Wednesday, June 28, 2017

අසිරිමත් කුමරා උපන් එ ලුම්බිණිය

බුදුදම සහ ලෝක දහම 

ලෝකයේ වැඩිම පිරිසක් වර්ථමානයේ අදහන ආගම ක්‍රිස්තියානි ආගම. ඒ වර්ථමානයේ එහෙත් ඉතිහාසයේ ක්‍රිස්තුස් වහන්සේ මීට වසර ෙ1500කට පෙර පැරණි ලෝකයේ ජනප්‍රියම ආගම කුමක්ද? එවැන්නක් තවම ස්ථිර වශයෙන්ම කිව නොහැකි මුත් බොහෝවිට ඒ බුදුදහම මැ විය යුතුයි. 
ලෝකය තනි යායක් බවට පත්වීමේ මූලික අඩිතාලම වැටෙන්නේ සේද මාවත සමග. එතෙක් ලෝකයේ එක් එක් පැතිවල සිටි ජනයා එකතු කරන්නට මෙම සේද මාවත ඉවහල් වෙනවා. සේද මාවත හරහා එහා මෙහො යන්නේ බඩු පමණක් නොවෙයි. සංස්කෘතිය, ආගම, මනුෂ්‍ය ඇවතුම් පැවතුම් වගේ බොහෝ දේ ජාත්‍යන්තරයට යන්නට මෙම සේද මාවත ඉවහල් වුනා. මේ සේද මාවත නිසා බුදු දහමේ පැතිරීම වඩාත් වේගවත් වුනා. 

අශෝක රජතුමාගේ අධිරාජ්‍යය පැතිර තිබුන වපසරිය ඉන්දියාව පසුකර පාකිස්ථානය ආැෆ්ඝනිස්ථානය පසුකොට ඉරානය තෙක් දිව යන්නක්. අශෝකට පෙර ඉන්දියාවට පැමිණි මහා ඇලෙක්සැන්දර ඊජිප්තු කෙළවරේ සිට ඉන්දියාව දක්වා එකම පාලමක් ලෙස සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කලා..මේ අවධියේදී බුද්ධ ධර්මය අපරදිග කෙළවර මැදපෙරදිග දක්වාම ව්‍යාප්ත වන්නට ඇති. බුදුපිළිමයේ ඉතිහාසය ගෙන බලන විට බුදුපිළිමයේ මුල් කාලීන ලක්ෂණ ග්‍රීසියේ ඇපලෝ දෙවඟනගේ හැඩතල වලට බොහෝ සමානයි. එනම් ඒ සංස්කෘතික බලපෑම එකල ඉන්දියාව තෙක් විහිදී ගොස් තිබෙන්නට ඇති. 

පෙරදිග දිශාවෙන් බුදුදහම අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියානු දිවයින් හි කෙළවර වූ බලි දිවයින (Bali Islands) කරා පැතිර ගිය දහමක් වුනා..අදද ඉන්දුනිසියාවේ ගොඩබිම  මෙන්ම මුහුද යටද බුදුපිළිම සහ පැරණි විහාර නටඹුන් හමුවෙනවා. මැදපෙරදිග සහ අග්නිදිග ආසියාව ඉන් පසුව යටත් වුනේ මුස්ලිම් ජාතිකයින්ට.. මොහොමඩ් නබි වගේම අනුගාමිකයොත් පිළිම වලට වෛර කරන ජාතියක්..ඔවුන්ට යටත් වූ දේශයන්හි ඉතිරි වූ පිළිම සහ අන්‍යාගමික සිද්ධස්ථාන වෙත් නම් ඒවා මහ පුදුමයකින් මෙන් ඉතිරි වූ ඒවා ලෙස සලකන්නට පුලුවනි. උදාහරණ ලෙස ඉන්දුනීසියාවේ ජාවා සුමාත්‍රා වසා පැතිරී තිබු නටඹුන් බෙහෝ ප්‍රමාණයක් විනාස වෙද්දී ඔබ අද කදිමෙට  දකින බෝරොබුදුර් නැමැත් ඉන්දුනීසියානු පිළිම පමණක් ඉතිරි වී තිබෙනවා.. මන්ද ඒ ගිණිකන්දක අලු වලට හසුව එම ස්ථානය කාලයේ වැලිතලාවට හසුව යටවී තිබූ නිසාවෙන්.. එය ද පෙනෙන මායිමක තිබුනේ වී නම් එහි පිළිම වලටද එත් වන්නේ මුස්ලිම් වරුන්ට හසු වු අනෙක් පිළිම වලට හිමි වූ කල දසාවමයි. 

