයුතු. මනුස්ස සමාජයක නියමාකාර පැවැත්මට බලපාන මූලික අංගයක් තමයි ලිංගිකත්වය අනුව ස්ත්‍රී පුරුෂ වශයෙන් මනෝවිද්‍යාත්මක සාධකත් ඇතුලුව තිබිය යුතු සමබරතාවය. එතනදී ස්ත්‍රීත්වය හා මාතෲත්වය කේන්ද්‍රීය වූ පිරිමින්ගේ පෞරුෂයට සමරූපී ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්දතියක් මගින් තමයි සමාජයක එක් අන්තයක සමබරතාවය රැකෙන්නේ. අවාසනාවට කිසි කෙනෙක් මේ සාධක ගැන අවබෝධයක් ඇතුව කටයුතු කරන්නේ නෑ. ඒ එක්තරා කුහකකමක්. මේ කුහකත්වය මිනිස්සුන්ගේ මානසික දුර්වල කමක්. ඒකයි සාමාන්‍යෙන් පිරිමින් කරන දේ කරන පිරිමි හැසිරීමක් ඇති කාන්තාවන් වීරත්වයට ගෙන යමින් මෝඩ තෘප්තියක් ලබන්නේ සමහරු. ඒ වගේම පිරිමින් කරන කරන දේ විචාරයක් නැතිව කරන්න තියෙන හැකියාව දක්ෂතාවයක් විදිහට දකින්නේ. මම කරුනු හොයාගෙන තියෙනවා මේ වගේ පිරිමි හැසිරීම් ඇති ගෑනු සමලිංගික ජීවිත් ගෙනියන්න උත්සහ කරනව රහසිගතව සමහර විට ගැහැනු ළමයි රවට්ටලා හොරෙන් විවාහ පවා කරගෙන. මේ සමාජ ගැටළු කුහකයෝ උවමනාවෙන් මග අරිනවා. ඒත් ඒවගෙන් පැනල යන්න බෑ. අද සේරටම වඩා අවශ්‍ය කුහකයන් නොවන ලිංගිකත්වයේ නියම ස්වරූපය හරියට පිළිගන්න තරම් විවුර්ත බවක් ඇති මිනිසුන් හා ගැහැනුන් පිරිසක්. ඒ වගේම පෞරුෂය හා පිරිමි ලිංගිකත්වය අනුව සමබර පුරුෂයින් සමාජයට හැදන්න පුළුවන් පියවරුන් වගේම ස්ත්‍රීත්වය හා ස්ත්‍රී ලිංගිකත්ව්යේ විශේෂන මත සමබර ස්ත්‍රීන් පිරිසක් සමාජයට එක්කරන්න පුළුවන් මවුවරුන්. අප පළමුව ඒ කාර්ය කරන අයට ගරු කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. අපේ බෞද්ධ ජන සමාජයේ මවට පියාට ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම ඉස්සර කාලේ අපේ සමාජයේ ගෑනු පිරිමි කියලා පැහැදිලි සංවිදානාත්මක බවක් වගේම ප්‍රතිපත්තියක් තියෙන අයට තැනක් තිබුනා. ඒක ගොඩක් වටින දෙයක් කියලයි මමනම් හිතන්නේ. අද අපිට ඕනේ ඒවගේ වටිනා සමාජයක්. ගෑනු පිරිමි කියල පැහැදිලි සීමා මායිම් තියෙන ප්‍රතිපත්ති තියෙන යහපත් මවුපියන් අද අවශ්‍යයි කියල කියන එක මමත් අනුමත කරනව

      Delete
  5. සම්පුර්ණ ඇත්ත ..මගේ හැගීම නම් මේ පිලිබදව ...දෙදෙනා දෙදෙනාගෙම වැඩ කල යුතුය යන්නයි.සහයෝගයෙන් වැඩ කිරීම හොද පවුල් පසු බිමක් පවත්වා ගෙන යන්න උපකාරී වෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. බොහෝවිට දැන් නම් ලෝකෙට පරකාසෙ පෙන්නුවට ගොඩක් සැමිවරුන්ට පොල් ගාන්න එලවලු කපන්න..හදිස්සියට බතක් උයාගන්න පුලුවන් කම තියෙනව.. ඒක හොඳ ප්‍රවනතාවයක්...ඒම උනත් මීට වඩා නිදහස ක් දෙන්නාටම ලැබෙනවා නම් හොඳ ඉ..

