Sunday, December 30, 2018

කාශ්මීර හිමාචල් ගමන 9 - මනාලි

අපි මනාලි වලට සේන්දු වෙද්දි හවස් වෙලා. දවස් දෙකක් වාහනයේ ආපු නිසා අපිට සැර ගමන් මහන්සියක් තිබුනා. ඒ 7 සීටර් එකේ 8ක් විතර ගිය නිසා අපාසුවෙන් තමයි ඉදියේ. ඉතින් මනාලි වල හොද සැපට නිදාගන්න පුලුවන් තැනක් සොයාගන්න උවමනා වුනා. ඒත් අපිට මුලින්ම හමු වුනේ ලංකාවේ ටවුමක් කිට්ටුව තියෙන බජට් ගෙස්ට් හවුසියක් වගේ තැනක්.

එතැන පාවිච්චි කල කොන්ඩම් සහ කාමර භාවිතා කල බවට සලකුනු එහෙම අප්රසන්න විදියට තිබුනා කියලා යාලුවෝ කිව්වා.මට ටිකක් ඇගට හොද මදි ගතියක් තිබුන නිසා මම නිදාගත්තා. මතක විදියටයාලුවෝරෑ සෙට් වුනා.

අපි මේ ගමනට ගත්තා බෝතල 6ක් කටුනායකින් ලාබෙට. ඒ බෝතල 6න් දෙකක් දෙන්න වුනා ඉන්දියානු රේල් එකට.. අනේ ඉතිරි බෝතල 4ත් අපිට බිගන්න බැරිවුනාද මන්දා. බොන්න බැහැ මහන්සිය වැඩි නිසා. එහෙම නැතුව බොන්න බැරි කට්ටියගිය නිසා නෙමෙයි.

මනාලි ලස්සන ටවුමක්. සීතල කාලෙට මනාලි වලලස්සනට හිම තියෙනවා ඇති කදු මුදුන් වල. ඒත අපි ගිය අගෝස්තුවේ නම් හිම කදුලක් නැහැ. ඒ මදිවට පොඩි වැහි පොදයකුත් පාත් වෙන්න ගත්තා.
 මෙ ්තියෙන්නේ බස් නැවතුම් පොල. මේ තැන ඇත්තටම ප්‍රධාන බස් නැවතුම නෙමෙයි. මේ ඇවිල්ලා දුර ගමන් සැප බස් නවත්වන තැන. අපි මෙතන්ට ගියේ ටිකට් බුක් කරගන්න. දවසකට විතර කලින් ටිකට් වෙන්කරගන්න එක වාසියි. වෙන ටවුමේ තැන්වලිනුත් ටිකට් බුක් කරගන්න පුුලව්න ඒත් රුපියල්ෙ දතුන් සීයක් වාසියි මේ බස් නැවතුමෙන්ම ටිකට් කරගන්න එක. අපි මෙතන්ට යනකල් පයින් ගියා. කිලෝමීටර දෙකක් විතර පහලට බහින්න තමයි තිබුනේ
 චාන්දිගර් තමයි මේ පලාතට එන්න තියෙන පිවිසුම.මනාලි වලට කෝචචියෙන් එනවානම් චාන්දිගර් වල බහින එකයහපත්.කල්කා වලටම ගියොත් කල්කා ඉදලා ශිම්ලා දක්වා පුංචි කෝචචියේ යන්නත් පුලුවන්. ඇත්තටම මනාලි වලට ගියාට අපි මනාලි ඉදලා සිම්ලා ගියේ නැහැ. ශිම්ලා වලත් බලන්න එහෙමටදෙයක් නැතිවෙයිය කියලා අපි හිතුවා.
 අපි උදේ ඇවිදින්න පටන් ගත්තා විතරයි මෙන්න ලස්සන වරුසාවක් කඩාගෙන වැටුනා. මේ අත් බැදගෙන සහ කැමරාවක් අරන් ඉන්නේ අපි කාන්ඩය. මේ පේන කඩය නම් කෑම කඩයක්. ඒ කඩෙනුත් මොනාහරි ගත්තා කන්න. ඒතදැන් මතක නැහැ ඒ මොනවද කියලා.
 ඉන්දියාවේ පලමු අගමැති වෙච්චි නේරු තුමා ගේ පිලිමයක් තමයි මේ. නේරු තුමා උඩපලාතේ බොහොම දෙනා හොදට සලකන කෙනෙක්. නේරුතුමාටශ්‍රී නගර් මුස්ලිම් අයත් ගරු කරලාකතා කලා. කතාවට කියනවා නේරුතුමාට බොන්න ඇල්වතුරපවා ගෙනිච්චේ මනාලි වලින්ය කියලා. ඒක නම් ඇත්තද දන් නැහැ.
 අපි ගිය දවස මතක විදියට සති අන්ත දවසක්. මේ සති අන්තයේ හැමතැනම කට්ටිය ඉතින් මේ සති අන්තයට ටවුමට ආපු කාන්ඩයක් වෙන්නට ඇති.

