Sunday, April 10, 2016

spa massage colombo ගැන මගේ සත දෙක

ඉර අව්ව පෝර වතුර වගේ අවශ්‍ය සාධක අඩු වෙනකොට ගහක් වුනත් පිලිවෙලකට හැදෙන්නෙ නෑ..ඒ වගේ මේ ස්පා මසාජ් කියන එකත් ලංකාව තුල තියෙන්නෙ විකෘති ස්වභාවයකට.. මේ මසාජ් වලින් නියම ලිංගිකමය සන්තර්පනය සහිත හැගීම් පිබිදවීමක් සිද්ද වෙන්නෙත් නෑ ...හරියට මසා්ජ් එකක් ලැබෙන්නෙත් නෑ.. මොක වුනත් පවතින්න ඕනි තියෙන මහපොලවෙ විදියට එපායැ.ඒ නිසා ඉතිං කවුරු මොන විදියට විවේචනය කරත් හොද කීවත් ඇද කීවත් මසාජ් කරන තැන් ආදිය දැන් කොළඹ සෑම උපනගරයක්ම ආශ්‍රිතව වර්ධනය වෙලා තියෙනවා. 

මසාජ් එකකින් ලැබෙන වෙනත් දේ මොනවද? 

ලංකාවෙ මසාජ් වලට යන පලවෙනි දවසෙ ගොඩක් අය ඒකට යන්නෙ සම්බාහනයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.. වෙනත් ලිංගික ආසාවක් සපුරාගන්න. නමුත් මසාජ් එක කියන්නෙත් ටිකක් ලල් එකක් තියෙන වැඩක්.. ගෑනියෙක් කකුල් මිරිකනවා, අත් මිරිකනවා, පපුව අතගානවා, බොහෝවිට හොදට අපිට කතා බහ කරනවා. අතපය එහෙ මෙහෙ වැදුනට රවන්නෙ නෑ.. ඔරවන්නෙත් නෑ.. ඉතිං ඔය විදියෙ අමුතු ගතියක් තියෙන නිසා මසාජ් කියන්නෙ සෙක්ස්ම නොවුනට මසාජ් කියන එකට සැලකිය යුතු පාරිභෝගිකයින් පිරිසක් එකතු වෙලා තියෙනවා. 
කේරල හිටං මසාජ් පිරිමි 

මසාජ් වලට යන්නෙ මෝල් අමාරු කාරයොද? 

ලංකාවෙ මිනිස්සු සාමාන්‍යෙයන් අනෙකාගේ විනෝදය පාච්චල් කරන මිනිස්සු ජාතියක්. කාටවත් කරදරයක්නොවෙන්න බස් එකක යද්දි කනේ ඇබ ගහන් සිංදුවක් අහං ගියත් සමහරුන්ට ඒකත් වැරදියි.. පාරෙ යද්දි කෙල්ලෙක් ගේ ඇගට තුරුල්වෙලා ගියත් වැරදියි..කෙල්ලෙක් එක්ක ෆිල්්ම එකක් බලන්න ෆිල්්ම හෝ්ල් ඉස්සරහ තියෙන පෝලිම දිහා සමහර අංකල්ල ඇන්ටිල බලන්නෙ හරියට අපායෙ දඩුවමට නියම වෙච්චි නරයො පෝලිමක් දිහා බලනවා වගේ කෝනයකින්. 

සැබෑව තරමක් වෙනස්.. මට හමුවුනු පොශ් හෙවත් සුඛෝපබෝගී මසාජ් වල හිටපු ගෑනු ලමයෙක් කියපු විදියට එයාලගේ කස්ටමර්ලා අතර දොස්තරලා..දේශපාලකයෝ,..නිළධාරින් වගේ ලොකු ලොකු ඩයල්ලුත් ඉන්නවා.. ජාතක කතා වගේ බොහොම රසට පත්තර පිටුවල තියෙන මසාජ් ස්පා ගණිකා මඩම් වැටලීම් වලදිත් ඒ තැන්වල කස්මර්ලා ඉහල සමාජය දක්වා පැතිරෙනවා කියලා ඒ අය සදහන් කරල තියෙනවා. ඒ වගේම මසාජ් වලට යන බහුතරයක් කසාද බැදපු අය. ලගදි පොඩි චැටකට සෙට් වුන මසාජ් ගෑල්ලමයෙක් කිව්වෙ මේ අවුරුදු දවස්වල නම් එච්චර ලොකු බිස්න්ස එකක් නෑ..මොකද ගොඩක් කස්මර්ලා වයිෆ්ල එක්ක ෂොපින් කරනවා ගෙවල් අස් කරනවා ඇති කියලා.. 

