Sunday, December 30, 2018

කාශ්මීර හිමාචල් ගමන 9 - මනාලි

අපි මනාලි වලට සේන්දු වෙද්දි හවස් වෙලා. දවස් දෙකක් වාහනයේ ආපු නිසා අපිට සැර ගමන් මහන්සියක් තිබුනා. ඒ 7 සීටර් එකේ 8ක් විතර ගිය නිසා අපාසුවෙන් තමයි ඉදියේ. ඉතින් මනාලි වල හොද සැපට නිදාගන්න පුලුවන් තැනක් සොයාගන්න උවමනා වුනා. ඒත් අපිට මුලින්ම හමු වුනේ ලංකාවේ ටවුමක් කිට්ටුව තියෙන බජට් ගෙස්ට් හවුසියක් වගේ තැනක්.

එතැන පාවිච්චි කල කොන්ඩම් සහ කාමර භාවිතා කල බවට සලකුනු එහෙම අප්රසන්න විදියට තිබුනා කියලා යාලුවෝ කිව්වා.මට ටිකක් ඇගට හොද මදි ගතියක් තිබුන නිසා මම නිදාගත්තා. මතක විදියටයාලුවෝරෑ සෙට් වුනා.

අපි මේ ගමනට ගත්තා බෝතල 6ක් කටුනායකින් ලාබෙට. ඒ බෝතල 6න් දෙකක් දෙන්න වුනා ඉන්දියානු රේල් එකට.. අනේ ඉතිරි බෝතල 4ත් අපිට බිගන්න බැරිවුනාද මන්දා. බොන්න බැහැ මහන්සිය වැඩි නිසා. එහෙම නැතුව බොන්න බැරි කට්ටියගිය නිසා නෙමෙයි.

මනාලි ලස්සන ටවුමක්. සීතල කාලෙට මනාලි වලලස්සනට හිම තියෙනවා ඇති කදු මුදුන් වල. ඒත අපි ගිය අගෝස්තුවේ නම් හිම කදුලක් නැහැ. ඒ මදිවට පොඩි වැහි පොදයකුත් පාත් වෙන්න ගත්තා.
 මෙ ්තියෙන්නේ බස් නැවතුම් පොල. මේ තැන ඇත්තටම ප්‍රධාන බස් නැවතුම නෙමෙයි. මේ ඇවිල්ලා දුර ගමන් සැප බස් නවත්වන තැන. අපි මෙතන්ට ගියේ ටිකට් බුක් කරගන්න. දවසකට විතර කලින් ටිකට් වෙන්කරගන්න එක වාසියි. වෙන ටවුමේ තැන්වලිනුත් ටිකට් බුක් කරගන්න පුුලව්න ඒත් රුපියල්ෙ දතුන් සීයක් වාසියි මේ බස් නැවතුමෙන්ම ටිකට් කරගන්න එක. අපි මෙතන්ට යනකල් පයින් ගියා. කිලෝමීටර දෙකක් විතර පහලට බහින්න තමයි තිබුනේ
 චාන්දිගර් තමයි මේ පලාතට එන්න තියෙන පිවිසුම.මනාලි වලට කෝචචියෙන් එනවානම් චාන්දිගර් වල බහින එකයහපත්.කල්කා වලටම ගියොත් කල්කා ඉදලා ශිම්ලා දක්වා පුංචි කෝචචියේ යන්නත් පුලුවන්. ඇත්තටම මනාලි වලට ගියාට අපි මනාලි ඉදලා සිම්ලා ගියේ නැහැ. ශිම්ලා වලත් බලන්න එහෙමටදෙයක් නැතිවෙයිය කියලා අපි හිතුවා.
 අපි උදේ ඇවිදින්න පටන් ගත්තා විතරයි මෙන්න ලස්සන වරුසාවක් කඩාගෙන වැටුනා. මේ අත් බැදගෙන සහ කැමරාවක් අරන් ඉන්නේ අපි කාන්ඩය. මේ පේන කඩය නම් කෑම කඩයක්. ඒ කඩෙනුත් මොනාහරි ගත්තා කන්න. ඒතදැන් මතක නැහැ ඒ මොනවද කියලා.
 ඉන්දියාවේ පලමු අගමැති වෙච්චි නේරු තුමා ගේ පිලිමයක් තමයි මේ. නේරු තුමා උඩපලාතේ බොහොම දෙනා හොදට සලකන කෙනෙක්. නේරුතුමාටශ්‍රී නගර් මුස්ලිම් අයත් ගරු කරලාකතා කලා. කතාවට කියනවා නේරුතුමාට බොන්න ඇල්වතුරපවා ගෙනිච්චේ මනාලි වලින්ය කියලා. ඒක නම් ඇත්තද දන් නැහැ.
 අපි ගිය දවස මතක විදියට සති අන්ත දවසක්. මේ සති අන්තයේ හැමතැනම කට්ටිය ඉතින් මේ සති අන්තයට ටවුමට ආපු කාන්ඩයක් වෙන්නට ඇති.

