Sunday, August 13, 2017

ස්මාට්ෆෝන් කැමරාවෙන් කදිම සේයාරූ ගනිමු

දුරකතන ඇමතුමක් ලබාගැනීම කියන මූලික අවශ්‍යතාවය පිණිස නිර්මාණය වුනු මූලික මොබයිල් ෆෝන් එක ස්මාට්ෆෝන්  වෙද්දි එකතුවනු කොටසක් තමා කැමරාව. මුල්කාලයේදී බලයෙන් අඩු හුදෙක් කුඩා සේයාරුවක් ගැනීමේ මූලික හැකියාව තිබුනත් අද වනවිට මැද මට්ටමේ ස්මාට්ෆෝන් සෑම එකකම පාහේ බලගතු කැමරාවක් අන්තර්ගත වෙනවා. කෂණිකව ඕනෑම තැනකදි මතක සටහනක් ලබාගන්නට පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් කැමරාවෙන් කොහොමද හොඳ ෂොට් එකක් ගන්නේ..මොනාද අපි ස්මාට්ෆෝන් එකකින් පොටෝවක් ගනිද්දි සැලකිලිමත් විය යුතු කරුණු.

 

වස්තුවට ඇති දුර සහ සූමින්..

ඔබ දැක ඇති දුර ඇති වස්තූන් ඡායාරූපයට හසුකරගන්නා දිගු ලෙන්ස සහිත එස් එල් ආර් (DSLR) කැමරා සහ ලෙන්ස්. එවන් කැමරාවලදී ඈත ඇති වස්තුන්, විශාලන කාච පද්ධතියකින් ලඟ ඇති වස්තූන් මෙන් කැමරාවට ප්‍රක්ශේපනය කරනු ලබනවා. එහෙත් කුඩා ස්මාට්ෆෝනයට එවැනි ඈත වස්තු හසුකරගන්න විශාලන කාච බලයක් නැහැ.  අප පොටෝවක් ගන්නා විට අදාල වස්තුවට තරමක් ආසන්නයෙන් සූම් නොකර එම ඡායාරූපය ලබාගන්නට හැකිනම් වඩාත් හොඳ තත්වයේ සේයාරුවක් ලබාගන්නට හැකියි.
පුද්ගල ඡායාරූප ගන්නා අවස්ථාවකදී නම් ස්මාට්ෆෝන තිරයෙන් පේන රාමුවට අනුව වඩාත් ආසන්නව සූම් නොකර ඡායාරූප ලබාගැනිමත්හොඳ පුරුද්දක්. බොහෝවිට ස්මාට්ෆෝන් එකකදී ඩිජිටල් සූම් යනු පිංතූරය විශාලනය කරගැනීම මගින් යොදාගන්නා ප්‍රයෝගයක්..එම අවස්ථාවේදී ඡායාරූපයේ තත්වය බාලවීමක්ද සිදු වෙනවා.
නවීන ඇපල්, සැම්සුන් සහ ඉහල මට්ටමේ ස්මාට්ෆෝන වල නම් දැන් දැන් මදක් දුර ඇති වස්තුන් වඩාත් හොඳින් හසුකරගන්නට කැමරා සිදුරු දෙකකින් පමණ ආලෝකය සහ දත්ත ලබාගැනීම සිදුවෙනවා. එසේ වුවත් වස්තුව ආසන්නයටම ගෙනගොස් සේයාරූ ගතහැකි අවස්ථාවක් නම් එසේ කිරීම කවර ස්මාට්ෆෝනයකදී වුව වඩාත් සුදුසුයි. ස්මාට්ෆෝනයේ මෙම විශේෂිතභාවය නිසාම මල්, ගහකොළ, ගෙදර දොර, ගෘහනිර්මාණ ශිල්ප, විශාල අවකාශයන් සහ සමීප පුද්ගල සේයාරූ ගැනීමට ස්මාට්ෆෝන කැමරාව වඩාත් සුදුසුයි. බොහෝ දිගුදුර සූම් කර වනෝද්‍යානයකදී සත්ව චර්යාවන් වැනි දේ හසුකරගන්නට නම්  ස්මාට්ෆෝනය යොදාගන්නට අපහසුයි. 