දවසක් මසා එකකට සෙට් වුන වයසක ඇන්ටියෙක් කිව්ව විදියට මසා වලට එන බහුතරයක් පිරිමි තරමක් කුලෑටි ගතිගුණ තියෙන අය.. බොහෝ අය මසාජ් කරන ස්ත්‍රිය අල්ලන්නට පවා පෙලබෙන්නෙ ඇගේ අනුමැතිය සහිතව.. මේක බොරු වෙන්නත් පුලුවන්..හැබැයි එක අතකින් X ගර්ල් ෆෙන් කෙනෙක්ව ටෝක් කරගන්න පුලවන් තරමේ හැකියාවක් තියෙන මනුස්සයෙක් මසා එකකට රිංගන්න පෙලඹෙන එකක් නෑ.. එහෙම බැරි එවුන් මිරිකගෙන හරි මෙව්ව කරගන්න නෙව මසා ඇතුලට යන්නෙ.. 

මසාජ් වල සෙක්ස් කරන්න පුලුවන්ද? 

බැහැ. සරලවම කිව්වොත් ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත නෑ.. බොඩි ටු බොඩි හෙවත් නිරුවත් ගෑනු සරීරය පිරිමි සරීරයේ වද්දමින් කරන තායි මොඩල් එකේ මසාජ් ජාතියක් තායිලන්තේ තියෙනවා. ඒවා අවසානයේ බොහෝවිට සිද්දවෙන්නෙ ලිංගික සංසර්ගයක්. ඒ මාදිලියේ මසාජ් පාලර් පහුගිය දවස්වල පොලිසියෙන් ඇල්ලුවා.. නීතියේ තියෙන වචන වාක්‍ය මොනවා වුනත් අර විදියේ කෙලින්ම සෘජු ලිංගික සම්බන්ධතා වලට ඉඩදෙන මසාජ් සාමාන්‍ය සමාජයේ නම් අඩුයි..ඇතැම්විට ලොකු තැන්වල ලොකු ලේයර් එකේ නම් ඇති. 
කේරල හිටං මසාජ් ගැහැනු 

මසාජ් වල කෑලි පන්නන් පුලුවන්ද? 

මමත් ඇතැම් තැන්වල වීරයෝ කතාකරනවා දැකල තියෙනවා.. ඒ වීරයින්ගේ කතා වල තියෙනවා මසාජ් එකේ කෑල්ලක් පන්නලා රූම් එකකට ඇදලා නිකංම සල්ලිත් නොදී ම ගිය තාලේ සුරංගනා කතා.. නමුත් අපි හැමෝම වීරයෝ නෙමෙයි. අනික වීරයින්ට ගෑනු කැමති වෙන්නෙ උගේ තියෙන වීර ගතියකටම නෙමෙයි.. ඇතැම් විට වෙනත් මුදල් මය හේතුත් ඒ අවටින් තියෙන්න පුලුවනි. 

මසාජ් එකක් ඇතුලෙ වැඩකරන තරුණියකට ආරක්ෂාව ඒක තුල තිබෙනවා. එයින් පිටත ලෝකය හිතන තරම් සුන්දර නැහැ. ගණිකා වෘත්තිය නීතිගත නැති සමාජ තලයේදී යම් කිසි ගණිකාවකට දැඩි ලෙස හිරිහැර සිද්ද වුන අවස්ථාවකදි පවා ඇයට නීතිමය රැකවරණයක් නෑ.. උදාහරණ විදියට සමහර මිනිස්සු ඉන්නවා ගෑනුන්ට ගහලා තලලා පෙලලා තුවාල කරලා කෘෘර විදියේ සතුටවල් භුක්ති විදින. ඒ වගේ අවස්ථාවක් වුනොත් අර එලියේ සර්විස් වලට යන මසාජ් එකේ වැඩකරන ගෑනු ලමයින්ට ලොකු හිරිහැර වලට මුහුනදෙන්න සිද්ද වෙනවා. 

