Thursday, September 28, 2017

Sentinelese සහ සිංහලීස්

සෙන්ටිනලිස් කියන්නේ අන්දමන් නිකොබාර් දුපත් වල ඉන්න ගෝත්‍රිකයින් පිරිසක්. තවමත් හෙලි අතේ අරං කුඩා දූපතකට කොටු වෙලා ඉන්න මේ පිරිසට පිට මිනිස්සු පේන්නම බැහැ..ගියොත් එඑයාල සැදී පැහැදී ඉන්නවා ඒ පිටස්තර මිනිස්සුන්ව මරන්න. ඒත් එදා සිංහලයා එහෙම නැහැ..

සිංහල මිනිහා ලංකාවට ආව පෘතුගිසි කාරයාට හරක් හමක් එලාගන්න ඉඩ දුන්නා.. ඒක මහා විසාල අඩුපාඩුවක් විදියට දැක්කා වුනත් ඉතිහාසය මැදහත් සිතින් බැලුවාම යුරෝපීයයන් තැනූ රටක තමයි අපි අද ජීවත් වෙන්නේ..අනුරාධපුරේ ගල් කණු තියෙනවා..වැව් තියෙනවා, වැව් වල වතර තියෙනවා..චෛත්‍ය තියෙනවා.ඒත් ඒ ශිෂ්ඨාචාරය තුල නෙමෙයි අපි ඉන්නේ කොළඹ..සුද්දා හදපු කොළඹ ඉදගෙන එදා රජතුමා හරක් හම එලාගන්න දුන්න එකට විරුද්ද වෙන එකත් එක්තරා විහිලුවක්.. හැමදේම දෙපැත්තක් තියෙනවා.. යුරෝපියන්ස්ලා මේ රටෙන් හැදුවේ ලාබගන්න.ඒත් ඉංග්‍රිසි ආන්ඩු කාලෙනම් හිතුව තරම් විසාල ලාබයක් ලංකාවෛන් අදින්න උන්ට ලැබුනේ නෑ.. 

බිස්නස් කියන්නේ බිස්නස්..දෙපැත්තක් තියෙනවා..පාර්ශව දෙකටම වාසි පාඩු වෙනවා.. රජතුමා ඉදිය කාලේ මිනිස්සුන්ට ගෙවල් හදන්න බෑ.. උඩට අදින්න බෑ..නීතියක් නෑ.. හරි පාලනයක් නෑ..ඒත් ඒ යුගේම පහතරට  පැත්තේ එහෙම නැහැ..ඒ මිනිස්සු ලන්දේසි කාරයෝ එක්ක පුලුවන් විදියට සාපෙක්ෂව ඉදිරිගාමිව ජීවත් වුනා..මේ කාලය සරලව හිතුවාට ඇත්තටම සමහර වෙරළබඩ පලාත් අවුරුදු තුන් හාරසියක් තිස්සේම පාලනය වුනේ බටහිර ජාතිකයින් අතින්.. 

වෛරී ඉගැන්වීම් 
අපේ රටේ ඉතිහාසය ඉගැන්වීම් වෛරී සහගතයි.. ඒ තුල අපේ නැති යමක් උලුප්පා පෙන්වන යම් දේශපාලනික නැඹුරුවක් බොහෝවිට පෙන්නුම් කරනවා.යමක් දෙස වඩා සාධාරනව බැලීමක් එතුල නැහැ.. එනිසා අපි නිතරම අනෙකා කෙරෙහි අවිස්වාසයෙන් බලන්නත් හුරුවෙලා.. 

සාගරිකා කෝච්චිය 

සාගරිකා කෝච්චියේ මම සමහර දවසට එනවා ගෙදර ඉදලා.ඒ එද්දි දවසක් අලුත්කඩේ උසාවියේ වැඩකරන නංගි කෙනෙක් හමුවුනා. ලස්සනයි මිටියි කෙල්ල හොදයි. එයා කිව්ව විදියට සමහර දවසට සාගරිකා කෝච්චිය ඔෆිස් කෝච්චියක් කියලා නොදැන සාමාන්‍ය මිනිස්සු ඒවට නැගල සීට් අල්ලගන්නවා..ඉන් පස්සේ අනෙ මහන්සි වෙලා ඉන්න ඔෆිස් කට්ටිය ඇවිල්ලා අර කට්ටිය එක්ක කලහ කරගන්නවා..සීට් අල්ලගන්න පොරකනවා.. ඉන් පස්සේ ගොඩ්ක වෙලාවට සෙට් එකෙන් වැඩි ඔෆිස් සෙට් විසින් අර සාමාන්‍ය මිනිස්සු එලවන වෙලාවලුත් තියෙනවාලු.. 

