Monday, June 5, 2017

මට පුලුවනි ෆේස්බුක් එකේ රෙන්න..ඔබ අකමැති නම් නහය වහගන්න

What's on your mind? කියල ෆේස්බුක් එකේ දැම්මාහම අපි අපිට හිතෙන දේ කියනවා. අපිට හිතෙන දේ අනික් අය දකිනවා..අපි කරන කියන දේවල් අගනික් මිනිස්සුන්ට පේනවා.

ෆේස්බුක් ආපු කාලේ තිබුනේ අපිට යාලුවෝ ඉන්නවා..එයාල ඇත්තම ජීවිතේ ඉන්නම අය..පස්සේ පස්සේ තත්තේ වෙනස් වෙන්න ගත්තා..අපි දන්න කියන හැමෝම වගේ සජෙස් කරනවා..අපිට ගෲප් එනවා..පේජ් එනවා..දැන් ඇත්තටම කල්පනා කරල බැලුවොත් ඇත්තටම මූණට නොදන්නකී දෙනෙක් අපේ පෙන් ලිස්ට් වල ඉන්නෝද? මම හිතන්නෙ ලංකාවේ ඉතාම සීමිත පිරිසකට ඇරෙන්න බොහෝ දෙනෙකුට හැබැහින් හමුවෙලා නැති විසාල තොගයක් මිනිස්සු ෆේස්බුක් හරහා හමුවෙනවා.. 

ගෲප් එකක හෝ පෙජ් එකක තියෙන දෙයක් සෙයා වෙද්දි ඒ කියන අදහසට සම්පූර්ණයෙන්ම එකග නොවුනත් අපි කුමක් හෝ නිසා ඒක සෙයා කරනවා.. ඉන් පස්සේ අපේ මිතුරන් බලනවා.. සමහර සුලු සිද්දි එකක් හෝ දෙකක් සතියට ෆේස්බුක් නිසා ලංකාවේ හිට් වෙනවා. 


 

 ෆේස්බුක් පිංවත් ව්‍යෘපෘතියක්ද? 

බැලූ බැල්මට ෆේස්බුක ්කියන්නේ හරිම හොද අවස්ථාවක් අපිට කාලෙ කන්න සහ විස්තර දැනකියා ගන්න. ඒත් ගැඹුරින් හිතුවාම ලෝකේ පතල කිසිම ස්ථානයක ෆේස්බුක් කියන්නේ අධ්‍යාපනික අඩවියක් කියල සදහන් වෙන්නේ නෑ.. මට මතක් වෙන්නේ ඉ්සසර ඔ්‍ය ගෑණු ටෙලි සීරියස් ආපුම කාලේ අපේ ගමේ ඇන්ටියෙක් මට දුන්න දේසනාවක්..ඒ ඇන්ටිය කියනවා ලංකාවෙ බයිල වාගේ නෙමෙයි ලු..ඉන්දියන් කතා වලින් මිනිස්සු අනික් අයට ඉරිසියා කරන හැටි.. අනික් මිනිස්සුන්ගේ තියන නපුරු ගත් වගේ දේවල් ලේසියෙන් අදුරගන්න අපිට පුරුදු කරනෝලු..ජීවිතේ සමාජේ තේරුම ්ගන්න ඉන්දියන් ටෙලි මාර වැදගත් වෙනෝලු.. 

ෆේස්බුක් කියන්නේ අධ්‍යාපනික අඩවියක්ය කියන අය මට පේන්නේ ආන්න අර ඉන්දියන් ටෙලි හොදයි කියපු ආන්ටි ස් වගේ.. ෆේ

ෆේස්බුක් කියන්නේ ලාබ ලබන ව්‍යාපෘතියක්.. ඡන්ද කාලෙකදි හැම පලාතේම ඉන්නලංකාවේ අපේක්ෂකයෝ ෆේස්බුක් ඇඩ් දානව ..ඒ එන ආදායම මහිතන තරම්ම ලේසි ගානක් නෙමෙයි.ඒ වගේම දැන් ලැට් බඩු ඉදන් රූපලාවන්‍ය බඩු දක්වා විසාල බඩු තොගයක් ෆේස්බුක් හරහා මාකට් වෙනවා.. 

