Friday, May 4, 2018

නක්ල්ස් හුළුගග පැත්තේ දිය ඇලි

සිකුරාදා හැන්දෑවේ කෝච්චියේ නැගලා නුවර බලා පිටත්වුනා. නැවතුනේ Green Fall Kandyan Rest එකේ. ඔය නම ගූගල් කලාම එනවා තැන. එතැන ඒ සී කාබර රු 2000යි. නිකං ඒවා නම් දාහටත් තියේ. නුවර අවටම නොවුනත් තියෙන්නේ අඹතැන්නේ යාලුවාගේ නවාතැන නිසා කියනවා නමෛයි ලාබයි පහසුයි.වාහනේකින් යනවා නම් පාක් කරන්නත් සැලකිය යුතු ඉඩකුත් තියෙනවා. 


ගමනාරම්භය 


අපි උදේ පාන්දර නැගිටලා උයාගත්තා. උයන්න කීවට ලොකුටව දෙයක් කලේ නැහැ. අල ටිකක් කපලා සම්බෝලයක් හදාගත්තා. උදේට පාන් සහ පාන් කන්න හොද උම්බලකඩ සම්බෝලයක් හදාගත්තා තෙල් දාලා, තව ඉතිං දවාට කන්න බතක් හදාගත්තා සහ දවල්ට කන්න තවත් මොනාහරි අපි අටවගත්තා දැන් මතක නැහැ. ඉතිං ඔය කෑම බීම හදාගෙන අහක් වෙලා අපි පිටත්වෙන්න උන්නේ උදේ 6.30ට ඒත් අපිට යන්න බැරි වුනා නේ. අපේ එක යාලුවෙක් හිතලා තියෙන්නේ අපි යන්නේ 7.30ට කියලා. ඒ නිසා සුට්ටක් පරක්කු වුනත් අපි කොහොම හරි අට වෙන්නට කලිං හාතලේට ගියා. හාතලේ කියන්නේ අපේ Knuckles by Jeep with anjana ravinath ජීප් ටුවර් එක පටන් ගන්න තැන. 



මොකද්ද මේ Knuckles by Jeep with anjana ravinath

අන්ජන රවිනාත් කියලා මල්ලියෙක් ඉන්නවා හාතලේ වත්ත හරියේ. එයා තමයි මේ ටුවර් එක පැකේජ් එකක් විදියට කරන්නේ. අපි දිය ඇලි 4-5ක් වගේම කෑල්ලබොක්ක වත්තේ ලස්සනම ලස්සන වීව් පොයින්ට් කකකුත් බැලුවා. නවීකරණය කරලා සැප සීට් ගහපු අන්ජනගේ වාහනේ යතැකි මිනිසු 9කට . මේ ගමන දවසට පෑ 10ක් විතර. අංජන අපිව වාහනේ නවත්වලා ඇලිගාවටම එක්කරං යනවා. ඒවායේ විස්තරත් කියාදෙනවා. කූඩැල්ලටන්ට පවා ඕනි කරන ලුනු එහෙමත් අංජන අරං ඇවිත් තිබුනා. මේ දවසම කැපකරලා අපි තැන් තැන් වලටදිය ඇලි ලගටම ගිහින් දිය ඇලි බලලා එන්න අංජනගේ ගාස්තුව රුපියල් හත්දාහක් විතර. ඒ ගානට ලාබයි. මම වැඩි මනක් විස්තර දන් නෑ..ඒත් එක්කෙනක්ට රුපියල් දාහක් වත් නොවැටෙන මේ දිය ඇලි ටුවර ඒ ගෙවන ගානට වටින එකක් කියලා නම් දැනුනා. 

 කැල්ලබොක්ක වීව් පොඉන්ට් එක.