 ඊලගට නේරු තුමාෙග් පිළිමේ ගාවින ්ටිකක් ඇතුලට ගියාම තියෙනවා ලස්සන පොට් එකක්. ඒක පාක් එකක්. මහ විසාල පයිනස් ගස් ගොඩක් තියෙනවා. ඇතුලේ යද්දි අදුරුයි. තනියම ගියොත ්බය හිතෙනවා. මේ පාක් එකේ ලව් කරන්න ආපු ජෝඩු වගේම විනෝදයට ඇවිදින්න ආපු කට්ටියත් උන්නා.

 පාක් එක ඇතුලේ පොඩි සත්තු වත්තක්කරුළු උයනක් වගේ තැනක් තියෙනවා. එතන කුරුල්ලෝ ඉන්නවා. ලස්සන ලස්සන කුරුල්ලෝ කිහිප දෙනෙක් කූඩු වල දාල උන්නා. මනාලි වල තියනෙවා පරණ මනාලි සහ අලුත් මනාලි කියල කොටස් දෙකක්. මෙයින් අපි ගියේ අලුත් මනාලි වලට ඕල්ඩ් මනාලි කියන පලාතත් සංචාරකයින් අතර ජනප්‍රිය තැනක්.

 අපිරිසිදු කම නිසා අපි අලුත් නවාතැනකට යන්නට තීරණය කලා. එතෙක් උන්නු හඩු ප්ලේස් එකට සමු දීලා අපි අලුත් තැනකට ගියා. එතන ටිකක් පොස් තැනක්. ඇත්තටම ඒ පොටෝ කොහේද කියලා හොයාගන්න නැහැ. අපි ගිය ඔෆ් සීසන් නිසා අපිට ලොකු ඩිස්කවුන්ට එකකට එතැන ඉන්න ලැබුනා. ඒත අපි එතැනින ්කෑම බීඹ ගත්තේ නැහැ. මට මතකයි ඒකේ රෙදි හෝදන්නත් බර ගානක් චාජ් කලා. ඒත් ඉතිං හොද හෝටලේකට ගිහින් බයියා  වගේ රෙදි උස්සන් තැන තැන යන්න බැහැ නේ. ඒ නිසා මගේ රෙදි ටික සහ යාලුවන්ගේ රෙදි පෙරදි ටික එතැන ලොන්ඩරියට දීලා හොදාගත්තා.

 අපි හැන්දෑ වෙලා මනු ටෙම්පල් එකට යන්නට පිටත් වුනා. මනු ටෙම්පල් කියන්නේ හනුමා වෙනුවෙන් හදපු දේවාලයක් පයන්සලක් වගේ එකක්. පුංචි මනුස්සයෝ සහ වැඩිහිටි පිිරිස ගොඩක් මනු ටෙම්පල් එකට ඇවිත් හිටියා. මනු ටෙම්පල් යන පාරේ දෙපැත්තේ වෙලද සැල් ගොඩක් තිබුනා. ඒ අතර රෝයල් එන්ෆීල්ඩ් රෙන්ට් එකට දෙන තැනක් තමයි මේ. රෝයල් එන්ෆිල්ඩ් එකකට රවුමක් යන්න යාලුවන්ට ඕනකම තිබුනා. එත් ඒක ටිකක් යට ගියා. මෙකද මේ බයිසිකලයක් දවසකට ඉන්දියන් රුපියල් දාහකටත් වැඩිය ගන්නවා රෙන්ට් එකට.. තෙල් නැතුව. ඒ ගානත් ටිකක් සේප්..මම හිතන්නේ වැස්ස වගේ ගතියක් තිබුන නිසා අපි බයික් පදින වැඩේට ගියෙ ්නැහැ. කොහොම වුනත් රෝයල් එන්ෆිල්ඩ් කියන්නේ අපි ගිය හිමාලයා රීජන් එකේම ටොප් බයික් එකක්. පාරේ ඇවිදිනකකොට ලංකාවේ ඉන්දියන් බයික් පේනවා වගේ මනාලි වලින් උඩ පලාතෙදි රෝයල් එන්ෆිල්ඩ් පේනවා..

 හනුමා වෙනුවෙන් හදාපු මේ දේවාලේ ඇතුලේ පුංචිඅය සෙට් පිටින් හිටියා. ඒ පුංචි ලමයි සෙල්ලම් කරමින ්තමයි උන්නේ. ඒ වගේමඅපිත් ගිහින් දන්න හැටියට දේවාලේ වැදපුදාගෙන ආවා. 

මේ ඇවිල්ලා තඩි හරකෙක්. මුන් කලාතුරකින් දකින්න ඉන්නවා. අම්බෝ මුන්ගේ සයිස් එක. එක පාරක් පිම්බම අපි වැටෙන්න වගේ යනවා. බොහොම තද පරුස හරක් ජාතියක්. මුන්ගේ පිටේ බඩු ආදිය ගෙනියනවා. නාගරික සීමාව වුනත් සමහර තැන් වලට බඩු බාහිරාදිය ගෙනියන්න තවමත් මේ යැක්ලා පාවිච්චි වෙනවා. 

Saturday, December 22, 2018

කාශ්මීර හිමචල් ගමන 8 මනාලි දක්වා


 මේ අපි අද කතාකරන්නේ 2015 අගෝස්තු මස 13 වැනිදා ගිය ගමන් විස්තරය ගැන. අපි කටුක රාත්‍රියක් කටුක තැනක ගතකලා. ඒක අපේ ගමනේ නැවතුන අපහසුම තැන.අතරමගට එද්දි රෑ වුනා. නවතින්න තැනක් සෙට් වුනේනැහැ හරිහමන්. මම හිතන්නේ අපි බොහම කිට්ටුවෙලා හිටියා හොද  නවාතැනකට. ඒත්රෑ 9 විතර වෙනකල් එකදිගට ඇවිත් අපිට සෙට් වෙන තැන නවතින්න ඕනි කම තිබුනා. රියදුරාත් එතැන ඇරේන්ජ් කරලා දුන්නා. එතන පොඩි ටකරම් මඩුවක්.ඒ ටකරම් මඩුව හැම තැනකින්ම ටකරන් වලින් වහලා. ඒක ඇතුලේ ඇදක් තිබුනා විසාල එකක්. ඒකේ තමයි අපි ඉන්නට ඕනා. 
 උදේ නැගිට්ටා.රෑ නින්ද ගියේ නැහැ. යාලුවෙක්ට දෙන්නෙක්ට පොඩි අමාරු ආවා. හිසරදය කැරකිල්ල වගේ. මම හිතන්නේ තිබුන දැඩි ශීතල සහ නොගැලපෙන කාලගුණය නිසා වෙන්නට ඇති. කොහොම වුනත් අපිඒ ඇදේ පොදි ගැහිලි හොදට පොරවන්නිදා ගත්තා.රෑ මොනවද සද්ද වගයකුත් ඇහුනා. මෙලෝ බලු බල්ලෙක් නැති පලාතක සෙට් වුන නවාතැනක්.ඒක ලග නවාතැන් ගැනීම ටිකක් සීරියස් වැඩක්. 
 මේ ඉන්නේ අපි උදේ පාන්දර නැගිටලා බැලුවාම ලෝකේ පෙනුන විදිය. පාන්දර නැගිටලා ලෝකේ මෙච්චර ලස්සන වුනාට බොග දාන්න ගියාම පුක ගල් වෙනවා. අයිස් වගේ වතුර. ඒ වතුර වලින් අමාරුවෙන් අපි හෝදාගත්තා. සමහර යාලුවන් ටහරියට මල පිටවෙන්නෙත් නැහැ තියෙන තද සීතලට. මට එච්චර සැරටම අමරු වුනේ නැහැ.
 අපි නැවතුන තැන ඉන්න පවුලක පොඩි එකා උදේ වෙද්දිත් නිදි. මේ පොඩි මනුස්සයා ටිකක් චීන මොංගෝලි පෙනුම. පුංචි උන්ටනම් ලොේක කොහේ උන්නත් සෙල්ලමයි නිදාගැනීමයි නේ..ලොකු උන් එපැයි ළමයි ටික ආරක්ෂා කරගන්න වැඩකටයුතු කරන්න. මේ බ්ලැන්කට් එකේ නිදං ඉන්න පොඩි එකා ඉන්න තැනම කොටසක තමයි අපිට තේ බොන්න වාඩිවෙන්න ලැබුනේ.
 නූඩ්ල්ස් එකක් ඔව්..ඒක නූඩ්ල්ස් එකක් රුචා සහ රුචාගේ බිරින්දා බුදිනවා.තේ වතුරත් බිව්වා. අපිත් ඔ්‍ය වගේ ආහාර තමයි ගත්තේ. හොදට කෑවට පසසේ ටිකක් සීතල දැනෙනවා අඩු වෙනවා. අපි මතක විදියට පාන්දරම පිටත්වුනා.
 රෑ ගමනේදි කියන්නම ඕනි දෙයක් තියෙනවා. අපේ බෑග් එකක් වැටුනා. රියදුරාට අපි කලින් කිව්වත් පොර එච්චර කෙයාකලේ නැහැ. අවසානේ ඒවා වැටෙන සද්දේ අපිට ඇහුන නිසා ගොඩ ගියා. ආපහු හරවලා ගිහින් තද සීතලේ ගැහි ගැහි අපි වාහනේ උඩට තියලා බෑග් ටික ගැටගහා ගත්තා.
 මේ රෑ නෙමෙයි. මේ උදේ වෙලාවේ අතරමග කදුකරයේ තැනක නවාතැනක්. මෙතනදි අපි තේ වතුර හෝ උදේ කෑම ගත්තා. ඒ කඩේ ටිකක් සෙනගත් හිටියා. එතැනත් නවාතැන් ගන්න තැනක් වෙන්නට ඕනි. මේ නිල්පාට ඉටිරෙද්ද නිසා වටපිටාව පේනවා.
 මොනාහරි වේලෙන්න දාලා තිබුන දෙයක්. මේ දිහාවේ තැන තැන බැටලුවන් එලුවන් වගේ සතුන් හමුවුනා. දුඹුරුපාට කදු වැටි වල කලාතුරකින් තියෙන කොලපාට කොලයක් ඩැහැගන්න මුන් කදු උඩ බඩගානවා. මහ කටුක ජීවිතයක්. කමක් නැහැ ඒත් අවසානේ බැටලුවා මිනිසාගේ දිව පිණිස මස් වෙනවා ඇති.
 මේ ගමන් මග තුල මීටර 4000ට වැඩි තැන් කිහිපයක්ම පහු වුනා. ඒ වගේ තැන්වල අනිවා හිම සෙට් වෙනවා. මේ තැන් වල කදු උඩ හිම තිබුනාට පහල හරියෙත් පට්ට සීතලයි. වාහන ඒසී ඕනි නැහැ. ඒත් මේ පාරවල් වල තියෙන දූවිල්ල නිසා ඒ සී ඕනි වෙනවා. මොකද ජනෙල් අරගෙන ගියොත් දූවිලි පිටින් තමයි බහින්නට වෙන්නේ.
 මේ ගමනේදි මේ හරියෙදීමට මතක විදියට අපිගිය සෙවන් සීටර් කැබ් එක ලොරියක හැපුනා. ලොරියේ දොරේ තිබුන ටිකක් ලොකු ඇණයකට අපේ වාහනේ බෆර් එක හෝ ඉස්සරහ ලාම්පුව හරිය හිල් වුනා. ලංකාවෙ නම් ඒක වලි කිහිපයක් යන්න සිදුවීමක්. ඒත් මේ පාලුපාරේ ඒක වැදුනත් නොවැදුන ගානට දෙගොල්ලම හැරිලා ගියා. අපේ රියදුරන් වගේ ඉන්දියන්  බුවාල වාහන වලට එච්චර ලව් නැහැ.
 මනාලිකිට්ටු වෙන්න වෙන්න ටිකක් කොලපාට වෙනවා පාර දෙපැත්ත. කෙමෙන් කෙමෙන් අපේ රටේ නුවරඑළි දිහා තියෙනකදු මට්ටමට එනවා. ඒ එද්දි ටිකෙන් ටික හරක් වගාවන් සහ මිනිස්සු පේන්න ගන්නවා අපි හිතනවා අනේ තව ටිකකින් මනාලි සෙට් වෙයි කියලා. ඒත් අපි හිතනවාට වඩා මනාලි වලට දුර තිබුනා.
 මේ ටිකක් කලින් ගනිපු ජලාශයක්. උස තැන්වල කදුකරයේජලාශ වල ජලය නිල් පාටයි. නැතිනම් මේ විදියේ කොල පාටයි. ඒ ජලයේ තිබෙන මොනාහරි සංඝටකයක් නිසා එහෙම වෙනවා ඇති. මේ ජලතලා දැක්කාට ඒ ලගින්ගියා විතරයි බැහැලා බලලා යන්න අපිට කාලය ඉතුරු වෙලා තිබුනේ නැහැ.
 මේ ගමනේදී අපිපාන්දර නැග්ග වෙලේ පට්න කෑම කන තැනක් තියේනම් එතැන දක්වාම වාහනේ ඇතුලේ පැද්දි පැද්දි ගමනේම තමයි. ඉන් පස්සේ අපි එතැන ටික වෙලාවක් ඉදලා ආයේම යනවා යනවා ඉවරයක් නැහැ. ඇත්තම කිව්වොත් අපි දවස් හතරක් විතර එකදිගට ම ගමනේ.. ගමන් එපා වෙලා තිබුනේ. ඒත් ඉතිං අමාරුයිකියලා හැරයන්න බැහැ නේ. කොහොම හරි ගිහින් ඉවර කරන්නත් එපැයි..
 මේ අපි ඉන්නේ රොතෑන් පාස් වල. වින්ටරේහෙවත් දෙසැම්බර් ජනේරු කාලේදි මනාලි ඉදන් එන අය එන්නේ රොතෑන් පාස් දක්වා විතරයි. රොතෑන් වලින් උඩ යන්න ලැබෙන්නේ අපි ගිය ගිම්හාන කාලයේ තමයි.මේ රොතැන් පාස් වල අපි යද්දි වටේ හිම නැහැ. කුටියක් තිබුනා කුටියේ ඉන්නවා ඩැල් එකක්.ඒකට ගෑනුන්ට මෙන්සස් තියෙන දවසට යන්න බැහැල්ලු.පූසාරියාගේ නීතිනේ ඉතින්.. අපි එතැන නැවතිල වටපිට බැලුවා. කවදාකහරි වාසනාවකට ආයේ යන්න ලැබුනොත් වින්ටර් එකට ගිහින් ඔලුව දාලා එන්න ඕනිමේ රොතෑන් පාස්වලට. 
මම ගිය ගමන් සවාරි වලින් වැඩිම උසකට නැග්ෙග් මේ පාර. අපි මීටර 5000 ටච් කරන්න ඇති. පස්සේ කාලෙක මම නේපාලයේ කදු නගින්න ගියත් ඒ නැග්ගෙත් මීටර 4500ක් වගේ උසක්. උස එක්ක එන්ෙන් කටුක අත්දැකීමක්. ඒක විස්තර කරන්න අමාරුයි. කොහොම වුනත් ජීවිතේ ගිහිපු බෙහොම ඉක්මනින් ප්ලෑන් කරපු ලස්සන ගමනක්තමයි කාශ්මීර ගමන. අපි ගිහින් එද්දි නම් ආපහු යන්න ඕනි කිව්වට අපි 8 දෙනාගෙන් කාටවත් ආයේ යන්න ලැබුනේ නැහැ. ඉන් පස්සේ ටුවර් එකකට හරි දිල්ලි දිහාවට මම නම් ගියා නේපාල යන ගමන්.