Wednesday, September 7, 2016

මතක පෙත


ඇය හා මා අතර කිසිදු ගැටුමක් නැත..ගැටුමක් හෝ සංසිද්ධියක් නොමැති නම් කතාවක් නැත. සැබැවින්ම ඇය මගේ කන්තෝරු සහායිකාවයි..දහස් ගනනක් විබාගයට ඉදිරිපත් කොට ..සිය ගනනක් අතරින් ඇය මා හට ඉබේ පහත් වුයේ නැත. මා ඈ ඉන්ටවිව් එකේ සිටිනු දුටුවේය..ඉන් පසු සහායක බුවෙක් ලවා ඇගේ නම අසා දැනගතිමි..ඉන් පසු මා ලග සිටි ලගදී විශ්‍රාම යාමට නියමිත සහායිකාව වෙනුවෙට නව පත්වීමක් ලෙස ඇයව පත් කරගන්නට තීරණය කලේය.

මා ඇය කලින් දන්නා අඳුනන අයෙකු යැයි අනෙක් අය සිතන්නට ඇත. ඇය එතරම්ම ලස්සන එකියක නොවීය.නමුත් ඇගේ ආකර්ශනය්ක නැත්තේම යැයි කිව නොහැක. අනික් අය මොක සිතුවත් මට කමක් නැත කෙසේ හෝ ඇය මට ඉන්ටවිව් කරන්නට ලැබුනේය..

මා මුලදී ඇය ගැන වැඩි විස්තර අහන්නට නොගි‍යේය ඇය මා අදුනාගන්නට ඇත. ඇය පලමුවෙන්ම ඔෆිස් පැමිණි දින මා ඇය කෙටි සම්මුඛ පරීක්ෂණයකට භාජනය කලෙමි.. ඔයා කටුනායක හිටිය නේද?

ඔවු..ඇය ිසර් ඒ පැත්ත දන්නවද? ඇය ඇසුවාය..

පුදුමයි.. ඔයාට මාව මතක නෑ..? ඇත්තටම?

මට සැබැවින්ම එය පුදුමයට කරුණක් විය.. ඇයට මා අමතක වී තිබුනි..

ලොකු දෙයක් නෑ..පෝයකට කලිං දවසක රෑ ඔයාල නැවතිල හිටිය තැනට නින්ජෙක් පැනලා ඉන් පස්සෙ ඔයාල උගේ උගේ කලිසම් කමිස ගලවල යැව්වේ..ආන්න ඒ නින්ජ මමයි..

ඇගේ ඇස් උඩගියේය.. මුහුන හැකිලුනි..එය විස්තර කරන්නට තරම් වූ වෙනසකි.. නමුත් මා සිතාමතාම කිසිදු වෙනසක් නොපෙන්වා සිටියේය..

කමක් නෑ,.කමක් නෑ,. මම හොද මිනිහෙක් නෙමෙයි..ඒ්ත මම හරි ඔෆීසියල් මිනිහෙක්.. ඒ නිසා කිසි දේකට බයවෙන්න එපා.. ම්ම්.. ඔයා වැඩ ටික කරගෙන ඉන්න.. ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.. මම ඔයාව එලියෙදි දැක්ක දැකල මෙතන්ට දාගත්තා..

ඔයාල මහන්සියෙන් ඉගෙන ගත්ත අය..රස්සාත් කරන ගමන් වෙන්න ඇති ඉගෙන ගන්න ඇත්තේ.. මට ඉතිං හිතුනා ඔයා තෝරගන්න..මං නරක මිනිහේක කියල හිතයි..එ්ත් මේ ඔෆිස් එකට මම දැන් අවුරුදු 10කට වැඩියි..ඕනි කෙනෙක්ගෙන් අහන්න මං කුපාඩි ගති තියෙන මිනිහෙක් නම් නෙමෙයි..

පලවෙනි දවසේ ම ඔයාව පුදුම කරන්න හෝ හිත රිදවන්න වීම දුකයි..අනික මම නරියෙක් වුනානං කවදාවත් කුකුලා බය කරන්නේ නෑනෙ පලවෙනි දවසේ.. හිමීට රවට්ට ගන්නවා මිසක..

හරි දැන් වැඩ ටි ක කරන් යන්න...හෙමින් ඉගෙන ගමු. ඕනි දෙයක් අහන්න. කිසි දේකට බයවෙන්න එපා.. ඒත් මම ටිකක් සැරයි..ඒ ගැන වැඩිය හිතන්න එපා..

හා සර්.. ඇය මා කතා කල සමස්ථ කතාවටම පසු එකම එක රිප්ලයි එකක් දුන්නාය.. කාලය ගතවී ඔහේ ඉගිලීගෙන යයි..නමුත් ඉදහිට මට අතීතය මතක් වෙයි.. එවකටද මා දරුවන් සිටි හොද පියෙකි.. හොද සැමියෙකි..