      Delete
  6. මේ වගේ ස්ත්‍රී පුරුෂ භ්හාවය සමාජය ලිංගිකත්වයට අදාල දේවල් උඩින් පල්ලෙන් ආවට ගියාට තම තමන්ගේ හිත්වල අඩු වැඩි වශයෙන් තියෙන කුහකකම් එක්ක කලවම් කරගෙන කතා කරන්න බෑ. අනෙක කාන්තාවක් බස් එකක් එලවපු එකම රට ලංකාව නෙවෙයි. මේ වගේ කාන්තාවන්ට ඔය කියන ගෑනු නිදහස තියෙන තවත් රටවල් තියෙනව ඕන තරම්. ඒ රටවල මතවාදීව ක්‍රියාත්මක වන බටහිර කාන්තා විමුක්තිවාදය විසින් තමයි මේ චරිත පුම්බන්නේ ව්වගේම පෝෂණය කරන්නේ. මේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල දුරදිග ගිහින් අද සමහර බටහිර රටවල ලිංගිකත්වය එක විකාරයක්. ලිංගික ව්‍යාකූලත්වයන් විසින් සමාජයම අවුල් ජාලයක් කරල ඉවරයි. ඔය ගෑනු බස් එලවපු එක එකක් විතරයි. පිරිමි කරන හැම දේම කරන්න ගෑනුන්ට නිදහස ඉල්ලල සටන් මෙහෙයවපු රටවල විප්ලවකාරී කණ්ඩායම් ඊට පස්සේ කරේ සමලිංගිකත්වය වෙනුවෙන් හඬ නගා ඊට පිළිගැනීමක් ලබා දීමයි. එකක් මතක තියාගන්න ඕනේ අපි කවුරුත්. ඒ තමයි පිරිමි ආරයට ගිය කාන්තා චරිත පිටිපස්සේ ඔවුන්ට ඒ සඳහා අනුබල දීපු තාත්තලා ටික එක්ක කුහක පිරිමි ගොඩක් ඉන්නව කියන එක. මේ අය තමන්ගේ ලිංගික ආශ්වාදයට විතරක් ස්ත්‍රීත්වය මතක් කරගන්න ඒ වැඩෙට ලස්සන ගෑනු ඕන වෙන පස්සේ ගෑනුන්ගේ හපන්කම් ගැන කයිවාරු ගහන අය. ලෝකේ සමලිංගිකත්වය පිළිගෙන ලිංගික ව්‍යාකූලත්වයන් සාධාරනීකරනය කරගෙන තවත් ඒතුල අවුලෙන් වියවුලට ගොස් සමාජ ගැටළු ගනනාවක් ඇති කරගනිමින් අද ඒ සියල්ලෙන් බැට කන ඒත් ඒ කිසිවක් ගැන සත්‍ය පිටට හෙලි නොකරන රටවලත් මුලින්ම සිද්ද උනේ මේ වගේ තාත්තලා ටිකක් පිරිමි ආරෙට හදපු ගෑනු ළමයි වැරදියට සමාජගත කරල කුහක අදහස් වපුරල විකුර්ති තෘප්තියක් ලැබීම. අද ඒරටවල් මේ ප්‍රශ්න වලින් නොසෑහෙන්න බැට කනවා. ඒත් ලෝකෙට යුදෙවු මතවාදී ආදිපත්‍ය පතුරවන ජනමාධ්‍ය රහා ගහන්නේ වෙන බයිලා. ඔය ගෑනු නිදහස වෙනුවෙන් සටන් කරපු විප්ලව සිද්ද වෙච්ච රටවල ඒ රටට ආවේනික ජන සමූහය කාන්තා විමුක්ති සටන් වලින්ම වඳ කාලකන්නිකමකට තල්ලු කරලා. අද ඒ රටවල ගෑනු බොහොමයක් නිසි කලට විවාහ වීම හෝ ළමයි හැදීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. බොහොමයක් දෙනා ලිංගික දෙබිඩ්ඩන් හෝ කුඩා කලම සමලිංගිකත්වයට නැඹුරු වූවන්. ඒකටත් එක හේතුවක් වෙලා තියෙන්නේ පවුලේ මව විශේෂයෙන් ස්ත්‍රීත්වය අනුව මානසික හැඩගැසීම් අවම වූ අය වීමත් පියා කිසිම පෞරුෂයක් නැති මානසිකව බෙලහීනා පුද්ගල්යෙකු වීමත් කියන පවුල් පරිසර තුල හැදෙන පුද්ගලයන් වැඩි වීමයි.පිරිමි කරන අමාරු රස්සා කරල පවුල් ජීවත් කරවන කාන්තාවන් හිටියත් ඒ අයගේ පවුල් වල අනෙක් පසුබිම හිතන තරම් සුන්දර නෑ. මෙතන දැන් ඔය බස් එලවන ගෑනුන්ට ආවඩන සේරගෙම අම්මල ටික ඒ වගේ අය නොවුනේ පෙර්ට වාසනාවකට ඒකයි අවංකව පිළිගන්න තියෙන දේ. මේ නිසරු මතවාද වලින් ලෙඩ වෙච්ච රටවල අද මුස්ලිම් ආක්‍රමනයන්ට වේගයෙන් ගොදුරු වෙනවා. ඒ මෙම රටවල දෙවන තුන්වන පරම්පරා වල දුර්වලකම් නිසා ශ්‍රම බලකාය අඩු වීමත් විදෙස් රටවලින් සංක්‍රමනය වී රැකියා කරන මුස්ලිමුන් වැඩි වීමත් නිසා. මේ වගේ දේවල් ගැන කතා කරන්න ගියොත් දවස් ගනන් කියන්න දේවල් තියෙනවා. වැදගත් වෙන්නේ අපි අපිට අවංක වෙන එක. ලිංගිකත්වයේ ස්වභාවයට අනුව මේ ලෝකේ පැවැත්මක් ලැබෙන්න ඕන අයට මනුස්ස ඉතිහාසය පුරා ඒ පැවැත්ම ලැබෙනවා ඒ වගේම ප්‍රතික්ෂේප වන ලක්ෂණ ස්වභාවයෙන් ප්‍රතික්ෂේප වෙනවා. කුහකත්වය මුල් කරගෙන ස්වභාවයෙන් අතුගෑවෙන ලක්ෂණ බලෙන් වැඩිදියුනු කරන්න ගියොත් වෙන්නේ ස්වභාවයෙන්ම නිසි දඬුවම ලැබිල කුහකත්වය විසින් ගිල්ලපු ජරාව වමාරන්න වෙන එක.

