Wednesday, January 2, 2019

බොරු කරඩුවට එහා ගිය ගින්දර දොළුකන්ද

දොළුකන්ද කියන්නේ ජනප්‍රිය තැනක්. දොළුකන්ද කාලයක් කරඩුවක් නිසා ගොඩක් ජනප්‍රිය වුනා. ඒ් ජනප්‍රිය කාෙල් ෙදාළුකන්ෙද් යනවා කියන්ෙන් ෙලාකු වන්දනා ගමනක්. කට්ටිය ලෑස්ති ෙවලා ෙලාකු බස් අරන් ගිය ෙදාළුකන්ෙද් ගමන සමහරුන්ට මතකත් අැති. උපාසකම්මලට ඒ් කාෙල් ෙදාළකන්දට වඩා ෙදයක් තිබුෙන් නැහ. කාෙලත් ඒක්ක තත්වය ෙවනස් වුනා. ෙදාළුකන්ද දැන් කට්ටියට අමතක ෙවලා ගිහින්. ඒ්ත් ඉදලා හිටලා කන්ද නගින්න යන පිරිසක් ෙදාළුකන්ෙද් ඉන්නවා. අපිත් ගියා කන්ද නගින්න අපි බලමු ගමන් විස්තෙර්


පටන් ගැන්ම
ෙදාළුකන්ද තිෙයන්ෙන් කුරුණැගල කුරුණෑගල ඉදනුත් කිෙලා්මීටර 20කට වඩා දුර . ඉබ්බාගමුවට කිට්ටුව. පාන්දරම අපි ෙකාළඹ ඉදන් ඉබ්බාගමු යන්න ෙසට් වුනා. ඉබ්බාගමු යන්න කලින් අපි ෙකාළඹ ඉදන් කුරුණැගලට යන්නට ඔ්නි. තුවාන් සහ ඔනල්ට උෙද් පාන්දර උදයෙද්විය අල්ලගන්න පුලුවන් වුනා. උදයෙද්වී කියන්ෙන් මඩකලපු යන ෙකා්ච්චිය. පාන්දර 6ට විතර පිටත්ෙවන උදයෙද්වී 8 විතර ෙවද්දි කුරුණැගලට ලගා වෙනවා. මට උදයෙද්වී මිස් වුනා. මම ඒ් පාර 6.30ට ෙකාටුෙවන් යන යාල් ෙද්වියට ෙසට් වුනා. යාල් ෙද්විය සාමාන්‍යෙයන් සිග්නල් ෙක්ස් නිසා ටිකක් වැඩිපුර ෙවලාවක් ගන්නවා. ෙකාෙහාම වුනත් කට්ටිය 8.30 9.00 ෙවද්දි කුරුණෑගල ස්ෙට්ශමට අාවා.



තුවාන් ස්මයිල් උදේම පාතරාසයට ගන්න හොද කිරිබතක්ගෙනල්ල තිබුනා. ස්ටේශමට වෙලා කිරිබත ගිල්ලා. අපරාදෙ ටිකක් ඉතුරු වෙල අහකත් දැම්මා. ඉන් පස්සේ තිබුනේ ටවුමට යන්න. කුරුණැගල ඉස්ටේෂමේ ඉදන් ටවුමට දුරයි. ටවුමට ගිහින් ඊලගට අපිට තිබුනේ ඉබ්බාගමුවට යන්න. අහවල් බස්සෙකේය ඉබ්බාගමුවට යන්නේ කියලා කියන්න බැහැ බස් ගොඩක් යනවා. ඔන්න ඉබ්බාගමුවටත් ගිහින් අපි ඉන් පස්සේ අවශ්‍ය කලමනා ආදිය ටික ගත්තා. මී කලින් සවාරිවලදි අපි උයන්න සෙට් වෙලා ගියත් උයන්න කම්මැලි කම නිසා වැඩේ මග ඇරෙනවා. ඒ නිසා ලේසියෙන් උයන්න පුලුවන් නූඩ්ල්ස් ටික්ක සහ තව බිස්කට් අනම් මනම් ගත්තා. ඉන්පස්සේ ඉබ්බාගමුවෙන්ම එදා දවල්ට කෑමත් ගත්තා. එතකොට මම හිතන්නේ දවල් 10-11 වගේ ඇති.


