Saturday, March 16, 2019

ක්‍රඩාන් දූපත

ක්‍රඩාන් වල අපිට පෑ 4-5ක්ම ඉතුරු වුනා. ඇත්තටම හොද ආතල් එකක් ගන්න පුලුවන් තැනක්. ටිකක් දුර ඇවිදන් යද්දි බීච් එකදිගේ බල්ලෙක් බිරුවා. සමහර විට එතනින් එහා හෝටලයකට අයිති පලාතක්ද දන් නැහැ. බල්ල බැදල තිබුනත්යන්න නිකන් මොකද්ද වගේ හිතුනා. ඒනිසා දුව වටේ යැමේ අදහස පැත්තක දාලා ආයේම ආවා. කිමිදෙන්නේ කොතනද එතන මාලු. සුද්දො නම් ටිකක් ඈතට ගිහින් බලනවා දැක්කා. ඈතට යන්නේ මක්කටෑ. ලගම ඉන්නකොට මම ලග පාත උන්න මාලු බල බල උන්නා. . 
 මේ බෝට්ටු ලෝන් ටේල් බෝට්ටු. දූපත් අතර ගමනට පාවිච්චි කරන්නේ මේවා. මේ පලාතේ ධීවර වැඩ වලටත් මේවාම තමයි පාවිච්චි වෙන්නේ. මේබෝට්ටු ලංකාවේ දකිනවා වගේ ෆයිබර් නෙමෙයි. තනිකර ලී. ලී වලින් හදලා ටිකක් ඈතට වෙන්න රූම් පෙත්ත සැට් කරලායි තියෙන්නේ. ඒ නිසා හොද පවර් එකක් එනවා බෝට්ටුවට. පොඩි සයිස් වල ඉදන් ටිකක් විසාල විස්සක් තිහක් පටවන් යන්න පුලුවන් සයිස් එකට එනකල් ලෝන් ටේල් බෝට්ටු තියෙනවා. 
 මේ මැන්චෙස්ටර ටී සර්ට් එක ටිකක් පරණයි. ඒත් තායි කොල්ලෝ එහෙම සමහර වෙලාවට මේකගැන කිව්වා. මට ෆුට්බෝල ගැන වඩියම මෙව්වා එකක් නැහැ. ඒත් තායි බුවාල ෆුට්බෝල පිස්සෝ. උන් මැන්චෙස්ටර් ගැනත් එව්වා මෙව්වා කිව්වා. මම දන්නවැ ඕවා. මාත් හිනාවෙවි උන්නා. 

 එකේක අය එකේක සෙල්ලම්. පිටිප්සසේ ඉන්න සුද්දෝ සුද්දියෝ ඩබලට ඕනි වුනා කයාක් එකේ නැගලා හිටගෙන යන්න. ඔය ගිහින් ඇවිල්ලා රවුමක් උන් දෙන්නා ආයේ පොඩි රෙස්ට් එකක් ගන්නවා. මම ඉතින් ඔන්චිල්ලාවක්තිබිලා ඒකට සෙට් වුනා. මේ ඔන්චිල්ලාව හෙම පොටෝජෙනික් කෙල්ලන්ට එහෙම කියාපු බාන්ඩයක්. කෙල්ලෝ ඇවිල්ලා පොටෝ ගැහුවත් එක්ක. 
 තායි වල නෝමලි දූපත් වල කෑම බීම ගනන් වැඩියි. මතක විදියට බාත් තුන්සියක් විතර වුනා ෆයිඩ් රයිස් එක. ටිකක් වැඩියි ගාන. ඒත් ඉතින් ටුවර් එක බජට් වුනත් ලොකුවට අවුලක් නැති නිසා මාත් ඔන්නොහෙ ඒ දූවෙනුත් කෑවා. ඒවායේ ෆ්‍රයිඩ් රයිස් හොදයි. ඒත් ඉතින් දෙන ටික නම් මදි වගේ. තායි බුවාල නම් කද්දි තා මොනා මොනාහරි ඕඩර කරනවා. ඒත් ඉතින් අපි මේ යන්තං මෙනුව ටක් ටුක් ටික් ගහලා බඩු ඕඩර් කරන එක නේ. 

අපිට දවල් දොලහ විතර වෙනකල් සෙල්ලම් කරන්න දූපත බලන්න ඉඩකඩ දුන්නා. බෝට් එකේ ආ මලයා කිව්වා. දොලහ වෙද්දි ලෑස්ති වෙන්න කියලා. අපි දොලහට පිටත්වුනේ අර ඈතින් පේන එමරල්ඩ් කේව් එක තියෙන දූපතට. ඇත්තටම මේ එමරල්ඩ් කේව් තියෙන්නේ ත් අපි කලින් ඉදිය කො මොක් දූවේම තමයි. 

No comments:

Post a Comment