Wednesday, August 31, 2016

මෝටර් බයිසිකල් @ රීගල්

ඊයෙ හැන්දෑවෙ කොටුවෙ ExServicement බාර් එකට සෙට් වෙලා කාල්ස්බර්ග් ස්පෙෂල් බෲ එකක් ගහල හැන්දෑවෙ සෝ එකට මෝටර් බයිසිකල් බලන්න රීගල් ගියා. බියර් බෝතලයක් බාර් එකෙන් බොනකොට රුපියල් 450/= ක් විතර.. බයිට් දෙකක් විතර යාන්තමින් ගත්තත් ඒකටත් රුපියල් 300ක් වත් එකාට.. චිත්‍රපටිය බලන්න අඩුම ටිකට් 300ක්.. මිනිහෙක් මේසන් බාස් වගේ ඉහලම රස්සාවක් කලත් දවසට ගන්නෙ රුපියල් 1500/=ක් වගේ ගානක්.. හීන්තාලෙ බියර් එකක් ගහල ෆිල්්ම එකක් බැලීම කියන්නෙත් සාමාන්‍ය මිනිහෙක්ට කරන්න අමාරු දෙයක් නෙමෙයි බැරි‍දෙයක්..

සාමාන්‍ය මැද පංතියේ ඩෑල් එකක් අමාරුවෙන බස් ‍එකේ එල්ලිලා ගිහින් නයා ගෑනි වෙන එකයි ගෑනි නයා වෙන එකයි කට ඇරං ටීවි එකෙන් බලනවා ඇර පොඩි අඩියක් ගහල ෆිල්ම් එකක් බලනව වගේ ලක්සරි වැඩකට සල්ලියක් යොදන්න පෙලඹෙන්නේ නෑ.. බියර් එකක් ගහල ෆිල්ම් එකක් බැලීම දවසෙ පඩියට සමාන ගානක් යන කොටත් අපේ රාජ්‍ය ගිරව් කියනවා උන් මහජනයාට සහන දීල තියේලු.. රෙද්ද තමයි .. මිනිස්සු හැමදාම සීනි පරිප්පු අල ලූනු හාල් භූමිතෙල් උඩ තියන්න බෑ..මිනිස්සුන්ට ඕනි චේන්ජ් එකක් පොඩි විනෝදයක්.. අවාසනාවකට විනෝද කටයුතු කියන ඒවා බොහොමයක් මිල අධිකයි.. සමහර විට බියර් නොබීත් දරුවො දෙන්නයි ගෑනියි එක්ක ෆිල්ම් එකක්බැලීම කියන්නෙ අමාරු වැඩක්.. මොකෝ වියදම අධිකයි..

මෝටර් බයිසිකල් හොඳ ෆිල්ම් එකක්..ධර්මදාස ලොක්කත් ඒ ගැන බ්ලොග් එකේ ලියල තිබුනා. අධ්‍යක්ෂක ශමීර බුවා ධර්මදාසගේ බොක්කක්..ඉතිං ධර්මදාස ‍එලටම මාකටිං ලියුමක් වනල තිබුනා.. එක පැත්තකින් හැමෝම එකයි..නෑකම මිතුරු කමකට නිල බලයකට.. නොමිලේ යන්නො නම් අඩුවක් නැත අපිට.. බස් එකක එහෙම ගහල තිබුනා.. ධර්මදාසල ධර්ම ටෝක් දුන්නට යාලුවෙක් නම් පුරෝලම දෙනවා දීම ආයෙ නෑ විචාරෙ ඇතුලෙ ෆිල්්ම එකේ වැරැද්දක් ඇත්තේම නෑ.. කවුරුහරී ෆිල්්ම එක ගැන ආසාවක් ඇතිකරගන්න ඕන්නං ගිහින් ධර්මදාසගේ ලියුං කඩමාල්ල මෙතනින් බලල එන්න.

අනිවා අයත් සැලඩ් එකේ අඹ රහයි, අන්නාසිත් පැහිල, ලුනුත් ඇති, සීනි ටිකකුත් තියෙනවා..තව පැණි ටිකක් ඇපල් කෑල්ලක් වැටුන නං හොදයි තාලේ විචාරයක් මෝටර් බයිසිකල් එකට දීල තිබුනා.. එක් එකේ කොටස් වසයෙන් නලුනිලි, අද්‍යක්ස, කතාව, කැමරාව ආදී කඩල ෆිල්ම් විචාර දෙන එක ෆුට් සැලට් විචාරය කරනවා වගේ වැඩක්.. ඒකත් හොද වැඩක්.. නමුත් ෆුට් සැලට් කියන්නෙ වෙනම කෑමක්..ඒක අඹවත් ඇපල් වත් අන්නාසි කෑලිවත් සීනි ලුනු වත් නෙමෙයි
..
ෆිල්ම් එකේ ඉන්න සමනලී මට නං අජපල්.. ෆිල්ම් එක බලන්න ගිහිපු වෙලේ ලග හිටිය යාලුව කිව්වේ.. හෙහ් හෙහ් “ තෝ සමනලී දුන්නොත් එපා කියයි? “ කියලා.. හරි මචං සමනලී නෙමෙයි මට වෙලාවකට දෙනවක හාමිනේ වලෙන් නැගිට්ටල හෝදල දුන්නත් එපා කියන්නෙ නෑ.. ඒත් සමනලී ෆිල්ම් එකේ ටේස්ට් එකට යන්නේ නෑ.. ඒකට සෙට් වෙන් නෑ..

