Friday, October 5, 2018

කාශ්මීර හිමාචල් ගමන 5 (ශ්‍රී නගර් සිට කාර්ගිල් දක්වා )

ඉන්දියාවේ ජාතික මහාමාර්ග අංක 1D ලෙස හැඳින්වෙන ශ්‍රී නගර් ලදාක් මාර්ගය ඉන්දියාවේ කාශ්මීරපලාතෙන් ඉන්දියාවේ ඉහල කෙලවර මායිමට ආසන්නතම ප්‍රධාන මාර්ගය වේ. එනම් මෙතැනින් එහා පැත්තේ ඇත්තේ කොටසක් පාකිස්ථානයය. ඉතිරි කොටස චීනයටය. මෙම මහාමාර්ගය ඉන්දියාවේ වැඩිම උසකින් පවතින මහාමාර්ගයක්ද වේ. කිලෝමීටර 422ක් පමන වෙන මාර්ගය කදුකර මගක් නිසා කෙලින්ම ශ්‍රි නගර් සිට ලදාක් හි අගනුවර වන ලේ දක්වා දිනකින් ගමන් කිරීම අපහසුය. සාමාන්‍යෙයන් මෙම මාර්ගයේ දුවන බසයද ගමන් ගන්නේ අතරමැද තැනක රාත්‍රියක් රැය පහන්කර ඊලග දිනයේ පාන්දරම ගමන් ආරම්භ කිරීමෙනි.
ශ්‍රී නගර් ෙෙවෙතින් ඉහලට 
 (පිංතුරය මත ක්ලික් කිරීමෙන් පිංතුර ලොකුවට බලාගත හැකිය) 

වසරේ බාගයක් දුවන බස් එක
පාලු පස් කදු වැටි දුඹුරු පැහැ ලදාක් කදු පන්ති සිසිරයේදී සුදු පැහැති හිමෙන් වැසී යන්නේය. ඒ එක් කලකදී මේ මාර්ගයේ ඇතැම් තැනක අඩි කිහිපයක් උසට හිමය. හිම වැටෙන ඒ කාලයට මේ බස් රිය ධාවනය නොවේ. එවිට මේ මාර්ගයේ තිබෙන සුළු ජනාවාස කිහිපයක ජනයා සිය අවශ්‍යතාවයෝ පිරිමසාගෙන නැවත හිම දියවී යනතෙක් අපහසුවෙන් ජීවත් වෙති.
අපි ගිය බස් එක 
අපට හමු වූ දිසාපාමොක්
ගුරුවරයෙකු යැ කී විට අප මනසේ මැවෙන්නේ හොදට කලිසම් සූට් ඇදගත් මහත්මා පෙනුම ඇති අයෙකි. එහෙත් අපට හමු වූ ගුරුවරයා සාමාන්‍ය මුස්ලිම් පෙනුමැති ඇදුමකින් සැරසුනු අයෙකි.ඉංග්‍රීසි බස කතා කරන්නට හැකි වූ නිසා ඔහු අපගේ මිතුරෙකු බවට පත්විය. මේ මාර්ගයේ එක්තරා උස් තැනක කුඩා පාසැලක උගන්වන ඔහු ශ්‍රී නගර් හි මුස්ලිම් වැසියෙකි. ශ්‍රී නගර් සිට කිලෝමීටර දෙතුන් සීයක් එහා මීටර තුන්හාරදහක් උඩ ඔහු උගන්වන පාසල පිහිටා තිබේ.
ඔහු අපි ගිය අගෝස්තුවේ බස් රියේ ගමන් කරන්නට වූයේ ශ්‍රී නගර් හි වූ සිය පවුල දැකබලාගෙන නැවත පාසැල දක්වාය. එහෙත් ශිෂිරයේ ඔහු සිටිය යුත්තේ පාසැලේය. ඒ කාලයට ඔහුට අවශ්‍යතාවයක් වුවද සිය පවුල බලාකියාගන්නට එන්නට කොහෙත්තම විදියක් නැත. හිම කදු අතර සිර වී සිටින ඔහු ගේ පවුල බලන්නට යන්නට හෙලිකොප්ටර එවන්නට කෙනෙක් ඒ ගම් වල නැත.
ශ්‍රි නගර් වෙතින් සමුගැනීම
අපගේ සැලසුම වූයේ ලොව උසම මහා මාර්ගයක් ලෙස සැලකෙන ලදාක් වල මාර්ගය ඔස්සේ ලේහ් නගරය වෙත ගොස් එතැනින් මනාලි දක්වා පිවිසීමයි. එබැවින් අපි තුන් රැයක් ශ්‍රී නගර් සිට එහි ඇති දෑ ටිකක් බලා නැවත ගමන ආරම්භකරන්නට තීරනය කලෙමු. ශ්‍රී නගර් තුන් රැයකින් බැලිය හැකි දෙයක් නොවේ. එහි ජනයා, භූමි දර්ශන, පුරාවිද්‍යා ස්මාරක, සහ පරිසරය විදගන්නට තව දවසක් දෙකක් තිබුනා නම් හොදය. එහෙත් අපගේ අරමුණ වූයේ තවත් ඉහලට මේ පලාතේ ඇති උසම මාර්ගය ඔස්සේ හිමාල කන්දේ යෑම වූ බැවින් අපි ශ්‍රී නගර් වලට සමු දෙන්නට තීරණය කලෙමු. දින තුනක් පුරාවට අපි නැවතී සිටි අපේ සංකුචි නම් හවුස් බෝට්ටුවට සමු දුන්නෙමු. නැවත පැමිණෙන් නැයි ඔවුන් අපෙන් ඉල්ලීමක් කල නමුත් ඉතිං අපිට තියෙන විවේක කාල අනුව කවදා ආයේ යන්නට ලැබේදැයි දන්නේ නැත. ශීත කාලයේදී සිරිනගර් හි හිම මිදී ඇති හිම මිදෙන ඒ දසුන නැරඹීමට යන්නෙමු යැයි අපි කිහිප දෙනෙක්ම සිතාගත් මුත් අවුරුතු තුනක්ගතවීත් එකෙකුටවත් යාගන්නට බැරි විය.
ශ්‍රී නගර් වලට සමු දෙමින්
එක් පසෙකින් අප හුරුව ඇති විවේක කාලයේ අලුත්ම තැන් සොයා යනවා විනා නැවතත් ඒ තැනට යෑමට උත්සාහයක් නැත. එහෙත් දන්නා තැනකට නැවත යෑමෙන් ඒ පරිසරය ගැන එතෙක් නොදන්නා දේ එක්කරාසු කරගන්නට හැකිය. එසේම පලාත ගැන හොදින්ම දන්නා නිසා විවේකය රසවත්ව ගත කිරීමටද හැකිය. කාශ්මීර ශ්‍රී නගරය ඉන්දියාව නොවේදෝ සිතන තරමට එය වෙනස්ය. බොොහ් පිරිස් වලට තවමත් ඉන්දියාව යැයි කියූ විට චෙන්නයි හි රේල් පාර වල ඇති අසූචි ගොඩවල් මතකට එන නමුත් ශ්‍රී නරග් සාපේක්ශව පිරිසිදු  ලස්සන නගරයකි. මිනිස්සුන්ද ලෙංගතු කමින් වැඩිය. අපි ඉන්දියන් කාරයින් නොවෙම් හයි දැනගත් කල ඔවුහු අප සමග කතා බහ කිරීමට තවත් ආශා කරති.


අපේ ගමන ආරම්භය
අපි ගමන ආරම්භ කලේ ශ්‍රී නගර් බස් නැවතුමෙනි. අප අට දෙනාට වෙන්කරගත හැකි වූයේ ඊට පෙර දින සන්ධ්‍යාෙව් ආසන 6ක් පමණි. එහෙත් අපේ කන්ඩායමේ මිතුරන් මා ආසන 6ක් වෙන්කරගන්නට හැකි වුනායැ කී විට සිතාගෙන සිටියේ සැබැවින්ම 8ම ඇතැයි කියලාය. එහෙත් එසේ නොවුනි. බස්රියේ පිටුපස කොටසේ විශාල භාන්ඩ ප්‍රවාහන තැපැල් මලු වැනි මලු විශේෂයක් විය. ඒවා ප්‍රවාහනය කල යුතු පාර්සල් විය යුතුය. ඒවා පිටුපස ආසන වල ගාල් කර තිබුනි. කෙසේ හෝ ඒවා ඉවත්කර අපිට සීට් 6ක් හදා දුනි. ඒ අතර අපේ විසල් මලු බස් රියේ ඉහලට පටවන්නටද අපිට සිදු විය.
මේ  ගමන සුලු පටු එකක් නොවේ. සම්පූර්ණ ගමන කිලෝමීටර 400ක් වන අතර එයින් කිලෝමීටර 50-60ක් වත් කෙලින් මගක ගමනක් නැත. වක්‍රාකාර කදුවැටි මගින් ඇදීයන භයානක ගමන් මාර්ගයක අපි දෙදෙනකුට ආසන නැත. අවසානයේ කුඩා වාද විවාද කිහිපයක් අවසන රියදුරු තැනගේ ආසනයේ සයිඩ් අසුන අපට ලැබුනි. එය කදිම තැනකි. එයට ඈත කදුවැටි විල් තලා බෑවුම් මනාව දර්ශනය වේ. එහෙත් එතැන  ගමන පුකට සුවපහසු නැත.
ශීතලට නිදන බල්ලෝ

ඉදිරිපස අසුනේ ක්‍රීඩකයෝ
අපේ කන්ඩායමේ අය මාරුවෙන් මාරුවට ඒ බස් රියේ ඉදිරි අසුනේ ගියෙමු. එවිට එක් අයෙක් යනවිට අනෙකා පැමිණෙන විට එ ආසන්න විනෝද කාමී මගියෙක්. ආ දැන් ජයසූරිය ගියා කළුවිතාරන ආවා. ආ දැන් අරවින්ද ගියා අර්ජුන එන්න ඉන්නවා ආදී වශයෙන් කැඩිච්ච ඉංගිරිසියෙන් කියා තදින් සිනාවෙන්නට විය. මෙම  බස්රියේ හැමදාම යන මගින් විය හැකි ඔවුන් සැහැල්ලුවෙන් බස් රියේ ගමන් ගත්හ. සැබැවින්ම ලාංකික අපට ක්‍රිකට් මේ ගමනේදී අවස්ථා ගනනාවකදී පිහිට විය. ලංකාව නම් ක්‍රිකට් දේශය ලෙස බොහෝ දෙනා හොදින්ම දැනගෙන සිටියෝය.


මගින් නැග්ග කොට කෑලි
මේ කදුකර පලාත්වල ජනයා අඩුය. ඉන්න මිනිසසු කොහොම හරි ගමනක් යන්නේ මේ යන බස් එක වගේ කලාතුරකින් එන එකකිනි. මෙය සුඛෝපබෝගී බසයක් නොවුනත් සංචාරකයින් ඉලක්ක කරගත් තරමක් වැඩිපුර ගෙවිය යුතු බස් රිය සේවාවකි. ඉදින් මේ බස්රිය පාරේ සිටින අසරණ මගින් ගොඩවන විට බස් රියේ සිටින ඇතැම් ඉන්දීය ජාතිකයින් සහ විදෙස් සංචාරකයින් කිපේ. එහෙත් ඒ මනුස්සයෝද ගමන් යායුතු හෙයින් අපි හැකිපමණ ඒ නැග්ග අයටද ඉඩ ටිකක් දුන්නෙමු.
බස්රිය තුල
මතක ලෙස ඒක අම්මා කෙනෙක් දරුවෙකු සමග නැග බස් රියේ ඉදිරිපස ගමන් කරන්නට වූයේ බැටරි පෙට්ටිය වැනි එකක ලෑලි කෑල්ලක් උඩය. ඒ ගමන අපේ මිතුරෙක ඒ අම්මාට ආසනය ලබා දුනි. අපි බෙදාහදාගෙන ගමන ගියෙමු. ඇතැම් විටක මේ අපිරිසිදු ජනයා බස් රියට නැග සිටීම අපහසුවක් වුවත් අපි එය ඉවසන්නට හුරු වූයෙමු.
ශ්‍රී නගර් කෙමේන කෙමෙන් පසුකරමින්