    ReplyDelete
    Replies
    1. කාන්තාවාදය කියන්නේ ලෝකේ මොන රටත් විනාශය කරා ගෙනගිය පසුගාමී දෙයක්. මේ ගැන හොඳ විචාර බටහිර රටවල බුද්ධිමතුන් අතින්ම කෙරිල තිබුනත් අවාසනාවට ලෝකෙට මේව ගිහිල්ල නෑ.

      Delete
    2. මට හිතන්නෙ තා ඇනෝල පෝලිමක් ඇවිත් ඔබ කියල තියෙන දේවල් හරි කියල කියයි වගේ...කමක් නෑ හැමෝම මොන ක්‍රමයෙන් හරි විනෝද වෙන්න ඕනි නෙ..

      Delete
    3. කුහකකම් වැඩි නිසාමයි ලිංගිකත්වයත් සොබාදහමත් දෙකම තේරුම් ගන්න බැරි.

      Delete
  7. මට ඔය පිරිම් පේන්න බෑ
    -අනොමා ජනාදරී

    ReplyDelete
  8. හොඳ සංවාදයක් ඇතිකරපු ලිපියක් නිසාම මමත් කියෙවුවා. මමනම් විශ්වාස කරන්නේ කාන්තාව පිරිමියාට සම වෙනවට වඩා කාන්තාව පිරිමියාගෙන් වෙනස් වන තමන්ට ආවේනික ගති ලක්ෂණ ඉස්මතු කරගන්න උත්සහ කරන එක වැදගත් කියන එකයි. ඇත්තටම අමාරු රාජකාරි කරන්න පිරිමින් දැනගන්නත් ඕනෙ පිරිමියා මොනවහරි ලේසි වැඩක් කරලා කාන්තාවන්ගේ කර පිටින් අමාරු වැඩ කටයුතු සේරම තියන්න උත්සහ කරන එකත් මම පිළිගන්නේ නෑ කාන්තාවට දෙන නිදහසක් කියලා. ඇත්තෙන්ම මමනම් සමාජයේ අවංකව අත්දකින දේ ගෑනු පිරිමි විදිහට කෙනෙකුගෙන් කෙනෙකුට ලිංගිකත්වය අනුව ඇති විශේෂ ලක්ෂණ කැපිල පේන්න ඉස්මතු වෙච්ච එකිනෙකාගේ ඒ සුවිශේෂී බවට දෙපාර්ශවයම හරියට ගරු කරන සමාජයක් කාන්තාව පිරිමියාට සම වෙන සමාජ තත්වයකට වඩා ලස්සනයි වගේම අවුල්සහගතබවක් නෑ කියන එක. ඒ කාරනේ කියන්න අපි ලැජ්ජා වෙන්නවත් බය වෙන්නවත් ඕන නෑ කියලයි මට හිතෙන්නේ. කොහොම උනත් වැඩකට නැති හෑලි වලට වඩා සංවාදයක් ඇතිකරන ලිපියක් ලිවීම ගැන කෘතඥ්ඥ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්..පැහැදිලි වෙනසක් තියෙනවා...මේ ගැන ලගදි බ්ලොග් කාරයෙක් ලියල තිබුනෙ ලංකාවෙ ෆැමිලි ලයිෆ් නිකං ඉන්ටර්ලොක් සිස්ටොම් එකක් වගේ..එකිනෙකට ලොක් වෙලා ඉන්නෙ..ඒ නිසා දෙපාර්ශවයම ගැටලු වලට මුහුන දෙනවා...සමහර පවුල් ජීවිත සාසනේ වගේ එකිනෙකාට විනය නීති ගොඩායි..