ඉබ්බාගමුව හන්දියෙන් තියෙනවා මඩගල්ල පොතානගම බස්. ඒවගේ බස් එකක නැගලා ගිහින් නැලවහන්දියෙන් බැහැලා හකිරිල්ල වැව ගාවට තමයි යන්න තියෙන්නේ. අපි ඒ විදියටම මඩගල්ල බස් එකේ බඩු ටිකත් අරන් නැගලා නැලව හන්දියෙන් බැහැල ත්‍රීවිල් එකකින් හුකරිල්ලේ වැව ගාවට ගියා. ඒ වැවගාව ඉන්නවා අංකල් බුවෙක්. එයා තමයි අපිව ගයිඩ් කලේ. අංකල් බුවා එදා ගඩොල් පෝරම් පොඩියක් ගහගෙන. පොඩි ගඩොල්පෝරම අවුලුවන්න තමයි ඉදාල තියෙන්නේ. අපි කලින් කියලා තිබුන නිසා ගමනට සෙට් වුනා.


වැවේ කතාව


හකිරිල්ලේ වැව කියන්නේ ලොකු අපරාධයක්. එතැන ඉස්සර කාලේ තිබිලා තියෙන්නේ හොද උල්පතක්. ඒ ගමන ඒ උල්පත වහලා කදු වැටිය එක පැත්තකින් තියෙන්නත් අනික් පැත්තෙන් බැම්මකුත් ගහලා ලොකු මැටිවලක් සයිස් වැව් කෑල්ලක් හදලා ිතයෙනවා. ඉස්සර තිබුන උල්පතම තිබුන නම් මීට වඩා පොරෝජන් කියලා තමයි අපි එක්ක ගියිඩ් උන්නැහේ කිව්වේ.



ඉහලට නැගීම
මුල හරිය ඇත්තටම අමාරුයි. ටිකක් අමාරුවෙන් අපි ගමන පටන් ගත්තා. නැග්මම තමයි තියෙන්නේ. නැගලා නැගලා ඔන්න පැයක් විතර ගියාම වීව් පොයින්ට් එකකට සේන්දු වුනා. වීව් පොයින්ට් එකට ආවම නිවන් දැක්ක වගේ. වීව් පොයින් එකට යන පාර පොඩ්ඩක් අවධානම්. වීව් පොයින්ට් එක ආසන්නම හරියේ ටිකක් පරිස්සෙමෙන් යන්නට ඕනා.


දවල් කෑම


එතනින් ඒක බලලා ඉවර වෙලා අපි තව උඩට යන්න ගත්තා. උඩ හරියේ තවත් කාන්ඩයක් ඉන්නවා ඇහුනා. කට්ටියක් තින්ත ගාගෙන ගිහින් තියනවාත් දැක්කා. ඉතිං අපි උඩට ගිහින් ලොකු පොකුනු දෙකක් වගේ ගල් තලාවක් තියෙන තැනක නැවතුනා. ඒ පොකුනු තියෙන තැන ඉදන් අපි බත් කෑවා. එතනදි අපිට තවත් කාන්ඩයක් මුන ගැහුනා. කොල්ලෝ කෙල්ලෝ එක්ක ආපු කාන්ඩයක්. ඒ ගොල්ලා අපි ආපු පාරෙ නෙවෙයේ ඇවිල්ල තිබුනේ. ඒ වතුර නම් කලු පාටයි. අපි බොන්න වතුර ඇති පදන් ගෙනල්ල තිබුනේ. ඒ නිසා කිසි අවුලක් නැතුව කෑම ටික කාල ඉවර වෙල ගමන පටන් ගත්තා. දැන් ඉතින් ඩිංග ඩිංග හවස් වේගෙන තමයි එන්නේ.



කන්ද උඩ. කන්ද උඩ තියෙන්නේ ගල් තලාවක්. ඒක ලස්සන මනරම් ගල් තලාවක්.


නටඹුන් කෑලි
මේ දොළුකන්ද උඩ එක්තරා කාලෙකදි කවරුහරි රජ කෙනෙක් ලොකු බලකොටුවක් හදලා තියෙනවා. තැනින් තැන ගල් බැමි ආදිය තියෙනවා. ඒ වගේම ගල් කනු සහ වැසිකිලි කියලා හිතන්න පුලුවන් ගල් වල කානු කපපු තැන් තියෙනවා. පේන විදිය අනුව ආරක්ශක බලකොටුවක් විදියට පාව්චිචි උනු තැනක් වෙන්නට ඇති. මේ පුරාවස්තු මොන කාලේට අයිතිද කියලා හරියටම හොයාගෙන නැහැ. ගොඩක් අය කියන විදියට නම් වලගම්බා රජතුමාගේ කාලේ පුරාවස්තු තමයි වෙම්.. පුරාවස්ථු තියෙන එක තැනක් දෙපැත්තකින් කදු දෙකකින් වටවුනු ආරක්ශා සහිත තැනක්. මේ තැනට පිවිසෙන්න මොන පැත්තකින් වුනත් අමාරුයි. සමහර විට මුර කාවල් දාලා ඈත මුර කපොලු තියාගෙන මේ තැන ආරක්ශක ස්ථානයක් විදියට පුරාණ රජවරු පාවිච්චි කරන්නට ඇති.


