Sunday, January 28, 2018

අපිනම් ඕ චන්ද කාරයින්ට ගේට්ටුවවත් අරින් නෑනේ

මෙවර පලාත් පාලන මැතිවරණය බොහෝ නීති රීති රැකවලින් පොහොසත් එකකි. එමෙන්ම තමුන්ගේ ග්‍රාමසේවා වසමේ නියෝජිතයා අපිටම තෝරාගත හැකි එකකි. 


මාද අද මිතුරකු සමග ඡන්ද කැන්වසින් වලට සහභාගීවූ අතර එසේ ගිය ගමනේදී ඇතැම් නිවෙස්හි ඇතුලේ මිනිසුන් සිටිනවා යැයි හොදින්ම පෙනුනත් ඔවුන් අඩුතරමේ අපි දෙන ෆයිල් එක රැගෙන යෑමටවත් නිවසින් එලියට බහින්නේ නැත.

පෙලක් වෙලාවට හෙට දිනයේ ඔවුන් ඔෆිස් ගිය පසු හෝ ෆේස්බුක් එකේදී හෝ මිතුරන් හමු වූ විටක..
" මචංඡන්ද කාරයෝ පෝලිමේ ආවා එදා ඉරිදා..මම එකෙක්ටවත් ගේට්ටුව ඇරියේ නෑ බං..බල්ල ඉස්සරහ බැදලා උන්නේ ඌ හොදට බිරුවා.. " 

යැයි කියනවා ඇත. සැබැවින්ම ඔබ නිවසට පැමිණෙන අනාගත අපේක්ෂකයකු එසේ නොසලකා හැරීමෙන් ඔබ නියෝජනය කරන්නේ කුමක්ද? 

අපි කොල විදිය.

අපේ ගමේද මැතිවරණ කාලයට සජිත්ගේ මිනිස්සුද? මහින්ද මහත්තයාගේ මිනිස්සුද අනෙක් පැතිවලට වඩා සාපේක්ෂව ජනප්‍රිය වූ ජෙප්පෝද අපේ ගෙදරට එති. ගෙදර කිසිවකු හෝ හිටියොත් ඒ අය සමග විනාඩියක් කතාකර අපි ඔවුන් දෙන දෙයක් අරගෙන ඔවුන්ට සමු දෙමු..  

එය තනිකර සුහද හමුවීමකි. කිසියම් අපේක්ෂකයකු ගෙන් ගෙට යද්දී මම නම ්ඔයාට නෙමෙයි චන්දේ දෙන්නේ යැයි යම් නිවැසියකු කීවොත් එය කිසිම අන්දමේ කිපීමට කාරණාවක්ෙ නාවේ. එය අපේක්ෂක අපේක්ෂිකාවන්ද මුහුනපාන සිදුවීමකි.. 

ඇත්තටම නොදී ඉන්න බැරිද? 

යම් අයකුට ඡන්ද ප්‍රකාශ කරන්නයැ..බල කල නොහැක. එය තමුනගේ පුද්ගලික තීරණයකි. එහෙත් අපි ඡන්දයෙන් පත් කලා නොකලා ඉන් පසුඅපේ ගම නියෝජනය කරන අපේක්ෂකයා යනු එසේ තෝරාපත්කරගන්නා අයය. ගැඹුරු දේශපාලන වටපිටාවන් කුමක් වුවත් එන අපේක්ෂකයා හදුනාගෙන ඔහු සමග වචන දෙක තුනක්වත් කතා කලොත් අනාගතයේ දී යම් කිසි උවමනාවක් වුවොත් ඒ මන්ත්‍රීතුමා හරහා යම් කිසි සහයක් ගැනීමට ඒ  හිතවත්කම උදව්වකි.

එසේමඅපි ඡන්දය නොදෙනවා නම් හෝ ක්‍රමය ගැනකලකිරී ඇත්නම් ඒ මක් නිසාද? සබාවේ වැඩ ගැන අප්සට් නම් ඒ කුමක් නිසාද ආදී යම් දෙයක් නිසා ඡන්දය ප්‍රකාශ නොකිරීඹට තීරණය කරන්නේ නම් එයද එන අපේක්ෂකවරුන්ට නොබියව පැවසිය හැකිනම් එයද මනාය. මන්ද අපි කැමති වුවත් අකමැති වුවත් ගම නියෝජනය කරන්නේ ඒ අපේක්සකයින්ය.. 

ගේට්ටුව වැහුවම මොකද වෙන්නේ ඉතිං.. 

