Wednesday, January 11, 2017

විවෘත විවාද

ටීවි එකේ හැන්දෑවට ඉස්සර ගියා..(දැනුත් යනවැති බලන්නැති නිසා දන්නෑ.) විවාද. දෙගොල්ලක් දෙපැත්තට බෙදිලා විවාද කරගන්නවා කාරණාවකට.. එයාල පුටුවෙන් නැගිටින්නේ පුක ගිනි අරගෙන වගේ..ඉන් පස්සේ රම්පෙට පොරි හැලෙන්න දීගෙන දීගෙන දීගෙන යනවා අබ පුපුරුන්නැහේ..අනික් පැත්තට. ඉතිං ඒ වගේ විවාද කිරීම ස්කිල් එකක්ලු නේ.. ඒවට ලකුනු කාරියත් දෙනවා.. මට නම් ඒ විවාද තියෙන  ශෛලියම විකාරයක්. තරග වලට හුරුකරන බල්ලෝ වගේ නිතරම තරග කරා මෙහෙයවන අපේ රටේ දරුවන්ට තවත් එක තරගයක් තමයි විවාද..එහෙම නැතුව ඒකෙන් හැදෙන ස්කිල් එකක් නම් තියේද මන්දා. 

මිනිස්සු විදියට අපිට පුලුවනි වචන වලින් සන්නිවේදනය කරන්න. එහිදී වඩාත් වේගයෙන් වචන ගොඩාරියක් කියන කෙනා ම නෙමෙයි දක්ෂ සන්නිවේදකයෙක් වෙන්නේ. දක්ෂ සන්නිවේදකයාට තර්ක බිදීම පමණක් නෙමෙයි හොද ආකර්ශනයක් තබාගන්නට හැකි වෙන්න ඕනි මුලු කතාව පුරාම. 

මේ දවස්වල අපේ කොම්පනියේ ස්ට්‍රයික් මාලාවක්. මම ඒ ස්ට්‍රයික් වලට සම්බන්ධ නොවි හොරිකඩ පාර්ශවය නියෝජනය කරනවා. හොරිකඩ පාර්ශවය වුනාට මම ඉන්නේ පාලනාධිකාරිය පැත්තේ නෙමෙයි..ඔහේ මෙලෝ රහක් නැතුව වැඩට යන ගොඩේ.. මෙතනදි මම මැද ඉන්න නිසා මට දෙපැත්තේම අයගේ කතාන්දර ඇහෙනවා.. 

සේවකයෝ තමුන්ගේ යූනියන් වලට නායකයින් පත් කරගන්නවා. ඉන් පස්සේ ඒ අය මාර්ගයෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හරහා බලකරලා තමුන්ගේ ඉල්ලීම් දිනාගන්න උත්සාහ කරනවා. එතකොට වෘත්තිය සමිති විසින් නිරන්තරයෙන්ම පාලනයේ වැරදි තොග ගනන් දෙසා බානවා..එයාල පාලනයේ ඉන්න අයට සද්දේන් බනිනවා. 

වෘත්තිය සමිති තියෙන සමාගමක පාලනාධිකාරිය තරමක් සීරුවෙන් වැඩකරන්නට ඕනි. බොහෝවිට වෙන දෙයක් තමයි වෘත්තිය සමිති රැසක් තිබෙන ආයතන පද්ධති වලදි පාලනාධිිකාරිය තමුන්ට සුවච කීකරු කුක්කෝ සෙට් එකක් තියාගෙන ඉන්නවා..එයාල මාර්ගයෙන් ඉතාම බාල විදියේ ප්‍රෙව්ශයකින් තමයි ඉන්පසු ගැටළු විසදාගන්න යන්නේ. කුක්කෝ පන්දමෝ, හොරිකඩයෝ හෝ වෙන නම් වලින් හදුන්වන මෙම කඩේ යන වෘත්තිය සමිති ඇතැමෙක් කඩේ ගිහින් තමුන් ජයග්‍රහන ලබාගෙන ඇති බවත් කියනවා.. 