රාමුවට හසුකරගැනීම

ඡායාරූපයක් ලබාගන්නා විට අපි අරමුනු කරන යමක් තිබෙනවා. එනම් අපි ඡායාරූපයෙන් දැකගන්න ආස කරන යමක් තමයි අපි පොටෝ එකක් විදියට ෆෝන් එකට සේව් කරගන්න යන්නේ. එවිට එම වස්තුව මනා ලෙස රාමුවට හසුවන ලෙස ඡායාරූපය ලබාගැනීම වැදගත්. උදාහරණ ලෙස සමූහ ඡායාරූපයක් නම් ඒ අදාල සමූහයම සිටීද, ඔවුන් නිසි ලෙස පෙනෙයිද යන්න සැලකීම වැදගත්. සුරතල් සතුන් කුඩා සතුන් ඡායාරූපවලට නැගිමේදී එම සතුනගේ ඇස් මනාව දිස් වෙන පරිදි ඡායාරූප ලබාගැනීම හොඳ උපක්‍රමයක්.  පුද්ගල ඡායාරූපයක් නම් අවට ඇති බඩුමුට්ටු හෝ අනෙක් දේ නොව පුද්ගලයා ඉස්මතු වීම විය යුතු දෙයක්.
කුඩා දරුවෙකු බිම සෙල්ලම් කරන අවස්ථාවක් ඡායාරූපයට නගන්නේ නම් අපි සිටගෙන සිට කුඩා දරුවා බොහෝ ඈතින් සෙල්ලම් කරන දසුනක් ඡායාරූපගතකිරීම සාර්ථක වන්නේ නෑ. එවන් අවස්ථාවක දරුවාගේ සොඳුරු ඉරියව් නිසිපරිදි හසුකරගන්නට සේයාරූ ලබාගන්නා අයද ඒ මට්ටමේම සිට ඡායාරූප ගැනීම වඩාත් සුදුසුයි. ෆෝන් එක අල්ලන උස ෆෝන් එක මානන කෝණය අනුවද ඡායාරූප වල අගය වැඩි හෝ අඩුවීම සිදුවනවා.
ෆෝන් එකක එකවර ගබඩාකරගත හැකි පොටෝ ප්‍රමාණය අති විශාලයි. එම නිසා සේයාරූ ගැනීමේදී අපි ඇසින් දකින දේ සහ ෆෝන් එකට ඇත්තටම වදින දේ අතර තිබෙන වෙනස අවබෝධ කරගැනීමට නිතර පොටෝ ගැනීම සහ ඒවායේ අඩුපාඩු තමුන්ම බැලීමද හොඳ පුරුද්දක්.

පොටෝ තේරීම සහ එඩිට් කිරීම

මුහුන සහ සිරුර අනෙකාට හැඩට පෙන්වන්නට රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම පාවිච්චිය දැන් බොහෝම සරල දෙයක් වී හමාරයි.ඒ වගේම ස්මාට්ෆෝන් එකෙන් ගත් පොටෝවක් කපා ආලෝකය එකතු කොට හැඩ ගැන්වීමත් දැන් එතරම් ලොකු දෙයක් නෙමෙයි.
ස්මාට්ෆෝන් එකෙන් විශාල පොටෝ ප්‍රමාණයක් ගත හැකි නිසා ගන්නා ලද සෑම සියලු පොටෝ එකක්ම මුද්‍රනය කිරීම හෝ ෆේස්බුක් පල කිරීම  ඇතැමුන් සිදුකරනු ලබනවා. එහිදී එකම මාදිලියේ පොටෝ රැසක් එකම ස්ථානයේ තිබීම.. ආලෝක වැරදි සහ පෙනීසිටීම් වැරදි සහිත සේයාරූද එකතුවීම ඉබේම සිදුවෙන දෙයක්. සාමාන්‍යෙයන් වෘත්තිය මට්ටමේ නළු නිලියන් ගේ ජීවිතයේ ඔවුන් කරන කියන සෑම දෙයක්ම අන්තර්ජාලයේ තිබෙනවා සේ පෙනුනත් ඔවුන් ගන්නා ඡායාරූප සියල්ලම  අන්තර්ජාලයට මුදා හරින්නේ නෑ. හොඳ සේයාරූ තෝරා ඉන් පසු ඒවා වැඩිදියුනු කොට ඉන්සටග්‍රැම් හෝ ෆේස්බුක් වෙත මුදාහරින්නට ඇතැම් බොලිවුඩ් හොලිවුඩ් නළු නිලියනට වෙනමම කාර්යමණ්ඩල පවා සිටිනවා. ඒ අනුව නිසි පොටෝ තෝරාගැනිමත් ඒවා පොටෝ එඩිටින් මෘදුකාංග මගින් නැවත යම් වැරගැන්වීමකට ලක් කිරීමත් සිදුකර පොටෝ මුදාහරින්නේ නම් එවන් ස්මාට්ෆෝන් සේයාරූ ඉක්මනින් ජනප්‍රිය වේවි.

ආලෝකය සහ දිශාව

සේයාරුවක් ගැනීමට ආලෝකය අත්‍යාවශ්‍ය සාධකයක්. ආලෝකය අඩු වටපිටාවන් වලදී බොහෝ ස්මාට්ෆෝන හොඳ ඡායාරූප ලබාදෙන්නේ නෑ. එසේම ස්මාට්ෆෝනය සතුව කුඩා ෆ්ලෑෂ් එකක් තිබුනද දිවා කල හොඳ ආලෝකය ඇති තැනකදී මෙන් කදිම සේයාරූ ලබාදෙන්නට ඒ කුඩා ෆෝන් ෆ්ලෑෂ් ලයිට් එකට හැකියාවක් ඇත්තේ නැහැ.
දිවා කල වුව සෑම සියලු තැනටම එකලෙස හොඳින් ආලෝකය පතිත වන්නේ නෑ. ස්මාට්ෆෝනය වඩාත් එලිය වැටෙන ස්ථානයක තබාගෙන  කළුවර තැනක සිටින මිතුරන් පිරිසක් ඡායාරූපයට හසුකරගන්නට අපහසුයි. උද්‍යානයකදී මල් ගහ කොළ පොටෝ ගැන්මකදි වුව හෙවනැල්ල සහ ආලෝකය වැටෙන දිශාව බැලීම කල යුතු දෙයක්. එසේම ස්මාට්ෆෝනය සාක්කුවෙන් ඇදගත් සැනින්ම ලගම සිටින අයෙකුට එයින් දමා ගසනවා වැනි වේගයකින් කැමරාව ඔන්කර ඡායාරූප ගැනීම හොද පුරුද්දක් නෙමෙයි. එම ආලෝක තත්වයට සහ වස්තූනට වස්තු දුරට අනුකූලව සැකසුම් තනාගන්නට තත්පරයක දෙකක කුඩා කාලයක් ෆෝන් එකට අපි ලබාදිය යුතු වෙනවා. නූතන දියුනු ස්මාට්ෆෝන් වලනම් අපිට අවැසි පරිදි සැකසුම් වෙනස් කර ඡායාරූප ගැනීමටද හැකියාව ලැබි තිබෙනවා.

ස්මාට්ෆෝනයේ බලය

ලාංකික ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් රැසකගේ මුල් ගුරු වූ ලාල් හෑගොඩ මහතා පවා ස්මාට්ෆෝනයෙන් වුවද කදිම ඡායාරූප ගත හැකි යැයි කිහිපවරකදීම ප්‍රසිද්ධ දේශනවලදී  කියා තිබෙනවා. මතක සටහන් පමණක් නොව යම් කලාත්මක අගයකින් යුතු සේයාරූ ගැනීමටද ස්මාට්ෆෝන් එක පහසුවෙන්ම යොදාගත හැකි මෙවලමක්. හුරු කල අතෙකින් නිර්මාණශිලි මනසකින් භාවිත කල හැකිනම් ස්මාට්ෆෝනයේ කුඩා කැමරා සිදුර මතින්ද විශාල වටිනාකම් ඇති සේයාරූ මවාගන්නට ඔබටත් හැකියාව ලැබේවි.
මෙම ලිපිය ඊයේ දිනමිණ පුවත්පතේ වයර් අකුරු තීරයේ පළවිය. සයිබර් වාසීනට පිං පිණිස නැවත මෙහි පළකරන ලදී.

