Saturday, April 29, 2017

විචාරක මලා

අසමි දකිමි සොයමි ලියන විචාරක හෙවත්...           මහතා මිය පරලොව ගිහින්. තරමක් කලිං ගියා වගේ අමුතු ශොක් එකක් වැදුනා විචාරක ගියා කිව්ව කතාව අහලා. 


විචාරකගේ බ්ලොග් භූමිකාව 

මගේ බ්ලොග් එක හදන කාලෙ වෙද්දි ට්‍රෙන්ඩ් එකක් විදියට මගේ දිනපොත..මගේ අකුරු..මගේ ලයිෆ්ස්ටයිල් වගේ බ්ලෝග තිබුනා..ප්‍රධාන වශයෙන්  එදිනෙදා ජීවිතයේ රස කතා සහ වැදගත් සිදුවිම් බෙදාහදාගැනීම තමයි බහුතර බ්ලොග් වලින් සිදු වුනේ. ..විචාරක ගේ බ්ලොග් ස්ටයිල් එක තරමක් වෙනස්..ඔහු වර්ථමාන ලංකාවේ පවතින සාතිසය අති බහුතර ජන මාධ්‍ය වලටත් වඩා ඉදිරියෙන් සිට යමක් දෙස විද්‍යාත්මකව පැහැදිලි කිරීම් දෙන්න..දෙයක් පැහැදිලිව කියා දෙන්න ලොකු උත්සාහයක් ගත්තා.. 

මතක විදියට කටුනායක රොශේන් චානක ඝාතනයේදී හෝ එවන් පොලිස් වෙඩි ප්‍රහාරක් අවස්ථාවේ සියලුම මාධ්‍ය සිද්ධිය වාර්ථා කරද්දි විචාරක මහත්මයාගේ බ්ලෝග එකේ පමණක් එවන් අවස්ථාවකදී හමුදාවේ කාර්යභාරය ගැන ඉතාම සංයමයෙන් ලියූ දීර්ඝ විස්තරයක් තිබුනා..
එසේම පසුකලෙක සාලාව අනතුර අවස්ථාවේ එවැනි අවිගබඩාවක තිබිය යුතු තාක්ෂනික තත්වය ලංකාවේ තිබූ සහ තිබෙන අවිගබඩා ගැන යම් යම් ප්‍රමානික විස්තර ආදී අපි නොදන්නා තාක්ෂණික කරුනු ගනනාවක් ගෙනහැරපාන්න විචාරක මහත්මයා සමත්වුනා.. 
ඊට අමතරව බොහෝ දෙනා ආසාවෙන් කියවූ යුධ සහ ආයුධ ශිල්පීය ක්‍රම ගැන ලියවුනු අත්පොතක් වගේ සරල එහෙත් විස්තරාත්මක ලිපි විචාරක ගේ අසමි දකිමි සොයමි හරහා පල වුනා. . 

සරල බස සහ ඉදිරිපත් කිරීම 

විචාරක මහත්මයාගේ බ්ලොග් ලිවීම අද කාලේ ලොක්කට පඩයක් ගියත් ඒක ගැන මගේ මතය කියලා ෆේස්බුක් ස්ටේටස් දාන මම සහ පිරිසගේ ස්ටේටස් කලාවට වඩා බොහොම වෙනස්..ඇතැම් අවස්ථාවල විචාරක මහත්මයා ඔහුට අන්තර්ජාලයෙන් තිබෙන පිංතුර ග්‍රැෆික් මද අවස්ථාවල ඔහුම නිර්මාණය කරගත් රූ සටහන් වගු ආදිය භාවිතා කලේ ඒ සදහා විශාල කාලයක් මිඩංගු කරමින් වන්නට ඕනි. 

 හැකි සෑම විටම විචාරක යම් දෙයක් ගැන තිබෙන පුද්ගලික අදහසට වඩා තිබෙන තාක්ෂනික තොරතුරු ලබාදෙන්න  කටයුතු කලා. උදාහරණ විදියට ඔහු ටී 56 ගැන කියද්දී ඔහු ටී 56 පාවිච්චි කරපු අවස්ථා ගැන හැඩ දමමින් පුරාජේරු විස්තර ලියනවාට වඩා ටී 56 ගැන තිබෙන තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු වඩාත් සරලව ඉදිරිපත් කරන්නට විචාරක සමත් වුනා. 

වර්ථාමන පාසැල් පොලපොත් වල පවා තිබෙන කරුණු ඇතැම් විට එම විශයේ පරිචයක් තිබෙන අයකුට පවා කියවා තේරුම්ගන්න අපහසුයි.. විචාරක මහත්මයා ඔහුගේ බ්ලොග් එක තුල පල කරන ලද අධ්‍යාපන ලිපි කියවන්නට වඩාත් රුචි සරල නිවැරදි බසකින් ඉදිරිපත් කලා. ඇත්තටම සමහර අවි ආයුධ යුධ උපක්‍රම ගැන ඔහු ලියා ඇති ලියුම් සිංහල බසින් එම ක්ෂේත්‍රෙය් එදා මෙදාතුර ඉතිහාසයේ ඇති එකම සහ වටිනාම ලිපි පෙල වන්නට ඕනි. පුද්ගලික ලාභයක් නොමැති (විචාරක වැන්නෙක්ට නම් ලැබෙන කීර්ථියෙන්ද එතරම්ම වැදගත්කමක් නැතිව ඇති.  ) වටපිටාවකදී වුවත් විචාරක මහත්මයා තමුන්ගේ ලේඛන කලාව වෙනුවෙන්  වෘත්තීයමය ලේඛකයෙක් සේම දැඩි කැපකිරීමක් කරනු ලැබුවා. .. 

යුධමය තත්වයන් සහ අපේ ජනයා ගෙන්වා ගැනීම 

වර්ථමානයේදීත් ඇවිලි තිබෙන කොරියන් යුධ අවස්ථාවක් අනාගතයේ ඇති වූවොත් එව්න අවස්ථාවක අපේ රටෙන් ගොස් කොරියවේ සේවය කරන සේවකයින් ගලවාගැනීම සම්බන්ධ ලිපියක් මම රෝ අඩවියට සම්පාදනය කලා..එහි තොරතුරු ලබාගන්නට මට විචාරක මහත්මාය දුරකථනයෙන් අමතන්නට ලැබුනා. ඔහු මගේ නම කියූ සැනින් දැන සිටියා සහ තොරතුරු එවෙලේම ලබාදෙන්නටත් බොහොම නිහතමානීව කටයුතු කලා. 

යුද්ධයක් ඇතිවීමට නියමිත රටක අපගේ රටේ සේවකයින් සිටින විට ඒ සදහා විශේෂ සැලසුමක් අපේ රටේ රාජ්‍යතාන්ත්‍රික අංශ වලට අනිවාර්යෙයන් තිබෙන්නට ඕනි. මන්ද කොරියාවේ සිට නොයෙක් දුක් ගැහැට මැද අපේ රටට විදේශ විනිමය සපයන ශ්‍රමිකයා කියන්නේ අපිට වටිනා වස්තුවක්.. එසේ වටිනා හෝ නොවටිනා හෝ අපේ රටක පුරවැසියෙක්ට ලෝකයේ කවර තැනකදී වුව යම් අගතියක් සිදු වෙනවා නම් අපේ රටේ වගකීම්  වන්නේ ඒ වෙනුවෙන් පෙනී සිට පුද්ගලයින් ආරක්ෂා කිරීම.. 

ඒ වගේ යුධමය අවස්ථාවකදී රටවල් සාමාන්‍යෙයන් අනුගමනය කරන ක්‍රියාමාර්ග, එක්සත් ජාතින් විසින් විදේශිකයින් රටින් ඉවත් කිරීමට කරනු ලබන ක්‍රියාමාර්ග, ඇමරිකාව සහ දියුනු රටවල් එම තත්වයේදී සිය රටවල පුරවැසියන් වෙනුවෙන් ගන්නා ලබන ක්‍රියාමාර්ග, එවන් අවස්ථාවක් ඇතිවීමට නියමිත අවස්ථාවකදී  එහි සිටින විදේශිකයින්ගේ වගකීම.. වැනි මාතෘකා රැසකින් තොරතුරු රැසක් විචාරක මහත්මයා මට නිර්ලෝභීව ලබා දුන්නා.. 

ඔහු ඔහුගේ පුද්ගලික මතය වෙනමත්.. පොදු සහ ජාත්‍යන්තර නීති තත්වය වෙනමත් මනාව විග්‍රහ කරන්නට සමත් වුනා.. 


විචාරක සහ හිදැස. 

බ්ලොග් පමණක් නොව සමස්ථ ලාංකික මාධ්‍ය ක්ෂේත්‍රෙය්ම ගවේශනාත්මක මාධ්‍යෙව්දින් ඉන්නේ අතලොස්සයි. හැමෝම ඉන්නේ කාගෙන් හරි අහගෙන හෝ විකිපීඩියා කොපි කරගෙන එහෙම්ම කරුනු ඉදිරිපත් කරල කොහොමහරි මොනවහරි දෙන්න බලාගෙන.. .. ඒ අතරින් විචාරක ගේ බ්ලොග් ලිවීම විශිෂ්ඨ තැනක තිබුනා.. ඔහු ගේ විශය පථයට අදාලව පැවති කැරලි මර්ධණය, ආරක්ෂාව, ආරක්ෂක විධිවිධාන සැලසීම, අවි ආයුධ, යුධ ශිල්පය ගැන විශාල කරුනු රැසක් තාක්ෂණානුකූලව ඉදිරිපත් කරන්නට විචාරක සමත් වුනා. 

ඔහු සහ මත ගැටුම් 

සාමාන්‍යෙයන් මාධ්‍යෙව්දින් කියන්නේම යම් කිසි මතයක් තිබෙන අය.. සිද්ධියක් ප්‍රවාත්ති වාර්ථාවක් බවට පත් වන්නේ එකිනෙකා ගේ මතවාද සහ ඒ ගැන ඇති විග්‍රහයන් එකිනෙක පෙලගැස්වීමෙන්.. එහිදී මාධ්‍යෙව්දීයාටද යම් කිසි මතයක් කුමක් හෝ තිබෙන්නට ඕනි.. උදාහරණ විදියට දේශපාලන ලෝකයේ සිදුවන සියලු දේම සිදු විය යුතු පරිදි සිදුවෙනවාය..ඒවා කිසි දෙයක් වෙනස් කරන්නට බැරිය.. දේසපාලුවෝ කාල ඇදල උන්ගේ පාඩුවෙ ඉදීවිය..අපි අපි පාඩුවේ ඉදිමුය..කියලා හිතන ඉතාම උදාසීන දේශපාලනික මතයක් තිබෙන අයෙකුට කවදාවත් සාර්ථක දේශපාලන ලියවිල්ලක් ඉදිරිපත් කරන්නට බැහැ..මන්ද ඔහුගේ කෝණයෙන් ලොව සියලු දේ සිදු වන්නේ සිදු විය යුතු විදියට..කිසිවක් වෙන්ස් කරන්නට හෝ නැවත සකස් කරන්නට බැහැ.. ඉතිං ඒ වගේ ඇල්වතුර වැනි ඇල්මැරුනු චරිත තුලින් කවදාවත් සාර්ථක ලේඛන ශිල්පියෙක් හොයාගන්න අමාරුයි.. 

විචාරකත් මතවාදීව ටිකක් කුකුල් කේන්තිකාරයෙක්..ඔහුගේ මතයට නොගැලපෙන තැන්වලදී ඔහු සෘජුවම ඒ ගැන අදහස් ප්‍රකාශ කලා. සරලම උදාහරණයට මගෙ බ්ලොග් ලියමන් තුල ඇති අටෝරාශියක් වියරණ සහ අක්ෂර වැරදි ගැන විචාරක කවදත් දැරුවේ විරෝධ මතයක්. ඔහුට අනුව බස කියන්නේ පොදු ටූල් එකක්..ඒකෙදි අපි හරියට බස පාවිච්චි නොකරනවා නම් අපිට අදහස් නිවැරදිව සන්නිවේදනය කරන්නට අමාරුයි. මගේ මතය විචාරක මතයට වඩා වෙනස් එකක්..ඔහු නිතරම කියූ නිසා පරිඝනකය වැනි වදන් පරිගණකය කියලා සැකසුනත් කිසිම දිනක වියරණ සහ අක්ෂර ගැන දැඩි ලෙස හිතන්නට මා පෙළඹුනේ නෑ.. 

එහෙත් ඒ ගැටුම තිබුනේ ඒ ඒ තැන්වල පමණයි..ඔහු හමු වී ඇති අවස්ථා දෙක තුනේදී සහ ඔහු සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කල අවස්ථා දෙක තුන තුලදී විචාරක මහත්මයාට ඒ මතගැටුම් යාන්තම් වත් මතකයේ තිබුනේ නෑ.. 
මා දන්නා පරිදි විචාරක මහත්මයා ට ඒ වගෙ මත ගැටුම් දැඩිව තිබුන අවස්ථා තිබුනා.. ඔහු ඒවා සමග නිතරම සක්‍රියව දායක වුනා..  

අවසානය 

අපි හැමෝම ආවනම් යන්නට ඕනි.. බොහෝම තරුණ වයසෙදි ගියා වගේ සොවක් ඇතිවන්නේ විචාරක මහතා අපි සමග එකතු වූයේ බොහෝ පසුකාලීනව නිසා වන්නට ඕනි.. හමුදා නිළදාරියෙක් ලෙස සිය රටට සමාජයට විශාල සේවයක් කල එතුමා පසුකාලීනව ඒ කරුණු වඩාත් පැහැදිලිව මහජනයාට ඉදිරිපත් කරන්නට වඩා දියුනු සහ තියුනු මාධ්‍යයක් තොරාගත්තා. ඉපදුනු නිසාම ලාංකික අපි හැමෝම ලක්ෂ තුන හතරක ණයක් අරං ආවට..විචාරක මහත්මයා නම් රටට සමාජයට තමුන්ගේ මතයට සාධාරනයක් කරපු වැදගත් ලෙස සමාජයෙන් නික්ම ගිය,  රටට ණය නැති මහත්මයෙක්..මරණයෙන් මතු විචාරක මහත්මයා යම් දෙයක් පැතුවේද? ඒ අරමුණ සාක්ශාත් කරගන්නට එතුමාට අවකාශ ලැබේවා!! 

17 comments:

  1. විචා තුමා ගුරුවරයෙක් , හමුදා නිළදාරියෙක් , බ්ලොග් රචකයෙක් මෙන්ම හිත හොඳ මිතුරෙක්.

    ReplyDelete
  2. විචා ගැන කියවපු හොඳම ගුණ කථන වලින් එකක්.

    ReplyDelete
  3. විචා ගැන මට කියන්න ඕනෙ ගොඩක් දේවල්.. ස්තූතියි අමිල.

    සුභ ගමන් මගේ ජේෂ්ඨ සගයාට!!

    ReplyDelete
  4. ඔබට සුබ රාත්‍රියක් විචා!!!

    Thanks Amila

    ReplyDelete
  5. විචාරක තුමා ගැන ලියවුනු ඇති සාර්ථක ලිපියක්. ඇත්තෙන්ම ඔබේ විග්‍රහය හරිම අගෙයි. එතුමා ගුරුවරයෙක් අප සියලුදෙනාම blog කරණය ගැන උදව් ඉල්ලු වෙලාවේ එය නොපැකිල ඉටුකලා. blog රචකයෙක් හැටියට අලුත් මානේකට අපව රැගෙන ගියා , විචාරක තුමාට නිවන්සැප ලැබේවා

    ReplyDelete
  6. විචාරක ගැන ලියවුන හොඳම විස්තරයක්.
    යුධ තාක්ෂණ ක්ෂේත්‍රය ගැන ඔහු තරම් හොඳට පැහැදිලි කරන්න තවෙකෙකුට පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ.

    සුබ ගමන් විචා !

    ReplyDelete
  7. නෙලුම් යාය සම්මාන උළෙල ගැන යම් පුද්මගලික මතවාද තිබුනත් නෙළුම් යාය කන්ඩායම විචාරක මහත්මයා මුනගැසී ඔහුගේ සේවය ඇගයීමට නිවසටම ගොස් ඔහු අතට සම්මාන සහතික ලබාදීම කාලෝචිත වැඩක්.
    ඒ සදහා සක්‍රියව සහභාගී වූ සියලුම දෙනාට විශේෂයෙන් ස්තූති වන්නට ඕනි.. ලියන කාලේට මරු එල, සුපිරි කියල කියනවා වගේම බැරි අමාරු අවස්ථාවලදී පවා ඔහු මග නොහැර සේවය ඇගයීම උතුම් මානුෂිය ගුණාංගයක්.

    ReplyDelete
  8. විචාරක, අපි නැවත එහේ දී ම දවසක හමුවෙමු!

    ReplyDelete
  9. ගස්ලබ්බගෙ වෙඩිම කියපු වෙලාවෙ පියෙක් වගේ උපදෙස් දීල උදෙන්ම පැමිණිලා සහභාගී උනා මතකයි.
    තමුන් කරන කාර්යය කැපවීමෙන් කරන අයෙකුට හොඳම උදාහරණයක්..
    ජයවේවා..!!

    ReplyDelete
  10. //විචාරක මහත්මයා තමුන්ගේ ලේඛන කලාව වෙනුවෙන් වෘත්තීයමය ලේඛකයෙක් සේම දැඩි කැපකිරීමක් කරනු ලැබුවා. ..//

    සත්තකින්ම

    ReplyDelete
  11. ඔබ නැති අඩුව අපට දැනෙනව. විචාරක තුමාට නිවන්සැප ලැබේවා!!!

    ReplyDelete