Tuesday, October 17, 2017

ස්කෝලේ පංසලට ගෙන යෑම

ආනන්දේ නාලන්දේ උන් කියනවා ඒක පංසලක් වගේ දෙයක්ලු..ඒක අස්සේ තියෙන්නෙ ආගමික මෙව්වා එකක්ලු..උරුමයක්ලු.  මේක පොඩ්ඩක් වාඩිවෙලා හිනාවෙන්නත් අමාරු සීන් එකක්..මොකද පුකෙන් නෙව හිනා යන්නේ.. 

මුලින්ම ස්කෝල ඇතිවෙන්නේ ආගමික නැඹුරුවක් එක්ක. එංගලන්තේ උනත් ප්‍රකට විස්ස විජ්ජාල ඇරඹෙන්නේ ඓ්ම..මම හිතන්නේ යුරෝපේ අනික් රටෝලත් එහෙම වෙන්න ඇති. ඒත් කාලයක් ඉද්දි මිනිස්සු දියුනු වෙද්දි උන් පල්ලියෙන් ස්කෝලේ ගලවනවා..ගලවලා ඒ දෙක වෙන වෙනම පවත්වාගෙන යනවා. දැන් ඇතැම් දියුනු විශ්ව විද්‍යාල ගාව පල්ලියක් තිබුනත් ඒක සිම්බොල් එකක් විතරයි.. ඉන් එහා ලොකු බැදිමක් ඒ එක්ක නැහැ..ස්කෝල වුනත් එහෙමයි.. 

සැකිල්ලක් විදියට ගතහොත් අපේ ස්කෝල ඔක්කෝම දුව්නනේ වික්ටෝරියානු ආත්තගේ කාලේ තිබුන ක්‍රමයට..ආනන්දේ රෝයල් සහ ගොංකටුආර මධ්‍ය මහා විද්‍යාලයෙත් උගන්වන ක්‍රමය එකයි.. එක පන්තිකාමරයකට ලමයි හතලිහක් පනහක් ගාල් කරලා.. ගුරුවරයා දෙවියෙක්ට ආරූඩ කරලා,  පාඩම් පොත් දීලා, තද එක්සෑම් තියලා ඇත්තටම හොදටම මේක ගැලපෙනනේ පරණ වික්ටොර්යි ආච්චිගේ කාලේ අධයාපනයටම තමයි.. මේකේ ස්කෝල අතර සැකිල්ලේ  වෙනසක් නෑ..තිබෙන සම්පත් වල වෙනස සහ තෝරාගන්නා ලමුන් නියැදිය අනුව ඉතිං ස්කෝල වෙනස් වෙනවා. 

කොහොම වුනත් අධ්‍යාපනය කියන්නේ ආගමක් නෙමෙයි.. එය ඇවිල්ලා දැනුම් පද්ධතියක් ළමා මනසට අවශෝෂනය කරගැනීමක් ..එතනදී ආගම ඉගැන්වීම කියන්නේ තනිකර ගෝත්‍රික දෙයක්..ආගම අවශ්‍ය නම්  ඔවුන් පසුකාලීනව බදා ගැනීවි.. මේ ආගම ඉගැන්වීම කාලාන්තරය්ක තිස්සේ විද්වතුන් අතර මතබේධයට තුඩුදුන් කාරණාවක් වුනා. 

අපි දැන් සෛ්බුක් දානවා ආගම ජාතිය, ගෑනු පිරිමි, පොශ් ගොඩේ කියලා පාසැල් වර්ග කරන්න එපාය කියලා..නිකමට කල්පනා කරල බලන්න මේ සටන්පාඨ කොච්චර පරණද? මේ විදියට ස්කෝල බෙදන්න එපා කියා ආයේ ඉල්ලන්න දෙයක් තියනවද? නෑ.. මේව ඇවිල්ලා යුරෝපයේ 1950ටත් කලින් තිබුන දේවල්.. අපි 2017 වෙද්දි තාමත් ස්කෝල ටික ආගම් වලින් ගලෝගන්න බැරුව, ජාිත ආගම් බෙදීම් වලින් ගලෝගන්න බැරුව තටමනවා. 

ළමයා ගෝත්‍රිකයෙක්  නෙමෙයි ජාත්‍යන්තරයට ගැලපෙන පොශ් බඩුවක් කරන්න උත්සාහ ගන්න. උන් අර පරණ කාලේ කියපු විදියට ලොව පිලිගත් වියතුන් සබා මැද ඉස්ට ඉදිරිව සිල්ප දෙන්න. එහෙම නැතුව අහවල් තැන අහවල් විදියට ඒ ජාතියට ඒ ආගමට සලකන බයිලා පුරවලා ලමයින්ගේ ඔලු කන්න එපා.. 