රිපෝට් කරන්න පුලුවන් නේ.. 

පහුගිය දවසක එක වීඩියෝ එකක සිංහලෙන් කියනවා මෙන්න මෙතන වැරදි වැඩක් වෙනවා..පොලිසියට කියල වැඩක් නෑ උඹල මෙතනින් යද්දි මේකට ගල් ගහගෙන පලයල්ලා කියලා..ඒ වගේම ගහපියවු, මරාපියව්, කොටාපියව් කියල දැඩි වෛරී ප්‍රකාශත් නිතරම ෆේස්බුක් හරහා ෂෙයා වෙනවා.. ඉතිං මම ඔ්‍ය කියන වීඩියෝ එක රිපෝට් කලා..එතකොට ආපු රිප්ලයි එක තමයි..ඒක අපිට අනුව පස්නයක් නෑ,. ඔ්‍යාට කැමති නම් මේ සෙයා කල පුද්ගලයා හෝ පේජ් එක බ්ලොක් කරගන්න පුලුවන්ය කියලා.. 

ගහපියව්, මරාපියව්, කපපියව් කියලා මිනිස්සු භීෂණයට පොළඹවන වීඩියෝවක් හෝ පෝස්ට් එකක් ගියතැන මම කරන රිපෝට් එකට රිප්ලයි එකවෙන්නේ ඔ්‍යා කැමති නැත්තං ඔයා එතනින් එහාට යන්න කියන එක විතරයි.. 

ආන්ඩුව අපි සහ ෆේස්බුක්  

ෆේස්බුක් හරහා පලවන දැන්වීම් වලින් ආන්ඩුවට බදු මුදලක් එකතු වෙන්නේ නෑ.. ආන්ඩුවක් රජයක් විදියට ගත්තාම ෆේස්බුක් නිසා රජයකට ලැබෙන වාසියක් එහෙමට තියෙන බවකුත් පේන්නේ නෑ.. 
දැන් ෆේස්බුක් එකේ ජනප්‍රිය වුනු පේජ් සහ කන්ඩායම් වලින් වෛරය පතුරුවන වැඩේ ජයට යනවා..පිරිසක් මිනී ගොඩදානවා..තව අය ආගම් උඩදානවා..තව අය නොයෙක් බෙදීම් දාගන්නවා. හැබැයි මේවා පාලනය කරන්න ෆේස්බුක් එක මැදිහත් වෙන පාටකුත් නෑ.. 
ෆේස්බුක්අයට ලංකාව පොඩි මාකට් එකක්..ඒත් අපි ෆේස්බුක් තහනම් කිරීඹ වගේ දෙයක් ෆේස්බුක් එක බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි.. මම නම් පුද්ගලිකව හිතන්නේ මිනිහෙක්ගෙන් වට්ස් ඔන් යුවර් මයින්ඩ් කියලා ඇහුවාම ඒ මිනිහා හිතේ තියෙන හැමදේම කියාවි..ඒක එයාගේ මට්ටම..
ඒක හරියට ෆිල්ටර් කරලා අනවශ්‍ය දේවල් අයිනේ වෙන්නේ නැත්නම්..සාමෙන් ඉන්න මිනිස්සුත් මේ බඩකඩුත්තුව නිසා තවත් වෛරක්කාරයෝ වෙනවා නම්..කෙල්ලෙක්ට නිදහසේ මැරිලත් ඉන්න නැත්තං..ඕක තහනම් වුනාට අවුලක් නෑ,.

10 comments:

  1. This is my friend is called 'Wal buru madya nidahasa'. Funny thing is now the west who created this need to control it. There is lot of money in this business and will be hard to control.