මුලින්ම අපි ගියේ කෑල්ලබොක්ක වීව් පොයින්ට් එකට. එතැන ලස්සන තැනක්. එතැනට නක්ල්ස් වල ගොම්බානිය ඇතුලු කදු කිහිපයක්ම පේනවා. ඒවගේම ප්‍රකට සංචාරක තිප්පලක් වුනු සෙම්බුවත්ත් එතනට පේනවා. එතැන දර්ශනය හරමි සෞම්‍යයයයි. ඔය කැල්ලබොක්ක වතුයායේ ඉස්සර උන්නාලු ටිකක් මුරන්ඩු සුද්දෙක්. මිනිහා තේ වත්තේ ජනයා ස්ට්‍රයික් කරාම මොකෝ දන්නවයි කරලා තියෙන්න් එයාලට වැඩ අඩු කරන්න තේ ගලවලා ගස් වවලා. ඒ වවපු ලස්සන ගස් තාමත් තියෙනවා. මට මතක විදියට ටර්පන්ටයින් (සුවර් නැහැ) 

හුළුගග 


කැල්ලබොක්කෙන් පස්සේ අපේ මහින්ද්‍රා මැක්සිය ගියේ හුළුගගට. හුලුගග කියන්නේ ටවුමක් . ඒකේ තියෙන සිංහල කඩේ කෑම හොදයි. කෑමරසයිත් එක්ක. අපි මොකටද උයන් ආවේ කියලා හිතුනා එතනට ගියාම. කොහෙමින් හරි අපි එතැනට ගිහින් තේ වතුර එකක් බිව්වා. ප්ලේන්ටියක් ගහලා. හුලුගග ටවුම මැදින්ම වගේ ගලන හුලුගග ආසන්නේමයි දිය ඇල්ල තියෙන්නත්. කදිම දිය ඇලි පාර ඒකනම්. දැන්නම් ඒක බලන්න හොද වේදිකාවක් හදනවා. හුලුගග උඩ ඉදන් බැලුවත් ටිකක් ගතියට ඇල්ල පේනවා. 


සාරි ඇල්ල 


සාරි ඇල්ල තියෙන්නේ බඹරැල්ලෙන් උඩහට ගියාම. බඹරැල්ල දිහ යන්නේ හෙන කොට බස්. ඒ හුළුගග ඉදලා සාරි ඇල්ල යද්දි පහුගිය දවසක එකම තැන පස් දෙනෙක් ගහගෙන ගිහින් මැරුනු කුඩා දියපාර අහු වුනා.ඒකනම් සිරාවටම පොඩියිඒත් ඇල්ලේ වතුර සැර කාලේට එතනින් සැරට ගලනවා ඇති වතුර. 

මේ සයිඩ් වල කදුකරය ටිකක් බෑවුමයි. වතුර පාරවල් සැරයි. කොහෙට හරි වැස්සාම හරි නැතිනම ්විදුලිබලාගාර වල ජලාස වාන් දොරවල් ඇරියාම හරි විශාල සැඩ පාරක් එනවා එකපාර. මෙය දන්න අයට නම ්කලින්ම එගොඩ වෙන්න හැකි. ඒත් නොදන්න අය ඔහේ සැඩපහරට අසුවෙලා ගහගන යනවා. කොහොම වුනත් තැන ගැන නොදන්නවා නම් කවුරුවත් දන්න කෙනෙක් නැත්තම් ප්ලීස් නාන්න බහින්න එපා. මේ කදුකර ගම් වල මල් සාලාවක් වත් නැහැ..බොහොම දුර ගිහින් තමයි මිනි පෙට්ටියක් වත් අරං එන්න වෙන්නේ..ඒ මැරුනොත් නේ.  අතක් පයක් කකුලක් කොහෙහරි ඇනිලා ගියත් එමම තමයි. 


