Sunday, July 16, 2017

මාර්ඩි හිමාල් 2

 නවාතැනේ ඉදලා උදෙන් යන්න පිටත් වුනා..මේ නවාතැනේ කෙළවර මායිම. එදා හොදට ඉර පායල තිබුන දවසක්. ඒ නිසා බොහෝ ඈතට තිබෙන කදු පන්තීන් ලස්සනට පෙනුනා. අද ආ  අයට විස්තර කියනෝ නම් මේ තියෙන්නේ නේපාලයේ අන්නපූර්ණා කදු පන්තිවල කදු.. ඒවා අතර තිබෙන මාර්ඩි හිමාල් කදු එක නගින එක තමයි මගේ අරමුණ වුනේ.
ටිකදුරක් යද්දි ටිකැට් කවුන්ටර හමු වෙනවා. මෙතන තමයි මම හිතන්නේ ටිකට් බලන තැන. සුදු මහත්වරු එහෙම තමුන්ගේ විසාල මලු බාල අහක් වෙලා ටිකට්පෙන්වනවා ඇති. මෙම කලාපයට යන්න පාස් දෙකක් අවශ්‍යයි.. දෙකම පොකරා වල තිබෙන පර්මිට් කන්තෝරුවෙන් ගන්න පුලුවන්..ගයිඩ්ලාගෙන් ගන්නවා නම් එයාලත් ඒ පර්මිසන් අරගෙන දෙනවා.. පර්මිසන් වලින් එක්ක ට්‍රැකින් පර්මිට් එක අනික ඇවිල්ල අන්නපූර්ණා වනාන්තර කලාපයේ සංරක්ෂන මොකද්ද එකක්. ඇත්තටම කන්දක් නගිද්දි ගෙදර අල්මාරියෙන් බාගයක් විතර දාගෙන ඇවිත් ඒක අරං යන්න තව පොටර් කෙනෙක් ගන්න සුද්දොත් ඉන්නවා.. බැක්පැකින් කියන එක ඔරිජිනලි ෆලෝ කරනවා නම් පැක් එක කිලෝ 15කට වඩා වැඩිනම් අවුල්.. නගින්නෙ කදු නම් ඒකත් අමාරුයි.. ඒ නිසා ශීත ඇදුම් ඇරුනාම රටේ තියෙන විච්චූරන ඇදුම් උහං බදං යන එක එකනම් අපරාදයක්..
 උඩ පිංතුරයේ තිබෙන්නේ යන ගමනේ හමුවෙන තේ වතුර එහෙම බොන තැනක්. මේක මංසන්ධියක්. ඒ කියන්නේ ට්‍රැකින් රූට් දෙකක් එකට හමුවෙන තැනක්..මෙතනත් නවාතැන් ආදිය තිබෙනවා.. මැප් එක බැලුවනම් මෙතන නම දැනගන්න ඇහැකි .. ඒ වගේමයි මේ වගේ තැනකදි නැවතිලා පොටෝ ගන්නත් යන එන අය අමතක කරන්නේ නෑ..
 ගමන යද්දී ගොඩක් වෙලාවට අපිට යන්න වෙන්නේ තනියම. මොකද මාර්ඩි හිමාල් කියන්නේ ගොඩක් ජනප්‍රිය එකක් නෙමෙයි..අතරමැදඅය හමුවෙනවා...ඒත් නිදහසේ ගමන යත හැකි බොහොම නිස්කලංක පරිසරයක් තමයි තිබෙන්නේ..මෙතන බැටලු රෑනක් න්නවා..මේතන්ට එද්දි මේ බැටලු රෑන ට එහායින් පොඩි පැල් කොටයක් තිබුනා..ඒ පැල්කොටේ හිටියා තඩි බල්ලෙක්..ඌ මාව ඈතදී ම දැකලා බුරනවා නන්ස්ටප්... මාත් ඉතිං පෝඩ්ඩක් බයවෙලා එතනින් ගියා.
 මේ අස්සයෝ..ටී හවුස් ඒ කිව්වේ තේ බොන්න නවතින්න ගන්න නවාතැනක් අසබඩ තමයි මේ අස්සයෝ බැදලා තිබුනේ.. මේ අශ්වයින් විශාල නැහැ..වල් අස්ස ජාතියක් වෙන්නට ඕනි..මුන්ගේ පිටේ තමයි බඩු ගෙනියන්නේ..සමහර විට මුන් පෝනියෝ වෙන්න ඇති..කොහොම වුනත් ඉහල තිබෙන ටී හවුස් නවාතැන්වෙත බඩු සප්ලයි කරන්න මේ අස්ස සෙට් එකවැදගත් වෙනවා..මුන් යන නිසා පාරවල් එහෙම කුර වලට පැදිලා හැරිල එහෙම තියෙනවා..
 අන්නපූර්ණා කලාපයේ සුලබමලක්.. උස අඩු සීමාවේදී මෙම මල ටිකක් උස ගස්වල මුදුනේ තිබෙනනේ..ඒත් ඉහලට නැගගෙන යද්දී ගහ කොට වෙනවා..මල් බොහොම යටත් තිබෙනවා..මේඒ වගේ මල පහලට එන්න පටන් ගත්තු හරිය.. පෝන් කැමක් නිසා දුර මල ගහන්න බෑ.. ලගට ආවමම ගැහුවා.. 
 මේ මාර්ඩි හිමාල් මැප් එක..මෙමැප් එකෙත් තව එකතුවෙන්න කෑලි තිබෙනවා.ඇත්තටම මම පොකරා වලින්ලොකු මැපක් ගත්තා වුනාට ඒක හරියට කියෙව්වේ ලංකාවටත් ආවට පස්සේ.. මෙතනදි මේ මැප අනුවටොප් එකට තියෙන්න එක පාරයි..ඒත් මේ මැප් එකේ නැති මේ රීජන් එකේම තව පාරවල් තියෙනවා.. කොහොමහරි මේක ගහල තිබුන ලෝ කෑම්ප් එක හරහා යැවෙන විදියට තමයි මෙයාල මැප් එක හදාගෙන තියෙන්නේ..
 මේ ගස් ජාතිය මෙහෙත් තියෙනවා වගේ මතකයි සිරිපාදේ යන කොට එහෙම..

 මේ තවත් නවාතැනක්.. මුලු ගමනේම මේ විදියෙ ්නවාතැන් පොලවල් හත අටක් හමු වෙනවා.. මෙතනදි එක ප්‍රංශ කාරයෙක් සහ එයාගේ ශර්පා ගයිඩා කිහිප වතාවක් හමුවුනා.. ඒ කිව්වේ රූට් එකේ වරකදි ප්‍රංස කාරයා ගයිඩා හොයනවා..තා තැනක ගයිඩා ප්‍රංසකාරයා හොයනවා.. මුන් දෙන්නාම මෙතනදි මීට් වුනා.. උන් කිව්ව තව උඩට යන්න එපා කියලා..ඒ වෙද්දි වෙලාව හවස 3 විතර ඇති.. මම පටන් ගත්ත තැන අනුව සැලකිය යුතු දුරක් ඇවිත්...සාමාන්‍යයෙන් අය නවතින තැනටත් වඩා තව ප්ලේස් දෙකක් විතර ඇවිත්.. මට ලොකු මහන්සියකුත් තිබුන් නෑ,.ඒ නිසා මම දිගටම අදින්න තීරණය කලා හයි කැම්ප් එකටම..
 මේ යන මාර්ගය බොහෝ තැන්වල නිල් සුදු මාක් වලින් සලකුනු කරල තිබුනා. මේ අවස්ථාවලදී යන්නේ කදු වල මුදුන් හරහා.මුදුන් හරහා යද්දි හුලං තදින් හමන වෙලාවල් තිබෙනවා.. ඒ වගේම හුලග සීතල ඈත මනුස්ස පුලුටක් නොපෙනෙන පාලු කදු යායවල් එක්ක පොඩි පහෙ ්බයකුත් හිතට නොදැනුනා නම් නෙමෙයි..
 ඉර පායනකොට වලාකුලු අස්සෙන්ඉරපායන දර්සනේ ලස්සනයි..පොටො එකේ නම් ඒක නිරූඵනය වෙන්නේ නෑ..ඒත් කදුකර පලාත්වල එහෙම ගති දර්ශනයක් තමයි මහා දර්ශන පථයකට වලාකුලු වලින් පෙරිලා වගේ ඉර එලිය පතිත වෙන එක..විශේෂයෙන් වලාකුලු වලින් බර දවසක..
 මේ ඉන්නේ වල් යැක් ගවයින්..මුන් පාරඅවහිර කරගනෙ උන්නේ.. මුන් ටිකක් දරුණු ගතිපානව කියලා ඊඨ කලින් එවරස්ට් බේස් කැම්ප් ගිය අපේ කන්තෝරුවේ හිමාල් අයියා මාව දැනුවත් කරල තිබුනා.. ඒ නිසා මම ටිකක් බයවුනා.. ඉන් පස්සේ මම ලං වෙද්දි නම් උන් වැඩිය මුනිච්චි වෙන්න කැමැත්තක් පෙන්නුවේ නෑ,.හිමීඨ මාරු වෙලා ගියා.හැබැයි එද්දි සෙට් වුන එක මරුමුස් යැක් ගවයෙක් නම් පාරෙන් අයින් වුනේම නෑ,. මේ ගවයින් විශාලත්වයෙන් පොඩ්ඩක් අඩුයි.. කලින් වතාවේදි ඉන්දියාවේ මනාලි වල හඩිම්බා මනු දෙවොල් ආසන්නයේ දැක්කා යැක් ගවයින්..අම්බෝ.. උන් නම් අලි බාගයක් විතර සයිස්.. මුන් නම් ටිකක් සාමාන්‍ය අපේ ගවයින් වගේමයි..අර සොබාවේ වෙනස තමයි තියෙන්නේ.. හැඩය යැක් වගේ තියෙනවා.. සයිස් මොක වුනත්..
හැන්දෑවේ පහමාර හය වෙද්දි මම උඩම තැනට ආවා..මේ කියන්නේ දවස් දෙකක් ගත වෙන ගමනක් එක දවසින් ආවා.. මම ඇතුලට එද්දි ඇතුලේ හිටිය සුද්දන් පවා පුදුම වුනා.. මූණට කියන්න බැරි නිසා ෆකින් සිරි ලංකන් කියලා වචනේ හංගගෙන ඉන්න ඇති උන්.. නවාතැනේ බුවත් පුදුම වුනා..නවාතැන් අයිති කාරයෝ තනි අලින්ට ටිකක් මනාපයි..මොකද කමිශන් අරක්කු දිම් අනම් මනම් මොකුත්ම නෑ.. නේ.. උන්ට පියෝ ගානම ගත හැකි අපි වගේ තනි එවුන් ගියාම.. ගයිඩ්ස්ල අරං ගියාම ඒ ගනන් වලිනුත් මාජින් වැදෙනවා.. 

