Tuesday, October 11, 2016

බුද්ධි ගලන්නේ ඇයි

බුද්ධි ගලනය කියන්නේ ලංකාව වගේ දියුනු වෙන්නේ නැති රටකට හොද දෙයක් නෙමෙයි. පේනාකාරයට වෙන්නේ මෙහේ වටිනා ඔලු ටික එහේ යන එක..නමුත් දෘස්සමානේට වඩා ඇත්ත ටිකක් වෙනස්.. හිතන්න අර නාසා එකේ ඉන්න ගුණපාල මහත්තයා. එයා මෙහෙ හිටියනං මොකෝ වෙන්නේ? මෙහේ එයාට යන්න පුලුවන් තැන මොකද්ද? මම හිතන්නේ එයා මෙහෙ කන්තොරුවක හිටියනං ගොන් මිනිස්ටරයගේ බයිල අහන්න වෙනවා.. ඉගැන්නුවා නම් සාම්ප්‍රදායික විදියට ගේදොර ඉඩකඩම් හරකබාන ගැන හිතමින් මහන්සිවෙමින් ඉගෙනගන්න අපේ සිස්සයන්ට උගන්වන් වෙනවා.. 


ඇටේ වැටීමේ සංකල්පය 

ඇටේ වැටෙනවා කිව්වේ අර එලුවාගේ ඇටේ වැටීම නෙමෙයි. අපි හිතමු දැන් ඔන්න අපි හිලක් තියෙන පෝර උරයක ඇට ගොඩක් දාගෙන යනෝ..එකේක තැන් වල ඇට වැටෙනෝ..ඔය ඇටවලින් වඩාත්ම සාර්ථකව ගහක් හැදෙන්නේ කොතන වැටුනු ඇටේද? ඒක ඉතිං ඇටේ අනුවත් වැටුනු තැන අනුවත් තීරණය වෙන දෙයක්.. ඔන්න රට ඉදි ඇටයක් මෙහෙ කොහෙ වැටුනත් වැඩක්ද? ණෑනෙව..ඒක වැටෙන්න ඕනි කාන්තාරේ ක්ෂේම භූමියක. අපේ රටේ වැවෙන බෝගයක් නම් හොදට වතුර තියෙන හිරු එලිය ටිකක් විතර වැටෙන සාරවත් පසකට වැටුනොත් එතන සරුසාර ගහක් ඒවි.. එහෙම නැතුව නිකාංම පාරෙ ඇට වැටුනොත් මොකෝ වෙන්නේ?එ ්ව පැලවෙයියැ? ණෑනෙව.. 

ඒ වගේ තමයි බැලූ බැල්මට අපිට පේනෝ රට ගිය සමහර අය මහ විසාල තනතුරු වල ඉන්නෝ. ඒ ඉන්නේ ඒ අය තමුන්ට සුදුසු තැනට වාසනාව සොයාගෙන ගිය නිසා..ඒ ගොල්ල ලංකාවේ හිටියනං ඔය වගේ තැනකට යන්න තියා හිතන්නවත් බෑනෙ. ඉතිං අවසානේ බැලුවාම අපි අර ආච්චී වැඩිවියට පත් වීමට පෙර මලානම් කොහොමද කියලා හිතනවා වගේ ගොබ්බ විදියට හිතනවා.. අර ගොල්ලා රට ගියේ නැතුව මෙහේ හිටියනං කොච්චර ලස්සන රටක් වේද ලංකාව කියලා..ඒක නිකං හරියට අර ෆේස්බුක් එකේ සිංහල නමක් තියෙන බුවා චමත් පලහපිටිය ලොක්කා මෙහේ හිටියනං අපිට වෙනම පේස්බුක් එකක් තිබිලා ලෝකේ අල්ලලා සල්ලි හම්බකරන්න පුලුවන් වෙයි කියල හිතනෝ වගේ වැඩක් නෙව.. 


ඇට අත ගෑමේ සංකල්පය

මම වැඩකරන කන්තොරුවේ කොන්ත්‍රාක් පදනම මත සේවකයෙක්..දැන් ඉතිං ඔන්න ආන්ඩු පෙරලිලා ස්ථීර කොරන තැනටත් ආවා රස්සාවේ.. දැන් කට්ටිය දඩි බිඩි ගාල ගිහින් සහතික හොයනෝ ලොක්කෝ හම්බ වෙනෝ ස්තිර වෙන්න බලනෝ..අවසානේ නියම සුදුස්සෝ වගේම කිහිපය්ක ඇට අතගාන පිරිසකුත් ඇතුලට යනෝ.. යම්කිසි මට්ටමකට ඇට අතගෑම හැකියාවක් විදියටත් තියෙන්නත් ඕනි..ඒත් නිරන්තරයෙන් සෑම දේකටම ඕක කරන්න වෙන එක නම් බෝරින් වැඩක්.. ඉතිං ඕ හේතුව නිසාම ඇට අතගාන තරගයේ හැමදාම යෙදෙන පිරිසකට ඒක කරගන්න ඇරලා අනික් අය පාඩුවේ වැඩ කරනවා.. ඔයාලත් ආන්ඩුවේ කන්තෝරුවකට හෝ ඒ ආසන්න තැනක ඉන්නෝ නම් ඔය ඇට පසුපස නිතර දුවන අය සහ අහසින් ඇටයක් වැටුනත් ගනන් ගන් නැතුව පාඩුවේ වැඩ කරගෙන ඉන්න අය දෙපිරිසක් දකින්නට හැකියාව ලැබෙනෝ ඇති. 

ලංකාවේ කන්තෝරුවක ස්ථිරවීම, ස්ථාවරවීම, උසස්වීම වගේ ගොඩක් දේවලදි ඇට අතගෑමේ මනා කුශලතාවයක් තිබෙන්නට ඕනි. එසේ නැති අවස්ථා තිබෙන්නට පුලුවනි. නමුත් ඉතාම කලාතුරකින් තමිය එහෙම අවස්ථා ලැබෙන්නේ. ඇතැම්විට ලෝක මට්ටමේ සුදුසුකම් තියෙන දක්ෂයින් හිටියත් ඇමතිතුමාගේ මන්තිරිගේ නිලධාරින්ගේ ඇට හරියට අතගාගන් ලැබුනේ නැතිනම් මිිනිහට ඉස්සරහට යන්න ලැබෙන් නෑ.. නමුත් නවසීලන්තේ, ඔසී,අමරිකා, යුරෝප විතරක් නෙමෙයි ඇතැම් විට මැදපෙරදිග පවා රක්ෂාවකට ගියා ට පස්සේ නිසි අයුරින් රක්ෂාව කරනෝ නම් සහ දක්ෂ විදියට වැඩේ වෙනවා නම් ඒ කොම්පැනි කාරයෝ සලකනවා.. 

එතනදි ත් ලාක්කෝ සමග ලොකු කේස් දැම්මොත් කැපී යාමේ අවධානමක් තිබුනත් මම හිතන්නේ ලංකාවෙදි වගේ සෑම දේකට නිරන්තරයෙන්  ඇට අතගාන්න වෙන්නේ නැතුව ඇති ඒ රටෝලදි රස්සාව කරනකොට.. 

ඇට ගණන් කිරීමේ සංකල්පය 

ඇට ගනන් කරන්නේ කාලේ කන්න..එක එක භාවනා ක්‍රම වලදී හෝ ආගමික වැඩ වලදී මාලෙක ඇට ගනින්න තියෙනවා නේ.. ලංකාවේ දි ඇතැම් වෘත්තිකයින්ට ලක්ෂණ තනතුරු නාමයක් ලැබෙනවා..හැබැයි වැඩකරන්න සුදුසු වටපිටාවක් නැහැ.. ඒ නිසා එයාලටත් අර බමුණන්ට වගේ ඇට ගනන් කරමින් කාලය කන්න තමයි සිද්ද වෙන්නේ.. 

විශාල වැඩකොටසක් කරන්න හැකියාව තියෙද්දී විවිධාකාර සාධක නිසා වැඩ කල්යෑම මෙහේදි සාමාන්‍යයයි. ඉතිං ඒ විදියට කල් ගියාම වෙන්නේ ඇට ගන්න කර කර ඉන්න එක විතරයි...ඊට වැඩිය හොදයි සුද්දට පැට්‍රෝල් ගහන්න හරි රට යන එක කියලා මහෛ් බුද්ධිමතුන්ට හිතෙන එකේ මහ විසාල අවුලක් නම් නෑ. 

මේ බුද්ධිගලනේ වගේ ටොපික් එකක් ලැබුනොත් කස්ටිය උඩ පැන පැන ලියනවා ලංකාවෙ ඉන්න දක්සයෝ ලංකාවෙන් රට ගිහිපු නිසා වෙච්චි පාඩුව ගැන..ඒත් ලංකාවෙම දැනට ඉන්න බුවාලගෙන් කී සීයක් ඉන්නවා ඇතිද නියමිත වටපිටාවක් නැති නිසා වැඩක් කොරගන්න බැරුව හිරවෙලා..ආන්න ඒ අයට මුලින් සලකලා පස්සේ ඈත ඉන්න මාලු අල්ලගන්න අපේ අය හිතනෝ නම් හොදයි.. 

 පහුගිය දවසක ඉංගිරිසි එන්ටරන්ස් විබාගෙකදි මට ලියන්න තිබුනා රචන කෑල්ලක් බුද්ධි ගලනේ..ගැන.. ඉතිං එතනදි කල්පනා වුන ටිකක් නිකං ලියල දැම්මා.. ස්තූතියි.. 

3 comments:

  1. ඔය කියන බටහිර රටවලත් ආසියානු ජාතිකයන් ලොකු පුටුවල ඉන්න තැනත් ලංකාවේ කන්තෝරු අතරත් වෙනසක් නැහැ. හැබැයි ඉතින් තමන්ට අදාල වැඩේ විතරක් කරලා අනුන්ගෙ සීනි කිරන්නෙ නැතිව ඉන්නවනම් බටහිර රටවල තියෙන රැකියාවේ නිදහස කොහෙවත් නෑ. කාගෙවත් ඇට අතගාන්ට ඕනිත් නෑ අපෙ ඇටදෙක කාටවත් කියල මිරිකගන්න ඕනිත් නෑ හිටං 🤓

    ReplyDelete
  2. හෙක් හෙක් ඇට අතගෑම....ඇට මිරිකීම කොහොමද

    ReplyDelete