කොහොම වුනත් මසාජ් එකකට ගිහින් අදාල කටයුත්ත කරගන්න සාමාන්‍යෙයන් රුපියල් 2000-2500 ක් ප්‍රමාණවත් ටිප් එකටත් එක්කම. අන්තර් ජාලයේ ලංකාවට ආපු සුද්දන්ගේ ෆෝරම් වල තියෙන විදියට.. එතනින් එහා සංසර්ග කටයුත්තට වියදම් වෙන ගාන එමෙන් 6-7 ගුණයක් මිස අඩුවක් නම් නෑ .. .. මීට අඩුවටත් ඇති.. නමුත් ඉතිං අවසර නැති තැන්වල රිංගුවාම පොලිස් කූඩුවල ලගින්න සිද්දෙ වෙන අවධානමක් සහ මේ වගේ සුන්දර වරදකට පොලිස් කූඩුවෙ ලැග්ගාම ලැබෙන සමාජ තත්වය එක්ක හිතුවාම රුපියල් දෙදාහට ලැබෙන ටික අරං නිකා ඉන්න එක හොදයි කියලා තමයි මට නං හිතෙන්නෙ.


මසාජ් කෙල්ලන් ගැන පට්ටන්දර 

මසාජ් කෙල්ලන්ගේ දුක්ඛිත ජිවිතය, ගණිකාවකගේ දුක් ගැහැට වගේ දේවල් මාකට් නිවුස්. කොටින්ම මම ලියන මේ ලිපියත් මේ මාසෙ වැඩිම හිට් ලිපියක් වෙයි.. මොකද ලිංගික දේවල් යාන්තමින් ගෑවුනත් හිට් වෙනවා වැඩියි.. හරියට කෑමකට කරදමුංගු ටිකක් දැම්මාම කෑමම සුවද වෙනවා වගේ.. 
පහුගිය දවසක බොරැල්ල පැත්තෙ සුපිරි මසාජ් එකක් වැටලුවා. ඒකෙදි අහුවුන ගෑනුලමයින්ගේ ගෙවල් වල අය දන්නෙ නෑලු එයාල මොනාද කලේ කියලා.. ඒ ගෑනුලමයින් ගෙව්ල වටල කියල ඇවිත් තියෙන්නෙ සැලුන් එකක වැඩට යනවාය කියලා. එතන හිටපු ගෑනු ලමයි 8න් 7ක් කසාද බැදලා කොළඹම අය. ඉතිං එයාල උදේ වැඩට ඇවිත් හවස වැඩ ඇරිල ගෙදර යනවා.. ඒ වගේම ලොකු ගානකුත් අතට ලැබෙනවා. 

මට ඇත්තටම තේරුම් ගන්න අමාරුයි ඔය මසාජ් එකකට නොයා ඒ වෙනුවට වෙනත් රැකියාවක් තෝරාගන්නා ඒ මට්ටමේ ගෑනුලමයකුට වඩා මසාජ් එකක වැඩකරන ගෑනුලමයෙක් විදින දුක හෝ හිරිහැර ගැටළු මොනවද කියලා.. කවදාවත් දොස්තර විබාගෙ පාස්වෙලා දොස්තර වෙන්න ඉන්න ගෑල්ලමයෙක් වත්..රජයේ ඉහල රැකියාවක් කරන හොද සමාජ තත්වයක ගෑනු කෙනෙක් වත් මසාජ් එකක වැඩට එන්නෙ නෑ.. ඔය එන්නෙ සමාජයේ යම් කිසි පහල ස්ථරයක්..යමෙක් ඔවුන් ගැන මහා ලොකු හද කැක්කුමකින් කතා කරනවා නම් යන්න ගිහින් බලන්න කටුනායක ගාමන්ට් වලකෙල්ලො විදින දුක, සිකුරිටි හෝ ෆෝසස් වල ගෑනු ලමයි විදින දුක, පැය තුන හතරක් බස් එකට කෝච්චියට හිරවෙලා දවසේ පෑ 12ක් කන්තෝරුවට කැපකරන ගෑනු ලමයින්ගේ දුක.. සුපිරි වෙලද සැලක පැය අටක් පුරා හිටගෙන ඉන්න විට කකුල් වලට තියෙන දුක.. කාරුවත් ඒව ගැන කතා නැහැ..නමුත් ගණිකාවගේ හෝ මසාජ් කෙල්ලන්ගේ දුක බලන්න කස්ටිය සූ ගාල එනවා.. සමහර විට දීකිරට බලල්ලුත් හරි මනාප ඇති සාක්කි දෙන්න. 