ඒ අලුත්කඩේ උසාවියේ වැඩකරන ඉටිකිරිස් කෑල්ලට අනුව ඔෆිස් කෝච්චියේ නිතර යන මිනිස්සු ඉන්නේ..ඒ ගොල්ල හැමදාම යනෝ..ඒකට අනික් අයට එන්න දීම වැරදියි.. ඒ මිනිස්සුන්ට වෙන කෝචචි වල යන්න ඇහැකි..ඒත් ඔෆිස් අය යන්න ඕනි මේකේ.. 

උඩට ඇදන් ඉදිය ඇදුන් වලිනුත් පෙනුන විදියට යටට ඇදන් හිටපු ඇදුන් වලිනුත් කෙල්ල නම් පට්ට මොඩ්..ඒත් ආකල්ප..හද් දෙයියනේ.. ඒ මදිවට ඒ කෙල්ල කියනවා (මම ගියේ සෙකන්ඩ් ක්ලාස්) මේක සෙකන්ඩ් ක්ලාස් වුනා ට වැඩක් නෑලු..දැන් හැමෝම මේකට නගිනවාලු..හැමෝම යනනිසා හොද වැදගත් මිනිස්සුන්ට විතරක් යන්න තිබුන මේවා දැන් වැඩක් නැ ිතවෙලාලු.. 

සරලවම ගතහොත් ඒ ගැනිට අනුව සාගරිකා ඔෆිස් කෝච්චියේ සෙකන්ඩ් ක්ලාස් කියල වෙනම කන්ඩායමක් තියෙනවා..ඒ අයට වෙනම යම්කිසි විශෛ්ෂ උවමනාවක් තියෙනවා..ඒ නිසා ඒ අයට දුම්රිය සේවය විසින් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම අනෙක් සාමාන්‍ය ජනතාවට නැතුව මේ ඔෆිස් යන එයට ප්‍රෙයා්රිටි එකක් දෙන්නත් ඕනි.. 

සමස්ථයක් විදියට ජනතාව ඔක්කෝම එකතු කරගෙන දුම්රිය සේවයේ දුම්රිය ගනන, දුම්රිය වල පහසුකම්, කාර්යක්ෂමතාවය, කලට වෙලාවට යන එක, සේවයේ ගුණාත්මක භාවය, වැඩිදියුනු කරගන්න නැතුව මෙයාලට ඕනි මෙයාල යන කෝච්චිය සුපිරි එකක් කරගෙන මෙයාලටම වෙන් කරගනිපු අවකාශයක් කරගන්න. ඒ වගේම සීට් එක මෙයාලට වගේ ලියලා තියාගන්න.. යමෙක්ට සීට් එක්ක බුක් කරගන්න හැකියාව තිබෙන්නට ඕනි.. ඒත් ඒක සාමාන්‍ය වරප්‍රසාදයක් නෙමෙයි..ඒමනම් ඒ අය ඒ වෙනුවෙන් සාමාන්‍ය ගාස්තුව වගේ කිහිප ගුනක් මුදල් ගෙවන්නට ඕනි..ඒකය ිසාමාන්‍යෙයන් ඉන්දීය දුමරිය සේවයේ එහෙම සිද්ද වෙන්නේ.. 

මෙහේ ගාස්තුව පොඩ්ඩක් වත් වැඩිකරන්න ගියොත් ඒකටත් නාහෙන් අඩනවා..ඒත් සීට් බුක් කරගන්න දීලා, ෆෑන් ඔක්කෝම හයි කරලා.. අනික් මිනිස්සුත් එලවලා වැදග්ත් සේවයක් කන්තෝර මහත්වරුන්ට ලැබෙන්න ඕන  කියලා තමයි ඔය කෝච්චියේ යන දෙවන පන්තියේ කන්තෝරු මහත්තුරු බහුතරයකගේ අදහස.. 