පෙරදිගින් චීනය ජපානය දක්වාත් මධ්‍යම ආසියාවේ මොංගෝලියාව දක්වාත් පැතිර ගිය බුදුදහම මීට ශතවර්ශ 15කට පෙර බොහෝ කලක්ලොව වැඩිම පිරිසක් අදහන දහම බවට පත් ව තිබෙන්නට ඇති. 

බුදුන් ඉපදුන තැන. 

බුදුන් ඉපදුන තැන සෙවීමේදී ෆාහියන් සහ හියුං සාන් යන චීන භීක්ෂූන් ගේ වාර්ථ ාබොහෝ සෙයින් වැදගත් කොට සලකනු ලැබුවෘ. ක්‍රි.ව 406 දී පාහියන්ගේ දේශාටන වලද ක්‍රි ව 634 දී හියුං සානගේ දේශාටන වාර්ථා වලද ලුම්බිණිය බුදුන් ඉපදුන තැන ලෙස විස්තර කොට තිබූ අතර එවකට ලුම්බිණියේ වග විස්තරද ඔවුන් කදිමට විස්තර කර තිබුනා. 

බ්‍රිතාන්‍ය ඉන්දියානු කාලය තුල මෙම බුදුන් උපන් ස්ථානය යැයි ස්ථාන ගනනාවක් සලකා තිබුනා. එහෙත් අවසානයේ මෙම නේපාල ලුම්බිණිය බුදුන් ඉපදුන තැනමැයි සනාථ කොට ගන්නට අවකාශ ලැබී තිබුනා. චීන භික්ෂුන් වූ හියුං සාං සහ  පාහියන්ගේ වාර්ථා අනුව මෙම බුදුන් උපන් නා යැයි සැලකෙන ලුම්බිණි පුදබිමේ අලංකාර පොකුණක්, විශාල වෘක්ශයක් සහ අශෝක රජතුමා විසින් ඉදිකල අශෝක ස්ථම්භයක් තිබී තිබෙනවා.. හියුං සං එනවිට අශෝක රජතුමා මියපරලොව ගිහින් වසර 800කට වඩා නැහැ..ඉතිං එකල අශෝක කුළුන සහ පොකුණ අදට වඩා හොදින් දර්ශනය වන්නට ඇති. 

මෙම වාර්ථා වල ලක්ෂණ අනුව මොනවට ගැලපෙන තැනක් 1900 ගනන් වල මුල් අවකාශයේදී සොයාගනු ලබනවා.. ඒ නේපාල ලුම්බිණිය. 

අශෝක සෙල් ලිපිය 

අශෝක කුළුන සමග හමු වූ සෙල් ලිපියක “ දෙවන පියදස්සී රජුගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල් හී , මෙහි ශාක්‍ය මුණි බුදුරදුන් උපන්නේ යැයි සලකා තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදරජාන්න වහන්සේ මෙහි උපන්නේ යැයි අසා දැඩි ඇල්මකින් යුක්තවම ශිලා ටැඹක් පිහිටු විය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කලේය. “ 

යැයි සඳහන් වේ. ඒ අනුව එවකට සුවිසල් මෞර්ය අධිරාජ්‍යෙය් මහ රජානන් වූ අශෝක පාඨලීපුත්‍රෙය් සිට (වත්මන් පැට්නා) ලුම්බිණිය කරා පැමිණ බුදුන් උපන් ස්ථානය මෙතැන යැයි සලකා වන්දනාමාන කොට තිබෙන බවට සනාථ වේ. එපමණකින් නොනැවතී වර්ථමානයේ පංසල් වලට ආධාර කරන්නාක් මෙන් ඒ අවට වූ  ගම් බිම් හි වත්කම්ද ලුම්බිණි පුදබිම වෙත පවරා ගොස් තිබේ. 


ලුම්බිණිය ඇයි වැදගත් වන්නේ.. 