නිධන් හොරු
මේ නටමුන් ආදිය ගවේශනය නොකලට නිධන් හොරු නම් හොදට හාරල තිබුනා. ගල් කනු දෙක තුනක් තියෙන හැම තැනම මහා සිදුරු තියෙනවා ලිං වගේ නිධන් හොයලා. සමහර ගල් තලා ගල්බෝර දාලා පුපුරුවලා තිබුනා. ඒ ගල් උඩ තියෙන්නැති කැටයම් සහවෙනත් සලකුනු. ඒ කිසිවක් නැති වෙන්නම සොට් එක දීල තියෙනවා. නිධන් නම් මේවයේ තිබුනද තියෙනවද දන් නැහැ. ඒත් අමාරුවෙන් ගිහින් බලන්න වටින හොද පුරාවස්තු ටිකක් වනයට යටවෙලා විතරක් නෙමෙයි නිධන් හොරු හැම වටින දේම අරන් ගිහින් ගල් කනු කෑලි ටිකක් විතර තැනින් තැන විසිරිල තියෙනවා.


ගල් තලාව.


අපි රෑ නවතින්න තමයි ගියේ. අපි දැන් නටඹුනුත් බලලා අපි ඊලග දවසේ බහින්න ඕනි පැත්ත පෙන්වන්න අපේ ගයිඩ් අයියා ගියා. මේ ගල් තලාව උඩ කදුමුදුනට බොහොම ඈත පේනවා. මේ වියලි කලාපයේ කදු වල තියෙන විශේෂ ආතල් එකක් තමයි කන්ද මුදුනට නැග්ගම සබ්බ සකලමනාවම පේනවා. හොද දුරදක්නයක් තිබුනොත් ඈත කුරුමිනිඅඩු වගේ ගෙවල් වල ඉන්න ගෑනු ත්පේන්න තරමට පැහැදිලිව පේනවා. කුඹුරු වතුපිටි පොල් වතු ගානට දසමෙට පේනවා. ඒ දර්ශනය හරියට අපිද්‍රෝනයක් යූස් කරලා පොටෝ ගත්තා වගේ ආතල් එකක් ලැබෙනවා.


ඉතින් මේ නටඹුන් බලලා පිවිසුන විශාල ගල්තලාවේ සයිඩ් එකෙන් යන්න කියලා අපිට ඊලග දවසේ බහින පාර පෙන්වලා අහක්වෙලා අපිට නවතින්න තියෙන ගුහා බලන්නට යන්න පිටත් වුනා. එතකොට අපිට මෙතෙක් වේලා මග සලකුනු කරමින් ගිය සෙට් එක හමු වුනා. ඔවුන් බාලද්ක්ශයින් කුඩා කන්ඩායමක්වෙන්නට ඕනි. කහපාට තින්ත එකකින් අපිලිවෙලට ඉරි ඇදගෙන යනවා. අපිලිවෙලට වුනත් ඉරි ගහන් යන එක නම් වටිනවා. නැත්නම් මේ කැලේ හරි අමාරුයි පාරක් හොයාගන්න නොදන්න කෙනෙක්ට. එතැන කන්ඩායම් දෙකක් හිටියා. ඒ ගොල්ලා එදාම රෑ බහින්න ඇති පහලට. අපි ඉතිං රෑ නවතින්න තැනට ගියා.