14 comments:

  1. ස්වාධීන ලෙස පෙනී සිටිමින් යහපාලන ආන්ඩුවට හීනියට කඩේ යන ඉකොනොමැට්ටා නම් බ්ලොග් ලියන්නා නිදහස් අද්යාපනය ගැන වැරදි ආර්ථික අර්තකතනයක් දෙමින් ලියූ ලිපියක් වැරදි බව මම පෙන්නා දුන්නෙමි.එතැනදී එම බ්ලොග්කරුවා වෙනත් කතා කියමින් විකාරයක් කල අතර හදිසියේම අමිල චතුරංග නමැත්තෙක් මැදට පැන මෙලෙස කියා තිබුනි
    //මොකද ඔබගේ අඩවිය කියවන සිය ගානක් සෙනග අතරින් මේ එක හරකෙකු පමණයි.ඔවුනගේ වගාඩම්බර ඔවුන් ගාවම තියාගෙන ඔවුන්ගේ උත්කෘෂ්ඨ තියරි ඔවුන්ම හොදයැයි පට්ට ගහගෙන ඔවුන් ජීවත් වේවි.. //
    මම හරකෙක් වන්නේත්, ඔයායි ඉකොනොමැට්ටා නමැත්තායි හරක් නොවන්නේත් කොහොමද කියලා කියනවාද?

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම හරකෙක් නොවී ඕගොල්ලො වගේ වැදගත් මහත්වරු වෙන හැටිත් පොඩ්ඩක් විස්තර කරන්න.

      Delete
    2. රනිල වික්‍රමසිංහගේ පෝස්ටර් එකක් පාරේ අලෝල තියෙනකොට එක මිනිහෙක් ගිහින් රනිල්ගේ පෝස්ටර් එකට මුත්‍රා කරනවා..රනිල් දැන් ඒක දකිනවා කාර් එකෙ යද්දි.. දැන් රනිල් ගිහින් අර පෝස්ටර් එකට චූ කරන මිනිහට ගහනවාද? නෑනේ..
      ඕනි මිනිහෙක්ට තමුන්ට ඕනි දෙයක් කියත හැකි ඒක එයාලගේ මතේ..පුද්ගලිකව මම දැන් නරි නාවන්නේ නෑ.. මොකද එක හාල්කෑල්ලක් වෙනුවෙන් නිකං යුනිකෝඩ් නාස්ති කරන එක තේරුමක් නෑ..ඇරත් නිදාගනිපු බල්ලෝ ඇහැරවන්න පුලුවනි..ඒත් හොරාට නිදාගෙන ඉන්න බල්ලෝ ඇහැරවන්න අමාරුයි.. එච්චරයි..

      Delete
    3. රනිල් නිකම් මිනිහෙක්ගෙන්නම් එහෙම මොකුත් අහන එකක් නැහැ තමයි. නමුත් ඒ මිනිහාඔයා වගේ ලංකාව දියුණු කරන ක්රම,විදුලිය අර්බුදයට විසඳුම් වගේ ලොකු දේවල් කතා කරන මිනිහෙක්නම් රනිල් වුනත් අහයි ඔයා ලොකු කතා කිව්වට පෝස්ටරේට මුත්රා කරනවා නේද කියලා.
      //ඕනි මිනිහෙක්ට තමුන්ට ඕනි දෙයක් කියත හැකි//
      මේ ඉතින් ඔයාගේ මොලේ වපසරිය තමයි.මිනිස්සු කියන්නේ සත්තු නෙවෙයි. ඒකහින්දා ඕනේ දෙයක් කරන්නේ කියන්නේ නැහැ.ඒකට කියන්නේ සංස්කෘතිය හා ශික්ශණය කියලා.එහෙම නැත්නම් එක්කෝ ඒ කෙනාට පිස්සු.නැත්නම් අම්මා තාත්තා හරියට ඒ කෙනාව ශික්ශණය කරලා නැහැ.
      //පුද්ගලිකව මම දැන් නරි නාවන්නේ නෑ//
      ඒ වුනාට ඔයා වන්දි භට්ට කම් නම් කරන එක නවත්වලානැහැ නේද? ඉකොනොමැට්ටාට තුමනි කියන්නේ ඒකනේ.ඒකත් ඉතින් දෙමව්පියන්ගේ ප්රශ්නයක් තමයි.පොඩිකාලේ සමානාත්මතාව වගේ වැදගත් කරුනු කියා නොදුන්නහම ඔහොම වෙනවා.එහෙම අය දන්නේ තමන්ට වඩා බලවත් කියලා හිතන අයට තුමනි කිය කියා කොන්ද නමන්නයි තමන්ට වඩා දුර්වල කියල හිතෙන අයට හරක් කියලා අපහාස කරන්න්නයි විතරයි.
      //මොකද එක හාල්කෑල්ලක් වෙනුවෙන් නිකං යුනිකෝඩ් නාස්ති කරන එක තේරුමක් නෑ.//
      සමහර වෙලාවට ඔයා දැකලවත් නැති ස්ටේශන් ගැන යුරෝපයේ අද්යාපන ක්රම ගැන ලිපි ලියන හින්දා ලොකුකම හිතට අරන් මෙහෙම අපි වගේ අයට අපහාස කරනවා වෙන්න ඇති.නමුත් ඕවා දැකපු අයට ඒ අද්යාපන ක්රම ගැන දන්නා අයට ඕවා විහිලු. ඒක ඒ අයට අනුව නම් යුනිකෝඩ් නාස්ති කිරිල්ලක්.