      Delete
    2. \\පිරිමියා මොනවහරි ලේසි වැඩක් කරලා කාන්තාවන්ගේ කර පිටින් අමාරු වැඩ කටයුතු සේරම තියන්න උත්සහ කරන එකත් මම පිළිගන්නේ නෑ කාන්තාවට දෙන නිදහසක් කියලා.\\

      100% true

      Delete
  9. ++++ අමිල

    ළඟදි අහන්න ලැබුණ රැකියාවෙන් රටට ( අඩුම ගානෙ ගොඩක් කෙරෙන්න ඕනෙ දේවල් නොකෙරෙන තැනක ඉඳන්, ඒ මිනිස්සුන්ට සල්ලි, මහන්සිය නොබලා ) ලොකු සේවයක් කර කර හිටපු කාන්තාවක් තමන්ගෙ දරුවා බලාගන්න කෙනෙක් හොයාගන්න බැරි කම හින්දම රැකියාවත් රටත් අතෑරලා දාලා යන කතාවක්... ඔය ෆොසස් වල ඉන්න ඉහල නිළධාරින්ගෙ ගෙවල් වල වැඩට වාහනේකුයි රියදුරෙකුයි දෙනව වගේ මේ වගේ රැයක් දවාලක් නැතුව රස්සාවට දුවන්න වෙන මිනිස්සුන්ටත් අඩුම ගානෙ ළමයා බලාගන්න කෙනෙක් හරි හොයලා දෙන්න වගකිය යුතු ක්‍රමයක් හදනව නං.. මේ රටේ ඉගෙනගෙන හොඳ රැකියාවක් කරලා, රටට වැඩක් කර කර ඉඳල, තමන්ගෙ ළමයා හින්ද ගෙදර නැවතෙන ගෑණුන්ගෙ ජීවිතේටත් වටිනාකමක් ලැබෙයි... ( දැං කියයි තමන්ගෙ ළමයා වෙනුවෙන් එහෙම කරන ගෑණු හරීඊඊඊඊඊ හොඳ අය කියල.. එහෙම තමයි අම්මල කියල... අනේ බොරු කතා... තමන් ආසාවෙන් කරන රස්සාව දමල ගහලා ගෙදර එන්නෙ ගෙදර එවුන්ගෙ කුණු කතා අහගෙන ඉන්න බැරුව මිසක් .. ජීවිතෙං බාගයක් උදේ හවස මැරි මැරි ඉස්කෝලෙ ගිහින් පන්ති ගිහින් දුක් විඳිල හම්බකරගත්ත දේ ඒ රස්සාව.. ඒකෙන් ජීවිත කීයක් රකිනවද.. ඒක පැත්තක තියල ගෙදරට වෙලා බත් තම්බපන් කියන්නෙ ඒ ගෑනිටයි, තමන් මැරිලා මැරිල හම්බකරන හැම සතේම වියදමි කර කර ඒ ගෑනිට උගන්නපු ඒ ගෑනිගේ අම්මට තාත්තටයි කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය කියල මේ පිරිමි කවද තේරුම් ගනීයිද...)

