Thursday, September 29, 2016

මල් වත්තක කතාවක්

අම්මි අර මල ආන්න අර ලස්සන එක.. පේනවද ඔයාට..

මොන්ටිසෝරි ගොස් එන අංජනා මවට මලක් පෙන්වන්නීය..

හා හා ඕන් නෑ..මට බෑ මේ ඔසරිය පිටින් ඔය අකුල් වල රිංගන්න..

නෑ අම්මි ඒක කලිං තිබුනේ නැති එකක්.. බලන්නකෝ ටිකක් නැවතිලා.. ඔයා මාව ඇදගෙන දුවනවා..ටිකක් ඉන්නකෝ අම්මි.. අංජානා අම්මා නවත්වා ගන්නීය..

අනේ අම්මි ඒ ලස්සන මල විතරක් කඩා දෙන්නකෝ.. මං තවත් ඉල්ලන්නේ නෑමයි.. නෑම මයි.. අංජානා තොදොල් වන්නට විය..

මං මේ වැඩ ඇරිල සාරියත් එක්ක ඔය මල් හොයන්න වැට වල් අස්සෙ රිංගන්න බෑනෙ දුව..දැන් ඔයා ඕක පුරුද්දට අරං.දැන් ඔයා පොඩි ලමේක් නෙමෙයිත් නේ..මොන්ටිසෝරි යන ලොක්කියෙක්.. මල් ඕන් නෑ..ආ ඔයා ටිකක් ඈතින් ඉදන් මල් ටික බලන්නකෝ ඒ නම්.. අම්මා හදන්නේ මල කැඩීමට අකුලට රිංගීමෙන් තොරව දුවගේ වදයෙන් ෂේප් වන්නටය..

අම්මි හැමදාම මං මල් ඉල්ලුවාම ඔසොරිය නිසා බෑ කියනවා.. අම්ම කලිසමක් ඇදන් එන්නකෝ..එතකොට අර ගොඩක් උඩ තියෙන මලුත් ඔයාට කියල ඉල්ලන්න පුලුවනි..බලන්න අම්මි ඒක හරි ලස්සනයි නේ.. ඔයාට යන්න පුලුවන්.. සාරිය තිබුනට කුනු ගෑවෙන එකක් නෑ..අනේ අම්මි..ඒක කඩා දෙන්න කෝ.. ඒක විතරමයි.. අංජානා ද දෙවනි වන්නට නැත.. 

අයියෝ .. මේ ලම‍යගෙන් බේරෙන්නබෑනෙ..එහෙනං ඉන්නව මං කඩා ගෙනත් දෙන්න.. අම්මා අවසානයේ සිගිති දියණියගේ කීමට අවනත වූවාය..

ඇය සිතුව තරම් ලේසියෙන් මල් වැලට ලඟා වන්නට නොහැකි විය..අතද යාන්තමින් සීරෙන්නට ගියේය. කෙසේ හෝ මල කඩාගෙන දුවට ගෙනැවිත් දුන්නා නොව කැඩිමට වූ වෙහෙස නිසා මල දුවට තරහින් දික් කලාය..

මෙන්න ඔයා ගෙ මල..තවත් එහම ඉල්ලනව නෙමෙයි මොකවත්..

අංජානාට දැන් සිටින්නේ දම් පාට මලේ ලස්සනට වශී වෙලාය..ඇයට කිසිත්ගැන වැඩි අවධානයක් නැත..මල දෙස බලාගෙන අම්මා ගේ අතින් අල්ලාගෙනඅඇය සෙමෙන් ඉදිරියට යයි..

හැමදාම මල් ඉල්ලනවා.. මේ මොන වදයක්ද ලමයො..මං අනික් දවසේ ආර් ඩී ඒ එකට කියනවා ඔක්කොම මල් ගස් වල් ගස් කපන්න කියල එතකොට මල් නෑනෙ මොකුත්.. ම නැතිවෙන්න.. අම්මා කීවාය..

දුව ටික දුරක් මල දෙස බලාගෙන ගොස්.. ඉන් පසුව අම්මාගේ අත අතහැරගන්නට විය.. එපා ඔවා මගෙ අතින් අල්ලන්න. එපා.. සිඟිති අංජානා මවගෙන් මිදී තනියම යයි.. මව අංජානා වඩා ගත්තාය..

මොකද ඔයා මං ව වඩාගන්නේ මෙ.. ඔයා මල් වලට ආස නෑ.. ඔයා මල් ගස් කැප්පුවොත් නේ බලාගන්නේ..මං තාත්තට කියනවා අපේ කඩියට ගහනවා වගේ අම්මිටත් ගහන්න කියලා.. ඇත්තමයි.. අංජානා සිතන්නේ සැබැවින්ම අම්මා මල් ගැන තරහින් එසේ කරනු ඇති කියාය..කඩියා යනු නිවසේ සිටින කලුපැහැති දඩෝරියා ය.

ඉතිං පුතා එතකොට අම්මිට රිදෙනවා නේ.. තාත්ති කඩියට ගැහුවම කඩිය කැ ගහගෙන දුවන්නේ ඒ වගේ අම්මිත් යනවා පුතාව දාලා.. අම්මා දුවගේ රෝස කොපුල් සිපග්නනට සැදුවා.ය..දුව මල මෑත් කොට අම්මාට සෙමෙන් සිපගන්නට ඉඩ දුන්නාය.. නෑ..මං තාත්තිට කියන්නම් බොරුවට ගහන්න කියලා අර මං බයකරන්න ඩෝං ගාල එයා අතින් ගහනවා වගේ.. අම්මිත් බයවෙයි නේ එතකොට..

රාජකාරී වේලාවේ ස්වල්ප වේලාවකට පැනවිත් දුවව මොන්ටිසෝරියේ සිට නිවසට රැගෙන එන අවසරය දහවල් ග්‍රිස්මය නිසාත් දුව සමග සෙමෙන් පයින් යන්නට වීම නිසාත් අම්මාට වෙහෙසකරය..නමුත් දෝනියැන්දාගේ පන්ඩිත කතා ඇසීමෙන් අම්මාට නිතැතින්ම මුවග සිනාවක් නැගුනි.

පසුදිනක මහත් කලබගෑනියකි.. අංජානා පොලොවේ හැපි හැපී අඩයි.. ඇය අම්මාට පහර දෙයි..මවට ‍ඇයව රැගෙන යෑමට කොහොමවත්ම අපහසුය.. අම්මා වූ මිල්සි මිස්ගේ හිතවතියක් පැමිණ දුව අස්වසාලන්නට වෑයම් කලේය..

නෑ නෑ.. ආන්ටිට තේරෙන් නෑ..මෙයා තමයි ඔක්කෝම කලේ..මෙයා ‍දැන් දවස් තුනකට කලිං කිව්වා මල් ගස් ඔක්කොම කපන්න කියනවා කියලා..ඒක තමයි ඒ මාමල ඇවිත් පාර දෙපැත්තේ ඔක්කෝම මල් ටික කපල තියෙන්නේ.. මෙයාට කියන්න ඒවා ආයේ තිබුන විදියට පැලකරන්න කියලා.. නැත්තං මට ගෙදර යන්න බෑ..

හෑ හෑ.... හෑ හෑ...අංජානා අඩන්නට විය..

නෑ අක්කේ ‍මේ ලමයා මොන්ටිසෝරි ඇරලං එද්දි හාමදාම වැටවල් ඔල තියෙන මල් කඩා ඉල්ලනෝ.. ඉතිං මං නිකමට කිව්ව මං දැන් ආර් ඩී ඒ එකට කියල මේ ටික කප්පනෝ කියලා.. මේ පාර සුද්දකිරිලි මට කොරන්න හැක් වැඩයැ..මේ ලමය දැන් හිතන්නේ මෙ පාර සුද්ද කරල තියෙන්නේ මම කියපු නිසා කියල.. මේ පාර සුද්ද කරන මිනිස්සුන්ටත් මේ දවසෙම ඕක කරන්න ඕන වුනානේ.. අනේ මන්ද අක්කේ..

කොහොමත් මෙහෙමයි..මෙයාගේ තාත්ත වගේමයි..කිසිම දෙයක් අහන් නෑනේ.. මිල්සිමිස් සිය දියණිය ගැන අමුත්තියට කියන්නට වූවාය..

පුතේ.. හිතුවක්කාර වෙන්න එපා.. අම්මි එක්ක යන්නකෝ..තව ටික දවසකින් ආයේත මල් පිපේවි..කැපුවට හැමදාම තියෙන් නෑනේ.. අමුත්තිය සිගිති දියණියගේ සිත සනසන්නට සැදුවාය.

සිඟිති අංජානාට දැන් යක්ෂයා ආරූඩ වී ඇත..

මේ ඇන්ටි බොරු කියන්නේ..මං රවට්ටන්න තමයි ඔක්කෝම හදන්නේ..හි හි හී..

මෙයාට ඔසරිය පිටින් මල් කඩන්න බැරි නිසා තමයි මෙයා මල් ගස් ටික කප්පල තියෙන්නේ මාමලට කියලා..

ඔයත් එයාගේ පැත්ත කතා කරන්නේ.. ඔයාත් ලස්සන මල් ඔක්කෝම කැපුවද දන් නෑ..අම්මි කිව්ව නිසා..

හරි නපුරුයි ඔයත්..හරියට කාටුන් ‍එකේ නපුරු මන්තර කාරි වගේ..බොරුවට හිනා වෙන්නේ..ඒ ඒ.. අංජානා වදන ්කියමින් අමුත්තියට ද බනින්ට වූවාය..

