Saturday, June 9, 2018

හතරැස් කොටු

ඔයා කොහොමද මේ ගැන හරියටම දන්නේ? ඇරත් මේ හරි වෙලාවල් එක්ක. අජන්ත ඔයාට වෙලාවල් එක්කම විස්තර දුන්නද? නයෝමි අසන්නට විය. ඇයට මෙය තවදුරටත් සැගවීම එතරම් ආතල් සහිත වැඩක් නොවන බැවින් නවීන් එය කියන්නට විය. .

මේකනේ බබා. ඔයා පිට යනවා කියලා මට එහෙන් මෙහෙන් විස්තර එනවා. ඔයාලෑ මල්ලිම දවසක්කෝල් කරලා ඇහුවා. ඒ ඇර ඉතිං ඉතුරු නෑයෝ ටිකත් ඒ ගැන ටිකක් හෙවිල්ලෙන් හිටියා. අපරාදේකියන්න බෑ හදිසියකට අපි මැරෙන්න යනෝ දාහක් දීපං කිවත් දාහක් දෙන්න උන් නැහැ. ඒත් මෙන්න ඔයා පිට යනවා කියලා ආරංචි වුනා විතරයි කට්ටිය හෝ ගාල ඒ ගැන හොයනවා.මට කරන්න ඕනි දේවල් කියනවා. අපේ අයියලා අක්කලා සහ උන්දැ ල නම් කිව්වේ ඔයාට ගහන්න කියලා. එක අතකින් එහෙම ගහන එක පවු. මට ඔය දවස් මතක විදිය හරි නම් ඔයා ඒ අජන්තගෙ මොට ආයුදෙන් පහර කාලා ඇවිල් රෑ මගෙනුත් පහර කාල තියෙනවා. බාගෙදා මට වෙනසක් නොපෙන්වන්න ඔයා එහෙම කරා වෙන්න පුලුවනි. කොහොම වුනත් අතින් පයින් ගහනව කියන්නේ මගේ ස්ටයිල් එක නෙවෙයි නේ..

තමුසෙ නම් මහ නරුමයෙක් නවීන්. තමුසෙ මෙච්චර දෙයක් දැනගෙන ගෙදර ගෑනිට කියන්න කලිං ගිහින් වෙන තැන්වලට දැනුම් දීලා අල කලා. ගැනිගේ ගරුත්වය ගැනහිතන්න තිබුනා. පවුලගැන හිතන්න තිබුනා. නයෝමි කියන්නට විය.

මේ නයෝමි. මම හොයපු තොරතුරු නිකං එහෙ මෙහෙ කනා ෂොට් නෙමෙයි. අදටත් ඔයාට හොටල් බුක් එක බැලුවනම් ඔය දවස් ටික බලාගන්න හැකි. අනික මම නිකං කලබල වෙලා කෑ ගහලා ආතල් කඩන්න හදන මිනිහෙකුත් නෙමෙ. තමුන්ට තමුන්ගේ ආතල් එක යන දුර හිතන්න බැරි නම්.. ඉතිං සොරි.. මට කරන්න දෙයක් නැ ඒ ගැන. නයෝමි කියන විදියට මම ඔයාගේ කොටුව පැනපු හැටි ගැන හොයලා ඒක ආරක්සා කරලා දෙන්නත් ඕනි. මං හිතන් නෑ වෙස්සන්තර උනත් ගෑනි ජූජකට දීලා නිකා හිටියා මිස ඒක ආරක්සා කරලා දෙන්න ගියා කියලා. ඇත්තටම මම කසාද බදින්නේ තිහේදි. මට 18 ඉදලා කෙල්ලො හිටියා. මට ඔය ගෑනු පිටයෑම කියන්නේ මහා අලුත් වේදනාවක්නෙමෙයි. හැබැයි දුකනැහැ කියන්නේ නැහැ. දුකයි. ඒත් ඒකදැන් දහ දොලොස් වතාක්ම ඇවිත් නෝමල් වෙලා. නවීන් වේගයෙන් කියාගෙන ගියේය.

හරි හරි.. මට කියන්නකො කොහොමද හොයාගත්තේ කියලා. ඔයා උඩයන්න එපා. ඒත් මම ඔයා ගැන හොදට දන්නවා. දෙයක් කෙලින් කියන්න කොන්දක් නැති වුනාට වටෙන් ගිහින් ගේම් දීලා වැඩේ කරගන්න ඔයා දක්සයා. වෙලාවකට මම ඒකට ආසයි. හරි ඒකෙන් කමක් නෑ කියන්නකෝ මෙච්චර හරියටම හොයාගත්තේ කෝමද කියලා. නයෝමි අසන්නට විය.

