Sunday, August 12, 2018

බුදුන්ගේ රස්තියාදුව මට තේරෙන් නෑ ඔහෙට තේරෙනවද?


 මම කියන්නේ පොරක් නෙවෙයි. ඒත් මට සාමාන්‍යයෙන් සද්ධර්මරත්නාවලිය සද්ධර්මාලංකාරය වගේම අජිත් තිලකසේන සහ නවගත්තේගම කේ කතාන්දර වුනත් තේරුම් යනවා. අඩුගානේ ඒකේ තියෙන කතාන්දරය හරි.. ඒත් මට ඇත්තටම බුදුන්ගේ රස්තියාදුව තේරෙන්නේ නැහැ. වියහැකි දේවල් කිහිපයක් තියෙනවා. එකක් මගේ බුද්ධි මට්ටමට පොත තේරුම් ගන්න බැහැ. අනික ඒ පොතෙ ස්ටයිලේ මට තේරෙන් නෑ. අනික තමයි ඇත්තටම පොතේ දෙයක් නැහැ. ඒකෙ තියෙන්නේ සීතාම්බර පටේ වගේ ඇත්තටම නොපෙනන මවාගත්ත දෙයක්.

කතාවක් නැති එකක් නේ

අපි ස්වභාවයෙන්ම කතාන්දර වලට ආස කට්ටිය නේ. අපේ පරණ ජාතක කතා වල ඉදලා පොත් වල තියෙන්නේ කතාන්දර. ටිකක් උඩ ලැවල් එකේ රුසියන් කෙටිකතා ආදියෙ උනත් මොකක් හරි නිමිත්තක් සිද්ධියක් තියෙනවා. ඒත් බුදු රස්තියාදුවේ එහෙම එකක් පෙනුන් නෑ පලවෙනි පිටු සීය ඇතුලේ. ඇත්තටම කෝ කතාවක්? ගං පෙරළිය ගත්තොත් එකේ කතාවට පසුබිමින් යනවා මොකක් හෝ සමාජ සීන් එකක්. පලවෙනි වර කියෙව්වම අපිට නන්දලා පියල්ලා කයිසාරුවත්තේ එක්ක කතාවක් මැවෙනවා. ඒක දෙවනි වර කියෙව්වම ඒකේ දේශපාලනය හරි මොකක්හරි යට තියෙන මංගල්ලයක් පේනවා.. ඒක පේන්නේම නැත්තං විචාරයක් අරං කියෙව්වාම හම්මට ඒකේ එහෙම තිබුනානේ කියලා පේනවා. ඒත් ඇත්තම වචන ටිකක් හැර බුදු රස්තියාදුවේ එහෙම කතාවක් නැහැ.. මොකද්ද හැබෑට කතාව.

වටින සීන් තියෙනවා නේ

මේ සමාජේ ගත්තොත් ඩ්‍රාමා ගොඩයි නේ. ඩ්‍රාමා ගොඩක් එක්ක ජීවත් වෙන්න ලැබීම අපි කරපු වාසනාවක්. හැකි පලමු අවස්ථාවකම ලංකාවෙන් බුග් ගාලා සංවර්ධනය උනු රටකට ඌර්ධවපාතනය වෙන්න අදහස් කරන අයට නොවැටහෙන අමුතු ආට් එකක් අපේ ජීවිත වල තියෙනවා. ඔන්න අපි එනවා කෝචචියේ යන්න අපි දන් නෑ කෝච්චියක් කැන්සල්. දැන් ජෑම් පැක් වෙන්න තදවෙලා. ගෑනියෙක් සෙට් වෙලා අපේ ලිංගේ ගාවට. ඒ අව් අස්සේ ඒකත් පිම්බිලා. ගෑනිට බනින්න කට අරින්න ඉඩකුත් නැහැ. ඔන්න ඊලග දවසේ කෝච්චිය ආවා. හම්මට කලිං එකේ කට්ටිය ඔක්කම ගිහින්. මරු සනීපෙට එදා යනවා. මේවා ඉතිං අපිටම තියෙන දේවල් නේ.. ඔන්න දියුනු රටකට ගියොත් හැමදාම එකම වගේ එකම කෝච්චි. පරක්කු නෑ.. වෙනස් නෑ..මිනිස්සු බනින් නෑ.. අපිට තරහ යන් නෑ..ජැක් සෙට් වෙන් නෑ.. හරියට දිවිය ලෝකේ ගියාම තියෙන බෝරින් ලෝකේ වගේ.. ඉතිං මම දැන් මේ කියපු ටික බ්ලොග් එකකට හොදයි. ඒත් මේ වගේ වාක්‍ය දෙතුන් දාහක් පොතකට ලිව්වාම. එතන නැහැ නෙව කිසි ගතියක්. රසයක්.

.වටින සීන් තිබුනට ෆිල්ම් එක හොදයි ද?

අපි දන්න ටයිටනික් ෆිල්ම් එකේ අපි දන්න කියන අපිට වටින සීන් දෙකක් තිබුනා නේ. එකක් චිත්‍රය අදින එක අනික තමයි අර ජිප් එකේ එක. ඒ වගේ මේ පොත ගත්තොත් ලල් එකකට තියෙන්නේ පොතේ නම විතරයි. වෙන පේලි වාක්‍ය අස්සේ නොදන්නා කතාව නොතේරෙන නිසා ඒකේ රහක් නැහැ. කියන කතා අතර ඒයි පට්ට නේ.. මරු නේ කියන්න කෑලි තියෙනවා. ඒත් ඒ කෑලි ඔක්කෝම එකතු කලාම මොකද්ද අවුට් එක. මොකද්ද සැකිල්ල, මොකද්ද කූඩුව.. මොකුත්ම නැහැ නෙව.

අපේ සාහිත්‍ය දැනුම

ඇත්තටම පොත කොටස් දෙක්ක කියවනවා. එකක් පොත දකින්න කලින් තූ නොදකින් කියන අය අනික් සෙට් එක අහ් ලල් ස්ටෝරියක් කියලා හිතලා කියවන අය. මෙයින් මේ කොට්ටාස දෙක අතරම ඉන්නවා පසුගිය මාස හය ඇතුලත බැංකු පොත හාල් පොත වගේ පොඩි පොතක් හැර ඇත්තටම පොතක් කියවපු නැති අය. සමහරු ස්කෝලේ පොතේ නල දමයන්ති, බයිසිකලය, නාලාගිරි දමනයට පස්සේ පොතක් කියවලාම නැහැ. ඒඅය අතරින් පොත ලල් කියන අය නොතේරෙනවා වුනත් තේරෙන කැලි තුන හතරක් අරං අඩේ මේ මරු අදහස් කියලා දකිනවා. පොත තූ නොදකින් සෙට් එක..මොකද්ද මේ මේව ගංජා ගැහුවම ලියන්නත් හැකි කියලා කියනවා. ඒත් සිරාවටම හිතුවම දෙගාල්ලටම සාහිත්‍ය ගැන මෙලො ටච් එකක් නෑනේ.. කරනනේ හිට් වුන නිසා ඔහේ කියෙව්වා.. ඉන්ප්සසේ අයි ඈම් පීයින් විත් බල්ලා ඇට් වත්ත පහල කොස් ගහ යට වගේ ස්ටේටස් එකක් දානවා පේස් බුක් එකේ..එතනින් පිරිසකට ඕ බුදුන් ජාතිය ආගම ආදිය ගලවාගන්න. තවත් අයට ඕන බුදුන් රස්තියාදු ගැහුව තමයි ඇයි අවුලද? කියලා අහන්න. ඒ අතර අනේ නම කැත වුනේ නැත්තං සෝක් නේ කියන කට්ටියකුත් ඉන්නවා.

රාහුල හාමුදුරුවන්ගේ රන් කරඩුව

මං මෑත කාලේ කියවපු සංකේත තියෙන ඒත් කතාවකුත් තියෙන පට්ටම පොතක් තමයි රන් කරඩුව. ඒකේ තියෙන සමහර දේවල් ඇත්තටම මම විදේස පොත පතකවත් දැකලා තියෙනවා අඩුයි. (මෙහම කිව්වට මම පොත් තුන හතරකට වඩා විදේස පොත පත කියෝලත් නැහ. ) කොහොම වුනත් බටුවන්ගල රාහුල හාමුදුරුවෝ වැට උඩ යනවා වගේ අන්තවාදී නොවී ඉතාම තියුනු පොයින්ට් එකක හිටගෙන පොත ලියලා තිබුනා. ඒ වගේ එකක් එක්ක බලද්දි සිරිනාත්ගේ මේ බුදු රස්තියාදුව කියන්නේ පල්හෑල්ලක්.

පිස්සු හිගන්නෙක් පොඩ්ඩක් ෆෝම් කලාම ඌ කුනුහබ්බ කියෝනවා කියවනවා. ඇත්තටම මේ බුදු රස්තියාදුව එක්තරා ජාතියක පිස්සු හිගන්නෙක් ෆෝම් කලාම කියාගෙන කියාගෙන යන කතාන්දර වැලක් වගේ.. පොතක් නම් තමයි. ඒත්. මේකනම් විකල්ප සාහිත්‍ය කියන්නේ.. මම හිතන්නේ සයිමන් නවගත්තේගම වලෙන් නැගිටලා ඇවිත් පොඩ්ඩක් කට කොනකින් සයිමන්ගේ තියෙන නක්කල් හිනාව දාලා යයි මේ වගේ පොත් වලට..

1 comment:

  1. ඔය ගැන හෙන හා හුවක් ගිය නිසා පොත කියවන්න පටන් ගත්තා , ඒත් එක පරිඡ්ඡේදයක් කියවන්කොටම හෙනම පජාත හැගීමක් ආවේ. ඉතිරි ටිකත් අමාරුවෙන් කියවලාම බලන්න ඕන. දැනට නම් පවර් ප්ලේ එකේ ලංකාව බැට් කරනවා වගේ

    ReplyDelete