මිල්සි මිස් සිය දුවනියගේ කට අතින් වැසුවේ ඇයගේ කට තවත් දිවෙන්නට වූවොත් කුමකින් කුමක් කියයිදැයි සිතාගන්නට බැරි නිසාය..

කෝ ලමයොෝදැන් විකාර ඇති යං යන්න.. අම්මා අංජානා වඩා ගන්නට විය.. වඩාගත්වනම ඇය අම්මාගේ මුහුනටද බෙල්ලටද පහර කීපයක් ගසාගෙන ගසාගෙන ගියාය.. ඉ්න පසු ලමයා නැවත බිම තැබූවේය..

මට මේ ඔක්කොම කලිං තිබුන විදියට හදල ඕනි..නපුරි ..ඔක්කොම නැති කරලා.. දැන් කලේ නෑලු..අංජානා මහගැහැනියක පරිද්දෙන් මල් ගස් විනාස කලා යැයි අම්මාට දොස් පවරන්නීය..

දැන් අර පෙර කී අමුත්තිය දුර ගොසිනි..නපුරු මන්තරකාරියකැයි කී පසු අැය ඉක්මනින් පිටත් වූයේය.. යං ලම‍ොය් යන්න..මං විනාස කරපු මලක් නෑ.. අනික මට කරන්න පුලුවන් දේයක්ද ඒ..

ආ එහෙනං මේ මල් කැපුව මල් ගස් ටික ආයි ඒ විදියට ම හදන්න කියල ඔවා ඒ මාමිලට කියන්න ඕනි.. බලන්න දැනුත් මැලවිල.. ආයි හැදුවෙ නැත්තං නේ බලා‍ගන්නෙ මම.. ඔයා නම් නපුරුම නපුරුම නපුරුම නපුරුයි..

ඇය අඩි හප්පා පෙරලි කරන්නට වෙයි..

යං දුව අපි දැන්..මිනිස්සුත් බලං ඉන්නෝ අර එහා ඉදන්.. අම්මා කීවාය..

මට කෝල් එකක් අරං දෙන්න තාත්තිට.. අම්මා දරුවා මෙල්ල කරගැනීමට බැරි තැන තාත්තී ලවාවත් උපදෙසක් දෙන්නට සිතට ගත්තාය.. මේ ..මේ ලමයා පාරේ ඉදගෙන ගෙදර යන්නත් බෑලු.. මම පෙරයිදද කොහෙද කිව්වා මට හැමදාම මල් කඩාදෙන්න බෑ.. ....අම්මාට කතාව කරගෙන යන්නට නැත දුව බාධා කරයි..

කෝ මට දෙන්නකෝ.. ඔයා.. බොරු කියන්නේ... මං කියන්නම් තාත්තිට... අංජානා නැවත අඩන්නට විය..

ආ මෙන්න කතා කරගන්නව එහෙනං.. මවගේ රතු ඉර ආසන්නයටම පැමිණ ඇත..

තාත්ති මෙයා හරිම නරකයි.. මං මෙයාගෙන් මල් ඉල්ලුවම ඔසරියේ කුනු ගෑවෙනෝ කියල මල් අරං දෙන්න බෑ කියල කෑ ගහනෝ මට ඔව්.. ඔව් තාත්ති ඔව්..එයා නරකම නරකයි තාත්ති..

අංජානා කියවන්නට වෙයි..

මං යන්නං තාත්ති..ඒත් මෙයා අපේ කඩිය වගේ මං කියන දේ අහන්නෙම නෑ නෙ තාත්ති.බලන්න ලස්සන මල් ගස් ටික ඔක්කෝම ඌයියා කරලා..තලලාම දාලා. මාමිලට කියලා. ඔව් තාත්ති ඔව්..ඔව්..

ඒ අතර දුව සහ තාත්තී කතාව දිගට යද්දීම මව දුවනිය වඩා ගත්තාය.. දුවනිය මව් ඇකේ සිටියදීම ජංගම දුරකථනයෙන් සිය පියාට මව පිළිබඳ කෙලාම ්කියයි..

ඔව් තාත්ති ඔවු.. අපි මෙයාව මල් නැති ගස් ගාවින් නවත්තල යමු..අපි දෙන්නයි කඩියයි විතරක් ගිහින් මල් වත්තේ ඔක්කෝම මල් බලල එමු.. අපි හොරාට ඈතින් තියෙන මල් කඩමු නේ.. මෙයා දාල යමු..එයා තමයි තාත්ති මල් ගස් ටික ඔක්කෝම නැති කරන්න කියල තියෙන්නේ..

ආ මෙන්න ඔයාට දෙන්නලු..දුව මවට පොන් එක දික් කලාය..

හරි දැන් ඉතිං ඔයා මාව දාලද දුවයි කඩියයි එක්ක මල් වත්තට යන්නේ.. අම්මා ජංගම දුරකථනයෙන් අසන්නට විය..

තාත්ති ඔයාව මල් තියෙන තැන් වලට එක්කං යන් නෑ...නෙ..මායි කඩියයි විතරයි නෙ එක්කං යන්නේ..දුව අහක බලාගෙන අම්මා ට ඇසෙන්නට කිව්වාය.. අම්මා අහක බලාගෙන සිය පණ්ඩිත දියනියගේ මුරන්ඩු කම් ගැන සිතමින් මුවග මඳ සිනා නගමින් යන්නට ගියාය.

Wednesday, September 28, 2016

පාස්පෝට් අයි ඩී ගන්න පරංගියා කෝට්ටේ

අලුත් පාස්පෝට් කන්තෝරුව සහ අයිඩෙන්ටි හදන තැන ගෙනහුං තියෙනවා අලුත් තැනකට ඒ ක තියෙන්නේ බත්තරමුල්ල සෙත්සිරිපාය කිට්ටුව..තාම ලොකේසම හරියට දන් නෑ..අපි දැන් නරඹමු සෙත්සිරිපාය තියෙන තැන ..



දැන් ඔයාලට පේනෝ ඇති බත්තරමුල්ලේ සැට්සිරිපාය.. මේක ගාවට පාස්පෝට් කන්තෝරුව ගෙනිච්චාම මොකද්ද තියෙන අවුල.. මේ කෝට්ටේ දිහාව කියන්නේ පෲතුගීසි කාලේ ඉදලා ට්‍රැෆික් තිබුන පලාතක්.. ඒ නිසානේ කොටුවෙ බැස්ස පෲතුගිසි කාරයා කෙලින්ම කෝට්ටේ ගෙනියන්න බොරැල්ල රාජගිරිය රූට් එක තෝරගන්නෙ නැතුව වෙන දිහා වලින් එක්කරං ගියේ.. ඉතිං පට්ට ‍ ‍ඓතිහාසික ට්‍රැෆික් තියෙන මේ කෝට්ටේ බත්තරමුල්ල දිහාට පාස්පෝට් කන්තෝරුවයි අයිඩන්ටි කන්තෝරුවයි ගිහින් දානවා..මොකෝ දැන් වෙන්නේ..දැන් ඉතිං දුර පැතිවල ඉදන් කොටුවට ඇවිත්, අයිඩන්ටිය ගන්න පාස්පොට් ගන්න බලාන එන ජනතාව පැය එකහමාරක් විතර ලොකු ටරැෆික් එකක ඉදලා බොරැල්ල රාජගිරිය කෝට්ටේ පහුකරලා බත්තරමුල්ලට ලගාවෙන්න සිද්ද වෙනවා.. 

මේ බත්තරමුල්ල හරියටම තියෙන්‍ේන එකම එක ඇක්සස් පාරයි.. කොට්ටාව පැතත්ට පාරක් තිබුනත් ඒකත්‍බොහෝවිට පිරිලා තමයි යන්නේ.. ඉතිං මේ ඇක්සස් රෝඩ් එකක් විතරක් තියෙන..ඒකත් පට්ටම බ්ලොක් වෙන ලොකේසමක් තියෙන හුන්ඩුවක් වගේ තැනකට පාස්පොට් කන්තෝරුව ‍අරං ගියාම මිනිස්සු අපාසුතාවයට පත් වෙනෝ නේ.. කලිං පාස්පොට් එක තිබුනේ බොරැල්ලේ..බොරැල්ල කියන්නේ පස් මං හන්දියක්.. ඒ වගේම මරදාන සහ කොටුවට හූවයි බල්ටියයි.. ඒ නිස ඇත්තටම බොරැල්ල ලොකේසම හොදටම හොද ප්ලේස් එකක්.. 

යෝජනාව. 

මම හිතන්නේ මාලු මාකට් එක එලෝලු මාකට් එකට වඩා කොළඹ ඇතුලට එන මිනිස්සුන්ට ගොඩක් වැදගත් කන්තෝරු රාසියක් තියෙනවා.. ඒවා තමයි ඔය මෝටර් රථ ප්‍රවාහනේ... පාස්පෝට් එක.. පොලිස් හෙඩ් ඩොපිස්..අයිඩන්ටි කන්තෝරු වගේ ඒවා..ඒ වගේ කාර්යාල ටික ඔය පිටකොටුවේ කස්ටම් බිල්ඩිම එහාපැත්තේ හිස් ඉඩමේ හරි නැත්තං මැනිං මාකට් බිමේ හරි ඉදිවෙනවා නම් වටිනවා.. හතර අතින් ඉන්න සෙනගට බොහොම ලේසියේන ගමන් පහසුව සලසගන්න බස් සහ දුම්රිය සේවාවන් බොහොමයක මූලස්ථානය පිටකොටුව..පිටකොටුව සිට පයින් යන දුරෙන් ඔය ආන්ඩුවෙ කන්තෝරු ටික තිබුන නම් ගොඩේ ගොඩ නේ.. 