අනික ස්කෝල ගිහින් ඉවරනං කරුනාකර ඉස්කෝලෙන් අයින් වෙන්න. ඒවා කරගෙන යන අයට කරගෙන යන්නට ඉඩදෙන්න.. ආය කල්පනා කරල බලන්න. අපි තාම දරුවාගේ අධ්‍යාපනය, ජාති ආගම් අනුව වෙන් කරන්න එපා කියලා කතා වෙනවා. ..අපි කොතනද? සිරාවටම අපි කොතනද? මේ ගෙවෙන්නේ 2017 

15 comments:

  1. Agreed. I myself went to one of the schools mentioned, and one reason I don't set foot at the OBA anymore is this attitude.

    This thinking is prevalent in ALL of the so called "better" schools in SL though, so it's not just limited to these 2.

    ReplyDelete
    Replies
    1. මම මීට කාලෙකට කලිං අම්පාරේ බක්මිටියාව විදුහලට ගියා.. ඒකේ ආදිශිෂ්‍යෙයා් ගැමියෝ..ගොයිතැන් වැඩ කරන්නේ.. ඒ මිනිස්සු මහ කෙරුම් කාරයෝ නෙමෙයි..මට හිතුන දෙයක් තමයි අපි වගේ නගර පාසල් වල ඉන්න අය හැකිනම් එකතුවෙලා පාටි දාලා බීල සල්ලි විනාස කරන්නේ නැතුව ආන්න ඒ වගේ ඈත පලාතක එක පාසලකට තීන්ත ටිකක් ගාලවත් දෙනවනම්..ආන්න ඒක වටිනවා තියෙන අපේ පාසලටම බෙදාගන්නවට වැඩිය..

      Delete
  2. අමිල මෙතන කියලා තියෙනවා වගේ කතාවක් අගලවත්තේ පී ජයසිංහත් එයාගේ බ්ලොග් එකේ ලියලා තිබුනා.

    මගේ අදහස නං මේ වගේ කතා කියන්නේ තමුන්ට රටේ පිළිගත්තු හොද පාසලකට යෑමට නොහැකි උන එකේ ඇරියස් එක සමගින් එන හීනමානය නිසා. මෙව්වා කියවලා ගමේ ගොඩේ ඉස්කෝල වලට ගිය ගොඩයෝ හුරේ දැම්මට ලොකු ඉස්කෝල වල උන් මෙව්වා පඩේකට ගනන් ගන්නේ නෑ. එව්වා පවත්වාගෙන යන විදියට එහෙම්ම ගෙනියනවා.

    ReplyDelete
    Replies
    1. ඔය පොටෝ එක දාල තියෙන්නේ මාතර බස් නැවතුම.. ඕකට ඉස්සර අපේ ස්කෝලේ වගේම මාතර හැම ස්කෝලේම වගේ කොල්ලෝ කෙල්ලෝ බහිනවා.. එතනදි සුදු ඇදගෙන ඉන්න උන් රාහුලද සෙන්තෝමස්ද සර්වේසස්ද මාතර මහා විද්‍යාලයද කියලා නෑ.. ඔක්කොම එකයි.. එකම මාතර එකම ටියුෂන් ක්ලාස් වලට ගිහින් එකම කෙල්ලොන්ට පෙරමින් තමයි අපි හැදුනේ.. මම ස්කෝල කාලේ දීප්තිමත් එකෙක් නෙමෙයි.. අන්තිම පේලියේ හිටපු වල බුවෙකුත් නෙමෙයි.. ජනප්‍රිය එකෙකුත් නෙමෙයි.. ඒත් මගේ ඉස්කොලේ ගොන්කටුආර සෙන්ට්‍රල් නෙමෙයි..

      Delete
    2. ඔයා දන්නේ නැති වුනාට අමිල ස්කෝලේ ගියෙත් ලංකාවේ පරණම පාසැල් 20න් එකකට

      Delete
    3. මොකක්ද අමිලගේ පාසැල? කොළඹ, නුවර හොද ඉස්කෝල කිහිපයක් ඇරෙන්න අනික් ඔක්කොම ගොන්කටුආර සෙන්ට්‍රල් තමා අමිල. හරියට වැසිකිළියකට වත් යන්න දන්නේ නැති ඈයෝ තමා ඔය බොහොමයක් සෙන්ට්‍රල් වල ඉන්නේ.

      Delete
  3. වැලිමඩ-කොළඹ(79) ගලහාගම හරහා බස් සේවය. වැලිමඩ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.