නිරෝමි... නිරෝමි... මා සහායිකාවට කතා කලෙමි.. අපි අද මීටින් එකකට යන්න ඕනි හෙඩ් ඔෆිස් .. ඔයා මා එක්ක එනවද? නැත්තං මං ගිහින් කාර් එක ඔයාට එවන්නද?

ඔප්ෂන් දෙකක් දුන්නේ ආයෙ දෙවතාවක් හිතන්න දෙයක් නෑනෙ ඒකයි..

ඕන එකක් සර්.. ඇය පිළිතුරු දුනි..

හරි එහෙනං මං එක්ක යං.. මගේ කාර් එකේම යමු.. මා පැන්නේය..

ඇය පසුපස අසුනේ ඉදගත් විට මා බොස්ලෙස ඇගේ රියදුරු ලෙස කටයුතු කරන අයුරු පෙනේ..නමුත් එය මටද ඇයටද ගැටලුවක් නොවීය..

මද වේලාවක් නිහඩබව රජ කරන්නටත් කාර් රථය ඉදිරියට ඇදෙන්නටත් විය..

සර් ඇයි මේ තරං හොඳ ජීවිතයක් ගෙනියද්දිත් අර වගෙ කැත වැඩක් කලේ.. අපි ගොඩක් බයවුනා පස්සෙත්.. සර් ගේ කලිසම ගලවල නූල්‍පොටක් නැතුව පලයං කියල ඇරියට වීරයෝ වගේ.. ඉන් පස්සේ අපිට හිතාගන්න බැරිවුනා මොකද්ද ඒ කලේ කියලා..

පස්සේ අපිට තේරුනා වැඩේ බරපතල කම..අපි ඊලග දවසෙම වෙන වෙන බෝඩිම් වලට මාරු වුනා.. ඉන් පස්සේ අපි එක එක්කෙනා දුරස් වුනා මිසක එක වතාවක් වත් හමු වුනෙත් නෑ කාන්ඩයම.

සාමාන්‍යයෙන් ඔහොම වුනාම මිනිස්සු නයා පොළඟ වගේ..පලිගන්නවා.. අපි හිතුවෙම එක එක්කෙනාගෙන් හරි සර් පලිගනී කියල.. නමුත් එහෙම වුනේ නැති එකම සිද්දිය වෙන්න ඇති ඕක..කට්ටිය කිව්ව පොලිසි යමුත් කියලා.. ඒත් පොලිසියට ගියාම තව කරදර.. ඊට වැඩිය ලේසියි උන්න තැන මාරුකරන එක.. ඒ නිසා අපි මාරු කලා..

ඇය කියවන්නට පටන් ගත්තේය..

නිරෝමි.. මං හොද මිනිහෙක් නෙමෙයි..නරක කෙනෙක්.. ඒත් මම බිව්වෙ නැත්තං නරක මිනිහා යට ඉන්නේ..බිව්වම උඪ එනවා..මම දවසක් ඔථනින් යද්දි ඔ්‍යාලයි එක්කෙනක් නානව දැක්කා යාන්තමට.. ඉන් පස්සේ මගේ හිතේ යට කොනක තිබුනා සෙට් එකම ඔය ටකරං මඩුවේ.. ඇතුලේ ගුලිවෙලා නිදන කොට මොන වගේ ආතල් එකක් ඇතිද කියලා.

එහමෙ හිතලා දවසක් බීගෙන රෑ ඔතනින් යද්දි තමයි මට පනින්න අයිඩියාව ආවේ.පනින්න කිව්වට රස්නේ නිසා ඔයාල දොර ඇරගෙන හිටියේ..මම ගිහින් බදාගත්තා විතරයි කට්ටිය මට පෙරලගෙන ගැහුව නේ..

ඒවගේ එ්වට සයිකෝ වල කියන නමක් තියෙනවාත් ඇති.. ඒත් ඒක හරිම අහම්බෙනු වුන දෙයක්.. ඉන් පස්සේ මට ගෙදර යාගන්න යාන්තං තුවා කෑල්ලක් වැලකින් ඇදගත්තා.. තුවාය ඇදන් ගෙදර එද්දි‍ මගදි මොකද්ද වුනේ කියන එක තාමත් අපේ වයිෆ් මාව සැක කරන තැනක්..

අනේ මේ ලගදි යාලුවෙක්ට ලොකු ඇබැද්දියක් වෙලා..කුනු කානුවකට වැටුනා..මම ඇදුම් ටික දීල තුවාය ඇදගෙන ආවා.. ඒම කිව්වත්..? යට ඒව පවා? ඇයි ඒ/ හදිසියේ? තමුසේ වෙස්සන්තරද? ඔවුයි ලොකු ලමයිතුත් ඉන්න තාත්ත කෙනෙක් නේ..අනික බීල?

