Sunday, July 31, 2016

යෙකාගේ ගෙයි පඩිය තරණය

දුෂ්කර කදුකර මාර්ග වල අපහසුවෙන් ගමන් කරන්න තියෙන අවස්ථාවලදී ඒක යක්ෂයාගේ පඩිපෙල කියලා හදුන්වන්න ඉංග්‍රීසි ජාතිකයින් පෙලඹිලා ඉදලා තියෙනවා..අයර්ලන්තයේ එංගලන්තයේ වගේම නවසීලන්තයේත් යක්ෂයාගේ පඩිපෙල විදියට හදුන්වපු මාර්ග දක්නට තියෙනවා. කලුපහන සිට ඔහියට යන පාරේ ඉහල කෙළවර හරිය ටිකක් දල බෑවුමක් තියෙන්නේ ඒ හරියට යක්ෂයාගේ පඩිපෙල කියලා කියනවා ඇති. 
අපිත් යක්ෂයාගේ පඩිපේලිය තරණය කරන්න හිතුවා. කොළඹින් සිකුරාදා හවස පිටත් වුනා බදුල්ල බස් එකක නැගලා බෙලිහුල් ඔයට..බෙලිහුල් ඔය ඉන්නවා බ්ලොග් හරහා දැන අදුනගත්ත යාලුවෙක් ඒ තමයි ලයනල් මහත්තයා. ලයනල් මහත්තයගෙ පට්ට බඩුවක් බෙලිහුල් ඔය තියෙනවා ඒ තමයි පර්ල් ඉන් රෙස්ටුරන්ට් ඇන් ගෙස්ට් හවුස් එක. ඒකෙ තමයි අපි සිකුරාදා රාත්තිරි නැවතුනේ..කොළඹ ඉදන් බෙලිහුල් ඔ්‍යට යද්දි රෑ 11 විතර උනා.

මේ තියෙන්නේ ඉහල පිංතූරයේ පර්ල් ඉන් එක. කාමර සුපිරි..කෑමත් හොදයි..ගානත් ඉතිංසෑහෙන්න සාධාරනයි.. අපි එතන නැවතුනාට මොකද යකාගේ පඩිපෙල සහ බඹරකන්දට යන්න පාරට එන්ටර් වෙන්න තියෙන  කළුපහනට ඒ කිව්වේ හපුතලේ දිහාට කිලෝමීටර 15ක් විතර බෙලිහුල් ඔය ඉදලා  යන්නෝන. අපි පාන්දර නැගිටලා පිටත් වුනා..හෝටලේ හිටපු මල්ලිලා දෙන්නා අපිට උදේට කෑමත් හදලා දුන්නා..පාන් හොදි සහ චිකන් පරිප්පු එක්ක සුපිරි කෑම වේලක්.. 

ඉන් පස්සේ අපි කළුපහනට බස් එකක ආවා..ඇවිත් එතනින් වීල් දෙකක් අරං බඹරකන්ද ඇල්ල ගාවට ආවා..හරිනං ට්‍රැකින් වලදි වීල් වල යන්න බෑ..ඒත් ඉතිං ගොඩක් රෑවේය කියන බයට අපි බඹරකන්ද ගාවට එනකල් වීල් දෙකක ආවා.. 

බඹරකන්ද ඇල්ල වතුර අඩුයි. නමුත් අපිට බලාගන්නහැකි තරමට වතුර තිබුනා..අපි කඩේ අයියට කිව්වා දවල්ට අපිට කන්න මොනාහරි උයල තියන්න කියලා..ගිහින් ඒ අතර අපි බඹරකන්ද ඇල්ල ගාවට ගිහින් ආවා..

