Tuesday, November 6, 2018

කාශ්මීර හිමචල් ගමන 7 ලදාක් සිට අතරමගට

ලදාක් වල අපි ඉදියේ එක රැයයි. අපිට යන්න තැන් ගොඩක් තිබුනත් ඒ බෝඩර ඒරියා වලට ඒකාලේ පර්මිෂන් තිබුනේ නැහැ. ඒ නිසා අපි ඒ තැන්වලට නොයා ඉන්න තීරණය කලා. පස්සේ කාලෙක ඒ තැන්වලට ලංකාවේ අයට යන්න ලැබුනා. දැන් මම හිතන්නේ ලදාක් වල බෝඩර් ලොකේශන් කිහිපයකටම ලංකාවෙව් අයට යන්න අවසර ලබාගන්නට හැකියි. ඉන්දියාවේ හිමාලයට මායිම් වෙන ගොඩක් තැන්වල මෙහෙම බොඩර් පලාත් වලට පිවිසීමේ අවසර සම්බන්ධ ගැටලු තියෙනවා. ඉතින් ඒ හිමාල බෝඩර පලාත් වලට යනවා නම් පර්මිශන් සහ පර්මිශන් ගන්න විදිය ගැන ටච් එකේ යන එක හොදයි. 



ගමනාරම්භය 
අපිට ලේ සිට මනාලි වලට කෙලින්ම එන්න අමාරුයි. මග රැයක් මග නවාතැනක නවතින්න ඕනා. කිලෝමීටර 450ක් විතර වෙන ලේ සිට මනාලි දක්වා ගමනෙන් වැඩි කොටසක් තියෙන්නේ තදබල වංගු. ඉතින් මේ ගමනේ ආරම්භය පාන්දරම පටන් ගන්න එක තමයි හොද. ඒත් දිගින් දිගටම ඇවිල්ලා මහන්සි වෙලා ඉදපු අපි උදේ අවදි වෙනකොට දවල්වෙලා. දවල් වෙලා ඇහැරිලා අපි පිටත් වෙන්නට හිතුවා. 

කදුකර කාන්තාරයේ ගොඩනැගිලි 
මේ පලාතේ ගල් එකමත එක තියලා අපේ ලංකාවේ ඩෙල්ෆ්ට් දූපතේ හිරිගල් වලින් තාප්ප හදලා තියෙනව වගේ ගල් වලින් තාප්ප ගෙවල් හදලා තියෙනවා. ගෙවල් උනත් මෝඩ ගැඩොල් වගේ මහා විසාල ගැඩොල් වගයක් එක මත එක තියලා හදලා තියෙනවා. සමහර විට වැස්සක් එන්ෙන් බොහෝම කාලයකින් නිසා එහෙම ගෙවල් හැදුවාය කියලා ලොකු අපහසුවක් වෙන්නේ නැතුව ඇති. අපි නැවතුන නවාතැන් වල පවා ඒ විදියට හරිහැටි සිමෙන්තියෙන් බැදපු නැති ගල් ොහ් මැටි ගඩොල් තියලා හදාපු ගෙවල් ආදිය හම්බ වුනා. 


අපිට වාහනය සෙට් වීම 

අපිට මනාලි දක්වා එන්න බස් එකකුත් තියෙනවා. ඒත් බස් එක අපි එන්න ඉදිය දවසේ එන්නේ නැහැ. බස් එක තියෙන්නේ දවස් දෙකකට එකක් වශයෙන්. ඉතින් අපි ඒ නිසා පොඩි 7 සීටර් වාහනයක් ගන්න ඕනි කියලා කතා වුනා. ඒකට අපිට අපි ඉදිය නවාතැනේ අයියත් බොහොම සහයෝගය දැක්වුවා.අපි වාහනේට නැගලා අපේ තිබුන බඩු පාර්සල් බඩු මලු ටික වාහනේ උඩ පැටෙව්වා. මුල් හරියේදී වාහනේ ටයර් හෝ වෙනත් නඩත්තු වැඩක් තිබුන නිසා ඒතැන අපිට ටික වෙලාවක් ඉන්න වුනා. ඉන් පස්සේ ගමන් ඇත්තටම පටන් ගනිද්දි උදේ 11 වගේවෙලා. 


ටැග්ලන්ග්ලා 
මෙ ්ලදාක් පලාත කාන්තාර පසුබිමක්. මෙහිජන ජීවිතයත් තරමක් කටුකයි. මේ ගමනේදී අපිට ටැග්ලන්ග්ලා හමු වෙනවා. ඒ තමයි මේ ශ්‍රී නගර් ලදාක් සිට මනාලි දක්වා යන රවුන් ට්‍රිප් එකේම උසම තැන. එතැන මීටර 5300කට වඩා උස බව සදහන් වෙලා තිබුනා. සාමාන්‍යයෙන් මීටර් 5300ක් කියන්නේ ලංකාවේ පිදුරුතලාගලටත් වඩා උස තැනක්. වාහනේකින් යන්න පුලුවන් තවත් ඒ වගේ උසම තැන් තියෙනවා. ඒවාට යන්න අපිට පර්මිසන් තිබුනේ නැහැ. ඒ නිසා අපිට මේ පාස් එකෙන් සෑහීමටකට පත් වෙන්න සිද්දු වුනා. මේ වැගේ තැනක තියෙන උස නිසා සීතල වැඩියි. වින්ටරේ නම් මේ පැත්ත පලාතේ වත් කිට්ටු වෙන් බැරුව ඇති හිම. අගෝස්තුවෙත් ටැග් ලන්ග්ලා කිට්ටුව කදු යායවල් පෙනුනා උඩහ කොටස හිමෙන් වැහිල තියෙන. 


අරුම පුදුම වාහනය  
අපිට සෙට් වුන මනුස්සයා හොද කෙනෙක් නෙමෙයි. ඒ රියදුරු ගංජා වගේ මත් ද්‍රව්‍ය පාවිච්චිකරනවා. ඒවා බීලා මත් වෙලා ඉන්න කොට පොර හෙමෙන් යනවා. නැති වෙලාවට වේගෙන් යනවා. මුලදී අපි අකමැති වුනා පොර ඒවා ගන්නවාට. ඒත් පස්සේ ඒවා ගත්තම නේ පොර හෙමින් යන්නේ ඒ නිසා අපි  එයාට ඒවා ගන්න ඉඩ දුන්නා. 

මේ මත් ද්‍රව්‍ය ආදිය අරගෙන යන්නේ ලේසි පාරක නෙමෙයි. සමහර තැන්වල වාහනේ ජනේලේ පැත්තකින් බලන්නත් බයයි. මොකද එච්චරටම බෑවුමක් තියෙන්නේ. මෙහෙම යද්දි රෑ වුනා. ඒ කියන්ේන අපිට නවාතැන් ගන්න හිතපු තැනට එන්නත් කලින්ම රෑ වෙන්න ගත්තා. බාගෙදා එදා වැහි සහිත පසුබිමක් තිබුන නිසා ඉක්මනින් රෑ වුනාද දන් නැහැ. 


අපි කුණාටුවට හසු වීම 

වටේම කදු ඈතින් පේන ඒත් සමතල මහා පිට්ටනියක් මැද කඩ සෙට් එකක් තිබුනා. අපි එතනින් තේ වතුර බිව්වා. එතනට එනකොට තිබුනේ මහ අමුතුම පරිසරයක්. දේදුන්නක් තියෙනවා. ඈතින් වලාකුල් පොකරු පොකුරු කුට්ටි පිටින් එනවා. ඒවා ඇවිත් ටික වෙලාවකින් ඔන්න බිමට වැටෙන්න පටන් ගත්තා. පොඩි හිම කැට. ටික් ටොක් කියලා කට සීතල කරන්න තියෙන මෙව්වා වගේ සුට්ටි බෝල ජාතියක් අහසින් වැටෙනවා. ඒවා වැදුනාම ඇගට රිදෙනවා.  එතැනදි අපේ චතුරංගට පෝඩක් සෙම අමාරුව වැඩිවුනා.


රාත්තිරි ගමන 

ඇත්තටම කුනාටුව සෙට් වුනේ දවල්. එතනින් එහා ගිහින් තමයි රෑ වුනේ. රෑ වුනත් එක්කම අපිට නවාතැනක් නැහැ. ඒත් අපි මහා කදු යායක් මැද. ඒ අතරමැද මතක විදියට අපේ බෑග් වැටුනා. බෑග් වැටිලා අපේ බඩු බාහිරාදිය නැතිවෙලා පාස්පොට් නැතිවුනා නම් අපි අනාථයි. ඒ වෙලේ ඇත්තටම අපේ යාලුවෙක්ට මීඨර් වෙලා තිබුනා වාහනෙ උඩින් බෑග් වැටෙනවා. ඒ ගමන ආයේ අපි මහ වැස්ස වගේ තිබුන තද සීතලේම වාහනේ උඩට නැගලා බෑග් බැදලා තිබුන බැමි තද කලා. ඒ වගේම ආයේ වැටුන බෑග් ඇහිදගත්තා. 

රියදුරු ගේ හැසිරීඹ 

 රියදුරාට මේ බෑග් වැටීමවත් වෙන දෙයක් වත් කිසිම වගක් නැහැ. පොරගේ ගාව තිබුනා හොද සින්දු කලෙක්ශන් එකක්. ඒක සද්දෙන් දාගෙන හෝ ගාල යනවා යනවා ඉවරයක් නැහැ. මෙ ගමන රෑ වෙද්දි අපි බය වුනා. ඒ මදිවට මේ රියදුරු ගෝතයා හිටපු ගමන් කන්ද බෑවුම අතරින් තියනෙ සෝට්කට් වලින් දානවා. අපි කදු නගින්න යද්දි වංගු වංගු  ස්කිප් කරලා අපි කන්ද දිගේ පහල බහින්නේ. ආන්න ඒ වගේ අපේ බුවාත් පහලට රූටන්න වගේ ඕෆ් රෝඩ් දානවා. ඉතිං බයේ පණ යනවා අපේ.. 

මේ කදු වල අපෙ ්කදු වල වගේ බැද්ද නැහැ. තනිකර පස් කදු වගේ දුබුරු පාට කදු . ඒනිසා. ඒ විදියේ ඕෆ් රෝඩ් දාන්නත් ලේසියි. 


නවාතැනට ඒම. 
 
කොහොමින් හරි අපි මැද තිබුන නවාතැන් තැනකට එද්දි රෑ වෙලා ගොඩක්.මොනා හරි  තිබුන දෙයක් කොටාබාලා අපිට නිදාගන්න තමයි තිබුනේ. ඒ නිදාගත්ත තැන විස්තර එතැන කොහොමද කියලා සහ ගමනේ ඉලග විස්තරේ අපි ඊලග එපිසොඩ් එකෙන් බලමු.පහල තියෙනවා මම පිංතුර ටික පෙලගස්සලා හදාපු වීඩියෝ එක. ඒකත් බලලාම යන්නෝන ඔන්න. 

3 comments:

  1. මේ ගමනේදී රා අරක්කු බුන්නේ නැද්ද? කෑම බිම වල පින්තුර විස්තර දනවකෝ අමිල

    ReplyDelete
  2. නෙත්මිට පුකේ අරින්න ආසයි

    ReplyDelete