කොළඹ සාපේක්ෂව පොඩියි.1-15 කියන මුලු කොළඹම සැලකුවත් ලෝකේ විශාල නගර වල තියෙන එක කොටසක් කොළඹට වැඩිය ලොකු වන අවස්ථා එමටයි...ඒක ලොකු කරන්න ඕනි..ලොකු කරන්න නම් ලොකුවෙන ඒරියා එකට හොද ප්‍රවාහන පහසුකම් තියෙන්නට ඕනි..මෙට්‍රො රේල්, රේල්වේ, මොනෝ රේල් වගේ කිසිම දෙයක් තාම අඩිතාලං මට්ටමේ වත් නෑ,. ඉිතිං කොළඹ පලල් කරනවා කියන්නෙ ටිකක් ආමාරු වැඩක්..සෙන්ටර් එක කොටුව ගත්තොතින් මොරටුව, වත්තල, කිරිබත්ගොඩ, බත්තරමුල්ල, නුගේගොඩ, පිලියන්දල වගේ මූලික උපනගරයකට යන්න අඩුම තරමේ පැයක් ගතවෙනෝ දවල්‍ වෙලාවට.. මේක හරිම කාල නාස්තියක්..ඒත් විසදුමක් පේන තෙක් මානෙක නෑ.. 

ඒ අස්සේ තව බොරැල්ලේ තියෙන කන්තෝරු උස්සන් ගිහින් බත්තරමුල්ල වගේ පාරවල් අඩු නිතර හිරවෙන,  පාර්ලිමේන්තු තියෙන දවසට හොදට පැක්වෙන පලාතකට උස්සන් ගිහින් දානෝ.. බත්තරමුල්ල දිහාට කොළඹ පතුරුවන එක ජේ ආර් මුත්තයි කාලේ සිට එන ප්ලෑනක්.

.නමුත් මුත්තත් හරි උගේ බෑන මුනුබුරාලත් හරි බත්තරමුල්ල සහ අනෙක් පැති යාකරන හොඳ ප්‍රවාහන පද්ධතියක් ප්‍රොපෝස් කලේ නැ..ඉතිං අර හම්බන්තොට කැලෑවට ගුවන් පාලම් ගහපු එකාටත් කොළඹ නගරය හා තදාසන්න පැතිවලට හරිහමන් ට්‍රාන්ස්පෝට් ප්ලෑන් එකක් තිබුන් නෑ..  ඒ නිසා කොටුවේ සිට ඉසුරුපාය, සෙත්සිරිපාය, අයි ඩි, පාස්පෝට් ගන්න ඕ පැත්ත බලා යනෝ කියන්නේ දවසක් කුඩු වෙන වැඩක්.. 

දුප්පත් මිනිස්සු පාන්දරම නැගිටල බස් එකක නැගල කොළඹ ඇවිත් පහත් වෙන්නේ උදේ අටට නමේට විතර.. ඒ ඇවිත් ආයෙම තව බස් එකක නැගල බත්තරමුල්ල බලා යද්දි අමතර පෑ එකහමාරක් මගටම වියදම් වෙලා..ඉතිං මේකද ඔය අලුත් කන්තෝරුවක් හදලා ආන්ඩුව මහජනයාට දෙන සහනේ.. 

Monday, September 26, 2016

සද්ගුණවත් දොස්තර වරු

දොස්තර ල වුනාම මනුස්සකම තියෙන්නට ඕනි.. මට පේන්නම බැරි වචන වලින් එකක් තමයි මනුස්සකම කියන්නේ..ඕනි ජඩ වැඩක් පල් වැඩක් කරලා හිනාවෙවි යන්න මිනිස්සු මේ මනුස්සකම කියන වචනය පාවිච්චි කරනවා..ඉන්න කාලේ මොකුත්ම නොකර ඉදලා චන්දෙ කාලේ කිට්ටු වුනාම සුදු රෙදි හොරුන්ගේ මනුස්සකම් ගැන පෝස්ටර් වල දකින්නට ලැබෙනවා. ඒ වගේම කවුරුහරි අපතයෙක් ගැන වර්ණනාවක් දෙද්දී ඌ ගැන කියන්න මෙලෝම දෙයක් ඉතුරු වෙලා නැත්තං ආන්න ඌට උතුරා යන මනුස්සකමක් තියෙනවා කියනවා..මොකෝ නෑ කියන්නයැ.. මනුස්සකම මනින්න බෑනෙ .. ඒ නිසා හැම එකාටම ඕක තියනවා කියල ගන්න පුලුවන්..ඒ වගේම මොක්ක හරි මරි වැඩක් මාට්ටු වුනොත්.අ.පි ‍ ඔක්කොම මනුස්සයො නේ..පොඩ්ඩක් මනුස්සකමට සලකලා බලන්න කියල විලි ලැජ්ජ නැතුව සමාව ඉල්ලන්නත් ඒ නිසා හැකියාව ලැබෙනවා. 

දොස්තර වරුන් ගාව තියෙන්න ඕනි මනුස්සකම හැදිච්චකම වගේ මාකටින් වචන නෙමෙයි ආචාර ධර්ම කියන ජාතිය. දොස්තරයෙක් කියන්නේ කරුණාවෙන් ලෙඩුන්ට සලකන්න බැඳිලා ඉන්න කෙනෙක්. ඒ කරුණාව හිනාවේ කතාවේ විතරක් නෙමෙයි..මිනිහාගේ චරියාවෙත් තියෙන්නට ඕනි.. දොස්තර කියන චරිතය ඇගට විතරක් බෙහෙත් කරන මැසිමක් නෙමෙයි..රෝගියාගේ මානසික සමාජිය ගැටලු ආදිය ගැනත් යම්කිසි සංවේදී තාවයක් දොස්තරට තියෙන්නට ඕනි..නැත්නම් රෝගය වටහාගන්නත් රෝගයට ප්‍රතිකාර කරන්නටත් සාර්ථක හැකියාවක් දොස්තර මහත්තයට ලැබෙන් නෑ.. 

දෙවන ලෝක යුද්ද කාලේ හිම්ලර් යටතේ හිටිය දොස්තර මහත්වරු ඇතැමෙක් ඉතාම නරක විදියට මිනිසුන්ට හිංසා කලා.. මිනිසුන්ව පෙලා තලා දැම්මා..නමුත් ඔවුන් ඉගෙන ගෙන තිබෙන්නේ රෝගීන් සුවපත් කරන්නට. අවසානේ වෙන්නේ මොකද්ද එයාල ලෙඩුන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාවටත් දැඩි ලෙස හිංසා පීඩා කරනවා. 

පහුගිය දවසක කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු තමා පාඩම් කරන කුටිය තුලම මිය පරලොව ගියා. ඔහු සිය සිරුරට සේලයින් අධික ලෙස ඇතුලත්  කරගෙන තමයි මිය පරළොව ගියේ. ඉන් අනතුරුව ඔහු ගේ දෙමාපියන්ට දන්වලා යවන්න වෛද්‍ය සිසුන් ක්‍රියාකරල තිබුනා. විදුහල්පතිවරයෙකු වුනු ඒ මියගිය සිසුවාගේ පියා ..මිනිය බලන්න ඇවිත් අහපු මුල්ම ප්‍රශ්ණය " කොහෙන්ද අඩුවටම මිනිය හදාගන්න පුලුවන් ?" කියන ප්‍රශ්ණය..ඒ අවස්ථාවේ සිය මියගිය පුතා දැකීමෙන් කිසිම තැතිගැන්මකට ලක් නොවූ පියා මියගිය සිසුවා දෙස බලා තිබුනේ සිය පවුලට දැඩි අවමානයක් කල පුතෙකු ගැන බලන ආකාරයෙන්.. 

සිය දිවි හානිකරගැන්ම වරදක්..මිය ගිය අය ලොකු කරන් දගලන එකත් හොද නෑ,. ස්වභාවිකවම සිය පුතා කෙරෙහි පියානන් කෙරේ එන කිසිදු හැගීමක් ඒ පියාගේ තිබිල නෑ කියල තමයි ඒ සිදුවීම බලාගෙන හිටපු වෛද්‍ය සිසුන් කියලා තියෙන්නේ. 

ඒ සිසුවා දෙවරක් අවසන් විභාග අසමත්. තුන්වෙනි වර අසමත් නම් ඔහු ගෙදර. ඒ සිසුවා යම් මානසික ආබාධයකින් පෙලී බෙහෙත් ගන්නට යොමුවුන අයෙක්..හුදකලාව ප්‍රිය කල ඔහු අනෙක් සිසුන්ට හැකි පමණ පාඩම් වැඩ වලදීත් උධව් කර තිබෙනවා. අපේ වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය කොච්චර දුර්වලද කියලා ඔබට යම්කිසි අවබෝධයක් ගන්න පුලුවනි ඒ සිදුවීම ගැන සිතුවොත්..වෛද්‍යවරයෙකු වන්නට ඉගෙන ගන්න සිසුවා දැඩි තරඟය සහ අපාසු විබාග නිසා  මානිසක රෝගියෙක් වෙලා..ඒක උත්සන්න වෙලා.. සියදිවිත් හානිකරගෙන ගඳ ගහන අවස්ථාවේ තමයි අනෙක් සහෝදර සිසුන්ට ඔහුව හමුවන්නේ..ඉතිං මේ අහිංසක අපි ඔය බිහිවෙන සංවේදී දොස්තර මහත්වරුන්ගෙන් තමයි අනාගෙතේ බෙහෙත් ගන්නේ. 

