Wednesday, August 31, 2016

මෝටර් බයිසිකල් @ රීගල්

ඊයෙ හැන්දෑවෙ කොටුවෙ ExServicement බාර් එකට සෙට් වෙලා කාල්ස්බර්ග් ස්පෙෂල් බෲ එකක් ගහල හැන්දෑවෙ සෝ එකට මෝටර් බයිසිකල් බලන්න රීගල් ගියා. බියර් බෝතලයක් බාර් එකෙන් බොනකොට රුපියල් 450/= ක් විතර.. බයිට් දෙකක් විතර යාන්තමින් ගත්තත් ඒකටත් රුපියල් 300ක් වත් එකාට.. චිත්‍රපටිය බලන්න අඩුම ටිකට් 300ක්.. මිනිහෙක් මේසන් බාස් වගේ ඉහලම රස්සාවක් කලත් දවසට ගන්නෙ රුපියල් 1500/=ක් වගේ ගානක්.. හීන්තාලෙ බියර් එකක් ගහල ෆිල්්ම එකක් බැලීම කියන්නෙත් සාමාන්‍ය මිනිහෙක්ට කරන්න අමාරු දෙයක් නෙමෙයි බැරි‍දෙයක්..

සාමාන්‍ය මැද පංතියේ ඩෑල් එකක් අමාරුවෙන බස් ‍එකේ එල්ලිලා ගිහින් නයා ගෑනි වෙන එකයි ගෑනි නයා වෙන එකයි කට ඇරං ටීවි එකෙන් බලනවා ඇර පොඩි අඩියක් ගහල ෆිල්ම් එකක් බලනව වගේ ලක්සරි වැඩකට සල්ලියක් යොදන්න පෙලඹෙන්නේ නෑ.. බියර් එකක් ගහල ෆිල්ම් එකක් බැලීම දවසෙ පඩියට සමාන ගානක් යන කොටත් අපේ රාජ්‍ය ගිරව් කියනවා උන් මහජනයාට සහන දීල තියේලු.. රෙද්ද තමයි .. මිනිස්සු හැමදාම සීනි පරිප්පු අල ලූනු හාල් භූමිතෙල් උඩ තියන්න බෑ..මිනිස්සුන්ට ඕනි චේන්ජ් එකක් පොඩි විනෝදයක්.. අවාසනාවකට විනෝද කටයුතු කියන ඒවා බොහොමයක් මිල අධිකයි.. සමහර විට බියර් නොබීත් දරුවො දෙන්නයි ගෑනියි එක්ක ෆිල්ම් එකක්බැලීම කියන්නෙ අමාරු වැඩක්.. මොකෝ වියදම අධිකයි..

මෝටර් බයිසිකල් හොඳ ෆිල්ම් එකක්..ධර්මදාස ලොක්කත් ඒ ගැන බ්ලොග් එකේ ලියල තිබුනා. අධ්‍යක්ෂක ශමීර බුවා ධර්මදාසගේ බොක්කක්..ඉතිං ධර්මදාස ‍එලටම මාකටිං ලියුමක් වනල තිබුනා.. එක පැත්තකින් හැමෝම එකයි..නෑකම මිතුරු කමකට නිල බලයකට.. නොමිලේ යන්නො නම් අඩුවක් නැත අපිට.. බස් එකක එහෙම ගහල තිබුනා.. ධර්මදාසල ධර්ම ටෝක් දුන්නට යාලුවෙක් නම් පුරෝලම දෙනවා දීම ආයෙ නෑ විචාරෙ ඇතුලෙ ෆිල්්ම එකේ වැරැද්දක් ඇත්තේම නෑ.. කවුරුහරී ෆිල්්ම එක ගැන ආසාවක් ඇතිකරගන්න ඕන්නං ගිහින් ධර්මදාසගේ ලියුං කඩමාල්ල මෙතනින් බලල එන්න.

අනිවා අයත් සැලඩ් එකේ අඹ රහයි, අන්නාසිත් පැහිල, ලුනුත් ඇති, සීනි ටිකකුත් තියෙනවා..තව පැණි ටිකක් ඇපල් කෑල්ලක් වැටුන නං හොදයි තාලේ විචාරයක් මෝටර් බයිසිකල් එකට දීල තිබුනා.. එක් එකේ කොටස් වසයෙන් නලුනිලි, අද්‍යක්ස, කතාව, කැමරාව ආදී කඩල ෆිල්ම් විචාර දෙන එක ෆුට් සැලට් විචාරය කරනවා වගේ වැඩක්.. ඒකත් හොද වැඩක්.. නමුත් ෆුට් සැලට් කියන්නෙ වෙනම කෑමක්..ඒක අඹවත් ඇපල් වත් අන්නාසි කෑලිවත් සීනි ලුනු වත් නෙමෙයි
..
ෆිල්ම් එකේ ඉන්න සමනලී මට නං අජපල්.. ෆිල්ම් එක බලන්න ගිහිපු වෙලේ ලග හිටිය යාලුව කිව්වේ.. හෙහ් හෙහ් “ තෝ සමනලී දුන්නොත් එපා කියයි? “ කියලා.. හරි මචං සමනලී නෙමෙයි මට වෙලාවකට දෙනවක හාමිනේ වලෙන් නැගිට්ටල හෝදල දුන්නත් එපා කියන්නෙ නෑ.. ඒත් සමනලී ෆිල්ම් එකේ ටේස්ට් එකට යන්නේ නෑ.. ඒකට සෙට් වෙන් නෑ..

අපේ ගම දිහා තියෙනවා පෙලක් වෙලාවට බස් පාරෙන් පට්ට දුර ගම්මාන.. උන්ට යන්න එන්න තියෙන‍්නෙ මෝටර් සයිකල්.. සමනලී පස්සෙන් දාගෙන බයික් එක යද්දි මට ආපු ෆිලින් එක.. අහ්..ඇනිටියෙක් පටවං යන කොල්ලෙක්.. කියන එක.. සමනලී ලස්සනයි.. ඒත් ඒ මේ ෆිල්ම් එකට කලිං.. මේකෙදි එයාගේ හකු බැහැල..බාගෙද ගංජ ගහලද දන් නෑ.. ඒත් ෆිල්ම් එකට ඕනි කෙලිලොල් දගකාර ක්ලාස් යන කෙල්ලෙක් කියන දේ සමනලීගෙ නෑ..

අපි ක්ලාස් ගිය එ ් ලෙවල් කාලෙත් සමනලි මොඩල් නාකි පෙනුම තිබුන කෙල්ලො හෙිටියා..බට් උන් ටික දෙනයි උන්නේ..
ටමාශා එක මට යාන්තමට මතක් වුනා.. කෙලිලෝල දගකාර කෙල්ලෙක්...අහ් දීපිකා.ටමාෂා එකේ දීපිකාගේ මුල් ජවනිකා වලදි දීපිකාගෙ මයිල් ගහෙන් පවා දගකාර කෙලිලොල් විසේකාර බඩුවක් උලුපපගන්න ෆිල්ම් සෙට් එක සමත් වෙලා තිබුනා.අනික ඒ වගේ චරිතයකට දීපිකා පදුකෝන් කියන්නේ අයිස් කෝන් එකට අයිස් ක්‍රීම් වගේ ගැලපෙනවා..(ප.ලි : ටමාෂා එකෙ දීපිකාගේ මයිල් නොපෙන්වන අතර මයිල් ගහෙනුත්යනු උපමාවකි..) ටමාෂා හිටිය  . රන්වීර්.. රන්වීර් වගේ උස නැතිවුනත් මෝටර් බයිසිකල්‍ කොල්ල නම් එල.. ඌ නියම ගානට.. ඒත් සමනලී.. පොඩ්ඩක් ඩෙසි ආන්ටිස් පැත්තේ.

මහා වාණිජ සිනමා කෘතියක් වුනු හින්දි ෆිල්ම් එක්ක අපේ ඒව තියන්න බෑ..ඒත් හිංදි ෆිල්ම් එකකදි ඒකට තෝරගන්න නිළිය.. ඒ තැන ලබාගන්නත් ඉන් පසු චරිතයට සාධාරනය ඉටු කරන්නත් කොච්චර කට්ටක් කනෝද? මම හිතන්නේ ඒක කලාවට ලොකු එලියක්..කොහෙන්හරි ලාබෙට ඇහිඳගන්න බඩු ටිකක් එක්ක ගෙයක් කුලියට අරං කරන ටෙලියකට වඩා වැඩි දෙයක් ෆිල්ම් එකක තියෙන්න ඕනි.. ඒක නිලිය තෝරාගැන්ම..ඇය චරිතයට ආරූඩ වීම.. චරිතයේ ජීවත්වීම දක්වා දිවයන දෙයක්. 

. ෆිල්ම් කෙමෙස්ට්‍රිය.. හරි මොකක් හරි ලොකුවට සවුත්තුයි සමනලී ගනිපු නිසා..‍හදගම ගහපු ඇගේ ඇස් අග.. ඒකෙදි රිතිකා ලස්සන නැතිවුනත් හදගම කෝණ වලින් අල්ලලා තියෙනවා ..හප්පා.. ඒක නං මැක්සා ආහ්.. ඒත් අධ්‍යක්සකවත් කැමරා බුවාවත් එඩිටර්ස්ල වත් සමනලී අල්ලගෙන නෑ..සමනලී ගේ සෙක්සි දත වත් හරියට ටච් කරපු පාටක් පෙනුන් නෑ.
ලවුස් ටෝරියකට කෙල්‍ලගේ මූන තියෙන්න ඕනි ගැම්මට.. ඒ ලවු එක කෙල්ලගෙන් අපිට දැනෙන් ඕනි.. ඒත් මේකෙදි සමනලී නිසා මට ඒක දැනුන් නෑ..

ලංකාවේ නෝමල් ෆිල්ම් වල මැදින් බලද්දි මුල මතක නෑ.. අගට යද්දි කොහෙන්ද පටන් ගත්තෙ කියල අවුල්.. මහා කතාන්දර ෆිල්ම් ටිකක් ඒ වගේ.. මෝටර් බයිසිකල් ටෙලිනාට්ටි කෑල්ලක් වගේ හරිම කොට කාලයක්..මැක්සා කතා ටිකක් මෝටර් බයිසිකල් වල තියෙනවා.. මම හිතන්නේ ලවු නවකතා කෙටිකතා බණ කොච්චර තිබුනත් මේ මෝටර් බයිසිකල් අල්ලපු වගේ තැන් ටිකක් මීට කලිං කවුරුත් අල්ලල  නෑ.. නාකි කොල්ලො ටිකක් වුනු ‍ෆිල්ම් එක බලන්න සෙට් වුනු අපේ සෙට් එකේ එක එකාට එක එක කෑල්ල අහුවුනේ.. අනික් උන්ට අහුවුන ඒවා රූම් ගිහිපුවා.. බීච් ගිහිපුවා..පාක් ගිහිපුවා.. මට අහුවුන එකම තැනක් අර බීච් එකේ තැඹිලි කාරයා..

පානදුර බීච් එකේ ඔය වගේ තැඹිලි කාරයෙක් එක්ක එකපාරක් මාත් ඇරගත්තා.. ඒ අතීතයට ෆිල්්ම එක මාව ඇදගෙන ගියා.. අපි වගේ මැද වයසට ඔන්න මෙන්න තරුණ වියේ සැදෑ සමය ගෙවන අයට තියෙන ආදර කතා වලට මතක කුට්ටි වලට අලුත් පණක් දෙන්න මෝටර් බයිසිකල් සමත් වුනා..කතාවේ බයිසිකලය ගැනීම සහ කොල්ල අයිති සමාජය ගැන කියවෙන කතාව සෝකාන්තයක්.. ෆිල්්ම එක ඉවර වෙන්නෙත් කටුක තද ඉවර වීමකින්.. ෆිල්ම් ලොකේසන් මට ගොඩක් සමීප කොලඹ තැන් ගොඩක්ම තිබුනා..

