Saturday, December 22, 2018

කාශ්මීර හිමචල් ගමන 8 මනාලි දක්වා


 මේ අපි අද කතාකරන්නේ 2015 අගෝස්තු මස 13 වැනිදා ගිය ගමන් විස්තරය ගැන. අපි කටුක රාත්‍රියක් කටුක තැනක ගතකලා. ඒක අපේ ගමනේ නැවතුන අපහසුම තැන.අතරමගට එද්දි රෑ වුනා. නවතින්න තැනක් සෙට් වුනේනැහැ හරිහමන්. මම හිතන්නේ අපි බොහම කිට්ටුවෙලා හිටියා හොද  නවාතැනකට. ඒත්රෑ 9 විතර වෙනකල් එකදිගට ඇවිත් අපිට සෙට් වෙන තැන නවතින්න ඕනි කම තිබුනා. රියදුරාත් එතැන ඇරේන්ජ් කරලා දුන්නා. එතන පොඩි ටකරම් මඩුවක්.ඒ ටකරම් මඩුව හැම තැනකින්ම ටකරන් වලින් වහලා. ඒක ඇතුලේ ඇදක් තිබුනා විසාල එකක්. ඒකේ තමයි අපි ඉන්නට ඕනා. 
 උදේ නැගිට්ටා.රෑ නින්ද ගියේ නැහැ. යාලුවෙක්ට දෙන්නෙක්ට පොඩි අමාරු ආවා. හිසරදය කැරකිල්ල වගේ. මම හිතන්නේ තිබුන දැඩි ශීතල සහ නොගැලපෙන කාලගුණය නිසා වෙන්නට ඇති. කොහොම වුනත් අපිඒ ඇදේ පොදි ගැහිලි හොදට පොරවන්නිදා ගත්තා.රෑ මොනවද සද්ද වගයකුත් ඇහුනා. මෙලෝ බලු බල්ලෙක් නැති පලාතක සෙට් වුන නවාතැනක්.ඒක ලග නවාතැන් ගැනීම ටිකක් සීරියස් වැඩක්. 
 මේ ඉන්නේ අපි උදේ පාන්දර නැගිටලා බැලුවාම ලෝකේ පෙනුන විදිය. පාන්දර නැගිටලා ලෝකේ මෙච්චර ලස්සන වුනාට බොග දාන්න ගියාම පුක ගල් වෙනවා. අයිස් වගේ වතුර. ඒ වතුර වලින් අමාරුවෙන් අපි හෝදාගත්තා. සමහර යාලුවන් ටහරියට මල පිටවෙන්නෙත් නැහැ තියෙන තද සීතලට. මට එච්චර සැරටම අමරු වුනේ නැහැ.
 අපි නැවතුන තැන ඉන්න පවුලක පොඩි එකා උදේ වෙද්දිත් නිදි. මේ පොඩි මනුස්සයා ටිකක් චීන මොංගෝලි පෙනුම. පුංචි උන්ටනම් ලොේක කොහේ උන්නත් සෙල්ලමයි නිදාගැනීමයි නේ..ලොකු උන් එපැයි ළමයි ටික ආරක්ෂා කරගන්න වැඩකටයුතු කරන්න. මේ බ්ලැන්කට් එකේ නිදං ඉන්න පොඩි එකා ඉන්න තැනම කොටසක තමයි අපිට තේ බොන්න වාඩිවෙන්න ලැබුනේ.
 නූඩ්ල්ස් එකක් ඔව්..ඒක නූඩ්ල්ස් එකක් රුචා සහ රුචාගේ බිරින්දා බුදිනවා.තේ වතුරත් බිව්වා. අපිත් ඔ්‍ය වගේ ආහාර තමයි ගත්තේ. හොදට කෑවට පසසේ ටිකක් සීතල දැනෙනවා අඩු වෙනවා. අපි මතක විදියට පාන්දරම පිටත්වුනා.
 රෑ ගමනේදි කියන්නම ඕනි දෙයක් තියෙනවා. අපේ බෑග් එකක් වැටුනා. රියදුරාට අපි කලින් කිව්වත් පොර එච්චර කෙයාකලේ නැහැ. අවසානේ ඒවා වැටෙන සද්දේ අපිට ඇහුන නිසා ගොඩ ගියා. ආපහු හරවලා ගිහින් තද සීතලේ ගැහි ගැහි අපි වාහනේ උඩට තියලා බෑග් ටික ගැටගහා ගත්තා.
 මේ රෑ නෙමෙයි. මේ උදේ වෙලාවේ අතරමග කදුකරයේ තැනක නවාතැනක්. මෙතනදි අපි තේ වතුර හෝ උදේ කෑම ගත්තා. ඒ කඩේ ටිකක් සෙනගත් හිටියා. එතැනත් නවාතැන් ගන්න තැනක් වෙන්නට ඕනි. මේ නිල්පාට ඉටිරෙද්ද නිසා වටපිටාව පේනවා.
 මොනාහරි වේලෙන්න දාලා තිබුන දෙයක්. මේ දිහාවේ තැන තැන බැටලුවන් එලුවන් වගේ සතුන් හමුවුනා. දුඹුරුපාට කදු වැටි වල කලාතුරකින් තියෙන කොලපාට කොලයක් ඩැහැගන්න මුන් කදු උඩ බඩගානවා. මහ කටුක ජීවිතයක්. කමක් නැහැ ඒත් අවසානේ බැටලුවා මිනිසාගේ දිව පිණිස මස් වෙනවා ඇති.