    ReplyDelete
    Replies
    1. ගෑනි උදේට උයනවා. ගේ අස්පස් කරනවා. ඒ නිසා මම රෑට වලන් ටික සෝදලා, කෑම මදි නම් රෑට උයල තියනවා, රෙදිටික වැලට දානවා මාර්කට් එකෙන් බඩු අරගෙන එනවා වගේ දේවල් කරනවා. බත් තම්බන්න වෙන් උගත් කමක් නැති ගෙදරට වෙන ඉන්න කැමති කෙල්ලෙක් සොයාගන්න ඕනේ. වෘතීයමය ක්ෂේස්තරයක ඉගෙනගන්න වැඩ කරන කෙල්ලෙක් කසාද බදිනවා නම් එකී ඉගෙන ගතිපු දෙයින් දෙයක් කරන්න රස්සාවක් කරන්න ඉඩ දෙන්න ඕනේ. එහෙම නැති නම් ඒක පිරිමි කම නෙවෙයි ගෝත්‍රික කම.

      හැබැයි ලංකාවේ සමහර ගැණුත් ලොකු වැරද්දක් කරනවා මම දැකල තියෙනවා. වැඩ කරන බොහොම අය ඒක දැකල ඇති. ජොබ් ප්‍රමෝෂන් වගේ ලාබ දේවල් වෙනුවෙන් ආත්ම ගරුත්වය බොස් ට විකුණන එක. ඒක දුර්ලබ දෙයක් නොවෙන තැනටයි දැන් දැන් පත්වීගෙන එන්නේ. ඒ වගේම ඔෆිස් කොච්චි වල යන අය දන්නවා ඇති දෙගොල්ලොම රස්සාවට සැගවිල කරන කියන දේවල්.

      //ඔයාට පුලුවන්ද ඔයාගේ වයිෆ්ව රිලිස් කරන්න ? //

      ඒක ගැහැණු පිරිම බව ගැන ප්‍රශ්නයක් නෙවෙයි. පුද්ගලානුබද්ධ ප්‍රශ්නයක්. සමහර විට ඒ තීරණය පුද්ගල ඉතිහාසය මගින් ඇතිවෙලා තියෙන විශ්වාසය ගොඩක් වැදගත් වෙනවා ඇති.

      ඒ වගේම මර්ට්කටින් කරන්න බිස්නස් පාර්ට්නර් ට අසවල් වැඩේ කරන්න දෙන්න ඕනේ කියන ඒක නම් ඒ ස්ක්‍රිප්ට් ඒක ලියපු කෙනාගේ ගොන් කමේ හොදම ඒක කියල තමයි කියන්න තියෙන්නේ. ලංකාවෙත් සමහර ඖෂධ සමාගම් දැන් දැන් ඒවගේ මුට්ටිය දාල බලන වැඩ නොකරනවත් නොවෙයි.

      Delete
    2. ඔය ඔෆිස් කෝච්චි සීන් එකනම් අපිට විනෝද වීම ගැන තියෙන පටු සීමාවන් එක්ක ආපු දෙයක්...ඒකාකාරීව ගෙනියන බෝරින් ලයිෆ් එකට විනෝදය පොම්ප කරන්න පුලුවන් සම්බන්ධතා සහ සෙක්ස් වලින් පමණයි කියල හිතන පිරිසක් ඉන්නවා..ක්‍රීඩාව,කලාව,විනෝදාංශ නොමැති ඇවිදින මලමිනී වගෙ ජීවිත වලට එක්කො හැමිනෙන්න ආගමක් ඕනි නැත්නම් සම්බන්ධතාවක් හෝ සෙක්ස් ඕනි...