ආදරය කියන්නෙ මඩේ පිපුන මලක් වගේ.. ඕනි තැනක..කොටින්ම ජරාම ලොකේසන් එකක වුනත් ජෝඩුවකට ආදරයෙන් බැදිලා ඒ අවට තියෙන කැතෙන් අත්මිදිලා වෙනම ලෝකෙකට යන්න ඇහැකි.. ඒකනෙව තැනක් නොතැනක් ආදර ජෝඩු වලට නැත්තේ..

රීගල් බැල්කනියේ අපි ඉස්සරහින් දරුවෙක් සමග මව සහ පියා උන්නා..දරුවා පොඩි එකෙක් අවරුදු 4-5ක් වගේ.. ඉතිං අර උද්වේගකර ලව් සීන් යද්දි අම්ම පොඩි එකාව වඩාගෙන ඌව දොයි කරන්න හදනවා. මොන දොයිද..ඌත් වැඩියෙන්ම ෆිල්ම් එකට ෆෝකස් වෙන්නේ ඒ වෙලාවට.. හැන්දෑවට ෆිල්ම් එකක් බලන්න එද්දි දරුවා කාට දාල එන්නද? දෙමව්පියො උනත්..”බොලාට ගිහින් ජවුසන් නටන්න මං මුං ව බලාගන්න.. දවල් මදිවට රෑත්” ..කියල දරුවා ගෙදර දාල එනවට කැමති නෑ.. දරුවා බලාගන්න බැරි කමට නොවුනත් කවුරුත් අනුන් තමුන්ට ගන්න නැති ආතල් එකක් ගන්නවට කැමති නෑ.. රෑ පාටියකට, ෆිල්ම් එකකට, නාට්ටියකට, බීච් එකට.. ජෝඩුවත් එක්ක ඉස්සර වගේ හැමිනිලා ජෝඩු දාල යන්න බැදපු  පොඩි ලමයි ඉන්න අයටත් ආසාව තියෙනවා. .. නමුත් සමාජේ සාතිසය බහුතරය ඒකට ඉඩදෙන්න ආස නෑ..

මේ ලගදි පාත්වුනු නලුවන්ගෙන් හේමාල් ලොකු ඩැල් එකක්..ඒත් හේමාල් ඇත්තටමත් ටිකක් ලොකුයි වගේ.. ඊට වඩා මේ බයිසිකල් එකේ ඉන්න කොටා ගේ අමුතු ගතියක් තියෙනවා..මෝටර් බයිසිකල් හොද ෆිල්ම් එකක්. පට්ට ආතල් එකක් තියෙනවා.. තව ටිකාක් සැක්ස් කෑල්ලක් තිබුනනං හොදයි වගේ.. සමනලී නැතුව වෙන සුකුරුත්තමක් හිටියනං හොදයි.. අජ්ජක්ස කාරයත් හොදයි.. ලොකු බජට් ගිලින්නෙ නැති ඒත් සරලව ආතල් දෙන්න පුලුවන් මේ වගේ නිර්මාණ කරන්නට පොරට ඉස්සරහටත් වාසනාව ධෛර්ය ලැබේවා..!!! 

සල්ලි දීල පෝස්ට් බූස්ට් කරනු තරං
කාසි නෑනෙ පිංවත මට ‍ඔහෙල තරං
දෙයක් හිතට තිබුනා නං ගන්න තරං
සෙයා කරමු බුකියේ මේ හතර වරං 

Monday, August 29, 2016

මිනිය කර තියං විසිල් එකක් ගහං

රා පොට් එකේ පොල් කටුවට රා ටිකක් දාගත්ත ගමන් බයිට් එකට මයියොක්ක කෑල්ලක් කටේ ඔබාගත්තා. ඒ විතරක් මදි ටොපික් එකකුත් ඕනි.. සියදෝරිසා මහ අමන වැඩක් කරල නේ..ගමේම නම කැත කරල ඒක.. ඒ මදිවට දැන් රටෙත් නම සවුත්තු කරල ඒකා.. හයියෝ.. 

ස්කෝලෙ මහත්තය දැන් ඉස්සර වගේ රැස්පට් නෑ..පොල්කට්ටෙන් බොන්න බැරිකමට දැන් ප්ලාස්ටික් කෝප්පයක් දෙනව මිනිහට රා ටික බොන්න..ඇරත් සීල් අරක්කු වලට බද්ද ගහන ව නේ..ලාබෙට කට්ටියට තෙල ටිකක් බෙදන්න තමයි උන්දැ නං ඔතෙන්ට කඩා පාත් වෙන්නේ..ඉස්කෝලෙ මහත්තයට පුතා ගෙනැත් දීල කොමිපුටරයක්..ඉස්කෝලය එදා ඉදං අලුත් දේට ලැදි මිනිහ..මිනිහ කොම්පිටරෙන් ඔක්කොම වැඩ කොරන්න දන්නවා කියපං කො.. නාකියටත් ඒව ඇහැකි..අපේ උන්ට ඇහැක්කේ බෝක්කුව උඩ ගංජ ටික උරන්න විතරයි නේ.. 


ඔය සියදෝරිසා ගෑනිගේ මිනිය කරතියං අර දෝනියැන්ද එක්ක එන පිංතූරෙ දැක්කම මටත් වාවන්නෙ නැතුව ගියා බං.. කොච්චර උනත් මිනිහ වැරදි කෝටියක් කලත් දහ අතේ ණය වෙලා හැමෝටම පොලු තිව්වත් එහෙම තත්වෙකට වැටුනම..අනේ මන්ද බං.. ඉස්කෝල මහත්තයා කියන්නට විය.. ඒ මදිවට අර කෙලී..කොල්ලො නං එක එක කතා කියනවා ඒකි ගැන..අම්ම නැති එකී..දැන් ඉතිං හැදෙන කතා තව වැඩිවෙයි.. මොකාද බං තමුන්ගේ නොවන එකෙක් දිහා හොදින් බලන්නේ..මින් පස්සේ පිරිමි ඔක්කෝම ඒකිට දොස් කිය කිය බූසිය අල්ලන්න හදාවි ...තාත්ත කසිප්පු කාරය..අම්ම එලොව..හොද පල්ලම .. ඉතිං.. 

හෑ.කතාව.මට බලන්න බැයි වුනා නෙ පෝර්ති වලත් පෙන්නන් ඇති.. සික්.. 

ඔවි ඉතිං තොපි අර නයා ගෑනි වෙන එකයි ගැනි නයා වෙන එකයි බලනවැති.. හැබෑට අපේ සිරියාවතීගෙ ලොකු ඩිකියත් එක්ක ඕකි එහෙම නයා වුනොත්..නයාගේ පිටේ බුද්ධදාස රජා පැලුව වගේ ලොකු ගෙඩියක් තියේවි.. ඒකිට ඒ තරං සයිස් ඩිකියක් නෙව තියෙන්නේ.. 

අර මිනිහ ගෑනි මැරිල පාරේ අඩ අඩ පොඩි එකා එක්ක එනවා..බොලා මෙතන සිරියාවතී නයාවුනාම ඩිකිය මොකෑ වෙන්නෙ කියල හිතනව..හයියෝ බොලා නං...මිනිහෙක් ගෑනිගේ මිනිය කරගහං එනකොට පෝන් මානල පොටෝ ගන්න පෝලිමේ හිටපු උන්වත් බොල තරං කූර නැතුවැති..අම්මප ..හාහා ඉතිං කියහල්ලකෝ කාරුහරි සියදෝරිසාගේ ගෑනි මල කතාව.. මේ අනික් උන්ට දැනගන්න.. ස්කෝලයා සිය පණ්ඩිත කම එතනැදී පෙන්නුවාය.. 

පහුගිය දවස් වල ඒ ගෑනිට කාසෙ හැදිල කැහැ කැහ උන්නේ. දූවිල්ලට වෙන්නැති පහුගිය ඉරිද දවස වැඩිවෙලා.. ඉතිං අවසාන මොහොතෙ ඉස්පරිතාලෙ උස්සං ගෙහින් තියෙන්නේ.. එතෙන්දි දොස්තර ගොල්ල බලල බලල අහක් වෙලා වැඩක් වෙල නෑ..මැරිල.. එතෙන්දි මූට මිනිය ගෙනියන් ඕන වෙලා නේ.ගෙදර..තා ටිකක් උන්න නං ඉස්පිරිතාලෙන්ම වලදාවි නෙ.. උගෙප් පන්ඩිත කං.. දොස්තර ගොල්ල නං දන්නෙත් නෑලු මිනිහ මිනියත් කර තියං ඇවිල්ල නේ.. ගොනා.. 

සියදෝරිස්.. මිනිහ මොකො බං ඔච්චරම අවුල් වුනේ.. 

මේ පාරත් මිනිහත් අපි වගේම ණයයි. වී ටික විකුනගන්න විදියක් නෑනෙ.. ආන්ඩුවට වී ගන්න බැහැල්ලු කලිං කන්නේ වී එහෝම ගබඩා ඔල..ඒ මදිවට රටින් ගෙනාපු හාලුත් ගබඩා ඔල.. රටින් ගෙනාපු හාල් ටික නං තා ටික දොහකින්, අපි කුලප්පු වෙලා වී ගනිව් වීගනිව්  කීවම..කුකුල් කෑම කියල අඩුවට දේවි..හැබැයි බං ඒ හාල් හොදයි ලු..කුකුල්ලුන්ට කන්න දුන්නට බාගෙටත් වැඩිය කඩෝලට යන්නේ හොද හාල් විදියටලු.. ඒව කාල හිටියනං ඒකත් එකක් බං..කිලෝව 37ට විකුනනව කියන්නේ රට හාල්.ඒත් කඩ කාරය තොගේට ගන්නේ 55ට..අපිට 60වත් ලැබේවිය ඕව...අපේ ඒවට වැඩිය රටේකෙ බතත් හොදයි.. කියල ගෑනි කිව්ව. 

හපෝ වහන්සේ තෝ.. සියදෝරිසා ගැන නේ කියවේවේ..දැන් කොහෙද මේ වී හාල් මිල ගැන කියන්නේ.. හපෝ උඹ කිව්වෝත හෙට වෙයි.. වෙරි මතින් එකෙක් දොස් කියයි.. 

ඉතිං සියදෝරිසා ගේ ගෑනිට ඔය ලෙඩේ දිගටම තියුනා.. මිනිහ ණය වෙවී බෙහෙත් ගත්තේ..අපි වගේම ණය වෙව ි ගොයිතැන කලේ..මේ මුරේ මිනිහ ණය නැති නෑයෙක් මිත්‍රයෙක් නෑ,.සමහර මිනිස්සු සියදෝරිසා දැක්කම පන්න ගන්නවා.. මිනිහ දැක්කම සල්ලි ඉල්ලාවිය කියල පෙලක් උන් හැංගෙනවා..නැති වුනාම හැම එකාම අහක බලනව නෙව.. අනික සියදෝරිසා එච්චර හොද මිනිහෙක් නෙමෙයි නේ..පංසල පල්ලියෙනුත් වැඩිය හෙවිල්ලක් බැලිල්ලක් නෑ..පෙරහැරට යන අලියාගේ බ්‍රෙසියර් එක මස්සෝපු නිසා අප‍ේ මුදලාලි, මහ උන්දැට පිං පිණිස කියලා කවි සැට් එකක්ම කිව්ව නේ හාමුදුරුවෝ..සියදෝරිසා මොකෝ එහෙමවත් පිංඅතේ වැඩක් කොරන එකක්යැ.  මරණාදාර සමිතියෙවත් මිනිහ නෑනෙ.. මෙතන ඇවිල්ල රා බිව්ව එක විතරයි නේ මිනිහ කොරේ..වැඩකට කියලා.. 