අපි සාරි ඇල්ලට ගියාට මොකද එතනින් උඩටම නැග්ගේ නැහැ. උඩටනගින්න හැකි ඒත් අපි ගියදා ටිකක් වැහිබීරානිය තිබුනා. ඕකේ වතුර වැඩිවෙයි කියලා සහගල් ලිස්සන නිසා උඩම තැනට නැග්ගේ නම් නැහැ. ඒත් පහල වතුර මට්ටම හොදින්ම අංජන ලොක්කා බලාගෙන උන්න නිසා අපි නෑවා. එතැන නම් වතුර මට්ටම වැඩිවෙද්දි හොයාගන්න ලේසියි ලු. කොහොම වුනත් එතැන වුනත් දන්න කියන කෙනෙක් නැත්තං බොරුවට මද්දුම බණ්ඩාරල ලො ඔලුව දෙන්න යන්න එපා. අවට ජීවත්වෙන මිනිස්සුත්, ට්‍රිප් එක යන අනික් අයත් ඔයාලගේ ගෙදර මිනිස්සුත් ඔක්කෝම අමාරුවේ. 

ලෙබනන් වත්තේ දිය ඇල්ල 



ලෙබනන් වත්තේ එකට නම් ටිකක් විතර බැහැලා පයින් යන්නට ඕනා. ස්ටේජ් දෙකකින් තියන ඇල්ලේ හොදට ඇල වෙලා ඉන් හැකි හොද ගල් තලාවකුත් තියෙනවා. කොහොම වුනත් ටිකක් බීලා අහක් වෙලා වැනි වැනි වගේ මෙම දිය ඇලි බලන්න යෑම කොහොමවත් හොද නැහැ. එකක් වැටිලා කබරයා දාලා වන වුනොත් මේ ගල් අස්සේ ලිස්සලා යන්න හැකියි. ඒම වුනොත් ආයේ ගන්න බැහැ. ඉතිං ආව විදියටම ආයේ යන්න කැමති නම් පීස් අනතුරු දායක ගමන් වලට අරක්කු බීලා වන වෙලා එන්නට එපා. ඒක කරගන්න හැකි නේ ඉතිං ඔය කොලඹ හොද ප්ලේස් එකකට බෝතල් අරං ගියා උනත්. 

ජෝඩු ඇල්ල 

අපි ජෝඩු බලන්න බඹරැල්ල පහු කරලා ටික දුරක් ගිහින් අදාල තැනකට ආවත් එතනදි වැස්සා. ඒ ගමන තමයි අපි ගිහින් ලෙබනන් ස්ටේට් දිය ඇල්ල 1 බැලුවේ. ඉතිං ආයේ වෙන පාරක් තියේ කියලා ආවා ජෝඩු ඇල්ලට. මම හිතන්නේ අපි ගිය අලුත් පාරපට්ට. 
ඒකේ යද්දි කූඩාල්ලෝ ඉන්න වත්තක් මැදින් යන්න උනානේ. කූඩැල්ලෝ දෙක තුනක් එල්ලුනා. ගෑනු ලමයි කූඩැල්ලා බයකරනවා හයියෙන් කෑ ගහලා. ඉතිං උන් තවත් ඇතුලට හැමනෙනවා ඇති එතකොට. කොහොම වුනත් අංජන රවිනාත් ට ආයෙත් ස්තුති වන්ත වෙන්නට ඕනා ලුනු ස්ප්‍රේ එකට. පොර ස්ප්‍රේ බෝතලයකට ලුනු දියකරං අැවිත් තිබුනා. ඉතිං ගැහුව ගමන් කූඩැල්ල ඩවුන්. අනේ මේ ඔ්‍ය වන හිතවාදී මනුස්සයෝ එහෙම කියාවි කුඩැල්ල පවුය අනම් මනම්.. ඒ වුනාට ඉතිං මේ ජරා සත්තු එක්ක කොහොමද ඉතිං තැනක් බලන්න යන්නේ..මොකුත් ගෑවෙ නැතොත් ලේ බැංකුව ගන්නවට වඩා ලේ ටිකක් උන් අපෙන් උරා ගනීවි.. 