සැබැවින්ම මිනිසුන්ට ගේට්ටු වසාගෙන සිටීමේ අයිතියක් තිබේ. එහෙත් විනාඩි දෙකක් තුනක් තමුන් හමුවට එන අපේක්ෂකයාට මුහුන නොදී සිටියාය කියා එයින් නියෝජනය වන මතයක් නැත. ඡන්ද ප්‍රතිශතය අඩු වූවාය කියා එයිනුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හැරදා නැවත අපට රාජ ආණ්ඩු සංකල්පයකට රිවස් යෑමටද හැකියාවක් අපට නොමැත. කොතරම් අකමැති වුවත් අපිට මන්ත්‍රිතුමාලා පත්කරගත හැකි ප්‍රබලතම සාර්ථකම ක්‍රමය මැතිවරණයයි. එහිදී ප්‍රකාශ නොවූ චන්ද සහ කටු ගෑ ඡන්ද මගින් නියෝජනය වන්නේ කුමක්ද? සැබැවින්ම එයින් කිසිවක් නියෝජනය නොවේ.. එසේ වූවා කියා අපේ දේශපාලන ක්‍රමයටවත් දේශපාලකයින්ටවත් අබමල් රේනුවක බලපෑමක් නැත. 

අපි ඡන්දෙ නොදෙන්නේ මේ නිසා..අපි ඡන්ද කටුගාන්නේ මේ නිසා.. අපේ ගමට ඕ ගොල්ලා කිසිම වැඩක් කරලා නෑ කවුරු වුනත්.අපිට ඔයාල කාවවත් විස්වාසත් නැහැ.. මා ගිය අවස්ථාවේ එසේ කියූ අය සිටියාදැයි මට එතරම් නිච්චියක් නැති මුත් ඇතැම් දෙනා අපි නම් ඔයාලට නෙමෙයි ඡන්දේ දෙන්නේ යැයි කෙලින්ම නොබියව කියන්නට සමත් අය ද සිටියෝය. 

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු අපි වෙනුවෙන් නියොජ්ිතයෙක් තෝරා පත්කර ගැනීමයි. පක්ස වලින් අපි වෙනුවෙන් පත්කරන අය අපි නියෝජනය කරන්ට සුදුසු දැයි වෙනම ගැටළුවකි. එහෙත්ඡන්ද අපේක්ෂකයින්ට ගේට්ටුව වැසීම,බල්ලා උසි ගැන්වීම.. හෝ ඡන්ද කටුගෑම හෝ ඡන්දය දාන්නට නොයෑම මගින් රටේ හෝ ඔබේ ගමේ දේශපාලනයට වැඩක් වෙයිද? එයින් අබමල් රොනක බලපෑමක් දේශපාලන දේහයට වෙයිද? නැත.. හැකිතාක් ඔබද ඔබේ නියොජිතයාට ඔබේ අදහස් පැවසිය යුතුය. එයින් ඔවුන් යම් තරමක හෝ මේ දේශපාලනය ගැන දැනුමක් සහ ජනයා ගැන දැනුමක් ලබාගනු ඇත. 


12 comments:

  1. මහත්තයා මංගල සමරවීරට ද වැඩ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳට සරැ ඇති නේහ්....

      Delete
    2. මහත්තයා වැඩියෙන් කැමති... අල්ලන සෙල්ලමටද... හොල්ලන සෙල්ලම්වලටද?

      Delete
    3. මහත්තයා බස්සෙක්ද?

      Delete
  2. //කොතරම් අකමැති වුවත් අපිට මන්ත්‍රිතුමාලා පත්කරගත හැකි ප්‍රබලතම සාර්ථකම ක්‍රමය මැතිවරණයයි. //

    In a country where people who loose the election can become cabinet minsters, what is the point of voting?

    ReplyDelete
    Replies
    1. එය වැරදියි..එහි තර්කයක් නැහැ..දරුණුවටම පසුගාමී තැන් තියෙනවා..උදාහරණ විදියට නීති රීති නිර්මාණය කර හොරු අල්ලනවා නම් ඒ සෑම විටකම අපේ දේශපාලකයින් උථ්සාහ කරන්නේ මගේ පක්ෂයේ හොරු ඉතුරුකරලා විරුද්ධ පක්සේ හොරු අල්ලන්න.. අවසානේ මේ ආන්ඩුව පිරිහෙන්නට මහජනයාගෙන් දැඩිව ප්‍රතික්ෂේප වන්නට එය හේතුවක් වෙනවා..බොහෝවිට මේ මැතිවරණය රජයට අවාසිදායක එකක්ම වේවි.. මොකද මිනිස්සු කලින් මැතිවරණයෙන් අපේක්ෂා කල බොහෝ දේවල් කරන්නට රජය අසමත් වුනා..

      Delete
  3. සුදු වෑන් එකක ආපු ජන්දකාරයෝ සෙට් එකක් මගේ කටට පඩයක් ඇරලා ගියා, මං දැන් පැයක් තිස්සේ පඩේ හප හපා ඉන්නේ.

    මං දැන් මොකද කරන්නේ මහත්තයෝ? පඩේ හින්ද ගිලින්නත් බෑ, ජන්දකාරයෙක්ගේ නිසා විසි කරන්නත් බෑ.

    ReplyDelete
  4. මල කරුමෙ ඊයෙ ගටෙ එහා පැත්තෙ මීටිමක් ස්පීකර් දාගනෙ කෑ ගහනව අපේ බල්ලොත් අප්පුවි ගහනව අන්තිමට උන් අයන් ෙවලාපයින් යනව කියපු උන් ඒසී දාගනෙ වාහනේ යනව

    ReplyDelete