 ඊලගට නේරු තුමාෙග් පිළිමේ ගාවින ්ටිකක් ඇතුලට ගියාම තියෙනවා ලස්සන පොට් එකක්. ඒක පාක් එකක්. මහ විසාල පයිනස් ගස් ගොඩක් තියෙනවා. ඇතුලේ යද්දි අදුරුයි. තනියම ගියොත ්බය හිතෙනවා. මේ පාක් එකේ ලව් කරන්න ආපු ජෝඩු වගේම විනෝදයට ඇවිදින්න ආපු කට්ටියත් උන්නා.

 පාක් එක ඇතුලේ පොඩි සත්තු වත්තක්කරුළු උයනක් වගේ තැනක් තියෙනවා. එතන කුරුල්ලෝ ඉන්නවා. ලස්සන ලස්සන කුරුල්ලෝ කිහිප දෙනෙක් කූඩු වල දාල උන්නා. මනාලි වල තියනෙවා පරණ මනාලි සහ අලුත් මනාලි කියල කොටස් දෙකක්. මෙයින් අපි ගියේ අලුත් මනාලි වලට ඕල්ඩ් මනාලි කියන පලාතත් සංචාරකයින් අතර ජනප්‍රිය තැනක්.

 අපිරිසිදු කම නිසා අපි අලුත් නවාතැනකට යන්නට තීරණය කලා. එතෙක් උන්නු හඩු ප්ලේස් එකට සමු දීලා අපි අලුත් තැනකට ගියා. එතන ටිකක් පොස් තැනක්. ඇත්තටම ඒ පොටෝ කොහේද කියලා හොයාගන්න නැහැ. අපි ගිය ඔෆ් සීසන් නිසා අපිට ලොකු ඩිස්කවුන්ට එකකට එතැන ඉන්න ලැබුනා. ඒත අපි එතැනින ්කෑම බීඹ ගත්තේ නැහැ. මට මතකයි ඒකේ රෙදි හෝදන්නත් බර ගානක් චාජ් කලා. ඒත් ඉතිං හොද හෝටලේකට ගිහින් බයියා  වගේ රෙදි උස්සන් තැන තැන යන්න බැහැ නේ. ඒ නිසා මගේ රෙදි ටික සහ යාලුවන්ගේ රෙදි පෙරදි ටික එතැන ලොන්ඩරියට දීලා හොදාගත්තා.

 අපි හැන්දෑ වෙලා මනු ටෙම්පල් එකට යන්නට පිටත් වුනා. මනු ටෙම්පල් කියන්නේ හනුමා වෙනුවෙන් හදපු දේවාලයක් පයන්සලක් වගේ එකක්. පුංචි මනුස්සයෝ සහ වැඩිහිටි පිිරිස ගොඩක් මනු ටෙම්පල් එකට ඇවිත් හිටියා. මනු ටෙම්පල් යන පාරේ දෙපැත්තේ වෙලද සැල් ගොඩක් තිබුනා. ඒ අතර රෝයල් එන්ෆීල්ඩ් රෙන්ට් එකට දෙන තැනක් තමයි මේ. රෝයල් එන්ෆිල්ඩ් එකකට රවුමක් යන්න යාලුවන්ට ඕනකම තිබුනා. එත් ඒක ටිකක් යට ගියා. මෙකද මේ බයිසිකලයක් දවසකට ඉන්දියන් රුපියල් දාහකටත් වැඩිය ගන්නවා රෙන්ට් එකට.. තෙල් නැතුව. ඒ ගානත් ටිකක් සේප්..මම හිතන්නේ වැස්ස වගේ ගතියක් තිබුන නිසා අපි බයික් පදින වැඩේට ගියෙ ්නැහැ. කොහොම වුනත් රෝයල් එන්ෆිල්ඩ් කියන්නේ අපි ගිය හිමාලයා රීජන් එකේම ටොප් බයික් එකක්. පාරේ ඇවිදිනකකොට ලංකාවේ ඉන්දියන් බයික් පේනවා වගේ මනාලි වලින් උඩ පලාතෙදි රෝයල් එන්ෆිල්ඩ් පේනවා..

 හනුමා වෙනුවෙන් හදාපු මේ දේවාලේ ඇතුලේ පුංචිඅය සෙට් පිටින් හිටියා. ඒ පුංචි ලමයි සෙල්ලම් කරමින ්තමයි උන්නේ. ඒ වගේමඅපිත් ගිහින් දන්න හැටියට දේවාලේ වැදපුදාගෙන ආවා. 

මේ ඇවිල්ලා තඩි හරකෙක්. මුන් කලාතුරකින් දකින්න ඉන්නවා. අම්බෝ මුන්ගේ සයිස් එක. එක පාරක් පිම්බම අපි වැටෙන්න වගේ යනවා. බොහොම තද පරුස හරක් ජාතියක්. මුන්ගේ පිටේ බඩු ආදිය ගෙනියනවා. නාගරික සීමාව වුනත් සමහර තැන් වලට බඩු බාහිරාදිය ගෙනියන්න තවමත් මේ යැක්ලා පාවිච්චි වෙනවා. 

8 comments:

  1. මෙවැනි දුෂ්කර සංචාර වලට කාන්තාවනුත් සහභාගී වෙනවද මහත්මයා? එතකොට එයාලා මළ මුත්‍රා කරන්නේ කොහොමද? ඔසප් දවස් වලට තුවා එහෙම මාරු කරගන්නේ කොහොමද?

    ReplyDelete
  2. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර්
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස්
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා.

    ReplyDelete
  3. අහසේ පොලවේ සාගරේ දස්කම් පෑ, ලෝකේ කොහේ හරි රටක ඉන්න හමුදා සෙබළුන් ඒ රටේ සම්පත වේ.

    ReplyDelete
  4. උඹට දැන් මේක ලියල එපා වෙලා නේද? එහෙම කරන්ඩෙපා කොල්ලො අපි කියවන්ඩ ආසයි. කලබල නැතිව උනන්දුවෙන් ලියපං.

    ReplyDelete
  5. මොකක්ද බං අමිල උබලගේ මේ ගමන? මෙලෝ රහක් නෑ. පටන් ගත්තු වෙලේ ඉදං ඇඩියාවනි බං. අරක හරි නැහැ මේක හරි. මොන හුත්තේ ගමනක්ද ඔයි මේක? එක්කෝ ගාන වැඩියි ලු, නැත්තං අපිරිසිදුයිලු. එහෙම නැත්තං වැස්ස නිසා උබලට ඕනි දේවල් බලන්න බැරි උනාලු. නැත්තං දුවිලි නිසා වැඩේ අප්සට්ලු.

    යකෝ මේ ගමනේ හොදක් ඇත්තෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම වර්ණාව ටිකක් අඩු කරලා ගැහුවේ.. ඊලග එකේ සුට්ටක් දාලගහල දෙන්නම්..කුලියට ලියද්දි වරුනාව වැඩියෙනුත් එක්ක දාන නිසා බ්ලොග් එකට ටිකයි වැටෙන්නේ..
      ඇත්තටම ඉතින් මේවා මැක්සා ලස්සන තැන් තමයි..ඒත් වින්ටර් නොවුනාම නිකං ඇල්ලගියා වගේ තමයි මනාලිත්.. අපි ගිය කාලේ ඇක්ටිවිටිස් ඇත්තටම අඩුයි.. වැස්සනිසා රාෆ්ටින් ගහගන්නත් බැරි වුනා.. නෙගටිව් පෝස් එක වැඩි එක ආටිකල් එකේ අවුලක්..ඒත් හොදම ලිව්වාම තියෙන පස්නේ තමයි අමුතු දිවියලෝකයක් මවාගන්නවා මිනිස්සු. ඒත් ගිින් බැස්සම මොකුත් නෑ අවසානේ..

      Delete
  6. සැන්ඩි නැතිව අරක්කු බී, හොදට බොරේ හිටින්නට හදාපු හරක් මස් කරියක් සමග කිරිබත් කා අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරමු !!!

    ReplyDelete