බුදුරජානන් වහන්සේගේ අවසාන අවධිය සහ එසමයෙහි උන්වහන්සේ කල කී දෙසූ දෑ ඇතුළත්  සූත්‍රයෙකි මහා පරණිර්වාණ සූත්‍රය. සූත්‍ර පිටකයේ දීඝ නිකායෙහි මහා පරණිර්වාණ සූත්‍රයේදී ආනන්ද හිමියෝ මෙසේ බුදුන් විමසන්නේය.  “තථාගතයන් දකින්නට පෙර කල වස් විසූ තැන්වල සිටින බවුන් වඩන හිමිවරුන් පැමිණි කල නුඹ වහන්සේ පිරිණිවී වදාල කල කුමක් ඔවුන් වන්දනාමාන කෙරෙත්ද ?  කෙසේ නම් ඔවුනගේ තථාගතයන් වහන්සේ දකිනට ලැබේදැ “ 

එවිට බුදුන් වහන්සේ.. ඇවැත්නි..තථාගතයන් වහන්සේ උපන් ස්ථානය, සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය, පළමු දම් දෙසූ ස්ථානය සහ පිරිණිවී වදාල ස්ථානය යන ස්ථාන හතර බුදුන් වෙනුවෙන් සංවේග උපදවාලීමට සමත් ස්ථාන යැයි වදාල සේක. 

ඒ අනුව සම්බුද්ධ දේශනාව අනුවම බුදුන් වහන්සේ උපන් ස්ථානය වන්දනාමාන කිරීම බුදුන් දක්නට සංවේග උපදවා ගන්නට රිසි වූ තැනකි. 

ලුම්බිණියේ නටඹුන් 

ලුම්බිණිය යනු සම්බුද්ධ පරණිර්වාණයේ පටන්ම කාලාන්තරයක් තිස්සේ බොහෝ බොහෝ පිරිස් දීප දේශාන්තර වල සිට වන්දනාමාන කිරීමට පැමිණි තැනකි. වර්ථමාන ලුම්බිණි කලාපය තුල සියවස් 20කටත් අධික කාලයකට අයත් නටඹුන් රැසකි. එයින් මායාදේවී පංසල  ලෙස වත්මන හඳුන්වන සිද්ධාර්ථ කුමරෝප්පත්තිය සිදු වී යැයි සලකන සල්ගස තිබූ තැන වඩාත් වැදගත් තැනකි. 

ඉතාම මෑතකදි කරන ලද කැනීම් වලින් කාල නිර්ණය අනුව බුදුන්  කල හා සමපාත වූ  මිනිසුන් වන්දනා කල වෘක්ෂයක් තිබී ඇතැයි සාධක සොයාගනු ලැබීය. මහාමායා දේවිය විසින් පැන සනහා පිරිසිදු වූ පොකුණ යැයි සැලකිය හැකි පොකුණක්ද ඒ අසබඩින්ම සම්භ වී තිබේ. 

නවීන විද්‍යාත්මක කාල නිර්ණ කටයුතු වලින්ද  වෙනත් පුරාවිද්‍යා සාධක අනුවද මෙම ස්ථානය බුදුන් උපන් තැනයැයි වන්දනාමාන කල ස්ථානය යැයි හදුනාගත හැකි සාධක රැසකි. ලුම්බිණියේ වූ සල් ගස් ඉතාම මෑත කාලයක් දක්වාම ඒ ලුම්බිණි පලාතේ  ජනයා දරුවන් ලැබීම උද්දීපනය කරන යම් යම් ඇදහිලි සහ  දේව විශ්වාසයන් සදහා සම්බන්ධ කොට ගෙන ඇත. ඇතැම් විට එකලද සල් ගසක අත්තක් අල්වාගෙන සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය නිරූපනය කරන්නේ එහිදීද ව්‍යාධියකින් තොර දරුපල සහ සල් ගස අතර සම්බන්ධයක් තිබේයැයි සලකනවා විය හැකිය. 

කෙසේ වෙතත් පුරාවිද්‍යා  තැනක් සනාථ කරන්නට නූතනයේදී භාවිතා කරන විදයාත්මක ක්‍රම රැසකි.  ජපානය, චීනය, කොරියාව වැනි දියුනු රටවල්වල විද්‍යාඥයෝද බටහිර රටවල විදයාඥයෝද මෙම ලුම්බිණිය බුදුන් උප්න තැනම විය හැකියැයි බොහෝ තැන්වල ශපථ කොට තිබේ. 

ඉන්දීය පුරා විද්‍යාඥයින් පිරිසක් බුදුන් උපන් ඉන්දීය කපිලවස්තුවක් සොයාගෙන ඇති මුත් ලෝක මට්ටමේදී එය තවත් එක ඉන්දීය කල්පිත වගාඩම්බරයක් පමණි. . ලංකාවේ පිරිසක්ද එවන් සම්ප්‍රප්ප්‍රලාපයක් දොඩන නමුත් ශිලා ලේඛන, කාබන් කාල නිර්ණය, අවට නටඹුන්, දේශාටන සහ වෙනත් වාර්ථා. අවට පරිසරය, ඉතිහාසයේ අනුපිලිවෙල සහ යාබද පලාතේ  වූ ඉතිහාසය සමග වූ වඩාත් සාධාරනව ගැලපෙන ලුම්බිණියේ හැර ලංකාවේ බුදුන් උපන්නා යැයි කීම ලොකු  විහිලුවකි. වර්ථමානයේ පුරා විද්‍යාව යනු දියුනු විශයකි..හුදෙක් පොතක තිබූ ඇලපිල්ලක් ඉස්පිල්ලක් වචනයක් මාරු කරගෙන දැගලුවාට එය ඉතිහාසය යැයි වර්ථාමාන මැදහත් පුරාවිද්‍යා උගතුන් සලකන්නේ නැත. එබැවින් ලංකාවේ බුදුන් උපන්නැය වැනි  මට්ටමේ විහිළු ප්‍රචාරය කිරීමෙන් අපගේ නූගත් කම ලොවට පෙන්වීම හැර වෙනත් කිසිවක් සිදු වන්නේ නැත. 


ලුම්බිණිය වර්ථමානය 


වර්ථමානයේ පවා ලෝකයෙන් සියයට 7කට ආසන්න පිිරිසක් බෞද්ධ ධර්මය අදහන බව විකිපීඩියානෝ අපිට පවසති. ලුම්බිණියට ගිය කල එය ලෝකයේ මාර්කැට්ටුවක් මෙනි.. 

  • පසෙක ඇදහුවේ නැතත් වසර 2500කටත් එපිට ගිය වර්ථමානයේද අදහන ඒ ශාස්තෘෘවරයානන්ගේ සනාථ කොට ඇති උපන් බිම නරඹනු රිසි බටහිර උස සුදු යුරෝපීය සම්භවයක් සහිත ජාතිකයෝය. 
  • පසෙක අපි හින්දු වුවත් මේ නේපාලි රටේ බිහිවූ ඒ උතුමානන් දැකබලාගෙන එතැන සිට සෙල්ෆියක් ගනිමුයි පැමිණි නේපාලි කොල්ලෝ කෙල්ලෝ සහ බාල මහලු මිනිසුන් ගෑනුන් කැලය. 
  • පසෙක අප රටදී  බුදුහු බුදු වුවත් මේ යාබද දේශයේ නොවැ ඉපදුනේ යැයි සිතමින් කනස්සලෙන් මුත් ලුම්බිණිය වදින උද්දච්ච ඉන්දියානුවෝය. 
  • තව අන්තයක නැවත කවර කලක නම් යලි අපි මේ බුදුන් උපන් තැනක වඳිමු දැයි සලකා මහත් භක්තියෙන් වඳින පුදන ලංකාවෙන් තායිලන්තයෙන් සියමෙන්, ලාඕසයෙන් කොරියාවෙන්, ජපානෙන් චිනෙන් ලුම්බිණිය වඳිනට ගිය ආත්තලාය, මුත්තලාය. 
මෙම පුදබිම වඳින පුදන බලන ඇවිදන සරන පිරිස විවිධය. පිරිසක් අපි බෙරයකුත් ගසා වඳිමුයි කියා සිතා මහායාන අදහස් පරිදි බෙර ගසා වඳිති..ඇතැමෙක් අපි ගාථාවක් කියා තාලෙට වදිමුයි කියා සිතා එසේ වඳිති. තවත් අය ඇසෙන නෑසෙන වචනයෙන් මන්තර කියන්නාක් මෙන් බිම වාඩි වී කුටු කුටු ගගා වඳිති. ඒ සියලු වැදුම් පිදුම් එලියේ උද්‍යානයේය.   ඒ අස්සේ මායාදේවී පංසල තුල මහ පෝලිමකි. මිනිසුන් පෙල සැදී සිදුරකින් බුදුන් උපන් විහාර ස්ථානය ගඩොලු අතරින් දැකබලා ගනිති. 


ලුම්බිණියට පිවිසීම 

දිල්ලියට යන එන අයෙක්ට දින දෙක තුනක් විවේක තිබේනම් ගොරක්පූර් හංදියට දුම්රියෙන් පැමිණ එතැනින් සොනෝලි බොඩ්රය හරහා ලුම්බිණියට පැමිණිය හැකිය. සොනොලි පිවිසුම  හෙවත් නේපාල පිවිසුමේ මං කටම ලුම්බිණි යන බස් රිය නවතා තිබේ. 

