Wednesday, July 20, 2016

පංසල් එපා කිව්වට දන්සල් ඕනි

අපි ටිකක් ආගමට විරුද්ධ මත දරන කොට අපිට සැට්වෙන යාලුවොත් එ් වගේ අය වෙනවා..විසේසයෙන් ටුයිටර පේස්බුක් වගේ කෘතිම අවකාශ වල සුදුසු යාලුවන් අපිට තෝරා දෙන නිසා ඒක දැන් වඩාත් ලේසියි. අපි මොකක් හරි ආගම් සීන්ස් එකකට බැනලා පෝස්ට් එකක් දානකොට ඒකට විරුද්ධව කමෙන්ට් කරන්න එන කස්ටියට වඩා ඒකටම පක්ෂ වෙන පිරිස වැඩියි..මොකෝ අපේ ආගම අදහන යාලුවෝ අපිව ඈත් කරලා නේ.. එක්කෝ රිමු කරලා නැත්තං අන්පෙන් කරලා. 

මම නිරාගමිකයෙක් නෙමෙයි..මොකද නිරාගමිකයෙක් වුනාම ආගම් වලින් තියෙන සහන ගන්න අමාරුයි නේ. උදාහරණ විදිහට අපි නිරාගමික කියලා මහා ලොකුවට සද්දේ දැම්මොත් එහෙම හදිස්සියට දන්සැලකට ගොඩ වෙලා ආතල් එකක් ගන්න..පංසලේ යාලුවො සෙට්වෙලා පංසල් එන පිංබර කෑලිවලට සෙවල පෙරන්න.. පල්ලියකට ‍වෙන වැඩකට යන්න වගේ ගොඩක් වැඩ කරගන්න බැරි වෙනවා. ඒ නිසා නිරාගමික කියන බෝඩ් එක එල්ලා ගන්න එක පාඩුයි. ඒක එලොව වසයෙන් මෙන්ම මෙලොව වසේනුත් පාඩුයි. 

ආගම් කියන දේ සමාජයේ තියෙන කොට එක එක වැඩ වලට ආගම යොදාගන්නවා. දැන් ඔන්‍න ගෙයක් හදන්න ගියත්, ලමයෙක් හම්බෙන්න ගියත්, කසාද බදින්න ගියත්, මලගෙයක් උනත් අපිට ආගම ටිකක් ඕනි. අපෝ අපිනං විස්වාස කරන්නෙ නෑ කියල උඩ පනින්න යන එකත් මහ වාතයක්..මොකෝ අපි ආගම අදහන්නේ නැතිවුනාට අපේ හිතවතුන් වටේ පිට අය සහඅපේ හැමදේටම අපිට එපාම උනත් ලගින් ඉන්න නෑයො සෙට් එකට ආගම ඕනි..ඒ නිසා ආගම නැහැ කියලා අනික් පැත්තට පීනනවාට වඩා යන අතකට යන්න දීල ඔහේ බලාගෙන ඉන්න එක ලේසියි. 

සමහර අය හැමදේම දැඩිව අල්ලගන්නවා..මම නිරාගමික කියලා ලොකුවට පතුරුවලා ඇඩ්වර්ටයිසින් දානවා..ඒත් ඉතිං ඒම කලාම කරදර වැඩියි.. ඔන්න මොකක් හරි අලකලංචියක් වෙලා කකු‍ල කඩියෙක් කෑව වෙලාවක. " දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ " කියල කියවුනත් ඉන් පස්සේ යාලුවො විහුලු කරනවා අන්න අර නිරාගමික ඩෑල් එක ට දෙයියෝ මතක් වෙලා කියලා.. 

අපි කැමති උනත් අකමැති වුනත් සමහර දේවල්‍ ලෝකේ සිද්ද වෙනවා..අපිට ඒවා වෙනස ්කරන්න ගියොත් වෙන්නේ හැමදා රන්ඩු වෙවී ඉන්න..එක අතකින් අපි අදහන් නැති හෝ විස්වාස කරන්නෙ නැති දෙයියන් බුදුන් හෝ ධර්මයක් ගැන අපි මොකටද රන්ඩු වෙන්නේ? ඒ කස්ටියට සල්ලිය බාගෙ තියෙන නිසා හැකියාව තියෙන නිසා සහ උවමනාවතියෙන නිසා එයාල ඒදේ කරනවා ඇති.. අපි ඒ අයට බාදා කරන එක වැරදියි. 