      Delete
    3. ////////ක්‍රීඩාව,කලාව,විනෝදාංශ නොමැති ඇවිදින මලමිනී වගෙ ජීවිත වලට එක්කො හැමිනෙන්න ආගමක් ඕනි නැත්නම් සම්බන්ධතාවක් හෝ සෙක්ස් ඕනි...............////////////////////

      සහතික ඇත්ත අමිල. මේක දකුණු ආසියාවේ කොහොම වෙතත් අපේ රටේ නම් ඛේදවාචකයක්. මෙවන් සමාජයකින් බිහිවෙන ඉදිරි පරම්පරාව කොහේ නවතීද...මෙලෝ රහක් නැති අනාගතයක පෙර නිමිති තමයි පේන්න, අහන්න සහ කියවන්න ලැබෙන්නේ.

      Delete
    4. Amil n aru. Totaly agree with u both.

      Delete
    5. Amil n aru. Totaly agree with u both.

      Delete
  10. දෙපැත්ත කැපෙන පිහියක් වගේ.. දෙන්නම හරි පරිස්සමට පාවිච්චිකලානම් ලස්සන කැටයමක් නෙලාගන්න පුලුවන් ජීවිතේ.

    ReplyDelete
  11. පරණ හිංදු දේවකතා කියවද්දි නං පුරුෂ මූලික බමුණු මතධාරී සමාජයක් තිබ්බ කියල හිතන්න බෑ. ඒ සමහර විට පුරාණ කාල වල මාතෘ මූලික සමාජයක් තිබුණ නිසා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව ගැන හුග දෙනෙක් වරද්දගෙන . ආර්යයන් එන්න පෙර ඉන්දියාවෙ තිබුනෙ කාන්තා මූලික සමාජයක්.මේ මෑතක්වන තුරුම කේරලයෙ රජකම ආවෙ මාතෘ පරම්පරාවට. බමුනො ස්ත්‍රී විරෝධී සම්ප්‍රදායන් හදුන්වල දුන්නෙත් ඔය හේතුව නිසාමයි.

      Delete
  12. ලංකාවෙ තියන අවශ්‍යතා හා වියදම් බැලුවහම ගෑණු පිරිමි විතරක් නෙමෙයි බල්ල පූසත් වැඩකරන්න ඕනෙ තත්වයක් තියෙන්නෙ. ඉස්සර කාලෙ ජන සමාජයේ මෙහෙමයි අරෙහෙමයි කාන්තාවගෙ තැන අරකයි එතන ඉන්න ඕනෙ කියන අය ගෑණුන්ට ගෙදර ඉන්න අපි සල්ලි දෙන්නම් කියන්නෙ නෑනෙ

    ReplyDelete
  13. ඉන්දියාවේ තෙලොගු මොන්ගල් චිත්‍රපටියක තියෙන පොන්න කතා රසකරකර තලු මරන්නේ මෙහෙ ඉන්න පොන්න හැතිකරේ. තෙලගු කතාවේ රැජිනගේ චරිතේ මෙහෙ ගෑනුන්ටත් ඇඟට ගන්නද කියන්නේ. මෝඩ පෝස්ට් දදා ඉන්දියන් කුනුහරප අදහන මොන්ගල්කම පෙන්නන්න එපා බොල.

    ReplyDelete
  14. Fucking rudramadevi is not a famous character. This shows how crazy is indian society even in the past.

    ReplyDelete
    Replies
    1. Whats the mater if woman can do mans work. Because woman equal man. Why we not give chance to woman to do mans works.

      Delete
    2. ආ උඹත් පැරකුම ජයසිංහගේ ඉන්ග්ලිෂ් ක්ලාස් ගියාද? එල එල

      Delete
  15. ඉතාම වටිනා ලිපියක්. මම දැන් බ්ලොග් එන්නෙ සීමාසහිතව නිසා මට හොද ලිපි හුගක්ම මගඇරෙනව.
    මේ රුද්‍රමාදේවි ට මා කියන්නෙ රුද්‍රම්මා /රුද්‍රම්මාදේවි කියලයි. රුද්‍රමාදේවි කියලත් කියනව ඇති. එකම එක්කෙනා බව ට නම් සැකයක් නෑ.
    රුද්‍රම්මා මෙන්ම අක්කාදේවිත් බලකොටු පවා වැටලුවා. මට හරියටම මතක නෑ අක්කා දේවි රජවුනේ නෑ. රජු රජකම් කරන විට රට ආරක්ෂා කිරීම කලේ අක්කා දේවියි.අක්කාදේවි විදේශ ආක්‍රමනවලත් නියැලුනා. තවත් ප්‍රකට රැජිනක් තමයි රාජතරංගනියේ ත් සදහන් දිද්දා.

