Tuesday, May 30, 2017

ආයෙ ආවොත් ආයෙත් බෙදමු

මේ දිනවල පවතින අනතුරුදායක කාලගුණයෙන් අපිට පෙනෙන මාධ්‍ය වලින් පේන ප්‍රමාණයට වඩා දැඩි හානියක් වෙලා තියෙනවා කියන එක රහසක් නෙමෙයි. අපි මේ ආපදාවට මුහුනදෙන ආකාරය කලින් ආපදාවලට මුහුනදුන්න ආකාරයම තමයි..ඉතිං ඒ ගැන කරුණු කීපයක් ඔබට ඉදිරිපත් කරන්නට හිතුවා. 

රාජ්‍ය යාන්ත්‍රනය 

පරිගණක ස්ක්‍රින් එකක් හෝ ෆෝන් එකක් ඉස්සරහට වෙලා දවස තිස්සෙම ෆේස්බුක් ඉන්න අපිට එහම රාජ්‍ය යාන්ත්‍රනයක් පනේනේ නෑ..ඒත් එහෙම ප්‍රබල යාන්ත්‍රනයක් තිබෙනවා. ගමකට ගංවතුර ආවම හානි වෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි..ඒ හානිය අදාල රාජ්‍ය යාන්ත්‍රනයකටත් ඒ විදියටම වෙනවා.. (ඒක වෙනස්කිරීම ටිකක් ගැඹුරු දෙයක්) කොටින්ම සමහර විටෙක ග්‍රාම නිළදාරි මහතාට ප්‍රා ලේ තුමාට තුමියට මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නට වෙන්නේ තමුනගේ ගේත් යටවෙලා තියෙද්දි.. ඉතිං ඒ වුනත් ඇතැම් කැපවිම සහිත රාජ්‍ය නිළධාරින් සිය වගකීම හොදට කරනවා.. මෙතනදි තාක්ෂණික වශයෙන් දියුනුය කියලා හිතාගෙන ඉන්න අපි විසින්මේ  මිනුසුන්ට ගරහන එක තේරුමක් නැහැ..කරන්න ඕනි ලෝකේ  වෙන දියුනු පද්ධති අධ්‍යනය කරලා ගංවතුර නාය වලදී මීට වඩා ශක්තිමත් සහ ඉක්මනින් ප්‍රතිචාර දක්වන පද්ධතියක් නිර්මාණය කරගන්න එක. 

අපේ ආපදා උගත් පාඩම් සහ මැප් 

2016 කොළඹ කඩුවෙල ගංවතුර..ඔය ගංවතුර ඇතිවන්නේ ඇයි..එහිදී රාජ්‍ය යාන්ත්‍රනය මුහුනදීපු ගැටලු මොනවද ආදී කරුණුවල වාර්ථාවක් කා හරි ලග තියෙනවද? මට නම් හමුවුනේ නැහැ.. එතනදි ගංවතුර ඇතිවීම සහ දින කිහිපයක් තිස්සේ වතුර බැස නොයාමට හේතු කාගාව හරි වාර්ථාවක් විදියට විද්‍යාත්මක ව තියෙනවාද? සමහර විට ඇති ඒත් ප්‍රසිද්ධ වුනේ නෑහැ.. අපි ආපදාවකට පසසේ ඒ ගැන කොතරම්ම අලසද කියන කතාව එයින්ම බලාගන්නට පුලුවනි.. 

ආපදා ඇතිවන්නේ යම් කාලගුණික තත්වයක් නිසා නම් (බටහිර බෑවුමට මිලිමීටර 500ක් වර්ශාව) වැනි දෙයක් හෝ ගංගාවේ පථය වෙනස් වීම, මුහුදු මට්ටම උස වීම ආදී භූගෝලීය කාරණා නිසා නම් අපි ඒවා කලිං දැනගන්න ඕනි..එතකොට අපිට නිසි වෙලාවට බයවෙලා ඉවත්වෙන්නට හැකියාව ලැබෙනවා..අවාසනාවකට වාගේ මීඩියා වල ලියන අපි (මං කුඩා පරිමාණ මාධ්‍යෙව්දියෙක් ) සහ සමස්ථ සමාජය විපතකින් පස්සේ ඒකට හේතු සහ එහි හානි අවම කරගන්න වෙහෙස මහන්සි වෙනවා අඩුයි.. 