ආගමේ නාමෙන් ගොඩක් ව්‍යාපාරික වැඩ කටයුතු සිද්ද වෙනවා..එක්තරා අතකින් බැලුවාම ආගම කියන්නේම එක්තරා මනෝමූලික බිස්නස් එකක්..හාමුදරුවන්ට දානෙ ගෙනිහින් දුන්නම සංසාරේ දුකයි කියනවාට වඩා ඒ සිවුරුකාරයා දෙසන්නේ දානෙන් ලැබෙන පල පොරෝජන ආදිය ගැන.. ඉතිං සිවුරුකාරයා නියම බණ කියලා අර දානෙ දෙන සෙට් එකම මහණ උනොත්..එහෙම උනොත් ඔක්කෝම මහණ වෙනවා..සලකන්න උපාසකයෝ නෑ.. 

බිස්නස් ලෝකෙදි සමහර බඩු හෝ සේවාවන් කිසිම තේරුමක් නැතිබව අැස් පනාපිට පෙනි පෙනීත් අපි මිලදී ගන්නවා.. උදාහරණ විදියට කැලරි දහනය කරන්න එක්සයිස් කරන්න දුවන්න ඕනි..හොදට ඉඩකඩ තියෙන, දුව්නනත් ව්‍යායාම කරන්න වෙලාවත් ඉතිරි වෙලා තියෙන ගෙවල් වල ඉන්න ගෑනු ලොකු එක්සයිස් මැසින් මිලදී ගන්නවා ටිවි එකේ ඇඩ් එක දැකලා...ඇත්තටම ඒ සමහර අය එයාල හිතන තරං මහතත් නෑ..ඒත් ටීවි කමර්ශල් වලින් එයාලට අනියත බියක් ලෝඩ් කරනවා ඉන් පස්සේ එයාලගේ බඩුව විකුනගන්න ලේසියි.. 

ආගම් කියල මහ වෙනසක් නෑ.. අපි මලාම කොම්පියුටරේ කැඩුන වගේ හාඩ්වෙයා සොෆ්ටයා ඔක්කොම එකපාර නැතිවෙලා ගිහින් මොකුත්ම ජීවයක් නැති තත්වෙට එනවා කියල ආගම් වල කියන්නේ නෑ..බොහෝ අපේ රටේ ආගම ්වල මරනින් මතු ජීවිතේ ගැන බයිලා තියෙනවා..මම හිතන්නේ ඒ බයිලා යොදාගන්නේ අපි බය කරන්න.බය කරලා ඉන් පස්සේ වෙන දේවල් දෙසනවා..ඔය ලේයර් ගාන අවසානයේ වෙන්නේඅපි අර දෙසන අයට විසේසයෙන් සලකන්නත් කොහේ හෝ පොතක පතක හෝ ධර්ම ස්ටෝර් එකක විදියට අමාරුවෙන් ජීවත් වෙන්න හුරුවන එකත් විතරයි.. 

පොත් බලන එක දැනුමට හොදයි.. ආදර්ශ ගන්න එකත් හොදයි..ඒත් ඒවයෙ විදියට අමාරුවෙන් ජීවත් වෙන් හදන එක කේස් වැඩක්.. ඒත් අතිසය බහුතරේ යම් දේකින් සතුටු වෙනවා නම් ඒ දේ විස්වාස කරනවා නම් සලුතරය විදියට අපිට එ්කට විරුද්ද වෙලා ඒවා නැතිකරන්න බෑ.. කරන්න පුලුවන් අපිට සහබාගී නොවී ඉන්න පුලුවන් තැන්වලදි ඒවයින් ඈත්වෙලා ඉන්න එක විතරයි.. 

6 comments:

  1. We want tempal and dansal and both two. We want to go tempal and eat dansal too.

    ReplyDelete
  2. මමත් ඉතින් ගෙදර උන්දැ පංසල් යමු කියනකොට "හා යමු" කියල ගිහින් කසාය බීපු ගොලුව වගේ ඉඳල එනවා.

    ReplyDelete
  3. හාමුදරුවන්ට කිව්වේ මේ අපේ හාමුදුරුවන්ගේ දරුවෝ නේද

    කමර්ශල් කියන්නේ අපේ අර ඉස්මයිල් ගේ මලයා වෙන්ටෑ

    සොෆ්ටයා හෆ්ෆා ඕකා මාර කට්ටයා

    ReplyDelete
  4. මගේ බුකි ෆ්‍රෙන්තො කීප දෙනෙකු ඉන්නවා උංගෙ වැඩේ බුඩ්ඩාගම ගැන යමක් කී විගස ඔන්න නිරාගමිකයෙක් කියා වලියට එන එකයි.

    බුද්ධාගම ගැන ලීවාම කතා නෑ.

    ReplyDelete
  5. මම ඔය පෝස් එකක් දාපුවහම රෙද්ද උස්සන් එන යාලුවො බහුතරයක් තමයි මට ඉන්නෙ....උන් ගැන ආඩම්බරයි ඈ..:)

    ReplyDelete
    Replies
    1. පෝස් දාන්න එපා මචෝ කොන්ඩොම් එකක් දාගනින්

      Delete