ජෝඩු ඇල්ල තියෙන තැනසිරා..වටේම තියෙන්නේ පදුරු . කටු කැලෑ..ඒ අස්සේ කූඩැල්ලෝ. ඒක නේචර් පසුබිමක තියෙන නිසා අමුතුම ලල් එකක් තියේ. පොටෝ ගහන්නත් කියාපු තැනක් තමයි ජෝඩු ඇල්ල කියන්නේ. අපේ අයත් ඇති පදං පොටෝ ගත්තා ජෝඩු ඇල්ල ගාවදි. 

 අපි පිටත්වුනේ උදේ අටට හෝ හතහමාරට විතර. අංජනයාගේ පොට් එකෙන් ගමන අවසාන කරද්දි ඒත් හවස 6 විතර වෙලා. ගයිඩෙක් විදියටත් මනුස්සයෙක් විදියටත් අංජන හොදයි කියලා ආයෙම කියන්නට ඕනා. මොකද අපි මීට කලින් ගයිඩ්ලා එක්ක සමාරවිට මීට වඩා ලොකු ගනන් දීලා කටු කාලා තියෙනවා. ඒම අල වුනාම අපේ ආතල් එකම විනාසයි. 

අවසානේ අපි ජෝඩු ඇල්ල පහල තියෙන දොලක් ගාවින් නැවතුනා. අපි ගෙනාපු බත් අපි සාරි ඇල්ල ගාවදි කෑවා. ඒත් ඉතිං පිරිමි උයද්දි දන්නේ නැද්ද? 9 දෙනාට විසාල අල ගෙඩි 25ක් විතර දාල ලොකු අල සම්බෝලයක්. බතුත් වැඩියි. තව අපිගාව තිබුනා උදේ කට්ට සම්බලුත්. අපි ඒවා අනලා ඒ යාබදව උන් බල්ලොන්ට දැම්මා. පස්සේ මග එද්දි තව බල්ලො උන්නා පාරේ. ඇත්තටම වාහෙනෙකින් ගිහින් බලු කපුටු දානයක් දීමත් හරි ආතල් වැඩක්. හම්බෙන හැමතැනම කෙහෙල් කොලයක් දිග ඇරලා බත් හැන්දක් විතර දාලා එහමෙ දානයක් දෙන්න තියේනම ්කියලා ත් මට හිතුනා. 

මේ බ්ලොග් එක ලියද්දි කාලයක පටන්ම මම ලියලා එක වතාවක් වත් කියවන් නැතුව එහෙම්ම පබ්ලිස් කරනවා. මොකද කොපි කරනබුවෙක්ට අඩුම ගානේ අකුරක් හරි හදන්න මහන්සි වෙන්නඕනා එතකොට.. එහෙම නැතුව එකපාර බුග් ගාල කොපි පේස්ට් ගහන්නඉඩ ලැබෙන විදියට අකුරු සහ ගැමර් සහ වාක්‍ය වැරදි හදන්නමම මේකෙදි පෙලබෙන්නෙත් නැහැ.  


දර්ශන 

කදුකර ගමන කියන්නේ දිය ඇලි විතරක්ම නෙවෙයි. තේ වතු කෝපි වතුආදී වගාවන් මෙන්ම ජන ජීවිතයත් කටුකයි. සමහර තැන්වලට පාරවල් වලින් යන්න බෑ. මිනිස්සු පයින් යනවා කදුගැට නැගගෙන. කදුකරේ භූමි දර්ශනත් එහෙමයි. කොයි වෙලෙත් ඉදිරිපසබැලුවාම තවත් කන්දක් තමයි පේන්නට තිබෙන්නේ ඇතැම් බෑවුම් වලදී. ඒ වගේ ඔරොත්තු දෙන වාහනයකින් කදු බැලීම සහ ඇලි බැලීම හරිම ලේසි. මරුති කොට ගොනෙක් අරගෙන යට වැදි වැදි වාහනේයි අපි දෙගොල්ලාම දුක් විදගෙන ගිහින් විනෝද වෙනවාට වඩා හොද ඕෆ් රෝඩ් වාහනේක සැපට ගිහින් දැකලා විදලා බලලා එන එක වටිනවා. 

2 comments: