Monday, March 27, 2017

අඩෝ මටත් සම්මානයක් ලැබුනා

මෙවර පැවැත්වුනු නෙළුම්යාය බ්ලොග් සම්මාන උලෙලේ කාලීන සංවාද තරග අංශයේ දෙවන ස්ථානය අන්සතු දිනපොත වන මගේ බ්ලොග් අඩවියට ලැබී තිබෙනවා. මම උළෙලට සහභාගී වුනේ නැහැ. මා වෙනුවට හිතවත් දුලිප් සිකුරාජපති විසින් මගේ සම්මානය අරගෙන තිබුනා. මේ සති අන්තයේ මම ශ්‍රී පාදස්ථාන මාර්ගය අවට පිරිසිදු කිරීමේ කාර්යයට උර දුන්නු නිසා සම්මානය ගන්නට මට එන්නට විදිහක් තිබුනේ නෑ..
සිකුරාදා හැන්දෑවේ සෙනසුරාද තිබුන සම්මාන උලෙල එක්ක සම්බන්ධ යාලුවෙක් කතා කරලා කිව්වා මචං ‍උඹේ නම නොමිනේට වෙල තියෙනවා..බොට අනිවා සම්මානයක් ලැබෙයි වරෙං කියලා.. ඒ වෙද්දි සිරිපාද කැම්පේන් එකට මම වැටිල ඉවරයි..ඉතිං මම කිව්වා මචං උඹල මට සම්මානයක් දෙන්න නොමිනෙට් කරපු එකත් ලොකු දෙයක්..මට සතුටුයි..ඒත් මට එන්න වෙන් නෑ..උළෙලට අවුලක් වගේ නම් කිසිම ආබාධයක් නැහැ.. උඹල ඕ සම්මාන තැටිය වෙන කෙනෙක්ට දීපං කියලා.. ඇත්තටම සම්මානයකට ගරුත්වය දෙන්න සම්මාන ලබන එකා එතන ඉන්න ඕනි..නොයා සම්මානයට කෑඹල කමේ කෙල හලන එක යුතු දෙයක් නෙමෙයි.. අනික මම ලංකාවෙ කොළඹම ඉන්න මිනිහ නෙව.. සංවිධායක මන්ඩලේ පැත්තෙන් ඒකෙ ලොකු අවුලකුත් පේනනේ නෑ.. 

ඉතිං මම සහ මගේ දේවල් ගැන ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ වැඩිමනක් නොලියවුනත් මේ සම්මාන උලෙල සහ ඒ‍ක ගැන වචන ටිකක් කියන්න මේක අවස්ථාවක් කරගන්න වෙනවා.. මොකද සම්මානයක් මට ලැබුනා..දැන් ඕක නොලැබි මම බනිනවා නම් ලේබල් වැටෙනවා..අන්න අරූට ලැබිල නෑ ඒක නිසා බනිනවා කියලා.. දැන් ලැබුන නෙව..හිතේ හැටියට බනිත හැකි අවස්ථාව මිස් කරගෙන බෑ.. 


ඉන්විටේශන් නෑ. 

ඕපන් ඉන්විටේශන් තියෙනවා ඔව් තියනවා තමයි ඕයි..කවුද නෑ කිව්වේ..ඒත් වෝටස් එජ් වගේ තැනකට ගිහින් මොකුත්ම සම්මාන කෑල්ලක් ලැබෙන් නැතුව..අදුරන දන්න කියන එවුනුත් නැතුව නිකං කාල බීල එන්න වුනොත් එකෙක් දෙන්නෙක් හරි කියාවි..ආන්න අර පිනට කන්න ඩෑල් එකක් ඇවිත් කියලා..මම පුද්ගලිකව ඒකට ආස නෑ..අනික මොකක් හරි කේස් එකක් ඇවිත් තොට කවුද මේකට එන්න කිව්වේ කියල ඇහුවොත්..*ත්තෝ අපි තොපේ වල්ල කන්න මෙතන්ට ආවෙ නෑ.. මෙන්න තොපි එවපු ඉන්විටේෂම කියලා පෙන්වන්න මැසේජ් එකක්, මේල් එකක්, කෝල් එකක්, ලියුං කරදහියක් හෝ මොකක් හරි තියන්න ඕනි අපේ බ්ලොග් එකට හෝ නමට ඉෂූ වුනු.. 