ලංකාවේ දොස්තර ලා විදියට තෝරගන්නේ උසස් පෙල වැඩිම ලකුනු ‍තියෙන අය. මේ විබාග ක්‍රමයෙන් වැඩිම ලකුනු ගන්නේ කවුද? කිසිම බාහිර වැඩක් නැතුව ගොඩාක් පාඩම් කරන අයට,  ස්ටඩි වල දැඩිව නිරත වෙලා ඉන්න අයට වැඩිම ලකුනු ගන්න ලොකු හැකියාවක් තියෙනවා. එතිනින් පස්සේ වෛද්‍ය විධ්‍යාල තුලත් හොදට ඉගෙන ගන්න විභාග වලින් වැඩි ලකුනු ගන්න අයට තමයි හොද ලොකු දොස්තරයෙක් වෙන්න පුලුවන් වෙන්නේ.. 

ඒ අතරමැද කිසිම තැනකදී මේ සිසුන් කරුණාවන්තද? සිසුන් ඇත්තටම දෛාස්තර මහත්තයෙකු කරන්න සුදුසුද? රෝගියාගේ මනසට සුවයක් දෙන්න මෙයාට පුලුවන්ද? කියල අපි හොයනෝද?   මේ මස් කඩේකටවත් නුසුදුසු ඒ ලෙවල් විතරක් සුපිරියටම පාස්වුන එකාව දොස්තර ල කලාම මොකෝ වෙන්නේ  කියල සමාජය හිතන්නේ නෑ...බලන එකම සුපරි සුදුසුකම ඒ ලෙවල් වැඩිම ලකුනු විතරයි.. අනික්වා බලන්නත් අමාරුයි මේ තියෙන බලුපොරේ ඇනුව.. 

අපි දොස්තරයෙක් බිහි කරන කොට කරුණාව, ආදරය, ආචාර ධර්ම කිසිම දෙයක් ගැන වැඩි තැකීමක් නෑ.. අවසානෙ නිකුත් වෙන දොස්තරලා කියන්නේ ඕපපාතික නෙමෙයි නේ..කාලයක් තිස්සේ දීර්ඝ විභාග ගනනාවකට දැඩි ආතතියක් යටතේ මුහුන දෙන පිරිසක්.ඔවුන් එලියේදී  වඩාත් කරුණාවන්ත සානුකම්පිත සමාජය ගැන සෙනෙහසින් තීරණ ගන්න පිරිසක් වේවිද? නෑනෙව. 

මං හිතන්නේ වෛද්‍යවරුන් කියන විකෘතිය ගැන සුලු අවබෝධයක් ඔබට එන්නට ඇති. අපි මේක වෙනස් කරන්න නම් අපේ බලුපොරයක් වැනි අද්‍යාපනය ක්‍රමය දියුනු රටවල වගේ ‍ දියුනු පද්ධතියකට යටත් කරන්නට ඕනි.. එහෙම කලොත් යාන්තං හරි සුලු බලාපොරොත්තුවක් හරි තියන්න පුලුවන් අනාගත වෘත්තිකයින් සම්බන්ධයෙන්.. නැත්නම් තව තවත් හඹායන තව තවත් පුද්ගලික ඉලක්ක කරා ඇදෙන පිරිසක් හැර... පුලුල්ව සිතන වෘත්තිකයන් නම් ඉස්සරහට රටේ බිහිවන එකක් නෑ. 

Friday, September 23, 2016

වැරදුනු තැන් සෙවීම හරි වැඩක්ද

මම තවම සොයනවා
වැරදුනේ කොතනද කියා
නොදන්නවා වුනත්
මා සොයනවා සැමදා 
ජීවිතේ වැරදී තියේ..
ඒත් මං දන්නේ නෑ කොහේ කියා 

මෙවන් කවි ලියන රචකයා සිතනවා ඔහුට වැරදී ඇති බව. ඔහු පිලිගන්නවා ඔහුට වැරදී ඇති බව. ඔහු ඉතිං ජීවිතේ පිටු පෙරලමින් හොයනවා වැරදුනු තැන. ඔබට වැරදී ඇතිබවට වැඩිපුරම ඔබට පවසන්නේ කවුද? ඔවුන් තමයි සහෝදර් වරුනි වෙලෙන්දෝ.. 

ඔබ ඇගේ තියෙන ජීවන සුවද වැරදියි කියල කියන්නේ කවුද? සබන් වෙලෙන්දෝ ඩියොඩරන්ට්‍වෙලෙන්දෝ.. 
ඔබ‍ෙ දත් ටික කහ වුනාට පස්සේ හෙලවිල වැටිල යයි කියල ඔබව බය කරන්නේ කවුද? ‍දත්බේත් වෙලෙන්දෝ.. 
ඔබේ ජීවිතේ අනතුරේ අලුතින් සිතන්න නවීන චින්තනයක් කරා යන්නෝනි කියන්නේ කවුද? එහෙම කියන්නේ ධනාත්මක චින්තනය විකුනන බුවාලා.. සහ ලයිප් ඉන්සූරන්ස් කාරයෝ.. 
ඔයාල වැරදිලා තියේන්නේ කවුරුහරි කොඩිවින කරලා..නැත්තං ග්‍රහයා ඉන්න පොසිසන් එක හිරවෙලා නිසා.. එතකොට් ඒම කියන්නේ කවුද? කේන්දර කාරයො සහ අංජනං ඇදුරෝ.. 

ජීවිතේ වැඩියෙන්ම දිනන්නේ කවුද..? මම හිතන්නේ ජිවිතේ සාර්ථකම මිනිස්සු කියන්නේ අපිට අඩුවෙන් වැරදිලා කියල හිතන සංතෝසෙන් ඉන්න මිනිස්සු..අනේ අපිට වැරදිලා අපි අරූගේ බණ අහන්න ඕනි..මූ කියන මාර්ගේ යන්න ඕනි.. අරූ කියන මාර්ගයේ ගිහින් ජීවිතේ මෙව්වා කරගන්න ඕනි කියල හිතුවොත් අපි පිලිගන්නවා අපිට වැරදිලා කියලා.. 

ජීවිතේ තමුන්ට වැරදිලා නැහැ කියල හිතන පිරිසක් විදියට මම දකින්නේ රට වලින් මෙහෙට ඇවිත් කැරකෙන හිගන සංචාරකයො සෙට් .. උන් ට මොන තරං හිරිහැර මෙහෙ උන් කරනවද? සුද්දෙක් දකින්න බැ නෙ අපේ වීල් කාරයො., කඩ කාරයො, සහ අවසේස ජනයා දකින්නේ හම්මට..අන්න යකෝ කප්රුක පහල වෙලා.. යන්නෝනි දතක් ගලෝගන්න කියලා.. 
ඒත් උන් මොන කරදර තිබුනත් මෙහෙ ඇවිත් එන්ජෝයි කරනවා.. සමහර අය හිතන විදියට එයා පෝට් එකෙන් ඇතුලට එද්දිම උන් මෙහෙ ගැන කලකිරිල එන්නේ ..ඇත්තටම ඒම නෑ,.උන් දන්නවා මේ ඉන්දියාව ලංකාව වගේ රටවල උන්ගේ ජාන සැට් එකේම එන ගති ටික කියල.. 

ආයි ‍මුලට ගියොත් ලංකාවෙ තරුණ පරපුරේ ඉන්න ගොඩක් අය හිතන්නේ උන්ට වැරදිල කියලා..ඉතිං හරියන්න මොනාහරි කරනවා.කරනගමන් පට්ට දුක්වෙනවා උන්ට වැරදුන එක ගැන.. . කවද්ද අපි හිතන්නේ අපිට හරිගිහින් කියලා..? කවද්ද හැබෑට.. කවදාවත් නැ.. මැරෙන්න ලංවෙලා වලකජ්ජ ගහන්න කිට්ටුව පංසලට යන ගමනුත් හිතන්නේ අනේ මේ සංසාරේ කී ගමනක් නං වැරදිලා ඇතිද? හයියෝ ..!! මං කෝමද මේකෙන් එතෙරෙ වෙන්නේ.. කියල.. 

 මට වැරදිලා නැහැ..පොඩ්ඩක් තව දියුනු වෙන්න ටිකක් ඇති..ඒ ටික කරගන්න පොඩි පොඩි දේවල් ටිකක් කරන්න ඕනි..ඒත් ඉන්න ජිවිතේ පට්ට සැටිස්..හරි විනෝදෙන් ඉන්නවා..කියල හිතන්න පුලුවන් සැහැල්ලු මනසින් ඉන්න බුවාල අපේ සමාජයේ අඩුයි.. 

වටපිටින් බස් වල‍කෝච්චි වල කාර්යාලේ ඉන්න කොට ඇහෙන්නම අරූ මට කෙලෙව්වා, අර ලොක්ක මට ඇරියා, අරකි තමයි ජිවිතේ කෑවේ..උන් මහ ඉරිසියාකාරයෝ වගේ කතා..ඊට පස්සේ ටෙලි නාට්ටි වල පෙන්වන්නේත් ඒව.. පත්තර වල තියෙන්නේ ත් ඒවා.. හැබෑටම ඔය තරං උගුල් අදින්න ඉරිසියාකරන්න මිනිස්සුන්ට වෙලාවක් තියේද? 