අපේ ගම දිහා තියෙනවා පෙලක් වෙලාවට බස් පාරෙන් පට්ට දුර ගම්මාන.. උන්ට යන්න එන්න තියෙන‍්නෙ මෝටර් සයිකල්.. සමනලී පස්සෙන් දාගෙන බයික් එක යද්දි මට ආපු ෆිලින් එක.. අහ්..ඇනිටියෙක් පටවං යන කොල්ලෙක්.. කියන එක.. සමනලී ලස්සනයි.. ඒත් ඒ මේ ෆිල්ම් එකට කලිං.. මේකෙදි එයාගේ හකු බැහැල..බාගෙද ගංජ ගහලද දන් නෑ.. ඒත් ෆිල්ම් එකට ඕනි කෙලිලොල් දගකාර ක්ලාස් යන කෙල්ලෙක් කියන දේ සමනලීගෙ නෑ..

අපි ක්ලාස් ගිය එ ් ලෙවල් කාලෙත් සමනලි මොඩල් නාකි පෙනුම තිබුන කෙල්ලො හෙිටියා..බට් උන් ටික දෙනයි උන්නේ..
ටමාශා එක මට යාන්තමට මතක් වුනා.. කෙලිලෝල දගකාර කෙල්ලෙක්...අහ් දීපිකා.ටමාෂා එකේ දීපිකාගේ මුල් ජවනිකා වලදි දීපිකාගෙ මයිල් ගහෙන් පවා දගකාර කෙලිලොල් විසේකාර බඩුවක් උලුපපගන්න ෆිල්ම් සෙට් එක සමත් වෙලා තිබුනා.අනික ඒ වගේ චරිතයකට දීපිකා පදුකෝන් කියන්නේ අයිස් කෝන් එකට අයිස් ක්‍රීම් වගේ ගැලපෙනවා..(ප.ලි : ටමාෂා එකෙ දීපිකාගේ මයිල් නොපෙන්වන අතර මයිල් ගහෙනුත්යනු උපමාවකි..) ටමාෂා හිටිය  . රන්වීර්.. රන්වීර් වගේ උස නැතිවුනත් මෝටර් බයිසිකල්‍ කොල්ල නම් එල.. ඌ නියම ගානට.. ඒත් සමනලී.. පොඩ්ඩක් ඩෙසි ආන්ටිස් පැත්තේ.

මහා වාණිජ සිනමා කෘතියක් වුනු හින්දි ෆිල්ම් එක්ක අපේ ඒව තියන්න බෑ..ඒත් හිංදි ෆිල්ම් එකකදි ඒකට තෝරගන්න නිළිය.. ඒ තැන ලබාගන්නත් ඉන් පසු චරිතයට සාධාරනය ඉටු කරන්නත් කොච්චර කට්ටක් කනෝද? මම හිතන්නේ ඒක කලාවට ලොකු එලියක්..කොහෙන්හරි ලාබෙට ඇහිඳගන්න බඩු ටිකක් එක්ක ගෙයක් කුලියට අරං කරන ටෙලියකට වඩා වැඩි දෙයක් ෆිල්ම් එකක තියෙන්න ඕනි.. ඒක නිලිය තෝරාගැන්ම..ඇය චරිතයට ආරූඩ වීම.. චරිතයේ ජීවත්වීම දක්වා දිවයන දෙයක්. 

. ෆිල්ම් කෙමෙස්ට්‍රිය.. හරි මොකක් හරි ලොකුවට සවුත්තුයි සමනලී ගනිපු නිසා..‍හදගම ගහපු ඇගේ ඇස් අග.. ඒකෙදි රිතිකා ලස්සන නැතිවුනත් හදගම කෝණ වලින් අල්ලලා තියෙනවා ..හප්පා.. ඒක නං මැක්සා ආහ්.. ඒත් අධ්‍යක්සකවත් කැමරා බුවාවත් එඩිටර්ස්ල වත් සමනලී අල්ලගෙන නෑ..සමනලී ගේ සෙක්සි දත වත් හරියට ටච් කරපු පාටක් පෙනුන් නෑ.
ලවුස් ටෝරියකට කෙල්‍ලගේ මූන තියෙන්න ඕනි ගැම්මට.. ඒ ලවු එක කෙල්ලගෙන් අපිට දැනෙන් ඕනි.. ඒත් මේකෙදි සමනලී නිසා මට ඒක දැනුන් නෑ..