මුල් හරියේ බස් ගමන
අපි හිතුවාට වඩා ශ්‍රී නගර් හි ඩල් විලද, ශ්‍රි නගර් නගරයද විශාලය. බස්රිය පැයක් හමාරක් යනතෙක් නගරයෙන් පිට වූයේ නැත. ඩල් විලද කිහිප වතාවක්ම අපට හමු විය. ශ්‍රී නගර් විශාල නගරයකි. ඒ නගරයේ සිටින මිනිස්සුද කාලාන්තරයක් තිස්සෙ එකම ජනවර්ගයකට අයිති වැඩිමනක් මුසු නොවූ ජනතාවක් වන සෙයින් එකිනෙකා රූපයෙන් තරමක් සමානය. එහෙත් චීන ජපන් මෙන් දිගැටි ඇස් ඇති කෝටු මූනු මෙන් මුස්පේන්තු මූුනු නොවන සිරිනගර් වැසියෝ තරමක් පාකිස්ථාන හැඩැති මුහුනු ඇත්තෝ වෙති.එ හෙත් පාකිස් කාරයන් මෙන් දඩාර සයිස් නැත කෙසගය.
මුල් හරියේ බූමි දසුනක්

අදෑසන තේ වතුර බීම
බස් රිය එක්තරා ආකාරය ජාත්‍යන්තර ගමනක් මෙනි. විදෙස් සංචාරකයෝ කිහිප පොලක්ම සිටියෝය. ඉදිරිප ස අසුනට යෑම, නැවත අම්මලාට ආසන දීම ආදී රවුම් කිහිපයක් අවසන මට ප්‍රංශකාරියකගේ අසුනේ බාගයක වාඩිවන්නට අවකාශ ලැබුනි. මා සිතන්නේ උදෑසනතේ බිව්වාට පසු ය මා ඈ සිටි තැන වාඩි වූයේ. ඇය ඉතා විචක්ශන යුවතියකි. අපේ රට යුවතියන් හා සන්සන්දනය කරන්නට යෑම වැඩක් නැති වැඩකි.
සියලු ජාල සේවාවන් මේ කදුකරයේදී අක්‍රිය වන බැවින් ඇය සතුව තිබුනේ ජී පී එස් උපාංගයකුත් කොල ගොඩවල් කිහිපයකුත් පමණි. ඇය අන්තර්ජාලයෙන් සහ පොත් මගින් ලබාගත් ලිපි ලේඛන එකිනෙක පෙලගස්වාගෙන ප්‍රින්ට් සහ කොපි කරගන කදිම ලේඛන පෙලක් නඩත්තු කරගෙන තිබුනි.අපි පසුකරන තැන් ඒ කුමන තැන්දැයි අවබෝධයක් ඇයට අන්තර්ජාල සම්බන්ධතාවය නැතිවද දැනගන්නට යම් හැකියාවක් විය. ඇගේ සමාජීය ගතිගුණද චාරිකාවට ගැලපෙන සේම විය. කතාබහ වැඩිය නොවූ ඇය අපි ඉන්දීයයන් නොවූ බව දැනගත් නිසාදෝ පසුව අප සමග කතාකරන්ට ආවේය.
ප්‍රංශ ගෑනිය

ප්‍රංශ ගෑනියගේ සම සහ මස් තදය. මා ඇගේ ඇගේ වදින්නට වැඩි උවමනාවක් නොකල මුත් එසේ අනවශය ලෙස ඈත් වී යෑමටද උත්සාහ නොකලෙමි. රූපයෙන් ලක්ශන වුවද ඇගේ ස්පර්ශයේ නම ක්සිදු කාන්තා සලකුනක් වී යැයි කියන්නට අමාරුය. මේ බස්රිය ගමන් ගන්නේ වංගු සහිත මාර්ගයකය. එකිනෙකා ඇගේ හැපෙන්නේ නැතුව යන්නට අමුතු වෙහෙසක් ගැනීමට කාරනාවක් විශේෂයේන නැත. ලග හිටියේ කවරෙක් වුවද එක් පසෙකට හැරෙන විට ඒ පැත්තටත් අනෙක් පසට හැරෙන විට අනෙක් පැත්තටත් හැරීම වඩාත් පහසුවකි. ප්‍රංශ ගෑනිද මමද කිහිප විටක් එකිනෙකා සොරි කියාගත් නමුත් පසුව අපි දෙදෙනාම එ කෝලම නැවැත්වීමු. ප්‍රංශ යුවතිය සිටියේ අසුනේ ජනේලය අද්දරය. මගේ කුඩා පෙට්ටි කැමරාව හෙවත් පොට්ට කැමරාව මට ඔන් කිරීමට උවමනා විය. මා ඇයගේ අවසර ඇතිව ගානට මෙගේ පොට්ට කැමරාව ජනේලයෙන් එලියට ඇල්වීය. ඇය එයට ඉඩ දුනි. ඉන් පසු ඇගේ හොම්බ දිග කැමරා ලබ්බක්ද ඇය විදුරුවෙන් එලියට දමා පොටෝ ගත්තාය. භූමි දර්ශන කදුකර සිරි පොටෝ ගන්නවා නම් මේ තරම් හොද ගමනක් තවත් නැතුවා යැයි මට විටෙක සිතුනි.
ඉහල සහ භූමි වෙනස් කම්
ශ්‍රී නගර් කලාපයේ ගහ කොල තිබේ. එහි කදුවැටි කොලපාට ආස්තරයකින් අගෝස්තුවේ දී වැසී තිබුනි. එහෙත් ලදාක් ලං වනවිට කෙමෙන් ගහ කොල අඩු වේ. ඈතින් පේන නිම්නයන්හි ඇතැම් තැනක සිටින අශ්වයින් බූරුවන් මිනිසුන් අපිට පේන්නේ කුරුමිණි අඩු මෙනි. මෙම ලදාක් කලාපය ඉන්දියාවේ මෝසම් වැසිවලට මුවා වී පිහිටා තිබේ. එනම් මේ කලාපයට වැස්ස වැටෙන්නේ කලාතුරකිනි. ලදාක් යනු ශිතල කාන්තාරයකි. මෙහි කටුක බව නම් ඌෂ්ණය නොව ශිතලය. මේ කලාපයේ ජලයද හිගය.
විශාල ග්ලැසියර බිම් වල ග්ලැසියර මිදී ගලන ජල දහරාවෝ අසබඩ මිනිසුන් කුඩා ජනාවාස තනාගෙන ජීවත් වෙති. කුඩා දරුවෝද බැටලුවන් ගවයින් එලුවන් පිටුපස යන හුදකලා අපහසු කටුක ජීවිත ඔවුන් ගත කරන ආකාරයක් අපිටගමනේදී පෙනුනි. සතුන් ඇතිකරගෙන ඔවුන්ට කවමින් ඔවුන්ගෙන් කිරිමස් ලබාගෙන ජනයා ජීවත්වෙනවා විය යුතුය. ගෙවල් පවා මහා විශාල හැඩ ඒවා නම් නොවීය. ඝනැති මැටි බිත්ති මතින් තැනූ හරිහමන් වහලක් නැති කුඩා ගෙවල් අපිට ලදාක් වල ඉහලට නගිනවිට පෙනෙන්නට විය.
තේ වතුර බිම
අප බස් රියේ ගිය එක්තරා කේරළයෙකි. කේරළය යනු මා පසුව දැනගත් පරිදි හොදට කන බොන පලාතකි.  ඉන්දියාවේ වැඩිම බෙබාලා පිරිසක් සිටින්නේ කේරලයේය. මේ කේරල ගෝතයා තේ බොන්නට නැවැත්තූ එක් තැනකින් අරක්කු ටිකක් බී එතනම කබ්බා දාන්නට විය. අපහසුවෙන් ගද ගහන ඌ අපේ බස්රියට ද  නැංගේය. ඌ කොහේ යනවාදැයි නොදන්නා මුත් උගේ වෙරි විකාරය බස්රියේ යන අපට අප්‍රසන්න අත්දැකීමක් විය.
තේ බොන්නට කිහිප තැනැක්ම නැවැත්වූ නමුත් ඒ වායේ වැඩි විස්තරයක් දැන් නම් මතක නැත. මේ තැන්වල තිබෙන කන බොන ජාති අපිට ආගන්තුකය. ඒක තැනක බත් ඉල්ලූ කල සුදුපාට බත් ගෙනත් දුන්නේ කුඩා තසිමක ඇතිරූ පරිද්දෙනි. ඉන් පසු එය කන්නට තවත්හොද්දක් ආවේය. ඒ කෙසේ කම්දෝයි නොද්නනා අපි ලැබෙන ලෙස කෑවේමු. ඒ තේ වතුර බොන තැන්වල පවා මහා සෙනගක් කඩවලනොවීය. ඒ තැන් කිහිපයක භූමි දර්ශන නම් මනරම් විය.
සොනොමාර්ග්
මේ කදුවැටි ග්ලැසියර් කලාපයෙ ඇතැම් තැනක් සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධ තැනක් විය. සොනොමාර්ග් ලෙස හැදින්වූ එය අතීතයේ හින්දි ෆිල්ම් ආදිය රූගත කිරීමටද යොදාගෙන තිබුනි. එතැන නම් වැඩි පිරිසක් වාහන නවත්වා ගෙන සිටි අතර ගෑනු මිනිස්සු සොනොමාර්ග් හි ග්ලැසියර් බලන්නට යන්නට සැරසී සිටියෝය. අපේ බස්රිය මද වේලාවක් නවත්වා තැබූ අතර කොහෙන්දෝ යන අතරමං වූ එකෙක්දෝ සුද්දෙක්ද අපේ බසයට සෝනමාර්ග් වලින් ගොඩ විය. මා බස් රියේ ඉහලට නැග අවට පොටෝ ගන්නට විය. බස් රියේ ඉහලට නැගුන කල තරමක් ඈත සිටි හැඩකාර යුවතියක් මනාකොට මට පෙනෙන්නට විය. ගෑනු පෙටෝ ගැනීමහොද නැත. ඒ නිසා මා ඒ ලක්ශණ ගෑනිය ආසන්න හිගන්නෙකුට කැමරාව මානා ඉන්පසු ලක්ශන යුවතියගේ ඡායාරූපයක් ගන්නට ගියමුත් වැඩේ ටිකකින් ඇයට මාට්ටු විය. ඒ ගමන මා ඒ නොමනා රාජකාරිය පැත්තක දා හොද බබා මෙන් බස් රියේ ඉහලින් බැස ගත්තෙමි.
සොනොමාර්ග් බස් රියේඋඪ සිට

ඇල්ටිටියුඩ් සික්නස්
ශ්‍රි නගර් සිට ලදාක් දක්වා ඉහලට නගින විට අපි මීටර තුන්හාරදහක් තරම් උඩට නැගිය යුතුය. එතරම් උසකදි අපට යම් කිසි ගැටළුවක් එන අවස්ථාවක් වේ. එනම් මීටර 4000න් එපිට කදුවැටි වලදී වාතයෙ ්ඇති ඔක්සිජන් අඩුය. ඉක්මනින් කරකැවිල්ල හෙන්ඩත් බව සහ පොඩි ඔලුව කැක්කුමක් ලෝඩ් වේ. ඒ බැවින් දෝ අපේ බස් රියේ ගමන් ගත් මිතුරන් ගෙන් බොහෝ දෙනා සිරි නැරඹීම කෙසේ වෙතත් හොදින් නිදාගෙනගොරවමින් ගමන් කලේය. ඒ ගොරවන නිදන පිරිස අතර අපගේ රුචා තරම් සමතෙක් බස් රියේ තවත්නොවීය. ඔහු ඉතාම හොදින් නින්ද කරගෙන සිහිනෙන් ලදාක් නරඹන්නට ඇත.
අපි ගිය මගේ එක් තැනක්

ගමනේ අවධානම
මේ පස් කඳු මගින් යන ගමන අවධානම්ය. තැනකදී බෑවුමෙන් පෙරලී ගියෙ ලොරි රථයක් ගොඩ ගෙන තිබූ අතර ඒ ලොරි රථය දුම්රිය පිල්ලකට හසු වූ කජුලෙල්ලක් මෙන් තැලී පොඩි වී ගොස් තිබුනි. එය දුටු අපේ සිත් සසල විය. මහා ප්‍රපාතයේ යාන්තමින් තිබෙන මාර්ගය ඔස්සේ ඉදිරියට ගියත් පොඩි හෝ ගැස්සිමකින් අප වැටෙන තැන මහා බෑවුමකි. පාර වුවද හැමතැනම එක වගේ නැත. ඇතැම් තැනක හේදී ගොසිනි. තවත් තැනක තවමත් ඉදිවෙමින් පවතී. පෙලක් තැන්හී පස්කදු කඩා වැටී නැවත ඒවා සකස් කරමින් තිබේ.
කජු ලෙල්ල සේ තැලුුන ලොරි

මේ මාර්ගයන්හි බස් රියක් තබා පුරුදුකරුවෙකුට හොදජීප්පුවක් ධාවනය පවා තරමක අවධානමක් ඇති වැඩකි. ඉදිරියෙන් රියක් පැමිණියොත් ඉඩ දෙන්නට කියා තැනක් නැත. එවිට බෑවුමේ හෝ නැග්මේම රිවස් කල යුතු වේ.
කාර්ගිල් වෙත ලගා වීම
කාර්ගිල්

කාර්ගිල් යනු 2000ට ආසන්න කාලයකදී පාකිස්ථාන හමුදා විසින් අල්ලා ගන්නා ලද බිමකි. කාර්ගිල් ටවුමද මුස්ලිම් වරුන්ගේ බිමකි. තද ආරක්ශාවක් ඇති කාර්ගිල් අපේ රාත්‍රි නවාතැන විය. අපිට කාර්ගිල් වලින් කෑම කඩයක් සෙට් කරගන්නට හැකි වූයේ අපේ ෆෝන් බැටරි චාජ් කරගන්නට උත්සාහ කල විට හමුවුනු මිතුරෙකුගෙනි. ඔහු තිසර සිහින මිතුරා විසින් තවදුරටත් මිතුරු කරගන්නා ලදුව අපිට රාත්‍රී ආහාරය හොදට ගන්නට හැකි විය.
රෑ නවාතැන නම් අජපල්ය. එහෙත් රාත්‍රිය අඩුවට කොහොම හරි ඉන්න එතැන හොද නිසා අප එතැන සිටියෙමු. වතුර පහසුව අඩුය. බාල්දි වලට පුරවා ඉන් පසු නාගත යුතුය. මෙට්ට ඇතිරිලි පිලිනු ගද ගහන ඒවා විය. අපේ රථයේ පැමිණි ප්‍රංශකාරිය නම් කොහෙදෝ වෙන නවාතැන්ක සොයා ගියේය. අපිද නවාතැන් සෙව්මුත් අපිට එවැන්නක් හමු නොවීය. අවසානයේ ඒ අපිරිසිදු තැන රැය පහන් කර අපි නගරයේ ටිකක් එහා මෙහො ඇවිද්දෙමු. ඒ තර කෑමට ද ගිය අතර නූඩ්ල්ස් ඇතුලත් චිකන් තුක්පා නැමැති කෑම වර්ගය සහ බුරියානි අපි රෑට කෑවෙමු.
අතර මැද නිම්නයක්

කාර්ගිල් ව්ස්තර
ඇත්තටම කාර්ගිල් වලද බලන්නට තැන් තිබේ. එහෙත් අප සන්ද්‍යාෙව් එහි පැමිණ නැවතත් පාන්දරම ගමන් ආරම්භ කල යුතු වූයේ බස්රිය මගින් අපි ලේ ලදාක් වලට යෑ යුතු නිසාය. පාකිස්ථාන හමුදාවෝ අල්වාගෙන සිට ඇති කාර්ගිල් ඉන්දියානු හමුදාවන්ගේ ස්මාරකද පිහිටි ඔවුන්ට වැදගත් ස්ථානයකි.

කෙසග යුවතියක්

දර්ශනීය සෝනමාර්ග්

මස් කඩයක්

සෝනොමාර්ග් හි වීදි දරුවන්

ප්‍රංශකාරිය ටෝක් කරන වෙනත් සුද්දෙක්

මාර්ගයේ වැඩ කල කම්කරුවන්

බස් රියෙන් එලිය බැලූ විට

11 comments:

  1. ++++++++++++++++++++

    ReplyDelete
  2. Man aluth :) Digatama ennamko kiyawanna :)

    ReplyDelete
  3. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  4. ටොප් කතාවක් නේ උඹ ලියාගෙන යන්නේ...

    කියවන කියවන්න ආස හිතෙනවා..

    එහෙනම් , ඊළඟ කෑල්ලේ දී හම්බෙමු..

    ReplyDelete