Monday, December 19, 2016

ඔක්ක‍ොම මටම තමයි

අපේ සමාජේ ජීවත් වෙන ගොඩහරියක් හිතං ඉන්නේ අනික් මිනිස්සු ලගපාත ඈයෝ තමුන්ට වින කරන්න ඉන්නවාය කියලා. රෑට යන ටෙලිනාට්ටි දෙබස් එහෙම අහන් ඉද්දි මට හිතෙනවා මිනිස්සු කොයි තරං ආසද තමුන්ට හතු‍රෝ ඉන්නවාය කියලා සතුටුවෙන්න තියනවනම්.. 

මේක අපේ අාසියානු ගතියක්ද එහෙම නැත්තං යටත් විජිත ගතියක්ද දන්නේ නෑ.සන්නිවේදනය ගොඩාක් දියුනු මේ කාලෙදිත් මිනිස්සු සෙයා කරන දේවල්.. කියන දේවල් එක්ක බැලුවාම හිතෙන්නේ මිනිස්සු නිතරම සතුරා කියන චරිතය විශ්වාස කරනවා..ඉරිසියාකාරයෙක්. වින කාරයෙක්, කරදරකාරයෙක්, හෝ මොකෙක් හෝ වෙලා අපේ සතුරා අපේ ජීවිතයට බලපෑම් කරනවා..

හැමෝම සතුරන්ගේ අකටුයුතු කම් වලට අහ‍ුවෙලා දැඩි පීඩා විදිනවා කියලයි කතාබහින් සහ අදහස් වලින් පේන්න‍ේ..ඒත් හොදට අහල බැලුවොත් කවුරුත් පිලිගන්නේ නැහැ තමුන් හතුරුකම ්කරනවාය කියලා..ඒ කියන්නේ සතුරුකමට ලක්වෙන මිනිස්සු ඕනි තරං..ඒත් හතුරකං කරන මිනිස්සු? උන් ඔහෙ බේතකටවත් සොයාගන්න නැහැ.. 

අපිට මොනාහරි වැඩක් කරගන්න ඕනි උනාම තනියම කරනවාට වඩා ලේසියි කන්ඩායමක් අටෝ ගන්න එක. ඒත් ඒකෙදි අපිට තේරෙනවා දේවල් සැනෙන් සෙනිකව විවේචනය කරන්න දක්ස අය හිටියාට දෙයක් කරන්න ගියාම ඒක කරගන්න හැකියාව හැමෝටම නැහැ.. ඉන් පස්සේ මම වගේ නම් සාමාන්‍යයෙන් අමුවෙන්ම කෙලලා අරිනවා..අපේ මෙන්න මේ වැරදි මේ වගේ තැන්වල තියෙනව.අපිට ඒව හදාගන්න තියෙනවා කියලා.. ඇත්තටම බොහෝවිට එහෙම කරන්නේ තියෙන යෝජනාත් එක්කම..අතැම් විට කල යුතු දේද සහිතව.. ඒත් ඕක අර හැමදාම හතුරන් එනතෙක් බලන් ඉන්න සැට් එකට පේන්නේ..ආන්න බුවා..බාල්දියා..ඕක හදන්නේ මේක නැත්කරන්න .. කියලා.. 

ඉතිං ඔහොම වක්කඩ කැඩුවා වගේ පොයින්ට් එක්ක කිව්වාම ඊලගට මොකෝ වෙන්නේ..වෙනද දත් 9කින් විතර හිනාඋනු නංගි ඉන් පස්සේ හිනාවෙන්නේ දත් 4කින් වගේ.. වෙනදා ඉතාම හොදට මුනු බලල කතාකරපු උන් කතාකරන්නේ අත පය වලට නැත්තං උරහිස හරියට.. මම හිතන්නේ එයාලගේ සංගමේ සතුරරෙක් එයාලට හමු‍වෙලා ඒ තමයි මම.. 

මගේ ලොකු කම කියන්න මම ලියනවා වෙන්න ුපුලුවන්..ඒත් ඕනිම දෙයක් තැන නොතැන නොබලා විවේචනය කිරීම නිසාම මට බොහෝ තැන්වලදි හතුරෙක් බවට පත්වෙන්න ලේසියෙන්ම අවස්ථාව ලැබුනා.. බොහෝ අය වැඩකට සංවිධානය වුනාම වැඩේ ගැන ගොඩාරියක් කතා කරනවා ඒත් මොකුත් කරන්නේ නෑ.. ඔහේ සිද්ද වෙනකල් ඉන්නවා..ඉන් පස්සේ අපි වැරදි පෙන්වාල දෙනකොට එයාල ඒක තමුනගේ ඔලුවට දාගෙන පුද්ගලයාගේ රූපය පමණක් ලොකුවට ගන්නවා.. 

ස්කෝලේ කාලේ අපි පොඩි පොඩි සෙල්ලම් කලාට
*  කන්ඩායමක් විදියට නියමිත වැඩකොටහක් සහිතව 
* සාකච්චා කරල පස්න විසදගෙන 
* එකිනෙකාගේ අදහස් වලට ගරු කරමින්
සංවිධානය වෙලා වැඩ කරනවා අඩුයි.. කැම්පස් වලදිත් දේවාලකරණයට වෙච්චි අවකාශ තුල කලින්ම තීරණය කරගත් දෙවිවරුන් නිරන්තරයෙන් රගන්න ගත්තාම අනික් අය අතවැසියන් වෙලා උන්ට බනිනවා ..නැත්තං උන්ව වන වන පස්සෙන් යනවා.. 

ඉතිං වැඩක් කරන්න ඕනි වුනාම 
* සංවිධානයක් හදාගැනීම..
* නිල තල බෙදාගැනීම සහ වගකීම් ඉටු කිරීම, 
* කාල රාමුවක් සහ න්‍යාය පත්‍රයක් සකසා ගැනීම.
* එකිනෙකා වැඩේ කොටස් කර බෙදාගැනීම.
* කාල රාමුවට අනුව වැඩය දියත් කිරීම,
* පැමිණෙන බාධක ගැන සාකච්චා කොට තීරණ ගැනීම 

වගේ දේවල් අපි ඉගෙනගන්නේම නෑ..ඉන් පස්සේ සමාජේට ගිහින්..අර තරුණ මදේට, පේස්බුක් ගිහින් මොකෝ කරන්නේ හැමදේම විවේචනය කරනවා..ඒත් ඇත්තටම දැන් ඔය බේස්පුක් එකෙන් මතුවෙන එක එක ඩෑල් ඉන්නවා නේ මේ අපිවගේ දේසපාලනය විවේචනය කරන..සහ මතවාද ගේන..ඇත්තටම ඒ අයට දුන්නොත් පොඩිම පොඩි දෙයක් සංවිධානය කරගන්න..මිනිස්සු එක්ක වැඩකරන්න.. වැඩක් ප්ලෑන් කරන්න.. වැඩිය ඕනි නෑ අවුරුදු උත්සවයක්..මියුසිකල් සෝ එකක්..ශ්‍රමදායනයක් වගේ එකක්.. ගොඩක් රගපාන අයගේ සැබෑ නිරුවත ආන්න ඒ තැන්වලදි එලියට එනවා.. 

මම හිතන්නේ ලංකාවේ ඉන්න ක්‍රමයට විරෝධතා දක්වන බොහේ විවේචකයින් ඔවුන්ට බලය ලැබෙන අවස්ථාවලදී 80%කට වඩා ඒ තැන්වලදී අසාර්ථකයි.. ඔවුන්ට පවතින ක්‍රමයට විරෝධයක් පවතින්නේ අර ඉහලින් කිව්ව සතුරකු ඇතිකරගැනීම..පොදු සතුරෙක් වීම නිසා පිරිසට එකතුව පහරදෙන්නට හැකිවීම වැනි කාරණා කිහිපියක් පදනම් කරගෙන විතරයි..එයින් එපිට..යම්කිසි ගැටළුවකට බලපාන සියලු කරුණු එකතුකරගෙන එම ගැටලුව විසදගන්න කියලා බලය දුන්නත්..ගොඩක් අයට ඒක කරගන්න බෑ. 

මේ බැරියාව කියන එක එක රැයෙන් බනකින් හරි මෝටිවේසන් ලෙක්චර් එකකින් ගොඩ දාන්න බෑ.මිනිස්සු එක්ක ගනුදෙනු කිරීම, තීරණ ගැනීම, කාලසටහනකට වැඩ කිරීම. අන්‍ය මත ඉවසීම අපි කුඩාකල සිටම දියුනු කරගන්නෝ නම් වටිනවා..නැත්තං හැමදාම බැනලා බැනලා එක දවසක බලය බනින අයට ලැබුනාම..ඒ අය කලිං හිටපු හොරුන්ටත් අන්ත තත්වයට පත් වෙනවා.. 

අවසාන වසේන් මට කියන්නට ඕනි වෙන්නේ සතුරෙක් කියන්නේ අපි ආස කරන දෙයක්..සතුරෙක් නැහැය කියලා හිතලා වැඩකරන්න පුලුවන් නම් සෝක්..ඒකට සුට්ටක් අපි හිතන විදිය වෙනස් කරගන්න වෙයි..ඒත් කරගත්තට පාඩු නෑ..නොපෙනෙන නොපවතින සදාකාලික සතුරන්ට මුලු ජීවිත කාලේම වෛර කරනවාට වඩා හැමෝ එක්කම හිනාවෙලා සතුටුවෙලා ඉන්න පුලුවන් නම් ඒකම මැදැයි ජීවිතේට.. 

7 comments:

  1. සම්පූර්ණ ඇත්ත. හැබැයි අපේ පරම්පරාගත හෙළ සිරිත් නැතිකරන්න අවුරුදු 450ක් ලංකාවේ හිටපු නානාප්‍රකාර සුද්දන්ටත් බැරි උන එකේ, මොනවා කරන්නද කියලා මටත් තේරෙන්නේ නැහැ.

    ReplyDelete
  2. අමිල... මේ හැමදේම හදන්න පුලුවන් තමන්ටමයි. අනිත් අය අය ගැන හිතන්න එපා. ඒක වැඩක් ඇති වැඩක් නෙමේ....

    ReplyDelete
  3. මේකත් හීන දකින්න ඇති කැමැත්තට සමාන දෙයක් වගේ. හැබැයි මනෝමය සතුරෙක් ඉන්න එකෙත් වාසි තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මනෝමය සතුරෙක් ඉඳීම හරියට කැරට් අලේ බලාගෙන දුර ගමනක් යන අස්සයෙක්( බුරුවෙක්?) වගේ නේද? එය වෙහෙසකරයි. ඒ වගේම මායාකාරියි. මිත්‍යා විස්වාස පෝෂණය කරන්නේ ඒ මානසික තත්වය නේද?

      Delete
    2. එහෙනම් අපි කියපු මනෝමය තරඟකාරයෙක් කියලා

      Delete
    3. මෝටිවේෂන් එකකට තරඟයක් 'තියෙන්නම' ඕනෙද? මම හිතන්නේ නම් ඒ දෙක වෙනයි. ඕනේ නම් පටලවාගත හැකියි.

      Delete
  4. ගොඩක් වෙලාවට තමන්ගේ සතුරා තමන්මයි. එය නොපෙනීම තමයි ප්‍රශ්නේ. මටත් මාව සතුරෙක් උන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල්වලදී මට ඒ බව හඳුනාගන්න ලැබුන එක ගැන හරිම සතුටක් දැනෙනවා දැන් නම්

    ReplyDelete