එච්චර ලොකු දෙයක් නැහැ නයෝමි. අනික මේ පාර ඔයා මේ ක්‍රමේ මග ඇරලා ඊලග පාර වෙන ක්‍රමයකට කොටු පැන්නා කියලා මම නැති වෙන් නෑනේ.. මට ඒත් හොයාගන්න හැකි වෙයි. .නවීන් තරමක් සෙමෙන් කියාගෙන ගියේය.

ඊයා නවීන්. ඔ්‍යා හිතන්නේ මම මේ දැක්ක දැක්ක එකා එක්ක කාමර අස්සේ රිංගන එකියක් කියලද? ඔයාගේ කටේකිසිම තෙතමනයක් නැහැ. පුදුමේ ඔ්‍යා ලග කෙල්ලෝ නැවතුනොත් තමයි. හැමදාම බූට් කෑව කියන එකත් හරි එක අතකින්.. නයෝමි කියන්නට විය.

මෙහෙමයි නයෝමි. ඉස්සරවෙලා ඔයාගේ ෆෝන් එකේ ..ඉස්මාට්ෆෝන් එකේ මම මැප් වල සෙට්න්ස් හැදුවා. ඒ අනුව ඔයා ගිය තැන් ගානට මට රෑ වෙලා ඔයා පුක උඩ දාන් නිදාගන ඉන්න වෙලාවේ බලාගතහැකි.ඕ පෝන් එකේ ඇගිල් මාක් තිබුනට ඕක අරං දීලා පැටර්න් එකක් දාල තියෙන්න මම. මට පැටන් එකෙන් ඕක අරින්න හැකි. ඔහොම බලාගෙන යනකොට තමයි සන්රයිස් හෝටලයේ ඔයා සතියකට දවසක් දෙකක් ටිකක් රෑ වෛනකල් ඔෆිස් ඩියුටි කරනවා කියලා මම හොයාගන්නේ. ?

ඔයාට මතකද මම මාස දෙකකට විතර කලින් දවස් තුනක් නැතිවුනා.? නවීන් ඇසීය.

හුම්.. මොකද්ද වැඩක් නිසා වෙන තැනකට යන්න වෙනවා කිව්වේ. අපේ අම්මලා ආවේ බබාල දෙන්න බලාගන්න. නයෝමි පිළීතුරු දුනි.

ඉතිං මාත් ගියා සන්රයිස් හොටලේට.. තනියෙන් කාමරයක් අරං හැමදාම රෑට බියර් බොතල් දෙකක් ගේනවා. කෑම සුපිරිම ඒවා ගන්නවා. ඒකේ ඉන්න රූම් බෝයි ය කොහොම හරි මම අල්ලගත්තා. අල්ලගත්ත කිව්වේ මම ඌව නවල පුකේ ඇරියේ නැහැ. නවීන් කියාගෙන ගියේය.

මොනාද නවීන් ටිකක් හොදට කතාකරන්නකෝ.. හැමදාම පුකේ අරින කතා. ඉකේයියා.. හරි ඉතිං කොල්ලට මොකුත් කලේ නැත්තං. ඌ කොහොමද කතාවට සම්බන්ධ? නයෝමි ඇසීය.


නයෝමි ඔයා ඕ කම්පැනියේ ටිකක් ලොකු පෝසට් එකක් නේද? එක්සකටිව් කියලත් කොහෙ හරි තිබ්බ මතකයි.. හෙහ් හෙහ් හෙහ්.. නවීන් සිනා සෙන්නට විය.

අනේ මන්දා ඕ කම්පැනි දියුනු වුනොත් තමයි වැඩේ ඔයාල වගේ ගොන් ගස් එක්ක. හෙහ් හෙහ්..නවින් නැවත සිනාසෙන්නට විය.

මොනවද නවීන් නිකං සිංහල ගුරා වගේ හිනා වෙන් නැතුව ඉතුරුටිකත් කියනවා හලෝ.. නයෝමි අයදින්නට විය.