මෙහෙම එකක් එදා ඉදං බ්ලොග් කේස් වල තිබුනේ නෑ,. ඒත් දැන්වත් හෙට ඉදන්වත් මිනිස්සුන්ට වෙන වෙනම බැරිවුනත් එකම මැසේජ් එක හරි ෆෝවඩ් කරලා ෆේස්බුක් එකෙන්. ට්විටර් එකෙන්. ෆෝන් වලින් එස් එම් එස් එකකින්, මේල් එකකින් ඒ අදාල අයට ව‍ැඩේ ගැන දැනුම් දීමක් කරන්න ඕනි.. සමහර විට ලස්සන කෙලි නැට්ටියො දාල ටීවි වල සාකච්චා වලට යවනවා තරම් ඒ වගේ වැඩ ප්‍රයෝරිටි නැතුව ඇති.. ඒත් මටනම්..ඉන්විටේශන් නැති ඉවෙනට් එකකට පැනලා නිකං කාල එන්න ලොකු චර්ම රෝගයක් නැහැ.. අනෙක් අතට අඩුතරමේ සම්මාන සදහා නිර්දේශිත උන්ට සතියකට පෙර වත් මේල් එකකින් දැනුම් දෙන්න බැරි නම් කොහොමද දෙයියනේ උන් කලිං දවසේ රෑ කිව්වම ඊලග දවසේ සම්මාන උලෙලට එන්නේ.. 

වෝටස් එජ් හප්පා.. කෝට් දාන්නත් වෙයිද? 
කූඩැල්ලො ලැට් එකේ තියන්න පුලුවන් ඒත් මෙට්ට උඩ තියන්න අමාරුයි.. මට මතකයි ඉස්සර කාලේ දවසක දුමීගේ කටකහන කතා ලියන දුමියා..(ඌ ඉස්සර දැන් වගේ නෑ හෝ ඉස්සර දැන් ඉන්න සතා එලියට ඇවිල්ල තිබුනේ නෑ..) ලංකාවට ඇවිත් මචං අපි සෙට් එක සෙට් වෙමුද කියලා ඇහුවා..හුටස්..‍කෝ තැනක්..නෑනේ ඒ හදිසියට තැනක්.. ඉන් පස්‍ේස අපි විහාරමහාදේවි පාක් එකේ නිකංම සෙට් වුනා..ඒ තමයි මගේ පලවෙනි බ්ලොග් සෙට් එකක් හමු වීම වෙන්න ඕනි.. 

පොඩි දැන්වීමකින් එදා දුමියාගේ ලංකාගමනයට කිට් කැට් චොකලට් කන්න තිහ හතලිහක සෙනගල් විහාරමහාදේවී පාක් එකට සෙට් වුනා.. ඇත්තටම නෙලුම් යාය සම්මාන උලෙල වෝටස් එජ් වගේ තැනක තියනෝට වඩා ඕක ඊට පහල බජට් ප්ලේස් එකක තියන්නට තිබුනා..ඉවෙන්ට් වල වියදම් වෙද්දී ඉවන්ට් ස්පොන්සර්ස්ලට කඩේ යන්න වෙනවාත් වැඩියි..ඉන් පස්සේ ඉවෙනට් එක අස්සේ උන්ට දෙන්න ඕනි ඉඩත් වැඩියි..ඒ නිසා මම නම් පුද්ගලිකව ඔය ලොකු තරු හෝටල් ලොකු ඉවෙනට් ඕගනයිසර්ස්ල නැතිව පොඩියට පොතක් එලිදක්වනෝ වගේ සරලව මහජන පුස්තකාලේ හෝ ඒ වගේ තැනක බ්ලොග් ඉවෙන්ට ්තියෙනව නම ්ආසයි.. 

අපි මේවයි ලියනවා පාර්ලිමේන්තුවේ කෑම බීම ගැන..උන්ට කරන අසීමිත වියදම් ගැන..අවසානේ අපි සෙට් වෙන්නෙත් වෝටර්ස් එජ් වගේ සුපිරි තැන්වල..අපිටවත් නෝමල් මිනිහා කන බොන විදියට ඉවෙන්ට ගන්න විදියට හැසිරෙන්න අමාරුයි.. ඉතිං කොහොමද දේසපාලක උතුමන්ලාව යහමගට ගන්නේ? 


බ්ලොග් සහ බ්ලොගර්ස් 

ට්විටප් එස් එල් කියලා ඉවන්ට් එකක් අවුරුදු පතා තියෙනවා ලංකාවේ ට්වීප්ස් ල ගේ. .ඒකත් තනිකර බෙලි කැපිලි සාගරයක්..ඒත් ටුවිට් අප් වල තියෙන එක විශේෂත්වයක් තමයි ..ඒකට එන මෙම්බර්ස්ලා ගනන පාලනය කරන්න වුනා මොකද මෙම්බස්ලා සූ ගාල වැල නොකැඩී ඉවෙන්ට එකට එන්න ගත්තා..ඒ තරම්ම ඒ ඉවෙන්ට ්එක ට්වීටර් සහ අවසේස සෝසල් මීඩියා අතර ජනප්‍රිය වුනා.මේකම ෂෝස්ල මීඩියා ඩේ එකටත් වුනා..ඒ කියන්නේ ඉන්විටේෂන් දෙන්න කලිං ෆිල්ටර් කරන්න වෙන තරම් සෙනගක් ඒ ඉවන්ට් වලට එන්න ගත්තා.. 

ඒත් බ්ලොග් ඉවෙන්ට් එක.. ඕපන් ඉන්විටේෂන් තිබිලත් මිනිස්සු එන්නෙ නැති නිකං පුහු විජ්ජාවක් වගේ එකක් වුනා..ටුවිට් අප් වලට ආන්ඩුවේ ඇමතිල ගෙන්නුවේ නෑ.. ලොකු දේසපාලන පන්ඩිත වාහෙලා කැන්දන් ආවේ නෑ.ඒත් ඉවෙන්ට් විදියට සෝසල් මීඩියා ඩේ කොලම්බෝ සහ ටුවිට් අප් කියන ඉවෙන්ට දෙක ඒ අවකාශය තුල පට්ටම ෆේමස් වුනා.. 

ඉන්විටේෂන් ඕපන් කරලත් ඉතාම අඩු බ්ලොගර්ස්ලා පිරිසක් සහභෘගි වුනේ ඇයි.. බ්ලොග් ලියන උන් සහ වර්ථමාන යූත් සෙට් එක ඔයි ඇට බැහැපු නාකි සෙට් වල උන්  වගේ පොලිටික්කන්ට ආස නැති බව දැන දැනත් ඒ වගේ හාල්පාරුවෝ ගෙන්නුවේ ඇයි.. අජිත් පැරකුම්බා අංකල් වගේ නාකි සෙට් වලට මොකා වුනත් මිනිස්ටර් කියන එකා ලොකු ඇති..ඒත් අපිට නං උන් ගානක්වත් නෑ.. හැබැයි ඉතිං උන් මිනිස්සු ඡන්දේ දීළ පත් කරපු ඩෑල් .. උන්ගෙන් සම්මාන ගන්න බෑ කියල කියන්නත් බෑ..ඒත් ‍ඉවෙන්ට් එකක් විදියට ඔය සරං කාර ගොන් කොට්ටෝරුවන්ගේ ගොං කතා අහං ඉන්නෝට වඩා නීල් වර්ණකුලසූරිය, චාමර රණවක ‍වගේ පොරගක්ගෙන් ශාස්ත්‍රීය සංගීතය ගැන දේශනයක් අහං ඉන්නවා සැපයි.. මට නම්.. 


උඩ බලා කෙල ගැසීම 

මට දුන්න සම්මානේ සහ ඒ උලෙල විවේචනය කිරීම වැරදි ඇති..ඒත් මගේ බ්ලොගොස්පියර් එකේ  මට සම්මානයක් ලැබෙන පලමුවෙනි වතාව තමයි මේ.. සම්මාන නොලැබි සම්මාන විවේචනය කිරීම කරන්න බෑ..නෙව. .. මේ බැනුම් දැකලා "ඕ හිගන හැත්තට සම්මාන දුන්න ඇති" .. කියල නෙලුම් යාය සංවිධායක මණ්ඩලයට හිතෙනවා නම් අනේ කමන් නෑ.. මොකද සම්මානයක වටිනකම තියෙන්නේ ඒකේ දෙන කඩදාසි කෑලි සහ‍තිකේ වත් පුදන දිලිසෙන පාට පාට ලෑලි තහඩු වලවත් නෙමෙයි.. බ්ලොග් ලියන අවකාශය තුල..අවකාශයේ අති බහුතරයක් අකමැති විදියට ඕගනයිස් වෙන සම්මාන උලෙලක් ඇත්තටම වැඩක් තියෙනවද? මට අනුව නම් නම් එහෙම බලෙන් පැනලා කරනවාට වඩා බ්ලොග් අල නොකර වෙන පොලිටිකල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන එක වැඩිමනක් ලාබ වෙයි.. කොහොමත් ලක්ස දෙක ‍ තුනක් විසික් කරලා මීට වඩා අවුට්කම් එකක් තියෙන පොලිටිකල් ඉවෙන්ට් එකක් ගහන එක ඔය කොයි කාට වුනත් ලොකු අමාරු වැඩක් නෙමෙයි.. 

පිංතුරය ඉස්සුවේ http://cvpsur.blogspot.com/2016/03/blog-post_24.html

24 comments:

  1. අපිනං ගිහිං සම්මාන ගත්ත ඕං..
    රාජිත ඇමතිතුමාව දැකබලාගත්ත.
    අම්මප උංදැහෙ සිරියාව...