මම සාර්ථක මිනිහෙක් නෙමෙයි..ඒත් මම හොදින්ම මට අරිනවා කියල දැනගෙනත් මම හිතන්නේ අනේ ඒ මනුස්සයාගේ සතුට නෙව.. ඔන්නොහෙ ඇරපුදෙන්.. පස්සේ ඌට ම නැවතිලා නවත්තයි නේ කියලා.. මට වඩා සාර්ථක වැඩ කල හැකි හොද මොබිලිටි..ඒ කියන්නේ වැඩ කිරීමට ඇති උණ/හැකියාව වගේ එක තියෙන ලොකු උනුත් ඒමයි..සාර්ථක උන් අනික් එකා අටවන උගුල් දිහා හරි තමුන්ට අින්න එන එවුන් අරින හැටි දිහා බලල වෛර කරන් නෑ..තමුන්ගේ ගමන යනෝ.. 

දැන් බණ ඉවරයි.. ඔයාලත් කවදාවත් එක එකා කීවටවත් ඔයාටම හිතුනටවත් ඔයාට වැරදිලා කියල හිතන්න එපා.. ඔයාට කට්ටිය ඉරිසියා කරනවා කියල හිතන්න එපා..ලෝකෙ සැහැල්ලුවෙන් ඉන්න.. ඉදිරියේ පොඩි පොඩි ඉලක්ක කෑලි තියාගෙන පොඩි පොඩියට ඩේලි වැඩ ටික කරගෙන යන්න.. එහෙම නැතුව නැතිවුන දේවල් පස්සේ නැහිලවත්.. තියෙන එකා දිහා බලල මට නැති දේවල් කියලා කැල්කියුලේට් කරල හූල්ලල වත් අපිට කවදාවත් සතුටින් ඉන්න බෑ.. 

Tuesday, September 20, 2016

අම්පාර පොතුවිල් චාරිකාව

කොළඹින් සිකුරාදා හැන්දෑවෙ අම්පාර බස් එකට නැග්ගා. අම්පාරට යද්දි ඔන්න මෙන්න එලිය වැටෙන වෙලාව. උදේ 5.30ට වගේ ඇති. අපිට යාලුවෙක් හමුවෙන්න තිබුනා. ඒත් උදේ වැඩි නිසා අපි ටිකක් වටපිට කැරකිලා කාලය මැරුවා.පාන්දරම කාට වුනත් උදව්වකට කතා කරන්නට බෑනෙව.  අම්පාරට යන්න බස් එකක් බුක් කරගත්තේ දවල් පිටකොටුව සී ටී බී බස් නැවතුමට ගිහින්. එදා ටිකට් බුක් කලත් හෙන අමාරුවෙන් ගියේ..මොකෝ ලෝන් වීකන්ඩ් එක නිසා සෙනග පිරිලා..ගම් රටවල් වලට යන අය වෙන්න ඕනි. 

මේ අම්පාර වැවේ ගලක් උඩ වාඩිවෙලා පාතරාසය එනතෙක් බලා ඉන්න කොක් නයිදේ කෙනෙක්. අම්පාර වැව අම්පාර බස් නැවතුම්පොල කිට්ටුවමයි තියෙන්නේ. ඒක වටේටම විදුලි වැට ඉදිකරල තියෙනවා..බාගෙද අම්පාර ටවුමට පවා අලි එනවාලු. වැව දිගේ ටිකක් ඇවිදං ගියාම කෝවිලක් හම්බුනා. ඒ කෝවිලේ පාන්දරම පොල් ගහන්න සහ දේව ආශිර්වාදය ගන්න පිරිස පැමිණිලා සිටියා..වැව ගාවම තියෙන දේවාලය හරියට ඉන්දියාවේ ගංගා නම් ගගට යාබදව තියෙන දේවාල වගේ කියල මට හිතුන.
අපි අම්පාරට ගියේ බස් එකේ එතැන් සිට යන්නේ නම් බස් එකේ නෙවෙයි. අපි ඒ සඳහා තෝරාගත්තේ බයික් එකක්. ඒ බයික් එක ගන්න අපි කලින් අදුනගත්ත යාලුවෙකුගේ ගෙදරට මිනිහම ඇවිත් එක්කරං ගියා අපිව. එහේ ගේ ඉස්සරහ ශූ රැක් එකේ තමයි මේ ලස්සන සපත්තු කුරුලු කූඩුව තිබුනේ..පැණි කුරුලු මොඩල් එකක කුරුල්ලෙක් ට තමයි මේ බිත්තර අයිති. 
බයික් එකත් අරං අපි මුලින්ම පිටත් වුනේ ඉඟිනියාගල සේනානයක සමුද්‍රයේ බෝට්ටු සවාරිය බලන්න..කලිං කතාකරල බුක් කරගන තිබුනත් එතනට ගියාමයි දන්නේ 5 දෙනා යන බෝට්ටුවක් රුපියල් 4500ක් වෙනවා. ඉඟිනියාගල වනජීවි කාර්යාලයෙන් තියෙන‍ මේ බෝට්ටු කලින්ම බුක් කරන්නට ඕනි. වනජීවින් බලන්න ජලාශයක් මත බෝට්ටු සේවාවකින් යන්න ලැබෙන මහඟු අවස්ථාවක් තමයි මේක. යන්න පුලුවනි නම් බොහොම වටින දෙයක් වෙන්න ඇති. ඒත් අපිට තිබුන බජට් එකේ හැටියට දෙන්නට ඒ වගේ ගානක් දෙන්න අපහසුයි. ඒ නිසා ලග ගහේ කටුස්සව විතරක් ඡායාරූපෙට අරං අපි එන්න ආවා. 
පසෙකින් පේන්නේ ඉඟිනියාගල කියන ගල. මේ මාත් එක්ක ගිය මිතුරු තොමෝ. 
සීගිරිය වගේ කෙලින්ම ඈතට පෙනුනට මේක නගින්න පුලුවන් කන්දක්. නම ගෝවින්දා හෙල.. ගෝවින්ද හෙලට නගින්න පැය දෙකක විතර ගමනක් තියේලු. ටිකක් කාල වේලාව මදිවෙන ගතියක් පෙන්නුම් කල නිසා අපි අරුගම්බේ බලා යමින් තිබුන නිසාත් අපි අරුගම්බේ බලා පිටත් වුනා. ගෝවින්දා ඉඟිනියාගල සිට සියඹලාන්ඩුව හරහා අරුගම්බේ යනවිට හමුවන ලක්ෂන ගලක්..ඉහලට නැග්ගාම දකින්න පුලුවන් භූමි දර්ශනයත් කදිම එකක් වන්නට ඇති. 
ඔය යන අතරමඟ ලාහුගල වනය තුල පිහිටා තියෙනවා දීඝවාපිය වැනි පෞරාණික තවමත් ඉතිහාසය හරිහැටි සොයා ‍ නොගත් ‍විශාල ස්ථූපයක්..මෙය නීලගිරිය කියලා තමයි හඳුන්වලා තිබුනේ..එතන හිටපු කැණීම ්කරන්නෙක් පැවසූ විදියට මෙය ක්‍රි ව 2 වන සියවසේ පටන් රජවරුන් කිහිපයක් විසින්ම ප්‍රතිසංස්කරණ කර පවත්වාගෙන ආපු බලගතු චෛත්‍ය යක්. ලාහුගල වනයේ තවත් පුරාවස්තු තිබෙන බවකුත් ඔහු සනාථ කලා. 
මේ නැගෙනහිර පලාතේ අපි ගිය අම්පාර කල්මුනේ අක්කරපත්තු පොතුවිල් සීමාවේ බොහොෝතැන්වල පුරාවස්තු තිබෙනවා..බොහෝවිට කන්දක් හෙලක් මුදුනේ ආරාමයක නටඹුන් හෝ අඩුවශයෙන් පඩිපෙලක් හෝ දකින්නට ලැබෙනවා. මා ගේ පුද්ගලික මතය අනුව මෙය මහාවංස බයිලා පොතේ සඳහන් නැති ඉතිහාස පරිච්ඡේදයක් 

නිවාඩු දවසක් නිසා අරුගම්බේ පට්ට සෙනගක් උන්නා..ඒ අතර මුස්ලිම් ගැහැනු සිය සියළු වස්තර සහිතව ම මුහුදේ ගිලී නෑම මට නම් ජුගුප්සාජනක සිදුවීමක්. ඔවුන්ට ඒකෙ අමුතු විනෝදයකුත් ඇති. අපි Shim Beach Resort කියල තැනක කාබරයක් Booking.com එකෙන් බුක් කරලයි ගියේ..හැබැයි අරුගම්බ‍ ප්‍රධාන මුහුදු වෙරළේ සිට කිඹුලා ගල දෙසට වෙන්නට කිලෝමීටර දෙකක විතර දුරින් තමයි ෂිම් එක තියෙන්නේ..එතන කබානා තියෙන්නේ. ඩොලර් 10කට අපිට කබානාවක් ලැබුනා..ලයිට් වතුර පිරිසිදුකම කෑම ඔක්කොම ඒ ගෙවන ගානට වඩා වටිනා විදියට ම එතන තිබුනා. 