 මේ ඇල්ල ලංකාවේ උසම ඇල්ල. යට ඉදලා තමයි බලන්න තියෙන්නේ එතකොට උඩ බැලෙනවා.. උඩින් වතුර නාකි ගෑනියෙක්ගේ සුදු සාරියක් වැක්කෙරෙනවා වගේ ලස්සනට වැක්කෙරෙනවා..
යට හරියෙ වතුර හරිම පිරිසිදුයි.. ඉහලින් මිනිස්සු බොග දානවද කියල අපි දන්නෑ..ඒත් යට නං වතුර බෝහ ලක්ෂනට තියෙනවා..අපි ඇල්ල ගාවට ගිහින් ටිකක් කැරකි කැරකි ඉදලා ආයෙම ආවා.. ඇවිත් උදේට ගෙනාපු පාන් ටික කලින්ම කෑවා..මොකෝ දවල් වෙන්න වෙන්න තව උස්සන් යන්න ත් වෙනෝ නේ.. කාලා අහක් වෙල අර කඩේ හිටිපු රතනජෝති අයියා රසට උයලා දුන්නු බත් මුල් පහත් අරං ආයෙම දිය ඇල්ල පැත්තේ සෝට් කට් එකකින්ම යන්න සෙට් වුනා..පාරට වඩා ලංකා ඇල්ල හරහා ගිහින් යන සෝට් කට් එක කිට්ටුයි. 
මෙන්න මේක තමයි අපි ගිය..පාර..ඒත් ඇත්ත පාර ටිකක් ඔයිට වඩා දුරයි. 
ඉහලට යද්දි පයිනස් කැලයක් හම්බුවෙනව..ඒක මැදින් බඹරකන්ද ඇල්ලට හැරෙන තැනත් පාස්කරගෙන විනාඩි විස්සක් විතර පයිනස් කැලේ දල බෑවුම් මගින් උඩට නැග්ගාම මේ වගේ ඈත පේන පොට් එකක් සෙටාර් වෙනවා..පහල තියෙන්නේ මීදුමක් නෙමෙයි මොකෙක් හරි කුනුගොඩක් ගිනිතියනවා වෙන්න ඕනි. 
මේ පයිනස් කැලේ ඉවර වෙන මායිම.ඉන් පපස්සේ ලංකා ඇල්ල දිහාට යනකල් තියෙන්නේ තනකොල..පෑවුම් කාලේ නිසා තණ කොල දුඹුරු පාටත් වෙලා.. 
කුඩාවට පේන දියසීරාව තමයි ලංකා ඇල්ල..අපි එතන්ට ගියේ නෑ..මේ හරියේ තියෙන තණකොල බුරිය හරියට වදින තරමට උසයි.. එහා පැත්තේ ලක්ෂණ කදුකර වනාන්තරයකුත් තිබුනා.. පාට පාට ගස් කොලන් ඉහලින් අපිට පෙනුනා. 
ගස් කොලන් ආදිය අඩු මේ තණකොල තියෙන හරියෙ තියෙන සමහර ගස් වල ඉහල කොටස් දිරල ගිහිල්ල තියෙන්නේ.. 
හයික් යන්න ආවට සමහර යාලුවන්ට කිලෝමීටර දෙක තුනක් ඇද්ද ගමන් මහන්සි...එයාලත් ඉතිං හෙමි හෙමින් ආවා.. කොහොමත් දුවන පෙරහැරේ දුවල ගිහින් බෙල් එකක් ගහල එන්න යනවා නෙමෙයි නේ.. ඒ නිසා නිවිහැනහිල්ලේ හති ඇර ඇර අපි ඉදිරියයට ඇදුනා.. 
සොට්කට් වලින් ආවට අපිට පාර පොඩ්ඩක් විතර මාරු වුනා..ඒ නිසා අපිට ගස් අල්ලං අමාරුවෙන් නගින්න තැනුත් සෙට් වුනා.. 
සෝට්කට්ගිය කාලෙට සමුදීල අපි කළුපහන ඔහිය මාර්ගයට සේන්දු වුනා..මාර්ගයක් කීවට මේකේ හොද කැලෑවලට හදාපු ජීප් එකක් ඇර වෙන එකක්නම් යන්න අමාරුයි.. 
 අපිට මෙහෙම යනකොට දවල් වුනා..මට හිතෙන්නේ මේ දවල් දොලහ හෝ ඒ කිට්ටුව..එතාකට අපිට හමුවුනා ඔහියෙන් නයිට් මේල් එකෙන් බැහැල පහලට එන කන්ඩායමක්..මේ බල්ලා ඔහියෙන්ලු සෙට් වුනේ..අඩුවසයෙන් ඌ ඔතනට එනකල් කිලෝමීටර 12ක් වත් දැන් පයින්ම ඇවිත්..බල්ලන්ටත් ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියනවා නේ.. 

 ඔය ඇති..ඉතිරි කොටස ලබන සතියේ.. 


10 comments:

  1. niyama gamana. bambarakanda alle uda thawa podi allak thiyanawane. udata giye nadda ?. ethanata apu kattiya hat gahagena uyala kaala ehema yanawa mn hithanne. api me langadi giyama e wage salakunu dakinna thibuna. thawama nam apirisidu karala gihin naa.

    ReplyDelete
  2. මේ පොටෝ වල ඉන්න බඩා මහත්තයල දෙන්නට ඉතින් හති නොවැටී තියෙයිද/ ඔහොම වත් බඩ බස්ස ගන්න එක සරීර සවුක්කියට ගුනයි.

    ReplyDelete
  3. හැක්....මරු චාරිකාවක් වගේ

    ReplyDelete
  4. එන්න ඕනේ පහලින්ද? ඔහිය පැත්තෙන් බහින එක නෙමෙයිද ලේසි?
    කළුපහන කියන්නේ අර ලොකු ෆ්යිනස් කැලේ තියෙන හරියෙන් නේද? ගම උනත් මෙහෙම එකක් ඇහුවෙත් මේ ළඟදි.

    ReplyDelete
  5. මරු අමිල මරේ මරු...
    මාත් යන්න ආසාවෙන් ඉන්නෙ බං... මේ මගුල් රස්සාවල් එක්ක බෑ නෙව

    ReplyDelete
  6. I have decended this track back in the 80's in a 4WD. it was a very rough track and needed skilled driving. By the time we reached Kalupahana, the tyers were worn ! Great trip though.

    ReplyDelete
  7. ලස්සන විස්තරේ.....

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. niyamai ayya...

    https://www.facebook.com/uditha.prabhath/posts/1069300736456633

    ReplyDelete