දැන් ඉතිං මිනිහ කර ගහං එන්න ගියාට මිනිය ගේන්න හම්බෙලා නෑනෙ.. මගින් මිනිස්සු එකතුවෙල වාහනේක පටෝල මලගමත් ගන්න සල්ලිය බාගෙත් දීලලු.. හැබැයි මිනිස්සුන්ට කරුණාව පහල වෙන්නෙ. කිලෝමීටර 12ක් මිනිය කර තියං ආවට පස්සේ.. 

මගදි කට්ටිය පොටෝ ගහල විඩියෝ කරල රටත් පෙන්නුවලු..ආන්න බලහං ඒවයිත් හැටි..ඉස්සර අපි සුකුරුත්තං අරුමෝසං කෝට් බෑයවල් දාල නියෝගෙන ඉන්නව පොටෝ එක වදිනකල්..දැන්..මිනිය කරතියං එන එකාත් පොටේ වල..තාක්සනේ..ගමට ඇවිත්..හයි වේ එකෙන්..ආන්නේකයි බොලාට තේරෙන් නැත්තේ..  

කෝම නමුත් ඒක එතුමා පත්තරෙන් දැකල..කාටවත් මින් පස්සේ මිනී කර උඩින් ගෙනියන්න දෙන් නෑ කියල තුම්පාරක් පපුවට ගහල කිව්ව කියන්නේ.. හැබැයි අපි ණය වෙලා කොරල හදාපු වී ටික විකුනගන්න බැරි එක උන්දැල දකින් නෑ.. වී ගබඩා ඔල රට හාල් මෙච්චර තියෙන වගකුත් උන්දැල දකින් නෑ.. අම්මප මං කියන්නේ අපි අපේ ගෑනු ටික රෙදි ඔල ඔතල කර තියං යමව් ඔන්න.උන්ට කියමු ටික වෙලාවකට කචෝ පචෝ වහල  කට වහං මැරිලවගෙ ඉන්න කියල.. එතකොට සුටුස් ගාල වාහනත් එවයි .. වී පස්නෙත් උන්නාස්ලොගේ ඇස් වලින්ම බලයි.. 

හම්මේ බං..දැන් අපිට පණ නැතුව කන්න බොන්න නැතුව හරි ඉස්පිරිතාලෙට බඩගා ගත්තොතින් ඇති.. මිනියට එන්න වාහනයක් ලැබෙනවා නිකං.. ඒකත් මැදැයි..වෙනස කියන්නේ ඕවට නේ..බං මේ වරත්තු බල්ලොන්ට තේරෙන් නැති වුනාට.. 

Tuesday, August 23, 2016

ගාන්ධි බබා උනු පාකිස්ථාන දික්කසාදය

1945 ලෝක දේශපාලනයේ මෙන්ම බ්‍රිතාන්‍ය දේශපාලනයේද ජනප්‍රිය චරිතයක් වූ වින්ස්ටන් චර්චිල් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට පරාජය වනවා. දෙවන ලෝක යුද්ධයේ බලකනුවක් වූ චර්චිල් උණුසුම පහව යන්නටත් මත්තෙන් සිය රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම විශ්මයජනකයි. ඉන් පසු බලයට පත් වූ කම්කරු පක්ෂය එවකට යුද්ධයෙන් සැරටම බැටකා තිබුනු බ්‍රිතාන්‍යය නැවත ගොඩනගන්නට කටයුතු කරනවා. එවිට සුවිසල් යටත් විජිත සියල්ලන්ටම පාහේ නිදහස ලබාදී ඔවුන්ගෙන් නිදහස් වීම ‍හොඳයි කියන මතයේ තමයි මහා බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය හිටියේ. 

කාලයක් තිස්සේ ඉන්දියාව තුල නිදහස් සටන ඇවිළෙමින් තිබුනා ගාන්ධි තරුණ වියේ සිටම ක්‍රියාත්මක වූ නිදහස සටන දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමග යම්කිසි සන්ධිස්ථානයකට පැමිණියා. ඒ තමයි ඉන්දියාවට නිදහස ලැබීම. 

අලි ජින්නා
බොහෝ ඉන්දීය දැඩිමතධාරින් හින්දුස්ථානය දෙකට කැඩුව පාහරයා විදියට තවමත් හඳුන්වන්නේ අලි ජින්නා. අලි ජින්නා කියන්නේත් කැඩෙන්නට පෙර ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියෙක්. 1920 දී ඔහු හින්දුන් නියෝජනය කරමින් ජාතික කොංග්‍රසය වෙනුවෙන් ජාත්‍යන්තර  සමුළු වලට පවා සහභාගි වෙලා තිබෙනවා. ඒ වගේම ජින්නා ගාන්ධි සමග බොහෝ කලක් එකට වැඩ කල ක්‍රියාධරයෙක්. 

මුස්ලිම් ලීගය ආරම්භ වුවත් ගාන්ධි හෝ ගාන්ධි විසින් පත් කරන ලද නේරු මුස්ලිම් ලීගය ගැන අවසාන අවස්ථා වෙනකල්ම සැලකුවේ අඩු තක්සේරුවකින්. ඔවුන එය ගනනකට ගත්තේම නැති තරම්. නමුත් මැතිවරණ වලදී මුස්ලිම් ලීගය සැලකිය යුතු ජයග්‍රහන ලබාගන්නට පෙළඹුනා. 1930-40 කාලයේදී එවකට ඉංදීය ජාතික කොංග්‍රසයේ ඉහල නිලයකට අලි ජින්නා පත්කොට ඔහුට පසුකාලීනව හින්දුස්ථානයේ අග්‍රාමාත්‍ය වන්නට ඉඩ හසර ලැබුනා නම් බොහෝවිට අලි ජින්නාගේ හින්දුස්ථානයේ දැනට තිබෙන බංගලිදේශය සහ පාකිස්ථානය නොබදී තිබෙන්නට ඉඩ තිබුනා. 

අලි ජින්නා පාකිස්ථානය ලෙස කොටසක් ඉන්දියාවේ ඉහලින් වෙන් කරගත්තත් ඔහු බොම්බායේදී  යුරෝපීය ආරට හැදුන හොඳින් ඉගෙන ගත් දක්ෂ නීතිඥයෙක් ලෙස සේවය කල අයෙක්. ඔහුගේ යුරෝපීය ජිවන රටාව එක්වරම මුස්ලිම් අන්තවාදයට නැඹුරු වූ ආකාරය ඇතැම් සමකාලීනයන්ට සිතාගන්නටවත් අමාරු වුනා. නිදහස ලබාගැනීමේදී පවා නේරු සිය ඉන්දී්‍ය අනන්‍යතාවයට අනුව ඇන්දත් පකිස්ථාන් අලි ජින්නා පුරුදු කලිසම කෝට් එකට ආයුබෝවන් කියා තිබුනේ නෑ. රටට ජාතියට දේශයට ආදරය කරන්නට නිතර දෙසූ ගාන්ධිට සිය හින්දු ප්‍රජාව ජාතියෙන් ඔද වැඩී මුස්ලිමුන්ට විරුද්ධ අවි අතට ගනිද්දී එය නවතන්නට නොහැකි වුනා.. එසේම යුරෝපීය මහත්මයෙක් ලෙස සැදී දේශයට ආදරය කරන්නට උපදෙස් දුන් ජින්නාටත් පසු කලෙක සිය මුස්ලිම් ජාතියේ අය ඔහුත් පසුකරගෙන බොහෝ දුර ගොස් ප්‍රචන්ඩත්වය වපුරන විට කරකියා ගන්නට දෙයක් නැතිවන්නට ඇති. 

මහත්මා ගාන්ධි බොහෝ විට උත්කර්ෂයට ලක් වන්නේ අවිහිංසාවාදී සාධාරන මනුෂ්‍යයෙක් විදියට. නමුත් ඉන්දීය කොංග්‍රසයේ අග්‍රාමාත්‍ය තනතුරට ‍ ජවහල්ලාල් නේරුට පත්වන්නට මහත්මා ගාන්ධි විශේෂයෙන් ඉඩ දෙනු ලැබුවා. එවකට ජනප්‍රිය චරිතයක්ව සිටි ධනවාදී විවෘත අදහසින් යුත් කොන්ග්‍රසයේ ජනප්‍රිය චරිතයක් වූ සර්දාර් පටේල්ට අවස්ථාව නොදී සමාජවාදී අදහස් වලින් සමන්විත කුමක් කලක් කෙසේ වුවත් එකම රටක් වැනි ජාතික හැඟීම් වලින් යුතු වූද  ජාති ආගම් ප්‍රශ්ණ වලදී එතරම්ම හොඳ විසඳුම් කරුවෙකු නොවු ද ශ්‍රි නේරුව ගාන්ධි විසින් පත් කරනු ලබනවා. ඒ පත්කරන අවස්ථාවේදීත් කොංග්‍රසයේ ජනප්‍රිය චරිතය වූයේ සර්දාර් පටේල්. සර්දාර් පටේල් වීරයෙක් ලෙස සලකන ඇතැමුන් ට අනුව සර්දාර් පටේල් පැතිරුනු අදහස් ඇත්තෙක්. දැනටත් ඉන්දියාව ප්‍රාන්ත විදියට බෙදිලා නමුත් එකම රටක් විදියට පවතින්නේ සර්දාර් පටේල් විසින්‍ මෙහෙයවපු ක්‍රියාදාමය නිසා.

ජින්නාගේ මුස්ලිම් ලීගයේ මූලික තර්කයක් වුනේ හින්දුන් විසින් පාලනය කරන රටක මුස්ලිම් ලෙස සැමදාම මහ ජාතියේ කෙණෙහිළිකම් වලට මුහුන දෙන්න වෙනවා කියන කාරණාව. එසේම සමාජවාදී අදහස් තිබූ නේරුට එවකට ඔහු ඇදහූ සමාජවාදය අනුවම හින්දුස්ථානය පැවරුනා නම් සමාජවාදයේ පූර්ව අත්දැකීම ්අනුව නායකයා ලෙස නේරුටත් නායකයා අයිති ජාතිය ලෙස හින්දුන්ටත් විශාල බලයක් ඒකරාශී වනවා.  එවැනි අවස්ථාවක වෙනමම රටක් ඉල්ලීම සිය ජාතිය වෙනුවෙන් කරන්නට අවැසි යුතුකමක් ලෙස මුස්ලිම් බුද්ධිමතුන් සිතන්නට ඇති. 


මවුන්බැටන් සහ පවුල

1947 පෙබරවාරියේදී දී ලුවිස් මවුන්බැටන් ඉන්දියාවට පැමිනෙන්නේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ සිය යටත්විජිත වලට නිදහස ලබාදීමේ අදහස ඇතිව. ඔහු ඉතාම කෙටිකලක් ඇතුළත සිය කාර්යය නියම කල ලෙසටම ඉෂ්ඨ කරන්න සමත් වුනා. විශාල අඩු ලුහුඩුකම් තියෙන්නට ඇති නමුත් ලැබී තිබු කාලය අනුව මාස හයක් වගේ කෙටිකාලයක් තුලදී නිදහස ලබාදීමත් රටේ වාර්ගික ගැටළුවට සාධාරන විසදුමක් ලබාදෙන්නත් මවුන්බැටන්ට හැකියාවක් ලැබුනා. 

අලි ජින්නාගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් ලීගය නැගෙනහිරින් බෙංගාලයේත් බටහිරින් පන්ජාබයේත් සිය ප්‍රචන්ඩත්වය පතුරුවන්නට පටන් ගත්තා. එකිනෙකාට පිළීකුල් සහ තරමක් දුරස් සංස්කෘති දෙකක් වූ මුස්ලිම් සහ හින්දු සංස්කෘතියක වූ ජනයාට මේ අර්බුධය, සිය කෝපය පිටකරගන්න කදිම අවස්ථාවක් වන්නට ඇති. බෙංගාලයේ සහ පන්ජාබයේ සටන් දිගින් දිගටම ගිනි ඇවිලී ගියා. අවසානයේ නේරු ගාන්ධි ඇතුළු කොන්ග්‍රසයට ජින්නාගේ පාකිස්ථාන ඉල්ලීමට ඉඩ දෙන්නට සිද්ද වුනා. 

ඒ අනුව මාර්තුවේදී ඉන්දියාවට පැමිණි සිරිල් රැඩ්ක්ලිෆ් නැමැති බ්‍රිතාන්‍ය සිවිල් නිළධාරියා පන්ජාබයත් බෙංගාලයත් හරහා සිතියම් සලකුනු කලා. පාකිස්ථානයේ මායිම නියම වුනේ ඔහු සහ පිරිස අතින්.. වාරිමාර්ග ගොවිබිම්, සහ මහ ජාතික ඝනත්වය අනුව මෙලෙස බෙදීම ඇත්තෙන්ම අපහසු ක්‍රියාදාමයක්.. 

අවසානයේ මවුන්බැටන් විසින් අගෝස්තු 14  වැනිදා පාකිස්ථානයටත් අගෝස්තු 15 වැනිදා ඉන්දියාවටත් නිදහස ලබා දුන්නා..ඉන් අනතුරුව අගෝස්තු 17 වැනිදා ඔහු විසින් පාකිස්ථානය සහ ඉන්දියාවේ මායිම් සිතියම ප්‍රකාශයට පත් කරනු ලැබුවා. පලමුව නිදහස ප්‍රකාශයට පත් කර ඉන් පසුව සිතියම ප්‍රකාශයට පත් කරන්නට යෙදුනේ කළබලකාරී වාතාවරණය අඩුකරන අදහසින්. 

ශතවර්ශ ගනනාවක් තිස්සේ මුස්ලිම් ජනයා සහ හින්දු ජනයා එකම වාස භූමියක ජීවත් වුනා. අාගම් ඇදහිම් දෙවර්ගයක් වුවත් ඔවුන් අයිති වූයේ එකම පොලවකට ඔවුන් බෙදාගත්තේ එකම ජලය ඔවුන් ගියේ එකම මාර්ගවල ඔවුන්ගේ ආහාර රටාව ජීවිතය සිතුම් පැතුම් පවා ආගම් වලින් වෙනස් කරපු ටික හැරුනාම බොහෝවිට සමානයි. හින්දුස්ථාන හමුදාව පවා පාකිස්ථාන් ඉන්දියා කියල දෙකකට බෙදෙනවා.. එම අවස්ථාවේදී හමුදාවේ සාමාජිකයිනුත් උනුන් හැරගියේ හැඩූ කදුලින්.. 

පන්ජාබයේ සික් ජාතිකයින් මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව දැඩි ලෙස ලේ වැගිරවීම් සිදුකරන්නට දායක වුනා. දෙපාර්ශවයම සිය ගැහැනු දරුවන් බිරින්දෑවරුන් දියණියන් සිය කඩු පිහි වලින්ම කපා මරා දැමුවේ විරුද්ධ වාදීන් විසින් ඔවුන් දූෂණය කලහොත් තමුන්ෙග් පවුලට සිදුවන අවමානය වලකා ගැනීමේ අදහසින්. එලෙස තමුන්ගේ ඥාතින් අතින් මරණයට කැපවන්නට සිදුවුන ගැහැනු පිරිස ලක්ෂයකට ආසන්න යැයි සඳහන් වෙනවා. මේ වාර්ගික අසහන තත්වය සමනය වී දශක ගණනාවක් යනතුරු සිය සහෝදරියන්, බිරිඳ, ආදී ස්ත්‍රීන් තමුන්ගේම අතින් ඝාතනය වන්නට සිදුවීම ගැන ශෝකයට පත් විශාල පිරිසක් දෙපාර්ශවයේම සිටියා. 

දෙපාර්ශවයේම මේ නිදහස ලැබෙන අවස්ථාව වන විට පැවතියේ දැඩි නොසන්සුන් වාතාවරණයක්.. මේ මහා දේශසීමා සහ පාකිස්ථානය බිහිවීම එක්ක දෙරට අතර මිලියන 10කට ආසන්න ජනතාවක් හුවමාරු වුනා..සමස්ථ ක්‍රියාවලියෙදි ඇති වූ ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් මිය ගිය ප්‍රමාණය මිලියනයකට හෙවත් දශලක්ෂයකට වැඩියි. බහුතරයට අයිති පලාත අනුව බෙදී වෙන් වුනත් බෙදීමේදී පාකිස්ථාන පාර්ශවයට භූමිය නිර්ණයනය වුනේ අවාසි සහගතව. ආර්ථිකව ගත්තොත් වඩාත් සාරවත් පෙදෙස් ඉන්දියාවට නතු වුනා.දැනටත් ඉන්දුස් ගගේ ඉහල කොටස් වන ජේලුම්, ඉන්දුස්,චෙනබ් ආදී ‍ කොටස් ඉන්දියාවෙන් වසා දමනවිට පාකිස්ථානය වතුර නැතිව වියලී යනවා. 

පන්ජාබයේ ඉහල සිටි හින්දු ජනයා පහල ඉන්දියාව දෙසටත් ඉන්දියාවෙන් පලාගිය ජනයා පාකිස්ථානය දෙසටත් පයින්ම ගමන් කරන්නට වුනා. දුම්රිය වලින් ගමන් කල හැකි වුවත් මුල් කාලිනව ඇතැම් දුම්රිය දෙපාර්ශවයේ දුම්රිය පොලවල් කරා පැමිණියේ මළ සිරුරු සහ ලේ වැකුනු මිනී පුරවාගනිමින්. ඇතැම් දුම්රියන්හී මිනිසුන් පිරී ඉතිරී සිටියත් ජිවමානව සිට ඇත්තේ දුම්රිය රියදුරු පමණයි. 

එසේම බ්‍රිතාන්‍ය බෙදීමෙන් කාශ්මීරය සහ බලුකිස්ථානයේ අයිතිය නිසි ලෙස ප්‍රකාශයට පත් කලේ නෑ.. මේ ‍පකිස්ථාන ඉන්දියා බෙදීම නිසා හුවමාරු වන්නට වූ ජනතාව ලෝකයේ විශාලතමය සරණාගත කන්ඩායම ලෙස ඉතිහාසයේ දැක්වෙනවා. නිදහස ඉල්ලා ලැබුනු අලුතින්ම සැදුන රටවල් දෙකකට මුහුස දෙන්නට සිදු වුනේ අලුත්ම ප්‍රශ්ණයකට .. ඒ තමයි අනාථ වූ ජනයා ලක්ෂ ගනනකට පිළිසරණ වීම.  
නේරු මහත්මා සර්දාර් පටේල් 
ඉතා ඉක්මනින් මහා බ්‍රිතාන්‍යයට බලය ඉන්දියානුවන්ට ලබාදෙන්නට ලොකු හදිස්සියක් තිබුනා. එසේම මහත්මා ගාන්ධිට සිය අනුප්‍රාප්තිකයා ලෙස සමාජවාදී ජාතිකවාදී අදහස් දැරූ ජවහල්ලාල් නේරු ව පත්කරන්නට උවමනා වුනා.. මෙතැනදී ගාන්ධි විසින් නේරු නොමැතිව එවකට තිබූ කොංග්‍රසයේද ජනතාව අතරද කීර්ථිමත්ම පුද්ගලයෙකු වූ සර්දාර් පටේල්ව පත්කරගත්තා නම්? ගැටළුව පැතිර නොයාවි යැයි ඇතැමුන් ගේ අදහසක් තිබෙනවා. ගාන්ධි එහිදී බහුතර මතයට වඩා සිය මතයට මුල්තැන දී තිබෙනවා. 

ගාන්ධි පුද්ගල චරිතය අනුව අවිහිංසාවාදියෙක් ජාතික ක්‍රියාධරයෙක් ලෙස ක්‍රියාකලා.නිදහස ලබාගන්නට එක්සත්ව,හිංදුස්ථානය නැමැති ජාතිය මූලික කරගෙන ඉංග්‍රීසින්ගේ අකටයුතු කම් වලට විරුද්ධ වුනා..නමු්ත අවසානයේ ඔවුන් විසින් කුලුගන්වන ලද ජාතික වාදය ජාතිවාදය තෙක් ඇවිලී යනවි එය නිවන්නට ගාන්ධි ට බැරිවුනා..සටන් ඇවිලී යනවිට මිලියන  ගනනින් ජනතාව අවතැන් වන විට ගාන්ධී ගේ වැඩ පිළිවෙල වූ ගමින් ගමට ගොස් ජනයාට කරුණු අවබෝධ කිරීම ඒ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වුනේ නෑ. 
ගෞරවාන්විත මළගමක් වත් අහිමි වූ ජාතිවාදයට ගොදුරු වූ පිරිස් 
නිදහස ලබාගත් පසු ඇති වූ මෙවන් ජාතිවාදී ගැටුම් වලට මුල ඉංග්‍රීසි ජාතිකයින්ගේ බෙදීම් වලින් ගෙනගිය පාලනය බව ඇතැම් අය කියනවා. නමුත් අප ඔවුන්ගෙන් නිදහස ලබාගන්නවා නම් ඔවුන්ගේ ක්‍රමවලටම පාලනය කිරීම කලයුතුයැයි නියමයක් නෑ.. ඔවුන්ගෙන් වෙනසක් අවශ්‍ය නිසා තමයි ස්වදේශිකයින් තමුන්ගේ ජනතාව නායකයින් විදියට පත්කරගන්නේ. ඉන් පසු ඒ නායකයින් පෙර සිටි යුරෝපියන්ට වරද පටවමින් අනෙක් ජාතින්ට ආගම් වලට භීෂණය පතුරුවමින් සිය බලය තහවුරු කරගන්නට හදන එක බොහෝ යටත් විජිත වලදී සිදු වුනා. ඇතැම් නිදහස් අරගල වලින් සහ පසුව ඇති වූ ජාතිවාදී ගැටුම් වලින් අසරණ වුනු අතිවිශාල ජනතාව දිහා බැලුවාම අපි අමාරුවෙන් බදු ගෙවලා හරි යුරෝපීයන්ගේ පාලනයේම රටවල් තිබුනා නම් හොඳයි කියලාත් හිතෙනවා.

ඔබ මේ අදහස් වලට අකමැතිනම් කල හැකි හොදම දෙය මෙය ෆේස්බුක් හි ටුයිටර හි සෙයා කිරීමයි. එවිට දක්සයින් විචක්ෂනයින් පැමිණ මේ විකාර මත සුනුවිසුනු කොට දමනු නිසැකය. ජය වේවා..!!!

Sunday, August 21, 2016

උතුර දැන් නිවිලද

ජනවාර්ගික ප්‍රශ්ණ මත ඇතිවන ත්‍රස්ථවාදී ක්‍රියා සම්පූර්ණයෙන්ම පරාජය කලා කියල ඒවා ඉවර වෙන්නේ නෑ.. උතුරත් ඒ වගේ.. උතුරේ දැන් තියෙන තත්වය තරමක් අවුල්.. මේක ඉස්සරහට පත්තු වෙන්න බොහෝවිට ඉඩ තිබෙන ගිනිකන්දක් වගේ..

කොහොමටත් එදා ඉදලා පලාත් සභා කියන දේ ලංකාවේ තිබුනා. පලාත් සභා මදි කියන එක එදා ඉදලා තියෙන මතයක්. නමුත් අපේ පාර්ශවයෙන් ඒකටලැබෙන්නේ ඇල්මැරුනුඋත්තරයක් හැම වෙලාවෙම.. 

උතුර කොටසේ වැඩවාසය කරන දෙමල ජනතාවට දැනට තිබෙන පලාත් සභා බලතල වලට වඩා වැඩි යමක් දෙන්නට දකුනේ ජනතාව ගෙන් තියෙන්නේ නම්‍යශීලි ප්‍රවේශයක් නෙමෙයි..ඉතා සුලු බලතල බෙදීමක් පවා දකුනට මෙන්න අපි දිනාගත් එක ආපහු දෙන්නයි යන්නේ කියන දේශපාලනික පටු තීරුවලට කොටු කරන්න දකුනේ සිංහල ජාතිවාදී දේශපාලකයින් සමත් වෙලාතියෙනවා.. 

රාමුවෙන් එපිට හිතුවොත් යම්කිසි ජන කොට්ඨාශයක් භූමිය මත පදනම්ව යම්කිසි දේහපාලන ව්‍යුහයක් ඉල්ලනවා නම් ඒක අපි ලබාදෙන්නට ඕනි..ඒ භූමියේ උරුමය කාටද? ඉස්සර කාලේ හිටියේ කවුද? මෙයාල පස්සේ ආපු අය වගේ කරුනු හුදෙක් අපේ ගැලවිජ්ජාවට කියන කාරණා විතරයි. භූමියේ වර්ථමානයේ වාසය කරන ජනතාවගෙන් තුනෙන් දෙකක්ම කැමති නම් මධ්‍යම රජයට වගකීමක් තියෙනවා යම්කිසි ආකාරයක ෆෙඩරල් ව්‍යුහයක් ඒ පලාතට ස්ථාපනය කරන්න. 

යුද්ධයෙ මතක එක්ක 2009දි යාන්තම් ජංගි කෑලි ඇදගෙන හිටපු කොල්ලො කෙල්ලො දැන් ලොකුවෙලා..එයාල දැන් තරුණ පරපුර.. එයාලට අලුතින් රස්සාවල් නෑ..හොදින් බැලුවාම මුලු ලංකාවෙම රස්සා පස්නයක් තියෙනවා..නමුත් එයාල දකින්නේ එයාලට විතරක් ඒක තදටම තියෙනවා කියලා.. එයාලගේ දේශපාලකයෝ තොපේ රස්සාවල් නැතිවන්නේ අරුන් නිසා කියාල සිංහල අපිව පෙන්වනවා ඇති. 

මේ ලගදි මට වෘත්තිය සුදුසුකම් අනුව දෙන ජාතික වෘත්තිය සුදුසුකම් සහතිකයක් ගන්න ප්‍රායෝගික පරීක්ෂනයකට පෙනී ඉන්න වුනා.. එතනදි ඊට කලිං කන්ඩායමකට අයත් වුනු උතුරේ දෙමල සිසුන් පිරිසක් සිය මහඇමති විග්නේශ්වරන් හරහා ලියුමක් අරං ඇවිත් තිබුනාලු සිසුන් පාස් කරන්න කියලා.. ඔවුන් විශය සහ ඒක පාස්වෙන්න කරන්න ඕනි ඉගෙනගන්න ඕනි මොනවද කියලා හොයල බලල පොඩි ප්‍රැක්ටිකල්ස් ටිකක් ඇරේන්ජ් කරගන්න හැකියාව ඔනි තරම් එයාලට තිබුනා.. 

නමුත් එයාලත් අමුතු විදියට වැඩේ ගොඩදාගන්න ගියා..මට ආරංචි වුන විදියට එයාලට ඒ පරීක්ෂණයෙන් යාන්තම් වත් සමත් වෙන්න තරම්වත් දැනුමක් තිබිල නෑ,. ඉතිං මේ වගේ දේවල් වුනත් දේශපාලකයෝ ඔහේ ලියුම් දීල දේශපාලන කාරණා බවට පත් කරගෙන තියෙනවා.. දකුනේ වගේ නූගතුන් නොවන උගත් විග්නේශ්වරන් වැන්නෙක් එවැන්නක් කිරීම සැබැවින්ම ඔහුගේ ඇති හැදියාව මොනවට පෙන්නුම් කරනවා.. 

දැන් උතුරේ තියෙන තවත් විසාල ගැටලුවක් තමයි ධීවරයින්ගේ ගැටලුව..සැබැවින්ම උතුරේධීවර ගැටලුව ගැන උතුරු පලාත් මහ ඇමති තුමාගේ මතය කුමක්ද? අපේ රජයට ඇයි බැරි උතුරු ධීවර ගැටලුව විසදගන්න දෙමල ජාතික පැත්තේ අයට අවස්ථාව ලබාදෙන්න.. 

කොහොම වුනත් දැන් යන විදියට අපේ ජීවිත කාලය ඇතුලත උතුරේ බලන්න තියෙන තැන් ටික ආයෙමත් ගිහින් වරක් බලාකියාගෙන එන එක බොහෝම හොද වෙයි..මොකද දැන් පේන සහ ගමන් කරන විදියටලොකු යුද්ධයක් නැතත් අර කාශ්මීරයේ වගේ කිසිදා නොනිමෙන විරෝධතා රැලක් ඉස්සරහට ඇතිවේවි.. 

Friday, August 19, 2016

ගාලු පාරට BRTS

මේ තියෙන්නේ මේ දිනවල ගාලුපාරේ ඇතිකරන්නට යන බී ආර් ටි සිස්ටම් එක ගැන දල සටහනක්. මෙයින් එකක් මෙහෙ ඇතිකරන එක සාර්ථක වෙයි කියල ඇතැම් අය ඉන්නවා. මම ඉන්නේ විරුද්ධ පක්සේ..ඒ කිව්වේ මම හිතන්නේ මේක අසාර්ථක වැඩක් . ඒ හේතු ආදිය කිහිපයක් අපි දැන් බලමු..සාර්ථකයි කියන අයටත් කිසිම කහටක් නැතුව කමෙන්ට් කරලා හේතුව දක්වන්න පුලුවනි. 

සරලවම කීව්වොත් වැඩේ පිංතුරයේ තියෙන විදියයි. පාර මැදින් පාරේ මධ්‍ය රේඛාව අසබඩින් දෙපසට තීරු දෙකක් විශේෂ බස් ජාතියකට වෙන් කරනවා. ඒ බස් ජාති වලට හැමතැනින්ම නගින්න බෑ..අදාල බස් නැවතුම් තියෙනවා. ඒ බස් නැවතුම් වලින් නැගලා ඒ තැන්වලින් බැහැලා යන්න තමයි තියෙන්නේ..ලංකාවේ දැනට යෝජිත ක්‍රමයේදී පාර මැදට ගිහින් මේ සේවාව ලබාගන්න යන්න තියෙන්නේ කහ ඉර මතින්.. අපි දැන් මේකෙ තියෙන වැරදි මොනවද කියලා බලමු.. 

1. පාර දෙපැත්තේ ගස් නැතිවීම. 
ඔබ ගාලු පාරෙ ගිහින් තියේ නම් හොදටම දන්න දෙයක් තමයි ගාලු පාරට මුහුනලා තිබෙන වෙලදසැල් සහ ගොඩනැගිලි..කෑම බීම, සාරි රෙදි, ඇදුම් පැලදුම්, බැංකු ආදී විශාල පරිමාණයක වාණිජ බිල්ඩින් තොගයක් ගාලු පාරට මුහුනලා තියෙනවා. මේ පිංතුරයේ වගේ ගස් තියෙන හරියක් ඇත්තටම ගල්කිස්ස කනත්ත හරියෙන් හරි ගෝල් පේස් එක හරියෙන් මිසක ගාලු පාරේ දකින්නට බෑ.. පාර දෙපැත්තේ ඒ විදියට ජනයා ගැවසෙන කඩ තියනවා කියන්නෙ මොකෝ වෙන්නේ අඩුගානෙ ත්‍රිවිල එකේ මිනිහ හරි ත්‍රිවිල් එක නවත්තල කඩේට දුවනවා.. ඉතිං එතන වාහන හිර වෙනවා..

ගාලු පාරේ කඩ ටික වහන්න කියනවා නෙමෙයි..ඒත් මෙතනදිගාලු පාර මේ වගේ සිස්ටම් එකකට සුදුසු නොවන තරමට කුඩායි.. 

2. ගාලු පාරට පැරලල් පාරවල්..කොලුලුපිටිය බම්බලපිටිය හරියේ නම් දැන් ගාලුපාරට සමාන්තර පාරවල් දෙකයි..එකක් ඩුප්ලිකේසන් අනික මුහුද අයිනේ පාර. ඒ සෙක්සන් එකට නම් මේ ක්‍රමය ගැලපේවි.. මොකද ගාලු පාරේ එක පැත්තකට විතරයි වාහන යන්නේ.. නමුත් වැල්ලවත්තෙන් එහාට..? 

3. ගාලු පාරට පැරලල් තා තියෙන වැදගත් ප්‍රවාහන ක්‍රමයක් තමයි කෝච්චි. දැන් මේ බස් ජාතිය ඒ සී කරලාලු..ඉතිං හද් දෙයියනේ අපෙන් වැඩියෙන් දෙතුන් ගුනයක් හරි අරං කමක් නැ..ඔය තෙරපිලා යන මගී දුම්රිය දෙක තුනක් ඒ සි කරල දෙනවාකෝ.. ඇත්තටම ඒ සී කියන්නේ මිල අධික වැඩක් තමයි..ඒත් දැනට දුම්රිය ප්‍රවේශපත් ගාස්තු සහ ගාලුපාර වැනි වාණිජමය ඒරියා වලදි දැන් මිල වගේ තුන් ගුනයක් වුනත් ඒ සී කෝච්චියක යන්න මගියා අකමැති වෙන එකක් නෑ.. දැනට තියෙන පැරණි මතවාද ඉවත දාලා අලුත් ජාතියේ ඒසී කෝච්චි කිහිපයක් දැම්ම නම් තෙරපුනත් මිනිස්සු හීතලට ෆීස් වෙලා ගල් ගැහිල යාවි ඒ සී කෝච්චි කිහිපය්ක දැම්මොත්.. 