ඊලග දවසේ පාන්දරම අපි නැගිටලා කිඹුලා ගල (Crocodile Rock) දිහාට යන්නට පිටත් වුනා. කිඹුලා ගල පැත්තේත් හොඳ නාන්න සහ සර්ෆින් පොට් එකක් තියෙනවා වැඩිය ජනප්‍රිය නැති. එතන සුද්දෝ විතරක් කන්ඩායමක් සර්ෆ් කරමින් සිටියා..ලංකාවේ අයට හිටියේ සර්ෆ් පුරුදුකරන්න ආපු ඩෑල් දෙක තුනක් විතරයි. 
නාන අය නාන අය දිහා බලං ඉන්න අය තරුණ බාල මහලු සුදු ජාතිකයින් රැසක් එතන සිටියා. ඔවුන් තම තමුන්ගේ වැඩ කරමින් එතන බොහොම කදිම විදියට නිවාඩුව ගත කරමින් උන්නා. 
මේ පිරිස ගොඩක් ඈයො කරන්නේ අර ලෑල්ල දාන් පාවෙන එක..පස්සේ පුරුදු වුනාම තමයි ලෑල්ල දාගෙන ඒක උඩ නැගල පීනන්නේ. කලිං අරුගම්බේ අපි ගිය වෙලාවෙ අර ටයිටනික් එකේ වගේ සීන් එකක් ගියා. එතන කොල්ලා බෝඩ් එක උඩ..කෙල්ල වතුරේ..ටිකකින් කෙල්ලයි කොල්ලයි ගැබුරු තොල් කිස් කරන්න බදාගන්න වතුරේ කිමිදෙන්න ගත්තා..උන් දෙන්නම සුදු.. ඉතිං මට සන්තෝසෙ බෑ,.පවුල් පිටින් ඇවිත් හිටිය තම්බි ගෑණු පොඩි උනුත් කරතියං එතනින් යන්න පටන් ගත්තා.. 
උදේ පාන්දර කට්ටිය වැඩ පටන් අරං මෙයාලගේ ඔරුව විතරයිද මන්දා මේ ලොකේසන් එකෙන් මේ වෙලාවට මූදට ගිහින් තියෙන්නේ. 
මෙන්න සුද්දෙක් සර්ෆ් කරන අයුරු.. මුන්ට නං ගානක් වත් නෑ..අපිට ලංකාවෙ මූද තිබිලත් ලෑල්ලක් අරං මේක පැක්ටිස් කරගන්න බෑනෙව තාම..මේ බෝඩ් හරි ගනන්..හිතුවට වැඩිය.. එකක් ගන්න පැයකට දාහක් විතර රෙන්ට් එකට ගන්න ගියත්.. ඒ ගත්තත් දවසකින් දෙකකින් වත් මේ මට්ටමට පුරුදු වෙන්න අමාරුය  කියල තමයි යාලුවෝ කියන්නේ. පැය තුන හතරකින් වත් පුරුදු වෙත හැකිනම් මාත් එකක් ගන්නෝ..ඒත් එම බෑලු නේ.. 
ඇතින් යන මොණරෙක්. මේ පැත්තේ මොණරු නම් එමට ඉන්නබවක් පෙනුනා..ඊට අමතරව රිලවු වඳුරොත් අති පදං ඉන්නෝ කියල තමයි පෙනුනේ. අපි එනගමන් ක්‍රොකඩයිල්‍ රොක් එකටත් පොඩි විසිට් එකක් දැම්මා. ඒ ගල තියෙන්නේ මූධ අයිනේම පර්වතයක් විදියට..ඒ පර්වත රාජයා මත කපපු ගල් පඩිපෙලවල් තියෙනවා..ඒක මත ඉස්සර කාලේ මාලිගාවක් හෝ ආරාම තිබුනාද දන්නේ නෑ. 

මේ දෙවැනි පිංතුරයේ බූට් එකක් කාපු වදුරෙක්ද මන්දා ගලක් උඩ ඉන්නවා හොදින් බැලුවොත් පෙනේවි. 
අපි හිටිය කබාන එක තමයි ඈතින් තියෙන්නේ. ඒක පෙනුමට පොල් අතු කූඩුවක් මාලු වාඩියක් වගේ උනාට ඇතුලේ සනීප මෙට්ටයක් එක්ක ඇඳක් තියෙනවා..නාන පහසුකම් නම් එලියේ තිබෙුනෙ.. 

කෑම වලට වැඩි ගානක් අය කලේ නෑ නවාතැන් පොලේ..එයාලගේ නෝමල් රයිස් එකක් රු 350/=ක් වගේ. ඒ වගේම පොතුවිල් ටවුමට බයික්කෙන් ආවම එතනත් කන්න හොද තැන් තියෙනවා.. කොහොමත් අරුගම්බේ මේක සීසන් වුනත් කෑම බීමට අපේ ගානට වඩා සුට්ටක් විතර වැඩියෙන් තැන් හොයාගන්න එක අමාරු නෑ. 

එකකට ගහන්න ගියත් ටිකක් දිග වැඩියි වගේ ඊලග කොටසකින් ඒ ටික දානවා..අපි මෙතෙක් ගිය කතාවේ සමරිය..
සිකුරාදා හවස කොටුවෙන් අම්පාරට.. බස් එකේ ඉන් පස්සේ අම්පාරෙන් බයික් එකක් සෙට් කරගත්තා යාලුවෙක්ගේ 
සෙනසුරාදා උදේ අම්පාරෙන් ඉගිනියාගලට.. 
සෙනසුරාදා දවල්..ඉගිනියාගල සියඹලාන්ඩුව ගෝවින්ද හෙල, නීලගිරි වෙහෙර ආදිය බලමින් අරුගම්බේ..
සෙනසුරාදා හවස..අරුගම්බේ මුහුදේ නෑම සහ ඒ අවට බැලීම 
ඉරිදා උදේ පාන්දර - අරුගම්බේ අනෙක් පස ක්‍රොකඩයිල් රොක් සර්ෆින් ‍ප්ලේස් එකට පයින්.. ගොස් ඒම.. 

Thursday, September 15, 2016

“ගෑණි ලමයට ගහයිද” භීතිකාව


මම ඉන්න බෝඩිමේ අහල පහල ළමුන් සිටින පවුල් තියෙනවා. ඇතැම් විට කටහඩින් ඇහෙන පරිදි ඔවුන් කුඩා දරුවන්..කුඩා දරුවන් ඉතාම සෙනෙහසින් කුඩාකල වූ කෙලිලොල් බවින් ‍ඔවුන්ගේ දෙමාපියන් අමතනවා..නමුත් ඒ දෙමාපියන් ගෙන් ගැහැනිය යක්සනියක් වගේ.. ඇය වැනි අයෙකුට අම්මා කෙනෙක්ය කියන්නත් මොකද්ද වගේ..වරෙක මට ඇසෙනවා.. දීපා..තෝ අද නාන දවස නේ..තෝ නෑවෙ නැතුව නට නට හිටපං..හවස් වෙලා නාන්න හෙම්බරිසාව හදාගන්න..තොපිත් මටම වද දෙන්න හැදිලා.”

ආදී ලෙස දෙබස්. මෙය ග්‍රාම්‍ය ව්‍යවහාරයේ පවතින තෝ කියන සාමාන්‍ය ආමන්ත්‍රණය නෙමෙයි. තරහින් පුපුරමින් සිය සිඟිති දියණියට අමතන අම්මා කෙනෙක්.. මේක මට දුර්ලභ අත්දැකීමක් නෙමෙයි..සමහර අම්මලා දරුවන්ව මරාගෙන කන්නේ නැති ටික විතරයි.. දෙන්න පුලුවන් සෑම දඩුවමක්ම දෙනවා. මම මහරගම දිහා බෝඩිං වෙලා ඉද්දි ඒ ගෙදර නිවාඩු දවසක ඇහෙනවා පොඩි එකා කාමරයකට දාල ලොක් කරලා..අනේ පුංචී මාව එලියට දාන්ඩෝ කියල පොඩි එකා බෙරිහන් දෙනවා..ඒත් අර පට්ට ගෑනි ඇහුන් නැතුව ඉන්නවා.. මට හරි පුදුමයි.. ඒත් ඒක එහෙම වුනා.. ඒ දරුවාගේ මව්පියන් රාජකාරි වැඩකට හෝ වෙන දේකට ගිහින් ලගම ඥාතියෙක් තමයි ඒ කුඩා දරුවා බලාකියා ගන්නේ..

ඉතිං මේවා මට පුද්ගලිකව හරිම වේදනා ගෙන දෙන දේවල්.. දරුවන් නොලැබිය යුතු අයට දරුවන් ලැබෙනවා.. දරුවන් බලාගන්න බැරි ආදරය කරුණාව සෙනෙහස ගෑවිලාවත් නැති වේස අම්මන්ඩිලාට පැටවු හම්බෙනවා වගේ දරුවො ලැබෙනවා. ඉන් පස්සේ උන් උන්ගේ ලොකුකම් බැරිකම් ඉරිසියාකම් කපටිකම් ඔක්කෝම වද වේදනා බේර වැවට දාන කුනු වගේ අර දරුවා පිටින් යනවා..

මේ ලගදි නිදහස් චතුරෂ්‍රය ගාව කිට්ටුව බංකුවකට වෙලා මම එතනින් දුවන ගෑනුන්ගෙ පුකවල් සහ ඉදිරිපස වැනෙමින් යන ජමනාරං බල බල හිටියා..එතැනට පැමිණියා දරුවකු සමග අගනා දේහයක් සහිත පියකරු මවක් සහ කුඩා පුතෙක්..ඉතිං වටයක් ව්‍යායාම කරගෙන එද්දි අම්මා ෆෝන් එකේ බර කතාවක..මොන්ටිසෝරි එක වසරෙ වයසේ පොඩි එකා පොඩි අඩුම කුඩුම මල්ලක් බැරි අමාරුවෙන් උස්සගෙන යනවා අම්මගේ පස්සෙන්..අම්ම ව්‍යායාම කරන වේගෙට පොඩි එකාට යාගන්න බෑ.ඒ මදිවට ඌට මල්ලකුත් දීල ටිකක් බර එකක්.. අම්මට පොඩි එකා කියනව ඒක බර වැඩියි කියලා. ඒත් අම්ම නෙවෙයි තඹේකට ගනන් ගන්නේ.. මොකෙක් හරි වල් කොට්ටෝරුවෙක් එක්ක චැට් එකක් වෙන්න ඇති ස්මාට් ෆෝන් එකේ.. මට හිතුනේ එහෙමයි.