      Delete
    4. හෙහ් ..හෙහ් ..හෙහ් ...හෙහ්....

      Delete
    5. සුරිච් සිට කොටුව දක්වා දුම්රියෙන්-Amila Chathuranga-Contributor
      හෙහ් ..හෙහ් ..හෙහ් ...හෙහ්...
      ස්මාට්ෆෝන් කැමරාවෙන් කදිම සේයාරූ ගනිමු
      හෙහ් ..හෙහ් ..හෙහ් ...හෙහ්...
      මීලඟ ලිපිය- ස්මාට් ෆෝන් එකකින් කෝල් එකක් ගන්නා හැටි

      Delete
    6. ඔ්‍ය සුරිච් ලිපියේ හිට් රේට් එක 20,000ක් වගේ..මේ ලිපියේ මේ සයිට් එකේ හිට් නම් 400ක් වගේ..ඉතිං ඔය පිරිසෙන් එක හාල්කෑල්ලක් ඉන්න පුලුවන් වැදගත් කමක් නෑ කියල හිතෙන.. ඒක මට දැනෙනවද? නෑනේ..ගානක්වත් නෑ.. බහුතරයට මිසක් එක උද්දච්ච මිනිහෙක් වෙනුවෙන් මම ලියනවද? නෑනේ..

      Delete
    7. ඔයාගේ ලිපි ගොඩක් සෙනග කියවන එක මට ප්රශ්නයක් නොවෙයි.මම මීට කලින් ඒවා විවේචනය කරලාවත් රේට් කරලාවත් නැහැනේ.( ඔයාගේ ඔය සුරිච් ලිපිය ඔය තැන් දෙකටම ගිය කෙනෙක් ලියන්නේ ඔය විදියට නොවෙයි.එම නිසා මට ඒකේ වැදගත්කමක් නැහැ).මම ඇහුවේ සරල ප්රශ්නයක්.ඔයා මිනිහෙක්ව ගොනෙක් කියලා නම්කරන්නේ කොහොමද? ඒ ක්රමවේදය මොකක්ද.මම ඒක ඇහුවේ ඔයා මාව ගොනෙක් කියලා අර ඉකොනොමැට්ටා ගේ බ්ලොග් එකේ නාමකරනය කරපු නිසා. මට ඒක එතැන අහන්න බැරිවුනා මම ඉකොනොමැට්ටාට උත්තර දීම නැවැත්වූ නිසා. {තර්කයකට නිවැරදි ප්රති තර්කයක් නගන්නේ නැතිව ප්රශ්නය අල කරන කෙනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ} ඔයාගේ ඔය නරි නාවන තර්කය න්යායාත්මකව වැරදියි.ටිම් බර්නර්ස් ලීට අනුව බ්ලොග් එකක ඉතාමත්ම වැදගත් අංගයක්නම් ඉන්ඩිවිජුවලි උත්තර දෙන්න පුලුවන් වීම.(සමහර විට ඔයාට අනුව නම් එයාත් ගොනෙක් වෙන්න ඇති.) වැදගත් ලේඛකයෙකුට හැම පාඨකයාම වැදගත්.එවැනි අය තමන්ගේ පාඨකයන්ට හාල්කෑලි ගොන්නු කියා අපහාස කරන්නේ නැහැ.නියම උද්දච්ච කම කියන්නේ. ඒකටයි.
      පුලුවන්නම් උත්තරයක් දෙන්න.ඔයා කෙනෙකුට ගොනෙක් කියලා කියන්නේ ඇයි.

      Delete
    8. umba gonek nisa

      Delete
    9. මම ඇහුවේ හේතු.හේතු කියන්න.නමෙන් බැරිනම් ඇනෝ ඇවිත් වුනත් කමක් නැහැ.20000ක් වගේ විසාල ගනනකට ලිපි ලියන ඔයාට එක හේතුවක් කියාගන්නවත් බැරිද.

      Delete