වෘත්තිය සමිති පමණක් නෙමෙයි සේවකයින් පවා මානව සම්පත් කළමනාකරණයේදී කළමනාකරුවන් විසින් මදක් දුරින් ඇසුරු කරන්නට ඕනි.. නමුත් අවාසනාවකට අපේ කොම්පැනියෙත් බොහෝ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සංස්ථා ආදියෙත් වෘත්තිය සමිති කිහිපයක් පාලකයෝ ඔඩොක්කුවෙ දාගෙන කිරි දෙනවා.. නැත්තං වෘත්තිය සමිති කිහිපයකට පාලකයෝ නටවන්න තරම් උතුම් බලයක් ලැබෙනවා.. 

ඇත්තටම මම කතාකරන්න ආවේ අපි වැනි රටවල වෘත්තිය සමිති ආයතන පද්ධති සහ පරිපාලනය ගැන නෙමෙයි. රට තිබෙන්නේ පහල තුන්වැනි ලෝකයේ ..ඉතිං වෘත්තිය සමිති සහ ආයතන ව්‍යුහත් ඒ වගේම තමයි. 

හංගන්නේ මොනාද? 

වෘත්තිය සමිති මම දැනුවත්ව ගල් කෙබර කෙලිනවා තමුන්ගේ සාමාජිකයින් තමුන් වටේ තියාගන්න. ඒ වගේම පාලකයොත් සේවකයින්ට වෘත්තිය සමිති සහ ආයතනය ගැන විවිධ ආකාරයේ චිත්‍රපටි දානවා.. වෘත්තිය සමිතිවල සාමාජිකයින් විදියට වගේම ආයතනයේ සේවකයින් විදියටත් අපිට තිබෙනවා වගකීමක්. විටෙකදි අපේ වෘත්තිය සමිති දේවතාවෝ එහෙම නැත්තං අපේ නායකයෝ කියන වැල් බයිලා ඇත්තද? එහෙම නැත්තං ආයතනයේ ඉන්න ලොක්කො ්කියන වැල් බයිලා ඇත්තද කියලා අපිට හිතාගන්නට බැරි වෙනවා. 

වෘත්තිය සමිතියි පාලකයොය් පරිපාලකයොයි තියන සාකච්චා ආදියේ තීරණ අපිට අරං එන්නෙ වෘත්තිය සමිතිම තමයි. හෙද හෝ නරක උන් කියන එක අපි අහන්නට ඕනි. එහෙම නැතුව ඇත්තටම ඔය වෙන විවාද ආදිය අපිට බලන්න පුලුවන් නම්.. යූ ටියුබ් එකේ ඔන්ලයින් දැකගන්න පුලුවන් නම්..අපිට එතකොට මැනේජ්මන්ට් එක හරිද ? යූනියන් එක හරිද? නැත්තං දෙගොල්ලම වැරදිද කියලා තීරණය කරන්න හැකියාව ලැබෙනවා. 

මේක ප්‍රාෙයා්ගිකව අපහසු ඇති. නමුත් සේවකයින් විදියට අපිට ලොකු අයිතිවාසිකමක් තියෙනවා ඇත්තටම අපේ පස්නද මේ යූනියන් බුවාල කතාකරන්නේ? ආයතන ලොක්කෝ කොහොමද අපේ පස්න විසදන්නේ කියල දැනගන්න. 

රට ප්‍රජාතන්ත්‍රවාදී වුනාට අපේ රටේ බොහෝ ව්‍යුහවල ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. උදාහරණ විදියට දේශපාලන පක්ෂ. වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් විතරක් නෙමෙයි ඇතැම් වෙලාවට ගමේ ග්‍රාම සංවර්ධන සමිති වල පවා සමාජිකයින්ගේ අදහස  කියන්න ඉඩක් නෑ..කිව්ව්ත ක්‍රියාත්මක කරන්නේ නෑ. 

වෘත්තිය සමිති , ශිෂ්‍ය සංගම්, දේශපාන බලවේග, ආදිය කරන සාකච්චා ආදිය යූ ටියුබ් එකේ හරි වෙනත් තැනක හරි පබ්ලික් කරන්න බැරිද? එහෙම කලොත් මීට වඩා පොඩි හරි වෙනසක් වේවි නේද? ඕගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? නැත්තං අර පානදුරා වාදය ගම්පොල වාදය වගේ ප්‍රසිද්ධියේ මේ සාකච්චා ආදිය තියන්න බැරිද? 

1 comment:

  1. දියවන්නාවෙ විවාද සජීවිව පෙන්නනත් අවුරුදු ගනනාවක ඉඳල තෙපර බෑව නේද.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...