භාවනා කුටි අංක එක
මේ භාවනා කුටි බොහොම හොදට තියෙනවා. ඉතාම මෑතකදිත් ඒ භාවනා කුටි ස්වාමින් වහන්සේලා භාවිතා කරලා තියෙනවා. මුලින් ගිය කුටියේ ස්වාමින් වහන්සේ නමක් මලමිනියක් පවා ගෙනවිත් තියාගෙන භාවනා කරමින් ඉයදලා තියෙනවාලු. සුදු ජාතික හාමුරුදුවෙරුත් ඉදලාම එනවා කියලා අපිට ගයිඩ් උන්නැහේ කිව්වේ. දවසට එක වේලක් විතරක් ඈත දුර පිණඩපාතේ වැඩලා ගන්න දානේ වලදලා ලගපාත තියෙන දොල පාරකින් යාන්තමට පැන් පහසුව සලසාගෙන. බොන වතුර ටිකක් විතරක් තියාගෙන පොඩ් ලිප් කෑල්ලක තේ වතුර ටිකක් ගිලන්පස ටිකක් උනුකරගෙන හාමුදුරුවරු වාසය කරනවා.


මේ භාවනා කුටි පෞරාණික ඒවා නෙමෙයි. මෑත කාලීනව ඒවා සිමෙන්තියෙන් සකස් කරලා තියෙනවා. ඒ කොහොම වුනත් වනාන්තරයේ ගියොත් සාමානයයෙන් නොපෙනන ගල් කුලක තමයි මේ භාවනා කුටි පිහිටලා තිබුනේ.


චෛත්‍යය


එපි ඒ මුලින් බලපු භාවනා කුටියේ ඉදලා තව පැය බාගයක් විතර ඇවිදන් ගියාම තමයි දෙවනි භාවනා කුටිය හෙවත් විශාල එක හමු වන්නේ. අපි එදා රෑ නවතින්න නියම වෙලා තිබුනේ ඒ දෙවන භාවනා කුටියේ. දෙවන භාවනා කුටිය තියෙන්නේ ඇත්තටම වචන වලින් විස්තර කරන්න තරම් බැරි ලස්සනම තැනක. මහා ප්‍රපාතයේ තිබෙන ගල් කුලක පැල්මක් තියෙනවා. ඒ පැල්ම මිනිහෙක්ට නැගිටලා ඉන්නතරම් විශාලයි. මේ ප්‍රපාතයේ උඩම හරියෙ තියෙන පැල්මේ තමිය හාමුරුදුවෝ කුටිය හදාගෙන උන්නේ. ඒතැනට ලගාවෙන්නත් ඉස්සර අපහසු වෙන්න ඇති. දැන්න්ම ලොකු අපහසුවක් නැහැ.



මේ නවතින තැනටත් උඩින් ලස්සන චෛත්‍යයක නටඹුන් තියෙනවා.දොළුකන්ද අපිට පේන සීමාවේ තිබුන උසම තැන මේ චෛත්‍යය පිහිටලා තියෙනවා. දැන් නම් තියෙන්නේ පස් ගොඩක් විතරයි. ගල් තලාවක නටමුන් වී ගිය මේ චෛත්‍යයට ගැඩොල් ගෙනිච්ච හැටිත් පුදුමයි.ඒ ලගපාත ගැඩොල් නැැහ. පුරාණ මිනිසුන් පයින්ම මේ දුර තරණය කරලා ගඩොල් සිමෙන්ති අරන් යන්නට ඇති. අද නම් කියන්න දුකයි. මේ චෛත්‍යය පුපුරුවලා හිල් කරලා තියෙන්නේ. ඒ නටමුන් අපි එක්ක ගිය වැඩිහිටි කෙනා කිව්ව විදියට ඉස්සර එයා දන්න කාලේ හොදට තිබිලා තියෙනවා. චෛත්‍යය වදින පුදන මලුව පවා නිදන් හොරු පුපුරුවලා ගල් බෝර දාලා.


අපි නැවතිලා ඉන්න කුටියට ඉස්සරහ ටිකක් ලගපාතම ලස්සන ගල් තලාවකුත් තිබුනා.ඒ ගල් තලාව මදක් ඉදිරියට නෙරා ගිහින් තිබුන නිසා ඈත තිබෙන ගම්මාන ආදිය අංශක 270කටත් වඩා කෝණයකින් දිස්වුනා. අපි නිදාගන්නට කුටියටත් බොහොම ලස්සනට පැල්ම අතරින් පහල ඇති ගහකොල සහ ගම්මානපේනවා.