මට මගුල් තුලා හොයලා මනාලියො බලන්න ගියාමත් මට හිතෙන එක දෙයක් තමයි මේ ගෑනි ලමයිට ගහනවද දන්නේ නෑ කියන එක. සමහර අය කියන විදියට ගෑනුත් වෙනස් කරන්න පුලුවන් ජාතියක්. හැබැයි මට අනුව නම් මම දැකපු සීයට 93ක් වගේ තැන්වලදි වෙන්නේ ගෑනි ගහන පදේට මිනිහ නටනවා..නටන ගමන් කියනවා මම ගෑනි කියන දේ අහන් නැ කියලා.. කොයි තරං බයිල කිව්වත් මහින්දද රනිල්ද‍හොද? ඔබාමද හිලරිද බලේට ගේන්නේ..ඉන්දියාව ද චීනෙද ලංකාව අල්ලගන්නේ වගේ ලොකු පස්න විසදන්න පිරිමියාට ලැුබනත්..මොනවද උයන්නේ..මොනවද කන්නේ.,අපි කොහේද යන්නේ, කොහොමද විවේකේ ගත වෙන්නේ, කොහොමද අපි අලුත් ගේ හදන්නේ වගේ විශාල පරාසයක පුද්ගලික ජීවිතේ පස්න වලට උත්තර හොයන්නේ ගෑනි.. මිනිහ කරන්නේ එයාත් ඒකට කැමතී කියල පස්සේ කැමති වගේ පෙන්වන එක විතරයි..

ඉතිං මේ ගෑනෝත්තම (පුරැසෝත්තම එකේ ගෑනු එක) සමාජේ ගෑනියෙක් ගත්ත ට පස්සේ ගෑනිව හදාගන්න පුලුවන් කියල හිතන එක ඇවිල්ල හොද විහිලුවක්. ඒත් දරුවෙක් මල්ලෙක් ඉන්න කාලෙක දරුවාට දස වද දිදී කෝ උඹ ඔය සෙල්ලං කරන්නේ ශිෂ්‍යත්ව පස්න ටික කලාද? මං තොට කී ගමනක් කියල තියෙද උන් එක්ක සෙල්ලමට යන්න එපා කියල.. ? වගේ හරක්ට බල්ලොන්ට කතා කරන්න වගේ මහ නරුම විදියට දරුවන්ට කතා කරන ‍ගෑනියෙක් සෙට් වුනොත්..අනේ ගෑනිගේ අහවල් එකත් එක්ක පියයුරු ප්‍රමාණයේ රත්තරන් කුට්ටි දෙකක් දෑවැද්දට ලැබුනත් මට නං ඒ වගේ ගෑනියෙක් එපා..

Wednesday, September 7, 2016

මතක පෙත


ඇය හා මා අතර කිසිදු ගැටුමක් නැත..ගැටුමක් හෝ සංසිද්ධියක් නොමැති නම් කතාවක් නැත. සැබැවින්ම ඇය මගේ කන්තෝරු සහායිකාවයි..දහස් ගනනක් විබාගයට ඉදිරිපත් කොට ..සිය ගනනක් අතරින් ඇය මා හට ඉබේ පහත් වුයේ නැත. මා ඈ ඉන්ටවිව් එකේ සිටිනු දුටුවේය..ඉන් පසු සහායක බුවෙක් ලවා ඇගේ නම අසා දැනගතිමි..ඉන් පසු මා ලග සිටි ලගදී විශ්‍රාම යාමට නියමිත සහායිකාව වෙනුවෙට නව පත්වීමක් ලෙස ඇයව පත් කරගන්නට තීරණය කලේය.

මා ඇය කලින් දන්නා අඳුනන අයෙකු යැයි අනෙක් අය සිතන්නට ඇත. ඇය එතරම්ම ලස්සන එකියක නොවීය.නමුත් ඇගේ ආකර්ශනය්ක නැත්තේම යැයි කිව නොහැක. අනික් අය මොක සිතුවත් මට කමක් නැත කෙසේ හෝ ඇය මට ඉන්ටවිව් කරන්නට ලැබුනේය..

මා මුලදී ඇය ගැන වැඩි විස්තර අහන්නට නොගි‍යේය ඇය මා අදුනාගන්නට ඇත. ඇය පලමුවෙන්ම ඔෆිස් පැමිණි දින මා ඇය කෙටි සම්මුඛ පරීක්ෂණයකට භාජනය කලෙමි.. ඔයා කටුනායක හිටිය නේද?

ඔවු..ඇය ිසර් ඒ පැත්ත දන්නවද? ඇය ඇසුවාය..

පුදුමයි.. ඔයාට මාව මතක නෑ..? ඇත්තටම?

මට සැබැවින්ම එය පුදුමයට කරුණක් විය.. ඇයට මා අමතක වී තිබුනි..

ලොකු දෙයක් නෑ..පෝයකට කලිං දවසක රෑ ඔයාල නැවතිල හිටිය තැනට නින්ජෙක් පැනලා ඉන් පස්සෙ ඔයාල උගේ උගේ කලිසම් කමිස ගලවල යැව්වේ..ආන්න ඒ නින්ජ මමයි..

ඇගේ ඇස් උඩගියේය.. මුහුන හැකිලුනි..එය විස්තර කරන්නට තරම් වූ වෙනසකි.. නමුත් මා සිතාමතාම කිසිදු වෙනසක් නොපෙන්වා සිටියේය..

කමක් නෑ,.කමක් නෑ,. මම හොද මිනිහෙක් නෙමෙයි..ඒ්ත මම හරි ඔෆීසියල් මිනිහෙක්.. ඒ නිසා කිසි දේකට බයවෙන්න එපා.. ම්ම්.. ඔයා වැඩ ටික කරගෙන ඉන්න.. ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.. මම ඔයාව එලියෙදි දැක්ක දැකල මෙතන්ට දාගත්තා..

ඔයාල මහන්සියෙන් ඉගෙන ගත්ත අය..රස්සාත් කරන ගමන් වෙන්න ඇති ඉගෙන ගන්න ඇත්තේ.. මට ඉතිං හිතුනා ඔයා තෝරගන්න..මං නරක මිනිහේක කියල හිතයි..එ්ත් මේ ඔෆිස් එකට මම දැන් අවුරුදු 10කට වැඩියි..ඕනි කෙනෙක්ගෙන් අහන්න මං කුපාඩි ගති තියෙන මිනිහෙක් නම් නෙමෙයි..

පලවෙනි දවසේ ම ඔයාව පුදුම කරන්න හෝ හිත රිදවන්න වීම දුකයි..අනික මම නරියෙක් වුනානං කවදාවත් කුකුලා බය කරන්නේ නෑනෙ පලවෙනි දවසේ.. හිමීට රවට්ට ගන්නවා මිසක..

හරි දැන් වැඩ ටි ක කරන් යන්න...හෙමින් ඉගෙන ගමු. ඕනි දෙයක් අහන්න. කිසි දේකට බයවෙන්න එපා.. ඒත් මම ටිකක් සැරයි..ඒ ගැන වැඩිය හිතන්න එපා..

හා සර්.. ඇය මා කතා කල සමස්ථ කතාවටම පසු එකම එක රිප්ලයි එකක් දුන්නාය.. කාලය ගතවී ඔහේ ඉගිලීගෙන යයි..නමුත් ඉදහිට මට අතීතය මතක් වෙයි.. එවකටද මා දරුවන් සිටි හොද පියෙකි.. හොද සැමියෙකි..

නිරෝමි... නිරෝමි... මා සහායිකාවට කතා කලෙමි.. අපි අද මීටින් එකකට යන්න ඕනි හෙඩ් ඔෆිස් .. ඔයා මා එක්ක එනවද? නැත්තං මං ගිහින් කාර් එක ඔයාට එවන්නද?

ඔප්ෂන් දෙකක් දුන්නේ ආයෙ දෙවතාවක් හිතන්න දෙයක් නෑනෙ ඒකයි..

ඕන එකක් සර්.. ඇය පිළිතුරු දුනි..

හරි එහෙනං මං එක්ක යං.. මගේ කාර් එකේම යමු.. මා පැන්නේය..

ඇය පසුපස අසුනේ ඉදගත් විට මා බොස්ලෙස ඇගේ රියදුරු ලෙස කටයුතු කරන අයුරු පෙනේ..නමුත් එය මටද ඇයටද ගැටලුවක් නොවීය..

මද වේලාවක් නිහඩබව රජ කරන්නටත් කාර් රථය ඉදිරියට ඇදෙන්නටත් විය..

සර් ඇයි මේ තරං හොඳ ජීවිතයක් ගෙනියද්දිත් අර වගෙ කැත වැඩක් කලේ.. අපි ගොඩක් බයවුනා පස්සෙත්.. සර් ගේ කලිසම ගලවල නූල්‍පොටක් නැතුව පලයං කියල ඇරියට වීරයෝ වගේ.. ඉන් පස්සේ අපිට හිතාගන්න බැරිවුනා මොකද්ද ඒ කලේ කියලා..

පස්සේ අපිට තේරුනා වැඩේ බරපතල කම..අපි ඊලග දවසෙම වෙන වෙන බෝඩිම් වලට මාරු වුනා.. ඉන් පස්සේ අපි එක එක්කෙනා දුරස් වුනා මිසක එක වතාවක් වත් හමු වුනෙත් නෑ කාන්ඩයම.