    මේතනදි සම්පූර්ණයෙන්ම පිරිමියා ගෘහණිය කරන වැඩ කිරීම විසදුමක් නෙමෙයි..ඒ මිනිහත් වැඩට යන්න එපායැ. එහෙම නෙමෙයි වෙන්න ඕනි..එක එක්කෙනා වැඩ වෙන්කරගෙන ඉන්න ඒවා හුවමාරු කරගන්න එක. නමුත් ඒක ලේසි වැඩක් නම් නෙමෙයි. //
    ඇයි මේක විසදුමක් නොවෙන්නෙ.බිරිද රැකියාවට යවල මිනිහ ගෙදර වැඩ කරන එක නරක දෙයක් නොවෙයි. මම එහෙම කියන්නෙ පිරිමින්ට වඩා කාන්තාවන් කාර්යක්ෂ්ම නිසා.උදේ නැගිටල කෑම හදල බිරිද සහ දරුවන් පිටත් කරල ගෙදර අස් පස් කරල ඕන නම් කඩ මන්ඩියට ගිහින් යාලුවො එක්ක සෙට් වෙලා ආතල් ජීවිතයක් ගෙවන්න පුලුවන් නෙ. මම දන්න කීප දෙනෙක්ම ඉන්නව.


    ReplyDelete
    Replies
    1. සම්ප්‍රදායික කාර්යභාරයෙන් කාන්තාව නිදහස් නොකර නම් කාන්තාව බලගන්වන්න බැහැ. සම්ප්‍රදායික කාර්යභාරය හා සමාජ ආකල්ප වලට සමුදීම මූලික කොන්දේසියක් වෙන්න ඕන.අපේ කාන්තාවන් ඉදිරිගාමී මදි මෙතනදි.

      Delete
    2. ඔවු ඔවු මේ පුරුෂ මූලික සමාජය නැති කරන්නම ඕනේ. ඒකට හොඳම දේ තමයි ඔක්කොම ඉදිරි අනාගතේ ඉපදෙන පිරිමි ළමයි පොඩි කාලෙ ඉඳලම ගෑනු විදිහට හදන එක. එතකොට නිකම්ම ගෑනු ශක්තිමත් වෙලා පිරිමි දුර්වල වෙනවා. අන්න එහෙමයි ගෑනු නිදහස හැබෑවක් කරන්න ඕනේ. ශක්තිමත් පිරිමින්ව සමාජයෙන් ප්‍රතික්ෂේප කරවන වැඩපිළිවෙලකුත් ඕනේ.

      Delete
  16. අර සල්ලිකාර කොල්ලගෙ කතාවටත් යමක් කියන්න ඕන. මේකත් සමරිසි කතාව වගෙ තමා. මේ වගෙ ජීවත්වෙන්න කැමති පිරිමි ඉන්නව. නමුත් ඔවුන්ට සමාජයෙන් ලැබෙන්නෙ සරදම් සහගත සැලකිල්ලක්.
    මගෙ මතය නම් මේ වගෙ පිරිමින්ට තමන්ගෙ රුචි අරුචිකම් අනුව ජීවත් වෙන්න ඉඩ තිබිය යුතුයි.
    කාන්තාව පිරිමියා කියන බෙදීම වැරදියි. කාන්තාව තුල සමාජ සම්මත පිරිමියෙකුත් පිරිමියා තුල සමාජ සම්මත කාන්තාවකුත් ඉන්නව.
    නමුත් මේ පුරුෂ මූලික සමාජයෙ කාන්තාවන්ට ගරුකරගෙන ඉන්න කැමති පිරිමියෙක් විහිලුවට ලක් වෙනව.
    මේ වගෙ ආශා තියන හරියට ගැලපෙන දෙන්නෙක් මැච් වුනොත් ඉතාම සාර්ථක පවුල් ජීවිතයක්.

    ReplyDelete
  17. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete