Monday, March 6, 2017

අපිට රාවනා මෙච්චර ලොකු ඇයි?

කාම්බෝජයේ 1439 දී රජකරපු රජතුමා කවුද? කාරුහරි දන්නෝද? මං දන්නෙත් නෑ.. මට වැඩකුත් නෑ..මං හිතන්නේ කාම්බෝජේ ඉන්න ඉතිහාසේ ඉගෙනගන්න කීපදෙනෙක් හැර ඕ පස්නේ ලෝකේ දන්න මිනිස්සු ගාන්ට වඩා නොදන්න අය ගාන වැඩියි. 


අපේ ඉන්න පැරකුම්බා, දුටුගැමුනු, විජයබා අපිට ලොකුයි..‍මොකෝ අපේ මහ පොතේ ඒ අය ගැන පරිච්චේද වල පට්ට විස්තර තියෙනවා නේ.. ඉතිං අපිට ලොකුයි. ඒත් ඉන්ටනැෂනලි ගත්තෝතින් ඕ ඩෑල් එකක් වත් මේ දූපතෙන් පිට එක දසමයක් වැඩක් තියේද? නෑ..

පැරකුම්බා බුරුමෙ ඇල්ලුවා කියලා මෙහෙ මහාවංස පොතේ තියෙනවා..එත් එහේ එකේ නෑ.. ඌ සැරට ගැහුව නම් එහේ පොතේවලත් තියෙන්න එපැයි..මම හිතන්නේ පොඩ්ඩක් ගිහින් වරායකට දෙක්කට සද්දයක් දාල එන්න ඇති. ඒ හැර ඉතිහාසයේ අපි ගිහින් ජාත්‍යන්තර ගේම් දීල රටවල් දේශ අල්ලගෙන මංකොල්ල කාගෙන ආපු ඉතිහාස කතාවක් නැති තරං..

තියෙන එකම ලබ්බ තමයි රාවණා.. වාල්මිකිගේ හිතේ තිබුනු කතාවක් වුනත් රාවණා රාමා කතාව මුලු ලෝක ජනගහනයෙන් අඩුම තරමින් සියයට විසිපහක් වත් යාන්තමින් දන්නවා. ඒ අනුව සිංහල දේශේ හිටපු රාවණ කියන ඔලු ගානක් තිබුනු දඩ බුවා ගිහින් සීත උස්සගෙන ඇවිත් ලංකාවේ හිරකලා..ඉන් පසු අවසාන සටනෙදි රාවණා මැරුනත් පොර ටික කාලයක් වත් සීත තියාගෙන ඉන්දියාවේ රාමාට අභියෝග කලා..

මේ රාමායනය ලංකාවේ ඉන්දියාව‍ෙ ්විතරක් නෙමෙයි. කාම්බෝජය, බුරුමය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල් ගනනාවක ජනප්‍රිය කතාන්දරයක්. ඉතිං ඒ හැම එකකම රාමෙක් සීතෙක් සහ රාවනෙක් සහ හනුමෙක් ඉන්නවා..එක එකපැතිවල කතාව වෙනෙස් වුනාට මුලු හරය සාමාන්‍යයෙන් එකම ස්වභාවයක් ගන්නවා.

වර්ථමානයේ හෝ අතීතයේ ලංකාවෙන් ජාත්‍යන්තරට බලපෑම් කරපු මිනිස්සු අඩුයි.. ඇත්තටම ලෝකෙම සැලකුවොත් ඇත්තේම නැහැ වගේ..තියෙන්නේ ඉන්ටර්නල් පොරවල් වල පොරකතා ටිකක් විතරයි..

උන් ආවට අපි ගියාද නිකංවත්..


ඉතිහාස කතා බැලුවාම පේනවා.. ලොරන්සුද අල්මේදා ලංකාවට ගොඩබහින්න කලිං ලංකාව චීන ග්‍රීක වෙලදුන් ආදිය ආපු මධ්‍යස්ථානයක්. චීන්නුන්ගේ චීන මැටිබදුන්, රෝම කාසි වලින් කියන්නේ උන් නැව් හදාගෙන සැතපුම් දාස් ගනන් ගෙවාගෙන කොහොම හරි මෙහෙට ඇවිල්ල තියෙනවා.. අපි? අපි එදා පටන් අද දක්වා ලෝකෙන් උතුම ්එක දෙක තුන ඔක්කොම මෙහේ කියලා පොයිය කියෝ කියෝ ඉන්නවා.

මුලින්ම යුරෝප් කාරයෝ මේ ඉන්දියාව පැත්තට ආවේ සූවස් ඇලෙන් නෙමෙයි.. පෘතුගාලය, නෙදර්ලන්තය, එංගලන්තය වගේ බටහිර යුරෝප් රටවල් ඉන්දියාව පැත්තට එන්නේ මහ තඩි අප්‍රිකානු මහද්විපය වටේ ගිහින්. අප්‍රිකානු මහද්වීපයත් වටේත් ගිහින්..එහේ ඉදපු ගෝත්‍රික හැත්ත බුරුත්තත් විනාස කරගන. ඉන්දියාවට ගිහින් එහෙ ඉන්න උන්ටත් ‍මොනා හරි කරගෙන අහක්වෙලා බලද්දි ඔන්න පොඩි ලබ්බක් වගේ ඉන්දියාවට යටින් එල්ලෙන ලංකාව සුද්දට පෙනුනා.. උන් ආවා..ඇවිත් මේක කැවා..

සත්‍ය වශයෙන්ම ලංකාව ඇතුලේ ඉදගෙන ලංකාව ගැනම පොයිය කෙලිනවාට වඩා අවට රටවල, ලෝකයේ ශිෂ්ඨාචාර දියුනුව, නවීන තාක්ෂණික දියුනුව වර්ථමාන නූතන කාර්මීකරණ තොරතුරු විප්ලව..ඔය කිසිම එකකට අපේ පොයි ඉතිහාසේ තඹේක දායකත්වයක් නැහැ. තිබෙන එකම විශාල වැඩේ වාරිකර්මාන්තය පමණයි.ඒක වුනත් එදා තිබුනා කිව්වට අද ඒ වැව් රෙපයාර් කරන්නෙත් සුද්දගේ ක්‍රමේට..අපෙන් සුද්ද ඉග‍නගත්ත මහ දෙයක් නෑ..

ඉන්දියාව චිනේ ගැන කියද්දි උන්ගෙන් හොරකං කරපු ගොඩද් දේ සුද්දා ගෙනිහින් ඩිවලොප් කරලා තියෙනවා.. ඉන්දුනීසියාව පැත්තේ සිරිවිජය වගේ රජගොල්ලා වර්ථමානයේ සිංගප්පූරුව වගේ දියුනු නගර සහිත නාවික නගර පවත්වාගෙන තියෙනවා..දේශපාලනික, ආර්ථික, තාක්ෂණික අතින් අපි ආක්‍රමණශීලි ජාතියකට වඩා ගෙනත් දෙන දේ කාල වෙන දේ ඔහේ බලාගෙන ඉන්න ජාතියක්..

අපි කොච්චර පොයි කෙලියත් ධම්මික පෙරේර හදන මුලු ලෝකෙම ජනප්‍රිය ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් තියෙනවාද? ලෝක ආර්ථිකයට දේශපාලනයට බලපාන දෙයක් කොරගන්න තරම් වැ‍ඩ්ඩෝ හෝ කම්පැනි හෝ මෙලෝ සම්මජ්ජාතියක් අපිට තියෙනවාද? නෑ..

මුකේෂ් අම්බානිල අපේ උන්ව හයර් එකට ගත්තාට අපේ ලංකාවෙ ක්‍රිකට් ප්‍රිමියර් ලිග් එකක් තියලා විරාත් කෝලි මැදමුලන ගංකබරයන්ස් පිලට ගන්න අපිට පුලුවන්ද? බෑනෙ..

ඇත්තටම ලිංගෙම්බො වගේ පිම්බිලා අපි ගැනම ආඩම්බරෙන් උන්නට අපි පොඩියි.. අනික් රටවල් වල ට සාපේක්ෂව ලෝකෙට සාපේක්ෂව අඩුමතරමෙ අපේ තත්වය තේරුම් ගන්නවත් අපිට ඇහැක් වෙනෝ නම්.. මං හිතන්නේ දියුනු වෙන්න ඕනි..නෑ .අපි පුංචියි කියල හරි වැ‍ටහෙනෝ නම් ඒකම ලොකු දෙයක්..

හරක් ඔලුවට උඩින් රාවණගේ වෙස්මූණ දාගත්තට අපිට ලෝකේ එක්ක හැරෙන්න බෑ..අපි වටහාගන්න ඕනි අපි කොච්චර පොඩිද? ඒ පොඩි සයිස් එකත් එක්ක අපිට ලෝකේ එක්ක ගැටෙන්න ඇහැක්වෙන්නේ කෝමද කියන එක.

9 comments:

  1. ආසියානු රටවල රාමායනය තියෙන්නේ ලංකාවේ සිදුවූ දෙයක් හැටියට නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්දියන් වර්ශන් වල උනත් රාවනා වැඩ්ෙඩක් විදියට වැඩිය පෙන්වන්නේ නෑ..

      Delete
  2. රාවනාට ආදාල නැතත්, මේ සුනිල් පෙරේරා කියන්නෙත් ඕකමයි. මෙන්න ලින්ක් එක තිත්ත ඇත්ත

    ReplyDelete
  3. ube oya mulu pacha hallema ganda puluwan dekata thiyane anthima wakya witharai.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං මනුස්සයෝ අපිටත් කියනවකෝ හංගං ඉන්නේ ලංකාවේ ඉතිහාසේ ඇත්තටම රාවනා ඉදල තියෙනවද? එයා හරි ලොකුද?
      අපේ රජෙක් වෙනරටවලින් ගේම ඉල්ලලා තියෙනවද?

      හරි හොරා..මෙයා.. මෙයා ඔක්කොම දැනගෙන කිසිදෙයක් නොකිය අනුන් කියන්නේ පච කියල විතරක් කිය කිය යනවා.. නරක සමනලයෙක්..

      Delete
  4. අපිට රාවනා මෙච්චර ලොකු ඇයි?

    අයිතිහාසික හෝ පුරාවිද්‍යාත්මක කිසිම සාධකයක් නැති නිසා තමන්ට හිතෙන විදිහට, තමන්ගෙ ඇජෙන්ඩා එකට ගැලපෙන විදිහට ඕනෙ දෙයක් ඕකට යොදා ගන්න පුලුවන් නිසා

    ReplyDelete
  5. රේවත විජේවර්ධනගේ ලෑන්ඩ් මාස්ටර් අත් ට්‍රැක්ටරේ විතරයි මතක් වෙන්නේ.

    ReplyDelete
  6. නැහැ, රේවත විජේවර්ධන මහතාගේ Sea Plane එක. ඒකත් මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔහු පිලිබඳ කතාවෙනවා මදි. ඔහු උගත් සහ දක්ෂ මිනිසෙක් බව ඔහුගෙන් යමක් ඉගෙනගත් කෙනෙක් මට කියා තිබෙනවා.

      Delete