    ඌමා ඇල හන්දියට රාත්‍රී 12:30

    නුවරඑළියෙන් පිටත් වීම අළුයම 1:30

    කොළඹට ලගා වීම උදැසන 6:30

    කලින් ආසන වෙන් කරවා ගත හැක.

    ( RAD බස් කොම්පැනිය-රාජගිරිය )

    ReplyDelete
  4. පන්සලක් වගේ දෙයක් නෙවෙයි..
    ඇත්තටම ඒ පාසල් වල හොඳ ආගමික නැඹුරුවක් තියනවා.ඒ කතාව ඇත්ත...
    ඒත් තව කතාවක් තියනවා ඔය ආගමික නැඹුරුව එයාලගේ හිතේ තියේද කියන එක... දැන් ඔය වගේ ලොකුයි කියලා කියාගන්න පාසල් වල ළමයි , කරන්නේ ළමයි කරන වැඩ නෙවෙයි.. ඒක පුරුදු කරන්න ඕනා... ඒ ළමයිට ආගමික නැඹුරුව පැත්තකින් තියලා...
    ඒත් ඒක ආනන්ද නාලන්ද පාසල්වට ආවේනික දෙයක් නෙවෙයි ඉතින්.. ඒක පොදුවේ හොඳ යැයි හෝ ලොකු යැයි කියාගන්න පාසල් වල ළමුන්ගේ තත්වයක්..ඒත් ආගමික නැඹුරුව නිසා වත් ඒ දරුවන් වෙනස් නම් ආගමික නැඹුරුව විශිෂ්ටයි කියන්න පුලුවන්..
    ඒත් හුඟක් දුරට ඔය වගේ ස්කෝල වලට ගිය ළමයිට වරදිනවා අඩුයි... ආදිශිෂ්‍යයෝ උනත් හුඟක් උදව්කරනවා... ඒ නිසා පින තියෙන්න ඕනා ආනන්ද නාලන්ද වගේ පාසලකට යන්න.පින නැති අය මෙහෙම කහිනවට නම් මගේ කැමැත්තක් නැහැ. ඉතින්...

    ReplyDelete
  5. ගෑනු කීයක් එක්ක බුදිය ගත්තත් මං ඒකිට ආදරේ බං...

    ReplyDelete
  6. උසස් අධ්‍යාපනයට ගියාම තමයි පෙනුනේ එක ආගමක එක ජාතියක අය අති බහුතරයක් ඉන්න ඉස්කෝලෙකට වඩා හැම ජාතියෙම ආගමේම අය ඉන්න උසස් අධ්‍යාපන ආයතනයක් කොයිතරම් හොඳද කියලා. මට නම් ඔය බෙදීම්වල ලොකුම අප්සෙට් එක - එක වගේම පසුබිමක් ඇති අය එක්ක විතරක් ආශ්‍රය කරන එක හරිම කම්මැලි වැඩක්

    ReplyDelete
    Replies
    1. ආගමක් නැති එකා ලුණු නැති හොද්ද වගෙයි . හැම එකාම මේ බ්ලොග් වල ලියන්නේ බුදු දහමට විරුද්දව . කිතුනු ඉස්ලාම් ආගම් වලට විරුද්දව හෝ විවේචනය කරලා ලිපි මම දැක නැහැ . අනික් කාරණය සුළු ජාතිකයින්ට සදාරණය කතා කරන උන් සිංහලයන්ට වෙලා තියෙන අසාධාරණය (උතුරේ නැගෙනහිර තමන් ගේ ප්‍රවේනික ඔප්පු සහිත ඉඩම් දෙමළ හා මුස්ලිම් උන් අල්ලාගෙන ) වචනයක් වත් කතා කරන්නේ ලියන්නේ නැහැ. එහෙම කතා කරන උන් ජාතිවාදීන් ,දෙමළ හා මුස්ලිම් උන් තමන් ගේ ජාතිය ගැන කථා කලහම උන් ජාතිවාදී නෙමයි . රට දැනට මත් මුස්ලිම් උන් අල්ල ගන්න පදනම දාල ඉවරයි . උඹලගේ ඇස් ඇරෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි .

      Delete
    2. මං නම් හැම ආගම්වාදයටම අකමැතියි. ආගම්වාදය වැඩියෙන්ම තියෙන්නෙ ඉස්ලාම්වල නිසා ඒ ආගම්වාදයට වැඩිපුර අකමැතියි.(එහෙමෙයි කියලා බෞද්ධ /ක්‍රිස්තියානි/හින්දු ආගම්වාදයට කැමති නෑ.)

      Delete