  මම කියන්නෙ නෑ ඔවුන්ට ප්‍රශ්ණ නෑ කියල..නමුත් ඒවා විසදගන්න එක ගැන කතාකරනවා මිසක ඒවායේ සදාචාරාත්ම රාමු, දාර්ශකින පසුබිම, මානසික ආතතිය, ආගමික පසුබිම වගේ බරසාර දේවල් ගැන ලියන යුනිකෝඩුත් අයියෝ යුනිකෝඩ්. 

ලංකන් මසාජ් සාමාන්‍යෙයන් වෙන විදිය 

ඔන්න ගිය ගමන් අපි ඇගපත හෝදගන්නවා..
ඉන් පස්සෙ මුනින් දිගාවනෙවා පලලින් අඩු ඇදක් වගේ තරමක් උස වේදිකාවක. ඉස්පිරිතාල ඇදක් වගේ උසකින් තමයි මේ ඇද තියෙන්නෙ ඒත් ඒ තරං පලල නෑ. 
අපි විසින් කලිං තෝරාගන්නා ලද ගෑනියෙක් ඇවිත් කකුලේ යටිපතුලේ සිට ඉහලට මසාජ් එක කරනවා.. 
ටික වෙලාවකින් අපිට අනික් පැත්ත හැරෙන්න කියනවා. 
සාමාන්‍යෙයන් බැක් සයිඩ් එක මසාජ් කරන්න ගන්න වෙලාව වැඩියි උඩ පැත්ත මසාජ් කරන්න ගන්නවෙලාවට වඩා.. 
ඉන් පස්සෙ ඒ පැත්තත් හොදට මසාජ් වෙල  ඉවර වෙන්න කිට්ටුව අර ඉන්න ගෑල්ලමයා හෝ ඇන්ටි අපි එක්ක කතා කරන්න පටන් ගන්නවා. 
ඉන් පස්සෙ අපෙ පපුව හරියත් මසාජ් කරල අහවර වෙලා ඇගිලි වලින් පොඩි ආතල් එකක් දෙනවා.. මේ ආතල් එකේ එපාම කරපු කෑල්ලක් තමයි අපේ තං වලට කිති කවන එක..
බොහොවිට ඊලගට ඇය ටිප් එක ගැන කතා කරනවා..සමහර තැන්වල ටිප් ගැන කතාකරන්නෙ නෑ.. එහෙම තැන් අඩුයි. 
ඉන් පසු ටිප් එකට අනුව ඇය අතගාන්න ලැබෙනවා ඇති. ඒ අතගෑම සිද්ද වෙන විදිය ගැන මම නම් වැඩිමනක් කියන්න දන්නෙ නෑ.. ඒත් යාලුවො කියපු විදියට සමහර තැන්වල ලැබෙන කාන්තා වාහනේ එංජින් අසබඩ, ඔයිල් එන තැන්, සයිලන්සර්, ඩිකි, බොනට් ආදී සියලු ස්තාන අතගාන්න පුලුවන්ලු ටිප් එක සුට්ටක් වැඩියෙන් දුන්නොත්. 

මං චූටි කාලෙ මසාජ් එකකට ගියාම මරු වැඩක් වුනා.. දැන් මසාජ් එකේ ඇග තලන කෑල්ල ඉවරයි..දැන් තියෙන්නෙ මල්ලි තැලීම.. කෙල්ල සංසාර පුරුද්දට වගේ මාව ටෝක් කරන්න අරගෙනත් ඉවරයි..දැන් එයා අහනවා මම කීයක් දෙනවද ටිප් එකට කියලා.. මම එයාගෙන් අහනවා ඒ ඒ ගානට ලැබෙන දේවල් මොනවද කියලා.. 