4. දුමරිය සේවාව විධිමත් කිරීම..කෝච්චි පාර අයිනෙන් පාර හැදුන එක හොදයි..නමුත් ඒකෙන් එක ලොකු අවාසියක් වුනා..ඒ තමයි කෝචචි පාර දැන් තවදුරටත් පලල් කරන්න බෑ.. ඒ කියන්නේ තව කෝච්චි පාරක් දාගන්න විදියක් ඇත්තේම නෑ.. හොදට හදාපු කෝච්චි පාරක් ඔය හරියෙන් දමලා ස්පෙෂල් ටිකට් ස්කීම ්එකකට උදේට සැප කෝච්චි 8යි හවසට සැප කෝච්චි 8යි දැම්මත් මම හිතන්නේ ඒක සාර්ථක වැඩක්..උවමනා නම් කුඩා පරිමාණ තව ස්ටේෂන් හදන්න තිබුනා ලේසි වෙන්න. නමුත් එහෙම දෙයක් අපේ අයට හිතුන් නෑනෙව..දැන් ඉතිං ආත්මෙකට මුහුදුබඩ මාර්ගයට තව මාර්ගයක් එකතු කරන්න තියා හිතන්නවත් බෑ..ලොක් වෙලා.. 

5. අපේ රටේ ට්‍රැෆික් කියන්නේ සමහර ආකල්ප උඩ හැදුන දෙයක්..කොළඹ කලාපයේ පාසැල් වලින් 2014 දි සාමාන්‍ය පෙලට මුහුන දුන්න ලමයි ගාන 13691ක්..මම හිතන්නේ මේ ගානින් අඩුම තරමේ 8000ක් වත් කොළම තදාසන්න පාසැල් වලට කුමන හෝ ක්‍රමයකින් ප්‍රවාහන මාධ්‍යයකින් පැමිනෙන අය.. ඒ කිව්වේ එක්කෝ පාරේ බස් එකේ, වෑන් එකේ නැත්තං කෝචිචයේ එන අය..එයින් අපි හිතමු ඔක්කෝම වසර වල ඉස්කෝල යන ලමයි තිස්දාහක් පාරෙ යනෝ කියල..ඉතිං මේ ගොල්ල ඔය බී ආර් ටී වල යවයිද දෙමාපියො.. නෑනෙව..ඒත් අර ස්කූල් වෑන් වලින් තමුන්ගේ වාහනෙන් ලමයි ගෙනත් දාන අය ඒ විදියටමයි නෙව ලමය ඉස්කෝලෙට ගෙනත් දාන්නේ.. 

ගාලු පාර දෙහිවල හරියෙදි එකපැත්තට ලේන් දෙකයි..ඒ වගේම පටු තැනුත ් ගොඩයි..දැනට තියෙන 4නුත් යන ට්‍රැෆික් එක විසාලයි. අනික අලුත් සිස්ටම ්එකේ යන්න කියලා තමුන්ගේ ගෙවල් වල වාහන දාලා හෝ බස් වලින් අයින් වෙලා අලුත් සිස්ටම් එකට මිනිස්සු ඒ විද? 

අලුත් දේවල් දිහා සැක ඇතුව බලන්න හොද නෑ..ඒත් අලුතින් හරියට ට්‍රැෆික් ඇලොකේට් කරලා.. හොද මෙට්‍රො එකක් වගේ දෙයක් නැතුව මේ කරන්න යන එක විහිලුවක්..බොහෝවිට මෙය කරන්න හදන ගාලුපාර කියන්නෙ ඔ්‍ය වගේ සෙල්ලමකට කොහොමවත් ගැලපෙන තැනක් නෙමෙයි..කරන්නම ඕනි නම් බේස්ලයින් එකේ කරත හැකි..ඒත් ඉතිංපාර පැනලා පාර මැදින් බස් එකට නගින සිස්ටම් එක ටිකක් වෙනස්.. ඒත් ‍ම්ෙ වගේ වැඩකට ගාලු පාරට වඩා නම් බේස්ලයින් එක ටිකක් හරි සුදුසු තැනක් වේවි..කියල මට හිතෙනවා.. 

Tuesday, August 9, 2016

කේබල් පොටෝ සහ කානු

ගාලු පාරේ මීට අවුරුදු 10කට 15කට කලින් ජපනා ටෙලිකොම් ඉද්දි කේබල් ඇද්දා. ජප්පා ඉතිං හප්පා නොවැ. ඌ කේබල් ඇද්දේ පොලව යටින්. ඒ කාලේ සම්පූර්ණ පොල හාරලා තඩි බට බස්සලා කොළඹ සිට මාතරටම මේ යටිබිම්ගත නාල පද්ධතිය විහිදිලා තියෙනවා. කාලෙත් එක්ක පාරෙ නඩත්තු කටයුතු සහ වෙනත් හේතුන් නිසා මේ නාල බ්ලොක් වෙනවා. ඉන් පස්සේ දැන් ඉන්න අපේ අයියලා කණු උඩින් කේබල් අදිනවා.. ඒ වගේම ටෙලිකොම් ලයින් දෙන්නත් කිසිම කැතක් නැතුව මහපාර අයිනෙන්ම කනු ගහලා කේබල් පේන්නම ගාලු පාර දිගට ටෙලිකොම් ලයින් තැන් ගනනාවක යසට පේන්න තියෙනවා. 

විදුලිබල මණ්ඩලයත් එහෙමයි. එයාලට පාර හෝ ප්‍රදේශය ගැන ලොකු වටිනකමක් නෑ..ලස්සන කඳුකර පාරවල් වෙරළබඩ මනස්කාන්ත පරිසරය දක්වන ගාලු පාර වගේ ඕනිම තැනකට ‍ අපේ අයියලා කේබල් පොලව උඩින් අදිනවා..අපි වගේ ලේලන්ඩ් බස් එකෙන් වැඩියෙන් ගමන් පහසුව සලසගන්න මිනිස්සුන්ට පිංතුරයක් ගන්න ලැබෙන්නේ යන එන ගමන් තමයි. ඉතිං ‍ගාලුපාරේ යන ගමං තං වක්කරං යන සුද්දියෙක්, ලස්සන දූපත් කෑල්ලක්, ගල් කුට්ටි වලට රැල්ල ගහල බිදෙන ලස්සන වගේ මොකක් රූගත කරන්න ගියත් අර කේබල් කෑලි ටික පේන්න ගන්නවා.. එක්කෝ කනුවක් පත බෑවිල තියෙනවා කැමරාවෙ සොට ්එකට උඩින්. 

මේ වගේ දේවල් වලට කියන්නේ දර්ශන දූෂණය වගේ වචනයක් විශුවල් පොලියුෂන්. කන්දක් පේන්න බෑ අපේ මොබයිල් කම්පැනි වලට ගිහින් ඒකෙ ටවර් අටවනවා.. ලස්සනම තැනක් වුනත් ටවර් එකක් අටවලා ඒකෙ තියෙන ස්වභාවික ගතිය නැතිකරන්න අ‍ේප අය දක්සයි. 

නුවර පාරේ පවා ඇතැම් තැන්වල තවමත් කේබල් උඩින් යන අවස්ථා තිබෙනවා. අපි ලාංකිකයෝ මනුස්සයෝ වසයෙන් හරි කම්මැලි ජාතියක්. අපේ ජාතික කම්මැලි ජාන වලට හරියනම ජොබ් එකක් තමයි සුද්දෙක් දෙන්නෙක් මෝර කරලා සංචාරක කර්මාන්තයෙන් දියුනු වෙන එක. ආන්ඩුව කියන්නෙත් ඒවගේ දේවලින් සල්ලි හම්බ කරන්න ඕනි කියල තමයි. ඒත් නගර සහ මාර්ග වල ලස්සන පිලිවෙල වැඩිදියුනු කරන්න ලොකු වැඩ පිලිවෙලක් පලාත් සභා පලාත් පාලන තියා මහ ආන්ඩුවට වත් නැහැ. 

සංචාරකයින් නිතර එන නගර දෙකක් වෙන තංගල්ල සහ හපුතලේ මං පහුගිය දවස් වල කරක් ගැහුවා.. හප්පා ඒ ටවුන් දෙකේම යද්දි කුනු කානුවල ගන්දස්කාරේ නාහෙ කඩාගෙන යනවා..තංගල්ල බස් නැවතුමේ බල්ලකුට ඉන්න බෑ ගන්දස්කාරේ.. ඔය විදියට ගඳ එන්නේ මොකෝ.. කොළඹ නම් අප ජලය ඒ කිව්වේ ලැට් වල වතුරු, නාන කාමර වතුර, මාලු මස් කඩවල වතුර, සින්ක් වල වතුර.. ආදී එකි මෙකී නොකී අපජලය යන්නේ වෙනම නල පද්ධතියකට.. ඒ නල පද්ධතියෙන් පපොම්ප කරලා මුලු කොළඹම තියෙන අපවිත්‍ර ජලය නල මාර්ගයෙන් ඈත මුහුදට පොම්ප කරනවා.. නමුත් මේ තංගල්ල හපුතලේ කියන නගර දෙකේම තවමත් වැසුනු අපජලය මුදාහරින ක්‍රමවේදයක් නෑ.. තියෙන්නේ විවෘත කුනු කානු හරහා ජලය ගලායෑම.. 

කුනු කානු හරහා හෝටලවල අප ජලය, වැසිකිලි උූතුරා යන ජලය සහ මාලු මස් විකුනන තැන්වල ජලය ගලා යද්දි මාර පුසුඹක් එන්නේ ටවුන් එකටම..ඉතිං මේ ටවුන් වල සංචාරක කර්මාන්තයක් ගැන හිතන්න නං සංචාරකයින්ට නාහයක් තියෙනවා කියලා හිතන්නට ඕනි මුලින්ම. ප්‍රධානතම නගර ඇරුනු විට ලංකාවේ බොහොමයක් කුඩා නගර වල අපජලය මුදාහරින්න දියුනු ක්‍රමවේද නෑ..කානු දිගේ පලාතම ගන්දස්කාර කරගෙන තමයි අප ජලය ගලා යන්නේ.. 

රට සංවර්ධනය වෙනවා කියන්නේ මිනිස්සු පුද්ගලිකව කාර් යාන වාහන ගේ දොර ඉඩකඩම ්දේපල අරගෙන ගොඩගහගන්න එකට නෙමෙයි..පොදුවේ අපි පාවිච්චි කරන පොදු පාරවල්, නගර උපනගර ආදිය හැඩට ලස්සනට පුසුඹට තියෙන එකත් රටක සංවර්ධනයක් තමයි. හැමදේ ගැනම විසාල මහා විසාල දේවල් ව්‍යාපෘති තමයි මහ ආන්ඩුවට තියෙන්නේ.. උධාහරණ විදියට විදුලිබල මණ්ඩලය සහ ටෙලිකොම් ආයතන හිතුනු තැන කනු හිටවන්නත් හිතුනු විදියට ලස්සන පාරවල් උඩින් වැල් එල්ලෙන්න වගේ කේබල් අදින්න යන එකත් ආන්ඩුවට නවත්වන්න මහ ලොකු වියදමක් යන්නේ නෑ.. ආන්ඩුවට ඒක කරන්න මෙගා පොලිස් එනකල් ඉන්නෝනි නෑ.ආන්ඩුව පර්මිසන් දෙනකොට රටේ පරිසරේ ලස්සන රැකෙන විදියට කරන්න කියලා ගයිඩ් කරන්න විතරයි ඕනි. 

කානු ගැටළුව උනත් හෙමයි. ඇතැම් නගර සභා එහෙම ලාභ ලබන ආයතන. එයාලට ආන්ඩුවෙන් ‍ හෝ වෙනත් ආයතනයකින් පහසු ගෙවීමේ ක්‍රමයට ණයක් වත් අරගෙන අපද්‍රව්‍ය බැහැර කිරීම, අපජලය බැහැර කිරීමේ අනුමත ක්‍රමවේද ඇති කරනෝ නම් ඒක වටිනවා. ජාති ආලය කියන්නේ අතීතය පට්ට ගැහීම නෙමෙයි. රටක් ජනතාවක් ප්‍රජාවක් විදියට අපි අවට පරිසරය ලස්සනට පිරිසිදුවට පිලිවෙලට තියාගන්න එකත් හොඳ වර්ථමාන දියුනුවක් පෙන්වන ජනතාවකගේ ලක්ෂණයක්.(අතීතයේ අපේ පොරවල් අහම මෙහෙම කියල පරණ පොයි වලින්ම ජීවත් නොවී)  

Monday, August 8, 2016

මගුලක් කතා කරනවා, විජය නන්දසිරි

කලාකරුවෙක් කලාකරුවෙක් පමණක් වීම මට අනුව ඇති. දොස්තර මහත්මයෙක් දොස්තර මහත්මයෙක් පමණක් වීමත් ඒ වගේ... තමුන් දක්ෂ දේට සාධාරනයක් ඉෂ්ඨ කරන්න පුලුවන් නම් නාොදන්න සහ අදාල නැති සී්‍යකට හොටේ දාලා නාස්ති වෙනවාට වඩා ඒක හොදයි. 

කට්ටියකට විජය නන්දසිරි අනර්කලී එක්ක රගපෑව විකට නළුවා කියන කොට නිකං මදි වගේ..එතකොට ශ්‍රේෂ්ඨ රංගධරයා කියලා උලුප්පන එක ටිකක් අමාරුයි ගතියක් එනවා..ඒනිසා එයාලට පේන්නේ විජය නන්දසිරි මනමේ එකේ තාලෙට අඩිය තිය තිය ලොවෙත් නැති කුමාරයෙක් වගේ වේදිකාවේ නටපු සීන් එක.. තව පිරිසකට ටීවි එකෙන් එහාට විජය නන්දසිරි පේන්නේ නෑ.. වේදිකාව කියන එක ටෙනිසන් කුෙර්ලාගේ කුනුහබ්බ වලට විතරක් යට වෙලා තිබුන කාලෙක විජය නන්දසිරිත් ලෙසටම රගපෑව බල්ලොත් එක්ක බෑ ලංකාව වටේම සුප්පර් විදියට දිව්වා.. 

කොළඹ සන්නිය වගේ අතීතකාමය පැත්තට නැඹුරු වුනු විකට සිනමාවට සිකුරු හතේ තුලින් සිකුරා ලැබුවා වගේ ගතියක් ආවා..ඒ වගේමයි ටෙලි නාට්ටි පැත්ත ගත්තත් ග්‍රැන්විල්, විජය නන්දසිරි අාදී අය එක්ක තිබුන ඉන්දියානු කොපියක් වුන නෝනාවරුනි මහත්වරුනි වගේම ඉන් පසු අා විජය නන්දසිරි රග පෑ දේශපාලනික නාට්‍යයත් ඉතාම සාර්ථකව ජනප්‍රිය වුනා..

ඉතිං විජය නන්දසිරි ඔය කලා මැදැයි.. එයාට පොලිටික්ස් කරන්න බැරිවුනා..එයාට සමාජ සේවේ ටිකක් කරන්න බැරිවුනා.. එයාට තව සුට්ටක් පෝසත් ජනතාවගේ විවේකය සිනාවෙන් බර කරන්නේ නැතුව දුප්පත් අය ගැනත් හිතන්න තිබුනා වගේ බයිලා එකක් මම අහම්බෙන් දැක්කා.. ඒ්වා කතාන්දර විදියට බොහොම ආකර්ශනීයයි. නමුත් ගත යුත්ත බිංදුවයි.. 

නෝනාවරුනි මහත්වරුනි එතුමයි මෙතුමයි (නම ෂුවර් නෑ)  හෝ ඒ වගේ නාට්ටි බැලුවේ කොළඹ බඩ තඩි මිනිස්සු නෙමෙයි.. ඒ වගේම කාලයක් මාසෙට තුන් හතර වතාවක් පෙන්නපු බල්ලොත් එක්ක බෑ මම හිතන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සු ත් සැලකිය යුතු පිරිසක් නරඹලා තියෙනවා.. ඒ වගේම සිකුරු හතේ කිං හන්තර් වගේ ෆිල්ම් බලන්න යන්නේ කොළඹ ඉන්න සැපට බඩ හදාගත්තු අය නෙමෙයි.. 

සමාජයක් වෙනස් කරනවා කියන්නේ ජනතාව මර නින්දෙන් නැගිටවීමේ ක්‍රියාවලියක් වගේ දෙයක් කියලා සමාර රතු පක්ෂ කියනවා.. ඒත් බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු කෝමද අවදි කරන්නේ? ඒක මේ කලා කාරයින්ට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෙමෙයි.. මුලින් මිනිස්සුම තේරුම් ගන්න ඕනි එයාල බොරුවටයි නිදාගෙන ඉන්නේ කියලා..

 සරල උධාහරණයක් විදියට මීඨ අවුරුදු තිහකට හතලිහකට ඉස්සර ලංකාෙව් ගම් වල ජනයාට තිබුන ෙලාකු ගැටළුවක් තමයි පාපැදියක් මිලදී ගැනීම..ඒ්ත් දැන්? දැන් මිනිස්සු අාන්ඩුවට බනින්ෙන් මරුතියක් වත් ගන්න බෑ ෙම් යම පාලෙන් නිසා කියලා..කාලයත් ඒක්ක  මිනිස්සු පිලිගත්ෙත් නැතත් ඒයාල දියුනු ෙවලා.. තිෙයනවා.. නමුත් මිනිස්සු බලාෙපාෙරාත්තු ෙවන්ෙන් වැඩිමනක් වැඩක් නැතුව නිකංම ඉදලා මරුතියකුත් අරං සැපෙස් ඉන්න පුලුවන් සුන්දර රටක්.. 

කවි කොල කාරයෝ කියල ජාතියක් ඉස්සර හිටියා..එයාල ගේ ඉස්සර භූමිකාව හරියට දැන් ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති වගේ.. පොඩි සිද්ධියක් හොදට රසවත්ව වට කරලා කියනවා කවියෙන් සද්දෙන් ඇහෙන්න..ස්වර්ණවාහිනියේ නම් හිනාවෙවී රගපාමින් ඇනිමේසන් සහිතව දැන් ඒ වා ෙග් සිද්දි පෙන්වනවා.. 

කවි කොල කාරයා ඉස්සර පොඩි සිද්දි මහා කවි ගානකට ලියලා මිනිහගේ බිස්නස් එක කලා.. අද කාලේ ඇතැම් ජනමාධ්‍ය වුනත් ගොඩක් දුරට ඒ වගේ..පොඩි දේවල් මහා විසාල කරලා ලියනවා.. ලියලා එයාලගේ ගතමන්ට් එක සරි කරගන්නවා.

සමාජයේ තමුන්ට පැවරෙන වගකීම අවබෝධ කරගැනීම හා එය සුපිරියටම ඉටු කිරීම කලානම් හැමෝම දේසපාලනය කරන්න බහිනවාට වඩා වැදගත්.. මට හිතෙන්නේ ඒම.. විජය නන්දසිරි පක්ස දේශපාලනය ට බැස්සේ නැතිවුනාට සීරියස් රජ චරිත‍ේ සිට කපුමහත්මයා දක්වා චරිත විශාල සංඛ්‍යාවකට සාධාරනයක් කරපු, රඟපෑම කියන එතුමාට අයිති විශයට විශාල සේවයක් කරපු කෙනෙක්.. 

අපි වරුසාවකටවත් ගොඩ නොවුනු හා්ල් වල එතුමාගේ ෆිල්ම් බලන්න අපි ගියා.. නිකංවත් බලන්න එපා වුනු ටීවි එක එතුමා පොඩ්ඩක් පෙනුනත් අපි බලන්න හුරුවුනා.. ඒ වගේම ලාංකික වේදිකාව කියලා මහා ලොකු දෙයක් තියනාව කියල පාරම්බෑවට ගොඩක් අය නගරේ තියන නාට්‍ය ශාලාවක් තියෙන දිහාවත් දැනගත්තේ විජය නන්දසිරි මහත්මයා වගේ අය රගපාපු නාට්‍ය වලින්.. 

ඉතිං තමුන්ට අයිති දේ සුපිරියටම කරලා නියමිත කාලයේදී සියලු ගෞරව මැද..රටක්ම හිනස්සවලා..ඒත් දැන් අඩවලා යන්න ලැබෙන එකත් එතුමා ලබපු ලොකු වාසනාවක්.. ලොකු හිදැසක් එතුමා ගියායිං පස්සේ තියෙනවා කියලා පේනවා.. ගොඩක් වෙලාවට එතුමා එක්ක වේදිකාවෙන් ප්‍රහසන ටෙලි සහ සිනමාව පැත්තට ආපු කුමාර තිරිමාදුර, ගිහාන්, ගිරිරාජ්, සරත් කොතලාවල.. වගේ අය අපි අතර විජය නන්දසිරි මහත්මයාගේ හිදැසට වග කියාවි.. ඒත් විජය නන්දසිරි ගේ වීඩියෝවක් දකිද්දි ඉස්සර ග්‍රැන්විල් ඉන්න නොනාවරුනි මහත්වරුනි එක බලනකොට එන පොඩි සෝකයක් වගේඑ කක් අපිට ඒවි.. 

Monday, August 1, 2016

යෙකාගේ ගෙයි පඩිය තරණය 2

ට්‍රැකින් කියලා හඳුන්වන්නේ දුෂ්කර මාර්ගයක පයින් ගමන් කිරීමේ ව්‍යායාමය. ලංකාවේ දි නම් ට්‍රැකින් වලට කියාපු තැන් බො‍ොහ්මයක් තියෙනවා. එයිනුත් සිරිපාද කන්ද තරණය යාල හරහා කතරගමට පැමිණීම වගේ ආගමික හේතුන් මත ජනප්‍රිය වූ ට්‍රැකින් වඩාත් ජනප්‍රියයි. 

මේ කළුපහන ඔහිය ට්‍රැකින් එක සාමාන්‍යයෙන් බොහෝවිට යන්නේ රාත්‍රී තැපැල් දුම්රියෙන් ඔහියට ගිහින් එතන ඉදලා පයින් යෑමෙන්. අපි ගියේ අනික් පසට. රාත්‍රී තැපැල් දුම්රියේ ටිකට් වෙන්කරගන්න අපහසුයි. සාමාන්‍යයෙන් අපි ගියපු විදේස සංචාරය හැර මම සති දෙක තුනකට වඩා ගන්නේ නෑ ට්‍රිප් ප්ලෑනින් වලට. ඉතිං ඒ කාලෙ ඇතුලත බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියේ ටිකට් වෙන්කරගන්න හැකියාවක් නෑ.. සිකුරාදා හවස එකත් ඉරිද රෑ එන නයිට් මේල් එකත් ලොකු සෙනගක් ඉන්න කෝච්චි දෙකක්. ටිකට් වෙන් කරගන්නේ නැතුව තෙරපිලා ගිහින් ඒ මදිවට නිදිමරගාතේ කිලෝමීටර 22ක ට්‍රැකින් එකක් සාමාන්‍යයෙන් අපිට උසස් පෙළ හමාර කරපු සෙල්ලං වයසට හොදයි. ඒත් දැන් අපිත් ටිකක් තලත්තෑනි වයසට ඇවිත් නෙව. කොල්ලො කාලේ කරපු හයි රිස්ක් ට්‍රිප් දැන් ඉතිං අමාරුයි. 

