Friday, March 16, 2018

යාපනේ සංචාරේ

 යාපනේ කොහේ බැලුවත් තියෙන්නේ තල් ගස්. ඩෙල්ෆ් වලදි අපිට තල් රා හම්බුනා. හම්බෝ තල් රා බීල හොදට බොග පාරකුත් චාජ් වුනා බඩ සුද්ද වෙන්නම. ඩෙල්ෆ් වල ලන්දේසිකොටුව ගාව ඉන්නවා වෙලෙන්දෙක්. තිබුනා ඒ වෙලන්දා ගාව තල් කූරු සහ පොඩි තලප වගේ ලයින් එකක්. ඒවා තල් පිනාටු කියලා කිව්වා. හොදද කියලා ඇහුවම පොර ඔදයි කිව්වා. කැඩිච්චදෙමලෙන්. ඉතිං මාත් තල් ගොබ පැකට් එකකුයි තල් පිනාටුයි ගත්තා. හම්මට ගෙනාව ඔෆිස් එකට.. ගෙනල්ලා කන්න බලද්දි තිත්තයි අර තල් පිනාටුව. පස්සේ දෙමළ බුවෙක්ට කතා කරලා බැලින්නම් ඒවා කොහොමත් තිත්තයිලු..බාගෙදා අර වෙලෙන්දා අපිව අන්දලාහෝ අපි අහපු එක ඌඨ තේරෙන් නැතුව ලනුවක් දුන්නද දන් නෑ.. එනිෙව් ඒ තිත්ත රස වුනත් හොදය ිකියලා ඉස්සර කාලේ කට්ටිය කෑවායකියලා මගේ යාලුවෙක් ඔන්ලයින් කි්වවා. 
 මෙගෑනි හම්බුනේ අපිට බෝට්ටුවෙන් ඩෙල්ෆ් ගිහින් එනගමන. එනගමන මූද ටිකක් සැඩ වුනා. සැඩ වුනා කිව්වේ ඉතිං යන්න බැරිතරමට ගැස්සුනා. එහෙම කිව්වට ඉතිං කට්ටියට ඕක වදින් නෑනේ..ඉතිං මගේ යාලුවෝ හැමෝටම කොහොමද බෝට්ටුවේ ආත්ල එක කියලා පෙන්වන්න මම ගෙනාව වීඩියෝවක් ඉතිං මගේ යාලුවෝ ටික ඒක බලාන්ඩකෝ..අපේ බෝට්ටුව ගැස්සුන හැටි.

 මේ ගමන යන්න අපි පිටත්වුනේ පාන්දරම. ඩෙල්ෆ් දූවට යන්න නම් පාන්දරම පිටත් වෙන එක තමයි නුවණට හුරු. අපි නවාතැනෙන් පහට විතර නැගිටලා හොද ලමයි වගේ මූන කට හෝදලා බස් නැවතුමට ආවා. ඇවිල්ලා කඩේකට ගොඩ වුනා විතරයි මෙන්න යාලුවෝ දෙන්නෙක් අපි ව පිලිගන්න ඇවිල්ලා.ගවයා කියන්නේ හින්දු ආගමේ ටිකක් විසාල ඩෑල් එකක්.ඒ නිසා ඌව එලවන්නේ නැහැ පාන්දරම ආවාය ගල් මූසලය කියාල.. 
උදේ පාන්දරම නැගිටලා ඩෙල්ෆ් යන්න අපි යන්න ඕනා කුරිකඩ්ඩුවාන් ජැටියට. මේකට ඉංගිරිසියෙන් කේ කේ ඩී පියර්ය කියලා කියනවා. කේ කේ ඩී පියර් එකට යාපනේ ඉදලා කිලෝමීටර 32.8 ක් තියෙනවා. අපේ ගම් වල බස් වල නම් සාමාන්‍යයෙන් ඕ ගමන පැය එකහමාරක් විතර. ඒත් මේ යාපනේ කුරිකඩ්ඩුවාන් බස් යනවා පිඹං. ඒ බස් විනාඩි හතලිස් පහකින් විතර යාපනේ ඉදලා කුරිකඩ්ඩුවාන් යනවා. 

ඔන්න අපි දූපත් ගමන ගිහිං ඇවිල්ල කාරිය නල්ලුරුත් ගිහින් අයිස් කිරිං කාල එන්නය කියලා ලෑස්ති වුනා. ඒ ගමන බස් එකකට ගොඩ වුනාම මෙන්න ආරණ්‍ය ඝනයෙක් ඒ බස් එකේ..හම්මට මූ මේ කොහේද හවස් වෙලා වඩ්ඩන්නේ කියලා හිත හිත අපි බස් එකට ගොඩ වුනා. බස් එක හෝල්ට් දෙක තුනක් ගිහින් නවත්තලා..නාග විහාරය කියන යාපනේ ටවුමෙම තියෙන පංසල ගාව හෝල්ටේ නවත්වලා රියදුරු කොන්දා දෙමල සංඥා බසින් සංඝයා වහන්සේට කිව්වා බහින්නය කියලා. හම්මට ඒ සංඝයා වහන්සේට යන්න ඕනි වෙල තියෙන්නේ නාගදීපෙට..නාග විහාරෙට නෙවෙයි. යාපනේ ගිය ගමන් සුටුස් ගාල යනදුරින් නාගදීපේ කියලා මේ සංඝයා වහන්සේ හිතන්නට ඇති..ඉතිං ඔතන දි හාමුදුරුවෝ නිකං උන්නේ නැහැ..අර දෙමළ මනුස්සයෝ දෙන්නටත් බැනගෙන බැස්සා..ඔය වෙලාවක ටිකක් බීල කාරිය උන්න නම් අර දෙමල මිනිස්සු දෙන්නා ඔන්න තවත් හේතුවක් 5වන ඊලාං යුද්දෙයක් එතන ඇතිවෙන්න. ඇත්තටම මේ ආගං කාරයෝ කියන්නේ දේවල් අවුස්සන්නම ඉපදුන මිනිස්සු ටිකක්..මැප් එකක් බලලා. හරියට දැනකියාගෙන එන්නෙ ්නැතුව ඇවිල්ලා පිස්සු කෙලලා වෙන බස් එකක රිංගලා අවසානේ ඒකටත් බනිනවා අර බස් එකේ කොන්දොස්තර ඩයිවරිලාට..
මේ තියෙන්නේ යාපනේ ඉහල කොටහේ ේන දූපත් වලට යන අතරමැද තියෙන කලපු කෑලි. මේවයි ඉස්සෝ එහෙම ඇතිකරනවා.
මේ නල්ලූර් කෝවිල. මේ නල්ලූර් කෝවිල ගාව තමයි අපේ වීදිය බණ්ඩාර මහ සෙනවි තුමා අභාවයට පත් වෙන්නේ. ලංකාවේ ටීවි සිරියස් එකක් ගහනවා මම තෝරාගන්නේ වීදිය බණ්ඩාර චරිතය. ඉතාම කෲතර සැහැසි ඒ වගේම පට්ට ඇක්ටිව් බුවෙක්. මිනිහා මැරෙන්නේ මේ නල්ලූර් කෝවිල භූමියේ තියෙන සියඹලා ගහක් මත සිට දෙමළ සෙබලෙක් එල්ල කල පහරක් නිසා. කෝට්ටේ මොකක් හරි කේස් එකක් ගිහින්පොර යාපනේ සපෝට් එක ගන්න යාපෙනේට පනිනවා.. වීදිය බණ්ඩාර කියන්නේ තනි මිනිහෙක්ම නෙමෙයි..

එයාට වෙනමම පුද්ගලික හමුදාවක් තිබුනා. මොකක් නමුත් කාරණාවකට අමනාපයක් ඇතිවෙලා ඒ පිරිස අතර වීදිය බණ්ාඩාර යුද්දයකට යනවා. ඒ ගිහින් වීදිය බණ්ඩාරයගේ බොඩිගාඩ්ලා පට්ටම ෆයිට් එකක් දෙනවා වීදිය බණ්ඩාර බේරාගන්න. විදිය බණ්ඩාරත් අරින් නෑ.. කඩුවෙන් කපනවා නිකං මුවාත් කඩුවකින් පිපිඤ්ඤා කපනවා වගේ සෙනග. අවසානේ සියඹලා ගහක් යට යුද්ධ කරද්දි එක් කපටි දෙමළ සෙබලෙක් නැග්ගා ගහට.නැගලා උඩින් එල්ල කලා වීදිය බණ්ඩාරට හෙල්ල පහරක්. එතෙක් සතරදිසාවෙන් එන කඩු පහර වලකමින් පෙරලා පහර දුන් වීදිය බණ්ඩාර අවසානයේ ඉහලින් ආ අනපේක්ෂිත හෙල්ල පහරක් නිසා බිමට ඇදගෙන වැටුනා. පසුකාලීනව විදිය බණ්ඩාර වෙනුවෙනුත් කුඩා දේවාලයක් මෙහි තිබුනාය කියලා පුරාවෘත වල තිබුනාට අද නම් ඒවා තියෙනවද දන් නැ.. නල්ලූර් ඇතුලට යන්න සර්ට් ගලවන්න ඕනා. අපි දෙමලුයැ ඕකස්සේ සර්ට් ගලවං රිංගන්න. අපි ගියේ නෑ..ලගට ගිහින් පොටෝ අරං ආවා.

මේ කේ කේ ඩී පියර් එක. නාගදීපෙටයි ඩෙල්ේ වලටත් කච්චතිව් වලටයි බෝට්ටු යන්නේ මෙතනින්. මෙතනින් මතු දූපත් දෙකට තිබෙන මුහුද සැරයි. අනෙක් දූපත් වලට එනම් කයිට්ස් සහ කුරිකඩ්ඩුවාන් ආදී මුහුදවල් ටිකක් සැර අඩුයි. නාගදීපෙ තියෙන දූපතේ තවත් දෙමලකෝවිලකුත් තියෙනවා. අපි නාගදීපෙ ගියේ නැහැ.ආයේ වතාවක යන්න ඕනා නාගදීපය බලන්නත් තවත් තියෙන යාපන පුරාවස්තු බලන්නත් සවාරියක්. 
යාපනේ ජනප්‍රිය මුහුදු කෑම වලට..ඉස්සෝ කකුලුවෝ එහෙම යාපනේ රහට තියෙනවාය කියලා තියෙනවා. මේ නම් නිකම්ම චිකන් රයිස් එකක් හටිටියකට දාලා. පොඩඩක් මේක සැරයි. අපි ඒම හොදයි කියලා කියපුකෑම නීලම්පරී උනවාගම් කියන කඩේට ගියා ඔහේ නැහැ..රසක් නෑ ඒ කෑම වල.. එලුමස් කොත්තුවක් ඒකෙන් ගත්තා මෙහෙ කොත්තුව වගේමයි.ස්පෙශල් රසක් නම් මීට් වුනේ නැහැ.
මේ යාපනේ සිට කුරිකඩ්ඩුවාන් යද්දි දැකපු කෝවිලක් හරි ලස්සනට හදලා තියෙනවා. බොහොම යසට පොටෝ ගන්නත් හැකී.. එක කාලෙකට පිටරට කුරුල්ලෝ ඇවිල්ලා මේ කලපුවල වහලා ලස්සන කලපු පරිසරයක් හදනවාය කියලා අපිට යාලුවෙක් කිව්වා. ඒ කාලේට මේ පලාතෙම වතුරු වලවල් වල කුරුල්ලෝය කියලා තමයි උන්නැහ කිව්වේ. යාපනේ නම් බලන්න තැන් තව ගොඩක් තියේ. අපි ගියේ තනි දවසේ ගමනක් නිසා අපිට ගොඩක් තැන් බලන්න බැරි වුනා. ඩෙල්ෆ් දුවේ තියෙනවා තැන් හත අටක් බලන්න. ඩෙල්ෆ් වගේම යාපනේ අනෙක් තැන්වලත් මහා සෙනගක් නැහැ. ඩෙල්ෆ් ගියේ ඉරිදා දවසක වුනත් හරිම පාලු ස්වභාවයක් තමයි දූපතේ තිබෙුනේ..ඩෙල්ෆ් වල විස්තර කරන්න තියෙන තැන් සෙට් එක සහ ඒ කතාන්දරය ටිකක් වැඩි නිසා ඒක වෙනමම ලිපියකින් ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙනවා.
 අපි නැවතුනේ ඉතිං සුපුරුදු බුකින් ඩොට් කොං ක්‍රමයට තමයි. බුකින් එකෙන් තැන බලනවා..අඩුම ප්ලේස් එකක් හොයලා ඒකේ නම ගූගල් සර්ච් කරලා කතාකරනවා. ජැෆ්නා සාමාන්‍ය කාමරේ අපි ගත්ේත රු 2,500ට නයිටට. ටිකක් විතර ගනන් වැඩි ලයින් එකක් තිබුනා. ඒත් ජැෆ්න ටවුමේ ගනන් වැඩියි..කිලිනොච්චිය එහෙම මිටවඩා අඩුයි. එත් අපි ගියේ කෝච්චියේ නිසා අපි ඒ ගාන්ට නැවතුනා. සැපටම ඉන්නවා නම් දැන් ජෙට්වින් නෝත් කිලා ලොකු සැප හොට්ලයක් එහෙමත් හැදිලා තියනවා දැක්කා. 
 අපේ රටේ යුද්දේ නම් දැන් ඉවරයි. ඩෙල්ෆ් වල වගේම ටවුමෙත් මිනිස්සු ඒවිය කියලා සංචාරක ස්ථාන ගැන බෝඩ් ගහලා ඒ තැන් වැඩිදියුනු කරලා තියෙනවා දැක්කා. ඒත් වීකන්ඩ් එකක් වෙලත් සංචාරකයෝ හිටියේ නැහැ. දැන් යාපනේ යන්න කෝච්චිය තියෙන නිසා ගමන පහසුයි. අපි ගිහින් එනකොට ආවේ අර වැල්ලවත්තෙන් යන සැප සනීප බස් එකක. මේ සනීප බස් එක යාපනෙන් රෑ 8ට එන්නේ. ඒ වෙලාවට කොළඹ එන සනීප බස් ගොඩක් තියේ. අපි ඉන්ටනෙට් එකෙන් බුක් කල නිසා ටිකට් එක රු 1300ක් වුනා. ඒත් ඉතිං සැපට නිදාගෙන ආවා කොළඹට එනකල් එේක.. වීකෙන්ඩ් එකය කියලා ලොකු බුකින් පෝලිමක් තිබ්බෙත්නැහැ. 

 මෙලෝ දෙමලක් අපිට නොතේරෙනවා වුනත් ඒ මිනිස්සු අපි වගේම තමයි. ගොඩක් මිනිස්සු හොදයි. කෑම කඩවල බස් වල ඉන්න අයටනම් ටිකක් වගේ සිංහල පුලුවන්.

13 comments:

  1. ආයිත් යද්දි ආණ්ඩුවෙ ආයතනවල සංචාරක බංගලාත් පොඩ්ඩක් බලන්න. ඒවා ලාබයි. රුපියල් දාහට අඩුයි. වාසනාවක් තිබ්බොත් ගන්න පුළුවං වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං තොරතුරට..අපිට යාපන ටවුමෙන් අඩුවට නවාතැනක් සෙයාගන්න එක පොඩි අවුලක් තිබුනා..අපිදවසේම ඇවිදිනවා නේ..ඉතිං ස්විමිං පූල් ඒසී..සුපිරි කැම ආදිය එක්ක තැනක නවතින එක තේරුමක් නැහැ..හොදට ඇදක් තිබ්බාම හොදටම ඇති.. තවපාරක් මෙහෙන් තුන හතරක් එක්ක ගිහින් එහෙං වාහනයක් අරං ඇවිදින්න බලං යන්නට ඕනා.

      Delete
    2. නාග විහාර විශ්‍රාම ශාලාව තියෙනව නාග විහාරය ලගම. එහෙම නැත්නම්
      1- කාරෙයිනගර්
      2- චුලිපුරම්
      මේ තැන් දෙකේම පෝස්ට් ඔෆිස්වල නිවාඩු නිකේතන තියෙනව. කාරෙයිනගර්වල නම් වතුර නෑ හැබැයි . පිටිං ගන්න ඕන. චුල්ලිපුරම් නම් ටිකක් හොදයි. කෑම පිටිං ගන්න ඕන.
      කාරෙයිනගර් පෝස්ට් ඔෆිස් එක තියෙන්නෙ කසුරින බීච් එකට යන්න තියෙන පාරට පේන දුරින්.

      Delete
    3. ස්තූතියි යාලුවේ විස්තරයට..

      Delete
  2. නියමයි බන් ( මීට තඩියා )

    ReplyDelete
  3. අමිලගේ චාරිකා සටහන අපිවත් බලෙන් යාපනේ එක්කන් ගිහින්. ඒ වුනාට මොකෝ ඕයි මේ ඔෆෙන්සිව් ලයින්?😋 කාන්තාවන් ට ගෑණී කියන්නේ හරි ප්‍රිමිටිව්. ඊට වඩා කොයිතරම් වැදගත් විදියට ඕක ලියන්න තිබ්බද නේ! 😊 ( ඒත් අමිලගේ ඕඩියන්ස් එකට ඕනේ මේක කියලත් දන්නවා) ගෑණි කිව්වා වගේ නෙමෙයි කුලප්පු වෙච්ච සිංහල බවුද්දයෙක් එහෙම ආවොත් ආරන්‍ය ඝණයා පෙන්වයි ඔන්න අපි නම් දන්නේ නෑ...
    යාපනේ නෙමෙයි ලංකාවේ කොහේ හරි ඩිස්කවරි ටුවර් එකක් යනකොට අමිලත් එක්කම යන්න ඕනේ. ඔයාගෙ ගයිඩ් ලයින්ස් මරු !

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ භාෂාව සම්බන්ධයේදීගරු කටයුතු ස්වභාවයක් දක්වන්න ඕනි කියන අදහස වෙන්න ඕනා.. මම ට්‍රම්පච්චිට කැමති එකම ලොකු රීසන් එක තමයි මිනිහගේ තුප්පහි බාසාව.. ජනාධිපති කෙනෙක් සුපිරි පොරක් කියන කොට මැවෙන මහා විසාල ඉමේජ් එක සුනු විසුනු වෙලා යන විදිහට තමයි හැමවෙලේම වගේ එයාගේ හැසිරීම..ඒක මරු.. තනතුර හෝ නිලය හෝ එවැනි පසුබිමකදී එන නුවමනා ඩ්‍රාමා කැලි කැඩිලා යනවා එතකොට.. අපි නිකං දන්න කියන යාලුවෙක්ට ඔය කතාව කියද්දි..ඕ සුද්දිට ඒ කාන්තාව කියන් නෑනේ..ඒකි..එහෙම නැත්තං ඒ ගෑනි.. ඒම නැත්තං ඒ සුදු කෑල්ල බඩුව... ඉතිං මේ ලියද්දි විතරක් හතර පෝයට සිල්ගන් උපාසක වගේ ඒ කාන්තාව, යුවතිය කියලා මහප්‍රාන මොකටද? මම හිතන්නේ ඒක ඕනි නැති කැටයම් දැමීමක්..

      Delete
  4. ආසයි බං.... මම යාපනේ පැත්තට ගිහිල්ලම නෑ

    ReplyDelete
    Replies
    1. හරි ලේසියි..දැන් බස් කෝච්චි තියේ ඕනා හැටියේ..

      Delete
  5. අපි ඩෙල්ෆ්ට් ගිහිල්ලා එනකොට බෝට්ටුව මිස් උනා.පස්සේ මාළු බෝට්ටුවක් කතා කරගෙන ආවේ.බෝට්ටුවේ අඩියේ ලීක් එකක් තිබ්බා.බෝට්ටුවේ ඩයල් එකක් බාල්දියකින් වතුර ඉහ ඉහ තමයි ආවේ.

    ReplyDelete
    Replies
    1. අඩේ ලොකු සැඩපාරක් ආවනං සෙතපෝච්චි නේ ඉතිං..

      Delete