 මේ ගමන් මග තුල මීටර 4000ට වැඩි තැන් කිහිපයක්ම පහු වුනා. ඒ වගේ තැන්වල අනිවා හිම සෙට් වෙනවා. මේ තැන් වල කදු උඩ හිම තිබුනාට පහල හරියෙත් පට්ට සීතලයි. වාහන ඒසී ඕනි නැහැ. ඒත් මේ පාරවල් වල තියෙන දූවිල්ල නිසා ඒ සී ඕනි වෙනවා. මොකද ජනෙල් අරගෙන ගියොත් දූවිලි පිටින් තමයි බහින්නට වෙන්නේ.
 මේ ගමනේදි මේ හරියෙදීමට මතක විදියට අපිගිය සෙවන් සීටර් කැබ් එක ලොරියක හැපුනා. ලොරියේ දොරේ තිබුන ටිකක් ලොකු ඇණයකට අපේ වාහනේ බෆර් එක හෝ ඉස්සරහ ලාම්පුව හරිය හිල් වුනා. ලංකාවෙ නම් ඒක වලි කිහිපයක් යන්න සිදුවීමක්. ඒත් මේ පාලුපාරේ ඒක වැදුනත් නොවැදුන ගානට දෙගොල්ලම හැරිලා ගියා. අපේ රියදුරන් වගේ ඉන්දියන්  බුවාල වාහන වලට එච්චර ලව් නැහැ.
 මනාලිකිට්ටු වෙන්න වෙන්න ටිකක් කොලපාට වෙනවා පාර දෙපැත්ත. කෙමෙන් කෙමෙන් අපේ රටේ නුවරඑළි දිහා තියෙනකදු මට්ටමට එනවා. ඒ එද්දි ටිකෙන් ටික හරක් වගාවන් සහ මිනිස්සු පේන්න ගන්නවා අපි හිතනවා අනේ තව ටිකකින් මනාලි සෙට් වෙයි කියලා. ඒත් අපි හිතනවාට වඩා මනාලි වලට දුර තිබුනා.
 මේ ටිකක් කලින් ගනිපු ජලාශයක්. උස තැන්වල කදුකරයේජලාශ වල ජලය නිල් පාටයි. නැතිනම් මේ විදියේ කොල පාටයි. ඒ ජලයේ තිබෙන මොනාහරි සංඝටකයක් නිසා එහෙම වෙනවා ඇති. මේ ජලතලා දැක්කාට ඒ ලගින්ගියා විතරයි බැහැලා බලලා යන්න අපිට කාලය ඉතුරු වෙලා තිබුනේ නැහැ.
 මේ ගමනේදී අපිපාන්දර නැග්ග වෙලේ පට්න කෑම කන තැනක් තියේනම් එතැන දක්වාම වාහනේ ඇතුලේ පැද්දි පැද්දි ගමනේම තමයි. ඉන් පස්සේ අපි එතැන ටික වෙලාවක් ඉදලා ආයේම යනවා යනවා ඉවරයක් නැහැ. ඇත්තම කිව්වොත් අපි දවස් හතරක් විතර එකදිගට ම ගමනේ.. ගමන් එපා වෙලා තිබුනේ. ඒත් ඉතිං අමාරුයිකියලා හැරයන්න බැහැ නේ. කොහොම හරි ගිහින් ඉවර කරන්නත් එපැයි..
 මේ අපි ඉන්නේ රොතෑන් පාස් වල. වින්ටරේහෙවත් දෙසැම්බර් ජනේරු කාලේදි මනාලි ඉදන් එන අය එන්නේ රොතෑන් පාස් දක්වා විතරයි. රොතෑන් වලින් උඩ යන්න ලැබෙන්නේ අපි ගිය ගිම්හාන කාලයේ තමයි.මේ රොතැන් පාස් වල අපි යද්දි වටේ හිම නැහැ. කුටියක් තිබුනා කුටියේ ඉන්නවා ඩැල් එකක්.ඒකට ගෑනුන්ට මෙන්සස් තියෙන දවසට යන්න බැහැල්ලු.පූසාරියාගේ නීතිනේ ඉතින්.. අපි එතැන නැවතිල වටපිට බැලුවා. කවදාකහරි වාසනාවකට ආයේ යන්න ලැබුනොත් වින්ටර් එකට ගිහින් ඔලුව දාලා එන්න ඕනිමේ රොතෑන් පාස්වලට. 
මම ගිය ගමන් සවාරි වලින් වැඩිම උසකට නැග්ෙග් මේ පාර. අපි මීටර 5000 ටච් කරන්න ඇති. පස්සේ කාලෙක මම නේපාලයේ කදු නගින්න ගියත් ඒ නැග්ගෙත් මීටර 4500ක් වගේ උසක්. උස එක්ක එන්ෙන් කටුක අත්දැකීමක්. ඒක විස්තර කරන්න අමාරුයි. කොහොම වුනත් ජීවිතේ ගිහිපු බෙහොම ඉක්මනින් ප්ලෑන් කරපු ලස්සන ගමනක්තමයි කාශ්මීර ගමන. අපි ගිහින් එද්දි නම් ආපහු යන්න ඕනි කිව්වට අපි 8 දෙනාගෙන් කාටවත් ආයේ යන්න ලැබුනේ නැහැ. ඉන් පස්සේ ටුවර් එකකට හරි දිල්ලි දිහාවට මම නම් ගියා නේපාල යන ගමන්. 