කලුපහනින් පටන් ගත්තම මුලින්ම බඹරකන්ද සහ ඒ අවට තියෙන තෙල් කෑල්ල වගේ සුන්දර පරිසරය පාන්දරම සෙට් වෙනවා.. ඔහිය පැත්තට වඩා උදේ පාන්දරට බඹරකන්ද සයිඩ් එක ලස්සනයි කියල මට හිතෙන්නේ. මේ පාරම හෝටන් තැන්න හරහා ගිහින් යන්නත් පුලුවන් කමක් තියේලු..ඒත් හෝටන් තැන්න හරහා යන්න අපි පාර දැනං උන්නේ නැ..දැනං උන්නත් අපි ඔහිය පැත්තට කිට්ටු වෙද්දි ඉර හැරිල ගොඩක්ම. 

යන කොට මේන්න මේ වගේ පොඩි පහ‍ේ දිය ඇල්ලකුත් හම්බ වුනා..ඒකෙන් වතුර පුරෝගන්න හිතුනත් ඔන්නෙ ඔ‍ මිනිස්සු බොන තැනකින්ම පුරෝගන්නෝ කියල නිකං හිටියා. 
ඒ අතර අපි දල බෑවුමක් එක්ක වංගුවක් තියෙන ප්ලේස් එකක නැවතුනා. නැවතිලා කොන්ක්‍රිට් දාපු පාරේ වාඩිවෙල උදේ ඔතාගෙන ආපු බත් මුල් ටික ලෙහාගෙන කැවා..පාන්දර පාන් කන්න දුන්නු චිකන් කැලි සීනි සම්බෝල එහෙමත් තිබුනා..අපරාදෙ කියන්න බෑ බත් ඩිංග නං සෝක් එකට උ්‍යල තිබුනා රත්නජෝති අයියා හෝ මායියා..මේ වගේ ගමනකට පොත් වල තිෙයන විදියට සැහැල්ලු අාහාර ගන්න ඕනි. ඒත් අපි ඉතිං තුන්වේල බත් කන මනුස්සයො නෙව..ඒ නිසා බත්ම කාල දැම්මා දවාටත්. 
‍මේ පාර නං අර මගුල් වලට කලිං පොටෝ ගහන ප්‍රී සූට් එකකට මියුසික් වීඩියෝ වලට එහෙම කියාපු පාර.. ජෝඩු දාල මීදුම ්ගලන හීතලේ පොටෝ විතරක් නෙමයි තව දේවලුත් කරන්න හිතෙනවා ඇති ජෝඩු වලට නම්. ලංකාවේ කොච්චර ලස්සන තැන් තිබුනත් ලස්සන කෙල්ලො හිටියත් හැමදාම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එකම ආකාරයේ දේවල් කම්මලට දාල ඇද ඇරල ගතපු වගේ මේක් අප් වලින් අවුල් වහපු ගෑනුයි..දහස් වතාවක් දැකපු දියවන්නාව වගේ පට්ට කොමෙන් ලොකේසනුයි.. 
තේ වතු සහ ඒවාට සුද්ද කරපු ලස්සන බෑවුමේ අපි ආපු පාර පේනවා යසට.. ඒ දර්ශනය මනරම් එකක්. 
ආවයින් පස්සේ හංදියකට සේන්දු වුනා..මම හිතන්නේ ඒ පාර දිගේ කෙලින්ම ගියත් යන්නේ ඔහිය හෝටන් තැන්න පාරටම තමයි. ඒත් අපි ලකුනු කරලා තිබුන විදියට උඩහට යන්න පිටත් වුනා. 
ඔහිය හෝටන් තැන්න පාරේ අපි වැටුන තැනත් කිලෝමිටර 5ක් විතර තියෙනවා ඔහිය ස්ටේෂමට..ඒ පාර කළුවරයි..ගුප්තයි අඳුරු හරියට ලෙනක් වගේ.. ඒ රූස්ස ගස් පිරුනු අදුරු වනාන්තරේ යද්දි අර ඉස්සර ටාසන් පොත්වල කේ ජී කරුණාතිලක මහත්තයා කියපු ආදිකල්පික වනය කියන වචනය මතක ්වුනා.. ඇත්තටම ඒ වගේ රැහැයි සද්දේ මහ විසාල ගස්.. අව්ව නොවැටෙන හෙවන නිසා..ඒ හරිය නිකං ආදිකල්පික ලුක් එකක් තමයි තිබුනේ. 
ඔහිය ස්ටේශමට ටිකක් කිට්ටුවුනාම තමයි මේ අංක 2 බල්ලා දිස්වුනේ. ඌ හිටිය හරියේ නං කදිම හෝටලයක් තිබුනා ඌව පලාත් සභාවට අයිති..අපි ඉතිං කෝකටත් කියල ගිහින් ඔලුව දාල ඇහුවා ඩබල් කාමරේ 3000ක් වගේ ගානක් කිව්වේ. එතන ලස්සන සහ හොද තැනක් වුනත් අපේ අදහස තිබුනේ හපුතලේට යන්න. 
පහලට එද්දි එද්දි බැහිල්ලක් තමයි තිබුනේ..උදේ නැග්ග ටික බහින්නත් එපැයි.. මාස තුන හතරක විතර පේන. පටියකුත් පලදින්න ඕනි බඩවල් තියෙන යාලුවන්ට මේ වගේ ට්‍රිප් හොදයි.. මොකද නිකංම තෙල බහිනවාට වඩා මහන්සිවෙලා තෙල බස්සගන්න එක තමයි සුදුසු ක්‍රමය. 

අපි ඔහිය නැවතුනේ නෑ..ඉස්සරහ කඩෙන් තේවතුර එකක් බීල හපුතලේ පැත්තට ආපු හවස කෝච්චියේ හපුතලේට ගියා..ඇගපත මහන්සිය නිවාගන්න එතනෝල් ටිකක් බොන්න ඕනකමකුත් තිබුනා..අනික ඊලග දවස කෝච්චියේ එන්නයි අපේ ප්ළෑන් එක තිබුනේ..කෝච්චි ටිකට් වෙන්කරන්න පුලුවන් ලු හපුතලෙන්..මම නං දනංඋන්නා ලොවෙත් ටිකට් නං නෑ කියලා..ඒත් මටත් හිතුනා හපුතලේට ගියොත් හොදයි කියලා..ටවුම නිසා කාල බීල පොඩි ගෙස්ට් එකක් සෙට් කරගන නිදාගෙන ආතල් එකේ පාන්දර කෝච්චියේ නැගල එන එක නෙව. 

වෙලාවට අපි හොද ලමයි නෙමෙයි. ඒ නිසා රෑට අපි ගමන් විඩාව යන්න එතනෝල් බිව්වා. හපුතලේ එතනෝල් නගරයක්ද මන්දා මුස්ලිම් මිනිස්සු ගොඩක් උන්නාට බාර්ම තියෙනවා හතර පහක්ම එක ලගම වගේ.. හපුතලේ අපි දන්න කියන තැනක් තියෙනවා පොලිසිය පාරේ..ඒ ප්ලේස් එක බුක් වෙලා.. ඒ තැනින් අපිට වෙන තැනක් සෙට ්කරලා දුන්නා..රුපියල් දෙදාහක් ඩබලට කාබරේ...ලොකුවට හොදකුත් නෑ..කියන්න වරදකුත් නැ..කන්න බොන්න තියා තේ වතුර එකක් වත් ලැබෙන් නෑ..කාබරේ විතරයි.. ඒ මදිවට යුක්රේන් වගේ පැත්තක ලුක් එකක් තියෙන ආච්චියෙක් සෙට් වෙලා අපි හිටපු නවාතැන බලාගත්තු දෙමල කොල්ලට.. ආච්චියෙක් කීවට 45-60 වගේ වයස එකක්..හප්පා ඒ ගෑනි අර කොල්ලගේ ඇගේ ඇතිල්ලෙන ගමන් මොනවදො උගෙන් අහනවා.. 

සාමාන්‍යයෙන් මෙහෙට එන බැක්පැකර්ස්ලත් ලෝකේ හෝදං බීපු උන්.. අර ගෑනිට පතිවත පොඩ්ඩක් එහෙට මෙහෙට වුනත් අවුලක් නැතුවැති නයිට් දෙක තුනක් මෙතනම ඇදගන්න පුලුවන් නම්..පෙනුමෙන් සහ විදියෙන් නම් අහම එකක් වෙන්න ඇති කියලයි මට හිත‍ුනේ.. කාන්තාවෝ දිහා බලන්න ඕනි එහෙම නෙමෙයි..අහිංසක විදියට..ඒත් ඉතිං බඩුවක් බඩුවක් විදියට පේනවා නම් නෑ ඒ සිල් මාතාවක් කියල බොරුවට නිකං ලකුනු දාගන්න ලියල වැඩක් නෑනෙව.. ඔයින් මෙයින් ඒ නවාතැන බාර කොල්ලට අපි ගැන බලන්න තියා අපිට දුන්න ග්ලාස් ටිකවත් හෝදල දෙන්න වගේ වගක් නෑ..පවු එකාතකින් ..නැට්ටට පැලවිනි කිරි එන කාලේ නෙව උගේ.. 

උදේ හතකුත් ගාන්ට තිබුනේ කොළඹ එන කෝච්චිය..බිව්වට මොකද උදේ වෙද්දි ඒ තරං ගානක් නෑ.. රොක්ලන්ඩ් රත්තරං ලේබල් එකක් තමයි බිව්වේ.. උදේම අපි ස්ටේසම ගාව කිලුටු කැෆේ එකකින් ඉදිආප්ප පිට්ටු කාල කොළම එන කෝච්චියට නැග්ගා.. නැගලා එනගමන් අවට කදුකර සිරියා බල බල ආවා. සිරියා නං නොඅඩුව හිටියා.ඒ මදිවට සුද්දියො සහ ලෝකල් ලෑන්තරස් යුවතියන් එහෙමත් හිටියා කෝච්චි පෙට්ටිය ඇතුලේ..ඇතුලෙ සිරියාවයි එලියෙ සිරියාවයි දෙකම බල බල අපි නුවරට ඇවිත් කොළම ආවා.. 

නානුඔය හරියෙදි මම පොටෝ ගහන එක නැවැත්තුව.. මොකද නුවරඑළිය දිහා කෙල්ලෙක්ට කාලයක් මම ඒකපාර්ශවිකව ආලය කලා.. ඉතිං ඒ කාලේ මම තනියම නුවරඑළියේ ඉදලා ආපු දවසුත් තිබුනා.. ඩබල්ව ගිහිපු දවසුත් තිබුනා.. ඒකපාර්ශවික ද්වීපාර්ශවික කරගන්න මට නොහැකිවුනා.. නානුඔය කොයි තරං සීතල තිබුනත් ඒ අදුරු මතක ස්ලයිඩ්ස් ලේසියෙන් අමතක වෙන්නේ නෑ.. 

ට්‍රැකින් කියන්නේ වටින දෙයක්..අනික එක වීකන්ඩ් එකකින් ට්‍රැකින් එකයි..බ්‍රේක් එකකුයි තව කෝච්චි සවාරියකුයි අයිතම කීපයක්ම කවර් කරගන්නත් ලැබුනා.. පාරේ බස්වල‍කෝච්චියෙේ ගිහින් මැද සහ පහල පන්තියේ කෑම නවාතැන් පාවිච්චි කරපු නිසා ලොකු වියදමක් ගියේත් නෑ එක් අයෙකුට..