    ReplyDelete
    Replies
    1. පුකත් දුන්නද

      Delete
  2. සුබ පැතුම් ජයවේවා

    ReplyDelete
  3. ආහ් උන කාර නූතන සේනක බිබිලේ..එතන හිටපු අයත් උන්දැගෙන් සම්මාන ගැනීම වර්ජනය කලා ද මන්දා...ගොඩක් සම්මාන ගන්න අය වේදිකාවට ආවෙ නෑ
    ඔබේ සම්මානයට සුභපැතුමි

    ReplyDelete
  4. ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතුම්

    ReplyDelete
  5. අනේ යකෝ , ඔය කීබෝඩ් එකේ වීරයා වෙනවා වගේම හැබෑ ජීවිතෙත් වීරයා වෙයන්කෝ , මහලොකුවට බනින්න යන්නේ , ප්‍රමෝෂන් එකට ඕන කියලා සංවිධායකයෝන්ගේ පුකට වැඳලා හොරපාරෙන් නෙලුම් යය සහතික ලියාගන්නකොට උඹට ඔය දේවල් පෙනුනේ නැද්ද? පොන්න වැඩ කරලා වීරයෙක් වෙන්න හදන්න එපා. ලජ්ජා නැද්ද ඕයි .

    ReplyDelete
    Replies
    1. මං කාරනා කීපයක් කිව්වා.. ඒව එකකටවත් උත්තර නොදී දැන් මේ වෙනමම හුටපටයක් කියෝනවා.. පොන්නයෙක් නොවී ඉන්නවා කියන්නෙ තොපි ඕනි ගූ ගොඩක තියල දෙන සම්මානේ ෆේස්බුක් දාල මෙන්න උබලට උපහාර කියල හතරට නැමිල දෙන එකද?

      Delete
    2. නෑ හතරට නැමිලා , පුකට වැඳලා හොරෙන්න් සහතික ලියාගන්න එකට . අනේ මට ප්‍රමෝෂන් ගන්න උදව් කරපල්ලා කියලා දෙකට නැවෙන එකට . කී බෝඩ් එක උද තියෙන කොන්ද අරන් ඔය පුකට උඩින් තියෙන තමුන්ගේ වාසියට නවන කොන්දට හයි කරගනින් .

      ප්‍රසිද්දියේ අපි ගූ කන්නේ නෑ කියල කෑගහුවට වැඩක් නෑ හොරෙන් ගූ කනවනම් , කොහොමත් ගඳ එනවා . අනික හොරෙන් ගූ කෑවම බොරුවට වීරයෝ වෙන්න අමාරුයි , අතේ කෝට් නේ

      Delete
    3. දැන් අතේ තියෙන්නෙ කාගෙ කෝට් එකක්ද? මං දන් නැති දේවල් කතා කරන්නෙ නෑ. ඔහෙ දෙයක් දන්නෝ නම් නිකං මේ මං ගාව කෑල්ලක් ඉන්නෝ පට්ට කියල ඇඩ් දාන්නෙ නැතුව පෙන්වන්න .. එතකොට මං ඒකට උත්තර දෙන්නම්..

      Delete
  6. උඹට සම්මානයක් දුන්නා.. ?? ඒක ගත්තේ දුලිප් සිකුරාජපති???

    ආයේ ඒ සම්මානේ දකින්න වෙන එකක් නෑ මලේ.. හැක්

    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඊයෙ හැන්දෑවෙ අමිලයගෙ අතටම දුන්න සහතිකෙයි, මැඩල් එකයි, තෑග්ගයි . . . හරිය !

      Delete
    2. උබ ඒක දෙන ආකරය පොටෝ ගහන්න බැරි උනා හැබැයි ...සික්.. ඒ ලොකේසන් එක පට්ට...

      Delete
  7. //අවකාශයේ අති බහුතරයක් අකමැති විදියට ඕගනයිස් වෙන සම්මාන උලෙලක් ඇත්තටම වැඩක් තියෙනවද? මට අනුව නම් නම් එහෙම බලෙන් පැනලා කරනවාට වඩා බ්ලොග් අල නොකර වෙන පොලිටිකල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන එක වැඩිමනක් ලාබ වෙයි.. //

    ++++++++++++++++++++++++++

    ReplyDelete
  8. දැන් ඔය සම්මානේ මොකටද දුන්නේ බ්ලොග් ලියපු එකටද නැති නම් ..............?

    ReplyDelete
  9. සැර වැඩිද මන්දා .. :D අඩුපාඩු ඇති වෙනස් වෙන්න ඕන දේවලුත් ඇති. එන සැරේ ඒවා පුළුවන් තරම් හදාගෙන කරනවා නම් ඒක තමයි වටින්නේ. ඔය පොලිටික්කෝ වැඩේට නම් මගෙත් මනාපයක් නෑ

    ReplyDelete