සාමාන්‍යයෙන් ඔහොම වුනාම මිනිස්සු නයා පොළඟ වගේ..පලිගන්නවා.. අපි හිතුවෙම එක එක්කෙනාගෙන් හරි සර් පලිගනී කියල.. නමුත් එහෙම වුනේ නැති එකම සිද්දිය වෙන්න ඇති ඕක..කට්ටිය කිව්ව පොලිසි යමුත් කියලා.. ඒත් පොලිසියට ගියාම තව කරදර.. ඊට වැඩිය ලේසියි උන්න තැන මාරුකරන එක.. ඒ නිසා අපි මාරු කලා..

ඇය කියවන්නට පටන් ගත්තේය..

නිරෝමි.. මං හොද මිනිහෙක් නෙමෙයි..නරක කෙනෙක්.. ඒත් මම බිව්වෙ නැත්තං නරක මිනිහා යට ඉන්නේ..බිව්වම උඪ එනවා..මම දවසක් ඔථනින් යද්දි ඔ්‍යාලයි එක්කෙනක් නානව දැක්කා යාන්තමට.. ඉන් පස්සේ මගේ හිතේ යට කොනක තිබුනා සෙට් එකම ඔය ටකරං මඩුවේ.. ඇතුලේ ගුලිවෙලා නිදන කොට මොන වගේ ආතල් එකක් ඇතිද කියලා.

එහමෙ හිතලා දවසක් බීගෙන රෑ ඔතනින් යද්දි තමයි මට පනින්න අයිඩියාව ආවේ.පනින්න කිව්වට රස්නේ නිසා ඔයාල දොර ඇරගෙන හිටියේ..මම ගිහින් බදාගත්තා විතරයි කට්ටිය මට පෙරලගෙන ගැහුව නේ..

ඒවගේ එ්වට සයිකෝ වල කියන නමක් තියෙනවාත් ඇති.. ඒත් ඒක හරිම අහම්බෙනු වුන දෙයක්.. ඉන් පස්සේ මට ගෙදර යාගන්න යාන්තං තුවා කෑල්ලක් වැලකින් ඇදගත්තා.. තුවාය ඇදන් ගෙදර එද්දි‍ මගදි මොකද්ද වුනේ කියන එක තාමත් අපේ වයිෆ් මාව සැක කරන තැනක්..

අනේ මේ ලගදි යාලුවෙක්ට ලොකු ඇබැද්දියක් වෙලා..කුනු කානුවකට වැටුනා..මම ඇදුම් ටික දීල තුවාය ඇදගෙන ආවා.. ඒම කිව්වත්..? යට ඒව පවා? ඇයි ඒ/ හදිසියේ? තමුසේ වෙස්සන්තරද? ඔවුයි ලොකු ලමයිතුත් ඉන්න තාත්ත කෙනෙක් නේ..අනික බීල?

කොහේ හරි බීල ගිහින් තමුසේ වෙන්න ඇති කානුවට වැටෙන්න ඇත්තේ//ගදේ බැරි නිසා තුවායකුත් ඇදන් එන්න ඇති.. මේ තියේනනේ තඩිස්සිත් වෙලා ඔලුවත්.. කියා ඇය ඔලුවේ ඉදිමුනු තැනක්ද බැලුවාය.

ඇයි ඉතිං සර් බිව්වම විතරක් වෙනස් වෙන්නේ? ඇයි බොනකල් හැම දෛයක්ම හංගන් ඉන්නේ?

නිරෝමි ඇසුවාය.. මට එයට පිළිතුරු නැති විය..කවදාක වත් මට එයට පිලිතුරු දෙන්නට හැකියාවක්ද නැති වෙනු ඇත.. මා කරබාගෙන සිටියෙමි..

Thursday, September 1, 2016

මගේ අලුත් පෝ්න එක Mi 4LTE

කලිං පෝන් එක විසික් කරන්නට වුනු හේතු

කලිං තිබුනු Doogee velencia y100 pro කියන චීන 4G ‍ෆෝන් එක බිමවැටිල ඩිස්ප්ලේ එකේ උඩ පොඩි ඉරක් ගියා. ඉන් පස්සේ ඒක දාන්න විදියක් හෙව්වා. ඒ පෝන් එක ගත්තේ ඩොලර් 120කට. ඩිස්ප්ලේ යුනිට් එකම ගන්නෝනි එකට..ඒක විතරක් ඩොලර් 50ක්..ඉතිං දානෙක පාඩුයි කියල හිතුනා..ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් තිබුනා. ඉක්මන්ට බැටරිය බහිනවා..ගහල තිබුනේ 2200mAh කියලා ඒත් ඇත්තම අගය 1800ක් වගේ අගයක්.. ඒ වගේම ඇතුලෙ තිබුන මීඩියාටෙක් ප්‍රොසසර එක බැටරි බොනවා.. සහ ෆෝන් එක විඩක් වෙලාවට ස්ටක් වෙනවා සහ රත් වෙනවා..මේක චීන එකක් චීනෙන්මයි ගෙන්න ගත්තේ..ඒ නිසා ඉතිං මේවා ආයෙම හද හද ඉන්න බෑ.. මං අලුත් එක්ක ගන්නහිතුවා..අරකඅ රං අවුරුද්දක් වත් පාවිච්චි කරන්න බැරිවුනා.. 

අලුත් එක 

පෝන් එක ගන්නවිට සැලකිය යුතු අලුත් කරුණු 

මම පෝන් ගනිද්දි ටිකක් ‍ වෙනස් විදියට හොයා බැලුවා.. දැන් දැන් පෝන් මාකට් එකේ හාඩ්වෙයාර් සොෆ්ට්ටයාර් වෙනස්වෙන්නේ ටිකක් හෙමින්. ඒ කියන්නේ දැනට අවුරුද්දක් දෙකක් පරණ ෆෝන් එකක් ගොඩක් අඩුවට අරගෙන උනත් අපිට වැඩටික ගොඩදාත හැකි..එ් වෙග්ම ‍ ඕනිම පෝන් ජාතියක ඒ ගොල්ලගේ කොඩි නැව් (ෆ්ලැග්ෂිප් ‍) හෙවත් ඒ පෝන් ජාතියේ හොදම පෝන් එකක් තියෙනවා.. සැම්සුන් නම් ඇස් සෙවන් තමයි හොදම එක..ඇපල් නම් අයිපෝන් 6+ හෝ ඒ වගේ එකක් තමයි හොදම.. ඔ්‍ය වගේ හොදම පෝන් ගත්තාම ඒවා යේ ඇතුලේ තියෙන හාඩ්ඩයාර් ප්‍රබලයි.. ඒවයේ කල්පැවැත්ම සහ අදිනබිලිටිය වැඩියි.. 

Mi 4LTE  කියන්නේ මි කියන ලෝ පතල චීන ස්මාට්ෆෝන් වල තියෙන දැනට පවතින මි 5ට කලින් ආපු ෆෝන් එක.. මි බ්‍රෑන්ඩ් ගත්තාම විවිධ ආකාරයේ පෝන් තියෙනවා..එත් දැන් මි ලගේ තියන හොදම පෝන් එක වන මි 5ට කලිං ආපු හොදම පෝන් එක වෙච්චි මි 4 එක හොදයි කියල මට හිතුනා.. ඉතිං ගෙන්නගත්තා.. පෝන් එක අවුරුදු දෙකකට වඩා පරණයි..හැබැයි ඇන්ඩ්‍රොයිඩ් 6 අප්ඩේට් එක දාගන්න පුලුවන් වුනා.. මේ  ෆෝන් එකේ නිමාව ලස්සනයි..ඒ වගේම බැටරියත් හරියටම දවසක් තියෙනවා ඩේටා ඔන්කරලා තිබුනත්.. 

මේ ෆෝන් එක රිලිස් වුනේ ඩොලර් 250කට එහා..නමුත් දැන් ඒක බොහොම අඩුයි ඩොලර් 135කට වගේ තමයි පෝන් එකට වියදම ්වුනේ.. අලි එක්ස්පස් එකේ තාම තියෙනවා බඩු..මේකනම් අධිවේගි තැපැල් ගෙනාපු නිසා කස්ටම් එකට ගිහින් තා රුපියල් 1300ක් දඩත් ගැහුවා.. කන්තෝරුවේ ගිහින් පොඩ්ඩක් වාත වෙන්නත් වුනා..ඒත් සාමාන්‍ය තැපැල් නම් කල්ගියත් අවුලක් නැතුව ගෙදට්ටම එ්වි කියල යාලුවො කිව්වා. 

කලිං වගේ වෙයි කියලා මම ගත්ත ගමන් පෝන් එකේ හොද නරක කියන්න ගියේ නෑ.. ඒත් දැන් නම් පෝන් එක හොදටම හොදයි කියල හිතෙනවා.. අලුත්ම ඇන්ඩයිඩ් වර්සන් එක.. ඉන් පස්සේ සෝක් පොටෝ වදින කැමරාව.. නිමාව ආදිය මේකෙ තියෙන හොද පොයින්ට්.. 

තියෙන නරක තමයි සිංගල් සිම්.. මෙමරි කාඩ් ගහගන්න බැරි එක.. සහ ගිගාබයිට් 16ක ඉන්ටර්නල් මෙමරිය කියන දේවල්.. මේකෙ අලුත්ම ෆින්ගර් පින්ට් සෙන්සර් එකත් නෑ.. කොහොම වුනත් ඩොලර් 135කට මේක‍බොහොම වටිනා බඩුවක්.. 

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...