කොහේ හරි බීල ගිහින් තමුසේ වෙන්න ඇති කානුවට වැටෙන්න ඇත්තේ//ගදේ බැරි නිසා තුවායකුත් ඇදන් එන්න ඇති.. මේ තියේනනේ තඩිස්සිත් වෙලා ඔලුවත්.. කියා ඇය ඔලුවේ ඉදිමුනු තැනක්ද බැලුවාය.

ඇයි ඉතිං සර් බිව්වම විතරක් වෙනස් වෙන්නේ? ඇයි බොනකල් හැම දෛයක්ම හංගන් ඉන්නේ?

නිරෝමි ඇසුවාය.. මට එයට පිළිතුරු නැති විය..කවදාක වත් මට එයට පිලිතුරු දෙන්නට හැකියාවක්ද නැති වෙනු ඇත.. මා කරබාගෙන සිටියෙමි..

12 comments:

  1. හෑ මේ මොකද්ද?? හෙහ් හෙහ් නියමයි

    ReplyDelete
  2. Replies
    1. :-DD
      //කොහේ හරි බීල ගිහින් තමුසේ වෙන්න ඇති කානුවට වැටෙන්න ඇත්තේ//

      Delete
  3. මාත් අද බීලා ඉන්නේ. බිව්වම ඉස්සර මං හොදයි. හෙන මීටරෙන් හිටියේ. දැන් ඒත් මං අවුල්.

    මං ආදරෙයි ඒකිට. ඒත් අපි වෙන් උනා. දෙන්නට දෙන්නා ආදරෙයි තාමත්. ඒකි මගේ පස්සෙන් එද්දී මං බනිනවා. ඒකි දැන් විශේෂඥය වෛද්‍යවරියක්. ඒකි දැන් හරියට රස්සාව කරන්නෙත් නෑ. මගේ ගැන හිතනවා හැම වෙලේම. මාත් එහෙමයි. ඒත් ඒකි කතා කරාම මං බනිනවා. ඊයෙත් බැන්නා.

    මං බොනවා හැමදාම.
    බීලා බීලා මේ කෙහෙම්මල් ලෝකෙන් යන්න ඕනි මට ඉක්මනට.

    බියර්... මගේ හිත සැහැල්ලු වෙනවා. උබත් නැත්තං මං මැරිලා හුගක් කල්.
    දැන් මං බොන්නේ මැරෙන්න. හැබැයි බීම නැත්තං මං මැරිලා හුගක් කල්.. ඔව්. උබට තේරෙන්නේ නෑ බං මෙව්වා.

    ReplyDelete
    Replies
    1. //දැන් මං බොන්නේ මැරෙන්න. හැබැයි බීම නැත්තං මං මැරිලා හුගක් කල්//

      සිරා. නරකද මේකත් බ්ලොග් පෝස්ට් එකක් විදියට හදල සම්පූර්ණ කතාවක් ලිව්ව නං :)

      Delete
    2. //බීලා බීලා මේ කෙහෙම්මල් ලෝකෙන් යන්න ඕනි මට ඉක්මනට.//

      බියර් බීලානම් ලෝකෙන් ඉක්මනට යන්න බැරිවෙයි. ප්ය සයනයිඩ්, පොලිඩෝල්, ආසනික්, අත්තන ඇට , ධාවනය වන දුම් රියකට පැණීමෙන් ආදියෙන්නම් ඉක්මනට යන්න පුළුවන් කියා අසා තිබෙනවා.

      Delete
    3. බියර් ‍බීල බෑ නෙ දුක අමතක කරන්න..කොච්චර බොන්න ඕනිද/ අඩුතරමේ පොල් අරක්කු ටිකක් වත් බොනව නම් හොදයි..

      Delete
    4. ලයන් ලාගර් දෙසැම්බර්වත් එයිද?

      Delete
  4. මිනිස්සු බිව්වාම එක එක ආතල් ගන්නෙ. සමහරු අඬනවා, සමහරු සින්දු කියනවා, සමහරු පරණ යාලුවන්ට කෝල් කරනව, සමහරු ගෑණු පස්සෙ යනව, සමහරු ගහගන්නවා, වලි දාගන්නවා, සමහරු දාර්ශනික ටෝක්ස් දෙනව, සමහරු කඩ්ඩෙන් කතා කරනව..

    ඒ වගේ මේක මේ මනුස්සයාගෙ ආතල් එක වෙන්න ඇති :)

    ReplyDelete
  5. කතාව නියමයි මචං...

    ReplyDelete
  6. කතාව හොඳයි. ටිකක මනෝ විශ්ලේෂණ පාරක් දෙන්න පුළුවන් වගේ. බිව්වහම නියම ගති ඉස්මතු වෙන කෙනෙක්. එතකන් හංගගෙන හිතේ යට කරගෙන ඉන්නවා වගේ.
    අර මම නොගියේය ඒවා හෙම මම නොගියෙමි කියල ලියන එකත් හොඳයි නේද?

    ReplyDelete