මෙහෙමනේ ගොං ගහ.. රූම් බෝයිගේ පඩිය මාසෙට රු 18,000යි. මම ඌට 5,000ක් දෙන්නම ්කීවම ඌට ඒක ලොුකුයි. ඌ ඔයාව සහ අජන්ත අදුරගත්තා. මුලින් දන් නෑ කියලා පස්සේ කාර් එකෙන් ඌට මීටර් වුනා. ඌ සික්කාගෙන් සහ පොතෙන් විස්තර අරගෙන කිව්වා. හැබැයි ඔයාගේ ආදරණීය පෙම්වතා තවත් ගෑනියෙක් එක්ක ඕකටම රිංගනවා. ඒකයි පොඩ්ඩක් ඌට වැරදුනේ. හරි හරි ඉතිං මට රවන්න ඕනි නැහැ..මම කිව්වේ ඇත්ත. ඔයා ගිහින් පොඩ්ඩක් ගල පෙන්නලා ඒ රූම්බෝයියා ෆෝම් කරලා රු 3,000ක් ඌට දෙන්න..බාගෙද ඌට සල්ලි දෙන්න ඕනි වෙන එකකුත් නැහැ.ඉතුරු ඔයා හැර ඒකට ඌ අරං රිංගන අනික් ගෑනිගෙ විස්තර හොයාගත හැකි.

මට ඔයා හරියටම එතන හිටපු දවස් ටික හොයාගන් හැකි වුනේ ඔයාගේ ගූගල් මැප් ඩීටෙල් සහ අරූ ඉදිය දවස් ටික සන්සන්දනය කරලා. කෝමහරි. ඌ ගන්නේ තර්ඩ් ෆ්ලෝ රූම්ස්. ඒසී..ඌ කැමතිම කොනේ රූම් එකට. සමහර දවසට උදේ කියනවාලු හවසට ඒක තියන්න කියලා. ඔය වගේඑක්ස්පීරියන්ස් තියෙන අජන්ත එක්ක අපි වගේ හාල් කෑලි මොනාද? නේ? නයෝ? නවීන් මද සිනා රැල්ලක් ගවසාගෙන පවසන්නට විය.

ඔයානම් .. අනේ මන්දා නවීන්.. හරි මට දැනගන් ඕනි ඉතිං තමුන්ගේගෑනි කොහේ ගියත් තමුසෙට කිසිම ෆිලින් එකක් නැති ගතියක් තියනෙවා කියලා මම දන්නවා නේ. ඒත් ඉතිං හරියටම දවස් එක්කම ඕක දැනගෙනත් ඇයි මට මේ අහනකල්ම නොකිව්වේ. පොඩ්ඩක් වත් තරහා ආවේ නැද්ද? නයෝමි අසන්නට විය.

නයෝ. අපි දෙන්නගේ පොඩි මිස්මැච් එකක් එදා ඉදලාම දුවනවා කියලා ඔයා දන්නවා. පොඩ්ඩක් මම වගේ පිටිපස්සේන් රන් කරන ඩයල් එකක්නෙවෙ ඔයා..ඔයාට හැමදේම මුලින් පෙන්වන්න ඕනා. ඒක කියන්න තේරෙන් නෑ..ඒත් අනේ මන්දා නියෝමි අපි හදිස්සියේ බැන්ද නිසාද මන්දා .. ඒක ලවු නැති නිසා එන දෙයක් නෙමෙයි. කොහොමහරි අපි දෙන්නා හිතන හැටි ගැලපෙනවා කියලා කියාගත්තට එහෙම ගැලපුනු වාර ගානට වඩා නොගැලපුනු වාර බොහෝම වැඩියි. දිග වැල් වටාරම් ඕනි නැහැ. මට ඒක ඇත්තටම මොකක් දෝ හේතුවකට ෆිල් වුනේ නැහැ. අනේ මන්දා.

ඔයා කොහොමද අජන්ත ගේ වයිෆ්ව හමු වුනේ. නයෝමි අසන්නට විය.

ඔයාට මම කලිනුත් කිව්වා වගේ මට ඔය අජන්තව පේන්න බැහැ. ඒ ඔයා එක්ක යාලුවුන නිසා නෙමෙයි ඒ පකිස් බූරුවා උගේ කසාද ගැනි වෙන ලමයෙකුත් ඉන්න අමාට ගහනවා. මමඔයාට පෙටෝ පෙන්නුවේ. අමාගේ ලප එන්න ගහලා තිබුනේ. නවින් කියන්නට විය.

ම්ම්.. එතනන නම් නවින් බොරු කියන් එපා. ඔයා අමා එක්ක මොනාහරි හුටපටයක් අත්තටම තියෙනවා නේද? නැත්තං නිකං නොදන්න මිනිහෙක්ට තමුන්ගේ ඇගේ තියෙන පැල්ලම් එවන්නේ නෑනේ ගෑනියෙක්. අනික මිනිහා ගහපු ඒවා. ඔයත් නවීන් නිකං බුදුවෙලා වගේ හෙමිජ්ජා වගේ උන්නට ඒ ගෑනිව මිස් යූස්කරනවා වෙන්න ඕනා. ඒවට නම් දැන් ඔන්න හුම්ම්..හුම්ම්..ගගා ඉදීවි බකමූනා වගේ..දැන් තව ටිකකින් ඔන්න යාවි. මට අර ටෙලි සීරියස් එක බලන්න ඕනි..අර පොත බලන්න ඕන කියලා.. ඇත්ත කියන්න ඔයායි අමායි මොකක් හරි දෙයක් තියෙනවා නේද? නැත්තං ඒ ගෑනි මහ රෑ කතා කරලා ලමයාගේ නහයට ඇට ගියා කියලා ඔයාව ගෙන්නාගනිද?

නවීන් උඩ බැලුවේය. නයෝමි දෙස බැලුවේය. නැවතත් අකේ පස බලා නයෝමි දෙස බැලුවේය.

මොකද නවීන් නිකං දකුන බලා වම බලන්න නැවතත් දකුනම බලන්න වගේ.. ඇත්ත කියද්දි අමාරුද? සාන්තුවරය වගේ මෙතන ආව මගේ වැරදි විතරක් කියන්න. නයෝමි කියන්නට විය.

මට ඇත්තටම නයෝමි ඒක ටිකක් අමාරුයි විස්තර කරන්න. ඔයා දන්නවා මම ලමයිට ගහනවාට කැමති නැහැ. මෙච්චර දෙයක් වෙලාත් ඔයා යනවා නම් යන්න කියලා හිටියා මිසක ඔයාට ගැහුවේ නැහැ. මට ඒ අජන්ත ඒ ලස්සන පෙොඩි කෙල්ලට අමාට, අතින් පයින් විතරක් නෙමෙයි උගේ බෙල්ට් එකෙන් පවා ගහනවා කිව්වම අවුල්. එතැන පොඩ්ඩක් ඔයාගේ ඉරිසියාව පැත්තකින තියලා හිතන්න. අමා ලස්සනයි ඒ වගේම හරිම ෆෝවඩ්. එයා ඔය අජන්ත බදින්නේ සල්ලි නිසා. එතැන වැරද්දක් තියේ. ඒ මිනිහා එහෙම නරුම සතෙක් විදියට ගෑනි එක්ක හැසිරෙද්දි ඒ මිනිහාම ඔයාට හොදට සලකන හැටි උගෙන්මයි අහන්න ඕනි. කොහොම උනත් එතැන අමාටත් මටත් එකතු වෙන්න ලොකු හේතුවක් තියෙනවා..ඒ ම ගුටිකන්න අමා කැමති නැහැ. එයාට අජන්ත පේන්නෙත් මහ වසලයෙක් විදියට.

අමා එක සැරයක් කියනවා. එයා අජන්ත එක්ක යාලුවුන කාලේ කෙල්ලෙක් එයාට කිව්වලු. “ මචං උඹ හරි අපි වගේ බයික් වල යන හාල් පාරුවො එක්ක දුක් විදිනවාට වඩා උඹට ඔය හොද ජීප් එකකින් බහින එකෙක් තොරගත්තා. මොනාහරි උනොත් ජිප් එක ඇතුලේ ඉදන් අඩන්න පුලුවන්" කියලා. ඒත් අද වෙද්දි අමාට හිතෙනවාලු අර බයික් එකක ගිය කොල්ලෙක් එක්ක ගියානම් මිනිහා එක්ක සතුට කියන දේ හොදට විදගන්න තිබුනාලු. දැන් මේ මරුමුස් ඩයල් එක එක්ක සතුටක් තියා අඩුම ගානේ තමුන්ට විතරක් උරුම පිරිමියෙක් කියන එකවත් නැහැලු. අජන්ත ට ගැනු කියන්ේන නතිං.. අනේ මන්දා නයෝමි.ඔයා අහන පස්නෙට සරල උත්තරයක් මෙතන නැහැ. සරලම උත්තරේ ඔවු. ඇත්ත මම අමාට ආසයි. අමා මටත් මොනාහරි ඇති.

