Thursday, March 31, 2016

මා ලංකාවේ ටුවරිසම් ඇමති වුනොත් 1

බොහෝදෙනා ටුවරිසම් කිව්වාම හිතන්නෙ ඉස්සර කාලෙ වගේ මහා පරිමාණ සුද්දො ගැන. ඇත්තටම ඒ ගැන හිතුවොත් මහා පරිමාණ තරු හෝටල් අයිතිකාරයො කවුද? ඒවා අයිති එක්කෝ බහුජාතික සමාගම් වලට නැත්තං ලංකාවෙම විසාල සල්ලිකාරයින්ට.. ඉතිං ඒ හෝටල් වලට සුද්දො ගියාය කියලා අපිට ආර්ථිකමය වාසිය ලැබෙන්නෙ ඒවායේ සොච්චං වැටුපට වැඩකරන සේවකයින්ගෙන් විතරයි.. මේක හරියට අර ගාමන්ට් වගේ නූලුයි රෙදියි ඩිසයින් එකයි ඔක්කොම රටින් එනවා..අපිට තියෙන්නෙ මහලා යවන එක විතරයි..ඒකට ලැබෙන තුට්ටු දෙක විතරයි ඉතුරු..

මහා හොටල් ටුවරිසම් ටිකක් ඒ වගේ..ලොකුවට තිබුනාට සුද්දො ගේන සල්ලි ආයෙම කැරකෙන්නෙ උඩම ලැවල් එකක විතරයි.. එතනින් පහලට එන්නෙ ගාමන්ට් වල ජංගි මහලා සල්ලි හොයනවා වගේ පහල ලේයර වල වැඩකරන සේවකයින්ට ලැබෙන ගතමනාවක් විතරයි..

නමුත් ලංකාවට බහින අයිල සුද්දෙක් අපේ බස් එකක ගියාම කොන්ද බබාට වැඩිපුර ගානක් තට්ටු වෙනවා..ඌ පාරෙ තැඹිලි කාරයගෙන් තැඹිලි ගෙඩියක් බිව්වත් ඒක ඒ මිනිහට නෙව..කොත්තු කඩේකින් කොත්තු කාල අපේ පහල ලේයර් එක එක්කම ජීවත්වෙලා යන බැක්පැකින් අයිල සුද්දන් අපේ රටේ දුප්පත් මනුස්සයින්ට විසාල සුද්දන්ට වැඩිය වැදගත් වෙනවා.. හන්දියේ වීල්කාරයට පවා ඔය මලු බැදන් යන බැක්පැකින් සුද්දෝ එන එක ටිකක් හොද කලක් යන්නට හේතුවෙනවා.

අරුගම්බේ , මිරිස්ස, ඇල්ල වගේ පැති වල මේ බැක්පැකින් සෙට් දැන් බහිනවා..ඒ නිසා ඒ පැත්තෙ දැන් මිනිස්සු ගෙවල් වල කාමර කුලියට දෙනවා..කොටින්ම ඒ පැතිවල සතිපොලවල් පවා සුද්දො ඇවිදිනවා..මේක ටිකක් අවුල් සහගත සහ අඩු ආදායම් හිගන වැඩක් කියලා කෙනෙක්ට පේනවා ඇති.. නමුත් මම නම් හිතන්නෙ මේ සුද්දො ප්‍රමාණය වැඩිවීමත් එක්ක උන් අතර ටිකක් වියදමට කැමති උන් ඉදිවි.. ඒ මින්ස්සුන්ට ඒ ෂී කාමර ඕනි වෙයි.. සැප ඕනි වෙයි.. ඒ අනුව අලුතින් ඒ සංචාරක සේවාවන් දියුනු වේවි. ඒ විදියෙ සංචාරකයො ප්‍රමාණය වැඩිවෙනකොට ඉල්ලුම වැඩියි..එතකොට ඉතිං අපේ උන්දැලා තව තව මොනා හරි පෙන්වලා විකුනලා කීයක් හරි වැඩියෙන් ගරන්න ඉඩකඩ හදාගනීවි.

උදාහරණ විදියට ලංකාවෙන් ඉන්දියාවට ඇදෙන අපේ ආච්චිල සීයලාගේ දඹදිව ගමනින් ඉන්දියාවට ලැබෙන ඇත්තම සල්ලිය බොහොම ටිකයි.. නමුත් ලංකාවෙන් ඉන්දියාවට ඇදෙන ඒ මහා දඹදිව නඩ කියන්නෙ ඉන්දියාවෙ ඒ දුප්පත් ගම්මාන වලට විශේෂ ආදායම් මාර්ගයක්. ඒ නිසා අපේ දඹදිව නඩ වලට පහර දෙන අවස්ථාවන්වලදී ඇතැම් විට මධ්‍යම රජය පවා මැදිහත් වෙලා ඒවා නවත්වන්න කටයුතු කරනවා. ඒ වගේම මුල් කාලවල දූවිලි කාගෙන බස් වල කෝච්චි වල ගිය අපේ නඩ දැන් යන්නෙ බොහොම සැප බස් වල හීතලත් ඔන් කරගෙනමයි.. එතකොට ඒ විදියට දියුනු වෙන්න වෙන්න ඒ වැඩියෙන් වියදං වෙන සල්ලිත් අර රටටම නෙව ඇදෙන්නෙ.

නමුත් අපේ රජය හැමදාම හදන්නෙ ලොකු මෝරු අල්ලන්න. ඒකෙත් ඉතිං ගැන්මක් නැත්තෙ නෑ..හැබැයි සැප ටුවරිසම් කියද්දිම මේ රීජන් එකේ ස්ථාන ගනනාවක් අපිට මතක් වෙනවා.. මේ කලාපයේ අග්නිදිග ආසියා රටවල් බොහොමයකත් තියෙන්නෙ මෙහෙ දේසගුණය සහ පරිසර තත්වයන්ම තමයි. ඒ රටවල ඇතැම් තැන්වල මෙහෙට වඩා සංචාරක කර්මාන්තය බොහොම දියුනුයි. මාලදිවයින සැප ටුවරිසම් වල ලොකුම මෝරෙක්.. අපිට සැප ටුවරිසම් මාකට් කල හැකි වුනත් ඒ එක්තරා ප්‍රමානයකට විතරයි.. ඒත් හිගන ටුවරිසම් කියන්නෙ හරියට ගොඩදාගත්තොත් ලොකු ඉල්ලමක්.. 


ලංකාවේ ටුවරිසම් වෙබ් සයිට් එක අලුතින් හැදීම

ලංකාවෙ ටුවරිසම් වෙබ් එක පොඩියි. ඒකට තව කෑලි එකතුවෙන්නට ඕනි..ප්‍රධාන වශයෙන් ටුවරිස්ට් ලා ලංකාවට එන හේතු කිහිපයක් ම තියෙනවා..ඒ හැම හේතුවටම අදාල..උදාහරණ විදියට ලංකාවට පිරිසක් එනෝ නම් පැනලා කැලේ ඇවිදලා ෆන් ගන්න බලාගෙන ඒක ඇවිල්ල ඇඩ්වෙන්චර ටුවරිසම්..පරණ ගල් ගඩොල් රජකාලෙ බලන්න එනෝ නම් ඒ කට්ටිය පුරාවස්තු ටුවරිස්ට්ලා.. ඉතිං ඔය විදියට හැපනින් වෙන විදියට බෙදලා ඉන් පස්සෙ ඒවට අදාල විස්තර ආදිය ඇතුලත් කරනවා.. සරලව හිතුවොත් අපිට ඇඩ්වෙන්චර ගොඩට ලේසියෙන්ම දැන් අරුගම්බේ කිතුල්ගල වගේ එක්ක දාන්නට හැකියි..

ඒ වගේම දාන ලොකේෂන් වල නවාතැන් ගන්න තියෙන තැන්..එතනට යන පාර..තියෙන බස් දුම්රිය පහසුකම් ගැන කෙටි විස්තර ඒ ඒ ටොපික් එකට යටින් දාන්නට ඕනි. 


ට්‍රාන්ස්පොටේසන් ප්ලෑන් ඇප් එකක් හැදීම.. සහ එය අන්තර්ජාලයට එකතු කිරීම.

ඊට අමතරව ලංකාවට පැමි‍නෙන බැක්පැකර්ස්ලට මුහුනදෙන්ටන වෙන එක අවුලක් තමයි බස් පාරවල් මාර්ග අංක හා ගමන් ගාස්තු.. උදාහරණ විදියට ගත්තොතින් කටුනායකින් බහින සංචාරකයෙකුට නුවර යන්න නං ලේසියෙන්ම පාරෙ බස් එකක් අල්ලගන්නෙ කෝමද? ඒ කොතනින්ද පුලුවන් වෙන්නෙ..? ඒ වගේ දෙයක් හොයාගන්න බෑ දැන් තියෙන විදිය අනුව.. ටිකක් සරල විදියට ඇප් එකක් හරහා හෝ වෙබ් එකකින් බස් කාලසටහන්..බස් ධාවනය වන මාර්ගය සහ ගමන් ගාස්තු ඇතුලත් යම් කිසි දියුනු මට්ටමක වෙබ් පහසුකමක් ඇතිකරනවා නම් වැදගත්..එතකොට අපිට වුනත් මාතලේ ඉදලා වැල්ලවායට යනෝ නං බස් එකේ ලේසියෙන්ම යන්න පුලුවන් කොහොමද බස් තියෙන වෙලාවල් කොහොමද කියලා ලේසියෙන්ම හොයාගන්නට හැකි වෙනවා..

මේක මිලියන ගානක් වියදම් වෙන වැඩක්..ඒත් හරියට කර ගත්තොතින් අපිට ඕකටම බුකින් පහසුවකුත් ඇඩ් කරලා සෙනග වැඩි පාරවල් හොයාගෙන සැප බස් සේවාවක් පටන් ගන්න වුනත් පුලුවන් කමක් තියෙනවා ඒ හරහා.. 


ගණිකා වෘත්තිය නීතිගත කිරීම හෝ මසාජ් පිලිවෙලයිස් කිරීම

මේ කලාපය ගතහොත් තායිලන්තය කාම්බෝජය ඉන්දියාව ඉන්දුනීසියාව පිලිපීනය ආදී රටවල මසාජ් සෙන්ටර් තිබුනාට ඒ බොහෝ තැන්වලදි ගණිකා වෘත්තිය නීතිගත නැහැ. නීතිගත නොවුනට නැත්තෙ නැහැ.. නමුත් එක පැත්තකින් ලෙඩ හැදෙන හැකියාව ැවඩියි අනික් පැත්තෙන් නීතිගත නැති නිසා හරියට මිලක් නියමයක් නෑ.. අපිට ගණිකා වෘත්තිය නීතිගත කරගන්න පුලුවන් නම් මේ කලාපයේ එහෙම රටකට තියෙන්නෙ අපි විතරයි.. යම් ස්ත්‍රියක් මසාජ් එකකදි මිනිස්සු දහයක් තලලා ගන්න සල්ලි ඉතාම ලේසියෙන් සුද්දෙක් එක්ක පොඩි ෆන් එකක් අරගෙන උපයාගන්න අපේ කාන්තාවන්ට පුලුවනි ගණිකා වෘත්තිය නීතිගත වුනොත්..

ඒත් එක්කම ලිංගාශ්‍රිත රෝග වලට මාස්පතා සෝදිසි කරගැනීමට නියම කිරීම. ගණිකා මධ්‍යස්ථාන ගැන දත්ත පවත්වා ගැනීම.. කුඩා ළමයින් ඒ සදහා යොමුවීමට ඇති නැඹුරුව අඩු කිරීම. ගණිකා වෘත්තිය තුල ලෝකය පුරාම පැතිර ඇති දැඩි මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සීමා කිරීමට කටයුතු කිරීම. ගැන අපිට අලුතින් සිතන්නට වෙනවා.. නමුත් සියල්ල එකවර අපිට කරන්නට බෑ..අපි මුලින්ම යමක් මුල් පියවර ලෙස කල යුතුයි. ඉන් මනත තමයි අපි අනෙක් වා කරන්නට වෙන්නෙ. අන්තර්ජාල අඩවි පුරා හැමදෙයක් ගැනම දැන් හොද නරක රිවිව්ස් තිබෙනවා..

උදාහරණ විදියට මම කොටුවෙ ටෙලිකොම් අතගාව තියෙන චූටිමල්ලිගේ පෙට්ටි කඩේ ගැන ට්‍රිප් ඇඩ්වයිසර් එකේ හොද කියල දැම්මොත් හෙට ඒකට සුද්දෙක් යාවි.. හැබැයි ඌ ගිහින් ඇවිත් කරන පලවෙනි වැඩේ තමයි තැන රෙකමන්ඩ් කරපු එකාගේ අම්ම තාත්ත පවා මතක් කරලා බනින එක.. මොකද සිගරට් ගදයි..රස්නෙයි.. ඒක ඇතුලෙ තියෙන අජූත ගතියයි..කෑම වල තියෙන පිරිසිදුවයි එක්ක ප්ලේන්ටිය හොදට තිබුනත් තැන අජපල්..

ඒ වගේ ගණිකා වෘත්තිය වගේ එකක් නීතිගත කලොත් ඒක ගැන විවෘත මාධ්‍යයන් වලින් පිරිස කතා කරාවි හොද ඒවාගැන අන්තර්ජාලයේ පල වේවි..එවිට නිකංම හොද තැන් ටික ඉතුරු වෙලා මෙලෝ රහක් නැති නාකි බඩවල් තියෙන කලු ඇන්ටිලා එක්ක අඩුවට ඒ සේවා සපයන ස්ථාන හොයන අයට ඒවා ලාබෙට සොයාගන්නට ලේසි වේවි..

ආන්ඩුව සාර්ථක පියවරක් විදියට අසභ්‍ය අඩවි තහනම සැලකිය යුතු ලෙස ඉවත් කලා..නමුත් ඒක ඉවත් කලා කියලා ස්ත්‍රී දූෂණ ලමා අපචාර එක රැයෙන් සුටුස් ගාල වැඩිවුනේ නෑ.. පෝන් සහ ස්ත්‍රි අපචාර දූෂණ අතර රේඛීය සම්බන්ධයක් තාම තියෙනවා කියල විද්‍යාත්මක ව කොහෙවත් හොයාගෙනත් නෑ..

මේ කාන්තාවන් අපේ රටෙත් නෙමෙයි වෙන රටවල් වල ගිහින් දුක් විදින හැටි ගැන කතාන්දර හැමදාම අපි අහනවා..මේ එක කතාවක්..

''අපේ පඩි සල්ලි දෙන්නේ නැහැ. ඒ සල්ලි ඒජන්සි තියා ගන්නවා. ගණිකා සේවයට යොදා ගන්නවා වගේ උදේ හවස එන්න කියලා ඒජන්සි කාමරයක් ඉස්සරහා තියා ගන්නවා. මිනිස්සු එනවා, මෙයා හොදයි කියලා වැඩට එක්ක යනවා.''

මෙතනදි ඒ මිනිස්සු ගෑනුන්ව අර ං ගිහින් මොන හිංසා පීඩා කොරනවාද කොයි විදියට පාවිච්චි කරනවාද කියලා නිච්චියක් නෑ.. 


ඇත්තටම ගණිකා වෘත්තිය නීතිගත කරන්නට පුලුවන් වුනොත් ඒක අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ලොකු වැදගත් කමක් එකතු කරාවි.. මේ හරහා කාන්තාවන්ට යම් කිසි අවුලක් තිබෙනවා තමයි. ඒත් අරාබි රටවල ගිහින් කසිසේත් නොදන්නා හාම්පුතකුගේ කුරිරු කම් වලට සහ ඒවායේ ගෑනුන්ගේ නොයෙක් තාඩන පීඩන වලට යට වෙලා යාන්ත්‍රික ජීවිතයක් ගත කරන තැනකට පත් වෙනවාට වඩා ගණිකාවක් ලෙස නම්බුකාර ලෙස ජීවත් වන්නට හැකිනම්.. මට අනුව එය හොදයි..කුවේට් සහ මොකද බුදුන් කාලෙත් ගණිකා වෘත්තිය තිබුනා..ඒ වගේම බණකතා වල තිබෙන ආකාරයට එකල එය නීතිගත දෙයක් නිසා යම් කිසි විශේෂ සමාජ තත්වයක්ද ඇතැම් ගණිකාවන්ට හිමිවුනා.. ඇතැම් විට කාල තරණය හරහා එකල අනේ පිඩු සිටානන්ගේ සහායකයෙක් මේ කාලේ ලංකාවට ඇවිත් දවල් දවසෙ පිංකම් කරලා හැන්දෑවට ආතල් එක්ක ගන්න ගණිකාවො ඉන්න තැනක් හොයද්දි එහෙම තැනක්වත් නෑ කියලා හොයාගත්තොත් හෙම අනේ මේක බුද්ධ කාලෙත් නොතිබුන තරං මහ කැත රටක් නෙව කියාල ආයිත් යන්තරේ නැගල බුද්ධ කාලෙට ම යන්නට යාවි..

Wednesday, March 23, 2016

වනකතා

ඔන්න එකමත් එක විලක හිටියා මාලුනායකයෝ තුන් දෙනෙක්. ඔයින් එකෙක් මතුකාලෙ ගැන බලා වැඩ කරනවා. ඒ නිසා එයාගේ නම “මතුකාලකාරයා“ එකෙක් ඒ වෙලාවේ සුදුසු හැටියට හිතාමතා වැඩකටයුතු කරනවා. තවකෙක් ඉන්නවා එයාගේ නම එවෙලෙකාරයා. අනික් එහා ඔහෙ වෙන දෙයක් වෙද්දෙන් කිය කිය කරුමෙ ගැන විස්වාසෙ තියාගෙන ඉන්නවා එයාට කියනවා වෙනදේ කාරයා.

ඉතිං ඔහොම ඔය තුන්දෙනා ඉන්න කොට දවසක්දා. ඒ විල අහලින් යන මාලු අල්ලන කාන්ඩයක් කතාබහ කර කර ගියා“. ඒකයැ. මේ විලේ හරියටම මාලු ඉන්නවා නේ.. අපි කවදාවත්ම මේ ගැන නැහැ නේ සොයා බැලුවේ. අද දවසට නම් දැන් ඉතිං සම්පූර්ණයි නේ. එච්චරක් නෙමෙයි. දැන් වෙලාවත් හැන්දෑ වේගෙන එනවා. ඒ නිසා අපි හෙට උදේම එමු. මේ විල ගැන පිළිවෙලක් කරන්ට බලමු.“ කියා.

වැහි නැති මහ හෙණක් ගැහුවා වැනි මේ කාත බහ ඇහිලා අර “මතුකාලකාරයා“ අනික් සේරෝම මාලුන්ට කතා කරලා කියන්ට පටන්ගත්තා. හපොයි! හපොයි!! ඇහුනා නේද? ඔහෙලටත් අර මාලුකාරයින්ගේ කතා බහ . ඒ නිසා දැන් මේ රෑම අපි කොහොම හරි යන්ට ඕනා කොහෙට හරි. ලග තියෙන මොකක් හරි තැනකට.

හෙට උදැහැනැක්කෙම කිසිම සැකයක් නැහැ මුන් ඇවිදින් මේක ඉන්න තරම් සේරොම මාලු ටික අතගාගෙන ඉවර කර දමනවා ඇති. ඒ නිසා මට හිතෙන හැටියට දැන් ඉතින් එකම මොහොතකටවත් මෙතන රැදී ඉදීම නම් කොහොමටවත්ම සුදුසු නෑ.

මේක අහලා අර එවෙලෙකාරයා කියනවා. ඇත්තටම යාලුවා තමුසේ කියන ඔය කාරණය හරියටම හරි. මගේ කල්පනාවත් ඔහොම මයි. වහාම වෙන දිහාකට යෑම මයි හරි. මෙහෙ ඉදීම නම් අන්තරාදායක මයි. ඒ නිසා හා යමු යමු.

මේ කයි කතාන්දරය අහලා අර වෙනදේකාරයා බොහොම හයියෙන් හං හං ගා කොක්හඩ ලා හිනා වෙලා කියනවා. “ අපොයි ! අපොයි ! මොකක්ද ඕයි තමුසෙලාගේ ඔය කතාව! ඕක මහ යකාගේ කතාවක් නේ . චී චී ! මටනම් ඔය කතා අල්ලන්නේ නෑ. කවුරුවත් ඔය වචනයක් කියපු පලියට තාත්තලෑ මුත්තලා කාලේ හිටන් එන මේ විල අත ඇරලා යෑම මොන වැඩක්ද? ඒක මහ පලේ පල් මොටමෝල් කමක් නේද? ආයුස පිරිහිලා මැරෙන්ට තියෙනවා නම් වෙනින් තැනකට ගිහින් බේරෙන්ට පුලුවනිද?

ඒ නිසා ඕයි. මම නම් කොහෙවත් යන්නේ නෑ. ඔහෙලට හොදයි කියලා හිතෙන දෙයක් කලාට කමක් නෑ. මට නිකම් ඔය පුහු මනස්ගාත රුස්සන්නෙ නෑ.

එයාගේ ඒ තීරණය දැනකියා ගත්තට පස්සේඅර මතුකාලකාරයයි. එවෙලෙකාරයයි ඒ දෙන්නගේ පිරිවරත් එක්ක යන්න ගියා ළග වෙනින් විලකට. පහුවදා උදෑහැනක්කේම මාලුකාරයින් ඇවිදින් දැල් දාලා ඒ විල කලම්බාලා වෙනදේකාරයත් එක්කම ඒ විලේ නොගිහින් හිටිය සේරෝම මාලු ටික අල්ලා ගත්තා. එකම මාලුකූරියෙක් වත් බේතකට ගන්න වත් හොයාගන්න වත් ඒ විලේ නම් ඉතුරු උනේම නෑ.

මේක තියෙන්නෙ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාඥාරම හාමුදුරුවන් ලියපු වනකතා පොතේ.

මේකතාව විතරක් නෙමෙයි කතා බරගානක් කවිත් එක්කම මේ පොතේ තියෙනවා..පංච තන්ත්‍රය ඇසුරු කරගන කියලා තිබුනට සමහර කතා ආදිය බොහොම ලස්සනට අවශ්‍ය විදියට වෙනස් කරලා ලියල තියෙනවා. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමිගේ මේ පොත එවකට සමාජය කැළඹුව පොතක්. මේ පොත තුල ඇති උපහාසාත්මක ගතිය සහ හාමුදුරුවන්ගේ දේශපාලනික මත නිසා මේ පොත් තොග ගනනින් පිච්චුවා කියලත් වාර්ථා වල සදහන් වෙනවා. යක්කඩුවේ හිමිගෙ චරිත ගති ගුණ ගැනත් අපූරු වාර්තා ඉතිහාසයේ සදහන් වෙලා තිබෙනවා. ඉඩයක් තිබුනොත් පසු කලෙක ඒවාත් ලියා තබන්නම්.

Tuesday, March 22, 2016

ඉන්දුනීසියා 1

අපි මුලින්ම ඉන්දුනීසියාව කියන රට ගැන විස්තර බලාගමු. කොහේ යන්නත් කලිං ඒ යන්න නියමිත පලාත ගැන අපිට අවබෝධයක් තිබෙන්නට ඕනි. ඒ වගේම ඒ රටවල මෑත ඉතිහාසය භූගෝලීය පසුබිම ආදිය ගැනත් අපි දැනගන්න එක වටිනවා යන්නට කලියෙන්.

ලාංකිකයින් බොහෝ දෙනා බලාපොරොත්තු වෙන චාරිකාවක් තමයි ඉන්දියානු චාරිකාව. බෞද්ධයින් යනවා දඹදිව සිද්ධස්ථාන බලන්න. ක්‍රිස්තියානි අය එයාලගේ දේවස්ථාන බලන්න යනවා දකුනු ඉන්දියාව දිහා තියෙන. දෙමල අයත් එයාලගේ අගනුවර ආදිය බලලා දෙවියන්බලල එන්න ඉන්දියා යනවා. දඹදිව එක්කරං යන බෞද්ධ පිංවතුන් ප්‍රමානය අනුව ඔවුන් තමයි මම හිතන්නෙ වසරකදී වැඩිම ප්‍රමාණයක් සංචාරකයින් විදියට වෙනත් රටකට යනවා ඇත්තෙ.

මේ දඹදිව ගමනේ ටිකක් සුවපහසු ගමනකට යන මුදල රුපියල් 85,000/=ක් . මට අනුව මේකෙන් ලාභ තියෙනවා එක් අයකුගෙන් පමණක් රුපියල් විසිපන්දාහක් විතර.. එහෙම නෑ කියල කාරුහරි කියනවා නම් මට මෙල් එකක් දාන්න මම කියා දෙන්නම් පනස්දාහට ඔය පිරිස එක්කරං යන ආකාරය ඉතාම සරලව.. මොකද මම මීට කලිං ලංකාවෙ අය ගිහින් නැති ජම්මු කාශ්මීර් ලදාක් මනාලි ටුවර් එකක් සංවිදානය කරන්න යන්තම් දායක වුනා..අපි ඒක මුලින්ම සංවිධානය කරපු චාරිකාව වුනත් අපිට එක් අයකුට ගියේ රුපියල් 85000ක් වාගේ මුදලක්..සියලු ගුවන්ටිකට් සහ අනෙකුත් නවාතැන් ප්‍රවාහන ගාස්තු එක්ක.

ඔය ඉතිං දඹදිව ගමනට 85,000ක් කීවට තව ඉතිං අතට රුපියල් පාලොස්දාහක් වත් ඕනි..එතකොට රුපියල් ලක්සයක් නෙව. ඇත්තටම ලක්සයක් තියේ නම් අපිට ඉන්දියාවෙ පරණ ගඩොල් ගොඩවල් බලන්න නැතුව ඉන්දුනීසියා තායිලන්තත පැත්තෙ ගිහින් සෝක් ආතල් එකක් අරගෙන එන්න පුලුවන් සති තුනක් විතර වියදං කරලා..

ඉන්දුනීසියාවට යන්න ගුවන් ගමන් ගාස්තු

මම දන්න විදියට ලංකාවෙන් වැඩිපුරම ගුවන් යානා යන දිහාවල් තුන හතරක් තියෙනවා.. එකක් මැලේසියා සිංගප්පූරු දිහාව. අනික ඩුබායි මැදපෙරදිග පැත්ත..අනික ඉන්දියාව පැත්ත අනික් එක මාලදිවයින පැත්ත. මෙයින් ගුවන් ගමන් ගාස්තු අඩුම පාරක් තමයි අග්නිදිග ආසියාතික පැත්ත. තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ජකර්තා ආදී ගිනිකොණදිග ආසියාවේ ස්ථානවලට ගුවන් ගමන් ගාස්තු සිතාගන්නටත් බැරි තරමට අඩුයි. උදාහරන විදියට අපිට ඉන්දියාවෙ දිල්ලි වලට යන්න අවම වශයෙන් රුපියල්36,000- 42,000ක ගුවන් ගමන් ගාස්තුවක් යනවා මාස දෙක්කට කලිං බුක්කරගත්තා වුනත්.. ඒත් ඒ වගේම පැය ගානක් යන මැලේසියා ගමනට යන්නෙ රුපියල් 22,000-28000 වගේ ගානක් විතරයි..

එයා ඒසියා කියන ගුවන් ගමන් සේවාව හරහා තායිලන්තය, කාම්බෝජය, හෝ චී මිං තියෙන වියෙට්නාමය, බාලි දූපත්, පුකට් දූපත්, ජකර්තා ආදී ඒ පැත්තෙ තියෙන තැන් බොහොමයකට රුපියල් 25000-40000 ආදී මිල ගනන් වලට ගුවන් ටිකට් ගන්න පුලුවන් යාම් ඊම් දෙකටම. අපි මෙතන බලන්නෙ ඉන්දුනීසියාව නෙව. මාස දෙකකට කලිං අපිට ගුවන් ටිකට් වෙන්කරගන්න පුලුවන් නම් එයා ඒසියා එකෙන් බාලි දූපත් ඩෙන්පසර්, ජකර්තා, සුරබයා ආදී තැන් තුනටම රුපියල් 30,000ට අඩුවෙන් යාම් ඊම් ගුවන් ටිකට් පත් ලබාගන්න හැකියාවක් තියෙනවා..

ඉන්දුනිසියාව කොච්චර ලොකුයිද ?

ඉස්සර ලංකාවෙ සිතියම අදිනකොට අපිට මලම පනින තැනක් තමයි අර උඩහ යාපනේ දිහා තියෙනවාක කියන දූපත් ටික. ඒ වගේම ත්‍රිකුනාමල පැත්තෙ තියෙන කඩතොලු අදින්න ගියාමත් ටිකක් අමාරුයි. ඉන්දුනිසියාව කියන්නෙ දූපත් 17000ක් විතර තියෙන දූපත් විසාල ප්‍රමාණයක් තියෙන රටක්. එයින් ලංකාවටත් වඩා විසාල මහා දූපත් 5ක් ඉන්දුනීසියාවට අයිති වෙලා තියෙනවා. ලංකාව නිකං මුතු ඇටේ අමුතු ඇටේ කියල පොඩියට හිතං හිටියට මේක සයිස් එක අතින් බැලුවොත් ඉන්දුනීසියා පොඩි දූපත් සහ මැලේසියා මාලේ දූප්ත එක්ක බැලුවාම ටිකක් ගස් කජු ඇටේක සයිස් දූපතක්.. ලෝකෙ දූපත් ලැයිස්තුවේ ලංකාව තියෙන්නෙ 25ට ලංකාව සිතියමේ පොඩියට පේන්නෙ ලංකාව සමකාසන්න රටක් නිසා..

මේ ඉන්දුනිසියාවේ මේ පැත්තෙ සුමාත්‍රා අචේ ප්‍රාන්ත කොනේ සිට අනික් පැත්තෙ පැපුවා දූපතේ කොණට ගුවන් සාමාන්‍ය ගුවන් යානයකින් යන්න ත් පැ6ක් විතර යනවා. ජනගහනය අතින් ගත්තොත් ලෝකයේ 4 වෙන තැන. ලෝකයේ විශාලතම මුස්ලිම් ජනගහනයක් ඉන්නෙ ඉන්දුනීසියාවේ. ඉන්දුනිසියාව කියන රට පේනවට වඩා විසාලයි. දූපත් ආදිය එක්ක සුට්ටියට පෙනුනාට මේකෙ විසාලම දූපත් පහේ කරක් ගහල එන්නත් මාස ගානක් යනවා. ඒ වගේම අපිට සිතියමේ පොඩියට තිබුනාට ප්‍රධාන අගනගර අතරත්  විසාල දුරවල් තියෙන්නෙ.

මේ සයිස් සහ පොපියුලේෂන් ගැන කිව්වෙ අපි ඇතැම් වෙලාවට සංචාරයක් යද්දි සිතියම බලලා ආ මෙතන ඉදන් මෙතෙන්ට පොඩි දුරය් කියලා හිතලා සති දෙක තුනකින් මුලු ඒ රියා එකම කවර කරන්න හිතනවා.. නමුත් ඒක ඉන්දීස් අයිලන්ඩ්ස් වලදි අමාරු නෙමෙයි කරන්න බැරි දෙයක්. ඉන්දුනිසියාව සාමාන්‍යෙයන් බටහිර පලපුරුදු සංචාරකයින් පවා සලකන්නෙ මාසෙයක් වත් බලන්න ඕනි රටක් විදියට. ඒ බැලුවත් ඉතිං ජනප්‍රියම තැන් වලට ගිහින් ඔලුව දාල යනව මිසක ටැග් ගැහි ගැහි ඉන්න කාලයක් නම් ඉතුුරු වෙන් නෑ..

ගමනාගමනය

මේ ගිණිකොණ දිග ආසියා රටවල තිබෙන එක හොදක් තමයි ගුවන් ගාස්තු අඩු එක. ගුවන් ගමන් ආදියට යන ගාස්තු අඩුම කලාපයක් විදිය තමයි ගිණිකොණ ආසියාව මුලු ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙන්නෙ. එකම දුර අමරිකාවෙ යුරෝපේ ගමන් කරද්දි වියදං වෙන ගානට වඩා මැලේසියාව පැත්තේ යද්දි තුන් හතර ගුණයකින් මිල අඩුයි ලු. කොටින්ම ගුවන් ගමන් ආදිය නම් ඉන්දියාවටත් වඩා මිල අඩුයි මේ පැත්තෙ. ප්‍රසිද්ධ මැලේෂියා එයාර්, මලින්දෝ එයාර්, එයා ඒසියා වගේ ඒවා වගේම තවත් දූපත් අතර කුඩා ගුවන් තොට හරහා යන සහ වතුරට බාන කුඩා ගුවන් යානා සේවාවන් රැසක් ඉන්දුනීසියාව ආශ්‍රිතව තියෙනවා.

ඉන්දුනිසියාවේ ජාවා දූපතේ නම් දෙකෙලවරට යන්න තරමක් සුපිරි තත්වයේ දුම්රිය සේවාවක් තිබෙනවා. මේ දුම්රිය හරහා ජකර්තා සිට සුරබයා දක්වා තිබෙන කිලෝමීටර 600ක විතර දුර පැය 7-8කින් යන්න අවස්ථාව ලැබෙනවා. නමුත් අනෙකුත් දූපත් වල දුම්රිය ගමනාගමන පහසුකම් අඩුයි. සුමාත්‍රා වලත්කොටසක දුම්රිය සේවාවන් තිබුනත් ඒවා දියුනු මට්ටමක නෑ.

දූපත් ගොඩක් තිබෙන නිසා දූපත් අතර ගමනාගමනය කුඩා ගුවන් යානා වලින් වගේම බෝට්ටු වලිනුත් සිද්ද වෙනවා. බස් උනත් කිහිපයක් පටවන් දුපත් අතර යන්න පුලුවන් විසාල යාත්‍රා වගේම දෙතුන් දෙනෙක්ට වේගෙන් යන්න පුලුවන් යාත්‍රාත් මේ දූපත් අතර තිබෙනවා.

දූපත් කීවට එයින් පහක්ම ලංකාවටත් වඩා විසාලයි කිව්ව නෙව. මේ දූපත් වල ඇතුලෙ මාර්ග පද්ධති නම් ලොකුවට දියුනු නැතය කියලා තමයි විස්තර වල තියෙන්නෙ. ඒවයේ සුඛෝපබෝගී වගේම සාමාන්‍ය බස් රථ ආදියත් ධාවනය වෙනවා.

ඉන්දුනීසියාව කියන්නෙ ගෑස් නිධි තිබෙන රටක්. ඒ වගේම යම් ප්‍රමාණයක කෘෘඩ් ඔයිල් හෙවත් බොරතෙලුත් තියෙන කතාවක් දැක්කා. ඒ නිසා පෙට්‍රල් ගනන් අඩු ඇති. ඉන්දුනිසියාවේ බොහෝ සංචාරක ස්ථාන ආශ්‍රිතව කුලියට ගත හැකි මෝටර් සයිකල් සහ කුඩා වාහන තියෙනවාලු. ඒවා අරගෙන පොඩි දුරවල් බොහොම ලේසියෙන් ගිහින් එත හැකිය කියලා බොහෝ අය සදහන් කරල තිබුනා. සුද්දො සුද්දියො ජෝඩුවක් ඉන්දුනීසියා සවාරියක් ගැන කියද්දි ඒ බයික් ගැන කිව්වා සුද්දා.. එතකොට සුද්දි කකුල උස්සලා පුකත් පෙන්නුවා , පුක රිදෙන්න ගත්තලු බයික් එකේ ගිහින් ගැස්සෙනවා වැඩි නිසා.. මං හිතන්නෙ ඉන්දියන් බයික් වල යන අපිට ඉන්දුනිසියන් බයික් වල ගැස්සීම පුකට සමනලයෙක් වැහුව තරං වත් දැනෙන එකක් නෑ.

මිනිස්සු

ඉන්දුනීසියාව අපිට මතක් වෙන එක තැනක් තමයි සුනාමිය. ඒ සුනාමිය ඇතිවෙන්නෙ සුමාත්‍රා දූපතේ ඉහල කෙලවර අචේ ප්‍රාන්ථයේ. අචෙ කියන්නේ ඉන්දුනිසියාව දිහාට මුස්ලිම් ආගම ආපු ඉන්දුනීසියාවේ ඉහලම කෙළවර. මුස්ලිම් ආගම එන්න කලිං ඉන්දුනීසියාව සහ මේ කලාපයම බෞද්ධ රටවල්. මුස්ලිම් වුනාට මේ ඉන්දුනීසියානු ජනතාව බොහොම මිත්‍රශීලි ජනතාවක්. සංචාරක පලාත් ආශ්‍රිතව ලෝකයේ කොයි රටෙත් දකින්නට ලැබෙන රැවටිලිකරුවන් ඇවටිලිකරුවන් ඉන්දුනීසියාවෙත් ඇති. නමුත් බොහෝවිට ඉන්දුනීසියා ජනතාව අහිංසක සහ ප්‍රචන්ඩත්වයට නැඹුරු නොවන ජනතාවක් විදයට තමයි අන්තර්ජාල ගවේශකයින් බොහොම දෙනෙක් දැකල තිබුනෙ.

ඉන්දුනීසියාවේ මෑත ඉතිහාසයේ කුඩා යුධ වාතාවරන දෙකක් තිබුනා. එකක් තමයි සුනාමි එන්නට පෙර අචේ ප්‍රාන්ථය රටක් කරගන්න උත්සාහ කරපු අචේ ගරිල්ලන්. සුනාමියෙන් අචේ විතරක් නෙමෙයි පලාතම හෝදගෙනම ගියා නෙව. එයින් මනත අචේ ගරිල්ලන්ගේ ඉතුරු පිරිස ඉන්දුනීසියා මහ ආන්ඩුව එක්ක සාමදාන ගිවිසුමක් ගැහුවා. ඉන් පස්සෙ එන්නෙ ටිමෝරය. ටිමෝරය වෙනම කෑල්ලක් ඉල්ලලා පස්සෙ ඒක එයාලට ලැබුනා.

සමස්ථයක් විදියට ගත්තාම මුස්ලිම් ජනතාවගේ සාමාන්‍යෙයන් දක්නට ලැබෙන දැඩි ගතිය මේ ඉන්දුනීසියානුවන්ගේ නැහැ කියලයි සදහන් වෙන්නෙ. මුස්ලිම් අති බහුතරයක් හිටියාට බාලි දූපත හින්දු අය ඉන්න පලාතක්. ඉන්දුනිසියා ජනගහනය අනුව සීයේට එකටත් අඩු වුනාට ඉන්දුනිසියාවේ ඉන්න බෞද්ධයින් ප්‍රමාණය ලංකාවෙ ඉන්න බෞද්ධයින් සංඛ්‍යාවට වඩා වැඩියි.

ස්වාභාවික විපත්

ඉන්දුනීසියාවත් ලංකාව වගේම නිවර්ථන සෘතු දෙකක දේශගුනයක් තිබෙන රටක්. අග්නිදිග ආසියාවේ ඉන්දුනිසියාව කියන්නේ භූ තැටි මායිමක් තියෙන රටක්. ඒ නිසා ගිණිකදු භූමිකම්පා ආදිය නිතරම ඇතිවෙන රටක් තමයි ඉන්දුනීසියාව. ඔය බූතැටි එකලග තියෙන නිසා සහ මූද සම්බන්ධ දූපත් රැසක් තිබෙන නිසා සුනාමි අවධානම සහ සුනාමි නිසා වෙන්න පුලුවන් හානිය ඉන්දුනිසියාවට දැනෙනවා වැඩියි. ඉන්දුනීසියාව ගැන අපි විස්තර සුවල්පයක් දැනගත්තා. අපි එයින් මනත එහේ ගිහින්  බලන්නට තියෙන්නේ මොනවද කියලා ඊලග කොටසින් බලමු.

Tuesday, March 15, 2016

නිරුවත කාන්තා

Kim K
නිරුවත කියන දේ කලාවක් කියල සමාජය පිලිගත්තාට සංසර්ගයේ හැසිරීම නිරූපනය කිරීම බොහෝ දෙනා දකින්නෙ කලාවක් විදියට නෙමෙයි.. බටහිර ජනප්‍රිය නිරූපිකාවක වන කිම් කේ නැමැත්තිය පසුගිය කාන්තා දිනයේදී ඇගේ ටුවිටර පණිවුඩයකින් ඇගේ නිරුවත් සිරුර විදහා පෙන්වා තිබුනා. ඇයගේම සංසර්ගයේ යෙදෙන වීඩියෝවක්ම මීට කලකට පෙර අන්තර්ජාලයේ මුදා හැරුණා..

කිම් විසින් කාන්තා දිනයේදි ටුවිටර ගත කෙරුන පිංතුරයේ මාතෘකාව වුනේ නිදහස වැනි වචනයක්.. එහිදී ඇතැම් අය කිම්ට චෝදනා කරතිබුනා ඇතැම් අය කිම්ට ප්‍රශංසා කර තිබුනා.

ඩෑන් බල්සේරියන් නැමැති අයෙක් ඉන්ස්ටගැම් තුල සිය කුමාර ජීවිතය පෙන්වන ධනවතෙක්..ඔහු නිතරම ඔහුගේ අන්තප්පුරය වැනි නිරුවත් කාන්තාවන් කිහිප දෙනෙක් වටාපිටාවේ තබාගෙන පිංතුර ගන්නවා.. එතැනදී බල්සේරියන් විසින් මුදල් ගෙවා ගෑනුන්ගේ නිරුවත පෙන්වනවා ඔහුගේ විභූතිය අපිට පෙන්වන්න. 

Dan Bilzerian
නිරුවත පෙන්වීමට කාන්තාවට අයිතියක් තිබෙන්නට බැරිද? ඒ අස්සේ රට රටවල වගේම ලංකාවෙත් පහුගිය දවසක අනෝමා ජිනාදරී නිරුවත පෙන්වල තිබුනා..තනි තටුවෙන් එකේදි කලිං අපි ඕක දැකල තිබුන නිසා ඒක බොහෝ දෙනා දැක්කේ අවධානය දිනාගන්න කරන වැඩක් විදියට.

දැන් දැන් ලංකාවේ නිරූපිකාවන්ද පිටරට නිරූපිකාවන් වාගේම තමුන්ගේ නිරුවත් ඡායාරූප වැරදීම් වලින් අන්තර්ජාලයට මුදාහරින්න පටන් අරං තියෙනවා.. පසුගිය දිනක සිල් බිදගැනීමෙන් ජනප්‍රිය වූ නදීෂාගේ වීඩියෝවේ දී නදීෂාගේ සිප වැලදගන්නා දර්ශනය මියුසික් වීඩියෝවට කලිං අන්තර්ජාලය හරහා හුවමාරු වෙලා තිබුනා.. ඒකත් මහ පුදුම වැඩක් තමයි. 


කාන්තාවන් අහම මෙහෙම අදින්න ඕනි..ඒම වැරදියට ඇන්දාම පිරිමි කුපිත වෙලා එයාල කරදර කරනවා.. කියල දැඩි මතයක් තියෙනවා.. ඒක ඇත්ත කියලා මාත් කාලයක් විශ්වාස කලා.. නමුත් කාන්තාවගේ පැත්තෙන් ගත්තාම එයා ඔක්කෝම වහගෙන අර අරාබි බුර්කා මුස්ලිම් බිල්ලො වගේ යන්න ඕනි ඇයි? කාන්තාවන් එහෙම අඩුවෙන් ඇදන් ගියාම පිරිමි ඒ අයගේ පස්සෙන් ගිහින් එයාලට වෙන්න පුලුවන් හිරිහැර ආදිය වැඩිවෙන්න පුලුවන් කමක් තියේය කියලයි ජනප්‍රිය මතය තියෙන්නෙ.

මං නරක මිනිහෙක් නිසා මම යනවා ඉදලා හිටලා මසාජ් වලට.. එතැනදී එක්තරා මසාජ් එකකදි ඒ මසාජ් එක ඇතුලේ වැඩකරන තෙරපිවරියන් හැම දෙනෙක්ම සිටියේ අලංකාර සාරියකින් සැරසිලා.. ඇතැම් මසාජ් කරන තැන්වල තෙරපිවරියන්ට නියමිත ඇදුමක් තියෙනවා..නමුත් අර විදියෙේ සාරි නිළඇදුමක් මා දැක්කාමයි.

බෙහොම හැඩට සාරි ඇදුපු තෙරපිවරියන් හරියට සිරි ලංකන් ගුවන් සේවිකාවො පිරිසක් වාගේ..එතැනදි මසාජ් කිරිල්ල කෙසේ වෙතත් මසාජ් එකේ අවසාන ජවනිකාව නම් සාමාන්‍ය මසාජ් තැනකටත් වඩා වැඩියෙන් සාරිය කිසිම අවහිරයක් නොවන විදියට සියලු දේ ලබාදෙන්න ඒ සාරි ඇදපු කාන්තාවන් සමත් වුනා..

මට පෙනුන විදියට එතැන සර්විස් එක බොහොම හොද ඒ වගේම සාමාන්‍ය මසාජ් එකකට වඩා වැඩි සේවාවක් පාරිබෝගිකයාට ලැබෙන මසාජ් සේවිස් එකක්.. ඔවුන්ග‍ේ සාරි ඇදීම සහ සෙක්සි විදියට සාරි ඇදීම නම් කදිම වෙළද උපක්‍රමයක් කියලයි මට හිතුනෙ..

දැන් කෝච්චියෙ බස් එකේ පාරෙ තොටේ යද්දි ගෑනියෙක් සාරියක් ඇදලා හිරට තිසරුන් සහ පිටුපස අංගනය විදහා දක්වා ගෙන වනමින් යද්දි මට හිතට එන අදහසක් තමයි.. අඩේ මේත් අර මසා එකක සාරි අදින කෑල්ලක්ද දන් නෑනේ.. ‍කියන එක..

මේ ඇදුම සිල්වත්..මේක අසංවරයි.. කියන්න මිණුම් දඩු කාගෙ ගාවද තියෙන්නෙ.. කෙල්ලොන්ගේ සායෙ දිග මනින රූලර් එක කාගෙ ලගද තියෙන් ඕනි.. බුරියේ සිට පහලට ඇති බඩ කොටසේ විවරය මනින මිම්ම කාගෙ ලගද තියෙන්න ඕනි? මම කාලයක් විස්වාස කලා එහෙම සංවර විදියක් තියෙන්නට ඕනිය කියලා..ඒත් දැන්නම් හිතෙන්න ඒක අනවශ්‍ය බලපෑමක්.. පිරිමි අපිට සර්ට් එකක් නැතුව අපි කැමතිනං ටවුමෙ ඕනි තැනක යන්න එන්න හැකි නම්.. ජොකා පිටින් ඕනි වලක ඇලක දොලක බැහැල නාත හැකි නම්.. ගෑනු න්ට විතරක් ඇයි විසේසයක් කරන්නෙ.. ලෝකෙන් බාගයක්ම ඉන්නෙ ගෑනු නෙව.

ව්‍යාපාර කියන්නෙ ව්‍යාපාර..ඒවාගේ පාරිබෝගිකයා කැමති වන ආකාරයට ආයතනයේ පාරිබෝගික ඉලක්ක වලට හරියන විදියට අදින්න පලදින්න ඕනි..සමහර බැංකු වලින් කොටට අදින නිලඇදුම් කෙල්ලන්ට දීල තිබුනත් ඒ කොටට අදින ඒවත් උන් පුලුවන් හැම වෙලාවකම අදිනවා දික් කරගන්න හදනවා. හිර නම් වටපිටේ උන් කරදර කරනවාද කියලා සැකෙන් ඉන්න බවක් පේනවා. ඇදුම ගැලපෙන්නෙ නැතිනම් ගෙදර දාල එන්නෙ නැතුව වරකට එක බැගින් දවසට සිය වතාවක් විතර ඇදුම හදන එකනම් මට පේන්නම බැරි ගෑනු වැඩක්..

ව්‍යාපාරයකට ඒ වැඩකරන සේවකයින්ගේ ඇදුම යම්තාක් දුරකට පාලනය කිරීමට හැකිවෙන්න ඕනි..උදාහරණ විදියට පංසලක් ඉස්සරහ මල් විකුනන්න මම කෙල්ලො හත් අට දෙනෙක් දානවා නම් මල් ගන්න එන පිංවතුන් මල් ගන්න කැමතියි සිංහල බෞද්ධ ක්‍රමයට ගෑනු ලමයි හිටියොත්.ඒ නිසා මම ගෑනු ලමයිට ළමා සාරි මහගන්න සල්ලි දීම හෝ දිග ඇදුමක් ගවුම් වැනි පරණ තාලේ ඇදුමක් අදින්න නියම කරන එක මල් බිස්නස් එකට වැදගත් වෙනවා..

එහෙම නැතුව ගෑනු සමාජයේ හැසිරෙන අවස්ථාවලදි ඒ ගෑනුන්ට කිසිසේත් අදාල නැති හෝ සම්බන්ධ නැති අපිට ඒ ගෑනු ඇදිය යුතු ඇදුම ගැන උපදෙස් දෙන්න යන එක උචිතද ? මගේ අදහස එහෙම අනුන්ගේ රෙදි වල දිග පලල මනින පරණ වික්ටෝරියා ගේ කාලෙන් අපි ඉස්සරහට යන්න ඕන. මේ බොරු සදාචාර සෝබනේ නැති කරන්න අපිට බෑ.. මොකද මේක හොද මාකට් එකක්..ඒක නේ අර මසා එකේ තෙරපිවරියන්ට සාරිය දීල තියෙන්නෙ..

ඒත් ඉතිං මේ පරණ අදහස් කරේ තියං ගියා කියලා අපිට විසේසයෙන් ලබාගන්න පුලුවන් දේකුත් නැහැ.. අවුරුදු දෙදාස් පන්සීයක් ඉතිහාසෙ අපේ සිංහල ස්ත්‍රියගේ ඇදුම ආර්ය කාන්තාවගේ ඇදුම..ස්ස් ස් ස්ස් නුවර යුගේ කුලයෙන් පහල ගෑනුන්ට උඩට අදින්න තහනම්..සීගිරියේ කුමාරිකාවන්ගේ උඩ හෙලුවෙන්..

Thursday, March 10, 2016

නොකල යුතු කතා

අප අමාමෑනි සම්මා සම්බුදු රජානන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම කරන අවස්ථාවේදී...දම් සභා මන්ඩපයේ  සිටින සිව්වනක් පිරිස..හෙවත් භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා ආදී පිරිස යම් යම් කතා වල නිරත වෙමින් සිටිනවා.. එවිට පනවා ඇති ආසනයට වැඩම කරන බුදුරජානන් වහන්සේ.. 

ඇවැත්නි..
මා එන්නාට පූර්වභාගයෙන් කිනම් වූ කතාවක් ඔබ විසින් සිද්ද කලේද? කියලා අහනවා.. 
ඒ අවස්ථාවේ එතැන සිටින පිරිස කිසියම් වූ දහම් කරුණක් හෝ ශාසනයේ කරුණක් ගෙනහැර දක්වලා ඒ ගැන කතා කරමින් සිටියාය කියලා බුදුන් වහන්සේට කියනවා.. 

එකල වුවත් දම්සභා මණ්ඩපයේ සිටි බොහෝ අය රහත් බවට පත් වෙලා හිටියෙ නෑ..ඇතැම් විට ඔවුන් වෙනත් කතා ආදිය කරමින් ගෑනු ගැන, රථවාහන ගැන, දේශපාලනය ගැන කතා කරමින් ඉන්නට ඇති. නමුත් බුදුන් ඇහුවාම කියත හැකියැ.. අපි මේ පට්ට කෑල්ලක් ගැන කතා කලා..අපි මේ අලුතින් ආපු අස්සයො 8 රේස් කරත්ත ගැන කතා වුනා.. කියල.. ඉතිං ඒ අය මොක කතා කරමින් හිටියත්.. ධර්ම කරුණක් හෝ ශාසනය සම්බන්ධ දෙයක්ම කතා කලා කියලා කියන්න ඇති.. 

වර්ථමාන සමාජය දෙස බැලුවාම පිංවතුනි ඇතැම් අය සිතාන සිටිනවා හාමුදුරුවරුන් නොදන්නා දෙයක් නෑය..උන්වහන්සේලාට කතා කරන්න බැරි දෙයක් නැහැය කියලා.. ඇත්තටම එය මුළාවක්.. මේ ලෝකයේ බෞද්ධ ආර්ය ශ්‍රාවකයා ගේ කාර්යභාරය නිර්වාණ මාර්ගය හා ඒ පිළිබද වූ ගැටලු ආදිය ගැන කතා කරනවා විනා..  ලෞකික , භෞතික දේවල් ගැන කතාකිරීමේ හැකියාවක් නැහැ.. ඒවා මේ මා කියන නිසා නොව ධර්මයේ සදහන් අන්දමට අෂ්ඨාංග ශීලය සමාදන් වන අය පවා මේ කියන අනවශ්‍ය කතා ආදියෙන් වැලකිය යුතුයැ කියලා සදහන් වෙලා තියෙනවා. 

මෙසේ නොකල යුතු කතා 32ක් විනය පිටකයේ දක්වලා තිබෙනවා.. දෙතිස් කතා කියන්නෙ ඒ විදියට නොකල යුතු කතා ආදියයි.. 

ශිලයේ පිහිටන අය ගේ හිතසුව පිණිස මේ දෙතිස් කතා දේශනා කල අවස්ථාව පිළිබද බුදුසරණ පත්තරේ ලිපියක මෙසේ දැක්වෙනවා.. 

බුදු රජාණන් වහන්සේ විසින් විශාඛා උපෝසථ නම් සූත්‍රයේදී උපෝසථ වර්ග 2 ක් පිළිබඳව සඳහන් කර ඇත. එය ගොපලු උපෝසථ හා අරිය උපෝසථ යයි. සමාදන් වූ උපෝසථ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම නිසා සමහර අයකු අරිය උපෝසථය යැයි සිතා ගොපලු උපෝසථය බව උන්වහන්සේ පෙන්වා යමෙක් පොහොය අටසිල් හෝ දස සීල සම්පත්තියෙහි පිහිටි අවස්ථාවක ද්වත්තිංස තිරච්ඡාන කථා (අත්හළ යුතු කථා 32) බැහැර නොකරන්නේ නම් තමා සමාදන් වූ පෙහෙවසින් ඔහුට කිසිදු අර්ථ සිද්ධියක් සිදුකරගත නොහැකි බව තේරුම් ගත යුතුය. බුදුන්වහන්සේ විසින් මෙම දෙතිස් කථා පෙහෙවස් සමාදන් වූ පිරිස විසින් බැහැර කළ යුතු යැයි දේශනා කරන ලද්දේ මේවා කරන අය තුළ රාග දෝෂ මෝහ යන අකුසල වැඩීම නිසාය. 


මෙම දෙතිස් කථා පෙහෙවස් සමාදන් වූ ඇත්තන් විසින් පමණක් නොව ගිහිගෙය අතහැර පැවිදි බිමට පත් නිවන අවබෝධ කිරීමට බලාපොරොත්තු වන සියලු භික්ෂූන් වහන්සේ විසින්ම අත්හළ යුතු කථා ලෙස බුදුන් වහන්සේ අවධාරණය කර ඇත. මක්නිසාද යත් මේ සියල්ල තමන් ආරක්ෂා කරන ශාසන බ්‍රහ්ම චරියාව පවත්වාගෙන යාම සඳහා පැහැදිළි ලෙසම බාධාවන නිසාය .යම් කථාවක් ඉපදවීමෙන් තමාගේ සීලයට හෝ ඇතිකරගත් සමාධියට බාධා පැමිණිය හැකි යැයි වැටහේ නම්, තුෂ්නිම්භූතව විසීමට, අප පුරුදු විය යුතුය.

යම් විටෙක පෙහෙවස් සමාදන් වූ අයෙකු දෙතිස් කථා වලින් යුත්තව ගත කරන්නේ ද ඔහු ගොපලු උපෝෂථයෙන් යුක්ත අයෙකු බව දැනගත යුතුය. ගොපල්ලාගේ ක්‍රියාව නම් කිසියම් චේතනයකට තමාට කිසිදු අයිතියක් නොමැති ගවයන් රැක බලා ගැනීමය. ගොපල්ලා කෙතරම් හොඳින් තමාට බාරදුන් ගව රැල රැක බලාගත්තද ඔහුට කිසිම ආකාරයෙන් පස්ගෝ රසයක් නෙැලැබෙන්නේය. 
දැන් අපි මේ දෙතිස් කතා කියන්නෙ මොනවාද කියලා බලමු. 



1. රජුන් පිළිබඳ කථා

රජවරු පිළිබඳව කතා වන විට විවිධ දඬුවම් ගැන කතා කරන්න සිදු වෙනවා. දේශපාලන පක්‌ෂ ගැන කතා කරන්න වෙනවා. අන්තඃපුර ගැන කතා කරන්න සිදු වෙනවා. කොතනින් කෙළවර කරන්නට හැකිවේද දන්නේ නැත.

2. සොරුන් පිළිබඳ කථා

සොරුන් පිළිබඳව කථා කරන්නට පටන් ගත් විට ඔවුන් කළ සොරකම් ගැනද කියන්නට සිදු වෙනවා. ඔවුන් කළ දූෂණ ගැනද කථා කරන්නට සිදු වෙනවා. ඒ තුළින් වෛරය, පළිගැනීම් ආදී සිතිවිලි වර්ධනය වෙනවා.


3. ඇමැතියන් පිළිබඳ කථා

ඇමැතිවරු ගැන කථා කරන විටද ඔවුන් කළ දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන කතා කරන්නට සිදු වෙනවා. දේශපාලන පක්‌ෂ පිළිබඳවද කතා කරන්නට සිදු වෙනවා.


4. සේනා පිළිබඳ කථා

සේනා ගැන කතා කරන විටම සිදුකළ සිද්ධි ගැන කතා කෙරෙනවා. විවිධ පුද්ගලයන් ඝාතනය කළ සිද්ධි ගැන කතා කෙරෙනවා. එම සේනාවන් අනිත් සේනාවන්ට පහර දුන් ආකාරය කතා කරන්නට සිදු වෙනවා.

5. බිය පිළිබඳ කථා

අදෘශ්‍යමාන යම් යම් දේ ගැන හා අද්භූත බලවේගවලින් ඇති වන දේ කතා කිරීම හා අවතාර හොල්මන් ගැන කතා කිරීම් ආදිය.

6. යුද්ධ පිළිබඳ කථා

යුද්ධ ගැන කතා කිරීමෙන් අවි භාවිත කළ ආකාරය ගැන කතා කරන්නට සිදුවේ. යුද්ධ කළ අය ගැන හා ප්‍රතිවාදීන් ගැන කතා කරන්නට සිදු වෙනවා. ඔවුන් විසින් ඝාතනය කළ පිරිස ගැන කතා කරන්න සිදු වෙනවා.

7. කෑම පිළිබඳ කථා

කෑම පිළිබඳව කතා කරන විට නොයෙක්‌ ආහාර වර්ග ගැන කතා කරන්නට සිදු වෙනවා. කෑම වර්ග කාපු ආකාරය ගැන කතා කරනවා. හොඳ කෑම කන්න ඕන කියනවා. රසට කෑම කන්න තිබේනම් කොතරම් හොඳ දැයි කියනවා. හොඳ හෝටලයකින් කන්න කතා වෙනවා.


8. බීම පිළිබඳ කථා

එක්‌ එක්‌ බීම වර්ග තියෙනවා. ඉන් හොඳම බීම මොනවා දැයි කතා කරනවා. ඒවා ගන්නේ කොහෙන්ද කියා අහනවා. එම බීම වර්ගය පානය කළාම ඇඟට ගුණයි කියා කතාබහ කරනවා.

9. ඇඳුම් පිළිබඳ කථා

සමහර අය ඇඳුම්වලට දැඩි ආශාවෙන් කටයුතු කරයි. ඇඳුම් වර්ග ගැන කතා කරයි. අලුත්ම විලාසිතා පිළිබඳව කතා කරයි. අලුත් ඇඳුම් ගන්න ස්‌ථාන සොයයි. අලුත් අලුත් ඇඳුම් ගන්න ඇත්නම් හොඳයි කියමින් කතා වෙනවා.

10. යහන් පිළිබඳ කථා

එක්‌ එක්‌ යහන් ගැන කතා කරනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ මල් යහනාව යනුවෙන්ද යහනාවක්‌ ගැන කතා කරනවා. ඒ යහනාව හොඳ එකක්‌. අනිත් යහනාවන් හොඳ නැහැ ආදී වශයෙන් කතාබහට ලක්‌ වෙනවා.

11. මල් මාලා පිළිබඳ කථා

මල් වලින් සකස්‌ කළ මල් මාලා පළඳන්නට සමහර අය කැමැති වෙයි. ඒ ඒ අවස්‌ථාවන්ට අනුව මල් වර්ග වෙනස්‌ වේ. එක්‌ එක්‌ වර්ගයේ මල් පිළිබඳව කතා කරනවා.

12. සුවඳ පිළිබඳ කථා

සුවඳට හැම කෙනෙක්‌ම කැමැතිය. ගඳට කිසිවෙක්‌ කැමැති නොවේ. සුවඳ වර්ග ගැන කථා කළොත් එහි කෙළවරක්‌ නැත. ඒ සුවඳ හරිම මිහිරියි. ඒ සුවඳ හැන්ඳෑවට නම් හොඳයි. දැන් තියෙන අලුත්ම සුවඳ වර්ග මොනවාදැයි කතා කරනවා.

13. නෑයන් පිළිබඳ කථා

අහවල් ස්‌ථානයේ ඉන්නෙ මගේ බාප්පා. අහවල් සමාගමේ සභාපති මගේ නෑයෙක්‌. මගේ ඥතීන් හරිම පොහොසත්. නමුත් අහවලාගෙ ඥතීන් හරිම දුප්පත් ආදී වශයෙන් කතාබහට ලක්‌ කෙරෙනවා.

14. රථවාහන පිළිබඳ කථා

හැම කෙනෙක්‌ම වාහනවලට කැමැතියි. එක්‌ එක්‌ වාහන වර්ග ගැන කථා කළොත් ඒවායේ කෙළවරක්‌ නැත. මේ වර්ගයේ වාහනයක්‌ තමයි හොඳ. නමුත් ඒ වාහන වර්ගය බාලයි යනාදී වශයෙන් කතා බවට ලක්‌වේ.

15. ගම් පිළිබඳ කථා

එක්‌ එක්‌ ගම් ගැන කතා කරන විට ඒ ගම්වල ස්‌වභාවය මේ විදියයි අර විදියයි ආදී වශයෙන් කතා කරයි. ඒ ගම අර ගමට වඩා හොඳයි. නමුත් ඒ ගමට අල්පු ගම එච්චර හොඳ නෑ ආදී වශයෙන් කතාබහට ලක්‌වේ.


16. නියම් ගම් පිළිබඳ කථා

අපේ ගම ළඟ තියෙන අනිත් ගම්වල මිනිස්‌සු හරිම දුප්පත්. ඒ ගම්වල මිනිස්‌සු රැකියාවක්‌ නැතුව දුක්‌ විඳිනව. ඒ නිසා ඒ අය හොරකම් කරන්න පුරුදුවෙලා ආදී වශයෙන් කතා බවට ලක්‌වේ.

17. නගර පිළිබඳ කථා

මේ නගරය ඔබ මට හමුවූ නගරයයි. නමුත් අනෙක්‌ නගර එච්චර වැදගත් නෑ. ඒ නගරයට වඩා මේ නගරය හැම අතින්ම හොඳයි ආදී වශයෙන් කතා කිරීම.

18. ජනපද පිළිබඳ කථා

මිනිසුන් යම් ප්‍රමාණයක්‌ ජීවත් වන ජනපද තිබේ. ඒ ඒ ජනපද වෙනස්‌ ආකාර වේ. අලුතින් මිනිස්‌සු පදිංචි වූ ජනපද තිබෙනවා. සමහර ජනපද බොහෝ කාලයක්‌ පැරැණි ඒවාය ආදී වශයෙන් කතාබහට ලක්‌වීම.

19. ස්‌ත්‍රීන් පිළිබඳ කථා

ස්‌ත්‍රීන් පිළිබඳව අප පිළිපැදිය යුතුaතේ කෙසේදැයි දිනක්‌ ආනන්ද හිමියන් බුදුරජාණන් වහ්නසේගෙන් ඇසීය. එම අවස්‌ථාවේ උන්වහන්සේ දේශනා කළේ "ඔවුන් දෙස නොබලා සිටින්න පිළිවන් නම් හොඳයි" කියායි. ඔවුන් පිළිබඳ කතා කීමෙන් නොයෙක්‌ මාතෘකාවලට යොමු වේ.


20. ශූරයන් පිළිබඳ කථා

එක්‌ එක්‌ විෂයයන්ට ශූරයන් සිsටිනවා. ඔවුන් ගැන කතා කරන විට ඔවුන් කළ හොඳ හෝ නරක දේ ගැන කතා කිරීමට පිළිවන්. එසේම ඔවුන් නිසා පැරදුණු අය ගැනත් කතාබහ කෙරෙනවා. මේ අනුව කතාව දිග්ගැස්‌සී තමා කරන දේ පවා අමතක විය හැකිය.

21. වීථි පිළිබඳ කථා

මෙහිදී එක්‌ එක්‌ වීථි පිළිබඳව කතාබහට ලක්‌වේ. අප සිටින වීථියට වඩා අතන තිබෙන වීථිය හොඳ යෑයි කියමින් කතාව දික්‌විය හැකියි. ඉස්‌සර මේ වීථියේ සිටි දරුණු මංකොල්ලකරුවෝ, දැන් ඊට වඩා වෙනස්‌ යනුවෙන් කතා කිරීම.


22. වැව් පොකුණු පිළිබඳ කථා

එක්‌ එක්‌ ස්‌ථානවල තිබෙන වැව් පොකුණු පිළිබඳව කතාබහට ලක්‌වේ. මේ පැත්තෙ එක වැවයි තිබෙන්නේ. නමුත් අර ප්‍රදේශවල වැව් ගොඩාක්‌ තිබෙනවා. ඒ වැව්වල මිනිස්‌සු නිරන්තරයෙන් මාළු බානවා ආදී වශයෙන් කතා කිරීම.

23. මියගිය නෑයන් පිළිබඳ කථා

"අපේ මියගිය සීයා හිටිය නම් මෙච්චර කරදරයක්‌ අපට වෙන්නෙ නෑ. ඒ විතරක්‌ යෑ. අපේ තාත්ත හිටිය නම් අපට මේ විදියට අනුන්ගෙ අතකොළුවෙලා සිටින්න වෙන්නෙත් නෑ" කියමින් කියන කතා.

24. නිරර්ථක දෑ පිළිබඳ කථා

නිරර්ථක කතා යනු කිසිදු ප්‍රයෝජනයක්‌ නැති කතාය. රට පිළිබඳව කිසි අර්ථයක්‌ නැති කතා හා තමන්ටත් අනුන්ටත් කිසිදු පලක්‌ නැති කතා මේ ගනයට අයත් වේ.

25. විතණ්‌ඩවාදී කථා

විතණ්‌ඩවාදී කතා යනු කිසිදු ගැලපීමක්‌ නොමැති තර්කානුකුල කතාය. සමාජයේ එයට ව්‍යවහාර කෙරෙන්නේ "පුහු තර්ක" නමිනි. කිසිදු හරයක්‌ නොමැති දෙඩවිලි ඒ ගණයට අයත් වේ.

26. මුහුද පිළිබඳ කථා

මේ මුහුද කෙළවර වන්නේ කොතැනින්ද? මේකෙ කොච්චර ජලය ප්‍රමාණයක්‌ තියෙනවාද? හදිස්‌සියෙන්වත් මුහුදට වටුණොත් ආයෙත් ගොඩඑන්න ලැබේද? යනුවෙන් කියන කතා.


27. ශාස්‌වත වාදය පිළිබඳ කථා

අපි හැමදාම දිගින් දිගටම උපත ලබනවා. එහි අවසානයක්‌ නොමැත. හැම ආත්මයකට අපට හමුවෙන්න පුළුවන් ආදී වශයෙන් කියන කතා.

28. උච්ඡේද වාදය පිළිබඳ කථා

මේ හැම දෙයක්‌ම මේ ලෝකෙදි විතරයිනෙ. ඒ නිසා පුළුවන් තරම් කාල බීල සතුටු වෙන්න ඕන. හෙට මැරුණත් කමක්‌ නැහැ, අද සතුටෙන් ඉඳල. හෙටක්‌ ගැන හිතන්න අවශ්‍ය වෙන්නෙ නෑ ආදී වශයෙන් කියන කතා.

29. දියුණුව පිළිබඳ කථා

දැන් අපි ඉන්න තැන ඉස්‌සරට වඩා දියුණුයි. නමුත් අර අපි කලින් හිටපු ස්‌ථානය එච්චර දියුණු නෑ. අපි තව තවත් දියුණු වෙන්න ඕන. අනෙක්‌ අයට පේන්නත් එක්‌ක තවත් දියුණු වෙන්න ඕන ආදී වශයෙන් කියන කතා.

30. පිරිහීම පිළිබඳ කථා

බලන්නකො අපි ඔක්‌කොම පිරිහුණු ජාතියක්‌ නේ. නමුත් අර ජාතියෙ එච්චරටම පිරිහීමක්‌ දකින්න නෑ. නමුත් එතනත් ටිකක්‌ පිරිහීගෙන යන පාටයි. ආදර්ශට ගන්න කියලත් දෙයක්‌ නැහැ. කාලයක්‌ යනකොට ඔක්‌කොම පිරිහිලා යාවි. අපේ ආගම දහමත් නැත්තටම නැතිවෙලා යාවී ආදී වශයෙන් කියන කතා.

31. පස්‌කම් පිළිබඳ කථා

දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් කොච්චර හොඳ ද? එහේ හැම සැප සම්පතක්‌ම තියෙනවනේ. හැම ආකාරයෙන්ම කාමභෝගී ජීවිත ගත කරන්න පිළිවන්. අර කට්‌ටිය ඒ වගේ පිරිසක්‌. ඒ අයට අතට පයට වැඩකාරයො ඉන්නව. යාන වාහන ඕනෑ තරම් තියෙනවා. එයාලට ලංකාවේ හැම නගරයකම ලස්‌සන ලස්‌සන ගෙවල් තියෙනව. ඒ අයට කෑම බීම පිළිබඳව හිතන්න විතරයි තියෙන්නෙ. එච්චර සැප සම්පත් තියෙනවානේ ආදී වශයෙන් කියන කතා.


32. ආත්මය පෙළීම පිළිබඳ කථා

මේ ශරීරය කටු සහිත ස්‌ථානයක වැතිරවන්න ඕන. හතර පැත්තෙන් ගිනි ගොඩගසා මැද ඉන්න ඕන ආදී වශයෙන් ශරීරයට දුක්‌ දීම සම්බන්ධව කියන කතා.

පෙහෙවස් සමාදන් වුන උපාසක ඇත්තන්ට පවා මෙවැනි නිසරු කථා ආදියේ යෙදීම බුදුන් වහන්සේ අනුමත කලේ නෑ.. ඉදින් චීවරධාරී මහා සංඝයා කියන්නේ අෂ්ඨාංග ශිලය සමාදන් වුන පිරිසටත් වඩා ශීලයෙන් අගතැන්පත් විය යුතු අය.. ඒ නිසා සංඝයා වහන්සේ කිසිම ලෙසකින් මෙකී දෙතිස් කථාවේ යෙදීම අනුමත කරන්නට බෑ නෙව..

සිවුරක් දරාගෙන ලෝකයේ තියෙන සැම දෙයක් ගැනම උපදෙස් දෙන්නට යන උන්නාන්සේලා අද හැමතැනම අපිට දකින්ට ලැබෙනවා..ඒ වගේම උපාසක වෙස් ගත් අයත් මේ කියන දෙතිස් කතා වලම දිවාරෑ නොබලා නිරත වෙනවා.. නමුත් නියම බුද්ධ ශ්‍රාවකයා මේ ලෝකයේ නිර්වාණ මාර්ගය ශාක්ශාත් කරගැනීමට නිතර වැර වෑයම් කරන අයෙක් විනා ලෝකයේ තිබෙන දහසක් දේවල් වලට හේතු හොයමින් සසර තව තවත් දික් කරගන්නට උත්සාහ කරන අයෙක් නොවිය යුතුයි.


කරුණු ලබාගත් තැන්..

http://www.divaina.com/2011/02/06/siya09.html

http://www.divaina.com/2011/01/30/siya10.html

http://www.lakehouse.lk/budusarana/2008/04/12/tmp.asp?ID=vision02

http://sithuminashanthi.com/seelayedi/
https://groups.google.com/forum/#!msg/dhammamedicine/8_q5EMry3zo/UcX2xLiDYfYJ

Sunday, March 6, 2016

රූම් සහ නිදහස් චතුරස්‍රය

නිදහස් චතුරස්‍රයේ ජෝඩුවක්ගිහින් පොඩි සිද්දියක් වෙලා..ජෝඩුවක්ය කීවෙ ගෑල්ලමයෙකුයි පිරිම ලමයෙකුයි. මේක නිදහස නැති කිරීමක්ය..කියලා කස්ටිය චෝදනා කරනවා.. සික්ඛාපදං හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන සිකුරිටි අංකල් ලා තුන්දෙනක් එක්ක මේ ගෑනුලමයෙක් කට ගහගෙන යන වීඩියෝ එකකුත්තියෙනවා.. සිකුරිටි කාරයා කියන්නෙ මේ රටේ පීඩිතපංතිය නියෝජනය කරන කෙනෙක්..අනේ ඒ මනුස්සය මොකද්ද කරන්නෙ.. එයාට කොරන්න කියල තියෙන වැඩේ එපායැ කරන්න.. 

අද ඒකට මොකද්ද ඉවන්ට් එකකුත් දාලා තියෙනවා දැක්කා.. 

මේ වැඩෙන් එකපිරිසකට හොදක් වෙනවා.. ඒ තමයි රූම් යනකං ඉවසීමක් නැතුව බලා ඉන්න කොල්ලො...බොහෝවිට කොල්ලා කෙල්ලට සිය දාස් වාරයක් නාහෙන්අඩලා තමයි රූම් එකකට ගිිහන් නිදහසේ කිස් එකක් වත් දෙන්නවරමක් ලබාගෙන්න. ඒ වගේ රූම් එකකට ගිහින් අවශ්‍ය තැන් ටිකක් මසාජ ්කරගන්න ආසාවෙන් කෙල්ලෙක් ඉන්නවා නම් ඒ කෙල්ල මූන දෙන්නෙත් ලෝකොත්තර ගැටලුවකට... මොකද ලිංගික ආසාවන් තියෙන සහ තියෙනවාය කියල පිලිගන්න කෙල්ලො ඉන්නවා නම් අපි කැමති ීඋන් බඩුකියලා දකින්න නෙව.. 

ඉතිං මේ වගේ කොල්ලො කෙල්ලො එකතු වෙලා පේම කරන තැන්වල ටිකක් අමුතු ආතල් එකක් තියෙනවා..ගෝල්පේස් එකේ සහ වෙරලබඩ තැන්වල සහ පාක්වල එසේ පෙම්කරන ජෝඩු දිහා බලංඉන්න එක  විනෝදාංශය විදියට කරන පිරිසකුත් ඉන්නවා.. 

නිදහස් චතුරෂ්‍රය යමෙක් පෙම්වතුන්ට තහනම් කලාපයක් කරනවා නම් ඒකෙ මම වරදක් දකින්නෙ නෑ.. පෙම්වතුන් යන ගොඩක් තැන්වල ලමයි ලපටි එක්කරං යන්න බෑ..පෙම්කරන උන්  පෙරලගෙන කිස් කරනවා.. එක එක තැන් අල්ලගන්නවා පිස්සුවෙන්වගේ.. ඉන් පස්සෙ ලමයි ගෙදර ගිහින් අහන පස්නවලට සහ එවෙලේ අහන ඒවට උත්තර නෑ දෙමාපියන්ට.. ඒ නිසා පෙම්වතුන් ගිහින් පෙම් කරන්න ගන්න තැන්වලටලමයිට යන්න බැරි පොඩි අවුලක් තියෙනවා.. 

පෙම්වතුන් පෙම් කරන්නෙ නැතුව අත් අල්ලගෙන සාමදානෙන් ඉන්නවා වෙන්න පුලුවනි.. නමුත් පෙම්වතුන් නම් උන් පෙම් කරන්න එපායැ.. සිත කලකිරිලා බාවනා කරන්න යන ජෝඩුවක් වගේ බලාගත්ත අතේ උන්බලං ඉන්න නං පෙම් කරන්න එන්න ඕනියැ.. 

හැමදෙයක්ම ආන්ඩුවෙන් අපිට කියල හිතන අයට දැන් තියෙන ගැටලුවක් තමයි පෙම් කරන්න තැන් මදි වෙන එක.. නිවාඩු දවසක කොළඹට බැස්සම හැමතැනම පෙම් කපල්.. අපේ නගර නිර්මාණ ඇතුලෙ පාක් සහ පෙම්වතුන් ගැන සිතන්නෙ නෑ.. මම හිතන්නෙ වදින්න පුදන්න වැලපෙන්න නගරයක තියෙන සිද්දස්ථාන ආදිය ගන්න ඉඩකඩට වඩා පොඩි ඉඩකඩක් තමයි  පෙම්වතුන්ට වෙන්  වෙලා තියෙන්නෙ.. 

මේක ඉතිං ආන්ඩුවෙන් මැදිහත් වෙලා හදල දෙනෝ නං හොදයි ...ඒත් ඉතිං එහෙම බැරිකොට සමහර උයන් ආදිය තියෙනවා සල්ලි දීල යන්න.. ඇතැම් ආපනශාලා සිනමාහල් වල පෙම්වතුන්ට වෙනමම කොටස් වෙන්කරලා තිබෙන වෙලාවල් තියෙනවා.. 

ඒ ඇර බොහෝ පෙම්වතුන්ගේ ඒකායන අරමුණ වෙන රූම් කියන සංකල්පයත් තියෙනවා.. සතියක් තිස්සෙ මහන්සිවෙලා වැඩකරලා හෝ ඉගෙන ගෙන සතිඅන්තයේ හෝ හැන්දෑවක සෙට් වෙලා වෙනද වගේ රටේ ගමේ අපේ පස්න කතා කර කර කාලෙ කන එක විඩාබර මනසට තවත් විඩාවක්.. ඉතිං ඒ නිසා ඇතැම් ජෝඩු සතියකට වරක් කරන වතාවත් කිරීමක් විදියට සතියට වරක් රූම්, බොක්ස් හෝ එලිමහන් තැනක තදින් පෙම්කරන්න යන්න පෙලඹෙනවා.. 

විමලරත්න කුමාරගම උන්නැහේ අයියනායක කයි පන්තියේ මෙහෙම කියනවා.. 

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම 


මගේ ජීවන රටාව දන්න කියන ඈයො දන්නවා මම ඔ්‍ය ගෑනු ලමුන් සමග ඇවිදින්න යන්නතියා පීසා කන්න ගෑනු ලමයෙක් සොයාගන්නෙත් බොහොම ආමරුවෙන්.. ඉතිං ඒ නිසා.. මට කියන්න තියෙන්නෙ. 

අත් පටලා තුරු ගොමු යට සැගවීම...
අහු මුලු සොයා රෙදි යට අත කැරකීම..
නිවාඩු දින සැප සොයාන පිටවීම...
මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම.. 

ආසාවල් හංගගෙන ලෝක අපවාදයට බියේ.. නිදහස් චතුරස්‍රය අස්සෙ පංසල් අස්සෙ, දේවාල අස්සෙ, පොදු තැන්වල රිංගන්න යන සදාචාර පෙම්වතෙකු නොවී හැගීම් වලට උතුරායන්න ඉඩදෙන යථාර්ථවාදී පෙම්වතෙක් වෙන්නට හැකියාව පෙම් කරන වයසේ පෙම්වතුන්ට ලැබේවා.. 

මං මීට කලකට පෙර දැරූ අදහසට වඩා මේක ටිකක් වෙනස්.. මේ බ්ලෙග් එකේම අතීත ලිපියක මම ලියල තිබුනා මතකයි දෙමාපියන්ගේ මුදලින් යැපෙන උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ඒ දෙමාපියන් දෙන මුදල් හදල් වලින්  ප්‍රේම කිරීම වැරදිය කියල අදහසක්.. නමුත් පසුකාලීනව මට හිතුන දෙයක් තමයි ලිංගිකත්වය හෝ ප්‍රේමය කියන එකපාලනය කිරීමට යොදන අපමණ වෙහෙසට වඩා එය ලබාගන්නට උත්සාහ කරන උත්සාහයේ හෝ අපූරු චමත්කාරයක් තිබෙනවා.. 

Tuesday, March 1, 2016

ආහ් !! ලිංග ණය 2

මනෝරාජික දම්මි සිතන අයුරු..

අරවින්ද මහත්තයාගේ වලත්ත යෝජනාවට සුගත් නම් කැමැති වන වගක් නොපෙනේ.. අරවින්ද වූ කලී අනුන්ගේ සිත් වෙනස් කරන මිනිසෙකි. සුගත් වනාහී ලෝකයේ සියල්ල දෙවියන් මවා අවසන් කර ඇති අතර තමාට ඇත්තේ දාස වැඩක් පමණකයි සිතන වහලෙක් මෙන් සිතන අයෙකි. මෙයට මා කැමැති වුනොත් කෙතෙක් අකමැති වුවද සුගත් එයට විරුද්ධ වෙන එකක් නැත. බොහෝ කරුණු වලදී අනෙකාට අධිපති කම දී ඔහු නිකං සිටීම සුගත්ගේ ගතියයි. දම්මි සුගත්ට කැමැති වීමට ලොකු හේතුවක් නැත. නමුත් තමා වැනි දුප්පත් කෙල්ලක ගුරු රස්සාවක් ඇති නිසාම කසාද බැදීමට කැමති අය බොහෝ වුවත් සුගත් ඒ අතර හොද අයෙකි..

ඇතැම් යහලුවන් කියන්නේ පත්තරේ ඇඩ් එකක් දැම්ම නං තොට ඔය සුගා වගේ එකෙක් නෙමෙයි හොද සල්ලිකාරයෙක් හොයාගන්න තිබුන.. අනික උඹේ රූපෙන් හැඩෙන් අඩුවක්ය කියලයැ..

නමුත් සල්ලිකාරයෝ මේ ගමේ නොවෙති.. එකම දුවනිය නිසා දෙමාපියන් තනි කරදා බොහෝ දුර යා නොහැක. ඔවුන්ද නැති..කුඩා කල සිට ගුරුවිද්‍යාල දෙවසර පමනක් නොමැතිව සිටි මේ ගම හැරදා වෙනත් ලෝකයකට යෑම ගැන දම්මිට ඇත්තේ බියකි. එය ඇතැම් විට හොද වන්නට පුලුවන. නමුත් සුගත් යනු තමුන්ට නම්මා ගත හැකි අයෙකි. දෙමාපියන්.. ගම.. මේ පාසැල.. ජීවිතය මේවා වටේ කැරකෙනාව විනා තවත් ඉහල අක්ෂ වල ජීවිතය රදවන්නට ගොස් කඩාවැටෙන්නට වේ යැයි දම්මි සිතුවේය.. අවසානයේ සුගත් දම්මි පෙම් කතාව විවාහයකින් කෙළවර දකින්නට නියමිත විය.

අරවින්ද මහතා හැන්ඩියෙකි. ඔහු පාසලේදි විවිධ වැඩසටහන් වලට උදව් දෙයි.. පැමිණ සහභාගි වෙයි.. එකල ඔහු විසි ගනන් වල මුල හරියේ සිටියදී පාසැලට පැමිනෙන විට කෙල්ලන් අරවින්ද දුටු වේ හින්දි චිත්‍රපටියක නලුවෙකු ලෙසිනි. ඔහුගේ ගති පැවතුම්ද තරම්ක එයාකාරය..

අරවින්ද මහතාගේ අව් කන්නාඩිදෙක ඩෙනිම.. ටී ශර්ට් එක.. නිවාසාන්තර උත්සවයේ ටයි දමාගෙන සිටින බොහෝ ආරාධිත අමුත්තන් අතර ඔහු කැපී පෙනෙන්ට හේතු විය. අරවින්ද මහතා දම්මිගේ පස්සෙන් එන්නට ගත්තේ කලක සිටය.. ඔහු දෙස ඈත සිට බැලුවත් ඔහු දෙස කෙලින් බැලීමට ඈ බිය විය. .. අරවින්ද කෙතෙක් ලොකු හපනෙක් වුවද දම්මිගේ එක් වචන පේලියකදී ඔහු නිශ්ෂබ්ධ වෙයි..

ගුරුවිද්‍යාල කාලය තුල අරවින්ද විවාහ වී තිබුනි. අරවින්ද පැමිණි බොහෝ අවස්ථාවල ප්‍රතික්ෂේප කලත් දම්මි අරවින්දට කුමක්දෝ ලැදියාවක් තිබුනි.. පාසලේ සම වයසේ කෙල්ලෝ බොහොමයක් අරවින්දට මනාප වී තිබුනි.. ඉදා මං විතරයැ අරවින්ද මහත්තයට කැමති.. මුං ඔක්කොම කැමති නේ.. මුවින් නොබැන්නත් දම්මිට එසේ කියන්නට සිතුනු වාර තිබුනි..


දම්මි සුගත් විසින් ගෙනෙන්නට යෙදුන අරවින්ද මහත්මයාගේ මදුසමය බෙදාගැනීමේ යෝජනාවට අකමැති නැත.. නමුත් කැමතිද නැත. එයට ඇති යටහිතේ කොණක වූ අරවින්දගේ රූපය හා සම්බන්ධ ආසාව උඩ ඇති බොහෝ දේ වලින් වැසී ඇත..

ණය විසින් ජීවිතය ගිලගෙන ඇත. අරුම පුදුම දේවල් ටීවි එකේ නිතර දකිතත් තමුන්ට අලුතින් විලවුන් කුප්පියක් ගන්නට පවා කීයක් වත් ඉතිරි වන පාටක් නැත.දම්මි සිතුවාය.  අම්මාද ගිය මසට තුන් වරක් බෙහෙත් ගන්නට එක්කරං යන්නට විය.. තාත්තා ද දැන් දැන් තරමක් අබල දුබල කම් වැඩියෙන් පෙන්නුම් කරයි.. මේ තත්වය යටතේ විවාහය යනු මුදල් නාස්තියකි. නමුත් මේ විවාහ මංගල්‍යය යනු නෑදෑ පන්තියට සහ ගම්මුන්ට සිය තත්වය පෙන්වන දෙයකි..දම්මිගේ සිතට නෑයින් ගැනත් මේ සමාජය ගැනත් වෛරයක් ද විටෙක පහල විය.

ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන මේ මහා මංගල්‍යය ලොකුවටම නැතත් තරමක ලකයට ගැනීමට දම්මි ගේ හිතේ ලොකු ආසාවක් ඇතිවිය. නමුත් තව තවත් ණය වන විට තවත් හිරවී ජීවත් වන්නට සිදු වේ.. මේ මට්ටමට ගිලී ඇති වට හුස්ම ගන්න අපාසු වී ඇති කොට..තවත් ගිලුනොත්.. දම්මිට හිතාගන්නට අපාසු විය.

ඇරත් අරවින්ද කියන්නෙ කැත එකෙක්යැ. මිනිහ නළුව වගේ.. ඇත්තටම මං සුගත්ටද කැමති අරවින්දටද? බොහෝ වේලාවක් ගතවීත් දම්මිට සිතාගන්නට බැරි විය..

ණය උගුල..

වැඩක් නෑ.. දම්මි. ඔන්න ඔයා අපේ ගෙදරට එන්න..කෙහෙම්මල් විවාහ ඕනි නෑ.. මොන බම්බුවක්ද කිසි තැනකින් ණයක් ගන්න බෑ.අර පරය හනිමුන් එක ඉල්ලනවා.. ඒ අස්සෙ.. ගොන් පකය.. සුගත් කීවේය..

මෙසේ ගත් කටට කීවාට ගුරුවරියක් වන දම්මි දැන් ගමේ යම් කිසි තත්වයක් ඇති අයෙකි.. වෙඩින් එක්ක යාන්තමින් හෝ ගත යුතුය. එසේ නොවුනහොත් එය කලක් යන තුරු ගමේ තුඩ තුඩ රැව්දෙන්නේ හොරාට පැනලා යාමක් මෙන් වූ තත්වයකිනි..

සුගත්... ඔයා මොකද හිතන්නෙ අරවින්ද ගැන.. දම්මී මුට්ටිය දා බලන්ට සිතුවාය..

ගෑනියෙක් වෙනුවෙන් අරවින්ද ලොක්ක ලක්ෂ හතරක් වියදම් කරන්නෙ නෑලු කවදාවත්..ඒත් ඔයාට තියෙන ආදරේකටයි. මං එතන වැඩකරන නිසයිලු.. ඒ තරං වියදම් කරන්නෙ..

අනික අරවින්ද මහත්තයා ගොඩක් තැන් දන්නව කිව්වා අන්දන පලදිනහොද තැන්..පොටෝ කාරයො..හෝල්.. ලග ටවුමෙම එයා දන්න තැන් දෙක තුනක්ම තියේ කිව්වෙ..

සුගත් ණය ගැනීමට බැංකු සහ පොලී කරුවන් ලග දනින් වැටී අවසන විසදුමක් නොමැති කමින් දෝ අරවින්දට තරමක් හෝ බුරුලක් පෙන්වා දම්මීට කතා කලේය..

මට ඕක පේන්න බෑ.. පාහරයා.. අපේ ගමේම සාරෙ ඌ හූරං කාල අපේ ඇගවලුත් හූරං කන්න එනවා.. දම්මී අරවින්දට බනිමින් වාක්‍යය පටන් ගත්තාය. ඒත් සුගත්.. අපිට වෙන කරන්නම දෙයක් නෑනෙ.. කවුරුවත්ම මේක දැනගන් නෑ අපි තුන්දෙනා ඇර.. ඔයැයි කලිං කිව්ව විදියට සුගත්... අරවින්දට ත් මේක ලොකු ලැජ්ජාවක් ආරංචි වුනොත් එලියට..