රෝහින්ජාන්ස් 

රෝහින්ජා කියන සිද්ධිය ගත්තා වුනත් එතනදි නාවිකා හමුදාව මුලින්ම දකින්නේ බෝට්ටුවක්..එතනදි ඉන්නේ අහිංසක නිරායුධ මිනිස්සු.. ඒ මිනිස්සු තාමත් රටක් නැති පිහිටක් නැත ිඅසරණයෝ ටිකක්.. ඒ අය මනුස්සයෝය කියන මූලික දේවත් සලකන්නේ නැතුව සංඝයෝ ගහන්න යනවා.. මේක සංඝ කෝනෙන් බැලුවොත් උන් ඇවිල්ල මියන්මාරේ බෙෘද්ධයින්ට ගිනි තියපු, අනාගතේ තම්බි වෙලා රට ගිනි තියන, මුස්ලිම් කියන විනාසාකර දහම අදහන, මේ රට අල්ලන්නට බලන, කුමන්ත්‍රන වලින් ආපු, අපේ තම්බි අනුග්‍රහය දක්වන සෙට් එකක්.. 

ඒත් ඔය ඔක්කෝම පැත්තක තියලා ඔය මිනිස්සු ටික වෙන් කරලා බැලුවම ඔය කවුද? අපි වගේම මිනිස්සු. ඔය එලෝපියෝ කියල කෑ ගහන මිනිස්සුම බල්ලොන්ට ඔයිට වඩා හොදට සලකනවා..උන් ට කරුණාව දක්වනවා..ඒත් අ ර මිනිස්සු තන්බි, උන් විනාසකාරින් කියලා කිරි සප්පයන්ට පවා දෙස් තියමින ්බනිනවා.. 

මුස්ලිම් ආගම විනාසකාරී වෙන්න ඇති. ඒ මිනිස්සු ප්‍රචන්ඩ වෙන්න ඇති. ඒත් අපිත් ඒ මට්ටමට වැටිලා ප්‍රචන්ඩ වෙන එකද මේකට විසදුම. 

දැන් අපි හැමෝම නාගරික වටපිටාවකට හුරු වුනත් අපි හැමෝටම පරම්පාරවක දෙකකට හරි කලින් ගමක් තිබුනා. ඒකාලේ ගමක ඉද්දි පිටින් නාදුනන මනුස්සයෙක් ගමට ආවත් ගමේ ඉන්න අය බත් ඩිංගක් තියෙනං බෙදා දීලා..තේ වතුර එක්ක දීල සලකනවා.. රෑක පානක ආවොත් මිනිහාට නවාතැන් දෙන්නත් මැලි වෙන්නේ නෑ.. ඒ කාලේ පාරවල් තොටවල් බහුල නොවූ කාලෙක අපේ මිනිස්සු රට තොට ගියේ පයින්..ඒ යද්දි නැවතුනේ අනික් මිනිස්සුන්ගේ සුහදතාවය මත.. 

අද අපි එන්න එන්නම පටු වෙනවා..මේ මගේ දේ, මේ මගේ රට, මේ මගේ ගම, මේ මගේ ගෙදර, මේ පවුල, මේක ස්කෝලේ ආදි කියලා වෙන්කරගෙන ඒ දේවල් වෙනුවෙන් මහා විසාල විදියට අයිතිවාසිකම් කියාගෙන කාකොටාගන්න තැනට ඇවිල්ලා.. 

සූරප්පපා කතාවේදි එක වරක් බෝට් ටුවක ඉන්න රෝමන් කාරයෝ සෙට් එක්ක ඈතින් එන සූරපප්පා ව දකිනවා..උන් කරන්නේ සූරප්පපා නැව විනාස කරාවිය කියලා එන්න කලිං පොරෝ මුගුරු එහෙම අරං නැව කඩලා නැව ගිල්ලගන්නවා.. අනාගතයේ තම්බි ඒවිය කියාල අපි කරන්න යන්නෙත් ඒකම නෙවෙද? අසරණ මිනිස්සුන්ට හිරිහැර කරලා, ප්‍රචන්ඩ වෙලා තම්බි එන්න කලිං තමබින්ටත් අන්ත විදියට ම්ලේඡ්ච වෙලා මේ කරන්න යන්නේ ඒකම නෙවෙද? 

මිනිස්සු විදියට අපි අවුරුදු දෙතුන් සීය ජීවත් වෙන්නේ නෑ..දැන් ඕගොල්ල දන්නෝද ඔයාලගේ මුත්තගේ සීයගේ නම? නෑනේ..ඒ වගේ තව පරම්පරා ගානකින් මොනා වෙයිද කියන්න අපි කාටවත් බෑ.ඒත් අනික් මිනිස්සු දිහා නිතර වෛරයෙන් බලලා, උන්ව මරාගන්න කැතිගාන්න එලවන්න හදලා හැමතිස්සේම ඔය කියන වෛර චේතනාවේන හැමදාම ඉන්න කොට නැතිවෙන්නේ අපිමයි..අවසානේ අනුන්ට කෙලින්න ගිහින් විනාසවෙන්නෙත් කවුද/ බොහෝවිට අනිකා විනාස වුනා කියල ලොකුවට පෙනුනාට හොදින් බැලවොත් ඔබේ විනාසයත් ඒත් එක්කම දැකගන්න හැකි වේවි. 

12 comments:

  1. වෙන ට්‍රේන් වල නැති සාහසිකත්වයක් සාගරිකා වගෙ දකුනට යන කෝච්චිවල තියනව කියල මම අහල තියනවා. කලාතුරකින් යන කෙනෙකුට දකුනෙ ගෝත්‍රිකයො යන්න දෙන්නෙම නෑලු. සමුද්‍ර දේවි එකේ තිබ්බ මාෆියා ගැන සිරසෙ සුලං කපොල්ලෙත් ලොකු කතාවක් ගියාමතකයි.
    අද අපේ ගෙදර ආව ඥාති පුතෙක් කොළඹ රස්සාවක් හම්බවෙලා. කොළඹ නැවතිලලු යන්නෙ. බෝඩිමක් හොයාගන්න ගියාම මුලින්ම ඇහුවෙ දකුනෙද කියලලු. දකුනෙ නෙමෙයි ගම ...................... කිව්වම හුගක් සතුටු වුනාලු .

    හේතුවලෙස මම දකින්නෙ. දකුනෙ මිනිස්සුන්ට විවිධ පසුගාමී ගෝත්‍රවල ජාන මිශ්‍ර වී තිබීම. මේ ගෝත්‍ර පදිංචි ප්‍රදේශ ඉතා කලහකාරී බවට ප්‍රසිද්ධයි.

    ReplyDelete
  2. තව දෙයක් තියනව කියන්න. දකුනෙ සමහර ගෝත්‍රවල අයගෙ නෑයො බටහිර මුහුදුබඩ ත් ඉන්නවා.ඒ මිනිස්සු සාපේක්ෂව ශිෂ්ටයි කතෝලික ආගමෙන් ඔවුන් හික්මවල ඩීසන්ට් වෙලා. ජාන පවා සංස්කෘතික කරුනුවලින් පලනය වෙන හැටි අපූරුයි. කතෝලික අයට යුරෝපීය ජාන ත් ඇවිත් ගෝත්‍රික පසුගාමී ජාන බැලන්ස් වුනාද දන්නෙත් නෑ.

    සාපේක්ෂව ඔවුන් ඔවුන්ගෙම ඥාති දකුනෙ ගෝත්‍රිකයන්ට වඩා හොදයි. මම දකුනත් එක්ක සම්බන්ධකම් නෑ. නමුත් අහල තියනව දකුනට යන කෝච්චිවල කල්ලියෙන් පිට කෙනෙකුට සීට් එකක්වත් අල්ලගන්න බෑලු. ප්‍රෙග්නන්ට් ලේඩීස්ල පවා නැගිට්ටවනවලු. මට එහෙම අත්දැකීමක් කවදහරි ලැබුනොත් මට මුනගැහෙන ( අපේ පලාතෙ හෝ වැඩපොලකදි හෝ වෙන තැනකදි ) පලමුවෙනි දකුනෙ මිනිහගෙන් ඒ ණය බේර ගන්නව.

    ReplyDelete
    Replies
    1. '..හේතුවලෙස මම දකින්නෙ. දකුනෙ මිනිස්සුන්ට විවිධ පසුගාමී ගෝත්‍රවල ජාන මිශ්‍ර වී තිබීම. මේ ගෝත්‍ර පදිංචි ප්‍රදේශ ඉතා කලහකාරී බවට ප්‍රසිද්ධයි.

      ...දකුනෙ ගොවිගම මිනිස්සු කලහකාරී හා දුෂ්ට නැති බව දන්නව....

      මට එහෙම අත්දැකීමක් කවදහරි ලැබුනොත් මට මුනගැහෙන ( අපේ පලාතෙ හෝ වැඩපොලකදි හෝ වෙන තැනකදි ) පලමුවෙනි දකුනෙ මිනිහගෙන් ඒ ණය බේර ගන්නව.'

      ණය බේරගන්න කලින් ඒ මිනිහගෙන් කුලේ මොකක්ද කියල අහල බලන්න මතක තියාගන්න. නැත්නම් වැරදි මිනිහට ගුටිකන්න වෙන්නෙ. රෝහින්ග්යා අසරණයන්ව හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මරං කන්න හදන්නෙත් ඒවගේ ආකල්ප තියෙන අයම තමයි

      Delete
  3. ඉන් පස්සේ අනෙ මහන්සි වෙලා ඉන්න ඔෆිස් කට්ටිය ඇවිල්ලා අර කට්ටිය එක්ක කලහ කරගන්නවා..සීට් අල්ලගන්න පොරකනවා.. ඉන් පස්සේ ගොඩ්ක වෙලාවට සෙට් එකෙන් වැඩි ඔෆිස් සෙට් විසින් අර සාමාන්‍ය මිනිස්සු එලවන වෙලාවලුත් තියෙනවාලු.. //

    තුන්වැනි කොමෙන්ට් එකක් දාන්න තුන් හිතකවත් අදහසක් නොතිබුනත් මේකත් කියල දානව. ලංකාවෙ කිසිම කෝච්චියක නැති මේ වගෙ තත්වයක් දකුනට යන කෝච්චිවල තියනව කියල දකුනෙ කෙනෙක් පිලිඅරගෙන තියෙනවා. ලංකාවෙ ඕනම කෝච්චියක ටිකට් අරගෙන යන්න ඕනම කෙනෙකුට පුලුවන්. වෙන කිසිම පලාතක මෙහෙම එලවීමක් කරන්නෙ නෑ. දකුනෙ අයගෙ සෙල්ලම් මෙහෙමනම් ඒ අය අනෙක් පලාත්වලදිත් ඒ සැලකිලිම බලාපොරොත්තු වෙන එක නරක නෑ නේද.

    දකුනෙ ගොවිගම මිනිස්සු කලහකාරී හා දුෂ්ට නැති බව දන්නව.

    මේ ලිපිය කියවන දකුනෙ මිනිස්සු දැනගන්න ලංකාවෙ වෙන කිසිම ඔෆිස් කෝච්චියක මෙහෙම සීට් වලට කලහ කරගැනීම් සහ සීට් වල ඉන්න අය තර්ජනය කරල ගහල එලවීම් නෑ.
    වෙන ඔෆිස් ට්‍රේන් වල යන අය සීට් බලාපොරොත්තු වුනත් වෙන කෙනෙක් වාඩිවෙලා නම් හිනාවෙලා බෑග් එක එයාට දීල කයියක් ගහන එකයි කරන්නෙ. මෙහෙම සීට් වලට රන්ඩු වෙනව ගහ ගන්නව කියන්නෙ මාරයිනෙ. මට හිතෙනව කම්පාට්මන්ට් වුනත් කරා දුරා සලාගම කියල වෙන් කරගෙන මරාගන්නවද දන්නෙ නෑ.

    අපේ පලාත්වල මිනිස්සු කොච්චර හොදද කියල හිතුන.
    සීට් වලට මෙහෙම කලහ කරගන්නව ගුටි බැට හුවමාරු කරගන්නව කියල ඇහුවමයි. සීට් වල ඉදගෙන ඉන්න අය ගහල පන්නනව කියල අහල පුදුම වුනා.

    තව දෙයක් මේක ලියපු දකුනෙ මිනිහෙක් වන අමිල චතුරංග මේක අනුමත නොකරන බව ලිපියෙන් පේනව. හැම දකුනෙ මිනිහම සක්කිලි නෙමෙයි කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. හැම දකුනෙ මිනිහම සක්කිලි නෙමෙයි........ එතකොට දකුනෙ සිංහල සක්කිලි ඉන්නවයි කියලද කියන්නේ ඉන්දියානු ජාතිකයන්ට ජාතක වුන. එහෙම එවුන්ගේ නම් ජාතකේ රොන් තමයි හිටින්

      Delete
  4. පොස්ට් එක කොහොම උනත් උඩ අනෝ ට නං දකුණේ එකෙක් කෙලල තියෙනව පරම්පරා හතකට මතක හිටින්න.. 😂😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. නෑ. මට දකුනෙ මිනිස්සු එහෙමට මුහුවෙන්නෙ නෑ.ගම දකුනෙ කියල කියන අය ලගින් ආශ්‍රය කරලම නෑ. ඇත්තටම මම දකුනු පලාතට ගිහින් නැති තරම්.ට්‍රිප් එකකට කොග්ගල ගියා වගෙ ගමනක් ඇරෙන්න. අපේ පැත්තෙ ඉන්නව දකුනෙන් කාලෙකට ඉස්සර ඇවිත් පදිංචි වුන අය.ඔවුන්ගෙ නම් ලොකු අවුලක් නෑ.දැන් අපේ පැත්තෙ අය වෙලා කාලයක් එක්ක. අවුරුද්දට මුල් ගම්වලට යනවලු. ඒ අය දකුනෙ ගොවිගම වෙන්න ඇති. මට හම්බවෙලා තියන දකුනෙ කීපදෙනත් අහිංසකයි.

      රුහුනු කුමාරි .සාගරිකා ,සමුද්‍ර දේවි කෝච්චිවල මම ගිහිල්ලම නෑ. අහල තියනව දකුනෙ සමහර පැතිවල ගෝතික ලක්ෂන ගැන.නිතරම හපාකන්න බලා ඉන්න අය ලු. ඔය කෝච්චිවල අවුල ගැනත් මට කීප දෙනෙක්ම කියල තියනවා. දකුනෙ මිනිස්සු විශ්වාස කරන්න බෑ කොයිවෙලෙත් ගහගන්න බලාගෙන ඉන්න අය කියල ප්‍රසිද්ධ මතයක් තියනව නේද.හැබැයි මේව දැනගෙන ඉන්න එක හොදයි. අපට ආශ්‍රය කරන්න ලැබුනොත් පරිස්සමෙන් ඉන්න පුලුවන්. කොයි වෙලේ පිහියෙන් අනියිද දන්නෙ නැති හින්ද.

      Delete
  5. තම්බි එවුන්ගෙ කපටිකං හොරකම් දැක්කනං ආයි උන්ට උදව් කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තම්බි එවුන්ගෙ කපටිකං හොරකම් දැක්කනං ....
      අනේ සුරන්ගයෝ ඇයි ලංකාවේ අනෙක් ජාතින්
      කපටිකං හොරකම් කරන්නෙම නැද්ද දේශපාලකයෝ චිවරයින් පුජකයින් කපටිකං හොරකම් කරලම් නැද්ද
      එකෙකාට නැවිලා / උස්සලා දීලා ජනප්‍රිය වෙන්න දඟලන උඹ වගේ එවුන් බන කියනවා මිට කලින් දකලම නැද්ද

      කපටිකං හොරකම් දැක්කනං නීතියෙන් එවැනි අයට දඬුවම් කරවන්න

      ඕවට තමයි රටක නීතියක් කියලා දෙයක් තියෙන්න ඒවා හරි හැටි ක්‍රියාවේ නොකර කාටත් අවලාද කරලා උදව් කරන්න යන්න ඕනේ නැහැ .තවත් ජාතිවාදී ගෝත්‍රික යකු නොවී රටෙ ඉන්න මෝඩයින් අවුලන්නේ නැතිව...

      Delete
  6. කොච්චියේ සීන් එකනම් මාත් අහල තියෙනව.
    මම දන්න දකුනෙ උන් නම් කියන්න තරම් අව්ලක් නෑ. හැබැයි උන් ඔක්කොම කොලඹට හැඩ ගැහුන අය.

    ReplyDelete
  7. මං සාගරිකා එකේ යනවා. මරදානෙන් ඔක්කොම පිරිමි නැගලා අල්ල ගන්නවා සීට්.. ඉන් පස්සේ මාතරට වෙනකම් නිදිලු.. අහිංසක ගැනූ ඇත්තටම ගෙවල් වල ගිහින් වැඩ කරන්නත් ඕනා කියලා ඒ මොලේ තියන පිරිමින්ට නොතේරෙන හැටි.. කොහොමත් දුර සේවා ට්‍ර්‍රේන් වල සෙට් ඉන්නවා එයාල කැමති නෑ වෙන අය යනවට.. එක එක ඒවා කියනවා.. මාව නම් පන්නලා නෑ. මං තනියෙන් යන කෙනෙක්.. ඒක දකුණට විතරක් අදාල දෙයක් නෙවේ.

    ReplyDelete