ඔයා කඩල කේස් එක දැනගත්තේ කොහොමද?

ඒකනම් අමාගෙත් පට්ටම පොතක්. හම්මෝහ්.. නවින් නයෝමිගෙන් අසන්නට විය.

ඇයි මිනිහෝ රෑඑක ඇදේ නිදාගනිද්දි තමුසෙට් වැඩ පලෙන් කෝල් කරනවා නේ මහ රෑ මේන්ටනන්ස් වැඩ වලට. එහෙම මේන්ටනන්ස් කෝල් එකකදි මට ඇහුනා ලාවට කෙල්ලෙක් කෑ ගහනවා අනේ නවීන් බලන්න අපේ දෝනි කඩල ඇටයක් නාහේ හිරකරන් කවුරුත් නෑ..අනේ පුලුවන් නම් එන්නකෝ කියලා..

හිතං ඇති ඔයා විතරයි මහලොකු ශර්ලොක් හෝම්ස් කියලා.. එක නම්බරේ එක එක දවසට එක එක නමින් සේව් කරගන්නවා. දැන් කියනවා බලන්න නවීන් උපාසක තමුසේ ඔය අමාගේ නම්බර් එක කී පාරක් එක එක නම් වලින් සේව් කරගත්තද කියලා.. නයෝමි මද සිනා පාමින් බෝලය නවීන් වෙත දමා ගැසුවාය.

අමමෝ මේ ඔයාගේ පස්න පත්තර වලට උතතර දෙන්න වෙලාවක් නැහැ. මට මේ වැඩ තියෙනවා. ඔයාට මොකද ඉතිං මීටිං යනවා ඔටුවෝ වගෙ ඔලුව හොලෝනවා. අපි එහෙමැ. වඩ කරන තරමට නේ ගෙවීම. නවීන් යන්නට සැරසුනේය..

මේ මේ..ටිකක් ඉන්නවා. මං කලිනුත් කිව්වේ තමුසේ ට මගේ මොනාහරි නම් හරියට මයි ලෝඩ් වගේ හරි ගානට කියන්න වෙලා තියෙනවා. ඔයැගේ දෙයක් ඇහුවම කෙපරබානවා. හරි කියනවා බලන්න එදා මොකද්ද වුනේ? මම දන්න විදියට ලමයගේ නාහේ කඩල ඇටහිර වෙල තිබුන් නෑ.. මම ඊලග දවසේ කෝල් එකක් දම්මල ඇහුවා ඔය නම්බරේට..

නයෝමි කියන්නටවිය.

දැන් ඔයා කියන්නේ නයෝමි මම මෙතන වැල කතාවක් කියන්න කියලද? එතැන ගියා ඇත්ත මොකුත් වෙලා තිබුන් නැහ. එදා ලමයා නවත්තගෙන එයාලැ අයියලා ගෙදර ගියාම එහේ පොඩි එකා එක්ක සෙල්ලම් කරන්න. මම හිතන්නේ අජන්තටත් රෑ වැඩ. මම ගිහින් කාර් එක නැවැත්තුවම ලයිට් ඕෆ් කරලාපාරේ එහා පැත්තේ පාක් කරලා එන්න කිව්වා ඉක්මන්ට.. මම ඒම කලා. ගෙදරත් ලයිට් වහල තිබුනා. දොර ගාවට යද්දිම ඉක්මනින්ම දොර ඇරලා දඩාස් ගාලා මාව ඇදල ගත්තා ඇතුලට? ඉතිං එතනින් පස්සේ ඔයාත් එක්ක කරන ඒවම ටිකක් වෙන්න ඇති..ඕක ඉතිං ආයේ කියන්න ඕනියැ.. ඔයාටත් ඕනි නැත් දෙයක් නැහැ නේ..නයෝමි.. නවින් සෙමෙන් කියා අවසන් කලේය.

හම්මෝ මෙයාගේ බාසාව වෙනස් වෙන හැටි.. " ටිකක් වෙන්න ඇති.” මෙයා දන්නෙත් ණෑනේ..බබා නේ.. වෙන්න ඇති.. ඉබේ වෙනවා නේ ඕවා නිකං අර අත වැදිලා බාල්දි පෙරලෙනවා වගේ.. අනේ මගෙ කට නවීන්.. නයෝමි නැවත පිලුතුරු දුනි.

ඔයා ඒ සිටුවේසන් එක තේරුම් ගන් නෑ නයෝමි. ඔයා දැකපු අජන්ත නෙමෙයි ඇත්ත කෙනා. ගෙදර ගෑනි අකමැති විදියට සලකන. ඒකිව පිච්චියට සලකන්නේ නැති. ඒ ගෑනිට ගහන. නරුමයෙක්. ඔයා ඒකට උත්තර දෙන්නෙත් නැහැ..ඒක ඔයාට ඇහෙන්නෙත් නැහැ. නවීන් කියන්නට විය.

තමුනගේ ගෑනි වෙන මිනිස්සු ගෙන්නගනිද්දි කසාද මිනිහට තරහ යනවා.. ඒක ඇත්ත. නවීන් මම දන්නේ නැති වුනාට ඇත්තටම අජන්ත නරක මිනිහෙකුත් වෙන්න ඇති. ඒත් ඔයා හිතනවා නේද? ඔ්‍යා එක්ක විතරක් කියලා අමා ඔහොම ඉන්නේ. එතන ඔයාට වැරදිලා.. ඇත්තටම අජන්ත ගෑනිට ගහනවා කියලා දැනගත්තට පස්සේ මට ඌ ගැන තිබුන පැහැදීම මොකද්ද වුනා. මම ගිහින් ඇත්තටම අමා එක්ක කතා කලා. මගේ මිනිහා ගේ ඒ කිව්වේ තමුසේ ගේ චොයිස් එකට ගැලපෙන ලස්සන කෙල්ලෙක්.. අනේ තමුසෙත් කතාන්දර කියන්න ගියාම නිකං කවුද වගේ. තමුසේ ගිහින් කාර් එක නැවැත්තුවා ගෙදර දොර ගාවටම එන්න කිව්ව නිසා ගියා කෙල්ල දොර ඇරලා ඇතුලට දාගෙන තමුසෙට් අතවර කරන්න හැදුවා වගේබයිලා කියනවා නිකං මං ඔක්කෝම විස්වාස කරයි කියලා වගේ..

කොහොම උනත් අමා ලස්සනයි. මාත් හිතන් නැහැ..අමා තමුසේ වගේ හොර සර්ලොක් හෝම්ස් කෙනෙක්ටම නවාගන්න හැකි වුනොත් මිස තවත් කෙනෙක්ට කරගන්න පුලුවන් වෙයි කියලා. කෙල්ල කපටියි. ටිකක් පරෙස්සමෙන්.. ඒත් අජන්ත ඕක දැනගෙන නවීන් තමුසේ ගුටිකාල ඉස්පිරිතාලෙ ගානේ ගිහින් මට නම් කෝල් කරන්න එන්න එපා..ඒවා ඒ යන තැන් එක්කම බලාගන්නවා හොදයි.. නයෝමි කියාගනෙ යන්නට විය.

හපෝ ඒව ඉවරයි.. මට පෙන්වන් ඕනි වුනේ ඔයාගේ ඔය හොද අජන්තගේ ඇත්ත තත්වේ. ආයේ මම යන් නෑ ඔය පැත්ත පලාතේ..මගේ බල්ලවත්.. මට මොකටද ඕ අනික් තැඹිලි. මේ මගේ පොල් ගෙඩිය තියෙන්නේ.. වෙන දූපත් වලට ගහන් ගියත් මේක මගේපොල් ගෙඩිය ම නේ.. නවීන් අදිමින් තොදොල් කරමින් නයෝමිගේ කරවටා අත ලන්නට විය.

අනේ මේහ්..එන්න එපා බොරු කතා කියාගෙන.. තැඹිලි දැ්කකම ගිහින් ගහේ නැගලා බාන්නේ නැතුවමත් බෙොනවා.. දැන් එනව මෙතන මට පොල් ගෙඩිය කියාගෙන.. ගිහින් තැඹිලිම බාගන අයිති කාරයින්ගෙන් ගුටි කනවා.. යනවා යනවා.. යැයි ඉවතට තල්ලු කලද ටිකකින් නැවත ඔවුහු එකිනෙකා සමීපව සිප වැලද ගත්තෝය.