Tuesday, October 3, 2017

ඉගෙනගන්න ගෙව්ව සල්ලි අයියෝ

ඉගෙනගන්න වියදම් කරන එක දරුවන්ට කරන ලොකු උපකාරයක්. දරුවෝ කසාද බන්දවන්න, උන්ට ගෙවල් හදන්න, දරුවන්ට ඉඩම් කඩම් දායාද කරන්න, දරුවන්ට කාර් බාර් අරන් දෙන්න, දරුවන්ගේ දරුවන්ට සලකන්න ආදී බොහෝ දේට වඩා ළමයෙක්ට උගන්වන එක බොහෝ ඉදිරියෙන් තිබෙන දෙයක්. 

වෙන රටවලදී දරුවන්ට රැකියාවක් කරලා ඉගෙනගන්න හැකියාව තිබෙනවා. ඒත් අපේ රටේ පැතිරුනු කර්මාන්ත වටපිටාවක් නැත ිනිසා එහෙම කරල ඉගෙනගන්න අමාරුයි. ඒත් සමාජය ගැන තේරුම් ගන්න දැනුමක් ගන්න යම්කිසි සුලු කාලයක් හෝ දරුවෙකු කුඩා රැකියාවකට යැවීම හොද දෙයක්..අඩුමගානේ ෆුඩ්සිටියක හිටගෙන ඉන්න හරි ටික කාලෙකට දරුවෙක් යවනවා නම් සල්ලි කොලයක් හම්බකරගන්න කොච්චර අමාරුද කියන කාරණය දරුවන්ට වැටහෙනවා. 

ගාන වැඩිවුන පලියට හැමතැනම හොද නැහැ. 

ඉගෙනගන්න තිබෙන ආකාර ගොඩයි. ඩිප්ලෝමා උපාධිපශ්චාත් උපාදී ආදී විවිධ ආකාරයේ කෝස් සහ උපාධි වෙළදපොලේ තිබෙනවා. ඒවායේ මිල ගනනුත් ලේසි නැහැ..අද කාලේ කැම්පස් සිලෙක්ට් වෙලා කරන්න තියෙන කෝස් බැලුවාම මෙලොව වශයෛන් වඩකට ඇති කෝස් තියෙන්නේ අතලොස්සයි. ඇරත් සමස්ථයක් විදිහට ගත්තාම අපේ කැම්පස් වලින් අවුට් වෙන අය ඒ කියන වෘත්තියේ ජාත්‍යන්තර මට්ටමටම ලගාවෙනවාද කියලාත් පොඩි ගැටළුවක් තිබෙනවා. 

ඒ නිසා සහ දරුවන්ට පහසුව නිසා ගොඩක් දෙමාපියන් අද වෙද්දි පුද්ගලික අධ්‍යාපනය ගැන ඇස ගහැගෙන ඉදලා පුද්ගලිකව යමක් කමක් වියදම් කරලා දරුවන්ට උගන්වන්න තීරණය කරනවා. 

පිලිගැනීම 

ජාත්‍යන්තරව පිලිගත් විශ්ව විද්‍යාල මොනවාද ඒවායේ කෝස් මොනවාද කියලා හොයාගන්න අන්තර්ජාලයේ තියෙනවා ලැයිස්තු. මේවට ගිහින් බලලා ජාත්‍යන්තරව පිළීගත් උපාධී මොනවද කියලා හොයාගන්න පුලුවනි. ඒ ජාත්‍යන්තරව ඉහල මටටමේ තිබෙන විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලෙහෙසි නැහැ.මුදලින් වගේම ඒවායේ කරන්න ඕනි වැඩරාජකාරිත් වැඩියි. ඒත් ඒවගේ තැනකින් උපාධීයක් ගන්නෝය කියන්නේ මුලු ලෝකේ බොහෝ තැන්වල වැඩකරන්න හැකියාව ලැබෙනවා. ඒවගේම පිලිගැනීමත් ලැබෙනවා.. 

අපේ උපාධී අරගෙනත් හදට යන රොකට් එකේ අහවල් කෑල්ලත් හැදුවේ

ලංකාවේ කැම්පස් වලින් උපාධි ගන්න අයත්පිටරට ගිහින් අහම කලා මෙහෙම කලා.. අච්චරතැන්වල මෙච්චර තැන්වලඉන්නවාය කියලා රාජ පොයි ටිකක් අපේ කැම්පස් වලත් විරාජමාන වෙලා තියෙනවා..ඇතැම් ඒවා කාලයක් තිස්සේ පට්ට ගහන ඒවා.. ඒත් මුලුමහත් බැජ් වශයෙන් අවුට්වෙන පිරිස අතරින් සුපිරි තැන්වල ඉන්නේ කීයෙන් කීදෙනාද? ඒ ෆීල්ඩ් එකේ උපරිම වැඩ්ඩෝ බිහිවෙන්නේ කීයෙන් කීදෙනාද? ව්‍යවසායකයින් මට්ටමට දියුනු වෙලා අලුත්ම දෙයක් ලෝකෙට දෙන්නේ කීයෙන් කීදෙනාද? 