500ට නම් ටච් නෑ හැපී එන්ඩ් විතරයි කියල.කෙල්ල කිව්වා. 
මට දැන් හරි පුදුමයි මෙයා කියන විදියට.. අත් රක්ෂාව හෙවත් හෑන්ඩ් ජොබ් එක කෙරෙන්නේ අල්ලන්නෙ නැතුව. අල්ලන්නෙ නැතුව කෝමද දෙයියනේ හැඵී එන්ඩ් කරන්නෙ.. මට දැන් මාර ගැටලුව.. 
මං 1500ක් දෙන්නං මට අල්ලන්නෙ නැතුව හෑන්ඩ් ජොබ් එක  කරන විදිය කියලදෙන්න.. 
ඔයා මන්තරයක් වත් මතුරලද හැපී එන්ඩ් එක කරන්නෙ.. කියල මම ඇහුවා.. 

කෙල්ලට මැරෙන්න හිනා.. එතනින් පස්සෙ එයා දැනගත්තා මම ආමේචර කොල්ලෙක් කියලා.. ආමේචර වුනාම ගැරීම ඇතැම් විට වැඩියි ඇතැම් විට අඩුයි.. මොන දේටත් ඉතිං කලිං ආමේචර වෙලා ඉන්න එපායැ.. 

මම මසාජ් වලට ගිහින් තියෙනවා.සමහර විට අනාගතයේත් මම ඒවාට යාවි.. ඒ සැපය සොයාවි.ඒවායෙදි  අපි ගෙවන මුදලට යම්කිසි දෙයක් සිරුරට සහ මනසට ලැබෙනවා. ඒ වගේම මසාජ් වලට හෝ ඒ ආශ්‍රිත ශරීර සැප සොයාගෙන යන අය වැරදි කාරයො අසහන කාරයො අමාරු කාරයො විදියට මම දකින්නේ නෑ.පුද්ගලිකව මේ දේවල් වලට තියෙන නීති රීති රෙගුලාසි අඩුවෙලා හැම මිනිහාගෙම ආසාවල් වලට ගරු කරන සමාජයක් ඇතිවෙනවා නම් මම කැමතියි. 

මගේ මසාජ් ගැන සත දෙක ඉවරයි. බලා සිටි ඔබ සැමට ස්තූතියි 

18 comments:

  1. තමන්ගේ හිතට එකඟව ඇත්ත කතා කිරීමත් එක්තරා සමාජ සේවයක්!

    ReplyDelete
  2. පොඩි අවුලක් ආවා. ලංකාවේ ස්පා කියන්නේ බ්‍රොතල් හවුස් කියන එකටද?

    ReplyDelete
    Replies
    1. බ්‍රොතල් හවුස් නම් අනිවාර්යයෙන් ඒක ඇතුලෙදි සෙක්සුවල් කෝස් එක වෙන්න ඕනි වාගෙ නේද? ඒත් මෙතනදි කස්ටමර්ට ලැබෙන්නෙ handjob එක විතරයි..ඒකත් කස්ටමර් කැමති නම් විතරයි..තායිලන්තය වගෙ රටවල ලීගල් නැති උනත් ජයටම වැඩේ යනවා...නමුත් මෙහෙ මාසෙකට නිවුස් දෙකක් විතර පත්තරෙ යනව මසාජ් හෝ සැලොන් වලට පොලිසිය පැනල කට්ටිය කුදලන් යනවා... සාමාන්‍යයෙන් මෙහෙ සේෆ් ක්‍රමයට සියලු රස ඇතුලත් සෙක්ස් ටිකක් හොයාගන්න $200ක් විතර වියදම් වෙනවා එක වරකට...මං හිතන්නෙ එකම අක්ශාංස සීමාවන් වල තියෙන තායි,ඉන්ඩෝර් වගෙ සව්තීස්ට් ඒශියා යන්න කැමතී සුද්දො මෙහෙ එනෝට වඩා...ප්‍රධාන හේතුවක් මේ අපේ සෙක්ස,ලිකර්,නයිට්ලයිෆ්, වලට තියෙන බැරියර් එක...

      Delete
    2. අමිල්, පොඩි වැරදීමක් වෙලා තියෙනවා වගේ කියලයි මට හිතෙන්නේ.
      මම ලංකාවේ බහුතරයක් පිළිගත් හෝටල් වල හා එක් නොකී තැන්වල ස්පා වලට යන කෙනෙක් හා කැමැත්තෙන්ම ඒ සේවය ලබාගන්න පෙළඹෙන කෙනෙක්. ඒත් ඔබ කියන ප්‍රශ්නේ මට නම් දැනිලා නෑ. ඒ කියන්නේ මෙතන මොකක් හරි වැරදි අවබෝධයක් තියෙනවා වෙන්න ඕනේ.
      කොටින්ම මම ස්පා එකකට යන්නේ, මට අවශ්‍ය මසාජ් ට්‍රීට්මන්ට් එක ගන්න මිසක් සෙක්සුවල් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නෙමෙයි. මම හිතන්නේ මේ ඔබ කියන තැන් ස්පා වෙන්න බෑ. ගණුදෙණුකරුවාට අවශ්‍ය සැපයීම් ලබාදෙන ආයතන වෙන්න ඕනේ. ස්පා එකකින් වෙන්න ඕනේ බ්‍රොතල් හවුස් එකකින් වෙන දේ නෙමෙයි. මා ගැහැණු හා පිරිමි ස්පෙසලිස්ට්ලාගෙන් සේවය ලබාගෙන තියෙනවා ලංකාවේඩි. ඒත් කිසිම තැනකදි මට නම් ඔය වගේ වෙලා නෑ. (හොඳ වෙලාවට ) ඔබ ඉහතින් කියපු අනික් රටවලදිත් මට ඒ වගේ අත්දැකීම් වලට මුහුණදෙන්න වෙලා නෑ. මම හිතන්නේ අපි සේවය ලබාගන්න යන ආයතනය අනුව මේක වෙනවා ඇථි. (එහෙම නෑයි කියලා විශ්වාශ කරන්නත් මම බොළඳ නෑ. ) විශේසහයෙන්ම තායිලන්ඩ් කාන්තාවන් බොහොඅම් දක්ශයි මසාජ් තෙරපි වලට. ඒත් ඔවුන් හැම කෙනෙක්ම ඔය කියන තරම් සීක්‍රට් තෙරපි කරන්නෙ නෑ. ම්ප්කද ඔවුන්ට ඉහල සුදුසුකම් හා ඉහල වැටුපක් ලැබෙනවා. ඊට අමතරව ඩක්ශකම අනුව හොඳ ටිප් එකකුත් ලැබෙනවා. ( අසහනේ සුව කරගන්න තායිලන්ඩ් යන එක වෙනම කතාවක් ඒවගෙ තැන් අපේ අල්ලපු වැටේ වුනත් තියෙන්න පුළුවන්.
      ස්පා කියන්නේ ට්‍රීට්මන්ට් එකක්. ඒ වෙනුවෙන් අර පහල කිව්වා වගේ මෙඩිකල් බෙනිෆිට්ස් ලැබෙනවා. මම මෙහෙදි ස්පා යන බිල් ඔක්කොම මම ඩික්ලෙයා කරනවා ටැක්ස් වලට. මම හිතන්නේ බහුතායක් රටවල එහෙමයි.
      ටිප් කතාව මට අනුව නම් cලයන් සැටිස්ෆැක්සන් අනුවයි ඕක වැඩි වෙන්නේ. මම යන ගියපු ස්පා වලදි ඒක හින්දා වෙන්න ඇති මගෙන් ටිප් එක කීයද කියලා අහලාත් නෑ.
      නමින් ස්පා වෙන ඒවට වඩා සේවාවක් සපයන ස්පා ඕනේ තරම් ලංකාවේ තියෙනවා. වගකිවයුතු ආයතනයකින් සේවාව ලබා ගන්න අපියි දැනගන්න ඕනේ.

      Delete
    3. please suggest few places where I can go without raid fear..

      Delete

    4. මම කියන මේ මසාජ් ගැන මම මුලින්ම දැනගත්තේ අපේ ආයතන රියදුරන්ගෙන්.. වාහන ගැන නීති බොහොම තද නැති එක්තරා කාලසීමාවකදි ආයතන වාහන වලින් ඔය තැන්වලට යන්න මේකෙ ලොකු මහත්වරු පෙලඹිලා තිබුනා.. මේකෙ ලොකු මහත්තයෙක් කියන්නෙ ලංකාවෙ හැටියට තරමක් හොද තනතුරක්..
      ඒ වගේම මම කියන සෙක්ස් මූලික තෙරපි..(ඇත්තටම මෙතනදි කස්ටමර්ට ඕනි නං විතරයි හෑන්ඩ් ජොබ් එක වෙන්නෙ.. නමුත් බොහෝවිට ඒක තමයි මූලික..) ..වල ඇඩ්වර්ටයිසින් යන්නෙ සන්ඩේ ටයිම්ස් එකේ.. සිංහල පත්තර වල ඇඩ් යන්නෙම නැති තරං..