අපි තුනදෙනා විතරක් දන්න රහසක්.. මට මතක් වෙද්දිත් අප්පිරියයි.. ඒත් අපිට හොරාට පැනලා ගිහින් නිකං හතර වටෙන් කතා අහං ගමේ ඉන්නවට වඩා මගුල ඒ විදියට හරි ගත්තොත්.. මං මේ වනචර කමකට නෙමෙයි කියන්නෙ සුගා..

මං දන්නව දම්මි.. සුගත්ගේ නෙත්වල කදුලු පිරීයන්නට විය.. දෙදෙනා එකවරම වැලදගන්නට විය..

සිද්දිය


අරවින්ද විසින් දෙනවා යැ කියූ මුදල තනිකර සල්ලි කොල වලින් දුනනේ නැත. ඔහු විසින් සොයාදුන්පොටෝ කරුවන්.. හෝල් එක.. හනිමුන් හෝටලය..ආදී සියලු දේ වල බිල් ගෙවන්නට අරවින්ද එකග විය..ඇදුම් පැලදුම් වලට අවශ්‍ය වන ලක්ෂයක පමණ මුදලක් අරවින්ද විසින් සුගත්ට දෙන ලදී..

සැන්දෑවේ 7ට පමණ කාර් රියකින් අධිමිල වෙසගනක් ද සමග අරවින්ද පැමිණියේය.. ඇය මදකට පසෙකට කොට අරවින්ද දම්මී සමග නික්ම ගිය පසු සුගත් ගේ කාමරයට ගොස් ඔහුට හොදට පොවන ලෙස වෙසගනට උපදෙස් දෙන ලදී.. ඇය කලින් කැරෝකේ එකක වැ ඩ කර තිබු නිසා මිනිසුන්ට පෙවීම ගැන අයට විස්තර කරන්නට උවමනාවක් නොවීය.. අරවින්ද එවිට සැහැල්ලු ඇදුමකින් සැරසී සිටි දම්මි ද රැගෙන වෙනත් හෝටලයකට කාර් රියෙන් ගියේය.

ඇඩීමට පවා එහා ගිය වේදනාවක් දම්මිට තිබුනි. එබැවින් කදුලු පැන්නේද නැත.. ඇය මෙවැන් රාත්‍රියක වූ මිහිර ගැන කලක් තිස්සේ සිහින මැව්වේය.. නමුත් අවසානයේ.. ?

අරවින්ද ඉතාම මෘදු ලෙසත් අව්‍යාජ ලෙසත් කතා කලේය.. ඔහු කරන්නේ වරදක් බවත්.. එය හොදින්ම දන්නා බවත් ඔහු කීවේය.

ඔහු සතුව ඇති මිනිසුන් නම්මවා ගැනීමේ හැකියාව ගැන දම්මි මීට කලින් අසා තිබුනද එය සැබැවින්ම ප්‍රාෙයා්ගිකව දුටුවේ එදාය..

මුලින් මුහුන දෙස බලාගෙන බොහෝ වෙලාවක් සිටි අරවින්ද ඇගේ අතින් අල්ලන්නට විය.. ඔහු ආලිංගන කාරිය පටන් ගන්නට පෙර බොහෝ කතා කලේය. දම්මිටද ටික වේලාවක් ගියතැන අරවින්දට බනින්ට සිතක් පහල විය.. නමුත්.. කිසිවක් බැනීමෙන් කිසිවක් වෙනස් නොවන බව දම්මිට පසක් වී තිබුනි..

අරවින්ද විසින් එවන්ට යෙදුන වෙසගන හොදින් සුගත්ට පොවා සුගත්ගේ පතිවත කෙලෙසන ලදී.. සිදු වන්නේ කුමක්ද යැයි නොදැන සිටි සුගත්.. ට මානසික වේදනාව යම්තාක් දුරකට හෝ මෙයින් සමනය වන බවක් තේරී තිබුනි.. ඔහුට වෙරිමතින්ම බත් කවන අතක්ද තිබුන බවක් යාන්තම් මතකයක් සුගත්ට තිබුනි..

පසු දින උදෑසන හෝටල් කාමරයට දම්මි පැමිනෙන ලදී.. ඉන් පසු දෙදෙනාම ඒ ගැන වැඩි මනක් කතා වක් සිදු නොවුනේය.. වැඩි මනක් නොවඒ ගැන සදහන් කිරීමක් වත් දම්මි හෝ සුගත් අතින් සිදු නොවීය.. එදින ම ඔවුන්ට වෙන් කර තිබූ කාර් රථයක ඔවුන් දෙදෙනා නුවර එළිය බලා නික්මෙන ලදී.. උත්සව දෙකම එක් දිනයක සුපිරි ලෙසම පැවැත්වූ නිසා ඔවුන්ගේ මදු සමය දින දෙක තුනක් ගතවෙන එකක් විය..

ප්‍රහාරය..


මාස දෙක තුනක් ගතවන්නට විය. දිනක් හදිසියේම අරවින්ද දම්මිට කතා කරන්නට විය.. ඔහු එවිට සිටියේ දරුණුවටම බීමත්වය.. හවස 4 පමණ වූ එවිට සුගත් නම් ගෙදර පැමිණ සිටියේ නැත.

දම්මි.. ඔයා ...ඔයා.. ඔයා.. මට මොකුත් කියන්න දෙයක් නෑ දම්මි.. අනේ මන්දා දම්මි.. මට සොරි වෙන්න සොරි..රී...රී.. ම වෙන්න..

මාව තේරුංගන්න දම්මි.. මං නරක එකෙක් වුනත් එච්චරම නරක නෑ.. ඒත් මට ඒක කරන්න හිතුනා.. මට සමාවෙන්න.. ඔයා දැන් මගේ මූන බලන්නෙත් නෑ.. එහෙම කරන්න එපා දම්මි.. අරවින්ද හඩාවැටෙන හඩින් කියන්නට විය..

අරවින්ද මහත්තයා.. ඔයා මගෙන් මොකුත් අහගන්න නැතුව පෝන් එක තියනවද?

දම්මි අරවින්දට කියන්ට විය..

හා තියන්නං දම්මි.. ඒත් මට තවත් ඔය සුගත්ගේ මූන බලන්නත් බෑ.. මං අලුතින් ප්ලාන්ට් එකක් ගහනව වෙන .බිස්නස් වැඩකට.. එතන තමයි ඔපිස් එක.. මං මේ තනියට බෝතලයක් අරං ආවා.. අද හොද කටගැස්මක් ලැබුන දඩ මස් ටිකක්..උයල.. ඒකට සෙට් වෙලා පොඩ්ඩක් ගහන කොට මට ඔයාව මතක් වුනා.. සොරි.. මං කරදර කලාට..එ හෙනං තියන්නං.. ඔයා කතා කලාම වෙරිත් බාගෙට හිදෙනවා දම්මි.. සිරාවට..

හුම්.. ඇමතුම කට් වූ පසු දම්මි සිතන්නට විය..


ඒ නව වැඩබිමේ තවමත් ඉදි වී ඇත්තේ නව ෆැක්ටරියේ කාමර තුන හතරක් පමනි.. අලුත් පැක්ටරිය සම්පූර්ණ වීමටත් ප්‍රථම අරවින්ද ගොස් එහි පැලපදියම් වූයේ.. එහි අඩුපාඩු සොයා හොදින් එය සැලසුම් කිරීමට යැයි ග්මමු කියති.. අරවින්ද පරණ පැක්ටරිය විකුනන කතාවක්ද එහෙන් මෙහෙන් පැතිරේ..


දිනක්.. පාසැලෙන් ශෝට් ලිව් එකක් දැමූ දම්මි..

අරවින්ද මහත්තය.. ඔයා අද ඔය ඔෆිස් එකේ ඉන්නවද? යැයි අරවින්දගේ නම්බරයට කතා කර ඇසීය..

ඔවු දම්මි.. ඇයි..කරදරයක්ද? කියන්න..මං එන්නම්..ඕනිනම්..

නෑ නෑ මහත්තුරු අපි පස්සෙ ඇවිත් වැලි ගාගන්න ඕනි නෑ මං ම එන්නම් මහත්තය හම්බෙන්න..මේ පොඩි වැඩකට.. ලොකු දේවල් හිතන්න එපා.. දම්මි කීවාය..

දම්මි වැඩපලට ගියේය. අරවින්දගේ කාමරයේ සිටියේ අරවින්දත් සහායකයෙකුත් පමණි..

දම්මි ගිය වනම අරවින්ද.. මේ නිමේෂ්.. පොඩ්ඩ්ක ඔයා ඩ්‍රෝවින් ඔෆිස් එක පැත්තෙන් ගිහින් ඉන්නවද ..මේ මිස් එක්ක ඉස්කෝලෙ ගැන පොඩි කතාවක් තියෙනවා.

සැනින් නිමේෂ් අතුරුදන් විය..

නිමේෂ් ඈතට ගිය බව සැකහැර දැනගත් දම්මි ගොස් කාමරයේ දොර ලොක් කොට පැමිණියාය..

මෙය අමුතු සංඥාවක් බව වටහාගත් අරවින්ද පැමිණ දම්මි දෙස බලන්නට විය.. කලබලෙන් මොකද දම්මි..වාඩිවෙන්න අපි කතා කරමු.. මට වාඩිවෙන්න ඕනි නැහැ ඕයි..

දම්මි චටාස් ගා අතුල් පහරක් අරවින්ද ගේ කම්මුල මතට මුදා හැරියාය..

වරත්තු බල්ල.. තේ වගේ අවලමෙක් මම ජීවිතේට දැකලා නෑ .. තෝ පාහර කම් කරල ඒ මදිවට එනවා තා කෝල් කරල සමා ඉල්ලන්න.. මට තාමත් වෙලාවකට ඒ මිනිහගේ මූන බලන්න බෑ..

අර මොකෙක්ද මූසලයෙක් එව්වෙ පොටෝ ගහන්න..උගේ පොටෝ ඉයෙ පෙරයිද ලැබිල තිබුන.. හැම එකාම සෝක් සෝක් කියල බලනවා.. අර සුගත්ලයි නංගි වේසි.. ඒකි දාගෙන බලනවා ඒක ෆිල්ම් බලන්න වගේ..ඇස් ද්වේශයෙන් පිරී ඇත.. අරවින්දට කරකියාගන්නට දෙයක් නැත.. ඇයට කතා කරන්නට ඉඩදීම හැර වෙනත් දෙයක් අරවින්දට නොවීය.

මොකද තෝ බිම බලාගෙන බලපිය මේ දිහා බලපිය..

ශබ්ධය මද වුවත් දම්මිගේ ගිනි සැර වචන මාලා ඉදිරියේ අරවින්දට නැමෙනු හැර වෙනත් කිසි වක් ඉතිරි වී නොතිබුනි..

මිනිස්සුන්ගේ ආත්ම එක්ක සෙල්ලං කරන බොලා වගේ සක්කිලි.. ගහපියව් මේ වගේ මාලිගා.. කාපියව් අපිව හෝදගෙන..

දම්මි මාව තේරුංගන්න දම්මි.. මං වරදක් කලා.මං සමාව ඉල්ලුවා..ඇයි මේ ඔයා.. ඔයා දන්නවා මම ඉන්න තැන..

අරවින්ද පින්සෙන්ඩු වන්නට විය.. අරවින්ද ඇගේ අත අල්ලාගන්නට වැයම් කලේය.. ඇය ඔහුට අත අල්ලන්නට ඉඩ දුන්නාය..

ඔයා මේ අතින් මට කොච්චර ගැහුවත් කමක් නෑ දම්මි.. අපි හැමෝම මනුස්සයො.. මිනිස්සුන්ට වරදිනවා.. තේරුම්ගන්න ප්ලීස්..

ගැහුවට කමක් නෑද්ද එහෙනං.. දම්මි නැවතත් හිස ඔසවා රුදුරු වෙසින් අරවින්ද දෙස බැලුවාය..

එක අතක් දැන් අරවින්ද ගේ ඇගිලි මත සිර වී ඇත. අනික් අතින් අරවින්දගේ පපුවට ගසන්නට දම්මි පටන් ගත්තේය.. ටිකෙන් ටික ඇගේ වේගය අඩුවන්නට විය..

කදුලු වැල් මතින් අරවින්දගේ පපුව මත දම්මි තුරුල් වන්නට විය..

අරවින්ද.. නරුමයා.. ඒත් .. අරවින්ද.. ඔයා.. තවත් වචන කියන්නට අවකාශ නැතිවිය.. අරවින්දගේ සහ දම්මිගේ දෙතොල් එක්වී එක් තරා තාල රැසක් මවන්නට පටන් ගත්තේය..

දම්මී විටෙක ඔහුව හපන්නට යනවාදෝ සිතෙන තරමට දම්මී අරවින්ද කෙරෙහි ආශක්ත වී ඇත.. ඔවුන්ට දැන් දෑස් මුනගස්වාගන්නට වාරයක් හෝ පෙම් වදන් තෙපලමින් කල් මරන්නට කාලයක් නොමැත.. අවසාන මිනිත්තුව පැමිණියාසේ දෙදෙනාම ඉක්මනින්ම  ක්‍රියාවලිය ආරම්භ කරන්නට ඇත. 

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...