Sunday, May 22, 2016

කොළඹ ට දැනුන උවදුර

මේ ගංවතුර සමහර දේවල් කොළඹ ජනයාට සමීප කලා. ඈත පලාතක විපතක් වුනාම ටීිවි එකේ පෙනී ඉන්න පොලිසිය දේශපාලකයින් සහ නිළධාරින් විපත ගැන බොහොම සංවේදී කතා කියලා ජනතාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඔක්කොම හරියටම අරගෙන තියෙනවා කිසිදේකට බයවෙන්න දෙයක් නෑ කියල මීඩියා වලින් කියනවා අපි දකිනවා.. නමුත් ඒ කතාවල ඇතුලාන්තය විදගන්නට මහගු අවස්ථාව්ක කොළඹ ජනයාට ලැබුනා. ඒ කියන්නේ දේශපාලකයෝ කොයි් තරං සංවේදී වුනාද? මේ පවතින ක්‍රමය තුල වූ ආපදා කළමනාකාර ආයතන සහ වෙනත් පද්ධති කොයි තරං සෝක් එකට අනතුර මෙව්වා කලාද කියලා ඒ ආපදා වලට ලක් වුන සහ ඒ ආසන්නයේ හිටපු ජනයාට හොදින්ම දැනෙන්නට ඇති. 

මේ විපත සහ ඒ ආශ්‍රිත සියලු කතාන්දර කියන්න අවකාශයක් අපි කාටවත් නෑ..ඒත් ඒ වගේ උගත් පාඩම් සහ ඉදිරි ක්‍රියාමාර්ග කියලා ලොකු කතාවක් පස්සෙ කාලෙක බොහෝම ඉක්මන්ට ලිය විය යුතුයි. ඒත් ඒ ලියවෙන්නෙත් ගංවතුර එද්දි වතුරෙන් එලියට ගිහින් වතුර පලාතෙවත් ආපු නැති නිළධාරී මිනිස්සු අතින්.. එයාල කොහොම ඕවා ලියයිද ක්‍රියාමාර්ග තෝරාවිද කියලා අපිට හිතාගන්නට බෑ.. 

දුරකථන බිසී වීමේ ගැටළුව 


විදුලි බල මණ්ඩලේ තියෙනවා එහෙම ෆෝල්ට් දැනුම් දෙන්න තැනක්. ටෙලිකොම් ජල මන්ඩලේ..හදිසි ඇමතුම් වගේ ගොඩක් තැන්වල කෝල් සෙන්ටර් මේ වෙලාවෙදි බොහොම ඉක්මනින් බිසී වෙනවා..ඒ කියන්නෙ කෝල් කලාම ආන්සර් කරන්න කෙනෙක් නෑ..හැමෝම බිසී.. 

වතුර පාරක් එද්දි ගොඩනැගිල්ලක් උඩ ඉන්න පිරිසක් තවත් වතුර වැඩි වේගෙන එන්නෙ නෑ කියල ඉන්නවා කියල හිතමු..දැන් මෙන්න බොලේ හිතුවෙ නැති විදියට වතුර පාර බුසු බුසු ගාල නගිනවා.. ඉතිං දන්න කියන හදිසි ඇමතුම් සේවා වලට කට්ටිය කෝල් කරනවා.. නමුත් ඉතිං විනාඩි තිහක් පැයක් යනකල් කෝල් එක වෙයිටින් වෙද්දි අර මිනිස්සුන්ට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි.. 

මොකක්දෝ වාසනාවකට මේ ගංවතුර එහෙම එකපාර සෙනිකව බුසු ගාල නැගල තියෙන්නෙ කිහිප තැනක විතරයි.. ඒත් ආපදා කළමනාකරනය කියන එකේදි මේ ආපදා ගැන අහන්න ඉන්න තැන්වල කෝල්සෙන්ටර් වලට ඉක්මනින් තාවකාලික පදනමින් අලුතින් කස්ටිය ගන්න..කැම්පස් කොල්ලො ටිකක් වත් ඕවට ආන්සර් කරන්න දාන්න ක්‍රමයක් ඕනි වෙනවා.. මොකද නැත්තං ක්ෂණිකව ප්‍රතිචාර ඕනි වැදගත් තැන් බොහෝ මිස් වෙනවා.. 

ආපදා කළඹනාකරන වෙබ් අවකාශය 

අද කාලේ ලේසියෙන්ම මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුලුවන් තැනක් තමයි ෆේස්බුක් සහ වෙබ්..එයිනුත්ෆේස්බුක් කියන එක මිනිස්සුන්ට වඩාත් සමීපයි. ලංකාවෙ ආපදා කළමනාකරන උන්නැහේල කෙලින්ම තොරතුරු මහජනයාට දෙන්න වෙබ් අවකාශය එතරම් පාවිච්චි කරපු විදියක් පෙනුනේ නෑ.. එයාලට කිසිම කරදරයකින් තොරව ෆේස්බුක් හෝ ටුයිටර් හෝ එවන් සෝසල් මීඩියා එකක් හරහා කෙලින්ම විපත ගැන තොරතුරු මහජනයාට දෙන්නට හැකියාවක් හදාගන්න පුලුවනි. නමුත් ඉතිං ඒ වුනත් උදේ 9ට ඇවිත් හවස 4ට ඕෆ් වෙන්න තියෙන සේවක පිරිසක් එක්ක වෙබ් අඩවි නඩත්තුව කියන්නෙත් විහිලුවක් වෙයි ඇතැම් විට.. 

ආපදා මැප් එක.. 

මේ වගේ දේකදි සමහර දේවල් බෝ වෙනවා.. ඒ වගේ දරුණුවටම බෝ වුන දෙයක් තමයි ආධාර එකතු කිරීම. කොටින්ම ජනාධිපති ඇමතිවරු පවා ආධාර එකතුකිරීම කියන එකට ලොකු තැනක් දුන්නා දැක්කා. ඒත් ඇත්තටම ආදාර එකතුවීමට වඩා ආධාර බෙදීයෑම පිළිබද ගැටලු තිබුනා. මේ වනතෙක් ආපදාව සහ ආපදා වෙච්චි පැත්ත ගංවතුර බැස ඇති තැන්..ගංවතුර තවම තිබෙන තැන් ආදිය ගැන යාවත්කාලීන වෙන මැප් එකක් කා ගාවවත් නෑ.. මේ මැප් ගගහ ඉන්න වෙලාවක් නෑ ඕයි..විපතක් වුනාම පිහිට වෙන්න තියෙනවා.. 

ඒත් යාලුවනේ..දැන් ඔය වගේ මැප් එකක් ඇදල තිබුන නම් කැළණි ගඟේ වතුර මට්ටම 7 වෙද්දි යටවෙන්නෙ මොන පැත්තද? 6 වෙනකොට යට වෙන්නෙ මොන පැත්තද? කොතනද වැඩියෙන්ම යටවෙන්නෙ..කොයි තැන්වලින්ද වතුර බැහිල්ල හරියට වෙන්නෙ නැත්තෙ වගේ බොහෝ දේවල් හොයාගන්න තිබුනා.. ඒ විතරක් නෙමෙයි ආධාර නිකුත් කිරීම, තොරතුරු දැනුම් දීම ආපදා තත්වයන් ගැන දැනුවත් කිරීම වගේ දේවල් වලටත් මැප් එකක් වැදගත් වෙනවා.. 

මේ විදියෙ සිතියකමක් හදාගන්න ලේසිම ක්‍රමය තමයි ග්‍රාමසේවා වසම් , පොලිස් ස්ථාන, පාසැල්, වගේ රාජ්‍ය යාන්ත්‍රනය හරහා විපත් ප්‍රෙද්ශය ගනනය කරගන්න එක. ඒ කිව්වෙ ග්‍රාමසේවා වසමේ ඉන්න සමෘද්දි නිළධාරියා, සංවර්ධන නිළධාරින්, ග්‍රාමසේවක, කෘෂි උපදේශක හෝ කාරුහරි..තමුන්ගේ වසම මොකද්ද ඒකෙ කොයි තරං වතුර මට්ටමක් තියේද යටවුනු තැන් මක්කද? දල වශයෙන් යට නොවී තියෙන තැන් මොනවද කියල පොඩියට තොරතුරු ටිකක් දුන්න නං ඒ ටික කොම්පුටර් ගත කරලා ගංවතුර මැප් එකක් සරලවම හදාගන්න පුලුවනි..හැබැයි ඉතිං ඒවා නිකං ඉබේ කෙරෙන් නෑ.. කරන්න ඕනි මැදිහත් වෙලා කවුරුහරි.. 

කසල කළමනාකරණය 

කොළඹම කසල ගෙනිහින් දාන මීතොටමුල්ල පැත්ත යටවුනා.. කසල එකතු නිදහස් කිරීමේ ගැටළුවක් නිසා හෝ සේවකයින් ගේ මදකම නිසා ද මන්දා කොළඹ කසල ගෛාඩවල් ඇතැම් තැන්වල ගොඩගැහිල තිබුනා.. අවුරුදු ගානක් තිස්සේ කුනු කදු ගැන මාද්‍ය ජනතාව දේශපාලකයින් ගොඩක් කතා කලා..මේ ලගදිත් ඉසුර දේවප්‍රිය එහෙම එතන රිංගල මරික්කාර් එක්ක පොටෝ සූට් එකක් තිබුනා..මම දැක්කා.. ඉසුර දේවප්‍රිය මරික්කාර් කපල් එක කැතයි..එතන්ට හිරුණිකාවත් හිටියනං පොටෝ සූට් එක ලස්සනට තියේවි.. 

හරිම සරල ප්‍රශ්ණයක්..කොළඹ කුනු දාන්න හරිහමන් තැනක් නෑ..දාන්න යොදාගන්නවා කොළඹම තැනක්..උදාහරණ විදියට මීතොටමුල්ල හෝ මට්ටක්කුලිය..ඉතිං ඒ දාන්නෙ ත් කොළඹම ජනාකීර්ණ තැනක නිසා ඒ අවට මිනිස්සුන්ට ඒක ලොකු වදයක් වෙනවා.. මෙ  ගංවතුර වගේ අවස්ථාවල කුනු තිබුන පැතිවල ජනතාවට ලොකු බරක් පැටවෙනවා.. 

මේකට ආපු එක් සරල විසදුමක් තමයි දුම්රියේ පටවා කසල පුත්තලමට හෝ එවැනි දුරකට ගෙනගොස් ප්‍රතිචක්‍රීකරණය කිරීම.. මම හිතන විදියට ඒක කල හැකි කල යුතු දෙයක්.. පුත්තලම කියන්නෙ ජනගහනය තරමක් අඩු පැත්තක්.. එහේදි කසල එක්ක ප්‍රතිචක්‍රීකරණ සෙල්ලම් ඕනි දෙයක් ලේසියෙන්ම දාගන්න පුලුවනි. 

ඒ වගේම දවස් තුන හතරක් බොහොම ජනාකීර්ණව තිබූ පලාත් යටවුනාම ඒ එකතුවෙන නාගරික කසලත් ලොකු ගැටළුවක්..දුර්ගන්ධය,. කසල මගින් ජලය අපිරිසිදු වීම.. ඒවගේ දේවල් ගැනත් කස්ටිය ටිකක් හිතන්න වෙයි. 

දේශපාලකයෝ කාගෙද ?

මේ මහා ආපදාවේ අපි දැක්ක කොළඹ ජවනිකා වගේම අනෙක් පැතිවලත් මිනිස්සු පාලන ක්‍රමය හෙවත් සිස්ටම් එකේ උදව් වලට වඩා මිනිස්සුන්ගේම උදව් වලින් තමයි ජීවිතේ බේරගත්තේ ජීවිතේ ගැටගහත්තේ.. එතනදි පොලිසිය හමුදාව ලොකු දායකත්වයක් දැක්කුව තමයි..ඒත් රාජ්‍ය දේහය සහ ක්‍රමය ඉතාම නිද්‍රාශීලි විදියක් තමයි මේ සම්බන්ධයෙන් දැක්කුවේ.. 

අපිම තෝරලා අපේ මින්ස්සු කියලා යවන ඈයෝ නිසා ඇත්තටම අපිට ඒ ගැන ආයිත් මොකක්වත් කියන්නත් බෑ.. මිනිස්සු වගේම මින් පසු විපතක් ඇතිවුනොත් සාර්ථකව ක්‍රියාත්මක වන වැඩපිලිවෙලවල් තනාගන්න අපි උත්සාහ කරන්න ඕනි.. වතුර බැහැල යන මේ වෙලාවෙ කෙහෙල්ගෙඩි බත් ගෙඩි ගන්නවා වගේම ඉස්සරහට දේශපාලනික විඥානය කියන මොකක් හරි එක පාවිච්චි කරලා පුද්ගලයින් මත නෙමෙයි විපතකදී වුවද නොකැඩෙන සාර්ථක සිස්ටම් එකක් හදාගන්න අපේ එකමුතු කම පාවිච්චි කරන්න පුලුවන් නම් වටිනවා..

7 comments:

  1. ඉස්සරහට දේශපාලනික විඥානය කියන මොකක් හරි එක පාවිච්චි කරලා පුද්ගලයින් මත නෙමෙයි විපතකදී වුවද නොකැඩෙන සාර්ථක සිස්ටම් එකක් හදාගන්න අපේ එකමුතු කම පාවිච්චි කරන්න පුලුවන් නම් වටිනවා..//

    එහෙම එකක් තිබුනනං මෙහෙම වෙයිද... තාමත් බයියොයි ටොයියොයි එක එකාට කඩේ යනව... සුද්දගෙන් ඉල්ලගත්ත තැන ඉඳලම එහෙම වෙච්ච හින්ද තමයි අදත් ඔය හොරු රැලකට රට බාර දීලා තියෙන්නෙ...

    ReplyDelete
  2. බොහොම හොඳයි. මමත් මේ වගේ ලිපියක් ලියමින් ඉන්නේ. අද පළකරනවා. සාකච්ඡාවට භාජනය වියයුතු කරුණු රාශියක් ඔබ මේ ලිපියෙන් අනාවරණය කර තිබෙනවා.

    ReplyDelete
  3. ඉතා හොඳ ලිපියක්. අවාසනාවකට අපේ දේශපාලකයෝ වේතරක් නෙවෙයි බහුතර නිලධාරීන් සෙට් එකත් ගොබ්බයි.

    ReplyDelete
  4. මේකෙ උඹ කියනවා වගේ සිස්ටම් එකක් දැනටත් හදමින් ඉන්නෙ. හැබැයි කැළණි ගඟ පැත්තෙ නෙමෙයි. සීදුව ජා ඇල පැත්තෙ. ගංවතුර එන්න කලිං ඒක ඉවර කරගන්න බැරිවුනා. ඒකෙ තව ඩීටේල්ස් ගොඩක් තිබ්බා. ගෙදර හදල තියෙන්නෙ මොනවයින්ද හෙවිල්ලල තියෙන්නෙ වගේ දේවලුත්. එතකොට සහනාධාර බෙදනකොට ඒවත් සලකා බලන්න පුළුවන් කම තිබ්බා. ග්‍රාම සේවක වසම් වලින් තමයි හදන්න තිබ්බෙ. අවාසනාවට ඒක ඉවර කරගන්න බැරිවුනා. (ඒ සිස්ටම් එක හදපු එවුන්ගෙනුත් හුඟක් දෙනෙක් වතුරට යටවුනා)

    සමස්තයක් හැටියට ගත්තහම දේශපාලකයන් ගැන මිනිස්සුන්ට හරිම කළකිරීමක් ආවෙ මේ ගංවතුර හන්දා. ඒත් අවුලක් නෑ. අපේ මිනිස්සුන්ට හැම දේම මතක ටික කාලයක් හන්දා ඊලඟ ඡන්දෙට අවුලක් වෙන එකක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. www.sahanfoundation.org

      lankawe ape product ekak pawichchi kare na. Disaster Management

      Delete
  5. SHANA FOUNDATION DMS

    lankawe ape product ekak pawichchi kare na. Disaster Management aranna wenath ratwal use karanawa.

    ReplyDelete
  6. සිස්ටම් නැත්තේ නැහැ - තියෙනවා. වෙලා තියෙන්නේ ඒවා ක්‍රියාත්මක කරන්නේ නැති එක. එක උදාහරණයක් ලංකාවේ මෘදුකාංග ක්ෂේත්‍රයෙන් බිහිඋනු 'සහන'.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...