      හොද මසාජ් තියෙනවා. නමුත් මම කියවපු සමහර විදේශිකයින්ගේ අත්දැකීම් වලදි ඔවුන් කියන්නේ නම් මෙහෙ හොද ලොකු තැන්වල මසාජ් පවා නියම තත්වයෙන් නැහැ කියන කතාවක්.. සමහර විට ඒ සුද්දොත් බජට් සුද්දො වෙන්නට ඇති..

      කාන්තාවන් මසාජ් කරන්නට සැරසෙන පිරිමි තෙරපිවරුන් සම්බන්ධ ඇඩ් මම අන්තර්ජාලයේ සහ පුවත්පත් වල නිතර දකිනවා..මට හිතුන විදියට ඒක උගුලක් වෙන්නට ඇති.

      ලංකාවෙත් ඇතැම් හෝටල වල තියෙනවා ජෝඩුවම ගිහින් මසාජ් කරගත හැකි ඉතාම කදිම මට්ටමේ මසාජ් පාලර්.. ඒවායේ නම් නියම මසාජ් එක සිද්ද වෙනවා ඇති..

      මේක ගැන මම දන්නෙ ඇත්තටම ටිකයි.. ඇත්තටම මසාජ් කියලමේ පවත්වාගෙන යන්නෙ බ්රොතල් හවුස්ම තමා කියල කියන පිිරිසකුත් ඉන්නවා..

      මම කියන බ්‍රොතල් හවුස් ජාතියෙ මසාජ් ගැන නම් ඇඩ්වර්ටිස්මන්ට් සන්ඩේ ටයිම්ස් එකත් එක්ක ලැබෙන හිට් ඇඩ් එකේ පිටු දෙක තුනක්ම වෙන්කරලාම දාල තියෙනවා..

      මේවට කතාකරල “ මේ එහෙම කරන්න එපා..ඔතන සෙක්ස් චුට්ටකුත් ගන්න පුලුවන් වෙයි නේද “ කියල අහන අමුතු කුනු ආතල් ගන්න මගේ යාලුවෙක් හිටියා.. මිනිහගේ සංගනනය අනුව මේ හිට් ඇඩ් මසාජ් ඇඩ් වල තියෙන තැන් හැම එකකම මූලික වශයෙන් තියෙන්නෙ ෆුල් බොඩි මසාජ් එකක් කියන එක විතරයි..
      ඔරිජිනල් ස්පා එකකදි මසාජ් වර්ග ගනනාවක් තියෙනවා.. ඇඩ්වර්ටිස්මන්ට් එකේ ගොඩක් කතාන්දර තිබුනාට හැම තැනම වගේ තියෙන්නෙ පැයට 1000ට හෝ 1500ට තියෙන ෆුල් බොඩි ට්‍රිට්මන්ට් විතරයි..

      මේ බාල මසාජ් වල ඇඩ් බලන්නට නම් ගූගල් පිංතුර සර්ච් එකක Colombo Spa Massage කියල සර්ච් කරන්න.. එතකොට එන ඇඩ්ස් බොහොමයක් ඔ්‍ය තාවකාලික මසාජ් තමයි..

      මටත් පුදුම හිතුන පොයින්ට් එකක් තමයි එක තරමක් සුව පහසු තැනකදි ගෑල්ලමයා කියනවා මෙතනට දොස්තරලාත් එනවා.. කියලා.. ඇත්තටම දොස්තරලා එනවද නැත්තං තැන ලොකුයි කියන්න බොරු කිව්වද කියල නම් මට නිච්චියක් නෑ..

      Delete
  3. ආමේචර කියන්නේ මොකද්ද?

    ReplyDelete
  4. ජපානෙ නම් මසාජ් කියන්නෙ තනිකරම මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක්. ගැහැනු, මිනිස්සු ඕන කෙනෙක් යනවා කිසිම ලැජ්ජාවක් නෑ. ඒ විතරක් නෙවෙයි, මෙඩිකල් ඉන්ෂුරන්ස් කවර් එක පවා තියෙනවා.
    ඔය කියන ආතල් ගන්න තැනුත් වෙනම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනෙ මන්ද ජපං ගැන නම් xවීඩියෝ වල තීන ජපන් මසාජ් නම් ජපං සෙක්ස් වීඩියෝ වාගෙම තමයි....මෙහෙ ගෑනු අය යනව අඩුයි...බාගෙද මිල වැඩි හෝටල් ආශ්‍රිතව ගෑනු අය යන තැන් ඇති..

      Delete
    2. //ඔය කියන ආතල් ගන්න තැනුත් වෙනම තියෙනවා.//

      සොප්ලන්ඩ් ද ?

      //ඒ විතරක් නෙවෙයි, මෙඩිකල් ඉන්ෂුරන්ස් කවර් එක පවා තියෙනවා.//
      බොරු!! හොකේන් ෂෝ හෙවත් මෙඩිකල් ඉන්සුවරන්ස් කාර්ඩ් එකෙන් ඒවා කවර් වෙන්නේ නැහැ. නමුත් මෙඩිකල් ට්‍රීට්මන්ට් එකෙක් විදියට ගවුරවයක් දිනාගෙන තිබෙනවා ජපානයේ මසාජ්.

      Delete
    3. AnonymousApril 11, 2016 at 10:11 AM
      සමහරවිට 100%ම නිවැරදි නැතුව ඇති.
      ඒත් දැන් මම මෙතන බොරු කියල මට මොනවද ලැබෙන්නෙ.
      මම බ්ලොග් කාරයෙකුත් නෙවෙයි, මගෙ නම දන්නෙත් නෑ කවුරුත්.

      Delete
  5. හිතට එකඟ ව අපේ සමාජේ වැඩිය නොපෙනෙන පැත්තක් ගැන කතා කිරීමා බොහොම අගය කොඅ සලකනවා.

    ReplyDelete
  6. දියුණු ලෝකෙ මසාජ් වගේම spa කියන්නෙ වෘත්තිමය කාර්‍යයක්. දියුණු ලෝකෙ ඕක තවත් treatment එකක් විතරයි. ඒකෙ hand job නෑ.
    ඒත් අපේ මානසිකත්වය කොයි තරම් පසුගාමීද...ඉස්පිරිතාලෙට ගියාම හෙදියගෙන් hand job බලාපොරොත්තු නොවෙන අය මසාජ් සෙන්ටර් ගියාම අඩුම ගානෙ ඒ ටිකවත් බලාපොරොත්තු වෙන්නෙ අසහනය වැඩි නිසාද..

    ReplyDelete
    Replies
    1. ටිකක් සංකීර්ණ ප්‍රශ්න යක්...තායි..ඉන්දියන් ..ඉන්දුනීසියාව ..කාම්බෝජ..වගේ ගොඩක් රටවල මසාජ් වල සෙක්ස් ෆීලින් ලබදීමක් සිද්ද වෙනවාලු...ඒත් හැම මසාජ් එකෙම නෙමෙ...
      මෙහෙ අවුල සෙක්ස් තහනම් උනාම විකල්ප සැලුන් වලින් හරි එලියට එනවා...

      Delete
    2. අසහනය- සහනයක් නොමැති වීම..
      ජපානය බොහොම දියුනු රටක්. නමුත් ජපානයේ මිනිස්සුන්ගේ සෙක්ස් වල රුචිකත්වය තරමක් වෙනස්..ජපාන ජනතාවගේ තියෙන නිවුනු ශාන්ත ගතියට හාත්පසින්ම වෙනස් ජපානයේ කාම චිත්‍රපටිවල තියෙන දර්ශන.. කාම චිත්‍රපටි කියන්නෙ සත්‍ය නෙමෙයි.. නමුත් රුචිකත්වය අනුව නෙව ඒ ඒ රටවල කාම චිත්‍රපටි හැදෙන්නෙ.. ඒ අනුව බැලුවාම ඉතා කෘෘතර මට්ටමේ වද වේදනා ඇතුලත් ජපාන කාම රසිකයන් කියන්නේ අසහනකාරීන් පිරිසක්..

      Delete
  7. වියට්නාමයේ නම් මසාජ් කියන්නේ ගේම් එක ෆිනිස් වෙනකල්ම බැට් කිරීමක් තමා...

    ReplyDelete
  8. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete