Thursday, February 2, 2017

ලිස්ට් එක

පුතා ගෙදර වැඩ කරාද... නෑ අම්මි.. තා වෙලා තියෙනවා නේ..පුතා කීවේය..
ආහ් ඒම කියල කෝමද? තව කොච්චර රෑ වෙන්නද? ඔන්න පටන් ගන්න දැන්ම.. අම්මා කීවාය..
ආහ්..අම්මේ..ටීච රචනයක් ලියං එන්න කිව්ව.. "මා වැඩියෙන්ම සතුටු වුන දවස.."
ම්ම්.. ඉතිං පුතා ලියන්න.. අම්මා පිලිවදන් දුනි..
අම්මා එසේ කීවාට කවදාවත් පුතා කැමති දෙයක් නම් ඔය පොතේ ලියවෙන්නේ නැත.. පුතා දකින ලෝකය නොව පුතාගේ පොතෙන් ස්කෝලේ යන්නේ අම්මා දකින ලෝකයයි.
පසුගිය දිනෙක අහසක් ඇදන් එන්නට කියා තිබුනි.. මේ මොකද මේ තරු නිල් පාටද? පේන් නැද්ද දසුන්..මොානවද දසුන් ඔයා බබා වගේ නේ.. මේ තාත්ත හිටියට බලන්නෙත් නෑනෙ..‍පුතා නිල්පාට ගාල තරු වල..තාත්ත දැක්කෙ නැද්ද හැබෑට.. මොනවද අනේ ඔයත් අසිත.. අම්මා දිගටම දොස් පවරයි..
ඇයට අනුව තරු නම් කහ පැහැ විය යුතුය..ඒ ඇගේ ලයිස්තුවේ තරු වලට ඇති පාටය.. පුතා තරුවල නිල් ගෑම කිසිසේත් අම්මාට නම් අල්ලන්නේ නැත..

පුතා සතුටුම සිද්දිය මොකද්ද? පුතා අසිත දෙස බැලුවේ .. මගෙන්ද අහන්නේ යන ප්‍රශ්ණය මුහුනේ දල්වාගෙනය.. පොඩ්ඩක් ඉන්න තාත්ති.. පුතා කල්පනා කරයි..
ආ මං ගොඩක් සතුටු වුනේ..අර  බස් එකක් ඇක්සිඩන්ට් වුන වෙලාවෙනෙ තාත්ති. කන්‍රවක වැදිල බස් එක ඇතුලට එබිල තිබුනේ..මතක නැද්ද අපි ගිහින් ගොඩක් වෙලා ඒක දිහ බලං උන්නා..තාත්ති නම් කට්ටිය එලියට ගන්න උදව් කලා.. සෙනග පිරිල උන්නා..ඒක හොදයි නේ තාත්ති..
හ්ම්...
අපේ ගෙවල් ගාව බස් එකක් ඇක්සිඩන්ට් වුනා.. ඒක තමයි මගේ ආසම එක..මං කැමතිම සතුටු වැඩියෙන්ම උනේ බස් එක හැප්පීමෙන් නෙමෙයි. මොකද මම බස් එක හැපෙනවා දැක්කේ නැහැ. ඊට පස්සේ උන දේවල් නිසා ගොඩක් සතුටු හිතුනා...මිනිස්සු ගොඩක් කලබල උනා.. බස් එක හැප්පිල තිබුනේ ලොකු ලයිට් කනුවක නේ.. ගොඩක් අයගේ දත් වැටිල තිබුනා..අපේ තාත්තත් දත් කුට්ටමක් ඇහිදල දුන්නා.. දත් විතරක් නෙමෙයි කට්ටියට ගොඩක් තුවාල වෙල තිබුනා.. මං එදා ස්කෝලේ ගියෙත් නෑ..ඔක්කොම බලං උන්නා ..පොලිස් මාමලත් ආවා.. ලගට වෙලා බලන්න ලැබුනා .. අලුත් අම්බියුලන්ස් ආවා.. කට්ටිය දාන් ගියා..
ආහ්.. අසිත.. අසිත.. මේ මොනවද මේ පුතා ලියන්නේ..පුතාගේ රචනාව කේදවාචිකයක් නෙමෙයි නේ.. වැඩියෙන්ම සතුටු වුන දවස.. අයියෝ අසිත මොකද මේ කරන්නේ..පොඩි එකාගේ පො‍ත බලන්න කීවම ඔයා මොනවද මේ කරන්නේ.. එයාට තේරෙන් නෑනේ..

පුතා වැඩියෙන්ම සතුටු වුනු දවසට ඕක ලියන්න එපා..ඔක්කෝම මකන්න..ඔයත් ඉතිං තාත්ත මොකක් හරි හා කිව්වම ලියනවා මැටි ගහ වගේ..තාත්තගේ පලුව නේ..ඉතිං..හරිය ට දෙයක් හිතන් නෑනේ..වැරදිමනේ හිතන්නේ..පුතාට මතක නේ.. අපි නුවර එලියේ ගිහිපු සිද්දිය..එදා අපි ගොඩක් සතුටු වුනා නේද. අම්මා කියන්නට විය..
ඔවු.. මං තාත්ත එක්ක කතා කරල එන්නං අම්මි.. පුතා අම්මීගෙන් හිමීට මාරු වන්නට හදයි. 
දැන් තාත්ත නිදි ඇති, නවකතා පොතක් ඔලුවේ නමං ඔයා ලියන්න කො..දැං කලිං එක මකන්න වුනේත් තාත්ත ගෙන් උපදෙස් ගන්න ගිය නිසානේ..අනික ලමයෝ කොහොමද අනතුරක් සතුටු හිතෙන දෙයක් වෙන්නේ.. ටිකක් හිතන්නකෝ අනේ..දසුන්..දැන් ඔයා චූටිම ලමයෙක් නෙමෙයි නේ දසුන්..

අම්මා පුතා නවත්වගන්නට හදයි..නමුත් පුතා දිවගොස් තාත්තාගේ කාමරයට ගොස් තාත්තා‍ගේ පොත උඩින් සිය සිගිති පොත තැබුවේය..
ඒක හරියන් නෑනෙ තාත්තේ..අම්ම සතුටු වෙල නෑවගේ.ඇක්සිඩන් එකෙන් අපි දෙන්න තරම්..
නුවරඑලියේ යද්දි වමනෙ ගියානේ.. මටත් ගියා අම්මටත් ගියානේ.. තාත්තිට නං වමනේ ගියේ නෑ..තාත්ති අරක්කු බිව්ව නේ අම්මට හොරා..මං දැනගත්ත නේ..
පුතා පුතා.. සතුටු හිතෙනවා කියන්නේ නුවර එලියේ ගමන නේ පුතා..
කදු යායවල්..සීතල..ලස්සන මල්..අපි සිංදු කිව්වා..අස්සයෝ පැද්දා.. මතක නැද්ද පුතාට..ඇත්තටම සතුටුයි නේද පුතා.. තාත්තා දැන් අම්මා විදියට සිතන්නට පටන් ගත්තේ තවත් කලහ කරගැනීම තේරුමක් නැති වනබැවිනි..

සීතල හරි සැරයි නේ තාත්තා...අනික අපේ අම්ම හරි බර‍නේ..අර බාග අස්සය ගොඩක් අමාරුවෙන් නේ තාත්ති ? , අම්මව පිට උඩ තියන් ගියේ.. කදු නං ලස්සනයි තමයි..ඒත් මට අර බස් එක හැප්පුන එක තරං ඒක සතුට හිතෙන්නෙම නෑනේ..අනික අම්මයි යාලුවොත් ගියානේ.. එයාල හැමතිස්සේම මට ඒක කරන්න එපා..මේක කරන්න එපා කිව්ව නේ..තාත්ති ඉතිං කට්ටිය එක්ක නෙ හිටියේ.. එයාල මං ගිහින් කොලයක් කැඩුවත් එපාලු.. වතුර ටිකක් කකුලට ඉහ ගන්න ගියත් වැටෙයිලු..අම්මිට පෙන්වනවා අන්න පුතා වතුරට පනින් යනවා කියලා.
.එදා බස් එක හැප්පුන දවසේ එහෙම නෑනේ.. තාත්ති.. මම ත් ගිහින් අර චූටි නංගියෙක් එක්ක කතා කලා නේ..පවු නේ..එයාලයි අම්ම ට ගොඩක් තුවාල වෙලාද මන්ද..

අසිත සිතන්නට විය..
පුතා යනු මා ම විය යුතුය. එහෙත් ලෝකය ලස්සන යැය් නම් කරන දෙයට ලස්සන යැයි කියන්නට කුඩා කල සිටම පුතා හුරු කල යුතුය. නැතහොත් පුතා ලොකු වූ පසු සම්මත නොවූ දේ ට ලස්සන යැයි කියනු ඇත. කෙසේ වෙතත් පුතා සමග වාද කොට ඔහුව තර්කයෙන් මඩින්නට සිත්‍ නොදෙන්නේ මේ සියලු දේ අසිතගෙන් පුතාට උරුම වූ අභිමානවත් සිතුවිලි යැය් හැගෙන බැවිනි..
එහෙත් පුතා මිනිසුන් මැද හුදකලා වීමට ඉඩදිය නොහේ..ඔහු ඔහුගේ ලස්සන‍නොව ලොව කැමති ලස්සනට ලස්සන යැයි කියන්නට හුරු විය යුතුය.

පුතා..දසුන්..
එදා බස් එකේ ඇක්සිඩන්ට් එකෙන් එකපාර අපිට පොඩි වෙනසක් වුනා.. ඒ කිව්වේ වෙනද ඔපිස් යන මම ගියේ නෑ..අම්මි නම් ගියානේ.. එතකොට අපි වෙනද නොදකින දේවල් දැක්කා. අපිට අනික් අයට පිහිට වෙන්න ලැබුනා.. ඒ වගේම බස් එකේ එංජිම එහෙමත් මොන වගේද කියල පුතාට බලාගන්න ලැබුනා..මිනිස්සු ගලවගන්න හැටි තුවාල උනු අයත් පුතා ටිකක් හරි දකින්නට ඇති.. ඒත් ඒකෙන් ගොඩක් අයට තුවාල වුනා නේ..
ගොඩක් අයට දුක හිතුනා.. 

ඉතිං ටීච පොතේ ලියන්න කියන්න ඇත්තේ පුතාට සතුටු හිතුනු දෙයක් තමයි..ඒත් ගොඩාරියක් කට්ටියන්ට දුක හිතෙන දේවල් අපිට සතුටු හිතුන කියල එහෙම ගන්න බෑ.. අනික සතුටු හිතෙන දේවල් කියන්නෙත් එක දේවල් ටිකක් නේ පුතා.. අපි රචනයක් ලියන කොට හෝ මොකක් හරි ලියන කොට අපි ආස දේ අපි කැමති අපිට හිතෙන දේ ලියල බෑ.. ගොඩක් අය කැමති දෙයක් ලියන්න ඕනි.. තේරුනාද?
හුම්... එහෙනං තාත්ත ටිකක් කියන්න..නැත්තං අම්ම කියයි අර අස්සයයි පිටේ කන්ටේනරේ වගේ ගියපු එකත් හරි සතුටු දෙයක් කියලා..මම දැක්කනේ තාත්ති අස්සය අමාරුවෙන් හිටියේ..අම්මිට පොටෝ එකක් ගහනකල්ම අස්සය පිටේ ඉන්න ඕනි වුනානේ.. ඌ පවු නේ..

අම්මා රූපවාහිනී කතාවක් බලයි..පුතා හොරෙන්ම ගොස් පොත බෑගයට දාගන්නට හදයි.. කෝ කෝ දසුන් ඒ පාර තාත්ත එක්ක එකතු වෙල මොනාද ලිව්වෙ..මටත් පෙන්නල යන්න පුතා..
නෑ මං අම්මි ටීවි බලන නිසා පොත අරං යන්නයි ගියේ..ඉතිං..පුතා කීවේය..පුතා දුවගොස් අම්මාගේ උකුලට වැටුනාය.. දැන් අම්මා ටීවි එකේ විරාමයක් අතර පුතාගේ පොතේ රචනාව බලන්නට හැදුවාය.  

 ඔයා නුවරඑලිය ගැනද ලිව්වේ පුතා.. ඔවු.. තාත්ති කියල දුන්නා ටිකක්..
තාත්ති ගෙන් උනත් ඔක්කොම අහගන්න එපා..පුතාලයි ටීචර් එදා කිව්වේ ලමයාට තනියම ක්‍රියාකාරකම් කරන්න ඉඩ දෙන්න කියලා..හැම එකම තාත්තිගෙන් අහන්න එපා..පුතා තනියම හිතල ලියන්න පුරුදු වෙන්න.. අපිට අම්මල වශේන්. පුතාල ගෙදර වැඩ කරන දිහා බලන්නත් කීවනේ.. කොෝදෙන්න බලන්න ලියපු එක.. අම්මා බලන්නට පටන් ගත්තාය. 

නුවඑලිය ගමන..
අපි නුවරඑලියේ ගිය ගමන මට හරිම සතුටු හිතුනා..ඒක ගොඩාර්යක් සතුටු හිතෙන චාරිකාවක්..අපි මල් වත්ත බැලුවා..තේ වතුත් තිබුනා..තේ කොල ෆැක්ටරිය බලන්නත් ගියා..ඒක හරිම සුවදයි.. මල් වත්තේ ලොකු මල් තිබුනා..අපි ඒවායේ තිබුන ඔන්චිලිත් පැද්දා..නුවර එලියේ පොකුනේ වතුර සීතලයි.. ම්ම්.. මෙතන‍පොකුන නෙමෙයි පුතා ග්‍රෙගරි වැව.. අම්මා වැරදි හදන්නට විය..

තාත්ති කිව්වා ග්‍රෙගරි කියන වචනේ දරුනු වැඩියි.. ඒ නිසා පොකුන කියල දාන්න කියලා.. හුම්... එහෙනං කමන් නෑ පුතා..
ආ..පුතා.. කෝ අර අපි අස්සය පැද්ද එක..මං අර ලස්සන පොටෝ එකකුත් ගැහුවේ ලස්සනට අස්සයගේ පිටේ නැගලා.. ඒක ලියල නෑනේ මේ කොල්ලා..
අසී... ඔයා ට අස්සය පැදපු එක අමතක වුනාද අසිත..නුවරඑළියේ ගිහින් අපි අර ග්‍රවුන්ඩ් එක ලග අස්සයෙ‍ග් පිටේ ගියේ.. මම ඒ පොාටෝ එකට නිලියෙක් වගේ කියලා යාලුවෙක් ෆේස්බුක් එකේ කමෙන් කරලත් තිබුනා අසී..

5 comments:

  1. අපි ළමයින්ගේ අදහස්වලට ඉඩ දෙනවා නම් ළමයි හුඟක් නිර්මාණශීලි දේවල් කරනවා

    ReplyDelete
  2. පට්ටයි මචං...
    ළමයින්ව මොට්ට කරන්න, නරක කරවන්න ලොකු දායකත්වයක් අම්මල දක්වනවා...

    ReplyDelete
  3. මූට ඉතින් ඔව්වා අත්හදා බලන්නවත් ලමයෙක් ඉන්නව කියලැයි. හදන්නත් බැරුව ඇති මයෙ හිතෙ. ඔපීසියෙ කවුරුත් දන්නව මූ නපුංසකයා කියලා

    ReplyDelete
  4. ඉතාම අපූරුයි...:)

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...