ගයිඩ් සමු ගැනීම
අපිට මේ තැන් හොයාගන්න ලේසියෙන් බැහැ ගයිඩ් තුමා හිටියේ නැත්නම්. අපි සල්ලි දුන්නම ඇත්තටම ගයිඩ් බුවා එපාමය කියලා කිව්වා. ඒ ගමන අපි කොහොමහරි මිනිහට රුපියල් තුන්දාහක් දුන්නා. අපි පටන් ගත්තේ උදේ මේ සල්ලිදෙන වෙලාව වෙද්දි හැන්දෑවේ හතට කිට්ටු ඇති. ඉතින් මේ ගයිඩ් අයියා හෝ අංකල් අපි ට බලන්න තියෙන හැම තැනම වගේ එක්කරන් ගියා. නටමුන් සහ ගල්තලාව සහ භූමි දර්ශන හැම එකක්ම වගේ පෙන්නුව. ඒ විතරක් නෙමෙයි දුම්මල ගස්, වෙනත් වටිනබෙහෙත් පැල ගැන සහ දොළුකන්ද ගැන තියෙන පුරාවස්තු ගැනත් අපිව දැනුවත් කලා මේ ගයිඩ් අයියා. මිනිහ ඇත්තටම පාර දන්නවා. විස්තර දන්නවා.


රෑ නැවතීම


උදේ ඉදලා පයින්ම ගාටලා ගාටලා අමාරුයි. අපි ටිකක් ඇලවෙන්න ගත්තා බිස්කට් සහ වතුර ටිකක් බීලා. මෙන්න ටික වෙලාවකින් අපි නොහිතපු විදියට මහ වැස්සක් ඇද වැටෙන්න ගත්තා. එලියට බැස්ස නම් දොඹ ගෙඩි තරමට වරුසාව. ඒ මදිවට අකුනුත් ගහනවා. ගල් ගෙඩි අස්සේ හිටියට මට නම් බය හිතුනා. බෝස් ගාලා නාය ගියොත් හරි. ගල් දෙක මොනාහරි වෙනසක් වුනොත් හරි අපි ඉවරයි.ඒ මදිවට වහින සද්දේ වතුර වැටෙන සද්දේ තදටම ඇහෙනවා වටෙන්.

රෑ 8-9 වෙද්දිත් වහිනවා. මම ඒ ගමන නාන්න පටන් ගත්තා. මහ රෑ සීතලේ කන්දක් උඩ නාන්න ආමාරුයි.ඒත් නාගත්තම ගමන් විඩාව නැතිවෙලා හොදට සිසිලසක් දැනෙනවා. වැහි වතුර කියන්නේ කෝම සිතලක් ද කියලා කියන්න ඕනින ැහැ නේ. ගල් ගුහාවේ කටරා දිගේ ගලන් එන වතුරට ඔලුව අල්ලලා නෑවා. සබන් ගෑවෙනව අඩු වුනත් සබන් ටිකක් ගෑවා. හැබැයි ඉතින් වැස්ස අතරමැද හුටස් ගාල නැවතුනා නම් බාගෙට නාලා තමයි නිකං ඉන්න වෙන්නේ. කොහෙම නමුත් වැස්ස ඒ වෙලාවේ සැපට තිබුනා. එකපාර අකුණක් ගැහුවම පලාතම පේන්න ගන්නවා.


අපේ කුටියේ ජනේලය විදියට තිබුන විවරය සිවුරු වලින් වහන්නට පුලුවන්. අපි ඒ සිවුරු පහලට දාලා වැහුවා. මේ කුටිය කෝචචර හොදට පිහිටලා තියෙනවාද කිව්වොත් එච්චර ධාරානිපාත වරුසාවක් වැහලත් කුටියට වතුර පාරක් ආවේ නැහැ. එකම එක තැනක් බිත්තිය කෙළවර යාන්තමට පොලව ටිකක් බුරුල් වෙලා තිබුනා. ඒ නැත්තං එලියේ වහින සද්දය හැර සිවුරු වලින් වහගත්තාම හිරිකඩ වත් අපේ ඇගට වදින්නෙ ්නැහැ.


රෑ කෑම
රෑට කන්න උයන්න තමා මුලින්ම ප්ලැන් එක තිබුනේ. ඒත් ඉතින් දර හොයන්න තියා ලිප තිබන තැනට යන්නත් අමාරුයි මේ වරුසාවේ. මේ කුටි වල තේ වතුර උනුකරන පොඩි ලිපක් ඇතිලියක් කාරිය තිබුනේ එලියේ තැනක. එලියේ පොඩි ගල් ගෙඩියක සයිඩ් එකේ ලිප අටවල තිබුනා. ඒ ලිපාගවත් තෙමෙන් නැහැ ලේසියෙන්. ඉතින් ඒ වුන්ත යන්න අමාරු නිසා අපි ජෑම් සහ පාන් ටික කෑවා. ඒ වෙලාවේ ැහටියට දිව බොජුනක්ම වුනාය කියන්න බැහැ. මහන්සිය වැඩි කමට කෑමත් රස නැහැ වගේ.


