Saturday, April 29, 2017

මැයි දිනයට ඉරිසියා නොකරමු


දරුවට රස්සාව පාරට ලයිට් එක..
පොඩි කොන්තරක් ඉදහිටවත් ලැබෙන එක..
කාලක් ක්‍රියා කොට බත් ගිල පයින් යන..
ආතල් දන්නේ නෑ මැයි දින නොයන අය..

පදමට සූර්වී ඔල්වරසන් දීලා..
යන එන ගමන් හොදහැටි උඩ පැන නටලා..
ලග දුර ඇතොත් පංසල් දේවල වැදලා..
අපිනම් යන්නේ මැයි දිනයට පිං පතලා..

යන්නෙප කියන උන් රස්සාවල් දෙයිද?
පාරට තාර ටිකවත් දාලා දෙයිද?
කටින් බතල ඇර උන් කොරලා ඇතිද?
අපෙ නෙව කකුල් උන්ටැති මොන රුදාවද?

මැයිදින ගියෙ නැතොත් මහජන සැවොම..
සිංගප්පූරුවක් වේවිද මේ ලබු කැවුම..
කන බොන යන උන්ට ඉරිසිය නොකර හැම..
වැඩියෙන් ලැබෙන තැනකට යමු පෝලිමට..

2 comments:

  1. අමිල අයියා සමලිංගික නේද? ආසයි ඔයා එක්ක ඉන්න. සැප දෙනවා හොදටම. අමිල අයියගේ මල්ලියා මතක් වෙද්දී ඉන්නම බෑ.

    ReplyDelete
    Replies
    1. දැන් ඔහේට වැඩියෙන්ම සතුටු හිතෙන්නේ මම සමලිංගික කිව්වහමද නෑ කිව්වහමද? දෙකෙන් ඔයාට ගොඩාක්ම චූන් එකක් යන ගොඩක් ආතල් එකක් යන ඔප්ෂන් එක ඔයා හිතාගන්න..
      මගේ ලිංගික රුචිකත්වය මම විතරක් සහ අදාල අය පමණක් දැනගත්තාම ඇති..

      Delete