ලංකාවේ නෝමල් ෆිල්ම් වල මැදින් බලද්දි මුල මතක නෑ.. අගට යද්දි කොහෙන්ද පටන් ගත්තෙ කියල අවුල්.. මහා කතාන්දර ෆිල්ම් ටිකක් ඒ වගේ.. මෝටර් බයිසිකල් ටෙලිනාට්ටි කෑල්ලක් වගේ හරිම කොට කාලයක්..මැක්සා කතා ටිකක් මෝටර් බයිසිකල් වල තියෙනවා.. මම හිතන්නේ ලවු නවකතා කෙටිකතා බණ කොච්චර තිබුනත් මේ මෝටර් බයිසිකල් අල්ලපු වගේ තැන් ටිකක් මීට කලිං කවුරුත් අල්ලල  නෑ.. නාකි කොල්ලො ටිකක් වුනු ‍ෆිල්ම් එක බලන්න සෙට් වුනු අපේ සෙට් එකේ එක එකාට එක එක කෑල්ල අහුවුනේ.. අනික් උන්ට අහුවුන ඒවා රූම් ගිහිපුවා.. බීච් ගිහිපුවා..පාක් ගිහිපුවා.. මට අහුවුන එකම තැනක් අර බීච් එකේ තැඹිලි කාරයා..

පානදුර බීච් එකේ ඔය වගේ තැඹිලි කාරයෙක් එක්ක එකපාරක් මාත් ඇරගත්තා.. ඒ අතීතයට ෆිල්්ම එක මාව ඇදගෙන ගියා.. අපි වගේ මැද වයසට ඔන්න මෙන්න තරුණ වියේ සැදෑ සමය ගෙවන අයට තියෙන ආදර කතා වලට මතක කුට්ටි වලට අලුත් පණක් දෙන්න මෝටර් බයිසිකල් සමත් වුනා..කතාවේ බයිසිකලය ගැනීම සහ කොල්ල අයිති සමාජය ගැන කියවෙන කතාව සෝකාන්තයක්.. ෆිල්්ම එක ඉවර වෙන්නෙත් කටුක තද ඉවර වීමකින්.. ෆිල්ම් ලොකේසන් මට ගොඩක් සමීප කොලඹ තැන් ගොඩක්ම තිබුනා..

ආදරය කියන්නෙ මඩේ පිපුන මලක් වගේ.. ඕනි තැනක..කොටින්ම ජරාම ලොකේසන් එකක වුනත් ජෝඩුවකට ආදරයෙන් බැදිලා ඒ අවට තියෙන කැතෙන් අත්මිදිලා වෙනම ලෝකෙකට යන්න ඇහැකි.. ඒකනෙව තැනක් නොතැනක් ආදර ජෝඩු වලට නැත්තේ..

රීගල් බැල්කනියේ අපි ඉස්සරහින් දරුවෙක් සමග මව සහ පියා උන්නා..දරුවා පොඩි එකෙක් අවරුදු 4-5ක් වගේ.. ඉතිං අර උද්වේගකර ලව් සීන් යද්දි අම්ම පොඩි එකාව වඩාගෙන ඌව දොයි කරන්න හදනවා. මොන දොයිද..ඌත් වැඩියෙන්ම ෆිල්ම් එකට ෆෝකස් වෙන්නේ ඒ වෙලාවට.. හැන්දෑවට ෆිල්ම් එකක් බලන්න එද්දි දරුවා කාට දාල එන්නද? දෙමව්පියො උනත්..”බොලාට ගිහින් ජවුසන් නටන්න මං මුං ව බලාගන්න.. දවල් මදිවට රෑත්” ..කියල දරුවා ගෙදර දාල එනවට කැමති නෑ.. දරුවා බලාගන්න බැරි කමට නොවුනත් කවුරුත් අනුන් තමුන්ට ගන්න නැති ආතල් එකක් ගන්නවට කැමති නෑ.. රෑ පාටියකට, ෆිල්ම් එකකට, නාට්ටියකට, බීච් එකට.. ජෝඩුවත් එක්ක ඉස්සර වගේ හැමිනිලා ජෝඩු දාල යන්න බැදපු  පොඩි ලමයි ඉන්න අයටත් ආසාව තියෙනවා. .. නමුත් සමාජේ සාතිසය බහුතරය ඒකට ඉඩදෙන්න ආස නෑ..

මේ ලගදි පාත්වුනු නලුවන්ගෙන් හේමාල් ලොකු ඩැල් එකක්..ඒත් හේමාල් ඇත්තටමත් ටිකක් ලොකුයි වගේ.. ඊට වඩා මේ බයිසිකල් එකේ ඉන්න කොටා ගේ අමුතු ගතියක් තියෙනවා..මෝටර් බයිසිකල් හොද ෆිල්ම් එකක්. පට්ට ආතල් එකක් තියෙනවා.. තව ටිකාක් සැක්ස් කෑල්ලක් තිබුනනං හොදයි වගේ.. සමනලී නැතුව වෙන සුකුරුත්තමක් හිටියනං හොදයි.. අජ්ජක්ස කාරයත් හොදයි.. ලොකු බජට් ගිලින්නෙ නැති ඒත් සරලව ආතල් දෙන්න පුලුවන් මේ වගේ නිර්මාණ කරන්නට පොරට ඉස්සරහටත් වාසනාව ධෛර්ය ලැබේවා..!!! 

සල්ලි දීල පෝස්ට් බූස්ට් කරනු තරං
කාසි නෑනෙ පිංවත මට ‍ඔහෙල තරං
දෙයක් හිතට තිබුනා නං ගන්න තරං
සෙයා කරමු බුකියේ මේ හතර වරං 

17 comments:

  1. තෝ ආයේ සමනලිට මොනහරි කියුවොත් ගලක තියල කට තලනවා

    ReplyDelete
    Replies
    1. සමනලී මගෙත් ෆේවරිට්..ඒත් දැන් අජපල්..ගිහින් ෆිල්ම් එකේ කොපියක් අරං බලහං.. ගූ හැත්තෑවයි..

      Delete
    2. මට සමනලී ඉස්සර ඉඳලම සෙට් නෑ බං..

      Delete
  2. මරු විචාරේ බං.... බලන්නේ නැතිව මක්කත් කියන්න බෑ..

    සමනලි වෙනුවට ගන්න තිබ්බේ යුරේනි නොෂිකා... සමන්ලි යාලුවෙක් වෙන්න ඇති.. එක එක ගෲප් තියෙනවා නේ බං... යුරේනීගෙන් ප්‍රයෝජනයක් ගත්ත එකෙක් නෑ මේ වෙනකන්... මම කියන්නේ ෆිල්ම් වල...

    ReplyDelete
    Replies
    1. maathe, yureni noshikaa matanam hariyata kollek kellekta andalaa wage penenne.

      Delete
    2. යුරේනි නොශිකට රඟපාන්න බෑ. අනර්කලී වගේ තමා , ලස්සනයි වැඩක් නෑ .

      Delete
    3. කටු සුප් කියලත් කිව්වා.. හැක්

      Delete
    4. ඒ උනාට ඒකිට විසේ පොවලා තියෙනවා... එහෙම කෙල්ලොන්ට මම පට්ට මනාපයි.. පොඩි පාරක් ගැහුවත් කෑ ගහනවා.. ෂෝක් අප්පා...

      Delete
  3. //ExServicement// ? Correct form is Ex Servicemen.

    ReplyDelete
  4. උඹට අජිත්ගේ මියුසික් ගැන කියන්න අමතක වෙලා

    ReplyDelete
    Replies
    1. ඔව් එතන හැලුන මචං...ලොකු අඩුවක් ඒක..

      Delete
  5. ස්පෙශල් බෲ වලට ආස නෑ. ගං වතුරෙන් පස්සෙ තාමත් ලාගර් නෑ.
    හයිනකන්, ටයිගර් ගණන් වැඩියි. :-(

    ReplyDelete
    Replies
    1. හයිනකන්,කාල්ස්බර්ග්,බවාරියා ඔය ඕනෑ එකක් දෙන්නං.

      Delete
  6. දඟකාර ප්‍රේමයට දුලානි අනුරාදා නරකද?

    ReplyDelete
    Replies
    1. මහ ජොල් ඩෝලයක් නෙ ඒකත්..ඔක්කොම හරි ඕකි අපිට ජීවත්වෙන හැටි වදාරන්න එද්දි තමයි එපා වෙන්නෙ...

      Delete
    2. //"දඟකාර ප්‍රේමයට දුලානි අනුරාදා නරකද? "// ඈක්කා

      Delete
  7. මට ඕකෙ ට්‍රේලරය ඇල්ලුවෙ නෑ. බලමු වීඩියෝ එක ආ දාක.

    ReplyDelete