Saturday, February 3, 2018

චව් චව් සමග බත්තලංගුන්ඩුවට

බත්තලංගුන්ඩුව කියන්නේ ලස්සන දූපතක්. උදේපාන්දර 4.30ට මීගමුවේ පෙරියමුල්ල හංදියෙන් බස් එකක් යනවා කල්පිටියට. ඒක 8 වෙද්දි කල්පිටිය හාබරේ ගාව. ඉන් පස්සේ එතනින් මහ බෝටටුවක් යනෝ කල්පිටියට. ඒක 8.30ට යන්නේ ඒකෙන් තමයි මම බත්තලංගුන්ඩුවට යන්න සෙට් වුනේ. මරු ගමන. 
කල්පිටියේ ධීවර වරාය ලස්සන තැන. උදේ ගානට අහස ලස්සනට තිබුනා. මම මීගමුවෙන් පාන්දර බස් එකේ නැගල පොඩි නින්දකුත් දාගෙන ආවා. ඇවිල්ල ධීවර වරායට ඇතුල් වෙලා කැන්ටිමෙන් බත් එකක් අරං කැවා. ඇත්තටම බත් එක ගෙනියන්න ගත්ත නම් හරි උදේට සෝටිස ්පාරක් දාලා. 
මට තා යලුවො දෙන්නෙක් සෙට් වුනා. උඩ ලස්සනයි කිව් නිසා උඩට නැග්ගා. නැගලා ඉද්දි තමයි තව සෙට් එක්ක ආවේ. ඒ අය වනාතවිල්ලුව ප්‍රා ලේ එකේ සෙට් එකක්. මම කිව්වනේ මේ ගමන වැඩන් නෑ කියලා..කෝ හරියට පුටු ටිකක් වත් නැනේ මේ බෝට්ටුවේ. මගින් ගෙනියන කොට මෙහෙම නෙමෙයි පහසුකම් තියෙන්න එපැයි..චව් චව් ඩැල් එක වැඩ පටන් ගත්තා. 
බෝට්ටුවේ යද්දි උඩ යන එක පට්ට. එදා මුහුද සැර දවසක්.ටික වෙලාවක් යද්දි බෝට්ටුවේ මැද තට්ටුව හෙවත් මගින් වාඩිවෙලා යන තට්ටුව තෙමෙන්න තරම් රැලි ආවා..වතාවක් රැල්ලක් උඩම තට්ටුවටත් පාත් වුනා. ඉන් පස්සේ ටික වෙලාවක් යද්දි මෙන්න බෝට්ටුව එකපාරම ඇල වුනා අංශක 30කින් වගේ. මේ උඩ පිංතුරයේ පේන විදියට බෝට්ටුවේ උඩ තට්ටුවෙ ්අල්ලගන්න මොකුත්ම නැහැ.. බෝට්ටුව ඇල වෙද්දි අපි තුන්දෙනා සහ උඩ හිටිය අනික් බුවා ඉස්ම යන්න බය වුනා. ඒත් මොකුත් නෑ වගේ උන්නා..යටට බහින්නත් බැහැ සැඩ පාර දැඩියි..හුලං හමනවා සහ මුහුද ටිකක් රළුයි. 
කල්පිටිය තියෙන්නේ අර පුත්තලම හරියේලංකා සිතියම අදිනකොට මූධ දිහාට තියෙන අත වගේ කෑල්ලේ . බත්තලංගුන්ඩුව තියෙන්නේ ඒකෙත් ඉහලම කෙළවරේ. බත්තලංගුන්ඩුවට කිට්ටිම විල්පත්තුව. ඒත් බෝට්ටු යන්නේ කල්පිටියේ ඉදලා..සප්ලයි දෙන්නේ කල්පිටියේ ඉදලා. අපි ගිය දවසේ මීගමුවේ මංගල්ල කාලේ. මාලු අල්ලන ධීවර ජනයා වාසයකරන දූපතම පාලුවට ගිහින් තිබුනා. ගොඩක් අය මීගමු ඇවිත් මංගල්ලෙට. 

කරෝල කාක්කන්ගෙන් බේරගන්න බැරුව වේලන්නේ දැල් දාලා වහලා. ඒ වැස්මට උඩින් පියාබන කාක්කෝ තමයි මේ. කරවල වේලිම ට කල්පිටිය දූපත් ජනප්‍රියයි. පොඩි කාලේ කියෙව්ව නවකතාවක තියෙනවා කල්පිටියේ කරවල වාඩි වල සේවයට ගෙන්නපු ළමයි ගැන. ඒ කතාවල තිබුනේ මෙ ්වගේ දූපත් ගැනත් වෙන්න ඇති. 
මේ ගල් මාලු කරවල . හරිම ලස්සනයි ගල් මාලු. කරවල නම් රහද දන් නෑ. 
ලක්ෂණ මූදු පැලෑටි ටිකක් මගේ කැමරාවට හඋ උනේ මේමයි. 
මෙ දූපතෙ ්වතුර නැහැ.වතුර ටිකක් මේ විදියට හාරලා හොයාගත්තත් ඒවා කිවුලයි. මේ හරක්ට බොන්න දෙන්න තමයි මේ හාරලා වතුර ගන්නේ.. හරක් දෙන්නා ඉන්නේ කරත්තේ අදින්න. කරත්තේ තමයි මුලු දූවටම තියෙන එකම වාහනේ.. 

දූපත ලස්සනයි. ඒත් කුනු හැමතැනම. දූපතේ කුනු එලියට ගෙනියන් විදියක් නැහැ.ඒ මදිවට තව පාවෙලත් කුනු එනවා. ඉතිං මේවා අයින් කරන්න කාරුවත් නැහැ විදියක් තමයි පෙනුනේ. මේ කුනු අතර නොදිරන ප්ලාස්ටික් එහෙමත් තිබුනා පෙනුනා. 
මේ අම්මා ස්මාට්ෆෝන් යුගයට පෙර ගීත අහන කෙනෙක්..ඔය පේන රේඩියෝව අටවං එනවා බෝට්ටුවේ කනුවේ. මේ මෙයා චැනල් එකක් මාරුකරනවා පොඩි නින්දක් දාගෙන. කොන්දොස්තර මහත්තමය එක්ක කතා කල විදියෙන් පෙනුනේ මෙය නිතරම දූපතට යන එන කෛනෙක්. දූපතේ හිටපු බොහොම තරුණ ජෝඩුවකට ලමයි දෙන්නෙකුත් උ්නනා. ඒ ලමයි දැක්කම පවුය කියලා හිතුනා. ඒ තරුණ ජෝඩුවේ අම්මට උණ. මේ අම්මා නොයෙක් උපදෙස් දුන්නා ඉස්පිරිතාලේ යන්නය කිව්වා.. තදින් කිව්වා වුනත් හරි කරුනාවන්ත මනුස්සයෙක් වෙන්ඩ ඕනා..මට එහෙම හිතුනා. 
එදා නිවාඩු දවසක් වුන නිසා බෝට්ටුවේ සෙනග අඩුයි. මේ එනකොට බෝට්ටුව ඇතුල. දූපතෙ ්වගේම බෝට්ටුවෙත් සිංහලෙ දෙමළ මුස්ලිම් තුන් ජාතියම ඉන්නවා. මිනිසුන් අතර එහෙම මහ වෙනසක් නැහැ. අපි අතර තිබෙන බාසා ගැටලුව ඇරුනාම අපි හැමෝටම තියෙන්ේන එකම පස්න ටික. ඒ භාෂා අතර තිබෙන මහා ප්‍රාකාරය බිදහෙලාල අපි එකතු කරන්න ආන්ඩුව නිසි වැඩපිලිවෙලක් කරන්නේ නැහැ..මොකද අපි එකිනෙකා අවබෝධ කරගත්තොත් අපි ඔක්කන්ටම තියෙන්නේ එකම පස්න කියලා එතනින් පාඩු වෙන්නේ දේසපාලුව්නටමයි. 
ඉරිදා හැර හැමදාම බෝට් එක තියෙනවා. යන්න පැය 3යි එන්න පැය 3යි.. බලන්න පැය එකහමාරක් වගේ ඉතුරු වෙන්නේ.. ඒ එකහමාරට දූපත වටේ රවුමක් දාල එන්න හැකි.