වැස්ස සහ කුණාටු නවත්තන්න බෑනෙ ඕයි..බයිල නෙ තමුසෙගෙ.. 

ඇත්ත ඒත් වැස්සකදි ඇතිවන ආපදාව නවත්තගන්න ඇතිවන මරණ ගාන නවත්තගන්න සහ  ආධාර සහ රැකවරන ඉක්සැමනින් සැලසීමට ආපදා කළමණාකරන ය වැදගත් වෙනවා..අපි සරල උදාහරණයක් ගමු.. කදු නාය නම් ඇමරිකාවෙත්, නේපාලයෙත්, ඇෆ්ඝනිස්ථානයෙත්, ලංකාවෙත් ස්විට්සර්ලන්තයෙත් සිදු වෙනවා. නේපාලයේ ඇෆ්ඝනිස්ථානයේ අපි වගේමයි.. නාය යනවා මිනිස්සු බුරුතු පිටින් මැරෙනවා ඉන් පස්සේ මොකෝ වෙන්නේ මිනිස්සු හැකි පමණ තමුන්ගොගේ සක්තියෙන් ගොඩනැගෙනවා. ..ඇෆ්ඝනිස්ථානයෙ එක අවස්ථාවක විශාල කන්දක් නාය ගියා. එයින් නැතිවුන ජීවත හොයන්න විශාල පිරිසක් කන්ද නාය ගිය තැනට එසැනින්  එකතු එකතු වුනා..අවසානේ ඊලගට ආපු විශාල තවත් නාය යෑමකින් ලේයර් දෙකක කේක් එකක් විදියට මිනිස්සු පස් වලට යට වුනා.. 

නමුත් ඇමරිකාවේ නාය යාමක් වුනාම තරමක් වැඩේ බරපතලයි.. මුලින්ම කලින් සිතියම් පාවිච්චි කරලා ගෙවල් තිබුන තැන් හොයනවා. ඉන් පස්සේ හෙලිකොප්ටර වලින් ඒ ගෙවල් ගාව සකෑන් කරලා පොලව අසසේ පණ තියෙන ජීවින් ඉන්නවද කියල හොයනවා.. එයින් මනත ස්කෑන් කරපු තැන හාරල ඉවර වෙල පණ තියෙන උන්ව ගොඩගන්නවා.. ඇමරිකාව කියන්නේ තාක්සනේ සැටලයිට් ඉමේජ් එහෙම පාවිච්චි වෙන රටක් නේ..එයාල ගාව ඕනෑම භූගෝලිය පලාතක වසරින් වසර සැටලයිට් ඒරියල් පිංතුර තියෙනවා..විසේසයෙන් නාය යන්න කිට්ටු කදු ගාව එහම..එතකොට ඒ ගොල්ලන්ට නාය තුල නිවාස තිබුනේ කහෛ්ද කියල සරල අදහසක් ගන්නට හැකියාව තිබෙනවා..ඇතැම් විට ඒ නිවාස වුවත් මීටර් ගානක් ඈතට ගහගෙන ගිහින් තිබෙන්නට ුපුලුවනි.

ඒ ක්‍රමයේදී නාය වගේ එකක් ගැන හොද පෙරහුරුවක් තියෙන ස්වේච්චා පිරිස් ඉන්නෝ.. ස්වේච්චා කන්ඩායම් එකතුවෙන්නෙම ඒ අදාල නිල ඇදුම් සහ උපකරණ සහිතව. එයාලට ආරක්ෂාව ගැනත් හොද පුහුනුවක් තියෙනවා..පින තිබුන පලියට හැමෝටම ස්වෙච්චා සේවකයෝ වෙන්න එහෙදි  අමාරුයි.. 

ඇමරිකන් කාරයා මොන පොයිය ගැහුවත් එයාලගේ වුනත් සිය ගානක් නාය යෑම් වලින් වසරකට මැරෙනවා.. ඒත් නාය යෑම් ගොඩක් අවුරුද්දකට සිදු වෙන ස්විස් වල මරණ අවුරුදු තිහක් තිස්සේ අවුරුද්දකට එකකට වඩා වාර්ථා වෙලා නැහැ..නාය වලින් ස්විස් වලත් බර තොගයක් වෙනවා..ඒත් මරණ අඩුයි.. ඒම වෙන්නෙ කෝමද? 