11 comments:

  1. හරිම ලස්සන දර්ශන තියෙන පළාතක් වගේ. අර බැටළුවන්ට කන්න ඒ හැටි දෙයක් තියෙන බවක් නොපෙනුනාට, උන් හරි පුෂ්ටිමත් පාටයි. ඒ කඳුවල ගහක් කොළක් නැතුව ඇත්තෙ ශීත කාලෙට ඒවා සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා යන හින්දා වෙන්න ඇති. හප්පා, වාහනේ යනකොට පේන බෑවුම් දක්කම ඇඟම සීතල වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු මේ පැත්තේ ආවට සහ පෝස්ට් එක බලලා කමෙන්ට් කලාට..

      Delete
  2. අමිලගේ ඉන්දියානු සංචාර දැක්කම මටත් එහෙ යන්න ආසාවක් අව. ඊට පස්සේ මම අමිලගෙන් කොමෙන්ට් එකකුත් දාලා ඇහැව්වා අමිලගේ නේපාල ගමනේ විස්තර, කෑම බිම ගැන එහෙම. ඊට පස්සේ අමිල පොස්ට් එකකුත් ලියලා තිබ්බා මතකයි 'නේපාල ගමනේ කෑම' කියලා.

    ඔන්න කොහොම හරි මාත් ඉන්දියාවේ සංචාරයක් ගිහිං ආව. ඒ ගැන සම්පුර්ණ ලිපියක් පහල ලින්ක් එකෙන් කියවන්න පුළුවන්. අමිලගේ ලිපි පෙළ නිසා තමයි ඒ ගමන යන්න කැමැත්තක් ආවේ. ලිපිය බලලා අදහස කියන්න අමිල.

    ස්තුතියි.

    ඉන්දියාවේ දින 15 ක් !!!

    ReplyDelete
    Replies
    1. ඒ මුදල නම් මට සෑහෙන්න වැඩියි.. බලලා තියෙන්නේ සාමාන්‍ය සිද්ධස්ථාන ටික විතරක්නිසා මම හිතන්නේ ලොකු පැකේජ් කරන සමාගමක් එක්ක සෙට් වුනා නම් මීට වඩා වාසියි ලේසියි.

      Delete
    2. ගාන නං වැඩියි කියන්නත් බැහැ. මොකද එක් අයෙකුට තනි කාමරය ගානේ හැමදාම බුක් කරේ.ඊළගට සමහර දවස් වලට අපි ලෑන්ඩ් රෝවර් දෙක ගානේ ගත්තා ගමන යන්න. කොච්චියෙත් ෆස්ට් ක්ලාස්. ඒවාට ගානක් යනවනි.

      ලොකු පැකේජ කරන සමාගම් එක්ක ගියාම පහසුකම් මදි නොවැ. අනික ඒවායේ කට්ටිය වැඩියි. 50 ක් වත් ඉන්නවා නේද එක ටීම් එකක?

      ඊලට පෙබරවාරි ආයේ රවුමක් යන්න ඉන්නේ. මට මේ පාර ඕනි අජන්තා, එල්ලෝරා වල දවස් පහ හයක් නතර වෙලා ඉන්න.

      කොහොම උනත් අමිලගේ නේපාල ගමන දැකලා තමයි මටත් මේ ගමන යන්න කැමැත්තක් ඇවිත් ගමන ගියේ. සොලෝ ටුවර් එකක් යන්න තම බලාපොරොත්තුව.

      Delete
    3. කරදරකාරයෝ සහ මිනිස්සු වැඩි එක හැර ඉන්දියාව කියන්නේ බජට් ට්‍රැවලින් වලට කියාපු රටක්.. දිල්ලි ඩිරෙක්ට් එයා ටිකට් 60ක් වගේ.. දවසකට නවතින්න ඔය මොඩල් කාමර සාමාන්‍යනේ මෙහෙ සල්ලි වලින් 3000ක් වගේ..ජනප්‍රිය සිද්ධස්ථාන කිට්ටුව ඇත්තටම කාමර මිල අඩුයි. මට හොද ඩබල් කාමරයක් සෙට් වුනා ලුම්බිණියේ ඉන්දියන් රුපියල් 500ක් ඇටෑච් බාත්රූම් එක්කම. දවසක ඇක්ටිවිටි සහ ලක්සරි ට්‍රැවලින් වලට දවසට 7000ක් ගානේ වැඩයකලත් හොද සැපට යන්න පුලුවන්.. ට්‍රේන් ටිකට් නම් කලින් ප්ලැන් කරගන්න ඕනි.. ඉන්දියන් ෆස්ට් ක්ලාස් ඒසී කෝච්චියක වුනත් දවසක පෑ 24ගමනකට ඉන්දියන් රුපියල් 3000ක් වගේතමයි සෙට් වෙන්නේ..

      Delete
  3. මළපහ කොට ගුද විවරය සෝදා, දෑත් සබන් යොදා සේදීම අනවශ්‍ය බව අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටි. එතුමා මේ බව සදහන් කරමින් වැඩි දුරටත් කියා සිටියේ වැසිකිළි ගොස් ගුදයෙන් පිට කරනා මළපහ තමන්ගේ බඩ ඇතුලේ සිට එලියට යන ඒවා වන බැවින්, ඒවා ස්වල්පයක් දෑතේ තැවරීම ගැටළුවක් නොවන බවයි. දෑත් වල තැවරී ඇති මළපහ කෑම සමග මිශ්‍රව ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවන බව කීවත් එය සබන් නිශ්පාදකයන් විසින් කියනු ලබන අසත්‍ය ප්‍රචාරයක් බවයි මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ. ශරීරය තුල තිබෙන මළපහ පිටකිරීමෙන් පසු, ඒවා නැවත ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා යන්න සම්පුර්ණ අසත්‍යයක් බවයි එතුමා සදහන් කරේ.

    මේ අනුව ඉදිරියේදී මළපහ කෑමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන බවට සදහන් කරමින් විශේෂ ගැසට්ටුවක් එලියට දැමීමට තමන් කටයුතු කරනා බවයි මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩි දුරටත් කිය සිටියේ.

    ReplyDelete
  4. කාගේද මේ බලවේගේ, මැල්කම්ගේ බලවේගේ
    කාගේද මේ බලවේගේ, මැල්කම්ගේ බලවේගේ..

    වතුර වයින් බවට පත්කෙරු ජේසුතුමාගේ උපන්දිනය දා බාර් වැසූ අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට නිවන් සැප පාර්ථනා කරමු. මැල්කම් රන්ජිත් හිමිපාණන්ට බුදු බව අත්වෙන්න ඕනි මේ සිද්ද කරගත ගත්ත කුසල් කර්මයේ බලයෙන්. පොඩි කාලෙම අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන් මහණ කෙනෙක් කරා නං හරි කියනවනි.

    අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපානන් ජේසුතුමාගේ ධාතු ප්‍රදර්ශනයක් පෙන්නනත් ඉන්නේ කියනවනි ස්වර්ගස්ත වෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. මේ මැල්කම් රන්ජිත් කියන කාලකන්නියා තමයි ලංකාවෙ කතෝලික පල්ලියට ආපු ප්‍රතිගාමීම ගෝතකරුමය ... !..... ඒකෙත් නියම වැඩේ කියන්නෙ, පාප් වහන්සේ ඉතාම ප්‍රගතිශීලී කෙනෙක් වෙද්දි, ලංකාවට මේ කරුමෙට කරගහන්න වෙච්ච එක.... ඊයෙ රෑ දේශනාවටත් මෙයා කරේ තියෙන්නෙ අම්මයි, තාත්තයි දෙන්නම රස්සාවල් කරන එක විවේචනය කිරීම.

      Delete
  5. නාසා ආයතනය යනු ඇමරිකාවේ අභ්‍යාවකාශ ඒජන්සිය මිසක් ලෝකයට පොදු අභ්‍යාවකාශ ඒජන්සියක් නොවේ. එම නිසා ඇමරිකානු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නාසා ආයතනය වග කියන්නේ ඇමරිකන් ජනතාවට සහ එම ආණ්ඩුවට පමණයි.

    ඒ අනුව ඔවුන් සිය මෙහෙයුම් දියත් කරන්නේ ස්වකිය ජනතාවගේ බදු මුදලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකි දෙයකට මිසක් ලෝකයේ අනෙකුත් රට වලට සහ එම රටවල ජනතාවට ඕනා එපා හැටියට නොවේ. නාසා ආයතනය නැවත හඳ මතට මිනිසුන් නොයවන්නේ එම කාරණය නිසයි. මන්ද සඳ මතට මිනිසුන් සහිත යානා කිහිපවරක්ම යවා ඇති නිසා, නැවත වරක් ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විශාල ලෙස වැය කරමින් හද ගමනක් සංවිධානය කරනවට වඩා, තරණය කර නොමැති ක්ෂේත්‍ර ඔස්සේ මෙහෙයුම් දියත් කිරීම ඔවුන්ට වැදගත් වනවා.

    කෙසේවෙතත් නාසා ආයතනය ආරම්භයේ සිටම ඔවුන් අභ්‍යාවකාශ මෙහෙයුම් වලදී ගන්නා ජයාරූප, වීඩියෝ ආදිය කිසිදු බුද්ධිමය හිමිකාරීත්වයක් නොමැතිවම බෙදා හරිනවා. ඒ අනුව ලෝකයේ ඕනෑම රටක සිටිනා අයෙක්ට එම ජයාරූප, වීඩියෝ තමන්ට ඕනා ආකාරයකට භාවිතා කල හැකියි. නාසා ආයතනය මෙසේ ඔවුන්ගේ ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දුන්නත් ජපානය, රුසියාව වගේ රට වල අභ්‍යාවකාශ ඒජන්සි ඔවුන් ගන්නා ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දෙන්නේ නැහැ.

    ReplyDelete