මෙතන නම් ටයිකෙන සීතලක් තමයි තියෙන්නේ..මම මෙතන්ට ගියෙත් හැබැයි ෂෝට සහ ටී එක ඇදගෙන..දවස තිස්සේම ගමන නිසා ලොකු සීතලක් දැනුනේ නෑ..ඒත් රෑ වෙද්දි.. ෂහ්... එක පසෙකින් කකුල් කැක්කුම අනෙක් පසින් බ්ලැන්කට් එක පෝඩ්ඩක් එහා මෙහා වෙච්ච තැනකින් ඇතුලට එන ඩී ෆීසර් එකේ වගේ හීතල... 

මේ නවාතැන ගැන විස්තර සහ ගමෙනේ ටොප් එකට ගිය විස්තර අපි ඊලග ලිපියකින් බලාගමු.. එතකොට මම මේ ගෙවන තැනඒ කිව්වේ හයි කෑම්ප් කිය්නනේ මූද මට්ටමෙ ්සිට මිටර 3500ක් උෂ තැනක්..උසම කදු එක්ක බලද්දි නම් ලොකු ආතල් එකකුත් නෙමෙයි...ඒත් මොකක් හරි දේශගුන හේතුවක් නිසා මීටර 4000 පනිද්දිමේ රීජන් එකේදි හිම මිදෙනවා..  සමහර විට අප්‍රේල් කියන්නේ වින්ටර එකේ කෑලි ඉතුරු වෙන කාලයක් නිසා වෙන්නත් පුලුවනි.. 

16 comments:

  1. අර රතුමල ටිකක් මහරත්මල් වගේ... ඒ ජාතියේම එකක් වෙන්ටෝනැ... මහරත්මල නම් ලංකාවට ආවේණික එකක් නොවැ

    ReplyDelete
  2. Replies
    1. අමිල මේ ගමනේදී ආහාරයට ගත්තු කෑම බීම ගැන විස්තර ටිකක් දාන්න පුළුවන් නං ෆොටෝස් එක්ක.

      Delete
  3. මාලබේ නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමා මේ රෝහල අපිට ලබා දුන්නා. එතුමාට බුදුබව අත්වෙන්න ඕනි.

    ReplyDelete
  4. ෆොටෝ හැම එකක ම IMG ටැග් එක ඇතුළේ width="400" (හෝ සුදුසු අගයක්) යොදන්න.

    ReplyDelete
    Replies
    1. කිම අවුල? සමහර ඒවාපඩි විදියට ම තිව්වා.ොකු උණාම් ලස්සනයි කියල හිතුන ඒව ොකු කලා..

      Delete
  5. ඔන්න අපිත් කියෙව්වා. පොටෝ දාද්දි තෝරන්න මහන්සි වෙන්න එපා. ඒ හැම පොටෝ එකක්ම අපට වැදගත්. බොහොම ඉස්තූතියි අපි වෙනුවෙන් මේවා ලියනවාට.

    ReplyDelete
  6. උඹ ගියපු මේ ගමන නියම අත්දැකීමක් වෙන්න ඇති මචං...
    අර මුල් කමෙන්ට් එකේ කැමරා හොටා කිව්වත් වගේ රතුපාට මල මහරත්මල් වගේ...

    ලංකාවේදී දැකල පුරුදුයි කියපු පැලේ ටිකක් ඉරුරාජ වගේ, ඒවමද කියල ෂුවර් නැහැ...

    https://www.google.com/search?q=iru+raja+plant&client=opera&hs=CQj&tbm=isch&imgil=qC-yIUSlxtCZeM%253A%253BkUCbtAcTf79zWM%253Bhttp%25253A%25252F%25252Flankamahima-trakking.blogspot.com%25252F2015%25252F&source=iu&pf=m&fir=qC-yIUSlxtCZeM%253A%252CkUCbtAcTf79zWM%252C_&usg=__i73myeMIpyBjnXyf6zqGv3aLoqE%3D&biw=1366&bih=658&ved=0ahUKEwi6qrmW7JbVAhXCHZQKHUGYBjYQyjcIMg&ei=nBlwWbrsJsK70ATBsJqwAw#imgrc=qC-yIUSlxtCZeM:

    ReplyDelete
    Replies
    1. කවුද ඩෝ කැමරා හොටා... හරියට කියපං කැමරා හොම්බා....

      Delete
    2. ///කවුද ඩෝ කැමරා හොටා... හරියට කියපං කැමරා හොම්බා....///
      හරි හරි සොරි වෙන්න ඕනේ...

      Delete
  7. මචන්, කතාවෙ ඉතුරු ටිකත් දපන් :)

    ReplyDelete