ලගම ඉන්න එකාට තැලීම 

අපි දේශපාලනිකව සබුද්ධික ජනතාවක්.ඒ නිසා ඒ ඒ ඇමතිවරු වතුරට බැස්සද? ඒ ඒ කට්ටිය ආදාර දුන්නද කියල නිතර හොයනවා.අපේ දෛශපාලන බුද්ධිය ගැන එතනින් එහා කතරකරල තේරුමක් නෑනෙ. 

ඒත් හොදට බැලුවොත් අපි අනතුරකට පස්සේ වැඩිපුරම තලන්නේ අපිට පේන කෙනාට විතරයි.. ඒ වගේම මේ වගේ වෙලාවක අපි අපි විසින්ම දියුනු කරගත යුතු දෙවල් ගැන කතාබහක් ඇත්තේ්ම නැති තරම්.. උදාහරණ ලෙස අපි කවුද ගංවතුර හෝ නාය විපතකින් පසු ඒ ගැන විමසා බලනනේ.. කවුරුත් නෑ? කොටින්ම දැන් මීතොටමුල්ල කුනු ගැන හොයනෝද? නෑනෙ.. 

ඒ වගේම තාක්ෂණික අංශයෙන්..දැන් ඉස්සරට වඩා බොහෝම දියුනුයි. අපි දැක්කා ෆේස්බුක් හරහා උදේ හවා අතන මෙතන අනතුරු වෙලා මෙච්චර මෙච්චර අසරණ වෙලා කියල පෝස්ට්..ෆේස්බුක් කියන්නෙ මොකද්ද ෆේස්බුක් කියන්නේ හොදට ඩේට සිග්නල් තියෙන හොද ස්මාට්  පෝන් තියෙන මිනිස්සු විනෝදෙට කරන සෙල්ලමක්. ඒක අස්සෙ තියෙන්නෙ සම්පූර්ණ විපතෙන් සියයට 10ක් විතර ප්‍රමාණයක්..මොකද අපේ ගමෙ වුනත් ෆේස්බුක් කියන්නේ තාමත් මිනිස්සුන් ට මැජික් එකක්. 

එතනින් පෙනුන දෙයක් තමයි ආපදාවක් වුනාම ආපදා සිතියමක් ඉක්මනින්ම හදාගන්න එකේ වැදගත් කම..ග්‍රාම නිලධාරි ප්‍රා ලේ දිසාපති මහත්වරුන්ගෙන් තොරතුරු අරගෙන ඉක්මනින් එහම සිතියමක් ගහගන්න ඕනි. ඒ වගේ දේවලට අපිට පාවිච්චි කරන්න පුලුවන් සරල ක්‍රමවේද ලේසියෙන්ම හදාගන්න ඇතැම්විට අපිට උනත් රජයට සහාය වෙන්න පුලුවන් කම තියෙනවා. 

නාය මරණ 


නාය යෑම් වලින් අනුයාත පසුගිය අවුරුදු සෑම එකකදීම මිනිසුන් සිය ගනන් පොලව යට වැලලුනා..දැන් මම හිතන්නේ නාය ගැන විශේෂ තාක්ෂනික සහය විදේශ වලින් අරගෙන නායට යටවුනු මිනිසුන් සෙවීම, නාය යාම කලින් හදුනාගැනීම..මිනිසුන් ඉවත්ක්රීම ගැන මීට වඩා තාක්ෂනිකව සහ ප්‍රාෙයා්ගිකව කටයුතු කරන්නට කාලය ඇවිත්.. 

හැමදාම අපේ ජනාධිපතිතුමා නායෙන් යටවුනු අයට ගෙවල් දෙනවා..යටවෙලා මලාට පස්සේ ගෙවල් දීම ට වඩා ඒ අයට ආරක්ෂිත මහල නිවාස හෝ හදාදෙන්න උත්සාහ කරන්නට ඕනි.. 

අපේ ජීවිත තාලේ වෙනස් කරන්න කාලේ.. 