ස්වාමින් වහන්සේලා ඉන්න ැතනක් නිසා අපි බියර් අරක්කු ගෙනාවේ නැති එක හොදට ගියා. ආගම එක්ක මගේ පෞද්ගලික එකගත්වයක් නැතත් ඒ අය බොන්නේ නැති නම් අපි බොන්න අරන් ගිහින් ඒ තැන් විනාස නොකරන බේසින් මනුස්ස මෙව්වා එක ආරක්ශා කරන්න අපි බැදිලා ඉන්නවා. ඉතින් අපි කාල නිදාගත්තා. නිදාගන්නත් පැදුුරු සහ සිවුරු කෑලි තිබුනා. ඒවා බිම එලාගෙන අපි නිදාගත්තා. මටනම් ඇත්තටම ඊලග දවසේ එලිවෙනකන් හොදට නින්ද ගියා.



උදේ කෑම
මම දවල් වෙලා නැගිටිද්දි යාලුවෝ කෑම හදලා. සුපුරුදු මැගි නුඩුල්ස් එක දුම් දානවා මම එතන්ට යන කොට. උදේ පාන්දර ප්ලේනටියක් බිව්වනම් හොදයි. කවුද ඉතින් ප්ලේන්ට් ගේන්නේ මේ පාන්දර. ඒ ගමන ඒ ආසන්නයෙන්ම අත පය හෝදගෙන කන්න පටන් ගත්තා. අවදි වෙච්ච වෙලාවෙම වගේ ඉර පායන්න පටන් අරන් තිබුනා. ඉර පායන එක අලුත් දෙයක් නෙමෙයි. ඒත් කන්දක් උඩ උඩම තැන ඉද්දි ඉරපායන කොට අපිට අවට පරිසරය හැඩට වෙනස්වෙන හැටි බලාගන්න ලැබෙනවා.


කාල බීල ඉවර වෙලා පැයක් විතර ගතවෙලා අපි ලෑස්තිවෙලා ඔන්න ඉතින් එන්න ආවා. ආවාට මොකද අපිට පාර වැරදුනා.කොහොමින් හරි අර ගල් තලාවට එනකල් ආවා. ඊයේ අංකල් අපි එක්ක හිටියේ නැහැනේ..ගයි් අංකල් ගියා. ඒ ගමන අපිට ඒ ගල්තලාවේ කෙළවරින් බහින හැටි මතක නැහැ. ගලතලාව කෙළවර බහින්න කියලා අංකල් පෙන්නුවා කියල මතක තැනට ආවා. එතනින් බහින්න ගියාම එතන පුරාණ ගල් බැම්මක් අතුරපු තැනක් පෙනුනා.


බියකරු බැසිම
මේ ගල්බැම්ම ගාවින් බොහොම ඉස්සර බැස්මක් තියෙන්නට ඇති. අපි එතනින් බහින්න ගන්න කලින් අංකල්ට කෝල් එකකුත් දුන්නා. බහින පාර ඇහුවත් අංකල්ට ත් මම හිතන්නේ අපි බහින පැත්ත ගැන නිච්චියක් නැහැ. අපි නැග්ග පැත්තෙන්නෙමේ අපිට බහින්න ඕනි වුනේ දොලුකන්ද ජනප්‍රිය පන්සල පැත්තෙන්. ඒ පන්සලට බහින පාර සොයාගන්න බැහැ. අංකල්ට තමතක නැතිවෙන්නට ඇති.
මේ ගල් තලාවෙන් පහල තියෙන්නේ බොහොම බයහිතෙන විදියේ කැලයක්. මහා ගල් කුට්ටි තැන තැන තියෙනවා. දරුනු බෑවුමක් තියෙනවා. සුවිසාල ගස් ඉහලට ගිහින් තියෙනවා. පහලට බැහැගෙන ගියත් අපිට බහින තැනක් බහින පාරක් හරියට පේන්නේ නැහැ. ගියා ගියා ඒත් ඉවර වෙනනේ පාරකින් නෙමෙයි. ඒ අස්සේ ඔය මහ කැලේ අස්සේ රිංගගෙන යද්දි තුවාන්ට මුවෙකුත් හමුවෙලා තිබුනා. ඇත්තටම මේ කන්දේ මුවෝ ඇති. ඉතින් තුවාන් එයාගේ හයික් ඉතිහාසේ දැකපු පලවෙනි මුවාය කියලා තමයි තුවාන් කිව්වේ.


විශාල ගල් කුලු අස්සේ වනාන්තරය වැවිලා. ලොකු බිත්තර වගේ ගල් කෑලි අස්සෙන් ගස් මතුවෙලා. කොහෙම හරි පැනගෙන බඩගාගෙන ගිය ගමනේ මගේ ෆෝන් එකටත්සොට් එක හම්බෙලා තිබුනා. ෆෝන් එක සා්ක්කුවේ දාගෙන ලොකු ගලක් දිගේ බඩගාගෙන එද්දි පෝන් එඩේ ඩිස්ප්ලේ එකට බඩු බනිස් වෙලා ිතබුනා. මොනා කරන්නද ඉතින්.


ආපහු හරි පාර සොයාගැනීම


ඒ පාර නෙමෙයි කියලා අපි තීරණයකලා. ආයේ නැගලා පුරුදු වෙනත් පැත්තකින් බහිමු කියලා අපි කතා වුනා. මේ ඉහල ගල් තලාවට අපේ ට්‍ුවර් එකට එක්වුනු ඔනල් කරුණාරත්න කලින් ඇවිත් තියෙනවා. ඔහුට මතක විදියට තව ටිකක් ඈතට ගිහින් තමයි පහලට බහින්න තියෙන්නේ. වසර කිහිපයකට කලින් ආ ගමනක් නිසා ඔනල්ටත් වැඩි සැර මතකයක් නැහැ. කොහොම හරි අපි උඩට ආයෙත් ආවා. ඇවිත් වතර පාරක් සෙට් වෙලා ඒකෙන් වතුරත් බිව්වා.
අපි එක්ක බල්ලෙකුත් සෙට් වුනා. ඌ කලින් දවසේ හැන්දෑවේ අපිට හමුවුන සෙට් එක එක්ක ආපු බල්ලෙක්. ඒත් දැන් ඉතින් ඌ අපේ. ඌ බල්ලා වුනාට පාරවල් හොයන්න දක්ස බල්ලෙක් නෙමෙයි. ටිකක් මහත කම්මැලි මොඩල් බල්ලෙක්. ඌ අපි රිංගන රිංගන තැනට බල්ලා වගේ රිංගනවා මිසක දන්න ඇටිකෙහෙලක් නැහැ.



ඇනල් කරුණාරත්නට ඇත්තටම පාරේ කොටසක් මතක තිබුනා. අපේ වාසනාවට වගේ අපිට ඊයේ හැන්දෑවේ හමුවුන සෙට් එක තැනින් තැන තින්ත විසික් කරන් ගිහින් තිබුනේ මේ පාරේ තමයි.


දොලුකන්ද හමු විම.
අපි පාර වැරදිලා පාර හොයාගන්න මහ කැලේට රිංගලා ඒ නාස්ති කල කාලය පැය දෙකක් විතර ඇති. අපි පැය එකහමාරකින් විතර පහලට බැස්සා. ඒ පාරත් ටිකක් අමාරු. අමාරු වුනත් ගස් ගල් උඩින් පැනගෙන ලකුනු බලාගෙන බහින එකෙත් ලල් එකක් තියෙනවා.කොහොම වුනත් සාමාන්‍ය ආච්චි අම්මලට අපේ නැන්දලාට බඩ තඩි මාමලාට යන්න පුලුවන් ගමනක් නෙමෙයි මේක. මේක ටික්ක අමාරු මට්ටමේ නැගීමක් සහ බැසිමක්.
අපි පැය එකහමාරක් දෙකක් විවේක අරගෙන පහලට බැස්සා.



පහලට බැස්සට පස්සේ මීට වසර විස්සකට විතර ඉස්සර ජනප්‍රියවුනු දොළුකන්ද බෝධිය සහ සිද්ධස්ථානය තිබුනා. මහ විශාල ිපරිසකට සරිලන ලෙස නිමවුනු තැනක් විදියට තමයි දිස්වුනේ. අපි ආ බව හාමුදුරුවෙක් දැක්කා. ඒ පොඩි උන්නාන්සේ නමක්. ඒ පාර පොඩි නම අපෙන් විස්ත ඇහුවා. අපි අහවල් කන්ද නැග්ග අය කිව්වම හාමුදුරුවෝ කුටිය ඇතුලට ගිහින් ආයෙත්ෆෝන් එක ඔබන්න ගත්තා. වැඩි කතාබහට ආවේ නැහැ. අපිත් සල්ලි දෙන්න වෙයිද දන් නැහැ කියන බයට සහ දෙන්න යන්න කම්මැලිකම නිසා සයිඩු වුනා.


මේ පංසලේත් රිලවු හිටියා. ඒ වගේම අටවිසි බුදු වරුන් බුදුවුන ගස් ටිකත් තිබුනා. සමහර ගස් නම් අද නැහැ. අපි එතනින් එලියට ඇවිත් දොළුකන්ද හාමුදුරුවෝ හදාපු වැවෙන් නෑවා. නෑවට වස් වදින්නේ නැතුව ඇති. ඉස්සර නම් මේ පොඩි වැව් කෑල්ලත් පිරිත් කරලා තිබුනා කියලා කතාන්දර තිබුනා මතකයි.



අපි නාල පහලට ආවම බස් එකක් වත් යන්නේ නැති මහ පාලු පලාතක් තමයි සෙට් වුනේ. ඉන් පස්සේ පයින්  විල් එකක, බස් එකක යන මාධ්‍ය තුනෙන් පැය එකහමාරකටත් වැඩි කාලයක් ගෙවලා අපි කුරුණැගලට සෙට් වුනා. එතනින් එහා ඉතින් සෙට් එක කාල කොළඹ ආවා. එනකොට කුරුණැගල ස්ටේශමෙන් කොටුවට ටිකට් ගත්තාම රේල් බස් එකක් ආවා. රේල් බස් එකේ පොල්ගහවෙලට එනකල් අවා.ඒකත් පට්ට අද්දැකිමක් වුනා.

9 comments:

  1. ගයිඩ් අංකල් ගේ නොම්මරේ දැම්මා නම් හොදයි නේද

    ReplyDelete
  2. අමිල මහත්තයෝ සාංගික දේවල් පරිහරණය කල්ප ගානක් අපා ගත වෙන වැඩක් නේද? නොදන්නා කම වෙන්න ඇති, ඒත් මහා ලොකු අකුසල කර්මයක් මේ කරගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපාය විශ්වාස නොකරන මනුස්සයට අපාය කියන්නේ මරු තැනක් මචන්..ගිහින් ඉද්දි උඹ හිටියෝත සැලියුට් එකක් ගහගන පලයන්..

      Delete
  3. අපේ ගමේ එකෙක් ඔය දොළුකන්දෙ ගස්වල ගැටගහපු පඬුරු ගලෝගෙන ඇවිල්ල වාහනේ ලීසින් එක ගෙව්වෙ.
    බොහොම අපූරු විස්තරේ. අවුලක් නෑ. තව අවුරුද්දෙන් ඔය පාර සුද්ද වෙයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. එහෙම නැහැ මචන්.. මේක ටිකක් අමාරු ට්‍රැක් එක.. නගින්න අමාරුයි.. කොහොම වුනත් අඩුගානේ වීකන්ඩ් වලවත් මෙතැන් වලට කට්ටිය ගියානම් අර නිධන් වස්තු කොල්ල කෑම් ටිකක් හරි අඩුවෙන්න තිබුනා.. විනාස කරලා ඒ පරණ නටඹුන් තැන්.

      Delete
  4. පින්තූර වලින් පේන විදියට හරිම ලස්සන තැනක් වගේ. අර පුරාවිද්‍යා නටබුන් නම් සංරක්ෂණය කිරීමක් කරලා නෑ වගේ. ඔය කියන විදියට අතීතය ගැන දැනගන්න කිසිම සාක්ෂියක් ඉතුරුවෙලා නැතුව ඇති.
    //හැබැයි ඉතින් වැස්ස අතරමැද හුටස් ගාල නැවතුනා නම් බාගෙට නාලා තමයි නිකං ඉන්න වෙන්නේ.// :D :D එහෙම උනා නම් කොහොමද ආතල් එක.

    ReplyDelete
    Replies
    1. සෝක් වතුර ටික හැබැයි. අනික් ගෝතයො දෙන්න නෑවේ නැහැ . මම තමයි පැනලා නෑවේ.

      Delete
  5. ගිහින් බලන්න හිතෙන තරමට විස්තරේ ලියල තියෙනව... ස්තුතියි

    ReplyDelete