Tuesday, January 31, 2017

කොලිටිය සහ වටිනාකම

අපේ රටේ මිනිහෙක් කොයි තරං වටිනෝද/ ? මනුස්ස ජීවිතේක වටිනාකම ඉන්න කාලය දීපය දේසය කුලය මව වගේ සාධක මත වෙනස් වෙනවා. අපේ රටේ ඉපදුනාම ලැබෙන
වටිනාකමක් ලැබෙනවා..ඊට වඩා ලොකුවටිනකමක් අපේ ජීවිත වලට ඇඩ් වෙනවා..වෙනවා.. ඇති..ඒත් ඒකට අපි සමාජ ස්ථර වලින් ඉහල තැනක ඉන්නට ඕනි. එහෙම උන්නත් රටේ තියෙන දේවල් මත අපේ ජීවිතේ අගේ තීරණය වෙනවා. 

මාලඹේ උපාධි කඩයක් දානවාලු..ඒකෙන් ඩිග්රි දෙන්නේ කිසිම හොයාලැබැලීමක් නැතුවලු..ලෙඩ්ඩු මැරෙයිලු. ලෙඩ්ඩුන්ගේ ලෙඩ වැඩිවෙයි මැරෙයි..ඉන් පස්ස‍ේ නරක දොස්තරලා නිසා වෛද්‍ය ක්ෂේත්‍රයම සවුත්තු වෙලා යාවි..මනිිස්සු පවු.. 

දැන් ඔය මාලඹේ අය නඩු කියලා ඕකේ අවසරය ගන්නේ මිනිස්සු වෙනුවෙන්ද? නෑනෙ..එතකොට හිටිඅඩියේම නින්දෙන් ඇහැරිලා පාරට බැහැල ඕකට විරුද්ධ වෙලා ලෙඩ්ඩුන්ගේ අනාගතය ගැන හිතන්නේ අනේ මේ අපිට ආදරෙන්ද? නැහැ නෙව.. ඔක්කෝම තමුන් ගොඩයන්න මහජනයා කියල කට්ටිය පාවිච්චි කරනවා.. තියෙන්නේ පුද්ගලික අරමුණක් පමණයි.. තමුන්ගේ ආධිපත්‍යය සහ රැකියා වෙළදපොලට ආගන්තුක කුට්ටියක් පැමිණීමේ ඉරිසියාව වෛද්‍යවරු සමරනවා.. ඉන් පසු සයිටම් අය කොලිටිය මොක උනත් අපිත් දොස්තර වරු ඩෝ ආතල් එක සමරනවා.. 


කවුද නවලෝකේ කොලිටිය බලන්නේ 

ආසිරි නවලෝක හේමාස් ලංකා ආදී පුද්ගලික හොස්පිටල් තියෙනවා..ඒවට මිනිස්සු බුරුතු පිටින් යනවා..දැන් ඔය පුද්ගලික හොස්පිටල් ආදිය මොනිටර් කරන්න ලංකාවේ ක්‍රමවත් යාන්ත්‍රනයක් තියෙනවාද? එතකොට හොස්පිටල් නියාමනය කරලා මෙන්න මේ හොස්පිටල් එකේ කොලිටිය අඩුයි කියලා වැහුව එක හොස්පිටල් එකක් තියෙනවාද? මට නම් එහෙම නිවුස් එකක් වත් ඇහිල නැහැ.. ඇතැම් වෙලාවට පුද්ගලික රෝහල් වලට ලක්ස ගනන් දාස් ගනන් ගෙව්වත් කොලිටිය නම් බලු මාක්.. ඉන්න ස්ටාෆ් මෙලෝ රහක් නෑ..දොස්තර වරු..උන් කොහෙන් පහත්වුනු දොස්තරලද කියලා අපි දන්නේ නෑ.. 

පුද්ගලික විතරයිද රෝහල්..අපේ රජේ රෝහල්..ඒවයි කොහොමද තත්වේ..ඒවයි තත්වේ පාලනේ වෙනවාද? අ‍නේ අපේ මේ මිනිස්සුන්ට හරිහමන් සේවයක් ලැබෙන් නෑ..රෝගින් දුක් විදිනෝ කියල කවුරුහරි සෞඛ්‍ය සේවකයෙක් වර්ජනය කරනවාද? නෑනෙ..හැමෝම සලකන්නේ අනේ අපේ වැටුප් දීමනා වැඩිවුන් නැතොත් තමයි රෝගියා අසරණ වෙන්නේ කියාගෙන.. 


රජරට මෙඩිකල් ෆැකල්ටිය සහ සයිටොම්. 

දැන් දැනක නෙමෙයි මීට කලකට පෙර රජරට මෙඩිකල් ෆෑකල්ටියට වතුර නැතිවුනා..ලෙක්චරස්ලා හිටියේ නෑ..ඒ අවස්ථාවේ එතනින් බිහිවෙන දොස්තරලාගේ කොලිටිය අඩුවෙනවා කියලා කවුරුවත් පෙනීසිටියේ නෑ.. ඒත් එකපාර සයිටම් ආවම අනේ මෙන්න මිනි මරනෝ කියල විලාප ගහනවා.. 

ලෙඩ්ඩු මැරුනම දොස්තරල හිරේ ගියාද? 

දොස්තරලා වැරදි කරලා ඔපරේසන් වැරදිලා හෝ බෙහෙත් වැරදිලා නොසැලකිල්ල නිසා ලෙඩ්ඩු ලංකාවේ මැරෙනවා බොහොම අඩුයි..ඉතාම කලාතුරකින් තමයි දොස්තර ගොල්ලා උසාවි ‍ෙය් විත්ති කරුවන් වෙන්නේ..වැරදි කාරයෝ වෙන්නේ ඊටත් කලාතුරකින්.. මනුස්ස ජීවිත කියන එකේ අගය එතනින්ම යම් තේරුමක් එනවා ඇති. 

අපි තුන්වැනි ලෝකයේ හද්ද හම්පඩ දුප්පත් රටක්.. මේක සුද්දා ආවේ නැත්තං ඇවිල්ල තනිකර පැපුවා නිව්ගිනියාව වගේ එකක්.. ආහ්..ඒ ම වෙන්නෙත් නෑ..සුද්දට කලිං මේකට නැව් ආවා මොකද ඉන්දියානු සාගරේ මැද තියෙන නිසා.. 

මේක ඇතුලේ කොලිටි, නීති, අජ්ජාපනේ.. සෞක්‍යය වගේ හැමදෙයක්ම බාලයි..අපිට එතනින් එහාට යන්න බෑ.. කොහොම උනත් මේක චක්‍රීයයි.. මම මෙහෙම නැතුව දොස්තරලයි පැත්ත අරං ලිපි ලිව්වාය කියලා කවදාවත් දොස්තරලා ගේ පැත්ත දිනන්නේ නෑ..මොකද මිලියන 12 ඒවා බර තොගයක් කියන්නෙ සුවිසාල සල්ලියක් නේ.. 

සෞඛ්‍යය දියිනු කරන්නේ කෝමද? 
අපේ අධ්‍යාපනය දියුනු කරන්නේ කෝමද? 
මිනිස්සුන්ගේ ජීවිත වල වටිනකම වැඩිකරන්නේ කෝමද?
නීතිය මිනිස්සුන්ට වඩාත් සමීප කරන්නේ කෝමද?

ඕනිනං අපි ඒව ගැන විවාද කරමු..ඒත් වලව් දෙකක් අතර යුද්දෙයක් මැද්දට ගිහින් නිකං අතවර වලට ලක්වෙන එක කිසිම තේරුමක් නැහැ..මම ඉන්නේ අපි කොහොම විරුද්ද වුනත් නෙවිල් මුදලාලි දක්සයා.. මිනිහා ඕක ගෙනෙයි.. මෙච්චර කල් කරගන්න බැරි වුන බිස්නස් එකක් මිනිහ ගොඩදැම්මා..එක අතකින් මිනිහා යුගපුරුසයෙක් තමයි.. කියන තැන. 

6 comments:

  1. අමිල එක්ක සරලව දෙයක් කතා කරන්න පුළුවන් නිසා ලියනවා. මම හිතන්නේ අපි වැඩ වෙන්න තිබුනේ සයිටම් එක හරි කොලිටිය ට කෙරෙනවද කියන එක විතරයි. අද්යාපනේ දෙන්නේ මුදලට ද , නිකන් ද කියන එක වැදගත් නැහැ. දැන් කට්ටිය උද දාගෙන කෑ ගහනවනේ පොල් කඩන සිරිපාල යි , දළු කඩන දන්ගචි ගේ ළමයි කොහොමද දොස්තර ල වෙන්නේ කියල . ඉතින් එකට කරන්න වශය අවම සුදුසු කම් ප්‍රමිති ගත කරන එකයි, තමුන් දක්ෂ නම් නය මුදලක් අරගෙන අද්‍යාපනය කරන්න දෙන එක. ඊට පස්සේ රස්සාවක් කරන කොට ගත්හ නය ගෙවනං පුළුවනි. ඕක ලෝකේ දියුණු රටවල අගේට වෙනවා. මොක මොකෙක් වුනත් කවුරුවත් ගණන් ගන්නේ නැට්ටේ එකයි. රජය කරන්න ඕනේ නොමිලේ අද්‍යාපනය දීම නෙවෙයි. අද්යාපන ආයතන නියාමනය කරන එක සහ මුදල් දුෂ්කරතා තියෙන මිනිස්සුන්ට එකට සාදාරන අවස්තා ලබා දීම කරන්න ඕනේ ඕනේ තැනකින් අද්යාප්නේ දෙන්න අවම සුදුසුකම්

    ReplyDelete
  2. පුලුවන් අය කැමති අය යයි. අනික් අය හැමදාම වගේ සුපුරුදු ඔප්ෂන් වලට යයි.
    මං කිව්වෙ ටික දවසක් ගියාම ඔය කතාව සාමාන්‍යකරණය වෙන හංද

    ReplyDelete
  3. රජරට වුණත් අන්තිම MBBS අසමත් වෙච්ච විශාල සිසුන් පිරිසක් හිටියා. ඔවුන්ටත් Repeat exam කරලා සුදුසුනම් විතරයි pass කරේ. A/L වත් හරියට පාස් නැතුව SAITM ගිය එකේ ඔක්කොම Final MBBS පාස්. අවාසනාව කියන්නේ උබලා වගේ ගොන්නුන්ට මේවා තෙරේන්නේ නැති එකයි.
    දොස්තරලට ලෙඩක් උනාම කවදාවත් පෝලිම්වල ඉදලා ගොඩේ දොස්තරලට පෙන්නන්න යන්න නෑ. උන් දන්න දන්න කාටහරි කියල හරිම තැනට යනවා. ඒත් මේකෙන් එලියට එන හොර දොස්තරලගෙන් බෙහෙත් ගන්න වෙන්න මේ වගේ කබල් ලියන උබලටම තමයි. වැරදි බෙහෙත් දීලා උබලගේ අම්මලා තාත්තලා මරලා දාන දවසට මේක කියවගනින්.

    ReplyDelete
  4. ඇපොතිකරි කියල හඳුන්වන දොස්තරලා ජාතියක් හිටියා එයාලට තිබුනෙ නෑ ඕ MBBS .. ඒත් ඒ අය මිනිස්සු දාස් ගානකට වෙදකම් කලා .. ඈත ඉස්පිරිතාල වල ගම් 10කට විතර හිටියෙ එක ඇපොතිකරි දොස්තර කෙනයි.. අනික දොස්තරලා නිසා ලෙඩ්ඩු මැරෙනව කියල කියනෙක ඔයාල පිලිගන්නෙත් සයිටම් ආවට පස්සෙ නේ. නැත්තං ලෙඩ්ඩු ඩොකාලා නිසා මැරෙන්නේම නෑනෙ...

    මෙඩිකල් ෆීල්ඩ් එකේදි දොස්තරලා කියන්නෙ එක සේවකයො ජාතියක් විතරයි වෙන රටවල...අනෙක් නර්ස්..සහ ස්කිල්ඩ් මෙඩිකල් ස්ටාෆ් එක්ක එකට ඒ රටෝල ඩොක්ස් ල එකට වැඩකරනවා..

    අපේ ඩොකාල ගෝඩ්ෆාදර්ස්ල වගේ.. ලක්ස 120ක් වියදම් කලාම එලියට එන්නේ ස්කිල් දොස්තරලා නෙමෙයි නම් එයාලගේ ඉරනම සමාජේ තීරනය කරාවි..

    ඩොක්ටර්ස්ල වරදින හැමවෙලාවෙම මිනිස්සු මැරෙන්නෙ නෑ.. ඔයි ලෙඩ්ඩු මැරෙයි කියල කියන සීනිබෝල ආතල් හොඳයි ඉතිං අර ඈත වන්නිකරේක ඉන්න මිනිස්සුන්ට ...

    ReplyDelete
  5. මෙතන තියන ප්‍රශ්නෙ ඒකම විතරක් නෙවෙයි. හැමදාම ොස්තරලා එක්ක ඇරගන්න නර්ස්ලත් මෙතනදි සයිටම් එකට විරුද්ධයි.ඒ එයාලටත් සල්ලි තිබ්බනන් උනුත් ොස්තරල. සයිටම් ඉන්න අයට වඩා නර්ස්ලටත් AL result තියනවා.ඇත්තටම බැලුවම දැන් ඉන්න ඕන වෛද්‍ය වරයෙක්ට පුලුවන් තමන්ගෙ දරුවෙක් උනත් වෛද්‍යවරයෙක් කරන්න සයිටම් එකට යවල. ඒකට උන්ට සල්ලි තියනවා. දැන් පාරෙ දඟලන medical student උනත් දවසක ඒකම කරන්න පුලුවන්. ඒ අය තමන්ගෙ වැඩෙ කරගෙන ඉවරයි.ඒ තියෙද්දිත් ඇයි උන් සය්ටම් එකට විරුද්ධ වෙන්නෙ. තමන්ගෙ පරම්පරාවම වෛද්‍යවරු කරන්න පුලුවන් කම තියෙද්දිත්? අන්න ඒක තමයි සමහර හරක්ට වටහගන්න බැරි. හරියට මේ blog එක ලියන එකා වගේ. තමන් සියල්ල දත් කියල හිතුවට ඒක හැම වෙලාවෙම එහෙම වෙන්නෙ නෑ. උඹ කියනවා වගෙ godfather වගෙ නැති උන් ඕන තරම් ඉන්නවා. ඒත් සමහර උන්ට දකින්න ඕනෙ godfather වගෙ අය. ඉතින් උන් එහෙම දැකල එහෙමයි කියලා කියනවා. තමන්ගෙ දරුවන්ටත් දවසක සය්ටම් ගිහින් AL නැතුව උනත් වෛද්‍යවරු වෙන්න පුලුවන් කම තියෙද්දි උන්ටත් අනාගතෙ දුප්පත් ලමයට තියන අවස්තාවම තියෙන්න ඕනෙ කියන එකයි මුන් කියන්නෙ කියලවත් වටහා ගන්න තරම් හැකියාවක් නැති එකයි පුදුමෙ. උඹ කියනවා වගෙ skill නැති අය ගැන සමාජෙය තීරනය කරනකන් හිටියම ඒකට පරක්කු වැඩියි. එදාටත් උඹලා වගෙ උන් කියන්නෙ එදා හරියට ඕක බලලා උන්ව වෛද්‍යවරු කෙරුවෙ නෑනෙ මුන් කියලයි. කියවන උන් දන්නෙ කියවන්න විතරයි. කරන එකයි අනාගතෙ ගැන හිතලා වැඩ කරන්න ඕනෙ

    ReplyDelete
  6. Ayi umbe pp eka ochcharama welilada, Dan gas wala pol aththema nadda? Ane palayan yanna gas gedi doco, umba leddunta thiyena adaretama thama methana awith naliyanne. Amila kiyanna oni de hariyata kiyala thiyenawa

    ReplyDelete