    ReplyDelete
  2. ලංකාව වේ තුන්වෙනි ලෝකයෙ රටවලට ෆේස්බුක් කියන්නෙ දැලිපිහියක්. ඒකයි හැම අතටම වනල බලන්නෙ. අන්තිමේදි කැපුණ කියල කෑගහන්නෙත් ඒකයි
    වරද මානසික මට්ටම් වල

    ReplyDelete
  3. ඇතැම් අය ෆේස්බුක් නිසා ධනවත් වෙනවා, තවත් සමහරු කැටේ සල්ලි ටික එකතුකරගෙන ඩේටා කාඩ් දාගෙන අතේ වියදමෙන් අනුන්ගේ කුණු බලලා ආතල් ගන්නවා. ෆේස්බුක් කියන සංකල්පය සකර්බර්ගට වාසි සහගත වුණා අති බහුතරයක් මිනිස්සුන්ට දැන් වෛරසයක් වෙලා තියෙන්නේ. තමන්ගේ පුද්ගලිකත්වය නැතිකරගෙන,ආත්ම ගෞරවය නැතිකරගෙන,වෛරය සහ පොර සංකල්පය වපුරන තැනක් විතරක්ම වෙලා තියනවා. ඇත්තටම ෆේස්බුක් වලට මොකක් වුනත් කමක් නෑ. කාලයා විසින් අනවශ්‍ය දේ වලපල්ලට ගෙන යනවා සත්තයි

    ReplyDelete
  4. ලඟදි ප්‍රසිද්ධ වුණු ගැහැණු ළමයෙකුගේ නිරුවත් වීඩියෝවක් කවුරුහරි අප්ලෝඩ් කරල තිබුණ. මම ඒක රිපෝර්ට් කලාමත් ආවේ, "ඒක අපේ ප්‍රතිපත්ති වලට පටහැනි නැති නිසා ඉවත් කරන්න බෑ, ඔබට අවශ්‍ය නම් බ්ලොක් කරගන්න" කියල විතරයි.

    අපේ ඉන්න අයියලා එක්ක බැලුවම, ෆේස්බූක් එක නිදහස් වැඩියි. ඒකයි.

    ReplyDelete
    Replies
    1. me kathava boruvak nude video vitharak neveyi poto unath report karala blok karanda puluvan.

      Delete
    2. එහෙම රිපෝර්ට් කරල බ්ලොක් කරන්න පුළුවන් නම් මමත් කැමතියි ඇනෝ.

      පෝස්ට් වල දාපුවා නම් මමත් රිපෝර්ට් කරලා තියනවා, නමුත් මේ මම කියන වීඩියෝ එක තිබුණේ කොමෙන්ට් එකක. මම රිපෝර්ට් කළාට පසුවත්, තවමත් ඒ වීඩියෝ එක තියෙනවා, මෙන්න මට ආපු පිළිතුර.


      You anonymously reported [][][][][][][][][]'s comment for displaying nudity.
      REPORT REVIEWED

      Thanks for your feedback
      May 30
      Thanks for letting us know about this. We looked over the comment, and though it doesn't go against one of our specific Community Standards, you did the right thing by letting us know about it. We understand that it may still be offensive or distasteful to you, so we want to help you see less of things like it in the future.
      From the list above, you can block [][][][][][][][][] directly, or you may be able to unfriend or unfollow them. We also recommend visiting the Help Center to learn more about how to control what you see in your News Feed. If you find that a person, group or Page consistently posts things you don’t want to see, you may want to limit how often you see their posts or remove them from your Facebook experience.
      We know these options may not apply to every situation, so please let us know if you see something else you think we should take a look at. You can also learn more about our specific standards on nudity and the kinds of images allowed on Facebook.

      බ්ලොග් එකක බොරු කියලා මම මොනව බලාපොරොත්තු වෙන්නද?

      Delete
  5. හා හරි ෆේස් බුක් එකේ රීපන් බලන්න. එකවත් හරියට කරන්න පුලුවන්ද කියලා බලන්නත් එක්ක

    ReplyDelete
    Replies
    1. උඹ බැදල නං හෙම ගෑනි ඉන්නවනං පොඩ්ඩක් උඹ නැති වෙලාවක් බලල මට මිස් කෝල් එකක් දීපං කො..
      උඹ ගෑනිගෙන් ම අහගනින් වැඩේ කොහොමද හොදද කියලා..

      දැන් ඉතිං ගෑනි එවන්නේ නැතිව නිකං බොරුවට නැට්ට උස්සගෙන එන්න එපා... හොදට ටෙස් කරන්න අවස්ථාවක් තියෙද්දි නිකං පුක දෙන්න ඕනි නෑනෙ මහත්තයෝ..

      Delete