කාමර හෝ හෝටල් , මහ මිල වැඩියක් නැත. රැයකට රුපියල් 500කට හොඳ ඇමිණූ නානකාමර සහිත යුගල ඇඳක් සහිත කාමරයක් මා වෙන් කරගතිමිි. නවාතැන් හි සිට ලුම්බිණි පුදබිමට රික්ෂෝ සහ රික්සෝවම දියුනු කල බැටරි බයිසිකල් තිබේ. ඒ නැතත් සැන්දෑවක නම් පයින් ගමනද සුවදායකය. 

ලුම්බිණියට නම් ලාංකිකයින් ආගන්තුකයින් නොවේ. ඇතැම් විට ලාංකික වන්දනා නඩද ඔබට තනිව ගියොත් හමු වේ. ලංකාවේ ලුනු ඇඹුල් රසට ගෙදර මෙන් කෑමට මාතර බත් කඩ ලුම්බිණියේ නැත. එහෙත් වේල බඩපිරෙන්නට කන්නට නම් විවිධ අන්දමේ කෑම සහිත බත් පාන් රොටි වැනි දෑ ඇතුලත් කෑම කඩ නම් රැසක් ලුම්බිණියේ තිබේ. 


අවසානය 

වර්ථමානයේ වන්දනා නඩ වලට එකතු වෙන වැඩිහිටි සහ තරුණ පිරිස තමුන් වඳින්නේ පුදන්නේ කුමන ස්ථානදැයි වැඩි අවබෝධයක් නැත. ඔහේ චාරිකා සංවිධායකයා පෙන්වන ගඩොල් ගොඩට මේ එතැනැයි සිතා වඳිති පුදති. ඇතැම් සිද්ධස්ථානවලදී සංවිධායකයෝ විශාල බැතිබර අතිශයෝක්ති කතා කියා පිරිස මුලාවට පත් කරන සිදුවීම්ද  නැතුවා නොවේ. 

දඹදිව ගමනක් යන්නට රිසි නම් වර්ථමානයේ තාක්ෂණයෙන් දියුනු මෙකල තමුන් බලන්නට යනවා යැයි කියන තැන් ගැන විස්තර කලින් බලා දැනකියාගෙන ඒ තැන්වල ශාසනික විස්තර තමුන්ම සොයා බලා දැනගෙන අවබෝධයෙන් වැඳීම බුද්ධිමත් බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ වගකීමකි.

 ඔබට මේ ලිපියෙන් ලුම්බිණිය ගැන යම් කරුනු ටිකක් දැනගන්නට ලැබෙන්ට ඇති. තවත් කරුණු තිබේනම් අදහස් තීරුවට ඒවා එකතුකරගෙන යන එක පසුව එන පිරිසගේ හිතසුව පිණිස හේතුවාසනා වේවි. 

ග්‍රීක ආභාෂය සහිත මුල්  අවධියේ ගාන්ධාර බුදු පිළිමයක්. 

බලි දිවයින අසල මුහුදේ වූ ඉපැරණි විහාරයක නටඹුන් 

අශෝක රජුගේ මෞර්ය අධිරාජ්‍යය
ලුම්බිණි අශෝක කුළුණ. 

මහින්ද රාජපක්ෂ නම සදහන් ලක් ආධාරයෙන්  කල ලුම්බිණි පිවිසුම් මාර්ගයක් 

සිද්ධාර්ථ කුමාරයානන් දක්වෙන මූර්තියක් 

මායාදේවී පංසල සහ එය වඳින බැතිමතුන් 

ලුම්බිණි කඩමන්ඩිය 

5 comments:

  1. ආගමික අන්තවාදී ලිපි ලියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මේක ආගමික අන්තවාදී ලිපියක් විදිහට පේනවනම් තමුන් පොඩ්ඩක් මොළේ චෙක් කර ගන්නවා...

      Delete
  2. Because I can't write how the dogs smelly than skunks screwed your mother before you came out her asshole.

    ReplyDelete
    Replies
    1. තමුසෙගෙ මොට්ට ඉංග්‍රීසි දැකලා මට හිනා ගිය පාර කෙල ඉස්මොල්ලේ ගිහිං මාර අමාරු උනා ඔයි. කොහෙන්ද ඉගෙන ගත්තේ? අගලවත්තේ පැරකුම් සර් ගෙන්ද?

      Delete
  3. හම්මට.. කවද ඉඳන්ද ආගමික පැත්තට බර උනෙ අෆ්ෆා??

    ReplyDelete