ජනගහනේ වැඩිවෙනවා..ඒ හැමෛා්ටම ගෙවල් දොරවල් ඕනි වෙනවා..ඉතිං වගුරු ගොඩකරනවා, ජල රක්ෂිත ගොඩ කරනවා, තද බෑවුම් කපල ගෙවල් හදනවා..නිලධාරින් දේශපාලකයින් ගෙවල් අනුමත කරන්නේ නැත්තං පස්සේන ගිහින් බලෙන් හෝ පගාවට හෝ වැඩය ඇපෘෘ කරගෙනඅ පි ගෙවල් හදනවා.. නිළදාරින් කොච්චර එපා කිව්වත් පගාව දීල හේ දේශපාලන බලය පිට වගුරුබිම් ගොඩකිරීම, ජල රක්ෂිත පිරවීම සහ ආනතිය වැඩි තැන්වලගෙවල් සැදීම ලස්සනට සිද්ද වෙනවා මහ පොලව උඩ.. 

ලංකාවෙ ටීවි චැනල් බලං ඉන්නකොට අපිට පේනවා ලස්සන ගෙවල් හදන හැටි..ගාඩන් ගහන හැටි..ඒ වෙග්ම ලංකාවේ සාමාන්‍ය තරුණයෙක්ගේ මූලික අරමුණ ඉතාලි ගිහින් හෝ, කොරියන් මැදපෙරදිගි ගිහින් හෝ කරන එකෙන් ලෝන් ගහල හෝ ඉඩමක් අරං ගෙවල් හැදීම..හැමෝටම ඉඩම් සහ ගෙවල් කියන්න දැන් නම් ටිකක් නවත්වන්න කාලේ හරි ෆැෂන් එකක්.. වඩාත් ආරක්ෂිත ස්ථාන වල මහල්නිවාස ඉදිකොට අනතුරුදායක භූමිවල ජනයා පදිංචි වීම අවම කරන්න වැඩපිලිවෙලක් දීර්ඝකාලීනව එන්න ඕනි.. 

අපි සහ අපේ ලමයි හැමෝටම ඉඩම් කෑලි එක්ක ගෙවල් හැදෙන්න ගියොත් අවසානේ මේ රටේ වැව් උඩ, ගංගා උඩ දරුනු කදු උඩ පවා ගෙවල් හදන්නට වේවි..මහල් නිවාස හොදම දෙයක් නෙමෙයි..ඒත් අපි පරිසරයට අනුව හැඩගැසුනේ නැත්නම් වෙන්නනේ ඉස්සරහට පරිසරයේ දරුනු බලපැම් වටල යට වෙන්න සිදු වීම.. 

කාලෙට අනුව වෙනස් නොවුනම ඒ සතුන් වදවෙනවා..ඉතිං අපිත් අවරුද්දකට මිනිස්සු දේපල විශාල ප්‍රමාණයක් විනාස කරගන්නේ අපි කාලයට අනුව අපේ පද්ධති, ඔලුව වෙනස්කරගන්නේ නැති නිසා..ඒ නිසා ඇමතිතුමා බැස්සද ලොක්කා වතුරෙද මලමිනි කොයි තරම් දුකද කියලා හිතනවා වගේම මේ අනතුරු වලක්වා ගන්න විදිය ගැන අලුතින් හිතන්න ඔබට වාසනාව සක්තිය ධෛර්ය ලැබේවා.. 

ස්තූතියි. 

4 comments:

  1. //මේ අනතුරු වලක්වා ගන්න විදිය ගැන අලුතින් හිතන්න ඔබට වාසනාව සක්තිය ධෛර්ය ලැබේවා..//

    Totally agree with this post

    ReplyDelete
  2. මුලක ඉදන් පටන් ගන්න වෙනවා කොමිස් ගහන හැතිකරේ වාරි මාර්ග කටයුතු වලින් අතුගාලා දාන්නම ඕන

    ReplyDelete
  3. http://reliefsupports.org/ අලුතින්ම හදපු වැඩක්. කලමනාකරණය කරගන්න උදව්වෙයි.

    ReplyDelete
  4. ඇත්තටම කොහොමද මේ දවස් දෙකේ තුනේ වැස්සට මේ වගේ ලොකු විනාශයක් උනේ.

    ReplyDelete