ඔන්න ඔයවගේ අලුත් අලුත් දේ තැනීම, අත්හදා බැලීම, නව අදහස් මල්පලගැන්වීම කියන්නේ විශ්වවිද්‍යෘලවලින් දිරිමත් කල යුතු දේවල්..අපේ කැම්ප්ස වල ආර් ඇන් ඩී අඩුයි.. සබ්ජෙක්ට් නොලේජ් එක තියෙනවා.. ඉතිං යමෙක්ට ඇත්තටම ටිකක් සල්ලිය බාගේ තියෙනවා නම් අඩුම තරමේ වාහනයක් ඉඩමක් කඩමක් විකුනලා හරි පුලුවන් නම් ටිකක් පිලිගත් ජාත්‍යන්තර මට්ටමේ සරසවියකට ළමයා යවන එක වඩාත් හොදයි..එතන ඉදලා ඔහු විවෘථ වෙන්නේ ලෝකයටමිසක් මේ පුංචි දූපතෙ ්තිබෙන පුංචි කඩකාමර වගේ ඉන්ඩස්ට්‍රි එකට නෙමෙයි.. (මෙතනදි අයි ටී අයින් කරන්න ඕනි අයි ටි වලින් යමක් කමක් අපේ අයට තිබෙනවා.. ) 

අපේ පුතා ඉගෙනගන්නේ එංගලන්තේ ඔසීඅහවල් එකේ නේ.. 

එංගලන්තේ ඔසී ඉන්නේ මතුබුදුවෙන්න ඉන්න මෛත්‍රි බෝසත්තු වගේ බුවාල නෙමෙයි. උනුත් පුලුවන් තැන ගරන්න බලන්නේ. සමහර යුනි තියෙනවා ඒ රටවල ඇත්තටම ඉන්න මිනිස්සු පලාත පත්තුවෙ ්යන්නේ නෑ.. ඒවයේ ඉගෙනගන්නේ දකුනු ආසියාව ඉන්දුනෂියාව, පිලිපීනය වගේ රටවලින් යන අපි වගේ වෙන්ඩ පොෂ් මැදපන්තියේ සිසුන් විතරයි. 

රට හොද වුනු පලියට හැම කොලේජ් එකම හැම යුනියම හොදත් නෑ..ඒ වගේම ඒවයින් ලැබෙන ස්කිල් එකත් ඒමයි. 

තමුසේ ඉගෙනත්තේ නෑනේ ඇයි තමුසේ බණ කියන්නේ අපිට.

මේක ඇනෝ කමෙන්ට් එකක්. ඇත්තටම අප වගේ වැද්දන්ට බණ කියන්න හිතෙන්නේ නැද්ද දැන් තියෙන මේ සයිටම් කෝලම දිහා බැලුවම. පිටරට උපාධීයක් අරං එන්න පුලුවන් ගාන වගේ දෙගුණයක් ගානක් ගෙවලා ලමයිව සයිටම් එකට දැම්මා..ඒක තනිකර අලුත්ම යුනි එකක්. පිලිගැනීම කියන එකක් තිබෙනවා කියලා හිතන්නත් කාලේ මදි. ඒ වගේ ටෙස්ටින් පීරියඩ්එකක් ගියත් ගාන අඩු වුනේ නෑ..ඒත් අපේ හරක් අතෑරියෙත් නෑ.. මොකක් හරි එකක් ලැබෙයි කියාල කෝටියටත් වැඩියෙන් දීලා ලමයි දැම්මා.. 

සාමාන්‍යයෙන් විඥානය කියන එකේ තේ හැන්දක් වත් තියෙනවා නම් ඔය වගේ ලොකු ගානක් දෙන්න නම් බැජ් එකක් අවුට් වෙනකල් වත් ඉන්න ඕනි..නැත්නම් පටන් ගන්න අලුත නිසා ලොකු ඩිස්කවුන්ට් එකකට මෙඩිකල් ඩිග්රිය දෙන්න ඕනි..කිසි දෙයක් නෑ..මුල සිට සරලව අගසිට විදිමත්ව බෙල්ල කැපුවා.කස්ටිය සෙට් වෙලා ගියා.. 

සර්චින් සර්ච්න් ඩීප්ලි සර්චින්

අද බොහෝ දේ සර්ච් කරලා ඉගෙනගන්න පුලුවන්.. මොනවද පිටරට වාහෙල හොයන්නේ යුනියක් බලද්දි.. මොනවද ඔය සුදු බුවාලා බලන්නේ අලුතින් කෝස් එක්ක තෝරද්දි.. ඒවගෛ් ආටිකල් ඕනි තරම් ඉන්ටනෙට් එකේ තියෙනවා.. ලක්ෂ විස්ස තිහ හතලිහ ගෙව්ව පලියට හැම එකම හොද නෑ. ෆලෝ කරන්න ඩිග්රියක් සුදුසුකමක් (කොලිෆිකේසන් එකක්)  සොයාගැනීම කසාද බදින්න ගෑනු හොයනවාට වඩා අමාරු දෙයක්..ඒත් අමාරුය කියලා මග ඇරල බෑ.. ඉන්ඩස්ටි එකේ ඉන්න කෙරුමෝ ඉන්නවා නම් උන්ගෙන් අහලා.. තව පිටරට ඉන්න බුවාලා කියලා තියෙන ඒවා බලලා..

ළමයා කියන ලොකු එකා.. (අවුරදු විස්සක් කියන්නේ ඌ ලොකුයි..ඌ ඉගෙනගන්න ඕනි උ කැමති දේ..) කැමති මොනාද? ඌඨ ඒ අලුතින් තියෙන කෝස් එක ඩිග දරාගන්න පුලුවනිද කියලා ත් හිතන්නට ඕනි.. කොල්ලාට ගනන් බැරිනං ඌඨ ආයේ ඉංජිනේරු වගේ එකක් වක්කරාල පෙව්වුත් ටිකක් අමාරුයි ගොඩ යන්න.. ඒ වගේම කොල්ලා දක්සයා නම් කෑලි ගලවන ඒවට ෆික්ස් කරන ඒවාට..ඌඨ ඉන්ටනැෂනල් පිලිගත් ටෙක් කෝස් එක්ක කරවන එකතමයි යුතු. 

ඇටෙන් පොත්තෙන් එලියට එද්දිම කෙල්ල හෛයාඩෙසින් ෆැෂන් ඩිසයින් වලට පට්ට ස්කිල් එක්ක පේනවනවා නම් කෙල්ලත් ඒකට කැමති නම් ආයේ දර්ශනය ආගම උගන්වන්න යවල තේරුමක් නෑ..ඒවගේ අංශ වලින් ඉදිරියට යන්නදරුවාට ඉඩ දෙන්නට ඕනි.. 

අවසානේ.. 

ඉගනගැනීම කියන්නේ හොදට හොයාල බලල කරන්න ඕනි දෙයක්.. සමාජයෙ ්බැලුවම කෝස් කරල ජොබ් නැති ගොඩක් අය ඉන්නවා.. ඒ වගේම ජොබ් තියෙනවා කෝස් කරපු උන් හොයාගන්න ැති ෆීල්ඩ්ස් තුත් තියෙනවා..ඉගෙනගන්නව කියන්නේ අනාගත ආදායම ම නෙමෙයි. ඒත් අපේ රටේ ක්‍රමයට අනුව ඉගෙනගැනීම අනාගතය හා බද්ධ වෙන්න ම ඕනි වගේ ආතල් එක්ක තියෙනවා.. 

කොහොම උනත් ඔ්‍ය හතු පිපෙන්නා වගේ අධයාපන ක ඩ වල ඉන්න ටයි පොලු කාරයින්ගේ ගල් කෙබරවලටම වැදපුදාගෙන අහගෙන ඉන්න නැතුව ටිකක් එලියෙනේ හිතලා කෝස් එක්ක හොයාගන්න බලන එක ගොඩක් හොද වෙයි අනාගතය සම්බන්ධයේන හිතුවොත්.

9 comments:

  1. අපි මේකේ දාන කොමෙන්ට් අමිල අයින් කරනවනි. කලින් පොස්ට් එකට දාපු කොමෙන්ට් කිහිපයක්ම අයින් කරලා. එයට හේතුව දැන ගන්න පුලුවන්ද මචං?

    ReplyDelete
  2. අනේ උඹයි මායි දන්න 'බැජ් එක'

    ReplyDelete
  3. අපි ඉතින් ඉගෙන ලෙන නෑ මේවට අදහස් දක්වන්න තරම්

    ReplyDelete
  4. අපි කැම්පස් ගිහින් නෑ. උසස් පෙළට ඇරෙන්න සල්ලි දීල ඉගෙනගත්තෙ ඉලෙක්ට්‍රොනික් විතරයි. හැබැයි ඒකෙනුත් හම්බු කලේ නැහැ. යන්තං පණ ගැටගහගෙන ඉන්න දන්නව. ඊට වැඩි දෙයක් දන්නෙ නෑ.

    ReplyDelete
  5. අද පුන් පෝය දවසේ සුදු වෑන් එකක ආපු සිල්කාරයෝ එකක් මට පුකේ ඇරලා ගියා. අමිලට කවුරුත් පුකේ ඇරලා නැද්ද?

    ReplyDelete
  6. අමිල මම ඔයාගේ බ්ලොග් එක ගොඩ කාලෙකට කලින් කිව්වා අද ආපහු පෝස්ට් ඔක්කොම බැලුවා.පරන මතක අලුත් උනා 😬😬

    ReplyDelete